Tuesday, May 31, 2011

ජිල් පුටුස්‌ - සරසවියේ අනං මනං

ෂා.. දැන් නම් බ්ලොග් එක මරුවටම නැගල යනවා. ඊයේ දවසට විතරක් හිට්ස් 1200 ක් විතර සෙට් උනා. වැඩක් නෑ කියල. පට්ට ෆිට් එකක් තියෙන්නේ.ඉතින් ඒ ගැම්මට බ්ලොග් එක බලන්න එන ඔයාලව හිස් අතින් යවන්න බැරි නිසා අදත් මොකක් හරි ලියන්න ඕනේ කියල හිත හිත ඉන්නකොට මෙන්න මෙහෙම කතාවක් මතක් උනා.
එක දිගට මම මටම මඩ ගහගන්න එක හොදද මන්ද, ඕන ___, ප්‍රීති වෙසක් කිව්වලු. ඔන්න ඔහේ ලියනවා.



මට ඉතින් එදා මෙදා තුර අතීතයේ කෙල්ලන්ගෙන් නම් අඩුවක් තිබුනේ නෑ. මම ගැන දන්නා කට්ටිය එක දන්නවා. එකෙන් කියන්නේ මම ශාරුක් ඛාන් වත් සල්මන් ඛාන් වත් වගේ නෙමේ. හැමෝටම වගේ උපන් කැත මටත් නොඅඩුව තියනවා. හිකි හිකි. හැබැයි එදා ඉදන් කට්ටිය කියන දෙයක් තමා මගේ “වදන” හොදයි කියල. ඒගැන ඒ ඇති. මම කියන්න යන්නේ මම ගැන නෙමේනේ.
(ඊයේ පොස්ට් එකේදී මට මුනු පොතේ යාලුවෝ 4000+ ඉන්නවා කියල මට අසහන කාරයෙක් කියපු ප්‍රමෝද් අදත් කියාවිද දන්නේ නෑ, කෙල්ලෝ එක්ක යාලුවෙන එක අසහනයක් කියල. එහෙම උනොත් මෙන්න උත්තරේ දැන්ම. කොලු වයසේදී යාලුවෝ ගොඩක් ආශ්‍රය කරන්නේ අසහනයකට නෙමේ. මම කොහොමත් අනිත් අයව බලෙන් තියාගෙන නෑ. ඕන කෙනෙක්ට ඕනෑම වෙලාවක මාව අයින් කරලා දාන්න පුළුවන්. මම අසහන කරෙයෙක්නම් අනිත් අය දැනටමත් එක කරලා. දෙවෙනි එක මේ කාලේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ නැත්නම් කවදට ඕව කරන්නද?? )
ඉතින් ඔය විදියට මගේ සරසවි යුගයේ(මම ගැන දන්නා අය දන්නවා ඔය කොහෙද කියල) මම යාලු උන ගෑනු පරානයක් එක්ක. ඉතින් ලව් කරන කාලේ ලව් කොරන්න එපාය. දැන් කලේ වගේ ඔය දවස් වල පොන බිල ගෙවාගන්න මට ඉස්තිර ආදායම් මාර්ගයක් තිබුනේ නෑ. ඉතින් අර පුර පෝයට හද පායනවා වගේ හැම මාසෙම ඩයලොග් එකේ බිල් හදන 12-14 දවස් වල ඉදන් 20 විතර වෙනකල් පොන එක කපල බිල ගෙවන්නේ නැතුව. (හැම මාසෙම කිව්වට මාස දෙකකට විතර සැරයක්) ඉතින් ඔය කාලෙට මොකක් හරි දහන ගැටයක් ගහල සල්ලි ටිකක් හොයාගන්නකල් පාවිච්චි කරන්න එක එක ජාතියේ පෙර ගෙවුම් සම්බන්දතා කීපයක් සාක්කුවේ තියන එක මම ඇතුළු මගේ යාලුවන්ගේ සිරිතක්.
ඔය දවස් වලට ඔය බිල ගෙවන්න අපිට උදව් වෙන්නේ අපිට කෙමිස්ට්‍ර්ය් කරපු “දෙයිය” වගේ ගුරෝ තමා (දැන් උබල බලනවා ඇති මොකද්ද මේ හරුපේ කියල. මුලින්ම කියන්න ඕනේ මගේ උපාධි පළමු වසර මම කරේ උසස් පෙළ කරන ගමන්මයි. ඉතින් උසස්පෙළ පන්තිත් යනවා. රෝටරියේ පන්ති ගිය හැමෝම “දෙයිය”ව දන්නවා අනිවා. දෙයිය අපිට සල්ලි දෙන්නේ නෑ. වැඩේ වෙන්නේ මෙහෙමයි. සල්ලි නැති උනාම මුල් සතිය පන්ති යනවා ෆස්ට් වීක් සීල් එක ගහගෙන. දෙවෙනි සතියේ ටික්ක යනකල් ඉදල පරක්කු වෙලා යනවා. තුන්වෙනි සතියේ පන්තියන්නේ නැතුව කොට්ටක් පනින මොකෙක් හරි එකෙක්ගෙන් කාඩ් එක ඉල්ලා ගන්නවා. හතරවෙනි සතිය කාඩ් එක ගේන්න අමතක උනා කියල දෙයියාගෙන් අත්සනක් දාගන්නවා. දෙයිය දන්නවා අපි ගැන. මු හිනාව දාල බයිට් එකක් දාල අත්සන ගහනවා. මාසේ පන්ති සල්ලි ඉතුරුයි. ඒ අතින් නම් දෙයිය, දෙයියෙක්ම තමා. තාමත් දැක්කොත් අපි පාරේදී උනත් වදිනවා)
ඉතින් මේ කියන කලෙත් වැලේ වැල් නැතුව පෝන් එකත් කපල තිබුනේ. වැඩේ කියන්නේ ගෑනිගේත් කපල (නොදකින් අසහන කාරයෝ, යකෝ පෝන් එක. වෙන එකක් නෙමේ. හිකි හිකි) ගෙවන්න සල්ලිත් නෑ. හැබයි මල් කැඩිල්ල නවත්තන්න බෑනේ. ගෑනි අම්මගේ පෝන් එක උස්සල, මම වෙන සිම් එකක් දාගෙන. කෝල් ගන්න බෑනේ සල්ලි යනවනේ. ඉතින් මැස්සෝ තමා. ඔහොම ටික වෙලාවක් ගියා. මට පොඩි වැඩක් සෙට් වෙලා මම එලියට යන්න උනා මිනිත්තු 5 කට විතර. මම ආවම දැක්ක අන්තිම මැස්සට ආව උත්තරේ. පෝන් එකේ සල්ලිත් තිබුනේ පොඩ්ඩයි. මට හිතුන ඊලග දවසේ කොහේ හරි යන්න ඕනේ කියල. මම යැව්වා මැස්සෙක්.
“මේ මොකද කියන්නේ හෙට ජිල් පුටුස්‌ එකක් දාමුද??”
ඔය වගේ වචන ඒ දවස් වල නොර්මල්. ඕක කුපාඩි කතාවක් නෙමේ. හෙට එලියට යමුද කියලයි මට කියන්න ඕන කරේ. මම නොර්ම්ලි කියන්නෙත් ඔහොමයි ඒ දවස්වල.
වැඩේ වෙන්නේ ඊට පස්සේ. මින් 10 ක් යනකල් උත්තරයක්‌ නෑ. එක පාරට කෝල් එකක් ආව ඒ නොම්බරෙන්. මම අන්ස්වර් කරා. පිරිමියෙක් කථා කරනවා. මම කට් කරා. දැන් දිගට හරහට කෝල් එනවා. මම හම්බානකට බයවෙලා. බිරින්දෑ වැඩේ මාට්ටු කරන කියල සුවර්. ඒකිට ගහනවද දන්නෙත් නෑ. බයට වඩා අප්සෙට්. ඒත් මම කියල මොනවා කරන්නද? මම පෝන් එකේ සිම් එක ගලවල දාල මගේ සිම් එක දාගත්ත.
දවස් දෙකක් යනකල් කෙල්ලගෙන් කිසිම ආරංචියක් නෑ. පස්සේ හම්බ උන එකී පන්තියේදී.
මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ. ආතල්ම කෙස් එක මෙතැනයි.
මම ගිය අතරේ අම්ම පෝන් එක ඉල්ලලා. මේකි මැස්සෝ ටික අයින් කරලා පෝන් එක අම්මට දීල. අම්මගේ අතේ තියනකොට තමා මගේ මැස්ස ඇවිල්ල තියෙන්නේ. තාත්තත් ඉදල. අම්ම මේක කියවල උඩ ගිහින්. තාත්තට පෙන්නලා. මිනිහට යකා නැගල. ඇයි ඉතින් තමන්ගේ කසාද බිරිදට ජිල් පුටුස් එකක් දාන්න කථා කරලනේ. කෙල්ලගෙන් අහල මේක ඔයටද අවේ කියල. මේකි “මේ මොන පිස්සුවක්ද? මට කවුද ඔහොම ජරාව එවන්නේ” කියල.
ඊට පස්සේ තමා මොකාද මේ අසහන කාරය කියල බලන්න කෝල් කරලා තියෙන්නේ...
ඕක කෙල්ල කියනකොට මම හිනා උනේ කොහොමද කියල අලුතින් කියන්න ඕනේ නෑනේ...
නැන්දම්මගෙන් ජිල් පුටුස්‌ එකක් දාන්න අහපු එක ගැන ඔයාල හිතන දේවල් වචනයට පෙරලලා ලියල යන්න අමතක කරන්න එපා....

