Showing posts with label ෆන් කතා. Show all posts
Showing posts with label ෆන් කතා. Show all posts

Monday, February 2, 2015

අය වැයේ අතුරු කතා... 1

හුදෙක් විනෝදය පිනිස පමනි.. තරහ ගැනීමෙන් වලකින්න..



පුතා: (වැඩ නිමවී ගෙදර පැමින ) අම්මේ..

අම්ම: (වත්ත පහල සිට ගෙදරට එන ගමන්) මේ එනව පුතේ..

පුතා: අම්මෙ අද මම මගේ ජීවිතේ වටිනාම රුපියල් 1000.00 වියදම් කරා..

අම්ම: (හඩමින්) මොකද්ද මගෙ බුදු පුතේ උබ මේ කලේ.. බොලාගෙ තාත්තටයි මටයි කියල 10-15ක් නෑනෙ..  කෝකටත් හිටියෙ උබ විතරයි.. උන්දැ නැති උනාට පස්සෙ මම කොයිතරම් දුක් වින්දද උබව මේතත්වෙට ගේන්න?? ඇයි පුතේ උබ මේ අම්මට මෙහෙම කරේ.. උබේ කැමැත්තකට මම කවදාවත් එපා කියල තියනවද?? එහෙව් අම්මටද උබ මේ හිතුවක්කාර වෙලා පාඩම් උගන්නන්නෙ.. මම දැන් කොහොමද බන් රට්ටුන්ට මූන දෙන්නෙ.

පුතා: මොකද අම්මෙ මේ?? මම මොකද්ද කරපු වැරැද්ද?? මම මගේ මුල්ම රස්සාවෙ මුල්ම පඩියෙන් රුපියල් 1000.00ක් දීල අම්මට සාරියක් ගෙනාව..

අම්ම: (කදුලු පිහිදාන ගමන්) ඇති යාන්තන් දැන් තමා මගේ ඇගට ලේ ටිකක් ඉරුවෙ.. මම මේ අල්ලපු ගෙදර සුමන එක්ක අය වැයේන් අඩු කරපුව ගැන කතා කර කර හිටියෙ. කෝ ගනින් ඕක හැඩ බලන්න..

Wednesday, September 10, 2014

මාලුපාන්ගෙ කුක්කු තුනේ කතාව...

කාලෙකින් මොනවත් ලියන්නත් බැරිවුන එකේ මේ සතියෙ නම් මොනවම හරි ලියනව කියල හිතාගත්ත. පහුගිය දවස් වල මගේ අපාය සහගත මිතුරු කැල ඉල්ලා සිටිය අපේ මාලුපාන්ගෙ කුක්කු තුනේ කතාව කියන්න කියල..
වැඩිය කලබල වෙන්න ඔනෙ නෑ.. අපේ සෙට් එකේ කීපදෙනෙක්ගෙම ඔය තියෙන්න ඔනෙ ගානට වෙනස් ගනන් තියනව. 
උදාහරනයක් ගත්තොත් 

  • අපේ මෝලට බුරි තුනයි
  • කජ්ජට ඇට එකයි
  • දිලුමගෙ දෙක අඩියක් විතර එල්ලෙනව

ඒව ගැන පස්සෙ බලමු. මුලින්ම ප්‍රදාන කතාවට එමුකො.

කතාව පටන්ගන්න කලින් ඉතිහාස කතාව කියන එකනෙ සිරිත. එහෙනත් එතනින්ම පටන් ගමු..




දැනට අවුරුදු කීපයකට කලින් අපෙ කතානායකය සතෙන් සතේ එකතු කරල එකතුකරල තව ගෙදරින් ලක්ස ගානක් ඉල්ලගෙන සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව හා හා පුරා කියල රෝද හතරක් ගත්ත. අරගෙන එනගමන්ම වලක වැටිලද මන්ද ඒකෙ සයිලන්සර් එකක්නම් තිබුනෙම නැති තරම්. කිව්වෙනම් බීට් එකක් තියල කියල. දෙයියනේ කියල වාහනෙ ස්ටාට් කරාම අහල ගම් හතක් දන්නව.

ඒත් එක්කම ඒ වාහන මොඩල් එකේ ගියර් පටන් ගන්නෙ තර්ඩ් එකෙන්. ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි මලකඩ කාලද කොහෙද වැටෙන්නෙනම් නෑ. ගියර් දෙකයි, තර්ඩ් එකයි ටොප් එකයි හරිම සිම්පල් ප්ලෑන් එකක්..

සයිලන්සර් එකේ සද්දෙ අහල පහල මිනිස්සුන්ට කරදරයක් උනාට ඒ කිසිම කෙනෙක් අද මේ වෙනකල් කවදාවත් වචනයක්වත් කියල නෑ කියලනම් කියන්න ඔනෙ.. හිකි හිකි.. බොලා හිතුවද මූ ගෙවල් පැත්තෙ හොද එකානිසා ගම්මු බනින්නෙ නෑ කියල?? ඒකනෙමේ ඇත්ත කතාව; ගත්ත දවසෙ ඉදන්ම හතරැස් වාහනේ රවුම් කරන්න අපේ කතා නායකයට තිබුනෙ පුදුමම හැකියාවක්..මොනව උනත් අපි ඒ හැකියාව අගේ කරන්න ඕනෙ.

වාහනේ ගත්තත් හරි ගෙදර තිබුනෙ මාසෙකට දවස් දෙකක් වැඩිම උනොත් තුනක් නිසා ගමේ මිනිස්සු හිතල තියෙන්නෙ මාසෙකට සැරයක් මුගෙ යාලුවෙක් අවිල්ල යනව කියල.
එක්කො හප්පල, එහෙම නැත්නම් ගරජ් බිල ගෙවන්න සල්ලි නැති නිසා ඔන්න ඔහෙ තියෙද්දෙන් කියල ඉදල කියල දන්නෙ ගෙදර අයයි තව ඔය ලගින්ම ඉන්න අපිවගෙ ජොන්ටොයි විතරයි..

මූ වාහනේ ගත්තත් හරි හන්දියෙ ගරාජ් එකේ අන්කල් ගෙදර අලුත් කාමර දෙකක් ගහන්න අඩිතාලම් දැම්මෙ ඉස්සරහට ආදායම සුවර් නිසා කියලයි රට්ටුනම් කියන්නෙ.. අනේ මමනම් දන්නෙ නෑ. මම ඔය රට්ටු කියන දේවල් වැඩිය විස්වාස කරන්නෙ නෑ..

ගරාජ් එකක සාමන්යෙන් නිතරම වාහන තියන එක අලුතින් කියන්න ඔනෙ නෑනෙ.. හැබැයි ගැරජ් අන්කල්ගෙ අල්ලපු වත්තෙ හිටිය පොරනම් ඒ දවස් වල පුදුම තරහකින් ඉදල තියෙන්නෙ අන්කල් අලුතින් කාර් එකකුත් අරන් ගෙදර අඩිතාලමකුත් දැම්ම කියල. දන්නවනෙ ඉතින් ඉරිසියාකාරයො.

ඇයි ඉතින් මාසෙ දවස් 30න් 27-28ක් මේ කාර් එක ගරජ් එකේනෙ. අල්ලපු ගෙදර එකා රැවටිල මේක ගරජ් කාරයගෙ කියල.

ඔන්න ඔහොමයි ඉතිහාසෙ.. දැන් ඉතිහාස කතාව දැන් ඉවරයි.. ඔන්න දැන් තමා කතාව එන්නෙ... 

මේ කියන දවසෙ පඩි හම්බ වෙලා සුද්ද වගෙ ගරජ් එකට ගිහින් අපේ මාලුව කාර් එක අරගෙන. මගදි සෙට් වෙච්ච තවත් ජිම් පප්පො තුන් දෙනෙකුත් දාගෙන දැන් මූ හුරේ කියල යනවලු. මේ සිද්දි වෙලා තියෙන්නෙ මාර්ග නීති හොයාගන්න කලින් නිසා එව ගැන වැඩි තැකීමක් කරන්න ඔනෙ වෙලා නෑ. 

වාහන දෙකක් මාරුවෙන්නත් අයින් කරන්න ඔනෙ පාරෙ මූ ඉතින් 100ට විතර යනකොට ජබොග් ගාල අහින්සක වාහන කාරකෙක්ගෙ ලස්සන පස්සක් මුගේ රවුම් වාහනේ ඉස්සරහ ඉතාමත් තදින් උම්ම එකක් දුන්නාය කියලයි කියන්නෙ. පස්සෙන් ගිහින් හප්පපු මුගේ අතෙ වැරද්ද කතා වැඩක් නෑ. මූ වීරය වගෙ වාහනෙන් බැහල දැන් අර ඉස්සරහ මිනිහගෙ සීයගෙ ජාතකේ ඉදන් දැන් මතක් කරනව. වැඩේ කියන්නෙ ඒකෙ ඉඩල තියෙන්නෙ තනි පොරක්. ටිකක් විතර ඇග පත තිබුනට හොදට හයිය හත්තිය තියන 4ක් එක්ක හැප්පෙන්න බැරිනිසා පොරත් කරබාගෙන ඉදල. 

වැඩේ හරියන්නෙ නෑ.. මූ නවත්තන්නෙම නෑ.. බැරිම තැන ඌත් වචනයක් දෙකක් කියල. ඒ හොදටම ඇතිනෙ. මූ පැන්නගමන් දුන්නෙ නැතෑ අර අහින්සකයගෙ මූන හරහ නිකන් ජෝන් සීන වගේ. අනිත් පොරත් නිකන් ඉන්න බැරි නිසා අත පය වනල. මේක දැක්ක අනිත් ජොන්ටො ටිකත් ගේමට එන්ටර් වෙලා පොරට හනුම දර පලනව වගේ දැන් දෙසනවලු. 

