Showing posts with label මම ගැන. Show all posts
Showing posts with label මම ගැන. Show all posts

Thursday, February 27, 2014

මමයි 2014යි....



අප්පා.. සෑහෙන්න කාලෙකින් මේපැත්තෙ එන්නත් බැරි උනා.. ඔෆිස් වැඩයි, අනිත් වැඩයි ඔක්කොමත් එක්ක එකක් බ්ලොග් ලියනව කියන්නෙ ලෙහෙසි පහසු වැඩක් නෙමේ. වැඩට ගිහින් ගෙදර ආවම මොන බ්ලොග්ද, ෆිල්ම් එකක් දාගෙන ඇදට වැටෙන එක තමා එකම නිවන. (ඇත්තම කියනවනම් වෙලාවක් නතුව නෙමේ, කම්මැලි කම.. ලොල්ය..) කොහොමෙන් කොහොම හරි සෑහෙන්න කාලයක් ගෙවිල ගියා දන්නෙම නැතුව. අපිට නොතේරීම ඔරලෝසුව කැරකෙන පිස්සුවෙන් වගේ. යාන්තන් පොඩි වෙලාවක් හොයාගත්ත මොනව හරි කොටන්න. 

දැන් ඉතින් මාතෘකාවට එන්නම්කො,  2014 වසර ලැබුවත් හරි මගෙ ජීවිතේ ලොකුම ලොකු වෙනසක් උනා. සමහර අය දන්නවත් ඇති මම දැන් ඉන්නෙ ලන්කාවෙ නෙමේ. ලන්කාවට කිරි පිටි එවන පට්ටි ගොන්නු ඉන්න රටේ. අම්මල තාත්තලගෙ සල්ලි වලටයි, මගෙ කැපවීමටයි පින් සිද්ද වෙන්න මේ රටට ස්කිල්ඩ් මයිග්රන්ට් කෙනෙක් විදියට එන්න පුලුවන් උන එක ලොකු දෙයක්. ලන්කාවෙ වරදක් කියනව නෙමේ, ඒත් ලන්කාවෙ කොච්චර පඩියක් ගත්තත් කනව බොනව ඇරෙන්න ඉතුරුවක් කරල පොඩ්ඩක් ඔලුව උස්සල අම්මල තාත්තල හදල දුන්න දේ වැඩි දියුනු කරගන්න හරි අමාරුයි කියල හිතුන නිසයි මේවගේ තීරනයක් ගත්තෙ. කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න ආව කියමුකො, ඊලග කෙලිය ජොබ් කට්ටක් හොයාගන්න එක. ලන්කාවෙ උබල අපි ඔක්කොම හිතන් ඉන්නෙ රට ගියාම ඔක්කොම අතට පයට ලැබෙනව කියල. වෙන රටකට යන්නම ඕනෙ ඒකෙ රගේ තේරෙන්න. ඔන්න ඔහොම තමයි මගේ මේ අලුත් අවුරුද්ද පටන් ගත්තෙ. සෑහෙන්න කාලෙකින් ඉන්ටවිව් වලට එහෙම ගියෙ නැති නිසා ඒකත් පොඩි චැලෙන්ජ් එකක් උනා. මුල් දවස් වල තනියම කාමරේකට වෙලා ජොබ් ඇඩ්වයිස් කරන සයිට් බල බල ඇප්ලිකෙශන් දාන එකෙයි, ඉන්ටවිව් ආවම නෙට් එක කනපිට ගහල කොම්පනිය ගන හොයන එකෙයි පොඩි ජොලියක් නැත්තෙම නෑ.