Monday, May 30, 2011

අසහන කාරයෝ (2).. - අනං මනං


අසහන කාරයෝ ගැන ලියන නිසාද කොහෙද (ඔරිජිනල් අසහන කාරයෝ ගැන දැනගන්න කලින් පොස්ට් එක කියෙව්වේ නැත්නම්  කියවන්න) මට වෙන්නෙම ඒ වගේ දේවල් මේ දවස් වල. මේක ලොකු කතාවක් නෙමේ, පොඩි කතාවක්. ඇත්තටම උනේ අද උදේ. 


මම ඔෆිස් එකේ ඉන්නකොට මට සෙට් උනා යාලුවෙක් අද උදේ. මගේ හෙනම බොක්කක්. ඌ ඇහුම මගෙන් 
"මොනවද මචං ගිය වීක් එන්ඩ් එකේ කරේ?"

මම: වෙන මොනවද මචං පට්ට කම්මැලි ගෙදරින් එලියට යන්න. සෙනසුරාදා පොඩි වැඩක් සෙට් උනා. එක කරා. ඉරිදා දවසම ගෙදර. මේ බ්ලොග් වැඩේ පට්ට මචං. මට හෙන කට්ටියක් සෙට් උනා. මුනු පොතේ ක්ලෝස් ගෘප් එකක් එහෙමත් සෙට් උනා. පට්ට ආතල් මචං වැඩේ.."

යාළුවා: (ගත් කටටම)  

"ඔකේ මුකුත් කරගන්න පුළුවන් කෑලි එහෙම නැද්ද??"

මට අයියෝ සල්ලි කියල හිතුන.

මෙහෙමත් අසහන කාරයෝ.....(ඇත්තටම අසහනය නෙමේ.  ඕක තමා දැනට ලංකාවේ උබල මම ඇතුළු තරුණ පරපුරේ ඔලුව හැදිලා තියන විදිය. මම උනත් උගේ තැන හිටියනම් ඔය ප්‍රශ්නෙම අහන්න "ඉඩ තිබුන".) අනේ මන්ද ලංකාවට ගිය කලක්.....

මගේ ඔෆිස් එකේ ගොඩක් අය මේක කියවන නිසා නම් ගම් දාන්නේ නෑ.

පොඩි කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ....

Sunday, May 29, 2011

අසහන කාරයෝ.. - අනං මනං

මම මේ කියන්න යන්නේ වෙනද වගේ පාරන කතාවක් නෙමේ. අලුත්ම අලුත් හොට් හොට් කතාවක්. ඇත්තටම දැන් ඒ කතාව මටත් රසවත් කියල හිතුනට දවස තුනකට කලින් මේක මට උන වෙලේ ඉදන් පෙරේද දවල් වෙනකල් මගේ මේ කෙට්ටු සරිරේ ලේ පයින්ට් 3 ක් විතර පිච්චුනා. 

මෙන්න මේකයි කතාව.



පහුගිය දවසක හරියටම කිව්වොත් 25 වෙනිදා රෑ 8.30 ට තමා හරියටම මේ වැඩේ පටන් ගත්තේ. මුම්බායි ඉන්දියා සහ කල්කටා කණ්ඩායම් දෙක හුරේ කියල IPL එකේ ගහගන්නවා. මමත් ඉතින් දෙය්යනේ කියල පුටුවකට ඇලට් එකක් එහෙම දාගෙන මැච් එක බලනවා. 

ඔන්න මගේ පෝන් එක රිං වෙනවා.

අනිත් කෙනා : හලෝ
මම : හලෝ
අනිත්  කෙනා : (පොඩ්ඩක් අව්ලෙන් වගේ) මේ.. මේ.. රොෂාන් ඉන්නවද?
මම : සොරි. වැරදි නම්බරයක්.
කෝල් එක ඉවරයි.

මෙන්න බොලේ තප්පරයක් යන්න උනේ නෑ ආයෙත් රිං වෙනවා.
කලින් දෙබස වගේම දෙබසක් හැබැයි වෙන කෙනෙක්ව හොයන්නේ වෙන නම්බරයකින්.

ඔය විදියට විනාඩි30 ක විතර ඇතුලත මට කෝල් 100 ක් 200 ක් විතර ආව. මට ආන්ස්වර් කරන්නත් බෑ. එක කෝල් එකක ඉන්නකොට වෙටින් තව කෝල් 10 ක් විතර.

මගේ සිගිති මොලේට වැටහුනා කවුරු නමුත් මාව දෙය්යනේ කියල බයිට් කරනවා. එත් වැඩේ කියන්නේ එක නොම්බරයක්වත් දෙපාරක් එන්නේ නෑ. කොල්ලෙක් කොච්චර කරත් ඔච්චර කොරන්න බෑ කියල මම දන්නවා. මොකද මමත් ඔයවගේ බයිට් අනන්තවත් දීල තියනවා.

හැම කෝල් එකක්ම එන්නේ කොල්ලොන්ගෙන් සහ ඔක්කොම මම ගත්තම එක්කෝ කට් කරනවා නැත්නම් වෙන කෙනෙක් අහනවා. මම දැනගත්ත අනිවා වෙබ් සයිට් එකක ගොනෙක්(පුරගනක්) කියල මගේ නොම්බරේ දාල කියල. මට ඉතින් සුපිරි මල. මම නෙට් එකෙත් හෙව්වා හම්බුනේ නෑ. කොහොම හරි 10.00 වෙනකොට මට කෝල් 300 ක් විතර ඇවිල්ල. මමත් කරේ මොකද්ද, දෙන්නම් වැඩක් කියල ඔටෝ ආන්ස්වර් වෙන ඇප්ලිකේෂන් එකක් පෝන් එකට දාගත්ත. දැන් එන එන ඔක්කොම කෝල් අන්ස්වර් වෙනවා. ලෝකේ වටෙන්ම එන කෝල්.

කොහොම  හරි එදා රෑ මම පුපුරා පුපුර නිදාගත්තා පෝන් එක ඔෆ් කරලා. අනිත් දවසේ උදේ පෝන් එක ඔන් කර විතරයි ඇලට් එනවා හුරේ කියල. අර ඉස්කෝලේ ලියන්න දෙන රචනා වගේ ඇලට්. එතනත් කෝල් 50-60 ක් තිබුන. උදේ පාන්දර මගේ හැගීම වචනෙන් කියන්න ඕනේ නෑනේ. (ඔන්න මේක ලියන කොට  දැනුත් කෝල් එකක් ආව. එක +82... ඒ කියන්නේ පිට රට නොම්බරයක්.. අය්යෝ..)

කොහොම හරි මම ඔය මලෙන්ම ලේස්ති වෙලා වැඩද එන්න පිටත් උනා. අයිය ගිය සතියේ නිවාඩු නිසා මම බස් එකේ තමා. ඔහොම යනකොට මට ආව කෝල් එකක්. එකත් රට නොම්බරයක්.

