Friday, June 24, 2011

කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද? - What is a Stock Exchange? How to invest in Stock Exchange?




ඊයේ දවසේ පොඩි බ්‍රේක් එකක් එහෙම අරගෙන ඉන්න එකේ ඔන්න අද අයෙත් අපි පාඩමට යොමුවෙමු. අද පාඩම තමයි “කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද?" කියන එක ඇත්තටම මෙතන ටොපික් දෙකක්. මම මේ දෙකම ඒකට කියන්නේ දෙකම ඒකට සම්බන්ද නිසා.

කලින්  පාඩම් මෙතනින් ගිහින් බලන්න.

1) "ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?

2) ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.



කොටස් වෙළද පොලට එන්න කලින් මම පොඩියට මොනවද මේ “කොටස්” කියන්නේ කියල ඔයාලට අවබෝදයක් දෙන්නම්. ඇත්තටම මේක පොඩි උදාහරණයකින් කිව්වොත් ලේසි නිසා මම එහෙම කරන්නම්.

ඔන්න මම පොඩි වියාපාරයක් කරගෙන යනවා. වැඩේ නැගල යනවා. අව්ලක් නෑ. මට ඕනෑකමක් තියනවා මගේ වියාපාරය තව ටිකක් පුළුල් කරන්න. ඒ කියන්නේ ලොකු කරන්න. වෙන රටකට ගෙනියන්න වෙන්නත් පුළුවන්. අපි එච්චර එහාට යන්න ඕනේ නෑ. අපි හිතමු අලුතින් බ්‍රාන්ච් එකක් දාන්න කියල. ඔය අදහස ආවට ඕකට ඕන කරන මුලික ප්‍රාග්ධනය මගේ ලග නෑ. දැන් මට මොනවද තියන ඔප්ෂන්??
  • බැංකුවකින් ලෝන් එකක් ගන්නවා.
  • තව කව්රු හරි සල්ලි තියන එකෙක්ට කියනවා “මචං මගේ පාට්නර් වෙලා මට සල්ලි ටිකක් දීපන්. මම උබට ප්‍රොෆිට් ඒකෙන කොටසක් දෙන්නම්”
අපේ ඔලුවට මුලින්ම එන ඔප්ෂන් දෙක තමා ඔය. බැංකු ලෝන් එක හොදයි. නමුත් පොලිය වැඩි. වැඩේ පාඩුයි. අනික බිස්නස් කියන්නේ සුවර් නෑනේ. එතකොට දෙවෙනි වැඩේ පෙනුමටනම් එල කිරි. නමුත් වැඩේ කියන්නේ සල්ලි දාල පාට්නර් කෙනෙක් උන එකෙක් ඔහේ නිකම් බලාගෙන ඉදිද මූ මොකක් හරි කරලා මට ප්‍රොෆිට් එක දෙයිනේ කියල?? එක වෙන්නේ නෑනේ. ඉතින් මොකද ඌ කරන්නේ ඌත් ඇවිත් කියනවා මචං මෙහෙම කරපන්, අරහෙම කරපන් කියල. එතකොට බෑ කියන්නත් බෑ. මොකද උගේ සල්ලිවලින්නේ දැන් දුවන්නේ. ඉතින් ඒ නිසා එකත් හොද ඔප්ෂන් එකක් නෙමේ. මොන මගුලක්ද, ඔප්ෂන් දෙකයි තිබුනේ, මූ ඒ දෙකම හොද නෑ කිව්වා.

ඇත්තටම ඕනෙම දෙකට ඔප්ෂන් ඕනෙම ගානක් තියනවා. ඔන්න මම කල්පනා කරනවා දැන් මොකද කරන්නේ කියල. එතකොට මගේ ඔලුවට එනවා කොටස් වෙළද පොළ. මම මොකද කරන්නේ මගේ වියාපාරය කොටස් වෙළද පොලේ රෙජිස්ටර් කරලා,  කොටස් නිකුත් කරනවා. (ඒ මොන හරුපයක්ද ඒ??) 