ඔය අතර අර පොර අපේ මාලුවව බදාගෙන බිම වැටිල. වැටිල තියෙන්නෙත් මූ යටට හිටින්න අරූ, මුගෙ ඇග උඩට හිටින්න. මාලුවට දැන් කරන්න දෙයක් ඇත්තෙම නෑ. දන්නෝ දනිත් මුගෙ සයිස් එක. ඔය අතරෙ අනිත් ජොන්ටො නොනවත්තා දරුනු ලෙස ප්‍රහාරය එල්ල කරනවලු.

ඔන්න ඔය වෙලාවෙ අපේ මාලුවට උගේ කුක්කු ප්‍රදෙශයෙන් එක පාරටම හෙනම ආතල් එකක් දැනුන කියල විතරයි මූට මතක. 

වටේ පිටේ මිනිස්සු ඇවිල්ල වැඩේ සමතයකට කරල, දෙපාර්ශවයම රොහල් කරා එක්ක ගියාලු.

දවස් දෙකකට පස්සෙ අපි සෙට් උනාම මූ ඉන්නව කිසිම අව්ලක් නැතුව. හබයි මූන නිකන් කෝච්චියට අහු උන රුපියලේ කාසිය වගේ. කතාව සම්පූර්නයෙක් කිව්වට පස්සෙ අපේ කුතුහලය දරුනු වැඩිවෙලා අපි බැලුව මාලුවගෙ පපු ප්‍රදේශය. පපුවෙන් එකයි ප්ලාස්ටර් එක. 

අර බිම වැටිල ඉන්න වෙලාවෙ අනිත් එකා වෙන කරන්නම දෙයක් නැතුව මුගේ වම් කුක්කුව ආස්‍රිත ප්‍රදෙශය සපාකාල.. ලොලේ ලොල්.. 

කොහොම කොහොම හරි මාස දෙකක් විතර යනකොට තුවාල වේලිලා ඔක්කොම හරි ගියා.. ඒත් කරුමෙ කියන්නෙ, බොලාල දැකල තියනවද අර සමහර තුවාල උනාම ඇතුලෙන් වතුර පිරිල පොඩි ගෙඩියක් වගේ ඉතුරු වෙනව. 

අන්න ඒ වගෙ මුගෙ ස්වාභාවික කුක්කු දෙක මැද්දෙන් ගෙඩියක් ඉතුරුවෙලා.. කුක්කු තුන නියමෙට තියනව.. අලන්කාරයි.. සුන්දරයි... ආකර්ශනීයයි....

එහෙනම් අපි කැපුන.. පස්සෙ දවසක ආයෙ සෙට් වෙමු...

Thursday, February 27, 2014

කරාටේ නාමයෙන් කොසු ඉදල් කැඩීම - පාසලේ විත්ති



ඉස්කෝලෙ කතා කියනකොට අපිට ලොවෙත් අමතක කරන්න බැරි පුද්ගලයෙක් තමා අපේ දීමන්ත. ඌට මොකක් හරි කරාටි වලට සම්බන්ද කාඩ් එකක් තිබුන. හැබැයි මට දැන් මතක නෑ.. බලාපල්ලකෝ තාම අවරුදු 6-7යි ගියේ.. දැනටත් මතක නෑ . තව අවරුදු 10-15ක් ගියොත් කොහොමට තියෙයිද?? (බොන අරක්කුවක් විසවී හෝ අතර මගදී බස් එකකට හැප්පී හෝ මූනු පොත සම්බන්ද පෙම් පලහිලව්වක් නිසා මේ දවස් වල ඉතාමත් ප්‍රසිද්ද සියදිවි නසා නොගත්තා යයි උපකල්පනය කර ඇත.) හෝව්.. හෝව්.. පොඩ්ඩක් ට්‍රැක් එක පැන්න. නැවත කතාවට. දිමන්තයත් IT කරන්නෙ. සමහර විට මේක දකීද දන්නෙත් නෑ.. එහෙම උනොත් සමා අවසර වෙලා නොදැක්ක වාගේ පලයන් පුතේ...

දැන් අපේ කතා නායකයා (දීමන්ත ගොයිය) ඉස්සර ඉදන්ම පොඩ්ඩක් "පොරත්වයට" ලැදියාවක් තියන ජොකියෙක්. (තාම එහෙමද දන්නේ නෑ.) ඔන්න ඔය නිසා පොර අපේ ඉස්කෝලේ කරාටි මරාටි ගුජරාටි ආදී එකී නොකී දේවල් නොසෑහෙන්න කොරා.. කොරා විතරක්නම් කමක් නෑ. පන්තියට ඇවිල්ලත් ඉන්නේ නිකන් මෝල් ගහක් ගිලපු ඇටි කුකුලා වගේ.. ඇවිදින්නේ ස්ලෝ මෝෂන්.. කවුරු හරි විහිලුවට අත පය දික් කොරොත් බ්‍රුස් ලීගේ මල්ලිගේ පුතා වගේ ගාඩ් කරනවා විතරක් නෙමේ කටින් "ෂිකා", "ෂි" වගේ සද්දත් පිට වෙන එක අලුත් දෙයක් උනේ නෑ ...

ඒවිතරක් නම් මදෑ, අතු පතු ගාන කොස්සක් ඉදලක් අහු උනොත් අර බෑන්ඩ් එකේ ඉස්සරහ ඉදන් පොල්ල කරකවන අයිය වගේ කරකවනවා, උඩ දානවා එක කෙලියයි. වැඩේ නවතින්නේ වෙන එකෙක්ගේ ඔලුවකට කොස්ස පාත්වෙලා තමා.. මේ වැඩේ මල වදයක් උනත් ඕනෙම දේක කුප්ප වර්ෂන් හොයාගන්න අපේ අතිජාත කපිලය මුගෙන් ෆන් එකක් ගන්න ක්‍රමයක් හොයාගත්ත.

දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි.. මගේ පරණ පොස්ට් කියවපු අය දන්නවා අපේ පන්තියේ පිටිපස්සේ හොදට ඉඩ තියනවා කියල. (ඔව් ඔව් ක්‍රිකට් ගහල මාට්ටු උන තැන තමා). දන්නේ නැත්නම් ඔය ලින්ක් වලින් ගිහින් කියවල එන එකයි තියෙන්නේ. වටේ පිටේ ඉන්න ඔක්කොමල ඔතනින් අයින් කරලා කල්පය එනවා මයික් එක වගේ මාකර් පෙන් එකකුත් අරගෙන සබාවට හරියට නිකන් අර රෙස්ලින් මැච් එකක මුලින් නම් කියන එකා එනවා වගේ..

කල්ප: ඔව් සහෝදර සහෝදරියනි... විශේෂයෙන්ම සහෝදරයන් නැති සහෝදරියනි, දුවලා සිටින දෙමාපියනි... දැන් මේ ඔබ සැම පුල පුලා බලාසිටි ඒ මහා කරාටි විස්කම් සංදර්ශනය ආරම්බ වීමට තව ඇත්තේ ඉතාමත් සුළු වෙලාවක්. ඇත්තටම ඉතින් මම අද අපේ සංදර්ශනය වර්ණවත් කරන කරාටි තරුව, ඇත්තටම කරාටි සුර්යයා කිව්වොත් වඩා සුදුසුයි මම හිතනවා. ඇත්තටම ඔහු ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. වැඩි කැටයම් නැතුව මම කෙලින්ම ඔහුව සබාවට කැදවන්නම් සාදරයෙන් පිළිගන්න අපේ කරාටි දීමන්ත....

මේ ඔක්කොම කලින් ප්ලැන් කරපු විදියට අපේ එකෙක් කල්පගේ අර කැමරා පොන් එකෙන් වීඩියෝ කරනවා(මේක කියවන එකෙක් ලග ඒ වීඩියෝ එක තියනවනම් එවපල්ලා. මම ඒක මෙතන අප්ලෝඩ් කරන්නම්) 

දැන් ඉතින් අපේ දිමන්තය ඉතින් ඉන්නේ පොලවේ නෙමේ 10 වෙනි තට්ටුවේ විතර (අපේ බිල්ඩින් එකේ තිබුනේ තට්ටු 3යි)  පොර ඔන්න එනව සබාවට ආඩම්බරෙන්. විහිලුවට නෙමේ.. මේ වෙන්නේ ඌ බයිට් වෙනවා කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක් ඕකට තිබුනේ නෑ ඒ දවස් වල. දැන් කොහොමද දන්නේ නෑ..

කල්ප: ඔව් දීමන්ත මහතාණෙනි කියන්න බලන්න ඔබගේ කරාටි ජිවිතයේ රන්කිරි කට ගෑවේ කොයි කාලේද කියල..

දිමන්ත : මම මොන්ටිසෝරි කාලේ ඉදන්ම කරාටි ක්‍රීඩාවේ නිරත වෙනවා..

කල්ප : අන්න බලන්න සුපෙම්වතුනි හැකියාව.. මට හොදටම විස්වාසයි මොන්ටිසෝරි දීමන්ත උනත් මට දෙකට කැඩෙන්න ගහන්න පුළුවන් තත්වෙක ඉන්න ඇති කියල.. (මේක විහිළුවක් උනාට. පොඩි ඇත්තකුත් තියනවා. අපේ ඒ කාලේ පොටෝ දැකපු කෙනෙක්ට මම මෙහෙම කියන්නේ ඇයි කියල තේරෙයි)

කල්ප: හරි අපි දැන් කෙලින්ම සංදර්ශනයට යොමුවෙමු. දීමන්ත පෙන්නනකො අපිට පොඩි කරාටි ෂොට් ටිකක්.. 

මෙන්න මූ අත පය දිග ඇරලා අර කරාටි ගහන අය කුකුල හුස්ම ගන්නවා වගේ පුම්බල හුස්ම ගන්නේ.. අන්න එහෙම කරලා කාරිය දැම්මේ නැද්ද කරාටි පාරාවක් දෙක තුනක්.. අපි හිතුවටත් වඩා දැන් වැඩේ නැගල යනවා...