මම: හලෝ
අනිත් කෙනා: හලෝ ....
මම: කියන්න...
අනිත්: ඔයා කවුද??
මම: (මල කටුව රතු වේගෙන එනවා) දැන් මමද ඔයාට කෝල් කරේ?? ඔයානේ මට කෝල් කරේ?? ඉතින් මමද දැන් කවුද කියල කියන්න ඕනේ??
අනිත්: මගේ පෝන් එකේ ඔයාගේ නොම්මරේ තිබුන. එකයි ගත්තේ.
මම: (රතු කටුව පැන්න) නිකන් මෝඩ කතා කියන්න එපා. ඔය රට කෙනෙක්. මම ලංකාවේ. ඉතින් මගේ නොම්බරේ ඔයාගේ පෝන් එකට යන්න විදියක් නෑනේ.
අනිත්: අනේ සොරි.
මම:(ටිකක් හොද බුවෙක් වගේ. තරහ නිවුන. මොලේ පෑදුනා) මචං මට ඔයා එක්ක කිසිම තරහක් නෑ. මම දන්නවා මේ නොම්බරේ ඔයා ගත්තේ නෙට් ඒකෙන කියල. මගේ නොම්බරේ නෙට් එකට දාල මොකෙද්ද නොසන්ඩාලයෙක්. මට හෝ ගාල කෝල් එනවා. කරුණා කරලා කියපන් බං නොම්බරේ ගත්ත විදිය.
අනිත්: අප්පා.. මල කෙලියයි. සමාවෙන්න ඕනේ මචං. මම නොම්බරේ ගත්තේ නම් නෙට් ඒකෙන තමා. ITN එකේ කතාවක් යනවා මචං "පබළු" කියල. ඔන්න ඔකේ ඊයේ කතාවේ කෙල්ල කොල්ලට දෙනවා CV එකක්. ඒකෙ කෙල්ලගේ පෝන් නම්බරේ විදියට තියෙන්නේ ඔය නම්බරේ. මම මේ කෝල් කරලා මොනවා හරි කරගන්න පුලුවන්ද බලන්නයි ගත්තේ. (මට හිනා)

කොහොම හරි ඒ කොල්ල මම එක්ක විනාඩි 10 ක් විතර කතා කරා. ඌ ඉන්නේ නෙදර්ලන්ඩ් වලලු. මේ නොම්බරේ තියන සයිට් එහෙම ඔක්කොම ඌ කිව්වා. කෝල් එක ඉවර වෙනකොට මම ඔෆිස් එක ගාවටත් ඇවිත්. මටත් දැන් හරි ආතල්. ඇයි බං කතාව යන්නේ ITN එකේලු. මම ඉතින් කොහොමත් රාජ අලියනේ (ඒක හැමෝම දන්නා රහසක්නේ). ඉතින් ITN එකට හුරේ කියල බනින්න සෙට් වෙනවනේ. මම මුලින්ම ඔෆිස් ගිහින් බැලුව ඔය කතාව ඇත්තද කියල. 

එලම කිරි කතාව ඇත්ත. මගේ නොම්බරේ පට්ටටම තියනවා. මම ගත්ත ITN ඒකෙ හොට් ලයින් එකට කෝල් එකක්. කතාව කියල කෝල් එක ගත්ත කෙල්ලට ලුණු අබුල් ඇතුව බැන්න. එකී දුන්න තව එකෙක්ට, උටත් බැන්න. ඌ උගේ ලොක්කට දැම්ම, ඌටත් බැන්න. පස්සේ දැම්ම ITN ඒකෙ ඩිරෙක්ටර කෙනෙක්ට. අවරුදු ගානක තිබුන තරහ සහ කලින් දවසේ මල බහිනකල් මම උටත් බැන්න. කුණුහරප නෑ. ශිෂ්ට වචනෙන් පොයින්ට් එකට බැන්නේ. 

"මහා ලොකු රජයේ නාලිකාව"
"දැම්මොත් බොරුවක්"
"අහිංසක මෝඩ මිනිස්සුන්ව රවට්ටනවා"
වගේ කතා ගොඩක් ඔය අතරේ කිය උනා. හිකිස්‌...

උට මට රිටන් බනින්නත් බෑ වැරැද්ද උන්ගේ. කොහොමත් මම උට කතා කරන්න වෙලාවක් දුන්නේ නෑ. කොහොම හරි මම ඉවර උනාම උ මගෙන් සමාව ඉල්ලලා පබළු නාට්ටියේ කෙනෙක්ව කොන්ටක්‌ කරන්නම් කිව්වා. මම කිව්වා මට වැඩක් නෑ කවුරු කරත් මගේ නොම්බරේ අයින් වෙන්න ඕනේ කියල.

එතනින් ඌ හා කියල. පෝන් එක තිබ්බ.
විනාඩි 5-10 කින් මහේෂ් කියල පබළු ඒකෙ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර කෙනෙක් කතාකරල විස්තරේ ඇහුව. මම ඌටත් බැන්න.

කෙහොමෙන් කොහොමෙන් හරි මම වැඩේ එතනින් ඇත ඇරලා දැම්ම. නිකන් මහා ලොකු කෙස් එකක්කරගන්න මට ඕන උනේ නෑ. මගේ හිතට හරියන්න බැනගත්ත එක ඇති මට ඕනෑවටත් වඩා. හිකි හිකි.

තාම නොම්බරේ තියනවා ඒකෙ. අයින් කරලා නෑ. තාම කොලුත් එනවා ටික ටික. අද දවසට 5 ක් විතර ආවේ. මේ වෙනකොට ඔක්කොම කෝල් 400 කට වඩා මට ආව මේ දවස දෙක තුනට.

දැන් කතාව ඉවරයි. රසවත් කතාවක් කියල හිතුනට ඇත්තටම අපි අඩන්නයි ඕනේ. ඔය නොම්බරේ පෙන්නපු තප්පර 2-5 අතර නොම්බරේ ලියාගෙන කෝල් කරන්න තරම් "අසහන කාර" සිංහලයෝ පිරිසක් මේ ලංකාවෙත් මුළු ලෝකේ පුරාමත් ඉන්නවා. අනිත් එක නාට්ටියේ පෙන්නන නොම්බරේ ඇත්තටම ඒ කෙල්ලගේ කියල හිතන්න තරම්ම මේ සිංහලයෝ මෝඩයෝද කියල මට හිතාගන්නවත් බෑ.. කතාව මතක් වනකොට හිනා ගියාට අපි මේ හිනාවෙන්නේ අපිටම නේද කියල මතක් වෙනකොට ඇඩේනවා නේද??

මේක ඔයාලට හිතෙන විදිය කියල කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..

Thursday, May 26, 2011

දවසේ ප්‍රශ්නය: බල්බ් තුනේ ස්විච් මොනවද?? - අනං මනං

එක දිගට නිසදැස් දෙකක් ලියපු නිසා, කට්ටියට පොඩි කික් එකක් දීල නැගිට්ටලා ගන්නත් එක්ක. පොඩි ප්‍රශ්නයක් දාන්න කියල හිතුව. මොකද කලින් ප්‍රශ්නෙට කට්ටිය ගොඩක් හොද උත්තර දුන්නනේ. තරහ වෙන්න එපා කලින් එකට තෑගි දුන්නේ නෑ කියල. මේ දවස් වල කිසි ගතියක් නෑ ලියන්න. පුළුවන් ඉක්මනට කතාවක් දෙකක් දාන්නම්.

මෙන්න මේකයි අද ප්‍රශ්නය... බයවෙන්න එපා අද ප්‍රශ්නේඋත්තරදෙන ඇයට තෑගි නෑ(ඕන කෙනෙක් ඉන්නවනම් උත්තරෙත් එක්ක තෑගි ඕනේ කියල කියන්න. මම දෙන්නම්)



ඔයාව එක්ක යනවා ලොකු බිල්ඩින් එකකට. එක ටිකක් පුදුම විදියේ බිල්ඩින් එකක්. මොකද්ද පුදුමේ කියන්නේ, එකේ උඩ තට්ටුවේ තියනවා හතර වටින්ම සීල් තියපු කාමරයක්. ආයේ හුලන් පොදක්වත් නෝ ලික්. ඔය කාමරේ තියනවා සාමාන්‍ය විදියේ බල්බ් තුනක්. වැඩේ තියෙන්නේ ඔය බල්බ් තුන ඔන් කරන ස්විච් තුන තියෙන්නේ යට තට්ටුවේ තවත් සීල් තියපු කාමරයක. 

ඔයාව මේ බිල්ඩින් එකට එක්ක ආව කෙනා ඔයාව ගිහින් දානවා යට තට්ටුවේ ඒ කියන්නේ ස්විච් තියන කාමරේට. දාල කියනවා මෙන්න මෙහෙම,

"උඩ තට්ටුවේ තියන බල්බ් තුනේ ස්විච් තම මේ. ඔයාට එකම එක පාරක් උඩ තට්ටුවට යන්න පුළුවන්."

දැන් මෙන්න මේකයි කරන්න තියෙන්නේ.ඔය එකම එක අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන කියන්න ඕනේ හරියටම පළමු බල්බ් එක පත්තුවෙන්නේ මෙන්න මේ ස්විච් එක දැම්මම, දෙවෙනි එක මේකෙන්, තුන වෙනි එක මේකෙන් කියල...