මෙහෙමයි වැඩේ වෙන්නේ. මට ඕනේ කරන්නේ වැඩේට රුපියල් 1,000,000 කියමුකෝ. මම කරන්නේ මොකද්ද මගේ මේ මුදල කඩනවා සමාන කොටස් විශාල ප්‍රමාණයකට. අපි හිතමු රුපියල් 10 කොටස් 100,000 කියල. දැන් මේ කොටස් මම දානවා කොටස් වෙළද පොලට. කට්ටිය පොරකාල ගන්නවා. එතකොට මොකද වෙන්නේ ඉල්ලුම වැඩි නිසා එක්කෙනෙක්ට උපරිම කොටස් 1000 ගන්න පුළුවන් උනා කියමු. එතකොට එයා අපේ වියාපාරයට රුපියල් 10,000කින් සම්මාදම් වෙලා. කොටස් ඔක්කොම විකුනුනාම මට ඕනේ සල්ලි ටික ලැබිල. ඒත් එක්කම ඒක දාල තියෙන්නේ ගොඩක් අය නිසා කිසි කෙනෙක්ට අයිතියක් නෑ ලොකුවට අරක කරපන්, මේක කරපන් කියල කියන්න. මේ කොටස් වලට පොඩි ලාබාංශ ගෙවීමක් කරන්න ඕනේ. ඒක කොහොමත් අව්ලක් නෑනේ. මොකද අපිට ඕනේ සල්ලි ටික කරදරයක් නැතුව ලැබුනානේ. ඔන්න ඔය මුදල කඩන අපේ උදාහරණෙ හැටියට රුපියල් 10 කෑල්ලට තමා අපි “කොටසක්” කියල කියන්නේ. මම හිතනවා දැන් කට්ටියට වැඩේ තේරෙන්න ඇති කියල. (වැඩේ මෙතනින් නවතින්නේ නෑ. මගේ කොටස් ගත්ත අය. ඒවා ලාබයක් තියගෙන ආයෙත් විකුනනවා. ඒවා වෙන අය ගන්නවා. එයාල අයෙත් විකුනනවා. මේ විදියට දිගටම වැඩේ නැගල යනවා. මේකෙන් මගේ වියපාරෙට මුකුත් ලැබෙන්නේ නෑ. නමුත් වියපාරයේ නම කට්ටිය අතර සැරිසරනවා)

දැන් යමු කොටස් වෙළදපොල දිහාවට. කෙටියෙන්ම කිව්වොත් කොටස් වෙළදපොල කියන්නේ ආයතනයක්, ස්ථානයක් එහෙමත් නැත්නම් යම් ඒකකයක්, මේකෙ කාර්ය බාරය තමයි කොටස් ගැනුම කරුවන්, විකුණුම් කරුවන්, තරුව් කරුවන් සදහා අවශ්‍ය සේවාවන් සැපයීම. මේ සේවාවන් කිව්වේ,  මම කලින් කිව්වා කොටස් නිකුත් කිරීම් වලට, ඒ කොටස් ගන්න ගැනුම් කරුවන්ට එකතැනක් තියෙන්න ඕනෙනේ මේ වැඩේ කරන්න. ඔන්න ඔය තැන තමා කොටස් වෙළදපොල. යම් කොම්පැනියක කොටස් යම් කොටස් වෙළදපොලක ගනු දෙනු වෙන්න නම් ඒ කොම්පැනිය අදාළ වෙලදපොලේ ලැයිස්තු ගත වෙලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය අංගයක්.

අපි කොටස් වෙළද පොලේ ඉතිහාසය ගැන පොඩ්ඩක් බැලුවොත් මේක ආදී රෝම යුගයටත් එහාට යනවා. නමුත් “කොටස්” කියන වචනෙත් එක්ක වෙළදපොලක් ආවේ ලන්දේසි කාලේ ඔවුන් කණ්ඩායමක් එකතුවෙලා සල්ලි දාල නැගෙනහිට ඉන්දීය නැවු සමාගම 1602 පිහිටුවෙමත් සමග කියලයි මම දන්නේ. මේක වැරදිනම් පොඩ්ඩක් පෙන්නලා දෙන්න.