පොඩ්ඩක් කට්ට තමයි, හැබැයි මටනම් ඒ කට්ටෙ ප්රතිපල ලොවෙත් ලැබුන. දෙයියනේ කියල පරන පිනක් පලදීලද කොහෙද මට මාසයක් යන්නත් ඉස්සෙල්ල එලම කිරි ජොබක් සෙට් උනා. ලන්කාවෙදි ගත්ත අත්දකීම් එක්කම තවත් ගොඩක් දේවල් ජොබ සෙට් කරගන්න උදව් උනා කියලනම් කියන්නම ඕනෙ (මම පරන පිනක් පලදුන්න කියල කිව්වෙ මෙහෙ කොල්ලො ජොබ් නැතුව කන කට්ට ඇස් දෙකෙන්ම දැක්ක නිසා). පොඩි කොස්සකට තියෙන්නෙ මගෙ ලොක්ක අර අපිට ලග ජන්ගිය වගේ රටේ යට හරියෙ ඉපදුන ගෑනියෙක්. ඒකි මෙහෙට ඇවිල්ල දනට අවුරුදු 12ක් විතර වෙනවලු. පෙනුමත්, කතාවත්, වැඩත් තාමනම් අව්ලක් නෑ. හැබැයි කොයි වෙලාවෙ අර උප්පත්ති රටේ ගතිය මතුවෙයිද කියන එක තමා මට තියන බය. අව්ලක් නෑ, අපිත් ලෝකෙ කාල වතුර බීල ඉන්න පොරවල් නිසා එන එන විදියට ගහ උලුවස්සා කියල ඉන්න තීටනය කරා.

හොදම වැඩේ තමයි මේ කොම්පැනියෙ ලෝක බෝලෙන් බාගයක් විතර ඉන්නව. දකුනු අප්ප්රිකානුවො, රසියාවො, කොරියාවො, පිලිපිනියො, චෑන් චූන්ල, ජප්පො, ඉරානයො, රැජිනගෙ කොල්ලො, ප්රන්ශ බුවාල වගේ එකී නොකී ඔක්කොම රටවල් නියෝජනය කරන උන් මේ එක වහලක් යට ගින්දර වගේ වැඩ කරනව. එක එක රටවල ජොන්ටො එක්ක වැඩ කරන එකෙත් හෙනම ලොල් එකක් තියනව.
හැමදාම වගේ මේ කොමපැනියෙත් පොඩිම එකා මම තුමාලු. මට පොඩ්ඩක් හරි ලගින් ඉන්න එකා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්. අනේ ඉතින් ඉන්න ඔක්කොමල මට ඉතින් පුතෙක්ට වගේ සලකනව. ආදරේ බෑ..

ඔන්න ඔහොම තමා ඩන් මගේ ජිවිතේ ගතවෙන්නෙ. ඉස්සරහටනම් මොන මොනව හරි කුරුටු ගාන්න වෙලාවක් තියෙවි වගේ.. මොකඩ කිව්වොත් අපි ලන්කාවෙ පැයට කරන වැඩ මුන් දෙයියනේ කියල තොල හපාගෙන දවසක් දෙකක් අඩුම ගානෙ කොරනව.

දැනට මේ ඇති වගේ. බොහොම ඉක්මනට "පාසලේ විත්ති" එකක් දෙකක් කොටන්න හිතන් ඉන්නව. බලමුකෝ.. එහෙනම් අපි කැපුන...

Wednesday, July 13, 2011

ADK කොලුවා උපාධි තොප්පිය දැමූ වගයි..

හැමදාම පොස්ට් එකක් දාපු, කොමෙන්ට් වරද්දන්නෙ නැතුව දාපු මම කොලුවට එකපාරටම උනේ මොකද්ද කියල ඔයාල බලනවා ඇති. ඇත්තටම දවස 4 කින් විතර මේ පැත්තේ එන්න බැරි උනා. ටයිටලේ කියෙව්වම හේතුව මොකද්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඒත් නොකිය බැරි නිසා මම කියන්නම්. මම කොලුවත් දැන් උපාධි ධාරියෙක් බවට පත්වෙලා ඉන්නේ. විස්තර ඇතුව කිව්වොත් BSc in Management Information System, Second Class Honours, Grade I උපධිකාරයෙක් දැන්. කොහොමද ඒක.. ලොල්ය.. සෑහෙන්න සතුටුයි. අවුරුදු 4ක මහන්සියේ ප්‍රතිපල. පන්තියේම ඉන්නේ First Class ළමයි 6යි නිසා  Class ඒක ගැන හිතට දුකක් නෑ.