සැලකිය යුතුයි, 
    ප්‍රශ්නය අසන කෙනාට පගාව දී උත්තරය ගන්න බෑ,
    පහල කාමරයේ ඉදල ඉහල කාමරය කොහොමටවත් පෙන්නේ නෑ.
    ජිල්මාට් සෙල්ලම් දාන්න බෑ.
    ගැනු  ළමයි ඔය කෙනා එක්ක ඔය බිල්ඩින් එකට යන්න බය වෙන්න එපා, එයා මම තරම් නරක නෑ. හිකි.  ඔය ඉතින් ඒපාර කොල්ලෝ බයවෙනවා. අනේ දෙය්යනේ ඌ කාටවත් වරදක් නැති අහිංසකයෙක්. (දැන් ඉතින් අහින්සකල තමා අන්ගුලිමාලලා වෙන්නේ කියන්න එපා)
    කොටින්ම කිව්වොත් ගොන් ප්‍රශ්න මුකුත්ම බෑ.

 හොදයි දෙන්නකෝ බලන්න උත්තර??? හරි හෝ වැරදි හෝ උත්තර පොස්ට් කරන්න. මේකට තියනවා නියම ප්‍රැක්ටිකල් ජොලි උත්තරයක්‌.

Wednesday, May 25, 2011

මාට්ටු - නිසදැස්

මේක මට මේල් එකකින් ආව නිසදැසක්. මේක දැක්කම නොදා ඉන්න හිතුනෙම නෑ මට. අද ටිකක් වැඩත් වැඩි නිසා මේක බලල කොමෙන්ට්ස් ටිකක් දාන්න.

පොඩ්ඩක් හිතන්න ලියපු කෙනා කොච්චර ලස්සනට කෙටියෙන් දිග කතාවක් කියල තියන හැටි...



Tuesday, May 24, 2011

දුක හිතුන හොදටෝම - ඇත්තමයි හොදටෝම - නිසදැස්

මම හිතුව අද පොඩි නිසදැසක් දාන්න ඕනේ කියල. මේකත් මම ලිව්වේ සෑහෙන්න ඉස්සර. එකියන්නේ මම 8,9 වසරදී විතර. පොඩි පොඩි අඩුපාඩුකම් තියනවා. ඒත් දැන් ඒවා හදන්නේ නෑ. මොකද එතකොට වැඩක් නෑ කියල මට හිතෙන නිසා.


ඊයේ ප්‍රශ්නෙට තෑගි - අනං මනං

ඊයේ ප්‍රශ්නෙට(දවසේ ප්‍රශ්නය: කවුද වාහනේට නග්ග ගන්නේ? - අනං මනං(2)) කට්ටිය දීපු උත්තරනම් මල් හතයි. මාර ආතල්. ඒවාට ගොඩක් ස්තුතියි. ප්‍රශ්ණ වැඩේ නැගලම ගියා. ඉදල හිටලා කික් එකක් ගන්න ඉස්සරහටත් ප්‍රශ්නයක් දෙකක් දාන්නම්.

හරි උත්තරය දීපු අයට මම තෑග්ගක් දෙනවා කියල පොරොන්දු උනානේ.
දැන් තෑගි දෙන්නත් එපාය...

පළමු තෑග්ග: Randika
දෙවෙනි තෑග්ග : Rain Drops හෙවත් වරුණි
තුන්වන තෑග්ග : chamiya

ඇත්තටම කිව්වොත් ස්ථානයේ පිළිවෙලට තෑගි නෑ. ඔක්කොටම දෙන්නේ එකම තෑග්ග. ඒ තමයි...
දිනපු අය ගැන කතාවක් ලියන ඒක... හිකි හිකි....

හැබැයි  මට පොඩි ප්‍රශ්නයක් තියනවා. කිව්වට තරහ ගන්න එපා සහෝදරයා, තුන් වෙනි තැනට පත් උන චමිය ගැන මම දන්නේ නෑනේ. ඔය නමින් දන්නේ නෑ. අනේ තරහ නැතුව මට උබ කව්ද කියල පොඩ්ඩක් කියල දීපන්කො.

අනිත් අයට ලගදීම ඔයාලගේ තෑග්ග ලැබේවි. හිකි හිකි...

Saturday, May 21, 2011

දවසේ ප්‍රශ්නය: කවුද වාහනේට නග්ග ගන්නේ? - අනං මනං(2)

පොඩි වෙනසකත් එක්ක මම හිතුව අද ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මේක මට මෙයිල් එකකින් ආව එකක්. මේකට උත්තරය දන්නා අය ඕනෑතරම් ඇති. දන්නේ නැති අයත් ඇති. බලමුකෝ කොහොමද අපේ අයගේ දැනුම, චින්තන ශක්තිය, මනුස්ස කම කියල..




ඔයා දවසක් හවස් වරුවේ, ඒ කියන්නේ 6.00 ට විතර ඔයාගේ කාර් ඒකෙන ගෙදර එනගමන් ඉන්නවා. ඔයාගේ කාර් එක ඔය ස්පෝර්ට්ස් වර්ගයේ එකක්. දෙන්නටයි යන්න පුළුවන්. අමාරුවෙන් වත් තුන දෙනෙක්ට යන්න බෑ. (දැන් ඉතින් මරුටියක් වත් නැති මට කොහෙන්ද බං ස්පෝර්ට්ස් කාර්, මට ඩ්‍රයිවින් බෑ වගේ බයිලා කියන්න එපා. හිකි හිකි) මේ කියන දවසේ හම්බානකට වැස්ස. අහස ගොරවනවා නිකන් පිස්සුවෙන් වගේ. ඔහොම යනකොට ඔය දකිනවා ඉස්සරහ බස හෝල්ට් එකක ඉන්නවා තුන දෙනෙක්. (ඔය ඉතින් ආයෙත් පටන් ගත්ත. තුන දෙනාමද ඉන්නේ?? හතරක් ඉන්න බැරිද? හම්බානකට වැහිනවානම් කොහොමද ඈත තියා ඉන්න අයව දකින්නේ?? ඔය වගේ කෙස් නෑ. කොහොම හරි හිටියේ තුන දෙනයි. කොහොම හරි දැක්ක) හිටිය තුන දෙනාගේ විස්තර මෙහෙමයි,

පළමු කෙනා: හොදටම වයසක ආච්චි කෙනෙක්. වැස්සේ හීතලට හොදටම වෙව්ලනවා. මැරෙයි තව ටිකක් මේ හීතලේ හිටියොත්.කොටින්ම ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනිච්චේ නැත්නම් සෙත්ත පෝච්චි ලෙවල් එකේ.

දෙවෙනි කෙනා: ඔයාට ජිවිතේ ලොකුම උදව්ව කරලා තියන, ඔයා වෙනුවෙන් ජීවිතය උනත් දෙන්න සුදානම් ඔයාගේ හොදම යාළුවා. යාළුවා කිව්වට ඉතින් සහෝදරයෙක් වගේමයි. එකම වෙනස අම්මල දෙන්නෙක් ඉන්න එක. (තාත්තල ගැන මම කතා කරන්නේ නෑ... හිකිස්‌...)

තුන්වෙනි කෙනා: ඔයා ජිවිත කාලයේ වැඩියෙන්ම ආදරය කරන කෙල්ල/කොල්ල. මෙය එක්ක එක මොහොතක් කියන්නේ ඔයාටේ මහා මෙරක් වගේ. ආදර වචනයෙන් කිව්වොත් ඔයාගේ සිහින කුමාරි/කුමාරයා.

මෙන්න මේකයි ප්‍රශ්නය.

වාහනේ ඉඩ තියෙන්නේ තව එක්කෙනටනේ. ඔයා කවුද වාහනේට නග්ග ගන්නේ?

වයසක  අච්චිද??
හොදම යාලුවද??
සිහින කුමාරි/කුමාරය ද?

මොකද්ද  එයාව නග්ග ගන්න හේතුව??

අදනම් කට්ටිය නිකන් කියවල විතරක් යන්න එපා. මොකද බ්ලොග් එක බලන අය ගොඩක් හිටියට කොමෙන්ට්ස් දාන්නේ කීප දෙනයි. හරිහෝ වරදිහෝ මොකක්හෝ උත්තරයක්‌ දාල යන්න නමත් එක්ක.

මම මේකේ කොමෙන්ට්ස් පෙන්නනේ නෑ අනිද්දා වෙනකල්. මොකද පුදපු ගමන් කාපි යකා කියල දන්නා කෙනෙක් උත්තර දාල තිබුනොත් ජොලියක් නැති වෙනවා. හරි උත්තරය මුලින්ම දෙන තුන දෙනාට පොඩි තෑග්ගක් තියනවා එක පස්සේ කියන්නම්. දැනට බලමු කට්ටියගේ අදහස්.....