කල්ප: අතිවිශිෂ්ටයි...මට අදහගන්නත් බෑ.. ඔතරම් සද්දන්ත සරිරයක් ඇති ඔබ කොහොමද මේ තරම් නම්‍යශීලි කියල. හරි දැන් අපි අපේ ඊලග අංගයට යමු..

දීමන්ත: ඒ මොකද්ද බන් ඒ??

අපි දෙන්නෙක් එක පාරටම පුටු දෙකක් සබාව මැද්දෙන් ගෙනත් තිබ්බ්බ. තව එකෙක් පන්තියේ කොස්ස ගෙනල්ල ඒ දෙක මැද්දෙන් තිබ්බ.

කල්ප: දැන් ඔබට තියෙන්නේ ඔබේ යෝද විරිය යොදල මේ කොස්ස කඩන්න.. 

මුගේ ඇස් රතු උනා.. මොකද පුටු දෙක ගොඩක් ලගින් තියෙන්නේ.. බෑ කියන්නත් බෑනේ.. පොර කොහොම හරි අපි එපා කියද්දීම පුටුදෙක සෑහෙන්න දුරකට ඈත් කරා.. ඒවිදියට තියල මැද්දට ගැහුවම කඩන්න මු ඕනේ නෑ.. 5 වසර පොඩි එකෙක්ටත් පුළුවන්. හැබැයි අපි අපේ ආතල් එක නැති කරගත්තේ නෑ ඕව කියන්න ගිහින්... මු කොහොම හරි "ෂා.. ශූ..ශී.." ගාල මැද්දට දුන්න පාරක් පොස්ස දෙකට කැඩෙන්න.. 


අපේ සෙට් එකේ ආතල් එක උපරිමේ. කට්ටිය හුරේ කියල චියර් එක.. මූ ආඩම්බරෙන් නැවෙනවා තෑන්ක් යු කියනවා එක කෙලියයි..

කොහොම කොහොම හැටි ඔහොම පටන්ගත්ත කොසු කැඩිල්ල සතියට කොසු ඉදල් 3-4 ක් අනිවා කඩෙන මට්ටමට ගියා.. අන්තිමට ජනෙලෙකින් ගලවපු විදුරුවකුත් මු කැඩුව.. එදානම් අපි ඇගේ ලේ නැතුව හිටියේ, මුගේ අතක් පයක්වත් කැපෙයිද කියල. අපිටත් ඉතින් ආතල් එකක් සෙට් උනාම බ්රේක් නෑනේ.. කොහොම හරි තුවාලයක් උනේ නෑ..(ඔය කඩපු වීදුරුවෙන් තමා මම තුමා ඇතුළු කට්ටියක් තීන්ත හීරුවේ)

තව දවසක් මූව ෆෝම් කරලා පන්තියේ ඔක්කොමල මුගේ බඩට අතට ගැහුවා හුරේ කියල.. ඒවෙලාවේ ඉවසගෙන ඉදල ගෙදර ගිහින් අම්මට කියල තෙල් ගාගන්න ඇති..

මේ කියන දිමන්තය සුනාමි වෙලාවේ කෝච්චියෙ ඉදල උගේ තාත්ත නැතිඋනා.. හැබැයි ඔය කතාව රෝටරියේ දෙය්යගේ ක්ලාස් එක ඇතුළු ක්ලාස් ගනනාවක ස්ටජ් එකට නැගල කියපු එකයි, ගියපු හැම ක්ලාස් එකකින්ම ෆ්‍රී කාඩ් ගත්ත හැටියි, ගෙදරින් දුන්න ක්ලාස් ෆීස් සල්ලි වලින් පෝන් එකක් ගත්ත හැටියි තවත් කතන්දර තමා.. පස්සේ දවසක බලමු ඒවා කියන්න.. එහෙනම් අපි කැපුන..

කතාවේ රසවින්දනය ඉහල දැමීමට යම් යම් ඉස්තාන කතෘ විසින් කතාවට ගැලපෙන ආකාරයට වෙනස් කරන ලදී කිව්වලු...

Tuesday, November 22, 2011

නොම්මර එකේ බලු කතාවක්

බලු කතන්දර අහන්න ඕනේ කට්ටිය ඉන්නවනම් වාඩි උනානම් ඔය හත් අට පොළකින්..
හොදයි හොදයි..



ඔන්න යකුනේ එකෝමත් එක විශ්වයක බල්ලෝ විතරක් ඉන්න ලෝකයක් තියෙනවලු. ඔය ලෝකේ පුංචිම පුංච් රාජ්ජයක වෙච්ච බලු කතාවකුයි මම මේ කියන්න යන්නේ ඔහේලට. ඔන්න ඔය බලු රටේ හිටියාලු එක නොම්බර එකේ බල්ලෙක්. මෙයත් ඉතින් එසේ මෙසේ එකෙක් නෙමේ.. සමහර අය හොද කියනවා , තවත් සමහරු නරක කියනවා.. අපි කාගේවත් පැත්ත ගන්නේ නැතුව ප්‍රදාන නළු බල්ලා කියල කියමුකෝ මෙයාට.

ඔය රටේම තව ඉන්නවලු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බැල්ලියෙක්. මෙයා ගැන වැඩි විස්තර නැතුව උපමා උපමේය නැතුව නිකන්ම නිකන් බැල්ලි කියල කියමුකෝ මෙයාට.



මේ රාජ්ජේ බල්ලෝ එකිනෙකා කොටගන්නා එකේ සීමාවක් නෑලු කෑම වලට. පාලන බල්ලොන්ට විරුද්ද බල්ලෝ හරි හරියට පොර කාගෙන ඔන්න කොහොම හරි පාලන බල්ලෝ පොරේ දින්නලු. අපේ ප්‍රදාන නළු බල්ලා ඔය පොරේදී  හොදට පොර කෑවා කියල තමා කියන්නේ. අපිට ඒවා වැඩක් නෑ. වැඩේ කියන්නේ පොරේ දිනලා වැඩි දොහක් යන්න කලින් මෙන්න බොලේ මේ බල්ලා පාලන බල්ලා වෙන්න පොරයක් අල්ලන්න ගත්ත. මේ කතාවට එකේ කිසි සම්බන්දයක් නෑ. මම මේ නිකමට කිව්වේ.

ලොකු බලු පොරේ ඉවර වෙනකල් ලොවෙත් හිටියේ නැති අපේ බැල්ලි සබේට එන්නේ මෙන්න මේ වෙලාවේ තමා.

කොහොමද ආවේ කියල කියනවනම් මෙන්න මෙහෙමයි වැඩේ සිද්ද උනේ. එක පාරටම කොහෙද හිටිය පරට්ට බැල්ලියෙක් බලු උසාවියේ නඩුවක් දාල අපේ ප්‍රදාන බල්ලා මෙහෙම කතාවක් කියල බලු සංහතියම පාවල දුන්න කියල. මෙහෙම කිව්වට කතාව තාම දැම්මේ නෑනේ. මෙන්න කතාව "පොරේ අන්තිම වෙලාවේ මස් කටු උස්සගෙන ආව හොර බල්ලන්ගේ බොටුවෙන් මිරිකන්න කියල මහා බල්ලා අන දුන්න"

දැන් හෙනම ගේම. ඇයි බල්ලෝ හෙනම බලු කතාවක්නේ කියල තියෙන්නේ. වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි, අපේ බැල්ලිට ඕනේ උනා බලු පත්තරේ බලු විස්තරයක් දාන්න. ඉතින් ඔය වැඩේට බලු සම්මුක සාකච්චාවක් කරන්න යන වෙලාවේ තමා මේක කියල තියෙන්නේ.

ඔන්න උසාවිය ඇහුව මොනවද තියන සාක්කි... මේ වෙනකොට මේ බැල්ලි හෙනට පිම්බිල පොමනේරියන් එකෙක් වගේ හැඩවෙලා මෙන්න මෙහෙම කියපි. "බලු සුවාමිනි, මම ලග මේ දේ කිව්ව බලු වොයිස් රෙකෝඩ් සහ බලු නෝට් ඇත.

බලු නඩු හාමි කියපි "මොනවද ඔය බල්ලට කියන්න තියෙන්නේ මේ දේ ගැන. අපේ ප්‍රදාන බල්ලා මෙන්න මෙහෙම කියපි "පොරේ අන්තිම වෙලාවේ මස් කටු උස්සගෙන ආව හොර බල්ලන්ගේ බොටුවෙන් මිරිකන්න කියල  මහා බල්ලා අන දුන්න කියල ආරංචියක් තියනවා. නමුත් එහෙම දෙයක් කරාද කියල මම දන්නේ නම් නැහැ කියලයි මම කිව්වේ. මේ බැල්ලි මේක විකුර්ති කරලා දාල තියෙන්නේ".

එතකොට බලු නඩු හාමි කියපි "නඩුව අදට කල් දානවා. ලබන නඩු වාරෙ දුන්නනම් එහෙනම් සාක්කි."

දැන් ඊලග නඩු වාරෙ ලැබුවා. මෙන්න මේ බැල්ලි කියපි "බලු සුවාමිනි, මාර වැඩේනේ මගේ බලු වොයිස් රෙකෝඩ් කරන එක එදා වැඩ කරලා නෑනේ. නෝට් නම් තියනවා"

එතකොට බලු නඩු හාමි කියපි "නඩුව අදට කල් දානවා. ලබන නඩු වාරෙ දුන්නනම් එහෙනම් සාක්කි."

දැන් ඊලග නඩු වාරෙ ලැබුවා. බැල්ලි දුන්න පොතක්. වැඩේ කියන්නේ ඔය විස්තර ලියපු බලු කොළ , පොතේ සාමාන්‍ය කොළ වලට වඩා ගනකමින් වැඩි. (හොර වැඩක් වත් කොරගන්න බෑ මේ බැල්ලිට). මේ වැඩේ පෙන්නුවා අපේ ප්‍රදාන බල්ලාගේ සහයක බල්ලෝ. බලු නඩු හාමි එක පිළිඅරන් කියපි "නඩුව අදට කල් දානවා. ලබන නඩු වාරේ දුන්නනම් එහෙනම් සාක්කි."