උපාධිය ගත්ත කියල කොලුවා නැවතුනේ නෑ. MSc එකකුත් දැනට කරන්න පටන් අරන් තියෙන්නේ. පටන් ගත්තේ ප්‍රතිපල එලියට දාපු දවසේමයි. මොකද කාලය අපතේ යවන එක හොද වැඩක් නෙමේ. දැනට ඒකෙ එක සබ්ජෙක්ට් එකකුත් ඉවරයි.

දැනට මට වයස 24යි. දෙයියනේ කියල 25 ඉවර වෙන්න කලින් මාස්ටර්ස් එක ඉවර කරගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

සමහර මාව දැකල නැති අය ඇතිනේ ඔය පහලින් ඉන්නේ මම කොලුවා තමා. 


මේ  ඉන්නේ කොලුවා අම්මියත් එක්ක.


මේ ඉන්නේ කොලුවයි, කොලුවාගේ තාත්තයි.


පොටෝ වලින් මේක පුරවන්න බෑ නිසා දැම්මේ තුනයි. තව ගොඩක් පොටෝ මගේ බුකියේ දානවා ඉස්සරහට. බලන අය බලන්න. පොටෝ ටික දාල ලින්ක් එක මෙතන දාන්නම්.



Monday, July 4, 2011

ජීවිතය සහ සල්ලි - Life vs Money

අද ලියන්න දෙයක් හිතනකොට මට හිතුන පොඩි ටිප්ස් ටිකක් කියන්න ඕනේ කියල. මේක මට ආවේ ගොඩ කාලෙකට කලින් ඊයකින්. ඒත් මේ ටික මගේ ඔලුවේ තිබුන තදටම.. 

එකේ තිබුනේ ජිවිතේ සහ සල්ලි කියන දෙක සම්බන්දව හොද ටිප්ස් ටිකක්. මම ඒ ටික සිංහලෙන් ඔයාලට කියන්නම්..



1) අපේ සීමාසහිත ජීවිතය, අසීමිතව සල්ලි හොයන්න හොදවන එක කිසිම තේරුමක් නෑ.. 

2) අපේ ජිවිත කාලය ඇතුලත වියදම් කරන්න බැරි තරම් සල්ලි හොයන එකේ කිසිම තේරුමක් නෑ..

3) සල්ලි කියනන් දේ අපේ වෙන්නේ නෑ, අපි ඒ සල්ලි වියදම් කරේ නැත්නම්. එක්කෝ ඒ සල්ලි බැංකුවේ, නැත්නම් සේප්පුවේ.. අපේ නෙමේ..

4) අපි අපේ තරුණ කාලේ, සල්ලි පස්සේ යන්න අපේ තාරුණ්‍ය වැය කරනවා. අපේ මහලු කාලයේ අපි හම්බ කරපු සල්ලි වලින් ආයෙත් තාරුණ්‍ය ගන්න හදනවා. නමුත් අපි පරක්කුයි කියල තේරෙන්නේ එතකොට තමා..

5) අපිට කාලය ගත කරන්න විදියක් නැති අය වෙනුවෙන් මුදල් හොයන්න කාලය ගත කරන එක තේරුමක් නෑ..

අනේ මන්ද මම හරිද කියල. මේ ටික මගේ ජිවිතේ ගොඩක් වෙනස් කරපු ටිප්ස් ටිකක්. ඔයාලටත් මේ ටිකෙන් ජිවිතයට ගන්න දෙයක් තියේවි කියල හිතෙනවා.