Thursday, May 19, 2011

අපේ කාලයේ තොරන් රාජයා.. අනං මනං (1)

 2600 සම්බුද්ධ ජයන්තිය ලැබුව වෙලේ සිංහල බ්ලොග් ලියන බුද්ධාගමේ කෙනෙක් විදියට මටත් හිතුන පොඩි පොස්ට් එකක් දාන්න. මේක දන්නෙත් මට අද කාලෙට ගැලපෙන විදියට මගේ යාලුවෙක් ඇතුළු පිරිසක් කරපු පොඩි වැඩක්.



තොරණක් කිව්වම අපිට මතක වෙන්නේ මොකද්ද?? බල්බ් වටෙට කැරකෙන ලස්සන පින්තුර ඇදපු වෙසක්, පොසොන් කාලෙට තියන අනිවාර්ය අංගයක්නේ. ඔය තොරන්වල එදා මෙදා තුර අතීතයේ තිබුනේ ජාතක කථා තමයි. හබි අද මම මේ කියන තොරණේ තිබුනේ ජාතක කතාවක් නෙමේ. අර ඉංගිරිසියෙන් කියන්නේ පෙට්ටියෙන් එලිය හිතනවා කියල. අන්න ඒවගේ වැඩක් තමා මේ තොරණ. අනිත් තෝරන වගේම පාට පාට කාරෙකෙන බල්බ් මේකෙත් තිබුන. හබි තිබුන චිත්‍ර ජාතක කතාවක නෙමේ කාන්තා හිංසනය ගැන අදුන පෝස්ටර්. මහා ජනයා දැනුවත් වෙන ආකාරයේ අද කාලයට ගැලපෙන චිත්‍ර.
මගෙනම් මතයට අනුව, මේලෝකේ ආගම කියල දේවල් නෑ. තියෙන්නේ දර්ශනයන්. ඔය බුද්දාගමේ, ක්‍රිස්තියානි ආගමේ, මුස්ලිම් ආගමේ වගේ ඔක්කොම ආගම වල තියෙන්නේ වැරදි වලින් වලකින්න හරි දේ කරන්න කියන එක. හැම ආගමික නායකයාම උත්සාහ කරන්නේ මිනිස්සුන්ව හරි මගට ගන්න.
ළමයෙක් ලැබෙන්න ඉන්න ගැබිණි කාන්තාවක්(අම්ම කෙනෙක්) බස් එකට නැග්ගම හුරේ කියල නින්ද යන නමුත් එහා සිට් එකේ ලස්සන් කෙල්ලෙක් යනකොට දකින දකින බෝ ගහට නගිලටල වදින කොල්ලෝ ඉන්න රටක, පන්සලකට යනකොට සුදුම සුදු තරමක් එහා මෙහා පෙනෙන හිරම හිර කලිසමක් ඇදල යටට රතුම රතු පාට හරි කළුම කළු පාට යට ඇදුම් ඇදගෙන යන කෙල්ලෝ ඉන්න රටකට අශ්වයාගේ පිටේ ගිහින්, එහෙමත් නැත්නම් තවලම් වල ගිහින් සිද්දවෙන සිද්දි ඇතුලත් ජාතක කතාවල වැදගත්කම මට එච්චරටම පෙන්නේ නෑ.
අපේ බුදු හාමුදුරුවෝ එදා හිටිය මිනිස්සුන්ට බණ කිව්වෙත් කාලෙට ගැලපෙන විදියට, මිනිස්සුන්ට තේරුම ගන්න පුළුවන් වෙන විදියට සරලව මෙන්ම කාලින මාතෘකා අනුව. අන්න එක නිසා තමයි මම හිතුවේ මේ තොරණ සුපිරි අදහසක් බව.  අනිකකොළබ වටේ තෝරන බලල ගෙදර ආවම මතකේ තියෙන්නේ මොන ජාතක කතාවද?? පාරේ හිටිය පට්ට කෑලිදෙතුන් දෙනෙක් ඇරෙන්න?? මෙන්න මේ නිසයි මිනිස්සුන්ගේ හදවතට දැනෙන දෙයක් අපි සමාජෙට කරන්න ඕනේ කියල මට හිතෙන්නේ.
වැඩි විස්තර ඕනේ නෑ. මේක හොද ආරම්බයක්. ඉස්සරහට තව තවත් මෙවැනි නිර්මාණ දකින්න ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා.
මටනම් තවම තොරණ බලන්න යන්න උනේ නෑ. එත් මේ තොරණ බලල ආව මගේ වෙනම යාළුවො දෙන්නෙක් මෙන්න මෙහෙම කිව්වා.
යාළුවා 1 : පට්ට තොරණ බං. සුපිරියටම හදල තිබුන. තෝරන 10 ක විතර දැක්ක ඕක විතරයි මතක හිටියේ. හොද වෙනසක්. අපිත් සෙට් වෙලා කරමුද ඔය වගේ වැඩක්???
යාළුවා 2 : මෙලෝ රහක් නෑ මචං. තොරණක් උනාම ජාතක කතාවක් තියෙන්න එපාය. ඒක නිකං පරිප්පු නැති හෝටලේ වගේ. හිකි හිකි.

මේ පලවෙනි යාළුවා දැනට මොරටු කැම්පස් එකේ ඉගෙන ගන්නවා. දෙවෙනියා තානායමක පොඩි ජොබක් කරනවා. මම මේ පේලිය ලිව්වේ මගේ යාළුවගේ ජොබ් ඒක පහත කරන්න නෙමේ. මේ කොල්ලෝ දෙන්නම මට එකයි. සුපිරියටම හිත හොද කොල්ලෝ දෙන්න. ඒත්  මිනිස්සු විවිධාකාරයි. හොද වැඩක් කරන කොට විවිධාකාරයේ කොමෙන්ට් ලැබෙනවා. ඒවා හරියට තෝරලා බේරලා ගන්න අපි දැනගන්න ඕනේ කියන ඒක කියන්නයි මට ඕන උනේ.

එහෙනම් හැමෝටම “ඛන්ති ච සොව වස්සතා - සාමනනන්ච දස්සනා”.. කියල මම නවතිනවා. ජයවේව...

ප.ලි. :
ඔය අන්තිම බණ පදය කියවල උබල කීදෙනෙක් අඩෝ මු මාර පොරක්නේ බර බර බණ නේ මු දන්නේ. එහෙමත් නැත්නම් මොකද්ද බං මේකේ තේරුම. මේ කතාවට ගැලපෙන විදියේ බර තේරුමක් ඇති මගේ හිතේ. කියල තමන්ගේ හිතින් හිතුවද කියල තමන්ගෙන්ම අහල බලපල්ලා. මේකෙන් කියවෙන්නේ “ඉවසිමද, කීකරු කමද, ශ්‍රමනයන් දැකීමද..” කියන වචන පේලිය (මේ කතාවට කිසිම අදාලත්වයක් නෑ). අපේ ප්‍රධානම තුන් සුත්‍ර වලින් එකක් වන මහා මංගල සුත්‍රයේ පේලියක් දන්නේ නැති උබල අපිව ජාතක කථා කියල හදන්න පුලුවන්ද කියල තීරණය ගන්න ඒක මම උබලටම ඉතුරු කරනවා. මේ වගේ වෙනසක අවශ්‍යතාව දැන් මට තදටම දැනෙන නිසා තමයි මම මේක පොස්ට් කරේ.


තොරණ බලන්න ඔබත් එනව නම් මෙතනට යන්න.
http://www.facebook.com/event.php?eid=165772176815811

තොරණ ගැන ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න මෙතනට යන්න.
http://www.facebook.com/home.php?sk=group_161397090589354

Wednesday, May 18, 2011

කච්චගේ කුලුදුල් බීම - බෝතලයක් වටා රස කතා (1)




මගේ අන්තිම පොස්ට් එකට ලැබිච්ච ප්‍රතිචාර (ගොඩගේ ඩයලොග් සිම් එක - සරසවියේ අනං මනං (1)) නම් හරිම දුර්වලයි. වැලේ වැල් නෑ. කමක් නෑ. මමත් දවස් 4 ක් විතර හිටියේ නැති නිසා කියමුකෝ.
අද මම කියන්න යන්නේ වෙනද වගේ පරණ කතාවක් නෙමේ. අලුත්ම අලුත් කිරි ටෝය්ය කතාවක්. අලුත් කිව්වට මේකේ ආරම්බය විතරයි අලුත්. කතාව පරණයි. අදින් මම බ්ලොග් එකට අලුත් කැටෙගරියකුත් පටන් ගන්නවා "බෝතලයක් වටා රස කතා" කියල. මේකෙන් නමට ගැලපෙන ආකාරයේ රස කතා ගොන්නක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි ඉතින් කොමෙන්ට්ස් නැත්නම් එකක් වත් නෑ. ලියන්නත් කම්මැලි.
 
