Thursday, June 30, 2011

බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද?? - Who are Brokerage firms and Dealers? What are the main responsibilities of them?







ටික දවසකින් ආයෝජන පාඩම කරන්න උනේ නෑ. ඔපීසියේ වැඩ තිබුන. ගෙදර ගියාම පට්ටම අමාරුයි. ඔපීසියේ ගොන් ජොන්ටෙක් ලියපු ගොන් සර්විස් එකක් හදන්න සෙට් උනා. කරලා තිබුන විදියට හදන එක මගේ ලේ පිච්චෙන වැඩක්. ඉතින් අලුතින් ලිව්වා. අද තමයි ඒක ඉවර උනේ. 

කලින්  පාඩම් මෙතනින් ගිහින් බලන්න.

1) "ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?

2) ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.

3) කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද? - What is a Stock Exchange? How to invest in Stock Exchange?
 
 
හරි අද පාඩමට එමු.

අද පාඩමමේ මුල් කෑල්ල තමා බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? කියන එක. 

බ්‍රෝකර් ෆර්ම් කියන්නේ සරලව කිව්වොත් මුල්‍යමය ආයතනයක්. මේක කොටස් වෙලදපොලේ ගනුදෙනු කරන ප්‍රධාන පාර්ශව දෙක වන වෙළදපොල සහ ට්‍රේඩර් කියන පාර්ශව දෙක අතර මැද ඉන්න තැරැව්කාරයෙක් කිව්වොත් හරියටම හරි. පාර්ශව දෙක සම්බන්දිකරණය කරනවට මෙයාට පොඩි කොමිස් මුදලක් යනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති මොන මගුලටද මු ඉන්නේ. අපිට කෙලින්ම සෙට් වෙන්න පුළුවන්නේ කොටස් වෙළද පොලට කියල. නමුත් එහෙම බෑ. 

දැන් එන ප්‍රශ්නේ තම ඇයි එහෙම බැරි කියන එක. මෙන්න මේකයි කතාව. අපි කොටස් වෙළද පොලේ කොටස් සල්ලි දීල ගත්ත කියමු. ඒ කියන්නේ බයි ඕඩර් එකක් එෂෙකියුට උනා. දැන් හරිනම් මොකද වෙන්න ඕනේ. මගේ සල්ලි කොටස් වෙළදපොලට යන්නත්, මම ගත්ත කොටස් ටික මට අයිති වෙන්නත් ඕනනේ. ඒ වෙලාවේම බැරි උනත් අඩුම ගානේ දවස ඉවර වෙනකොටවත් මේ වැඩේ වෙන්න ඕනේ. නමුත් කොටස් වෙළදපොලට ඇත්තටම කිව්වොත් අපිව විස්වාස නෑ. මොකද වෙළදපොලට සම්බන්ද හැමකෙනා ගැනම පවුද්ගලිකව බලාකියාගන්න එයාට බෑ. අපෙන් සල්ලි ගන්න වගේම අපිට කොටස් විකුනපු කෙනාට සල්ලි දෙන්නත් වෙළදපොල බැදිලා ඉන්නවා. නමුත් එක්කෙනෙක් හරි සල්ලි දුන්නේ නැත්නම්, අදාළ අනෙක් පාර්ශවයට සල්ලි ගෙවන්න වෙන්නේ වෙළදපොලට තමන්ගේ සල්ලි වලින්. මේ සල්ලි දෙන්නේ නැත්තේ සල්ලි නැති නිසා නොවෙන්න පුළුවන්. වෙනත් රාජකාරි නිසා වෙන්නත් පුළුවන්. කොහොම හරි අන්තිමට වෙන්නේ පාඩුවක් විතරයි. කවදාවත් වෙළදපොල මේ රිස්ක් එක ගන්නේ නෑ. මෙයා කරන්නේ පිළිගත්ත මුල්‍ය සමාගම් ටිකකට එයාගේ යටතේ ලියාපදිංචි වෙන්න දෙනවා. මේ සදහා ලොකු තැන්පතු මුදලකුත් ගන්නවා. සියලු ගනුදෙනු සිද්ද වෙන්නේ මේ සමාගම් හරහා. හැම දවසක් අවසානයේදීම වෙළදපොල සහ මෙම මුල්‍ය සමාගම් අදාළ සෙට්ල්මන්ට්ස් සිද්ද කරගන්නවා. මේ වෙලාවේදී වෙළදපොලට ඉන්නේ කස්ටමස්ල කීප දෙනයි. එයාල සල්ලි ගෙව්වේ නැතත් එයාලගේ තැන්පතු මුදලෙන් ඒ ගාන අඩුකරගන්න පුළුවන්. නමුත් මෙම මුල්‍ය සමාගම් යටතේ ලියපදින්චිවෙලා ඉන්න අපිට එදා දවස ඇතුලතම මේ සෙට්ල්මන්ට් කරන්න ඕනේ නෑ. අපිට අපේ සෙට්ල්මන්ට් එක බ්‍රෝකර් ෆර්ම් එකට කරන්න(අපේ උදාහරණයට අනුව අපේ සල්ලි යවන්න) දවස් තුනක කාලයක් ලැබෙනවා (ලංකාවේ දවස් තුනයි. වෙන වෙළදපොලක මේ දවස් ගණන වෙනස් වෙන්න පුළුවන්) ඒ කියන්නේ අපි ඉන්වෙස්ට් කරපු මුදල අපි දවස් තුනක කාලයක් ඇතුලත දුන්නම ඇති. මේක ඇතිකරන තියෙන්නේ අපේ බ්‍රෝකර් ෆර්ම් මගින්. මේක බ්‍රෝකර් ෆර්ම් මගින් අපිට ලැබෙන එක වාසියක්. මිට අමතරව අපි හොද කස්ටමර් කෙනෙක් නම් එයාල අපිට ලෝන් වගේ දෙන වෙලාවලුත් තියනවා. ඒක මම ඉස්සරහ පාඩම් වලින් කියන්නම්.

දැන් බලමු කවුද මේ ඩිලර්ස්ල කියන්නේ කියල. ඇත්තටම ඩිලර්ස්ල කියන්නේ මේ බ්‍රෝකර්ල ලග වැඩ කරන හොද දැනුමක් තියන පිරිසක්. මෙයාලට වෙළදපොල ගැන, වෙලදපොලේ හැසිරීම ගැන, වාසි, අවාසි ගැන හොද දැනුමක් තියනවා. මෙයාලගේ ප්‍රධාන කාර්ය බාරයන් තමා ලාබ ලබාගැනීම සදහා තමන් යටතේ ඉන්න කස්ටොන්ට ඕන කරන ටිප්ස්, අවවාද ලබා දෙන ඒක සහ කස්ටෙක්ට පාඩුවක් වෙන්න යනවනම් හෝ පාඩුවක් වෙලා තියනවනම් ඒ පාඩුව අවම වෙන විදියට අවශ්‍ය පියවර ගන්න එක.

ඇත්තටම කිව්වොත් බ්‍රෝකර් කෙනෙක් එයා යටතේ ඉන්න කස්ටෝ පාඩු වෙනවා බලන ඉන්නේ නෑ. මොකද කස්ටෙක් පාඩු ලැබුවා කියන්නේ, දවස අන්තිමට බ්රෝකර්ට ලොකු මුදලක් වෙළදපොලට ගෙවන්න වෙනවා. මේ පාඩුව දවස් තුනක් යනකොට කස්ටගෙන් නැවත ලැබෙන එක වෙනම කතාවක්, නමුත් දවස අන්තිමේ බලනකොට තමන්ගේ යටතේ ඉන්න කස්ටෙක් පාඩු ලබනවා කියන්නේ, බ්‍රෝකර් පාඩු ලැබුවා වගේ තමයි. මෙන්න මේ නිසා තමයි බ්‍රෝකර් ෆර්ම්, ඩිලර්ස්ල කියන දැනුම සහිත පුද්ගලයන් පිරිස පඩි දීල තියාගන්නේ.

දැන් දැන් පොඩ්ඩක් රොකට් සයන්ස් වගේ ලෙවෙල් එකට එනවා වගේ තේරෙනවා ඇති. මොකද අපි දැන් හාරාගෙන හාරාගෙන යටට යන්නේ. පොස්ට් එකෙන් කට්ටියට වැඩේ පොඩියට හරි තේරෙනවා කියල හිතෙනවා. ඉස්සරහට තව තව තේරෙයි. එහෙනම්
ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද?
කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද?
කියන පොස්ට් වලින් අයෙත් හම්බ වෙමු.