Monday, May 2, 2011

මම ගැන...

ඔන්න මමත් අතේ ඇට එහෙම කඩල කතන්දර ලියන්න පටන්ගන්න කියල හදන්නේ... ඔක්කොටම කලින් මම ගැන පොඩි විස්තරයක් කියන්න ඕනේ කියල හිතුන. ගිය සතියේ මම රංග අයගේ මගේ ලෝකය බලනකල් මම මේ singhala blog ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ.. ඇත්තම කිව්වොත් මෙහෙම එකක් තියනවා කියලවත් අහල තිබුනේ නෑ. එත්  මම ඒ බ්ලොග් එක කියෙව්වම එකේ තිබුන ලින්ක් වලින් ගිහින් මාරයාගේ blog එක එහෙම කියෙව්වම යකෝ මේක මාර අර්තල් case එකක්නේ කියල හිතුන. ඉතින් මටත් හිතුන පොඩියට වැඩේ පටන් ගන්න.
හිතල නතර උනේ  නෑ ඔන්න මාත් ගේමට  බැස්ස. හැබය්  එකක් කියන්න ඕනේ, මම මේ computer  කාපු එකෙක් නෙමේ. ටිකක් ටිකක් දන්නවා උනාට ඔය hacking වගේ මගුල් නම් දන්නෙම නෑ. ඒ නිසා ඔය ලොකු ලොකු අය්යලට කියන්නේ මගේ අහිංසක blog එක නම් hack කොරන්න එපා ඔං .. ඕනෙනම් මම Domain PW එක දෙන්නම්. he he ..
හ‍රි වැඩි වැල වටාරම් ඕනේ නෑ.. වැඩේ පටන් ගමුකො. අපේ රංග අය්යා  වගේම ඉතින් මටත් කියන්න තියෙන්නේ ඔය පාසල් කාලේ වැඩම තමා... පාසල් කිව්වම මම දෙය්යනේ කියල පාසල් 3-4 කට ගිහින් තියනවා. :p
මම මුලින්ම ගියේ මගේ ගමේ පාසලට. ඒ කියන්නේ හම්බන්තොට ප්‍රතමිකයට.(මමත් බෙන්තර ගඟෙන් එහා පැත්තේ කොල්ලෙක්) ඊට පස්සේ ගමේම St. Mary'S college කියල එකකට ගිය. එතනින් පස්සේ 5 වසරේ scolership එකෙන් පස්ස වෙලා මම colombo ආව 1996. ආවේ රාජගිරිය ජනාධිපති එකට( මේකේ වේච්ච කතා ගමකට තියනවා. හිමිට දාන්නම්) ඊට පස්සේ O/L කරලා මගේ පරණ පවකටද, පිනකටද කියන්න මම දන්නේ නෑ D.S. සේනානායක college එකට එන්න වරම් ලැබුන. මේකේ තමා මම මගේ ජීවිතේ maxama කාලේ ගත කරේ. කරපු තරමක් මගෝඩි වැඩ කරේ. ඊටපස්සේ ඉතින් NIBM එකට join වෙලා Dip, HD , BSc ඔක්කොම මේ වෙනකොට ගොඩ දාල ලබන june වල MSc එක පටන් ගන්න කියල හිතාගෙන ඉන්නවා. ඔන්න ඌක තම මගේ තත්වේ.

දැන් බහිමු මගේ මුල්ම සිගිති කතාවට....

Sunday, May 1, 2011

Me...

I am Anjana Dilanka Kulasinghe. 24 years old. Studied at D.S. Senanayake College. 
Got my BSc from University College Dublin -Ireland ( Conducted by NIBM - Sri Lanka)
Currently I'm working as a Software Test Automation Engineer at DirectFN(Mubasher) Pvt. Ltd.

This is my first Blog post. Hoping to blog more in the future...