පහුගිය දීර්ග සති අන්තයේ මම ගීයා අපේ රටේ ජාතික සම්පතක් වෙන සිංහරාජ කැලයට, වන වදින්න. අපේ අයියගේ ප්‍රදාන අනුග්‍රහයෙන් තමා ගමන ගියේ. යන්න කලින් ගමනට අපේ කොල්ලෝ 25 විතර හිටියට අනේ දෙය්යනේ කියල පොලු දුසිමක් විතර සෙට් උනා. අන්තිමට සු කියල ගමනට හිටියේ කොල්ලෝ 3 දෙනයි. මම වහන්සේ, අපේ කොටාස් සහ අද කතාවේ නායකයාණන් වහන්සේ - කච්ච. දුන්න පොලු වලට අනිත් ඔක්කොටම ගොඩක් පින්.
ඔන්න අපි ඉතින් සෙනසුරාදා උදේ ගමන පිටත් උන. කොහොම හරි මග පිස්සු කරලා කැලේ ගාවට එනකොට වෙලාව 4.00 ට විතර ඇති. අපේ මාතර පුන්චිලත් ඒ වෙලාවට ඇවිල්ල තිබුන. දැන් කට්ටිය අපේ බංගලාවට යන කිලෝ මීටර් 7 ක ගමන පටන් ගත්ත. අපරාදේ කියන්න ඕනේ නෑ පාරනම් සුපිරියටම කැඩිලා. ආ මට අමතක උනානේ කියන්න. අපි මුලින් සෙට් වෙලා හිටියේ, අපේ ගෙදර කට්ටිය අපේ ගෙදර ජීප් එකේ සහ අපේ කොල්ලෝ සෙට් එක කච්චගේ මසියගේ වැන් එකේ යන්න. නමුත් ගමන උදේ බලනකොට ඔක්කොම ඉන්නේ 8 කොළබින් යන්න. පුන්චිල එන්නේ මාතරින්. ඉතින් තෙල් ගහගෙන වාහන දෙකක යන එකේ තේරුමකුත් නෑ. අපේ වන්ඩියේ 8 කට යන්නත් බෑ.  වැන් එකේ වලාවක් සහිත කදු නගින්න අමාරු බව දැනගෙන උනත්
අපි වැන් එකේ යන්න තීරණය කරා ඔක්කොම. දැන් කන්ද නගින්නේ වැන් දෙකක්. මේ වැන් දෙකම ටිකක් උස උනාට තිබුන වලවල් වලට අපේ ජීප් එකවත් යන්න බෑ මගේ හිතේ. කි.මි. 1 ක් විතර ගිය වාහන දෙක හිර උනා. ඉස්සරහට යාමක් බෑ. දැන් ඉතින් මොනවා කරන්නද අදුරත් වැටීගෙන එනවා. රෑ කලේ මැද්දේ ඉන්නත් බෑ. අලි ඉන්නවලු. ඉතින් ආයෙත් හෙන ගේමක් දීල නැවතත් පාරට ආව. එනකොට රෑ 7.00 විතර වෙලා. කට්ටිය කතා උනා ලග ටවන් එකට ගිහින්. උස වාහනයක් කතා කරගන්න. වාහන තියනවා එත් එකෙක් වත් කැමති නෑ යන්න, මොකද දැන් රෑවෙලා පට්ට කලුවරි, පාරත් සුපිරියටම කැඩිලා. වෙන කරන්න දෙයක් නෑ. කට්ටිය කතා උනා එදා රෑ කොහේ හරි ඉදල උදේම උඩට යන්න. නවතින්න තැනක්  හොයනකොට සෙට් උනා ක්‍රිස්තියානි පල්ලියක් කාමර තියන. අපි ගීයා බලන්න. කාමර සුපිරි. හොට් වෝටර් එහෙමත් තියනවා. පට්ට හීතලේ ආතක් පාතක් නැතුව හිටිය අපිට හෙන සැටිස් දැන් වැඩේ. ඉතින් ඔන්න නැවතුන. 
දෙය්යනේ කියල කාමර ටික ලැස්ති කරනකල් අපි පල්ලිය කොනකට ගිහින් පලවෙනි බියර් එක කැඩුව. අපි කෑන් අරන් ගියේ ස්පෙෂල් බ්‍රවේ ලාජ් එක. කොහොම හරි මින් 10 න් ලාජ් බියර් 4 ක් ඉවරයි. ගියා කාමර වලට. කොට, මම, කච්ච එක කාමරේක. වොෂ් එකක් එහෙම දාගේම පල්ලිය ඇතුලෙම ඉදන් අයෙත් බොන්න ගත්ත. බියර් ස්පෙෂල් බ්‍රවේ ලාජ් 10-12 ක් හිස් වෙනකොට ඉතින් දැන් කට්ටියට මද පවනට වැදිලා. කන්දේ වාහන තල්ලු කරලා ඇගේ අමාරුවට එක්කම, දේශගුණ වෙනසට දැන් නියම ගණන්. ඔන්න ඔය වෙලාවේ තම අපේ කතා නායක කච්ච මුලින්ම රහමෙර පානය කිරිල්ල ගැන දොඩවන්න ගත්තේ.
උට අනුව කතාව මෙන්න මෙහෙමයි (මටත් සම්පුර්ණ කතාව මතක නෑ. පොඩි පොඩි අමතක තැන කතාරසයට බාදාවක් නොවෙන විදියට ගලපලා ලිව්වා. හිකි හිකි). මෙන්න කතාව උගේ වචනයෙන්ම.

ඔන්න මචන් මම 9-10 වසරදී විතර වාර විබාගයක් ඉවර වෙලා කොල්ලෝ ටික සෙට් උනා පොඩි බිමකට. උබල දන්නවනේ මම ඉතින් පොඩි එකනේ. උස ගියෙත් මේ ඉයේ පෙරේද. මටත් ආසයි, හැබැයි මෙලොමගුලක් දන්නේ නෑ. බිව්වම වෙරි වෙනවා කියල අහල තිබුනට ඔය මගුලක් දැනගෙන හිටියේ නෑ. දැන් කොල්ලෝ සෙට් එක එකතුවෙලා බොනවා. මමත් ඉතින් හෙනම බෙබා වගේ බර ෂොට් දාගෙන පොඩ්ඩක් තොලේ ගානවා හෙමිට ඉතුරු ටික පිටිපස්සෙන් බිමට හලනවා කට අබුල් කරගෙන මස් කෑල්ලක් හපනවා. දැන් කොල්ලෝ හුරේ කියල ගහනවා. මමත් හුරේ කියල බොරුව දානවා. මම ඉතින් ඔය වෙරි වෙමක් දන්නේ නෑනේ බන්. දන්නෙම නැතුව මම වැටිලා. දවල් 2.00 ට විතර පටන් ගත්ත බිම, මම ඇහැරෙනකොට 7.00 ට විතර මම ඉන්නවා පාලු ගෙදරක. බල්ලෙක් වත් නෑ.
මම නැගිට්ට වට පිට බැලුව. එල කිරි ඉන්න පොට් එකනම් දන්නවා. අපේ ගෙවල් වලට ටිකක් එහා ඇත ඇරලා දාපු පරණ ගෙයක්. පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ල ලයිට් එකක් ලගට ගිය ඇදුම හදාගන්න. මොකද මම දන්නවා දැන් මේ වනකොටත් ගෙදරින් කෑම පිගාන නැතිවෙලා. තව පරක්කු උනොත් ඇදත් නැතිවෙනවා කියල. ලයිට් එක ලගට ගියාමයි මට තරු පෙනුනේ. ඇදන් හිටිය සුදු දිග කලිසමේ කකුල් දෙක ලේ එකයි. ඒ මදිවට සපත්තු දෙක කාපු බය්ට් වලින් වැහිලා. මම ටක් ගාල කලිසම පහත් කරලා බැලුව මොකද මේ ලේ කියල. අම්මට සිරි දැනටත් කකුලේ කුඩල්ලෝ 10 ක් විතර ඉන්නවා. සමහර උන් ලේ බිල බිල වැටිලා. තාම ලේ ගලනවා තුවාල වලින්. ඉන්න උන් ටික ගැලෙව්වා. මට දැන් ටිකක ස්පේ මොකද තුවාලයක් නෑනේ. කුඩල්ලෝ කෙස් එකනම් අව්ලක් නෑ. ඕව පුරුදුයි. සපත්තු දෙකට උනා දේ හිතාගන්න පුළුවන් උනා වැටිලා හිටිය තැන සහ වට පිට බැලුවම. දවස් 3 ක විතර කෑම වටේ තිබුන. මම දැන් හිමිට වාඩිවෙලා කල්පනා කරා මොකද්ද උනේ කියල. 