තේරෙන්නේ නැති දේවල් තියනවනම් අහන්න. මමත් දන්නේ නැති දෙයක් නම් කාගෙන් හරි අහල හරි කියල දෙන්නම්.

ප.ලි. : 

මගේ වැරැද්දක් සාතන් පෙන්නලා දුන්න. අත්තටම බොහොම ඉස්තුතියි ඒක පෙන්නුවට. මම ඒ වැරැද්ද පොස්ට් එකේ හැදුව.

මම කලින් දැනං හිටියේ සෙට්ල්මන්ට් ටයිම් ඒක දින දෙකයි කියල. නමුත් මම දැන් ඒ ගැන හෙවුවා. ඇත්තටම සෙට්ල්මන්ට් ටයිම් එක දින තුනයි(T+3). නමුත් T+5 කාලයක් යනකල් තිබිල, T+5 වලදී අදාල කොටසෙන් අපිට ලැබෙන බයින් පවර් එක නැති වෙනවා(ලොක් වෙනවා).



T+?? කියන්නේ ගනුදෙනුව සිදුවූ දිනයේ සිට ඉදිරියට දින කියක් ඇතුලත සෙට්ල්මන්ට් ඒක කල හැකිද කියන එකට බවිතාවෙන සංකේතයක්.

 බයින් පවර් එක කියන්නෙත් කොටස් වෙලදපොලේ අපිට තියන මුදල්, කොටස් නිසා ලැබෙන මිලදීගැනීමේ හැකියාව සදහා යොදාගන්න වචනයක්. මේ ගැන මම ඉස්සරහට ගැබුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

Tuesday, June 28, 2011

සරල IQ ප්‍රශ්න...

අද  මට ගොඩක් වෙලා ඉන්න බෑ..
පොඩි ෆන් එකකටත් එක්ක මම අද දානවා පොඩි ප්‍රශ්න 15ක්. හරි ලේසි. සරල උත්තර තියෙන්නේ. බරට කල්පනා කරලා, ගුගල් දෙය්යගෙන් අහල එහෙම උත්තර දාල වැඩක් නෑ. තමන් තමන්ට අවංක වෙලා, ප්‍රශ්නය කියවපු ගමන තමන්ට හිතුන උත්තරය දෙන්න. මොකද මෙතන වැරදුනා කියල කාවවත් හිරේ දාන්නේවත් බයිට් කොරන්නේවත් නෑ.



බලමු අපේ ජොන්ටෝ/ජොන්ටියෝ කොච්චර දුරට හරි උත්තර දේවිද කියල..

1) ඔන්න ඔයා නිදාගන්න යනවා 8ට, හොද නින්දක් ගහල නැගිටිනවා 9ට. ඔය කොච්චර වෙලාවක් නිදාගෙන තියනවද??

2) දෙසැම්බර් 25කියන දවස ඇමරිකානු කැලෙන්ඩරයේ තියනවද?? නැද්ද??

3) සමහර මාසවල දින 30ක් තියනවා, සමහර මාසවල දින 31ක් තියනවා. අවුරුද්දේ දින 28ක් තියන මාස කීයක්‌ තියනවද?? (අධික අවුරුද්දක් නෙමේ)

4) ඩොලර් 30 කොලයක ලියල තියන වෙන නෝට්ටුවල නැති විශේෂ වචනය කුමක්ද??

5) ඔයාට ලෙඩක් හැදිලා දොස්තර ගාවට ගියාම, මිනිහ ඔයාට පැය බාගයකට සැරයක් බොන්න කියල පෙති 3ක් දෙනවා. පෙති ඉවර වෙන්න කොච්චර වෙලාවක් යනවද??

6) ඔයා හීනයක් දකිනවා ඔය ඉන්නව පාලු උමගක. එක පැත්තකින් කෝච්චියක් එනවා. අනිත් පැත්තෙන් මකරෙක් ඉන්නවා. ඔයා මොකද කරන්නේ.??

7) ශ්‍රී ලංකානු නීතියට අනුව ඔබගේ කනවැන්දුම් බිරිදගේ/සැමියාගේ සොහොයුරිය/සොහොයුරා ඔබට නීතියෙන් විවාහ කරගත හැකිද?
 
8) ඔබ මිනිසෙකුගේ දකුණු අත කැපුවොත් ඔහුට තවත් ඇගිලි කීයක් ඉතුරු වෙයිද??

9) හෙට දින මධ්‍යහනයේ දැඩි වර්ෂාවක් පතිත උනොත් ඔබට තවත් පැය 36කට පසු හොදින් ඉර පායා ඇති අහසක් දැකීමට ලැබීමේ සම්බවිතාව කොපමණද??


10) පැය 24ක් තුලමිනිත්තු කටුව කී වාරයක් පැය කටුව පසු කරගෙන ගමන් කරයිද??

11) 30 බාගයෙන්(1/2)  බෙදා 10ක් එකතු කලවිට උත්තරය කීයද?

12) ඔන්න ඇපල්ගෙඩි 3ක් තියනවා. ඔයා දෙකක් පැත්තකින් අරන් තියනවා. දැන් ඔයා ලග ඇපල් කියක් තියනවද??

13) ඔයා කන්නාඩියක් ඉස්සරහට ගිහින්, ඔයාගේ දකුණු කන ඇල්ලුවොත් කන්නාඩියෙන් පේන ප්‍රතිරූපයට අනුව ඔයා අල්ලන් ඉන්නේ මොන කනද??

14) ඝනකයක මුහුනතවල් පාට කරන කොට පාට තුනකින් සම්පුර්ණ ඝනකය එකලග මුහුනතවල් දෙකක් එක පාටින් එන්නේ නැති වෙන්න පාට කරන්න පුලුවන්ද??

15) 2 , 6 , 14 , 30 __ ඊලග හිස්තැන පුරවන්න

 උත්තර  ටික දාල යන්න අමතක කරන්න එපා...


ප.ලි. : කට්ටියම උත්තර දීල තියන නිසා මම උත්තර ටික දාන්නම්. කොච්චර සරල උනත් කිසි කෙනෙක් 11/15 වඩා ගත්තේ නැති එක පොඩ්ඩක් අව්ල් වගේ නේද??

1) පැය 1
2) නැත. දෙසැම්බර් 25 යනු දිනයකි. එය දවසක් නොවේ(නත්තල දවසකි).
3) 12 (හැම මාසෙම දවස් දවස් 28ක් තියනවා)
4) විශේෂ වචනයක් නැත. මන්ද යත් ඩොලර් 30 නෝට්ටු නැත.
5) පැය 1යි.
6) වෙන දෙයක් වෙන්න කියල දිගටම හීනය බලනවා. ඔයාට ඕන දේවල් කරන්න පුළුවන් නම් ඒක හීනයක් වෙන්නේ නැහැ.
7) නොහැක. ඔබේ බිරිද/සැමියා කනවැන්දුම් යනු ඔබ මරණයට පත්ව ඇත.
8) 15
9) 0 වේ. මන්ද යත් තවත් පැය 36කින් ඊලග දින මද්යම රාත්‍රිය ලබයි. මද්යම රාත්‍රියේ ඉර පායන්නේ නැත.
10) පසු කරනුයේ 22 වතාවක් පමණි. (පසු කිරීම යනු පිටිපස සිට පැමිණ ඉදිරියට යාම වේ.) අරම්බක පැයේදී දෙදෙනා එකම තැන සිට ගමන ආරම්බ කරයි. එය පසු කිරීමක් නොවේ. අවසාන පැයේදී ලගට පැමිණ නැවතී. එයද පසු කිරීමක් නොවේ.) කිසිම කෙනෙක් මේකට හරි උත්තරේ දුන්නේ නෑ.
11) 70
12) එකක්වත් නැත. මගේ ලග ඒකදු ඇපල් ගෙඩියක් තිබුනෙවත් තිබෙන්නේවත් නැත.
13) දකුණු කනම වේ.
14) හැක. ප්‍රති විරුද්ධ පැති එකම පාටෙන් පාට කරන්න.
15) 62 (0+2, 2+4, 6+8, 14+16, 30+32 = 62)

Monday, June 27, 2011

අතේ කෝට් - පාසලේ විත්ති



 
දවස දෙක තුනකින් මේ පැත්තටවත් එන්න උනේ නෑ. ටිකක් නෙමේ පට්ටම බිසී වෙලා හිටියේ. දවස් කීපයකින් ආව එකේ හිතුව පොඩි ආතල් කතාවක් ලියන්න. ගොඩක් වෙලා ලිය ලිය ඉන්න වෙලාවක් නෑ. මම ටිකක් වැඩට හිර වෙලා ඉන්නේ මේදවස් වල. ආයෝජන පාඩම ඉස්සරහට දාන්නම්, කියලාදෙන වැඩේ හදිස්සියේ කොරන්න ගියොත් වෙන්නේ නිකන් චා වෙන එක. හෙමිට වැඩේ ලස්සනට, හරියට කරමු..

