අද මට ගොඩක් වෙලා ඉන්න බෑ..
පොඩි ෆන් එකකටත් එක්ක මම අද දානවා පොඩි ප්‍රශ්න 15ක්. හරි ලේසි. සරල උත්තර තියෙන්නේ. බරට කල්පනා කරලා, ගුගල් දෙය්යගෙන් අහල එහෙම උත්තර දාල වැඩක් නෑ. තමන් තමන්ට අවංක වෙලා, ප්‍රශ්නය කියවපු ගමන තමන්ට හිතුන උත්තරය දෙන්න. මොකද මෙතන වැරදුනා කියල කාවවත් හිරේ දාන්නේවත් බයිට් කොරන්නේවත් නෑ.
බලමු අපේ ජොන්ටෝ/ජොන්ටියෝ කොච්චර දුරට හරි උත්තර දේවිද කියල..
1) ඔන්න ඔයා නිදාගන්න යනවා 8ට, හොද නින්දක් ගහල නැගිටිනවා 9ට. ඔය කොච්චර වෙලාවක් නිදාගෙන තියනවද??
2) දෙසැම්බර් 25කියන දවස ඇමරිකානු කැලෙන්ඩරයේ තියනවද?? නැද්ද??
3) සමහර මාසවල දින 30ක් තියනවා, සමහර මාසවල දින 31ක් තියනවා. අවුරුද්දේ දින 28ක් තියන මාස කීයක් තියනවද?? (අධික අවුරුද්දක් නෙමේ)
4) ඩොලර් 30 කොලයක ලියල තියන වෙන නෝට්ටුවල නැති විශේෂ වචනය කුමක්ද??
5) ඔයාට ලෙඩක් හැදිලා දොස්තර ගාවට ගියාම, මිනිහ ඔයාට පැය බාගයකට සැරයක් බොන්න කියල පෙති 3ක් දෙනවා. පෙති ඉවර වෙන්න කොච්චර වෙලාවක් යනවද??
6) ඔයා හීනයක් දකිනවා ඔය ඉන්නව පාලු උමගක. එක පැත්තකින් කෝච්චියක් එනවා. අනිත් පැත්තෙන් මකරෙක් ඉන්නවා. ඔයා මොකද කරන්නේ.??
7) ශ්‍රී ලංකානු නීතියට අනුව ඔබගේ කනවැන්දුම් බිරිදගේ/සැමියාගේ සොහොයුරිය/සොහොයුරා ඔබට නීතියෙන් විවාහ කරගත හැකිද?
8) ඔබ මිනිසෙකුගේ දකුණු අත කැපුවොත් ඔහුට තවත් ඇගිලි කීයක් ඉතුරු වෙයිද??
9) හෙට දින මධ්‍යහනයේ දැඩි වර්ෂාවක් පතිත උනොත් ඔබට තවත් පැය 36කට පසු හොදින් ඉර පායා ඇති අහසක් දැකීමට ලැබීමේ සම්බවිතාව කොපමණද??
10) පැය 24ක් තුලමිනිත්තු කටුව කී වාරයක් පැය කටුව පසු කරගෙන ගමන් කරයිද??
11) 30 බාගයෙන්(1/2) බෙදා 10ක් එකතු කලවිට උත්තරය කීයද?
12) ඔන්න ඇපල්ගෙඩි 3ක් තියනවා. ඔයා දෙකක් පැත්තකින් අරන් තියනවා. දැන් ඔයා ලග ඇපල් කියක් තියනවද??
13) ඔයා කන්නාඩියක් ඉස්සරහට ගිහින්, ඔයාගේ දකුණු කන ඇල්ලුවොත් කන්නාඩියෙන් පේන ප්‍රතිරූපයට අනුව ඔයා අල්ලන් ඉන්නේ මොන කනද??
14) ඝනකයක මුහුනතවල් පාට කරන කොට පාට තුනකින් සම්පුර්ණ ඝනකය එකලග මුහුනතවල් දෙකක් එක පාටින් එන්නේ නැති වෙන්න පාට කරන්න පුලුවන්ද??
15) 2 , 6 , 14 , 30 __ ඊලග හිස්තැන පුරවන්න
උත්තර ටික දාල යන්න අමතක කරන්න එපා...
ප.ලි. : කට්ටියම උත්තර දීල තියන නිසා මම උත්තර ටික දාන්නම්. කොච්චර සරල උනත් කිසි කෙනෙක් 11/15 වඩා ගත්තේ නැති එක පොඩ්ඩක් අව්ල් වගේ නේද??
1) පැය 1
2) නැත. දෙසැම්බර් 25 යනු දිනයකි. එය දවසක් නොවේ(නත්තල දවසකි).
3) 12 (හැම මාසෙම දවස් දවස් 28ක් තියනවා)
4) විශේෂ වචනයක් නැත. මන්ද යත් ඩොලර් 30 නෝට්ටු නැත.
5) පැය 1යි.
6) වෙන දෙයක් වෙන්න කියල දිගටම හීනය බලනවා. ඔයාට ඕන දේවල් කරන්න පුළුවන් නම් ඒක හීනයක් වෙන්නේ නැහැ.
7) නොහැක. ඔබේ බිරිද/සැමියා කනවැන්දුම් යනු ඔබ මරණයට පත්ව ඇත.
8) 15
9) 0 වේ. මන්ද යත් තවත් පැය 36කින් ඊලග දින මද්යම රාත්‍රිය ලබයි. මද්යම රාත්‍රියේ ඉර පායන්නේ නැත.
10) පසු කරනුයේ 22 වතාවක් පමණි. (පසු කිරීම යනු පිටිපස සිට පැමිණ ඉදිරියට යාම වේ.) අරම්බක පැයේදී දෙදෙනා එකම තැන සිට ගමන ආරම්බ කරයි. එය පසු කිරීමක් නොවේ. අවසාන පැයේදී ලගට පැමිණ නැවතී. එයද පසු කිරීමක් නොවේ.) කිසිම කෙනෙක් මේකට හරි උත්තරේ දුන්නේ නෑ.
11) 70
12) එකක්වත් නැත. මගේ ලග ඒකදු ඇපල් ගෙඩියක් තිබුනෙවත් තිබෙන්නේවත් නැත.
13) දකුණු කනම වේ.
14) හැක. ප්‍රති විරුද්ධ පැති එකම පාටෙන් පාට කරන්න.
15) 62 (0+2, 2+4, 6+8, 14+16, 30+32 = 62)