මට එතකොට යාන්තමට මතකයි මම වැඩිවෙලා වැටිලා ඉන්නකොට මගේ යාලුවෙක් මාව කර ගහගෙන ලග තියන දොළ ලගට එක්කන් ගිහින් බිම දාල වමනෙයි මුඋනයි හේදුව. මොලේ තියන හරකෙක් දොළක් ගාව බිම දායිද බන්. එතන කුඩල්ලෝ ඇති කරන පොට් එකක් වගේ තැනක්. කොහොම හරි මු මාවත් වත්තම් කරගෙන ඇවිල්ල දැම්ම පාළු ගෙදරින්. දාල මුත් වැටුන. එච්චරය් මතක. මු පස්සේ නැගිටලා යන්න ඇති. මේ වෙනකොට වෙලාව 8.00 ත් පහුවෙලා. ඇයි ඉතින් බිව්ව වෙලාවල දේවල් මතක් කරන එක ක්ෂණිකව වෙන්නේ නෑනේ.
කොහොම හරි මම අමාරුවෙන් ඉන්නකොට මගේ යාළුවා ආව බයිසිකලේකින්. මම නිකක් දෙය්යෝ දැක්ක වගේ. උටත් හෙන සැටිස්. මොකද මම නගිටලානේ. මුගේ වෙරි හිදිලා මු අයෙත් ගිහින් බොන්න. කොහොම හරි දැන් මු මාව බයිසිකලේට නග්ගගෙන ගෙදර ලගට ගිහින් දැම්ම. දාල මු ගියා යන්න. යකෝ මුට වඩා බයිසිකලේට වෙරි වගේ. බයිසිකලේ හො ගාල වැනෙනවා. කොහොම හරි මම යනකොට ගේට්ටුවත් ඇරලා, ගෙදර ලයිට් එහෙමත් වටේම දාල. මගේ සිගිති මොලේට වැටහුනා මම ඉවරයි කියල. මම වචයක් වත් කතා නැතුව ගියා කාමරේට අඩුම ගැලෙව්වා. රිංගුවා නාන කාමරේට.
අම්මලට මගේ කතාව ඉතින් කටින් කියන්න ඕනේ නෑ මගේ හිතේ. ගදෙන්ම තේරෙන්න ඇති. කලිසමේ ලේ පල්ලම් නොපෙනෙන්න මම කලිසම නවාගෙන අවේ ශෝටක් වගේ. පැයක් විටර මම හිටිය නනා. දැන් මට ඇහෙනවා හුරේ කියල බනිනවා. තාත්ත පොලිසියේ අන්ට්‍රිය කුත් දාල මම නෑ කියල. සද්දේ නැවතුනාම මම හෙමිට එලියට ඇවිත් ඇදුමක් කාරිය දාගෙන. කන් දීගෙන ගිටිය. නෑ කිසි සද්දයක්. මට හෙන අව්ල වගේ. මොකද සාමන්යෙන් කෙස් එකකටත් අම්මගේ බන සති දෙකක් විතර තියනවා. මේකට පැයක් වත් නෑ. මම සද්ද ඇහෙන්නේ නැති විදියට දොර ඇරලා, සාලේ පැත්තට ගියා. කයුරුවත් නෑ. දොරත් වහල දාල. මට කුස්සිය පැත්තෙන් කසු කුසුවක් ඇහෙනවා. මම ගියා ඒ පැත්තට හොර වගේ. අම්මට සිරි; අලි මදිවට කොටි කිව්වලු, අම්ම, තාත්ත විතරක් නෙමේ අක්කත් ඉන්නවා. මම යකනොටම මට ඇහුන දෙයින් මගේ ඔලුව දෙපාරක් කැරකුණ. මම සුරුස් ගාල කාමරේට ඇවිත් නිදාගත්තා. වෙන අහන්න ඕන උනේ නෑ. උබල දන්නවද මොකද්ද තාත්ත කිව්වේ කියල??
 
කොටා: තෝව කොටු මස් කරන්න ප්ලැන් කරනවා ඇති.
මම: අනිවා අනිවා, උබේ ____ දෙකෙන් අල්ලලා එල්ලන්න ප්ලැන් කරනව් ඇති.

කච්ච: නෑ නෑ ඔයි, එහෙම නම් කොච්චර හොදද. තාත්ත කියනවා.
" මුව මෙහෙම තියල බෑ. දැන් නිවාඩු කලෙත් ලබන නිසා. මුව මාසයකට විතර පුනරුත්තාපන කදයුරකට යවමු. "

එහෙනම් අයෙත් දවසක හමුවෙමු. කොමෙන්ට්ස් නම් ඕනේ හොදේ.

ගොඩයගේ ඩයලොග් සිම් එක - සරසවියේ අනං මනං (1)

දැන්  බ්ලොග් ඒක නියම ට්‍රැක් එකට වැටිලා වගේ. කට්ටිය බලනවා කොමෙන්ට්ස් දානවා එලම කිරි. මටත් හෙනම ෆිට් එකක් තියෙන්නේ ඔයාලගේ කොමෙන්ට්ස් දකිනකොට. මගේ කලින් පොස්ට් එකේදී මගේ ගජයෙක් (පුබුදුව) කියල තිබුන නිකං ඉන්න බැරි මිනිස්සු (දන්නා අය දන්නවා මේ කොහෙද කියල. දන්නේ නැති අය ඔය වච ටිකේ මුල් අකුරු දාල ඔය කොහෙද කියල බලාගන්න) එකේ ඉන්න කාලේ කතාවක් දාන්න කියල මට තර්ජනයක් කරලා තිබුන.
ඔය තර්ජනය දැක්ක හැටියේම මට මතක උනේ; තර්ජන ගර්ජන වලට ලෝක ප්‍රසිද්ධ අපේ ගොඩයා නොහොත් තරිදුව. ඉතින් මට හිතුන අපේ තරිදුගේ ආතල් කතාවක් දැම්මනම් හොදයි කියල.
මේ කතාව වෙනකොට අපි අපේ උසස් ඩිප්ලෝමාව කරන කාලේ. ඒ කියන්නේ 2008 විතර. ඔය කාලේ ගෘප් පැකේජ් ආව විතරයි. මොකක් හරි ආව හැටියේ ඒක ගන්න ඒක ලංකාවේ මිනිස්සුන්ගේ ජන්ම පුරුද්දනේ. අපිත් ඉතින් ටිපිකල් සිරි ලන්කෙන් නිසා කොන්ටක්ට් එකක් අල්ලාගෙන ගත්ත පැකේජ සෙට් එකක්. (අපිට ඉදන් දෙය්යනේ කියල මොනවා නැතත් ඕන තැනක මිනිස්සු ඉන්නවා.) ඔය පැකේජ ඒක අතරේ අව්ට්‌ ගොයින් ෆ්‍රී. අපේ සෙට් එකේ 15 ක විතර ඌක ගත්ත. හැබැයි අපේ කතා නායකයා වන ගොඩයට මේ සෙට් එකට සෙට් වෙන්න උනේ නෑ. දැන් කට්ටිය ඕක අරගෙන රෑට රෑට කොන්ෆෙරන්ස් කෝල් පාර දානකොට සහ ගොඩගේ මල කැඩිල්ල උපරිම වෙනකොට මුටත් ඕනේ උනා සිම් දෙකක්. අපි අයෙත් බැලුව අර යාලුවගෙන් මේ සෙට් එකට තව දෙකක් ගන්න. ඒත් බැරි උනා.
දැන් ඉතින් මොනවා කරන්නද? ඔහොම ටික දවසක් ගියා. ගොඩගේ වදේ ඉවරයක්‌ නෑ. ගොඩය වැඩ දෙන්න පටන් ගත්තම, දන්නෝ දනිත් ඉතින්. කියන්න වචන නෑ. බෙල්ල වල දාගන්න ඒක හොදයි. අපි කතා උනා මචං මේ වදේ හරියන්නේ නෑ. මුට ඔන්න අපේ සිම් දෙකක් හරි දෙමු කියල. මේ වෙනකොටත් මගේ බොක්ක රන්දී ඔය සිම් ඒක ඇත ඇරලා තිබුනේ. උට ඩයලොග් තියන කෙල්ලෙක් සෙට් වෙලා. ගෘප් එකේ ලැබ උනාට ඩයලොග් පිටට ගන්නේ. හිකි හිකි. උ ස්වකැමැත්තෙන්ම සිම් ඒක දෙන්න කැමති උනා. මොකද පාවිච්චි නොකරට රෙන්ට් ඒක එනවනේ (එට වැඩ හේතුව අපි රෑට සෙට් උනාම ඉතින් මුට ඩයලොග් ඒක පන්නල පැකේජ් සිම් ඒක දාගන්න කල් වද දෙනවා. පොන් 10-15 කින් රින්ග්එනකොට කොහොමට තියෙය්ද කියල ඉතින් අලුතින් කියන්න ඕනේ නෑනෙ.
දැන් සිම් එකක් හරි අනික කොහෙන්ද ගන්නේ?? ඔහොම ඉන්න කොට අපේ “හිටපු හෙනම බොක්කක්” (දැන් මෙය අපිත් එක්ක තරහයි. එකත මම කරපු ගොන් කෙස් එකක් නිසා තමයි  තරහ උනේ. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ කතාවනම් කියන්න කියන්න එපා) වන සෑන් කිව්වා “ මම මගේ සිම් ඒක දෙන්නම් කියල. කොහොමත් එය ඒ වෙනකොට වෙන ඩයලොග් පැකේජ එකකට මාරු වෙන්න හිටියේ.
දැන් සිම් දෙක හරි. ප්‍රශ්නේ ඉවරයි. හැබැයි ඉවරයි කිව්වට ඉවරමත් නෑ.. හි හි. මටත් ඉතින් කසනවනේ. මම කිව්වා කොල්ලන්ට මුට නිකං නම් මේක දෙන්න බෑ. ආතල් එකක් ගන්නම ඕනේ කියල. අපරාදේ කියන්න බෑ මගේ මේ සෙට් එකත ඉස්කෝලේ සෙට් එකට ඇරෙන්න වෙන කාටවත් දේවිනි වෙන්නේ නෑ. (ඉස්කෝලේ උන් ටික අනිවා පලවෙනි තැන) කට්ටියගේ ශබ්ද කෝෂ වල “නෑ” “බෑ” “අනේ පව්” කියන වචන නෑ. තිබිලත් නෑ. කට්ටියම එකට සෙට් වෙලා වැඩේට සෙට් උනා. මම ඉතින් කොහොමත් ඔය වැඩ වලට දස්ස නිසා. මම කිව්වා මෙහෙම වැඩක් කරමු කියල.
අපි මේක නිකන්ම මුට දෙන්න බෑ. මු බිල ගෙව්වේ නැත්නම් වැඩේ චොර. හි හි. අපි මෙහෙම කරමු. මුද්දරයක් උඩ අත්සන් අරන් දෙමු සිම් එක” කියල මම ලිව්වා ලියුමක්. මෙන්න මේකයි ලියුම (ඇත්තටම ගිවිසුම).