ඔහොම නඩු වාර කීපයක් ගියපි. අන්තිමේදී හොදම බලු දවසක තීරණය දෙනවා කියල නඩු හාමි කියපි. මේ වෙනකොට බලු උසාවිය යනු අපද්‍රව්‍ය බැහැර කරන තැනක් වැනිය වගේ නොම්මර එකේ බලු කතා කියපු අපේ පරට්ට බැල්ලි රට පැනපි.

ඔන්න තීන්දුව දෙන දවසත් ආවය කියමුකෝ..

ඔන්න බලු නඩු හාමි කියපි "ඇත්තෙන්ම බලු උසාවිය යනු අපද්‍රව්‍ය බැහැර කරන තැනක් වැනිය. ඔය ඉස්සරහ ඉන්න ඇස් බැද ගත්ත බලු කෙලි ඕනෙම කෙනෙකුට මුදල් දී සංවාසයේ යෙදිය හැක. මේ බව පෙන්වා දුන් අපේ සත්ගුණවත් බැල්ලිට අපගේ ප්‍රසාදය. තවද බලු වොයිස් රෙකෝඩ් කරන මෙව්වා එක එක වෙලාවට වැඩකරන්නේ නැති බව සැබෑය. එමෙන්ම බලු රටේ පොත් ගහන උන් කිසිම කමකට නැතිය. එක පොතේ එක එක පිටු එක එක ගනකමින් යුක්තය. මේ සියලු සාක්කි ගැබුරින් සලකා බලා මේ බල්ලව අවරුදු 3කට සහ හරක් කටු 2ක දඩයකට යටත් කරමි."

සැරදේ... සැරදේ... බලු උසාවියට ජය වේවා...

මෙහි එන නම් ගම් සිද්දීන් සියල්ල මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න. (මෙවැනි සිද්දීන් බලු ලෝකයේ පමණක් සිදුවිය හැකි සිද්දි බැවින් මෙවැනි වගන්තියක් දැමීමට අනවශ්‍ය යයි මට සිතෙන නමුත්, ඕනෙම පස්චාත් බාගයක් කියා දැමුවෙමි)



Sunday, November 6, 2011

හොද ඇපල් කන්නේ පණුවෝය.....

 
ගොඩක් දවසකින් මුකුත් හරියට ලිව්වේ නැතිනිසා මම කොලුවට හිතුන මොකක් හරි කතාවක් කාරිය දාන්න. කතන්දරනම් අනන්තවත් තිබුනත් ඒව කොටා ගන්නා වෙලාවක් නැති එක තමා වැඩේ. ඇත්තටම වෙලා නැත්තේ නෑ. ඒත් වැඩ ඇරිලා ගෙදර ආවම මොන කෙටිලිද, පිලුමක් බලල නිදාගන්න එක තරම් සැපක් නෑ ලොවෙත්.



වැඩි වැල් වටාරම් නැතුව මම අද පොස්ට් එකට බහින්නම් කෝ... ටොපික් එක දැක්කම මොන කෙහෙල ගහටද මූ හැරෙන්නේ කියල තේරෙනවනේ. ඒ කෙහෙල ගහට තමා හැරෙන්නේ. මේ ගැන නම් අනිවා බ්ලොග් පොස්ට් 1000 කට වඩා ලියවිලා ඇති. 1000 ක් ලියවිලා තියන එකේ 1001 ක් ලියඋනා කියල අව්ලක් නෑ නොවෑ කියල ඉතින් කොටනවා.

මේ "ඇපල් ගෙඩියක් පණුවෙක් කන කතාව අද ඊයේ නෙමේ අව්රුදු ගානක් පරණ නමුත් අදටත් අලුත් කතාවක්. මට මේ කතාව එක පාරටම මතක උනේ පහුගිය දවසක මම කොලුවා කන්න ගිය තැනක සාමාන්‍ය මට්ටමේ කොල්ලෙක් එක්ක ගිය සුපිරි කන්‍යාවියක්(ගිය විදිය, දැක්ක ස්ථානය සහ දැක්ක වෙලාවේ හැටියටනම් කන්‍යාවියක් කියන්න අමාරුයි) දැක්ක මගේ යාලුවෙක් හෙන දුකෙන් ඔය කතාව කිව්වා.. මොකද්ද කතාව??? "අර බලපන්කො බං, ඇපල් ගෙඩියක් කන පණුවෙක්".. හිකි හිකි..

ඔය ඇපල් පණු කතාව ඇත්ත කියල අපිටත් හිතෙන වෙලා අනන්තයි.. හැබැයි මමනම් කියන්නේ ඔය කතාව තමන්ට හොද කෙල්ලෙක් දාගන්න බැරි, එහෙමත් නැත්නම් තමන්ගේ කෙල්ලගේ ලස්සන පෙන්නේ නැති හීනමානයක් තියන උන් කියන කතාවක් කියලයි. 

අපිටත් ඔය කතාව කොල්ලෝ කීයක්නම් කියල ඇතිද?? ඔය කතාව කියන උන්ටත් ඔයකතාවම කොච්චර උන් කියල ඇතිද?? ඔන්න ඕක තමා මනුස්ස ස්වබාවය. තමන් සතු දේ කිසි අගයක් නෑ. 
 
මෙහෙම ලියන් යනකොට මට පරණ කතාවක් මතක උනා. මේ කතාවේ කතා නායකයා මේ බ්ලොග් එක බලන උබල අපි හැමෝම දන්නා, මගේ හොදම ගජයෙක්. මම මෙතන නම දාන්නේ නැති උනාට අනිවා, අපේ දමිත් කොට හරි, මෝල හරි යටින් දානවා සුවර්.. 

ඔන්න දවසක් මූ බස් එකේ මුගේ කෑල්ලත් එක්ක පන්ති යනවලු. මුන් දෙන්න බස් එකේ මැද හරියේ වැඩිවෙලා උකුළු මුකුළු කරන් යනකොට මුට පේලි දෙක තුනක් පස්සේ හිටගෙන හිටිය කොල්ලෙක් උගේ යාලුවට කියනවලු අපේ ටොපික් එකේ කතාව.. මොකද්ද?? "බලපන්කො බං ඇපල් ගෙඩියක් පණුවෙක් කන හැටි.. අයියෝ සල්ලි.." 

මගේ ගජය ඉතින් ලව් සික් එකේනේ මුට ඔය කතාව ඇහිලා නෑ. නමුත් මුගේ කරුමේ කියන්නේ අර කොල්ලෝ දෙන්න හිටන් හිටිය තැන වාඩිවල ඉදල තියෙන්නේ අපේ තවත් යාලුවෙක්. මුට දැන් කතාව ඇහිලා, මුට පස්චාත් බාගයෙනුත් හිනාලු අර කොල්ල කියපු විදියට. 

ඔය අනිත් යාළුවා මුත් එක්කම බස් එකෙන් බැහැල කිසිදෙයක් කියන්නේ නැතුව පන්තියේ ඉන්ටවල් එක වෙලාවේ මුළු කැන්ටිමටම ඇහෙන්න ඔය කතාව රගපාල කියන්න තරම් නිහතමානී උන එක ගැන අපි ඇත්තටම අගය කරන්න ඕනේ... 

ඉතින් එදා ඉදන් මගේ මේ ගජය කිසිම එකෙක්ට විරුද්දව බයිකට කට අරිනවා බොරු.. පොඩ්ඩක් කට ඇරියොත් ඇපල් පණු ජාතකේ කරලියට ඇවිල්ල බයිට් එක මුගේ පැත්තට එනවා..

ඔන්න බලාපල්ලා ලංකාවේ කොල්ලන්ගේ කුහකකම සහ හීනමානය...
 
හැබැයි ඔය කියන මගේ යාලුවටනම් ඇපල් පණු ජාතකේ ලෙසටම ගැලපෙනවා කියල තමා "රට්ටුයි, ලෝකයෝයි කියන්නේ.. අනේ මමනම් නෙමේ ඔන්න ඕව කියන්නේ...

 එහෙනම් අපි කැපුන.... ජය වේවා...

Thursday, October 13, 2011

ADK කොලුවාගේ යාල සවාරිය.. - 2


සෑහෙන්න කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. මේකේ දැන් මකුළුදැල් විතරක් නෙමේ අලි කොටි වලස්සුත් ඉන්න කැලයක් වැවිලා.. හිකි හිකි 

ඔන්න එහෙනම් යාල සවාරියේ දෙවෙනි කොටස ලියන්නයි යන්නේ.. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්න. මොකද ඉන්න සෙට් එක දන්නේ නැතුව ඉස්සරහට යන එකේ හිලක් තියෙන්නේ පුළුවන්.