දැනට ලෝකයේ ලොකුම කොටස් වෙළදපොල තමා ඇමරිකාවේ “බිග් බෝඩ්” කියන ආදර නාමයෙන් හදුන්වන “New York Stock Exchange (NYSE)” එක. (ඇමරිකාවේ මේ වගේ ලොකු කොටස් වෙළදපොළවල් 12ක් තියනවා කියන එකත් මතකේ තියාගන්න. අපි හිතුවට මොකද ඕයි ලෝකේ මෙච්චර ඇමරිකාවට දීගෙන ඉන්නේ කියල. මෙන්න එක හේතුවක්. ලෝක ආර්ථිකේ ලොකු රෝල් එකක් ඇමරිකාව කරනවා)



ඔය පහල තියෙන්නේ 2010 දෙසැම්බර් 31න් අවසන් වන අව්රුද්දෙ ලෝකේ ලොකුම කොටස් වෙළදපොළවල් තමා.

 
කොටස් වෙළද පොලේ ආයෝජනයට අවශ්‍ය මුලික කාරනා ගොඩක් සරලයි(අපේ සාතන් මගේ පහුගිය ලිපියේ කොමෙන්ටුවක් විදියට පිනි බිදුට කෙටියෙන් මේක කියල තිබුන. මේ විස්තර ඇතුව). ඔක්කොටම කලින් ඔයා බය නැති කෙනෙක් වෙන්න ඕනේ. කොටින්ම රිස්ක් එකක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මොකද කොටස් වෙළදපොල කියන්නේ හැම වෙලේම ලාබ දෙන තැනක නෙමේ. ලාබ වගේම පාඩුත් ලැබෙන්න පුළුවන්. අපි බුද්දීමත්නම් පාඩු හැකිතාක් දුරට අඩු කරගන්න පුළුවන්. 

අනිත් සුදුසුකම, ඔයා අවුරුදු 18ට වඩා වැඩිනම් ඔයාටත් පුළුවන් පහසුවෙන්ම කොටස් වෙළද පොල සමග සම්බන්ද වෙන්න. ඒකට ලංකාවෙනම් ඕනේ තරම් තැරව්කාර සමාගම් තියනවා (ඔයාට කෙලින්ම ගිහින් කොටස් වෙලදපොලේ ලියාපදිංචි වෙන්න බෑ. ඔයා අනිවාර්යෙන්ම තැරව් කාරයෙක් හරහා යන්න ඕනේ. ඒ ඇයි කියල මගේ ඊලග ලිපියේ පැහැදිලිව තියනවා. දවසක් ඉවසන්න). ඒ එකක් ලගට ගිහින් ඔවුන් හරහා ඔයාට පුළුවන් කොටස් වෙළද පොලේ ලියාපදිංචි වෙන්න. (ජාතික හැදුනුම්පත් කොපියක්. උප්පැන්න සහතිකයේ කොපියක්. ගෙදරට ලිවුම් ලැබෙන බවට තහවුරු කරන්න “බිලින් ප්රුෆ්” එකක් මතක ඇතුව අරන් යන්න) ලියාපදිංචි උනාට පස්සේ ඔයාල ඔක්කොටම පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ආයෝජනය කරන්න පුළුවන්.

මොලේ කල්පනා කරලා ආයෝජනය කරන හැටිත් මගේ සිගිති මොලේට වැටහෙන විදියට ඉස්සරහට මම කියන්නම්.

එහෙනම් මම කැපුන. “බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද??” සමග හෙටත් හම්බ වෙමූ. මගේ වැඩේ මම කරා ඔයාලගේ වැඩේ තමයි දැන් ඉතුරු...

17 ප්‍රතිචාර:

සාතන් said...

"මේ කොටස් වලට පොඩි ලාබාංශ ගෙවීමක් කරන්න ඕනේ"
ලැයිස්තු ගත සමාගම් ලාභාංශ ගෙවන්න බැඳිල නෑ... ඒ සමාගම් කැමති නම් විතරයි ලාභාංශ ගෙවීමක් කරන්නෙ...