එහෙනම් කතාවට බහිමු. මේකත් ඉතින් ඔයාල දන්නා කියන කෙනෙක් ගැන තමා. වෙන කවුරුවත් නෙමේ, ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිය කොලුවෝ දෙන්නෙක්ට තමන්ගේ පොන් එකයි, සල්ලියි දුන්න මගේ අතිජාත මිත්‍රයා (ඔව් ඔව්.. කල්ප තමා) මෙන්න මේකයි කතාව.

කට්ටිය කිව්වට විස්වාස කරන එකක් නෑ, හැබැයි ඇත්තටම කිව්වොත් අපේ කල්පය අපේ ඉස්කෝලේ හිටපු පපෙට් කෙනෙක් (පස්සේ ගිල්ඩ් ඒකෙන් එලවපු එක වෙනමම කතාවක්.. ලොල්ය). සාමානයෙන් ඕනෑම කෙනෙක් දන්නවනේ පපෙට්ල උනාම උදේ පාන්දර ඇවිල්ල ගේට්ටුව ගාව ඉදන් අපිව කන්න බලන ඉන්න ජාතියක්නේ (මේක කියවන පපෙට්ල මාත් එක්ක තරහ වෙන්න එපා හොදේ. රවියෝ තරහ වෙන්න එපෝ...හිකි හිකි..) ඉතින් අපේ කල්පයටත් පපෙට් උනාම ඕක පොදුයිනේ. හැබැයි වැඩේ කියන්නේ මු හැමදාම එන්නේ උදේ 9.00 පහුවෙලා. උදේ ඉදන් කට්ට කාගෙන ඉන්න උන්ට බුදු මලලු. මොකද මු හැමදාම මොකක් හරි බයිලයක් ගහල බේරෙනවා. කල්පය ගැන දන්නා අය දන්නවා මුගේ ටොක ඉතින් සුපිරි කියල. හැමදාම මොකක් හරි සුපිරි ටෝකක් දීල මු බේරෙනවා.

මුගේ සුපුරුදු බයිලේ තමා "මම හොරණ ඉදන් අයිය එන්නේ. පාන්දර 6.00ට ගෙදරින් ආවත් මේ වෙලාවට තමා එන්න වෙන්නේ." ඇත්තටම කිව්වොත් මු ඉස්සර හිටියේ හොරණ තමා. (ඔව් ඔව්.. හරක් හොරෙක් තමා) නමුත් ඔය කියන කාලේ වෙනකොට මුන්ගේ මහරගම ගෙදර හදල මහරගම ඉදන් එන්නේ. මහරගම හන්දියේ කෙල්ලෝ ටික බයිට් කොරල කොරල 8.00ට විතර බස් එකට නැග්ගම ඉතින් කොහොමත් 9.00ට තමා ඉස්කෝලෙට එන්න වෙන්නේ.

මේක ලොකු පපෙට්ල ලාවට දන්නවා උනත් සුවර් නෑ. කොහොම හරි මේ වැඩේ මු මාස දෙකක් විතර කරල තියනවා. දවසක් සුපුරුදු විදියට මු 9.00ට විතර එනවා වටේටම බයිලා ගගහ. හැමදාම වගේ පපෙට්ලගේ මිටින් එකේදී ඇහුව මුගෙන්

ලොකු පපෙට් : කල්ප මොකද අද පරක්කු??
කල්ප : ඈත ඉදන්නේ එන්නේ අයිය.
ලොකු පපෙට් : අදත් හොරණ ඉදන්ද ආවේ?
කල්ප : ඔව් අයිය.
ලොකු පපෙට් : මහරගම ඉදන් නෙමේද අවේ?
කල්ප : නෑ අයිය.
ලොකු පපෙට් : 7.00ට විතර මහරගම හිටියේ නෑ...
කල්ප : නෑ අයිය.

^%&^ ඔන්න ඔය වීඩියෝ එක පෙන්නපන්. කල්පට ට්වින් කෙනෙක් ඉන්නවා වගේ, කියල දැම්මලු වීඩියෝවක්, කල්පය උදේ පාන්දර මහරගම හන්දියේ කෙල්ලොන්ට විහිළු කරනවා. වැඩේ අතේ කෝට්.. ලොකු පපෙට් හුරේ කියල මුට බැනල. මොනා කරන්නද බල්ල වගේ ඉදල මු.

වෙලාතියෙන්නේ මේකයි, මු හැමදාම ලොක්කව ගොනාට අන්දන නිසා මුට රිටන් එකක් දෙන්න සීනියර් පපෙට් කෙනෙක් උදේ මහරගම මු කෙල්ලොන්ට විහිළු කර කර ඉන්නවා වීඩියෝ කරන් ඇවිත්. එදා මුට හොද පෝරියල් එකක් සෙට් උනාලු. ඊට පස්සේ සතියක් විතර මු උදේ ආවත්, කල්පය කියන්නේ ලොවෙත් හැදෙන මිනිහෙක් නෙමේ(අපේ ජෝන්ටෙක්නේ) අයෙත් සුපුරුදු පරිදි පරක්කු වෙලා එන්න ගත්ත. ඒක තවත් අලුත් බයිලයක්..

මේක ගොඩක් ජොලි කතාවක් නෙමේ. නමුත් ඊයේ ඒ කියන්නේ ඉරිදා DS Sixes වලට සෙට් වෙලා (අප්පට සිරි කියන්න අමතක උනානේ. අපේ 2006 ජෝන්ටෝ ටික  DS Sixes 2000-2010 ගෘප් එකේ කප් එක ඉස්සුවනේ. මම කොලුවත් ඔය අතර හිටියලු. හිකි හිකි) දිනුමත් එක්ක ජයපැන් බොනකොට කල්පය එක්ක එකට ගිල්ඩ් එකේ හිටිය ජනින්දය ඇතුළු ජෝන්ටෝ ටික කිව්වා මේක ලියපන් කියල. ඔන්න ලිව්වා.

Friday, June 24, 2011

කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද? - What is a Stock Exchange? How to invest in Stock Exchange?




ඊයේ දවසේ පොඩි බ්‍රේක් එකක් එහෙම අරගෙන ඉන්න එකේ ඔන්න අද අයෙත් අපි පාඩමට යොමුවෙමු. අද පාඩම තමයි “කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද?" කියන එක ඇත්තටම මෙතන ටොපික් දෙකක්. මම මේ දෙකම ඒකට කියන්නේ දෙකම ඒකට සම්බන්ද නිසා.

කලින්  පාඩම් මෙතනින් ගිහින් බලන්න.

1) "ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?

2) ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.



කොටස් වෙළද පොලට එන්න කලින් මම පොඩියට මොනවද මේ “කොටස්” කියන්නේ කියල ඔයාලට අවබෝදයක් දෙන්නම්. ඇත්තටම මේක පොඩි උදාහරණයකින් කිව්වොත් ලේසි නිසා මම එහෙම කරන්නම්.