වැඩි කතා ඕනේ නෑ,,



කොහොමෙන් කොහොමෙන් හරි කට්ටිය කලින් කතා උනේ හෂුලගේ ගෙදර ගාවින් (බස් කාරය ඉන්නේ එතන) ගමන 5.30 වෙන කොට පටන් ගන්න. කතා උනා වගේ මම කොලුවා සහ අයියන්ඩි 5.30 වෙනකොට එතනට ආව. (මම වෙලාවට වැඩක් කරාමද කොහෙද.) පැලවත්තේ හන්දියට ඇවිත් දුන්න හෂුලයට කෝල් එකක්.
"මචන් මම දැන් මේ එන්න එලියට බහින්න හදන්නේ.." එලම කිරි අනිවා මූ තාම මුණ හොදලවත් නෑ. හිටපන්කෝ ඉතින්. ඔන්න විනාඩි 10ක් විතර ගියා. ආයෙත් දුන්න කෝල් එකක්.
"මේ අම්ම පරිප්පු එකක් හැදුව බන් ඒක දුම් දාද්දි පියන වැහුවොත් ඉක්මනට නරක වෙයිලු. හිටපන් ටක් ගාල එන්නම්. මේ නදුනය දැන් ඒවි ඌවත් තියාගනින්. බස් එක ආවනේ??"
බස් එකනම් තියනවා, එත් මූත් නෑ, නදුනයත් නෑ, වෙලාව 5.50 යාන්තන් හෂුලය එනවා කිරි කිරියට.. එල, එත් කෝ නදුනය.
"ඌ තාම මගලු. මට දැන් කෝල් එකක් දුන්න. උගෙත් අම්ම මස් එකක් හදල දීල එක ටිකක් පරක්කු වෙලා.."
කොහොමද කොල්ලොන්ගේ ලස්සන බොරු සෙට් එක...විනාඩි 5 කින් විතර මෙන්න නදුනය එනවා බයික් එකක් පියාණන් එක්ක රුන් ගාල. මු අතින් කටින් උස්සගෙන. ඇදුම් බෑග් එකයි, මස් එකයි , බොන්ගෝ එකකුයි. ආව හැටියේ ගමන පටන් ගත්ත. එල කිරි මම හිතුවේ නෑ ලොවෙත් 6.30 න මෙහා පටන් ගන්න පුළුවන් වෙයි කියල. දැන් හුරේ කියල යනවා. පැටියයි , පුට්ටුවයි ඉන්නවලු මහරගම. දෙයියනේ කියන්නේ මුන් දෙන්න  වෙලාවට එතන. බැලින්නම් පැටියට  ට්රිප් එකේ  කික් එකට රෑ නින්ද ගිහින් නෑ. ඊකයි වෙලාවට ඇවිල්ල තියෙන්නේ.

දැන් තියෙන්නේ කොට්ටාවෙන් අනිත් සෙට් එක ගන්න. කට්ටියම චුවාගේ  ගෙදර සෙට් වෙලාලු. කෙලින්ම ගියා චුවාගේ ගෙදර. බස් එකේ  ඉදන් කොල්ලෝ කෑගහනවා "චුවො වරෙන් වරෙන් යමු &^%*^&%*&@ ගෙවල් පැත්තේ මිනිස්සුන්ට කනට නිකන් මුතු වැටෙනවා වගේ  ඇති. උදේ පාන්දර කට්ටිය කුණු හබ්බ පලනවා. චුව ටක් ගාල ලොකු වතුර බුලි දෙකකුත් අරන් ආව. මුගේ ගෙදරට කොටා , ශගිය සහ නදිය සෙට් වෙලා. පිස්සු හැදෙනවා කෑම හොයාගත්ත කාලේ වගේ. දවස් 3 ටම හරියන්න එක එක ජාති. මස් , මාලු, සොසේජස් , බිස්කට් , පරිප්පු , සන්විච් එකී නිකී හුගක් දේවල්. ඔය අතරේ චුව කලින් පොරොන්දු උන ස්වීට් එහෙමත් ගෙනල්ල තිබුන. කොහොම හරි සෙට් එක දාගෙන දැන් යනවා අපේ නළුවව ගන්න. නළුවා කලින් දවසේ දුර මළගෙදරක ගිහින් කොලබ ඇවිල්ල තියෙන්නේ උදේ 4.00 ට ගෙදර ඇවිත් නාල ඇදුමක් දාගෙන 6.00 ඉදන් පාරෙලු. දැන් වෙලාව 6.40 විතර. අනේ සාදු.. ඊ ලගට හෝමාගමින් මෝලව ගන්න තියෙන්නේ. අම්මට සිරි කිව්වලු. මෝල ඩෙනිමක් ගහල මදිවට කොන්ඩෙත් ජෙල් කරලා. නිකන් මනමාලියක් බලන්න යනවා වගේ. ඔන්න ඔතනින් අපේ බයිට් කිරිල්ල ඇරබුනා.

මෝල හුරේ කියල කුණු  හරුප හොයාගත්ත කාලේ වගේ අම්මගේ ඉදන් මුනුපරාල  දක්වා මතක් කරනවා සෙට් එකේ. දැන් ඉන්නේ දිලුමව ගන්න. දමියට පින්සිද්ද වෙන්න ගොඩගමට යනකල් දිළුම දන්නේ නෑ. හෝමාගමදී කෝල් එකක් දෙන්නම් කියල කොටා කිව්වලු.

දිළුම කොටාගේ දෙමාපියන් උදේ පාන්දර ආදරයෙන් මතක් කරමින් පයින් ගාටන කොට අපි මගින් ගත්ත. ඊ  ලගට ඉන්නේ අපේ මෑන් ඔෆ් ඩ සීරිස්ව ගන්න තියෙන්නේ. ඒ කියනේ කච්ච. මූ ඉන්නේ ඩොටට පොඩ්ඩක් එහා. හුරේ කියල කොලබ ඉදන් පැය 3 ක විතර දුර. ට්‍රිප් එකක් යනවනම් කියාපු පැත්ත. ලොල්ය.

මු ගෙදරට කියල තියෙන්නේ අපේ ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් එකක් යනවා කියල. (මාස කීපයකට කලින් මු අපේ ගෙදර අයත් එක්ක ට්‍රිපක් ගියා. මේ සැරෙත් අපේ ගෙදර තමා විකුණලා තියෙන්නේ.) බස් එක නවත්තල අපේ කට්ටිය වැඩිය කෑගැහුවේ නම් නෑ.. 


කච්ච දුවල එනවා රයිස් කුකර් එකකුත් උස්සගෙන. මුගේ ගෙදර බත් ගේන්න ලොකු බාජනයක් නෑ කියල රයිස් කුකර් එක පිටින්ම උස්සගෙන ඇවිල්ල. ඔය අතරේ මුගේ තාත්ත ඇවිල්ල බස් එකේ අපේ පවුලේ කට්ටිය හොයනවා. කොහොම හරි ඒක ශේප් කරගෙන යන්න පටන් ගත්ත.

දැන් නග්ගගන්න උන් නග්ගගෙන ඉවරයි (කුප්ප කතා හිතන්න එපා. නග්ගගන්න උන් කිව්වේ , බස් එකට. චිකෙයිය සමනල්ලු..) දැන් බස් එකේ කට්ටිය හුරේ කියල යනවා. ඔය අතරේ එක එක රස කතා යනවා බස් එකේ. කච්ච යාලට යන පාර ඇතුලත් ගුගල් මැප්ස් ප්‍රින්ට් අවුට් ටිකක් ගහගෙන ඇවිත්. වැඩේ හොදයි උනාට බයිට් කොරන්න කියාපු වැඩේ. 
ඔය අතරේ හයි වේ එක ඇරියට පස්සේ කට්ටියම ගාල්ලට යමු කිව්වම , අපේ අයියන්ඩි "වාහන වලින් හොදේ.." කිව්වේ නිකන් අපි හයි වේ එක අයිනෙන් පයින් යන්න කතා උනා වගේ. 
කච්ච පුරුදු ඉස්සරහ සිට එකේ වාඩි උන ගමන් ඩ්‍රයිවර් අයියගේ ඕනා එපාකම් පිරිමහ ගන්න කච්චව දෙන්න තරම් අපේ අය නිහතමානි උනා. ලොල්ය.. මගදී තේ කඩේකින් නවත්තපු වෙලාවේ රුපියල් 10 ප්ලන්ටියකින් අපේ නළුවා අලුතින්ම ගත්ත 1500 කලිසම හොදගත්ත. (ඔය නළුවට උන මුල්ම අකරතැබ්බය.. තව ගොඩක් තියනවා ඉස්සරහට )

කොහොමෙන් කොහොමෙන් හරි රත්නපුරට ආව. රත්නපුරේ කාගිල්ස් එකේ නැවැත්තුව බඩු ගන්න. බඩු කිව්වේ කන "බොන " ජාති. ඔය වෙලාවේ තමා අපේ හෂුලය ෆෝම් උනේ. මු නිකන් කාගිල්ස් හොයාගත්ත කාලේ වගේ. 

දකින දකින දේ දාගන්නවා. මම කොලුවා ඉතින් ඕව දන්නේ නෑනේ. දන්නා දේ වෙන "බොන " ජාති අඩුවක් නැතුව ගත්ත. (පස්සේ බඩු මදි උනා එක වෙනම කතාවක්. කවද්ද ඉතින් අපිට බොන එව්වා ඇති උනේ.. හිකි හිකි ) ඔය අතරේ ශගිය එල්ලලා තියන මිදී තියෙන්නේ ටෙස්ට් කරන්න කියා කියා හුරේ කියල මිදී කනවා.

කාගිල්ස් එකේ උන දේවල් තව ගොඩක් තියනවා. ඒ කතා අපේ ජොන්ටන්ගෙන්ම ආවනම් වඩා හොදයි කියල හිතන නිසා මම නවතිනවා. පල්ලෙහායින් ඔය කතා ටික අපේ කොල්ලෝ ටික දිග ඇරියනම් එකින් එක.

දැන් පොස්ට් එක ගොඩක් දිගයි. තාම ගමන පටන් ගත්තෙත් නෑ... යකෝ මේකට පොතක් ලියන්න පුළුවන් වෙන කෙස් එකක් තියෙන්නේ. දැන් ඇති අදට මම කැපුන.. ඊ  ලග කොටසින් අයෙත් හම්බ වෙමු...

Thursday, August 25, 2011

ආතල් ප්‍රශ්න... (පුළුවන්නම් දෙන්න උත්තර.. ඔට්ටුයි බෑ)


අද මම අහන්නේ ෆුල් ආතල් ප්‍රශ්න ටිකක්. මේවට බොක්කෙන් හිතන්න යන්න එපා. ආතල් විදියට ෆන් එකේ උත්තර හොයන්න. ෆන්ම උත්තර දුන්න කෙනා තමයි දිනන්නේ... හැම එකකටම ලස්සන ප්‍රැක්ටිකල් උත්තර තියනවා...සමහර ඒවාට ඒක පාරටම උත්තරය පේනවා. වැඩිය ස්මාට් වෙන්න ගිහින් වරද්දගන්නවා එහෙම නෙමේ...