කොටස් වෙළඳපලේ ලියාපදිංචි වෙන්න ජාතික හැඳුනුම්පතේ පිටපතකුයි බිලින් පෘෆ් එකකුයි තිබුනහම ඇති... උප්පැන්න සහතිකේ ඕන නෑ...

ADK කොලුවා said...

@ සතන් : ලාබාංශ කතාවනම් හරියට හරි. ගෙවන්න බැදිලා නෑ තමා..

අනිත් එක තමයි. මගේ නමට එන මුකුත් බිලින් පෘෆ් නැති නිසා මම උප්පැන්න සහතිකය සහ තාත්තගේ නමට තියන බිලින් පෘෆ් එකක් එක්ක තමයි ඕක ගත්තේ. මගේ ඔලුවේ තිබුනේ ඒක. ඉස්තුතියි වැරැද්ද පෙන්නලා දුන්නට.

තමන්ගේ නමට බිලින් පෘෆ් නැති අයට පුළුවන් ඒ විදියටත් ලියාපදිංචි වෙන්න.

Ruwa said...

Lokka Api daapu salli apita apahu onema welawaka ganna puluwanda...???????

Anonymous said...

තමන් දන්න දෙයින් යමක් මෙහෙම නොදන්න උන් වෙනුවෙන් කියාදීම බොහොම හොද දෙයක් මචෝ.මේක දියටම කරගෙන පලයන්...

Damith said...

Salli gannawa kiyanne ubata ayeth shares tika kata hari vikunanna wenawa......
uba gaththa ganata wadiyen vikkoth profit.....
aduwen vikkoth loss...
Nathuwa salli ganna bariyooooo......

සංකල්ප said...

මම නම් මීට කලින් මේ කිසිදෙයක් දැනගෙන හිටියෙ නෑ.

Anonymous said...

කොටස් වෙළඳපොල ගැන සටහන් පටන් ගැනීම හොඳයි. ජය!

ඒත් ඒ ගැන නිසි අවබෝධයක් නැතිව කොටස් මිල දී ගැනීම සූදු කෙළිය/ලොතරැයි ගැනීම හා සමාන ය.

කොටස් මිල දී ගන්නවාට වඩා ලාභ ලබන සුළු හෝ ව්‍යාපාරයකින් ආදායමක් උපයා ගන්නට හැකිනම් තමන් ආයෝජනය කරන මුදල් වඩාත් රක්ෂිතය. කවුරු හෝ නිෂ්පාදනයක යෙදෙන්නේ නැතිව කොටස් වෙළඳපොල ගණුදෙනු පමණින් රටක් දියුණු වෙන්නේ නැහැ!

මම ආවේ commodity කියන එකේ සිංහල වචනය තියේවිදැයි හොයාගන්න :D

Yasantha said...

ඔයාගේ බ්ලොග් එක හොදයි. දිගටම ලියන්න.forex market එක ගැන දැනගන්න ඕනෙනම් මගේ බ්ලොග් එක පැත්තට එන්න.
howtoforexwin.blogspot.com

shashi said...

මට පොඩි helps එකක් ඕනේ.මට අසයි online market එකට ආයෝජනය කරන්න එක කරන්නේ කොහොමද?
කියන්න පුළුවන් නම් ලොකු help එකක්.

HooMAN said...

මචං ස්තුත්යි වැඩේට එත් හරියටම අපට ලාභය ගෙවන ආයතනයක් හොයා ගන්නේ කොහොමද අනික අපේ සල්ලි ආයෝජනය කරලා අපට මාසෙට ගානක් එන්නේ නැත්නම් වැඩක් නෑ නේ එක නිකන් පිනට දුන්න වගේ ...එක පොඩ්ඩක් පැහැදිලි කොරපන්කෝ

චමින්ද said...

ඉතා හොඳ ලිපියක් සරලයි . ඔබට ජය.

Unknown said...

thanx machan.,. digatama karagena yanna

Unknown said...

එල අයියේ

Unknown said...

Csd Ac Ekak open karanna mulinma ac keyak danna onada

Unknown said...

My no

Chaminda said...

එළ එළ

Chaminda Herath said...

හොඳ ලිපියක් හොඳ පෙළගැස්මක් ජයවේවා!

Post a Comment