ඔන්න මම පොඩි වියාපාරයක් කරගෙන යනවා. වැඩේ නැගල යනවා. අව්ලක් නෑ. මට ඕනෑකමක් තියනවා මගේ වියාපාරය තව ටිකක් පුළුල් කරන්න. ඒ කියන්නේ ලොකු කරන්න. වෙන රටකට ගෙනියන්න වෙන්නත් පුළුවන්. අපි එච්චර එහාට යන්න ඕනේ නෑ. අපි හිතමු අලුතින් බ්‍රාන්ච් එකක් දාන්න කියල. ඔය අදහස ආවට ඕකට ඕන කරන මුලික ප්‍රාග්ධනය මගේ ලග නෑ. දැන් මට මොනවද තියන ඔප්ෂන්??
  • බැංකුවකින් ලෝන් එකක් ගන්නවා.
  • තව කව්රු හරි සල්ලි තියන එකෙක්ට කියනවා “මචං මගේ පාට්නර් වෙලා මට සල්ලි ටිකක් දීපන්. මම උබට ප්‍රොෆිට් ඒකෙන කොටසක් දෙන්නම්”
අපේ ඔලුවට මුලින්ම එන ඔප්ෂන් දෙක තමා ඔය. බැංකු ලෝන් එක හොදයි. නමුත් පොලිය වැඩි. වැඩේ පාඩුයි. අනික බිස්නස් කියන්නේ සුවර් නෑනේ. එතකොට දෙවෙනි වැඩේ පෙනුමටනම් එල කිරි. නමුත් වැඩේ කියන්නේ සල්ලි දාල පාට්නර් කෙනෙක් උන එකෙක් ඔහේ නිකම් බලාගෙන ඉදිද මූ මොකක් හරි කරලා මට ප්‍රොෆිට් එක දෙයිනේ කියල?? එක වෙන්නේ නෑනේ. ඉතින් මොකද ඌ කරන්නේ ඌත් ඇවිත් කියනවා මචං මෙහෙම කරපන්, අරහෙම කරපන් කියල. එතකොට බෑ කියන්නත් බෑ. මොකද උගේ සල්ලිවලින්නේ දැන් දුවන්නේ. ඉතින් ඒ නිසා එකත් හොද ඔප්ෂන් එකක් නෙමේ. මොන මගුලක්ද, ඔප්ෂන් දෙකයි තිබුනේ, මූ ඒ දෙකම හොද නෑ කිව්වා.

ඇත්තටම ඕනෙම දෙකට ඔප්ෂන් ඕනෙම ගානක් තියනවා. ඔන්න මම කල්පනා කරනවා දැන් මොකද කරන්නේ කියල. එතකොට මගේ ඔලුවට එනවා කොටස් වෙළද පොළ. මම මොකද කරන්නේ මගේ වියාපාරය කොටස් වෙළද පොලේ රෙජිස්ටර් කරලා,  කොටස් නිකුත් කරනවා. (ඒ මොන හරුපයක්ද ඒ??) 

මෙහෙමයි වැඩේ වෙන්නේ. මට ඕනේ කරන්නේ වැඩේට රුපියල් 1,000,000 කියමුකෝ. මම කරන්නේ මොකද්ද මගේ මේ මුදල කඩනවා සමාන කොටස් විශාල ප්‍රමාණයකට. අපි හිතමු රුපියල් 10 කොටස් 100,000 කියල. දැන් මේ කොටස් මම දානවා කොටස් වෙළද පොලට. කට්ටිය පොරකාල ගන්නවා. එතකොට මොකද වෙන්නේ ඉල්ලුම වැඩි නිසා එක්කෙනෙක්ට උපරිම කොටස් 1000 ගන්න පුළුවන් උනා කියමු. එතකොට එයා අපේ වියාපාරයට රුපියල් 10,000කින් සම්මාදම් වෙලා. කොටස් ඔක්කොම විකුනුනාම මට ඕනේ සල්ලි ටික ලැබිල. ඒත් එක්කම ඒක දාල තියෙන්නේ ගොඩක් අය නිසා කිසි කෙනෙක්ට අයිතියක් නෑ ලොකුවට අරක කරපන්, මේක කරපන් කියල කියන්න. මේ කොටස් වලට පොඩි ලාබාංශ ගෙවීමක් කරන්න ඕනේ. ඒක කොහොමත් අව්ලක් නෑනේ. මොකද අපිට ඕනේ සල්ලි ටික කරදරයක් නැතුව ලැබුනානේ. ඔන්න ඔය මුදල කඩන අපේ උදාහරණෙ හැටියට රුපියල් 10 කෑල්ලට තමා අපි “කොටසක්” කියල කියන්නේ. මම හිතනවා දැන් කට්ටියට වැඩේ තේරෙන්න ඇති කියල. (වැඩේ මෙතනින් නවතින්නේ නෑ. මගේ කොටස් ගත්ත අය. ඒවා ලාබයක් තියගෙන ආයෙත් විකුනනවා. ඒවා වෙන අය ගන්නවා. එයාල අයෙත් විකුනනවා. මේ විදියට දිගටම වැඩේ නැගල යනවා. මේකෙන් මගේ වියපාරෙට මුකුත් ලැබෙන්නේ නෑ. නමුත් වියපාරයේ නම කට්ටිය අතර සැරිසරනවා)

දැන් යමු කොටස් වෙළදපොල දිහාවට. කෙටියෙන්ම කිව්වොත් කොටස් වෙළදපොල කියන්නේ ආයතනයක්, ස්ථානයක් එහෙමත් නැත්නම් යම් ඒකකයක්, මේකෙ කාර්ය බාරය තමයි කොටස් ගැනුම කරුවන්, විකුණුම් කරුවන්, තරුව් කරුවන් සදහා අවශ්‍ය සේවාවන් සැපයීම. මේ සේවාවන් කිව්වේ,  මම කලින් කිව්වා කොටස් නිකුත් කිරීම් වලට, ඒ කොටස් ගන්න ගැනුම් කරුවන්ට එකතැනක් තියෙන්න ඕනෙනේ මේ වැඩේ කරන්න. ඔන්න ඔය තැන තමා කොටස් වෙළදපොල. යම් කොම්පැනියක කොටස් යම් කොටස් වෙළදපොලක ගනු දෙනු වෙන්න නම් ඒ කොම්පැනිය අදාළ වෙලදපොලේ ලැයිස්තු ගත වෙලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය අංගයක්.

අපි කොටස් වෙළද පොලේ ඉතිහාසය ගැන පොඩ්ඩක් බැලුවොත් මේක ආදී රෝම යුගයටත් එහාට යනවා. නමුත් “කොටස්” කියන වචනෙත් එක්ක වෙළදපොලක් ආවේ ලන්දේසි කාලේ ඔවුන් කණ්ඩායමක් එකතුවෙලා සල්ලි දාල නැගෙනහිට ඉන්දීය නැවු සමාගම 1602 පිහිටුවෙමත් සමග කියලයි මම දන්නේ. මේක වැරදිනම් පොඩ්ඩක් පෙන්නලා දෙන්න.

දැනට ලෝකයේ ලොකුම කොටස් වෙළදපොල තමා ඇමරිකාවේ “බිග් බෝඩ්” කියන ආදර නාමයෙන් හදුන්වන “New York Stock Exchange (NYSE)” එක. (ඇමරිකාවේ මේ වගේ ලොකු කොටස් වෙළදපොළවල් 12ක් තියනවා කියන එකත් මතකේ තියාගන්න. අපි හිතුවට මොකද ඕයි ලෝකේ මෙච්චර ඇමරිකාවට දීගෙන ඉන්නේ කියල. මෙන්න එක හේතුවක්. ලෝක ආර්ථිකේ ලොකු රෝල් එකක් ඇමරිකාව කරනවා)



ඔය පහල තියෙන්නේ 2010 දෙසැම්බර් 31න් අවසන් වන අව්රුද්දෙ ලෝකේ ලොකුම කොටස් වෙළදපොළවල් තමා.

 
කොටස් වෙළද පොලේ ආයෝජනයට අවශ්‍ය මුලික කාරනා ගොඩක් සරලයි(අපේ සාතන් මගේ පහුගිය ලිපියේ කොමෙන්ටුවක් විදියට පිනි බිදුට කෙටියෙන් මේක කියල තිබුන. මේ විස්තර ඇතුව). ඔක්කොටම කලින් ඔයා බය නැති කෙනෙක් වෙන්න ඕනේ. කොටින්ම රිස්ක් එකක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මොකද කොටස් වෙළදපොල කියන්නේ හැම වෙලේම ලාබ දෙන තැනක නෙමේ. ලාබ වගේම පාඩුත් ලැබෙන්න පුළුවන්. අපි බුද්දීමත්නම් පාඩු හැකිතාක් දුරට අඩු කරගන්න පුළුවන්. 