1) කැන්ගරුවෙක්ට(Kangaroo) අයිෆල් කුලුනට(Eiffel tower) වඩා උඩ පනින්න පුලුවන්ද??  (උත්තරයට හේතුව දක්වන්න)

2) තනිකඩ ජිවිතයේ ඇති වඩාත්ම සුවිශේෂී වාසිය කුමක්ද?

3) මුදල් රහිත ආදරයක් අත්විදිය හැකිද??

4) පොටෑසියම්, අයන්, නිකල් (Potassium, Nickel, Iron) යන සංයෝග තුන බාවිතයෙන් සාදා ගත හැකි ආයුධය කුමක්ද?

5) ලෝකයේ සිටි කම්මැලිම මිනිසා කවුරුන්ද??

6) අපට ඉර(Sun) දැකිය හැක්කේ දවල්ට පමණි. රාත්‍රියට ඉර(Sun)  නැත. මිට හේතුව කුමක්ද?

7) පිනිමට නොහැකි මාළුවා(Fish) කවුරුන්ද?

8) හොදින් වැඩුණු අලියෙකු(Elephant) මිනි කුපරයක් තුලට ඇතුළුවන්නේ කෙසේද?

9) බලපත්‍ර නැති වුවද තවමත් රාජකාරි කරන රියදුරා(Driver) කවුරුන්ද?

10) පරිගණකය යනු ලැජ්ජාවක් නැති (Shameless) යන්ත්‍රයකි. මෙට හේතුව කුමක්ද?

එහෙනම්  අපි කැපුනාවේ.....

Tuesday, August 23, 2011

බහිරවයා (කුජීතය)


මේක මට ලගදී ආව ඊයක්. මේකේ මම කිසිම වෙනසක් කරලා නෑ. සිංහලෙන්ම තමා ආවේ . ඒ කියන්නේ අපේ කවුරු හරි තමා ලියල තියෙන්නේ . ආපු ඊයේ කතාව ලියපු කෙනා ගැන තිබුනේ නෑ. ඒ  නිසා මට link එකක් දාන්න බෑ. නමුත් මේකේ ගවුරවය  ලියපු කෙනාට යන්න ඕනේ. කතාව ෆුල් ෆන් . ඒ නිසා කියවල නැති අය සමග ෆන් එක බෙදාගන්න මම මේක දානවා.



 

කියවන්න අමාරුනම් අදාළ කොටස උඩින් click කරන්න. ලොකුවට පෙනේවි. මම ටයිප් කරේ නැති නිසා ලොකුවට දාන්න බෑ.

Friday, August 19, 2011

අම්මට හු***** (15+)

අම්මට හු***** (15+)




මේ දවස් වල වැඩිය ලියන්නේ නැති එක ගැන තරහ වෙන්න එපා. වැඩිය නොලියන්න හේතුව මෙතනින් ගිහින් බලන්න. ගොඩක් අය බුකියේ, ඊයවල් වගේම කෝල් කරලා හිට මොකද්ද බන් මොනවා හරි ලියපන්කො කියල කිව්වා. ඔයාල කියන දේ අහක දාන්න බැරි නිසා ඔන්න ලියනවා.

මම කොලුවා පහුගිය සති අන්තයේ යාල කැලේ සවාරියක් ගියා. (රනිල්ගේ තොප්පිගල කැලේ වගේ නෙමේ යාල) ගියේ මගේ ඉස්කෝලේ ගජයෝ සෙට් එකත් එක්ක. මේ දවස් වල එකේ විස්තර කතාවක් විදියට ලියනවා. තාම ඒක ඉවර නෑ. ඒ මගුල පට්ට විදියට දික් වෙනවා. (වැඩිය මඩ එහෙම නෑ එකේ. හිකි හිකි ) ඒක එනකල් මේ කතාව දාන්න හිතුව.

ඔයාල හැමෝම දන්නවා මම මගේ බ්ලොග් එකේ කුණුහරප දාන්නේ නෑ . නමුත් මේ කතා සෙට් එක දාන්න හිතුවේ පට්ටම ආතල් නිසා. මේ සෙට් එක ඇහුවෙත් ඔය යාල ගමනේදීම තමා. අහපු හැටියේම මම හිතා ගත්ත අනිවා දානවා කියල.

ටොපික් එක දැක්කම දන්නවනේ මොකක් ගැනද කියන්න යන්නේ කියල. ඇත්තටම මම කියන්න යන්නේ ඔය "අම්මට හු...." කියන වචනයේ නොයෙක් රසවත් යෙදීම් කීපයක්. කොල්ලෝ ඉන්න තැන්වල නිතරම යෙදෙන වචන දෙකක්නේ මේක..

පළමුවෙනි යෙදීම යාල ඇතුලේ හොදට බිල ඉන්න වෙලාවක අපේ සෙට් එකේ උසම කොටා සහ හැමවෙලේම ඌට කලින් කට දුවන දමිත් කිව්වේ,

ඔන්න එක ගමක ටිකක් විතර චන්ඩි කොල්ලෙක් හිටියලු. දවසක් මුගේ ගෙදරට වෙන සෙට් එකක් ඇවිත් මුට නෙලන්නං. මු ඉදල තියෙන්නේ කාමරේ. කොල්ලෝ සෙට් එක එළියේ ඉදන් කෑගහනවලු

"අඩෝ %##^&^ (සමනලය) එලියට වර ඩෝ"
වගේ කතා කිය කිය. ඕක මුලින්ම ඇහිලා තියෙන්නේ උගේ තාත්තට. තාත්ත එලියට ඇවිත් දැන් මේ කොල්ලෝ සෙට් එක ශේප් කරන්න බලනවා. ඔය අතරේ අර චන්යට මේක ඇහෙනවා, මු එනවා එලියට, ඇවිත් සෙට් එක දැකල තාත්තට මෙන්න මෙහෙම කිව්වලු,
"තාත්ත යන්න තාත්තේ ඇතුලට අම්මට හු*****, මම බලාගන්නම් මුන් සෙට් එක ගැන"

මේ දෙවෙනි යෙදීම, මේක කිව්වේ කවුද  මතක නෑ . කොටාමද  දන්නේ  නෑ. ඔන්න කොල්ලෙක්ගේ (ටිකක් පම්පෝරි  කාරයෙක්) තාත්ත මැරුනලු. දැන් මළගෙදර කටයුතු එහෙම ඉවර වෙලා සතියකින් විතර මුට මුගේ පරණ යාලුවෙක් සෙට් උනාලු. විස්තර කතා කරන අතරේ තාත්තගේ මරණේ ගැනත් කිව්වම, යාළුවා කිව්වලු "මොකද්ද බන් කෝල් එකක් දුන්න නම් එනවනේ . තියන වැඩක් පලක් කරලා දෙන්න හරි... උබනම් මාර මිනිහෙක් තමා..."

ඔන්න අරුගේ පම්පෝරි ගුණය මතු උනාලු . මු මෙහෙම  උත්තරයක් දුන්නලු යාලුවට.
"කොහේ කෝල් කරන්නද බන්, තාත්තගේ මරණේ ආරංචි උනා විතරයි ආවේ නැද්ද සෙනග අම්මට හු******, හරිම අමාරුවෙන් බන් කට්ටියව හැඩල් කරේ.."

දැන් තුන් වෙනි යෙදීම, මේක ඇහුනේ අපි සෆාරිය යන අතරේ . අපිට සෆාරියේදී දෙපාරක් අලි ගහන්න ගිහින් නොමැරී බේරුනා. ඔය එක අවස්තාවක තමයි මට මේ කතාව ඇහුනේ . දැන් අලියා පාර අයිනේ ඉදන් පිබ පිබ ඉන්නවා. අපේ සෆාරි කාරයත් අපිට ආතල් දෙන්න අලියව කුලප්පු කරනවා. පිබ පිබ හිටපු අලියා එක පාරටම ආවේ නැතා වාහනේ දිහාවට. ඕක දැක්ක අපේ ජෝන්ටෙක් මෙන්න මෙහෙම කියපි.
"අම්මට හු**** අලියා එනෝ...

ඔය වගේ කොල්ලෝ සෙට් එකක් ඉන්න තැන ඔය වචනේ හරි ලස්සනට යෙදෙන  අවස්ථා තියනවා. මේ කීපයක් තමා මම ලිව්වේ . මේ වගේ කතා අනන්තවත් තියනවා.

හපොයි... දැන් හොදටම ඇති... එහෙනම් අපි කපුනාවේ....

Tuesday, July 26, 2011

බල්ලගේ වටිනාකම...

අදත් මම කියන්න යන්නේ වැඩිය දිග නැති ආතල් කතාවක්. මේක මම දැක්කේ එක ජෝක් තියන සයිට් එකක.

ඔන්න දවසක් මිනිහෙක් ගමනක් යනකොට පාරේ මරණයක් ගෙනියන අවමංගල්‍ය පෙරහැරක් දැක්කලු. ඇත්තටම එතන මරණ දෙකක්. එකම පවුලේ වගේ. මරණය පිටිපස්සෙන් හොදට හැදිච්ච මරුමුස් පෙනුමක් තියන බල්ලෙක් යනවලු. ඌට පස්සෙන් මිනිහෙක් හෙන හයියෙන් අඩ අඩා යනවලු. මේ ඔක්කොටම පස්සෙන් මිනිස්සු 200-300 විතර ලොකු පිරිසක් යනවලු.


හොදට මිනිස්සු ආශ්‍රය කරන වැදගත් පවුලක කෙනෙක් වෙන්න ඇති කියල අර මිනිහත් හෙමිට ලංවෙලා අර අඩ අඩා ගියපු මිනිහගෙන් ඇහුවලු

මිනිහ 1: “මහත්මයා, ඔය ඉස්සරහ තියන හර්ස් එකේ ඉන්නේ කවුද?

මිනිහ 2: “ඒ මගේ වයිෆ්. ඔය ඉස්සරහින් යන බලු තඩිය මගේ වයිෆ්ව කෑවනේ මැරෙන්නම. අයියෝ මගේ රත්තරන් ඔයා නැතුව මට ඉදල වැඩක් නෑ...” (හයියෙන් අඩනවලු....)

මිනිහ 1: “මගේ කනගාටුව මහත්මයා, එතකොට ඔය දෙවෙනි හර්ස් එකේ ඉන්නේ කවුද?

මිනිහ 2: “ඒ මගේ නැන්දම්මා. ඔය ඉස්සරහින් යන බලු තඩිය මගේ නැන්දම්මාවත් මැරෙන්නම කෑවනේ. අයියෝ නැන්දම්මේ ඔයා නැතුව මට ඉදල වැඩක් නෑ...” (හයියෙන් අඩනවලු....)

මිනිහ 1: “අප්පා.. ඒකත් එහෙමද??.. එහෙනම් මහත්තයෝ කරුණාකරලා මට ඔය බල්ල දෙන්න පුලුවන්ද දවසකට??

මිනිහ 2: අඩන එක නවත්තල සාක්කුවෙන් මොනවද අරගෙන “මෙන්න මේ නොම්බරේ තියාගෙන ඔය පස්සෙන් එන පෝලිමේ පස්සටම එකතුවෙන්න මහත්තය” කියල නොම්මරයක් ලියපු තුන්ඩු කෑල්ලක් අර මිනිහට දීලා ආයෙත් අඩන්න පටන් ගත්තලු...

Sunday, July 24, 2011

ඩෙඩ් ලොක්... Dead Lock!!!....(ලොල් සහගතය)

මේකත් මට ආපු සුපිරි ඊයක්.. සුපුරුදු පරිදි මම පරිවර්තන ජොබ් ඒක ඔයාල වෙනුවෙන් කරාලු ඔන්න..

කොම්පුටර් කොරන අයනම් දන්නවා මේ ඩේඩ් ලොක්... Dead Lock!!! කියන වචනේ තේරුම. ඔයාල දැනට දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක කියවල ඉවර උනාම අනිවා දැනගනී.

ඔන්න කොම්පුටර් ඉගෙන ගන්න කොලුවෙක් පන්තියේ සෑර් කාරයාගෙන් ඇහුවලු සෑර් මොක්කයි මේ "ඩේඩ් ලොක්"  කියන්නේ..

සෑර් සුපිරි ඩයල් එක. මිනිහ උදාහරණයකින් වැඩේ කියල දුන්න මෙන්න මෙහෙම.


ඔන්න කොම්පැනියක ලොක්ක තමන්ගේ පවුද්ගලික ලේකම් කෙලීට කතා කරලා කියනවා  
"කෙලී, අපිට ලබන සතියේ බිස්නස් ටුවර් එකක් යන්න තියනවා. ඒකට ඕනේ කරන දේවල් ලෑස්ති කරන්න."

කෙලී එයාගේ මිනිහට කෝල් කරනවා  
"මේ මම ලබන සතියේ අපේ බොස් එක්ක රටින් පිට යනවා. ඔයාට ලබන සතියේ තනියෙන් තමා ඉන්න වෙන්නේ"

මිනිහ උගේ හොර ගෑණිට ගන්නවා කෝල් එකක්  
"පැටියෝ.. මගේ වයිෆ් ලබන සතියේ රට යනවා. ඔයාටයි මටයි සතියම නිදහසේ ජිල්පුටුස් දාන්න පුළුවන්"

හොර ගෑනි ගන්නවා කෝල් එකක් එයා පවුද්ගලික පන්ති කරන ළමයට
"ළමයෝ ලබන සතියේ මට වැඩ ගොඩක් තියනවා. මට පන්ති කරන්න වෙන එකක් නෑ."

ළමය ගන්නවා කෝල් එකක් එයාගේ සීයට (ළමයාගේ සීය අපේ කතාවේ මුලින්ම එන බොස්)  
"සීයේ මගේ මිස්ට ලබන සතියේ වැඩ වගයක් තියනවලු. මට පන්ති නෑ. මම සීයත් එක්ක සතියම ඉන්නම්"

දැන් බොස් කතා කරනවා අර ලේකම් කෙලීට  
"කෙලී, මගේ මුණුපුරාට ලබන සතියේ පන්ති නෑලු. මම එයා එක්ක සතිය ගත කරනවා. අර ගමන කැන්සල් කරන්න"

කෙලී කෝල් කරනවා එයාගේ මිනිහට  
"මේ, අපරාදේ අප්පා, ගමන කැන්සල් උනා. අපි යන්නේ නෑ රට"

මිනිහ ගන්නවා කෝල් එකක් හොර ගෑණිට  
"බලන්න රත්තරන්, ගමන කැන්සල් වෙලාලුනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපි වෙන විදියක් බලමු"

හොර ගෑනි ගන්නවා කෝල් එකක් ළමයට  
"ළමයෝ මම මගේ වැඩ ටික පොඩ්ඩක් වෙනස් කරා. ඔයාගේ විභාගේත් ලගනේ. පන්ති තියනවා."

ළමය ගන්නවා කෝල් එකක් එයාගේ සීයට 
"අයියෝ සීයේ, අපේ මිස් කිව්වා පන්ති තියනවා කියල. මට එන්න වෙන්නේ නෑ"

දැන් ආයෙත් අර බොස් කතාකරනවා ලේකම් කෙලීට  
"කෙලී, මුණුපුරාගේ පන්ති තියනවලු. දැන් ප්‍රශ්නයක් නෑ. අර ට්‍රිප් එක ලෑස්ති කරන්න. අපි ලබන සතියේ යනවා..."

ඔන්න ඕකට තමයි ඩේඩ් ලොක් කියන්නේ... උදාහරණ වලින් පාඩම් කියල දෙන එක ගැන අපේ මධුරංග අයියත් පහුගිය දවසක දැම්ම සුපිරි පොස්ටුවක්. මෙතනින් ගිහින් ඒකත් බැලුවනම්. කොමෙන්ටුවක් දාන්න අමතක කරනවා එහෙම නෙමේ...

Friday, July 22, 2011

ඉන්ටව් එකකින් තේරෙන්න ඕනෙනං මෙහෙම උත්තර දෙන්න..

මේක මට ආව ජොලි ඊයක්. සුද්දගේ බාසාවෙන් තිබුනේ. පුරුදු විදියට සිංහලෙන්, ලුණු අබුල් දාල ඔන්න මම කොටනවා. කියවලම බලන්නකෝ..
 
 
ඔන්න පුද්ගලයෙක් ඉන්ටව් එකකට ගියාලු. දැන් ඉතින් ඉන්ටව් එකේදී මුලින් විස්තර අහල ඉවර වෙලා හරියට ඉන්ටව් ඒක පටන් ගන්න හදන්නේ.

ඉන්ටව් කරන කෙනා: හොදයි.., මම දැන් හදන්නේ ඔයාගේ භාෂා පිළිබද දැනුම පරීක්ෂා කරන්නයි.

අයදුම්කරු : හොදමයි සෑර්.....

ඉ.ක.කෙ. : කියන්න බලන්න මේ වචන වල විරුද්ධ පද.. “හොදයි”

අයදුම්කරු: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... “නරකයි”

ඉ.ක.කෙ.: එන්න..

අයදුම්කරු: යන්න..

ඉ.ක.කෙ.: කැත..

අයදුම්කරු: හුරුබුහුටි..

ඉ.ක.කෙ.: හුරුබුහුටි???

අයදුම්කරු: කැත..

ඉ.ක.කෙ.: කට වහනවා..

අයදුම්කරු: දිගටම කතා කරනවා..

ඉ.ක.කෙ.: හරි, දැන් මේ ඔක්කොම නැවත්තුවනම්..

අයදුම්කරු: දැන් මේ ඔක්කොම දිගටම කරගෙන ගියානම්..

ඉ.ක.කෙ.: අඩේ.. උබට මම කිව්වේ කට වහගන්න කියල නේද? කටවහගනින්..

අයදුම්කරු: අඩේ.. උබට මම කිව්වේ කතා කරන්න කියල නේද? කතා කරපන්..

ඉ.ක.කෙ.: අනේ යාලුවේ..

අයදුම්කරු: අනේ හතුරෝ..

ඉ. ක.කෙ.: පලයන් එලියට..

අයදුම්කරු: වරෙන් ඇතුලට..

ඉ.ක.කෙ.: අනේ දෙවියනේ...

අයදුම්කරු: අනේ යකුනේ..

ඉ.ක.කෙ.: ඔබව තෝරාගන්නේ නෑ.. කනගාටුයි..

අයදුම්කරු: මාව තෝරගත්ත.. බොහොම ස්තුතියි සෑර්..!!

අපි කැපුන එහෙනම්..

Thursday, July 14, 2011

කොළබ ආසන්නයේ බ්ලොග් කරුවන් සූ... ගා අද සෙට් ඌ වගයි....


කොළබ ආසන්නයේ සිටිනා බහුතරයක් බ්ලොග් කරුවන්ගෙන් ඉතාමත් සුළු පිරිසක් ඉතා අමාරුවෙන් සෙට් ඌ වගයි.

කට්ටිය සෙට් වෙනවා කිව්වම මම කොලුවත් ගියා මොකද ඉතින් ලොකු ලොකු බ්ලොග් කාරයෝ සෙට් වෙලා පොඩ්ඩක් අනුමත වෙලා එහෙම එන්න හිතාගෙන. උදේම මගේ වයිපරේවත් දාගෙන මම කොලුවාගේ පොඩි වාහන කට්ටෙන් ගියේ නැතා ගෝල්ෆේස් එකට. 