අනිත් සුදුසුකම, ඔයා අවුරුදු 18ට වඩා වැඩිනම් ඔයාටත් පුළුවන් පහසුවෙන්ම කොටස් වෙළද පොල සමග සම්බන්ද වෙන්න. ඒකට ලංකාවෙනම් ඕනේ තරම් තැරව්කාර සමාගම් තියනවා (ඔයාට කෙලින්ම ගිහින් කොටස් වෙලදපොලේ ලියාපදිංචි වෙන්න බෑ. ඔයා අනිවාර්යෙන්ම තැරව් කාරයෙක් හරහා යන්න ඕනේ. ඒ ඇයි කියල මගේ ඊලග ලිපියේ පැහැදිලිව තියනවා. දවසක් ඉවසන්න). ඒ එකක් ලගට ගිහින් ඔවුන් හරහා ඔයාට පුළුවන් කොටස් වෙළද පොලේ ලියාපදිංචි වෙන්න. (ජාතික හැදුනුම්පත් කොපියක්. උප්පැන්න සහතිකයේ කොපියක්. ගෙදරට ලිවුම් ලැබෙන බවට තහවුරු කරන්න “බිලින් ප්රුෆ්” එකක් මතක ඇතුව අරන් යන්න) ලියාපදිංචි උනාට පස්සේ ඔයාල ඔක්කොටම පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ආයෝජනය කරන්න පුළුවන්.

මොලේ කල්පනා කරලා ආයෝජනය කරන හැටිත් මගේ සිගිති මොලේට වැටහෙන විදියට ඉස්සරහට මම කියන්නම්.

එහෙනම් මම කැපුන. “බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද??” සමග හෙටත් හම්බ වෙමූ. මගේ වැඩේ මම කරා ඔයාලගේ වැඩේ තමයි දැන් ඉතුරු...

Thursday, June 23, 2011

මේ ගෑනිට පිස්සුද කොහෙද? - පාසලේ විත්ති

පහුගිය දවස් දෙකේ මම ලියපු ආයෝජන ගැන ටිකක් විතර වැදගත් නමුත් බෝරිං පොස්ට් දෙකෙන් පස්සේ කට්ටියට පොඩි කික් එකක් දීල නග්ගල ගන්න අද ෆුල් ආතල් කතාවක් දාන්න තමා හදන්නේ. හොදයි වැඩි කතා ඕනේ නෑ. කෙලින්ම කතාවට බහිමු.

අද ටොපික් එක දැක්ක හැටියේම අපේ ඉස්කෝලේ ජොන්ටෝ ටික නම් දන්නවා අද කතාව මොකද්ද කියල. ලොල්ය. හැබැයි මේක කියවන,  කතාව  දන්නේ නැති අය ගොඩාරියක් ඉන්න නිසා කියන්නම්. මෙන්න මේකයි කතාව.

අපේ ඉස්කෝලේ පන්තියේ හිටිය ශෂික - බෝක්කුව කියල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සු හු***ක්. නියමම ජොන්ට. මුට විතරක් නෙමේ මුගේ ගෙදර මිනිස්සුන්ටත් ටිකක් විතර අව්ල් කියලයි අපේ හැගීම. මුගේ ගෙදට තිබුනේ හොරණ. මුගේ පියාණන්ට තියනවා එළු පට්ටියක්. අපේ කොල්ලෝ රෑට සෙට් වෙලා වැඩි උනාම අනිවා කරන දෙයක් තමා මුගේ ගෙදරට කෝල් කරන එක. මේ කියන්නේ අනිවා රෑ 12.00 පහුවෙලා. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ.

අපි : ගමු බෝක්කුවගේ ගෙදරට කෝල් එකක්.
(සියල්ලෝම එක හෙළා එකග වෙයි. ලවුඩ් ස්පිකර් දමා ගෙදර ලෑන්ඩ් ලයින් ඒකට කෝල් කරයි. ට්‍රීන්... ට්‍රීන්...)

බෝක්කුවගේ පියා : හලෝ. කවුද මේ මහා රෑ...  (අනිවා ගෙදර පෝන එක ගන්නේ මුගේ තාත්ත)

අපි : හලෝ.. මේ අපි පොඩි සමීක්ෂණයක් කරනවා එළුවන් ගැන. මහත්තයට බැරිද පොඩ්ඩක් එළුවන්ගේ විවිද ශබ්ද පිලිබදව අපිට පොඩි විස්තරයක් දෙන්න?

පියා : බොලගේ අම්මලට &(^&*^%^*&(^&*&^%#$$#%@$@^

හිකි.. හිකි.. අපි ඉතින් බඩ අල්ලන් හිනාවෙනවා. අපි කට් කරනකල් බුවා බනිනවා.

දැන් ඒක නෙමමේ කතාව. හැමදාම පිට පනිනවා. මු කොරන පිස්සු වැඩ වල සීමාවක් නෑ. අපි දන්නේ නෑ මුට පිස්සුද එහෙමත් නැත්නම් මුගේ ගෙදර මිනිස්සු මුට පිස්සු හැදෙව්වද කියල. කොටින්ම ඉස්සර පාඩම් කරන කාලේ මු ගෙදර ඉදන් පාඩම් කරනකොට මූව ගේ ඇතුලට දාල හතරවටෙන් ලොක් කරලා තමා මුගේ තාත්ත එලියට යන්නේ. ගෙදර ගිනි ගත්තත් මුට එලියට එන්න බෑ. (මු ගෙදර ජනේලෙක ග්‍රිල් එකක් ගලවල එලියට පනින්න විදියක් හොයා ගෙන තිබුන ටික කාලෙකට පස්සේ.) ඔන්න ඕකයි ගෙදර තත්වේ. තීරණව ඔයාලට බාරයි.

හරි දැන් ආයෙත් කතාවට. අපේ පන්තිය කොලම් 3 කට තමා තිබුනේ. ගුරු මේසේ කෙලින්ම තියන මැද කොලම් එකේ ඉස්සරහම ඉන්නේ මම,  කල්ප, හෂුල. අපි තුන්දෙනාම ඔයාලට ගොඩක් සමීපයි. දන්නේ නැත්නම් ඒ ඒ නම් එක්ක තියන ලින්ක් වලට ගිහින් දැනගන්න. ඉතින් හිතපල්ලා පන්තියේ තරම.

අපේ පන්තියට රසායන විද්‍යාව උගන්නන්න හිටියේ මනොද්‍යා කියල කෙල්ල ටයිප් එකේ මැඩම් කෙනෙක්. වයස ඕනෙනං 30ක් ඇති. ලස්සනයි. හරි හොදයි. අපි ඉතින් හැමදාම  කෙමෙස්ට්‍රි වෙලාවේ කරන්නේ මැඩම් වාඩි උනාම ඉස්සරහ ඉදන් මැඩම් එක්ක ඕප දුප කියවනවා. ශශිකය හැමදාමත් මේ වෙලාවට ප්‍රජා රේණුකගේ ගණන් හදන එක අපි දන්නවා. මුට මෙලෝ සිහියක් නෑනේ කොහොමත්. ඉතින් දවසක් කල්පයට හොද අදහසක් පහල උනා. ඒක උනෙත් මෙහෙමයි.
මැඩම්: මොකද අර ළමය හැමදාම වෙන වැඩ.

කල්ප: අනේ මැඩම් එයාට මුකුත් කියන්න එපා. එයාගේ මොලේ ටිකක් අවුල්.

මම: ඔව් මැඩම්. මෙයා නෝමල් ඉස්කෝලෙට ආවේ 4 වසරේදී. අපිට වඩා අවරුදු 3ක් වැඩිමල්. පොඩි කාලේ විශේෂ පන්තියේ මෙයා ඉදල තියෙන්නේ. 

හෂුල: පරම්පරාවෙන් එන ලෙඩක්ලු මැඩම්. අපි සැහෙන්න උදවු කරනවා. රෝටරියේ ප්‍රජා රේණුක සර් ෆ්‍රී පන්ති කරන්නේ. දවස් 4ක් ගණන් පන්ති. ඒවායේ වැඩ තමා ඔය කරන්නේ. තාම මොලේ වැඩිලා නෑලු හරියට. 

කල්ප: මිනිහට මාර විදියට තරහ යනවා මැඩම්. දවසක් මම උගේ පෑනක් ගත්ත කියල මු මට පෑනෙන් ඇන්නනේ. ඇන්න තැන පෙන්නන්න බෑ. හිකි හිකි..