දුන්න කෝල් එකක් දිලිපයට 

" මචං මම මේ මට දැනෙන දේ.... ලියන ADK කොලුවා කතා කරන්නේ. උබල කොහෙද??"

"අහ්හ්.. මචං ගෝල්ෆේස් ඒකේ අර පාලම තියන තැනට වරෙන්. අපි එතන ඉන්නවා."

මමත් ගියාලු ඉතින් එතනට. පාලමේ හෙන සෙට් එකක් ඉන්නවා. මට නිකන් පික්සු වගේ. ඇයි ඉතින් මම කාවවත් දන්නේ නෑනේ. එතැනදී ආයෙත් කෝල් එකක් දුන්න. 

"කෝ මචං උබ." 

"ඔතන හිටපන් මම කළු කිට් එකක් ඇදන් ඉන්නේ. මම එන්නම්."

මෙන්න බොලේ ඈත ඉදන් එනවා කෙට්ටු සුදු ජොන්ටෙක්. 
"හලෝ මචං මම දිලීප."

"හලෝ හලෝ.."

වරෙන් කට්ටිය අතන ඉන්නවා. මමත් ඌ පස්සෙන් ගියේ නැතා.. අම්මට සිරි සූ.. ගාල තව 5 දෙනෙක් ඉන්නවා. මට පොලව පලාගෙන යන්න හිතුන. දැන් ඉතින් ආයෙත් යන්නය කියලද?? ඉතින් ඉවසන් හිටිය. ඇවිල්ල ඔය නෙයෙකුත් වල් පල් සහ දැන ඇදුනා ගැනීම් මෙන්ම දිලීප, උදිත සහ නගාගෙ මඩ සමග (මම සාමාන්යෙන් ගොඩක්ම බොක්කවල් වලට ඇරෙන්න මඩ ගසන්නේ නැති නිසාත්, මේ සෙට් එක තවම මගේ ගොඩක්ම බොකු නොවන නිසාත් මම ඔය මඩ ගැසීමෙන් වෙන්ව සිටිමි. නගා, ඉෂාර සහ චාටර් කොලුවා ඇති තාක් මඩ ගසනු ඇත.)  ටික වෙලාවක් හිටිය.  ඔය අතරේ තමන් ගැන, තමන්ගේ බ්ලොග් ගැන, බ්ලොග් කෙරුවාවේ ඉතිහාසය ගැන කට්ටිය තම තමන් හදුන්වා දුන්න.

වැඩේ කියන්නේ චැට් ඒකෙ බල්ටි ගහන චාටර් කොල්ල නිකන් පෝය දවසේ සිල් අරන් වගේ.. කිසි සද්දයක් නෑ (වැඩි දුරත් මඩ සදහා මම අනිත් අයට ඉඩ තබමි).

කොහොම කොහොම හරි මම තමයි එතන හිටිය ලොකුම(වයසෙන් වැඩිම) ජෝන්ට. ඔන්න ටිකකින් තවත් හීන් දෑරී හුනෙක් වගේ ජොකියෙක් පාත් උනා. මු සුලගිල්ල ලියන පවිය කියල පස්සේ දැනගන්න ලැබුන.
මුගේ බ්ලොගය වගේම මු චාටර් බුවෙක් බව කට්ටියගේ කතාවෙන් තේරුණා.

කට්ටිය හිටගෙන උස යන්න වගේ ඉදිල්ලේ වැඩක් නැති නිසා ගියා පොඩ්ඩක් ඇවිදන් ඉස්සරහට. ඔතනදි මගේ හක්කේ තිබු ගැලවෙන්නට තිබුන දත් දෙකක් විතර කිසිම අව්ලක් නැතුව ගැලවුනා කියලනම් කියන්න පුළුවන්. 

නගා, වයිපරේ

 මේ අස්සේ වයිපරේ සමග නගා රැල්ල පාගන්න ගිය අතරේ, එතන හිටිය ලස්සන පිට්ටුවක් වැනි අක්ක කෙනෙක් තමාගේ රතු පාට බින්දු බින්දු වැටුන හැඩකාර සුදු යට ඇදුමේ වැඩි හරියක් අපිට පෙන්නන්න තරම් නිහතමානී උනා. අපිටත් ඉතින් ගෝල් ෆේස් ඇවිල්ල පාර දිහා බලන්න ඉන්න බැරි නිසා මුහුද දිහා බලන් හිටිය ඇරෙන්න අර අක්කගේ යට අදුම දිහා ඇහක් ඇරලා බැලුවේ නෑ කියල මම එක හෙලා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

ඉස්සෝ වඩේ, කකුළුවෝ වඩේ සමග බිමට කෝක් අරන් මගේ හක්කේ දත් ගලවාගැනීමේ පිනට ලබන ආත්මේ මාව කක්කුට්ටෙක් වී හරහට යන්න හෝ ඉස්සෙක් වගේ අපද්‍රව්‍ය ඔලුවේ තබාගන්න හෝ බැරිම උනොත් අඩුම ගානේ වඩයක් වෙන්න වත් මේ පින් හේතු වාසනා වෙන්න කියල කියන්න අපේ දිලීප අමතක කරේ නෑ.

1.චාටර් කොලුවා, 2.උදිත්, 3.පවිත්‍ර, 4.මලිත්, 5.දිලීප, 6.මම කොලුවා, 7.වයිපරේ
පින්තුරය නගා විසින් ගන්නා ලදී.

යුවතියන් දෙදෙනා රැල්ල පාගා පැමිණි නිසා අර අක්කගේ රතු බොල බෝල යට ඇදුමට ටටා කියපු අපි අකමැත්තෙන් ගෝල්ෆේස් පාලම දිගේඉස්සරහට අදුන. පස්සේ පොඩි පින්තුර කෑලි ටිකක් ගහන්නත් අපි අමතක කරේ නෑ. ඔය අතරේ කොට සායක් ඇදගෙන ගෝල්ෆේස් බලන්න ආව තවත් අක්ක කෙනෙක්ට කුපාඩි හුලග කරපු නොහොබිනා වැඩේ ඇස්දෙකෙන් දකින්න තරම් අපි පවු කාරයන් උනා කියල දුකෙන් උනත් මට කියන්න වෙනවා. (ඒ අක්කනම් අදුරු පාට වලට ගොඩක් කැමති කියල අපිට තේරුනා)

තව දුරටත් මේ නොහොබිනා වැඩ බලන් ඉන්න බැරි නිසා අපි ගෙවල් වලට යන්න කැපුන. මම මගේ වාහන කට්ටේ අපේ නගාව දාගෙන ආපු එකට මේ වෙනකොටත් හම්බානක කතා හැදිලා ඇති කියල මට දැනෙනවා. මොනවා කරන්නද කුජිතයන් අතර ඉන්නවනම් මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා. 

ඔය එන ගමන් වයිපරයට සහ නගාට අයිස් ක්‍රීම් කෑමේ දොළ දුකක් ඇති වීම හේතුවෙන් මගේ තවත් දතක් ගැල උන බව දත් රහිත කටක් ඇති මා දුකින් පවසමින් පොස්ට් එක ඉවර කරනවා.

ප,ලී. : අප්පට සිරි නගා කිව්වා එයා මේකට ආවේ නෑ කියල. මේ මම පොස්ට් ඒකෙ නගා කියල දාල තියන තැන් කිසි එකක් ඔයාල දැක්කේ නෑලු හොදේ.. ඔන්න නගා අද ආවේ නෑලු. එයා හෙට තියන විබාගෙට පාඩම් කරාලු ගෙදර ඉදන් දවසෙම.. හිකි හිකි...

Thursday, July 7, 2011

සරසවි ජිවිතයෙන් පසු - තිත්ත ඇත්ත


අද මගේ පොස්ට් එක ගැන මම වැඩිය කියන්න කැමති නෑ.. මම කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න මේ ගැන.. වැඩි කතා නැතුව කෙලින්ම මම පොස්ට් එක දානවා...


හිතෙන දෙයක් පහලින් කොටලා යන්න.....

Tuesday, July 5, 2011

ජීවිතය තවත් කෝණයකින් - Life in another angle


මේ දවස්වල මගේ රැකියාවේ මගේ රෝල් ඒක වෙනස්වෙලා මට පික්සු වෙලා ඉන්නේ. ඉතින් පොස්ට් දාන්න තියා දාපු කොමෙන්ටුවක් බලන්නවත් එන්න වෙලාවක් නෑ. නමුත් මේ පැත්තේ නිකන් තණකොළ වැවිලා වල් වැදිලා යන්න දෙන්න බැරි නිසා සහ අද මට ආපු ඊයක් නිසා පොඩි පොස්ට් එකක් දාන්න ඕනේ කියල හිතුන.

වැඩි වල වටාරම් ඕනේ නෑ. මේ ජීවිතය තවත් කෝණයකින් දැකපු කෙනෙක්ගේ අදහසක්. පින්තුර ටිකකින් මුලු ජිවිතයම විස්තර කරලා තියනවා...



https://picasaweb.google.com/113580666513230874695/Life?authkey=Gv1sRgCPvXyNGkgN-jlwE#5625835764316347666



ප.ලි. : බ්ලොගයට පිස්සු හැදී ඇත... පින්තුර වැඩ නැත... අප්ලෝඩ් වෙන්නේද නැත. මේක තවදුරටත් බැලීමට මට වෙලාවකුත් නැත..  වෙන කරන්න දෙයක් නැති නිසා මම පිකසාවේ අප්ලෝඩ් කර ලින්කය දැමුවෙමි.. සියල්ලෝ සමාවෙන සේක්වා....


ප. ප. ලි: යාන්තම් පින්තූරය අප්ලෝඩ් උනේය..... හිකි හිකි...