මැඩම්: අනේ ඇත්තද?? පව් නේද. මමත් ඒ ළමය දැක්ක දවසෙම හිතුව මොකක් හරි ප්‍රශ්නයක් ඒ ළමයට තියනවා කියල. හොද වෙලාවට ඔය ළමයි මට කතාව කිව්වේ. නැත්නම් මම නිරපරාදේ ඔය ළමයට බනිනවා.

මම:ඒවා අපේ යුතුකම්නේ මැඩම්. මැඩම් බැන්නොත් අනිවා මු මැඩම්ට බනිනවා සුවර්. පව් මැඩම්. බනින්න එපා.

ඔන්න එදා දවස ඉවරයි. ඔහොම සතියක් විතර ගියා.. දවසක් මැඩම් දැන් බොක්කෙන් මොකද්ද මම දන්නේ නෑ පාඩමක් කොරනවා. ශශිකය සුපුරුදු පරිදි ගණන් හදනවා. උගන්නනකොට පන්තිය වටේ යන එක සාමාන්‍යයිනේ. ඔහොම යනකොට අරු ගණන් හදන එක දැක්ක. බොක්කෙන් පාඩමක් කරනකොට ළමයෙක් වෙන වැඩක් කරනවා කියන්නේ මල පනින හැටි ආයෙත් කියන්න ඕනේ නෑනේ.

අපි දැක්ක පොතක් පියාබගෙන පන්තියේ දොර පැත්තට යනවා. (ටියුබ් ලයිට් උන්ට කියන්නේ මැඩම් අරුගේ ගණන් පොත විසි කරා)

මැඩම්: මොනවද ළමයෝ මේ ගණන් හදන්නේ. කෙමෙස්ට්‍රි වෙලාවේ. කෙමෙස්ට්‍රි ඔක්කොම දන්නවද?

මම කියනවට විස්වාස කරපන් මචංලා... මු නැගිට්ට.. මැඩම්ගේ මුනට අත දික් කරා..

“මේ ගෑනිට පිස්සුද කොහෙද?” 

 කිව්වා (මේ හරියටම මූ කියපු වචන ටිකමයි. අකුරක් වත් වෙනස් නෑ. ගියා ගණන් පොත අහුලන් ඇවිල්ල අයෙත් ගණන් හදන්න පටන් ගත්ත.

මැඩම්ගේ සුදු මූණ කළු උනා. මැඩම් දැන් ගල් වෙලා වගේ බලන ඉන්නවා. අපිත් එහෙමයි. අපි කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. ඔය වෙලාවේ මම කලින් කියපු දේ මැඩම්ගේ ඔලුවේ කැරකෙන්න ඇති “මැඩම් බැන්නොත් අනිවා මු මැඩම්ට බනිනවා සුවර්” විනාඩි දෙක තුනක් පන්තියම ගල් වෙලා. මැඩම් එක පාරටම හැරුන. ගියා මේසේ ලගට බෑග් එකත් අරන් ගියේ නැතෑ පන්තියෙන්.

අපි හිනා උන සද්දේ බොරැල්ල හන්දියටත් ඇහෙන්න ඇති. තාමත් මට කතාව මතක් වෙනකොට අරූ මැඩම්ට බැන්න හැටි මැවිලා පේනවා. හිකි හිකි

එහෙනම් අපි කැපුන....

Wednesday, June 22, 2011

ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.

 
 

ඊයේ පොස්ට් එකට ("ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?) ලැබුන ප්‍රතිචාරනම් අන්තිමයි. කොහොමත් මම මෙහෙම වැඩක් පටන්ගන්න කොටම හිට් කවුන්ට් එක අඩුවෙයි කියල බලාපොරොත්තු උනා. ඒකට කමක් නෑ. මැද්දෙන් මැද්දෙන් වෙන වෙන ඒවා දාල පොඩි කික් එකක් දෙනගමන් වැඩේ දිගට අරන් යමු. අන්තිමට එක්කෙනෙක් ඉතුරු උනත් පටන් ගත්ත වැඩේ අතාරින්න බලාපොරොත්තුවක් නෑ. 


අද පාඩම තමා “ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි”. මේක කියවන්න කලින් ඊයේ පොස්ට් එක("ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?) කියෙව්වේ නැත්නම් කියවල එන්න. මේකත් ඒකට සම්බන්දයි.


 ඔය ආයෝජන කිව්වම ඒවාට නොයෙකුත් මුහුනුවරවල් තියනවා කියල මම කිව්වනේ. ඒවායින් මම ඔය කාලය, ශ්‍රමය වගේ ආයෝජන ගැන වැඩිය කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. මම කතා කරන්න බලාපොරොත්තුව මුල්‍යමය වටිනාකමක් තියන ඔයාල අපි හැමෝටම වටිනාකමක් තියන ආයෝජන ගැන තමා.

අපි ලංකාව උදාහරණයකට ගත්තොත් ආයෝජන කිව්වම අපේ රටේ ගොඩක් ප්‍රසිද්දයි FD එහෙමත් නැත්නම් ෆික්ස් ඩිපොසිට්, සිංහලෙන්ම කිව්වොත් ඉස්තාවර තැන්පතු. අද අපේ රටේ මේක ගොඩක් ප්‍රසිද්ද තමන්ගේ සල්ලි වලට උපරිම ආරක්ෂාවක් මේ මගින් ලැබෙනවා කියල මිනිස්සුන් අතර තියන විස්වාසය. ඇත්තටම ඒක බොහෝ දුරට ඇත්ත. නමුත් මේ ආයෝජනය ඇත්තටම ගොඩක් දුර්වල ආයෝජනයක්. මොකද ලැබෙන පොලිය සෑහෙන්න අඩුයි. ඒ කියන්නේ ROI එක අඩුයි. වැඩක් නෑ. නමුත් ඉස්තවරත්වය අගේ කරන අයට හොද ආයෝජනයක්.

තවත් අපේ රටේ තියන ජනප්‍රිය ආයෝජනයක් තමා ඉඩම් මිලදී ගැනීම. ඇත්තටම ඉතාමත් හොද ආයෝජනයක් තමා මේක. ඉඩම් වල වටිනාකම දවසින් දවස වැඩි වෙනවා. ඊට අමතරව අපිට නඩත්තුව සදහා හෝ හොයා බැලීම සදහා වැඩි වියදමක් යන්නේ නැති එකත් ලොකු වාසියක්. නමුත් මේකෙ අවාසි ටිකකුත් තියනවා. ඒවා තමා ආයෝජනය සදහා ලොකු ආරම්බක මුල්‍යමය හැකියාවක් තිබිය යුතුයි. අනික වැඩි ROI එකක් ගන්න නම් කාලයක් බලාගෙන ඉන්න ඕනේ. තවත් අවාසියක් තමා අපිට ඕන වෙලාවක මුදල් කරගැනීමේ හැකියාව අඩු වීම. ඒ කියන්නේ දැන් සල්ලි ඕනේ කියල ඉඩමක් ටක් ගාල විකුනන්න බෑනේ.

ඉඩම් වගේම හොද ආයෝජනයක් තමා රත්තරන්. ඉඩම් සදහා මම කිව්ව වාසි අවාසි ඔක්කොම වගේ රත්තරන් වලටත් බලපානවා. ඒ නිසා මම වැඩිය මේ ගැන කියන්නේ නෑ.

තව ඔය අලුත් වියාපාර පටන් ගැනීම, වැඩි පොලී දෙන අයලග මුදල් තැන්පත් කිරීම වගේ දේවල් ගැන මම කතා කරන්නේ නෑ. 

මම දැන් එන්නම් මම දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවට. ඒ තමයි කොටස් වෙළද පොලේ ආයෝජනය කිරීම. මේක දැනට ලෝකයේ පිළිගත් හොදම ආයෝජනය විදියට මම හදුන්වන්න කැමති.
  • මොකද මේකෙ ROI එක ගොඩක් වැඩි.
  • අඩු ආරම්බක මුල්‍ය ශක්තියකින් ආරම්බ කරන්න පුළුවන්.
  • පැහැදිලි ප්‍රතිලාබයක් ලබාගැනීමට බලා සිටිය යුතු කාලය අඩුයි.
  • නියමාකාරයෙන් මොලේ කල්පනා කරලා බුද්දීමත්ව මුදල් ආයෝජනය කරොත් ඉතාමත් කෙටි කාලයක් තුල ඇදහිය නොහැකි ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
  • ඕනෙම වෙලාවක මුදල් කරගැනීමේ හැකියාව තියනවා.
  • අතරමැදියන්ට ලබාදෙන කොමිස් මුදල ගොඩක් අඩුයි.
  • ආයෝජනයේ ප්‍රතිලාබය විනිවිද බාවයකින් යුතුව මැන ගත හැකිවීම
ආදී සුපිරි ගනයේ වාසි ගොඩක් තියනවා. 
  •  වෙළදපොල තත්වය ඉස්තවර නොවීම,
  • අනපේක්ෂිත පාඩු සිදුවීමට හැකිවීම,
  • ආයෝජනය සදහා පුළුල් දැනුමක් අවශ්‍ය වීම
මෙම ක්‍රමයේ අවාසි වෙනවා. නමුත් මේ අවාසි ලැබෙන ප්‍රතිලාබත් එක්ක බලනකොට නොසැලකිය හැකි තරං කියල. මම බය නැතුව කියනවා.

මම හිතෙනවා ඔයාලට කතාව තේරෙන්න ඇති කියල. මේ විස්තර ඔයාලට පොත පත ආශ්‍රයෙන් උනත් ගන්න පුළුවන්. ඉස්සරහට තමා වැදගත්ම, පොත් කියවල තේරුම ගන්න අමාරු හරිය එන්නේ. මම සිංහලෙන් සරලව ඒවත් එකින් එක දාන්නම්. හැබැයි මමත් එක්ක ඉන්න ඕනේ.

මම හෙට මේකෙ ඊලග කොටස දාන්නේ නෑ. එක දිගට දැම්මොත් කට්ටියට බෝරින්ග් වෙන්න පුළුවන් නිසා. කට්ටිය නග්ගල ගන්න මොකක් හරි හෙට දාල අනිද්දා මේකෙ ඊලග කොටස වන “කොටස් වෙළදපොල යනු කුමක්ද?” පල කරන්නම්. එතකන් ඔයාල ඔක්කොටම ජයෙන් ජය.

Tuesday, June 21, 2011

"ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?

 
 
ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම හා හා පුරා කියල මම මගේ පාඩම පටන් ගන්නයි යන්නේ. මේක මොකද්ද? මෙතනින් මොනවද වෙන්නේ කියන එක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මගේ ඊයේ පොස්ට් එක මෙතනින් ගිහින් කියවන්න.

අද අපේ පාඩම තමා මොකද්ද මේ ආයෝජන එහෙමත් නැත්නම් Investment  කියන්නේ කියන එක තෙරුම් ගන්න එක.



ඇත්තටම මට තේරෙන විදියට නම් ආයෝජනයක් කියන්නේ මොකක් හෝ දෙයක් බලාපොරොත්තුවෙන්, එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට අප සතු යම් දෙයක් යෙදවීමයි. අන්ඩර් දෙමල වගේ නේද? කමක් නෑ. අපි සරල උදාහරණයකින් මේක තේරුම් ගන්න බලමු. ඔන්න අපිට ඕනේ හොද ලස්සනට අපේ අනාගත ජිවිතේ ගතකරන්න. අපි මොකද කරන්නේ, වෙන උන්ට කබුරලා වැඩක් නෑ. පොඩියට බිස්නස් එකක් පටන් ගමු කියල අතේ තියන සල්ලි ටික දාල ලාබයක් බලාගෙන කඩයක් දානවා. මෙන්න මේ උදාහරනේ අපේ බලාපොරොත්තුව තමා ලාබ ඉපයීම. අපේ ආයෝජනය තමා අතේ තියන සල්ලි ටික දාල බිස්නස් එකක් පටන් ගැනීම. දැන් කට්ටියට ටිකක් වැඩේ තේරෙන්න ඇති.

වැඩි දුරටත් අපි මේ ආයෝජන ගැන කතා කරනකොට, ගොඩක් දෙනා හිතන්නේ ආයෝජනයක් කියන්නේ සල්ලි ටිකක් යට කිරීමක් කියල. නමුත් ඇත්ත එහෙම නෙමේ. සල්ලි යට කිරීමත් ආයෝජනයක් තමා. නමුත් ආයෝජනය කියන්නේ සල්ලිම නෙමේ. ආයෝජනයට නොයෙකුත් මුහුනුවරවල් තියෙන්න පුළුවන්. උදාහරණයක්‌ විදියට ගත්තොත් කාලය, ශ්‍රමය වගේ දේවල් සුපිරිම ආයෝජන තමා. අපි මේවගේ දේවල් වලට ආයෝජක කියල කියමු. මම මේ වචනේ හරියටම හරිද දන්නේ නෑ. ඉස්සරහට පැහැදිලි කරන්න ලේසි වෙන්නයි වචනේ දාගත්තේ. මෙම ආයෝජනයට යොදවන දේ හෝ දේවල්(මම මෙහෙම කිව්වේ බොහෝ දුරට ආයෝජනයක් කියන්නේ ආයෝජක කිහිපයක එකතුවක්) ඔහේ යොදවන්නන් වාලේ යොදවල වැඩක් නෑ, අපි ආයෝජනය කිරීමෙන් ලබාගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිපලය කරා යන්න තමා අපි ආයෝජක හසුරවන්න ඕනේ. ඒකෙන පැහැදිලි වෙන්නේ ආයෝජනයක් කරන්න ආයෝජක තිබුනට වැඩක් නෑ ආයෝජනය කරන්න ප්ලෑන් එකක් නැතුව. 

මේ කතාවත් උදාහරණයකින් කිව්වොත්,  

ඔන්න දැන් අපි පාරේ යනවා. අපේ ඉස්සරහින් යනවා ඉටි රුපයක් වගේ ටොයිය කෑල්ලක්. නිදාගෙන ඉන්න යක්කු නැගිටලා මේකිව මට ඕනෙමයි කියල හිතෙනවා. ඉතින් මොකද කරන්නේ. පොඩ්ඩක් පස්සෙන් ගිහින්. බස් එකෙන් බහින හෝල්ට් එක බලාගෙන. ඒ ලග ඉන්න යාලුවෙක් අල්ලාගෙන, ඌට කන්න බොන්න කාරිය දීල, අර කෙල්ලගේ ගෙවල් හොයාගෙන, අරකිගේ යාලුවෙක් අල්ලාගෙන, යාළුවගේ හොද යාලුවෙක් වෙලා ක්‍රමයෙන් කෑල්ලට කොක්ක ගහන එක අපි දන්නා බාසාවෙන් ආයෝජනයේ එක මුහුණුවරකට හොද උදාහරණයක්. මේකේ ඇතුලේ අපේ බලාපොරොත්තුව, අපේ ආයෝජනයන්, ආයෝජක හැසිරවූ ප්ලෑන් එක වෙන් කරලා අදුරගන්න බැරිනම් ඉතුරු ටිකවත් මගේ ඉස්සරහ පොස්ට්වත් බලන්න එපා. වැඩක් නෑ. ලොල්ය.

ආයෝජන ගැන කතාකරනකොට “ROI”  කියන අකුරු තුන කිරියි පැණියි වගේ එකට බැදිලා තියනවා(දැන් කියන්න එපා කිරි සීනිත් එක්කත් කනවා කියල.) ඔය අකුරු තුනෙන් කියවෙන්නේ “රිටන් ඔන් ඉන්වෙස්ට්මන්ට්” කියන දේ. සිංහලෙන් කිව්වොත් ආයෝජනයේ ප්‍රතිලාබය. මේ ප්‍රතිලාබය හැම වෙලාවේම හොද එකක් වෙන්න ඕනේ කියන්න බෑ. හොද වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඒක රදාපවතින්නේ, අපි අපේ ආයෝජක හසුරවන ආකාරය අනුව. මේ ROI කියන එකත් ලස්සනවගේ එකිනෙකාට සාපේක්ෂයි. කෙනෙකුට පට්ට ROI එකක් පෙනෙන වැඩක් හෝ ආයෝජනයක් තව කෙනෙකුට මෙලෝ රහක් නැති එකක් විදියට පේන්න පුළුවන්. ඔන්න ඔය සාපේක්ෂතාව උඩ ඉදගෙන තමා ආයෝජනයන් ක්‍රියාත්මක වෙන්නේ. අපි පරණ උදාහරනෙම ගත්තොත්, කිරි ටොයිය කෑල්ලක් නිසා බැහැල වැඩක් නෑ කියල බහුතරයක් හිතුවට වැඩක් වෙයි කියල හිතල ට්‍රයි කරන උනුත් ඉන්නවා. වැඩේ කියන්නේ මේ දෙගොල්ලොගෙන් එක්කෙනයි හරියන්නේ. එක්කෝ වැටෙන්න පුළුවන්, නැත්නම් නොවැටෙන්න පුළුවන්. (හෝව්.. හෝව්.. පාඩම ඉස්සරහට යමු. කොමෙන්ට් ඕනේ නෑ මේකට හිකි)

අනිත් දේ තමයි මේ ROI එකේ ක්‍රම දෙකක් තියනවා. කෙටි කාලින සහ දීර්ග කාලින කියල. උදාහරණයකින් කියන්නම් වැඩේ ලේසි වෙන්න. ඔන්න අපි ඉඩමක් ගත්ත කියමු. ඒක දීර්ග කාලින ආයෝජනයක්. එකේ ප්‍රයෝජනය උපරිමෙන් ලැබෙන්නේ කල් යන්න යන්න. ඒ වගේම මේ ආකාරයේ දීර්ග කාලින ආයෝජනවලට සාමාන්යෙන් ලොකු වටිනාකමක් තියනවා. ඒ කියන්නේ ආයෝජනය ලොකුයි. වගේම ප්‍රතිපලයත් ලොකුයි. අනිත් අතට අපි ගමු මාස තුනක් වගේ කෙටි කාලයකට බැංකුවක ඩිපොසිට් එකක් දාන අවස්ථාවක්. එකේදී ප්‍රතිපල ඉක්මනට ලැබෙනවා. ලොකු ආයෝජනයක් ඕනෙත් නෑ. ලොකු ප්‍රතිපලයක් ලැබෙන්නෙත් නෑ.

ඔන්න ඕකයි මට තේරෙන ආකාරයට ආයෝජනය කියන එකේ සරල තේරුම. මගේ වැරදි තියනවනම් කිසි අව්ලක් නෑ පෙන්නලා දෙන්න.
කොහොම හරි අන්තිමට ඔයාල පොඩි හරි දැනීමක් මේකෙන් ගත්තනම් මට හොදටම ඇති.

එහෙනම් හෙට
ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි” සමග හම්බ වෙමු.

Monday, June 20, 2011

ආයෝජන - Investments




ආයුබෝවන්.. ටොපික් එක දැක්කම ඔයාල හිතුව නේද අලුත් කුප්ප කතාවක් කියල. ඇත්තටම මේක කතාවක් නෙමේ. ඔයාලගේ හිතසුව පිණිස මම හෙට සිට ලියන්න ගන්න ලිපි පෙළක ආරම්බය. ඒපාර තොපි බලනවා ඇති මේ  මොකද්ද මේ හරුපේ කියල. කොටින්ම හැමදාම කතා, නිසදැස් වගේ දේවල් දදා ඉන්නේ නැතුව, මේක කියවන අයගේ දැනුම මට්ටම 1%කින් හරි ඉහල දාන්න දෙයක් කරන්න ඕනේ කියල හිතුව නිසයි මම මෙහෙම වැඩකට අත ගැහුවේ.

ඇත්තටම කිව්වොත් පොඩි වෙනස් දෙයක් කරන්න ඕනේ කියල ටික දවසක ඉදන් ඔලුවේ තිබුනට මොකද්ද කරන්න ඕනේ වෙනස කියල එක පාරටම ඔලුවට අවේ නෑ. ටියුබ් ලයිට් නෙමේ නමුත් වෙනසක් කරනවා කියල ඔහේ ආවට ගියාට කොරන්න බෑනේ. කරන දෙයක් හරියට හිතල කරන එක මගේ පුරුද්දක්. (ඔය ඉතින්.. මම දන්නවා තොපි හිතුවේ මොකද්ද කියල. “අපි නොදන්නවයේ තොගේ හරියට කොරන හැටි” හොද වැඩක කොරන්න ගියොත් මොකක් හරි බාල්දියක්නේ. හිකි හිකි.) වෙනසක් විදියට කෙටි කතාවක් වගේ දෙයක් ලියන්නදෝ කියල හිතුවත් වැඩක නෑ කියල හිතුන. මොකද මටත් ඔය ලියන හැකියාව තිබුනට, මට වඩා හැකියාව ඇති කොල්ලෝ කෙල්ලෝ දැනටමත් ඒ වැඩේ ලෙසටම කරන නිසාත්, මට ඒ රැල්ලට අහුවෙන්න ඕනේ නැති නිසාත් වැඩේ ඇත ඇරලා දැම්ම. පස්සේ තමා මෙහෙම වැඩක කරන්න ඕනේ කියල හිතුනේ.
මේ වැඩේ ඔලුවට ආවට ගන්නේ මොන ටොපික් එකද කියල කල්පනා උනේ නෑ. දෙයක් දෙනවනම් මම දන්නා දෙයක් වෙන්න ඕනේ. නොදන්නා දේවල් කියන්න ගිහින් අනාගන්නවත්, වැදී බණ කියන්නවත් මට ඕනේ නෑ. අනික කියන දේ ගැන අප්-ටු-ඩෙට් දැනුමක් තියෙන්නත් ඕනේ. ඔය ඔක්කොම එක්ක බලනකොට, මම රස්සාව කරන ෆීල්ඩ් එකම ගත්තොත් හොදයි කියල හිතුන. මේක කියවල හිතන්න එපා මම ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කියල. ඇත්තටම මම ඔය බ්‍රෝකර් ලට ඕනේ කරන සොෆ්ට්වෙයා හදන කොම්පැනියක වැඩ කරන්නේ.

මුලින්ම මම කියන්න ඕනේ. මම මේ කියන දේවල් මම කියන්නේ මගේ දැනුමෙන් සහ තේරෙන බාසාවෙන්. මේවා ඔය www.investopedia.com/ වගේ සයිට් වල තියන ඒවාට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වැරදි නෑ. ඇත්තටම කිව්වොත් මම මේ ෆීල්ඩ් එකේ හිටියත් මට නම් ඔය www.investopedia.com/ එකේ තියන දේවල් වලින් 1/10 වත් තේරෙන්නේ නෑ.  ෆීල්ඩ් එකේ නැති අය ගැන කුමන කතාද??

මම මේ ලිපි මාලාවෙන් පළමු අදියර විදියට මම කතා කරන්න බලාපොරොත්තුවෙන දේවල් මෙන්න මේවා.
  1. ආයෝජනයක් යනු කුමක්ද?
  2. ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි.
  3. කොටස් වෙළදපොල යනු කුමක්ද?
  4. කොටස් වෙලදපොලේ ආයෝජනය යනු කුමක්ද?
  5. බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද??
  6. ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද?
  7. කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද?
  8. කොටස් වෙලදපොලේ ආයෝජනයෙදී නිතර යෙදෙන වචන වල තේරුම්
a.  Exchange Account
b.  Cash Account
c.  Trading
d.  Portfolio
e.  Margin
f.  Trends

මේ මගේ ඔලුවට දැන් ආව දේවල් ටිකක් විතරයි. කරගෙන යනකොට මතුවෙන තව තව දේවල් එක්ක ඉස්සරහට යමු. මේ ටික ඉවර වෙලා වැඩක වනවා කියල තේරුනොත් මේකේ දෙවෙනි අදියර විදියට, ඔය තියන ටොපික් වලින් තෝරාගත් කීපයක් ගැන ගැබුරින් කතාකරන්න මම බලාපොරොත්තු වෙනවා.

මට දැනගන්න ඕනේ මේ මම කතාකරන්න බලාපොරොත්තුවෙන දේවල් ඔයාලට වැඩක් වෙනවද කියල. (වැඩක උනත් නැතත් මම ලියනවා අනිවා.) මොකද එකපාරටම වැඩක නෑ වගේ තේරුනාට පට්ටම වැදගත්කමක් තියනවා මේවා දැනගෙන ඉන්න එක. ඒක තේරෙන්නේ කාලයක් යනකොට. (අත්දැකීමෙන් කියන්නේ) ඒත් මට දැනගන්න ඕනේ ඔයාලගේ අදහසුත්. මම හෙට ඉදන් මේ ලිපි මාලාව පටන් ගන්නවා. මේක ගැන හිතන දේවල් පොඩ්ඩක් පහලින් ලියල යන්න.