කොහොම හරි ගොඩය මේකට අත්සන් කරා. මොකද සිම් එක ගන්න ඕනනේ. මේක ගොඩය හමූටම ඇහෙන්න කියවල අත්සන් කරොපු වෙලාවේ කට්ටිය ගත්ත ආතල් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

එහෙනම් තවත් කතාවකින් හමුවෙමු. ජයවේවා....

Tuesday, May 10, 2011

පාසලේ සොදුරු මතකය.....

දැන් වැඩේ නැගලම යනවා. බලන කට්ටියත් එන්න එන්නම වැඩිවෙනවා මෙන්ම ඔයාලගේ ප්‍රතිචාරත් එන්න එන්නම වැඩි වෙනවා. මරේ මරු. කට්ටිය මේ විදියටම ඉන්න ඕනේ මමත් එක්ක. එතකොට මටත් ෆිටේ ෆිට්.

අද මම දාන්නේ නිසදැසක්. මේක මම ලිව්වේ අනුලා එකේ හිටිය මගේ බුදුම බොක්කකට. ඒකිගේ නම මෝක්ෂ. ඉස්කෝලේ ඉවර වෙලා පස්සේ ඉන්නකොට එකී දුන්න මට ඒකිගේ ඔටෝ එක. එකේ ලියපු එකක් තමා මේ. පහුගිය පොස්ට් එකට පුට්ටුව දාල තිබුන ආයෙත් ඉස්කෝලේ යන්න තිබුන නම් කියල. අපි මෝටම ඒක ඒවිදියට හිතුනත් යථාර්තය මෙන්න මේකයි කියල මට හිතෙන නිසා තමයි මම මේක පොස්ට් කරන්නේ. මේක බොරුනම් කියන්න.



Monday, May 9, 2011

මගේ ලෝක ප්‍රසිද්ධ උපන් දිනය - පාසලේ විත්ති (4)

පහුගිය පොස්ට් ටිකට ලැබුන ප්‍රතිචාර උපරිමයි. ඔයාල ඔක්කොටම ගොඩක් ඉස්තුතියි. ඒ ටික කියවනකොට පට්ට ගට් එකක් එන්නේ ලියන්න. ඔන්න එහෙනම් වැඩි වල වටරං නැතුව අදත් අලුත් කතාවක් කියන්න කියල හදන්නේ.මේ කතාවත් හොදනම් කියවල Comments එකක් දෙකක් දාන්න. ඔයාලගේ Comments නිසා තමයි මම දිගටම ලියන්නේ.




අද කතාවෙන් කියවෙන්නේ අපේ කට්ටිය මගේ ලෝක ප්‍රසිද්ධ උපන් දිනය දවසේ ඉස්කෝලේ යන්නේ නැතුව අපේ ගෙදර ආව එක. ඒ ආපු කොල්ලොන්ට මම සහ මගේ බොක්කක් දුන්න ආතල් එකක් තමා මේ.
ඔන්න හා හා පුරා කියල මගේ උපන් දිනේ ලැබුවලු. මම කලින් ඉදන් කියල තිබුනේ එදා දවල් කෑම මගේ ගානේ අපේ ගෙදර කියල. අපේ කට්ටියටත් ඉතින් ඉස්කෝලෙන් පනින්න හේතුවක් ඕනෙම නැති එකේ, හේතුවක් තිබුනොත් කොහොමට තියේවිද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ.
හේතුවකුත් තියන එකේ ඔය කියන දවසේ කට්ටිය ඉස්කෝලේ අතුලටවත් ගිහින් නෑ. එළියේ ඉදන්ම කට්ටිය උදේ පාන්දරම යන්න තමයි සෙට් වෙලා තියෙන්නේ. කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න කට්ටිය දැන් අපේ ගෙදරට වාර්තා කරා උදේ පාන්දර 9.00 විතර වෙනකොට. මම දැන් ගෙදර ඇතුලේ. කතාවේ හැටියට කොල්ලෝ 10-12 විතර තමා එන්න හිටියේ. දැන් ඔන්න ඇතුලට එනවා කොල්ලෝ ටික. එනවා එනවා එනවා ඉවරයක්‌ නෑ. කොහොමෙන් කොහොමෙන් හරි 20 ක විතර ආව. දැන් ඉතින් මොනවා කරන්නද?? ඔක්කොටම කන්න  දෙන්න එපාය. සමහර ආපු උන මම ජීවිතේට දැක්කෙත් එදා. හිකි හිකි. ඉස්කෝලෙන් එළියේ ඉදන් එන එන එකාව කතා කරන් “වරෙන් වරෙන් කොල්ලෙක්ගේ උපන්දිනයක්, කෑමක් තම තියෙන්නේ කියල” ඔහොම කිව්වොත් නොඑනවානම් ඌ අපේ යාලුවෙක් නෙමේ කියල දන්නෝ දනිත් කිව්වලු.
අම්මගෙනුත් බැනුම් කෝටියක්‌ අහල එයාල උයන්න දාල මම ගියා කොල්ලෝ සෙට් එකත එක්ක ක්‍රිකට් ගහන්න අපේ ගෙවල් ගාව පිට්ටනියට. ඔය ගමනට සෙට් උනා මගේ ගජයෙක් දිලින කියල. මු තමා මේ කතාවේ මහා මොළ කාරය. දැන් කට්ටිය හුරේ කියල ක්‍රිකට් ගහල දවල් 12.00 ට විතර එන්න පිටත් උනා ගෙදර. දැන් කට්ටියට හොද ගණන් ඇයි ඉතින් කට්ට අව්වේ ක්‍රිකට් ගහල ගහලනේ අවේ. ආව විතරි වතුර එකක් එහෙම බීගෙන බීගෙන ගිහින් ඉන්න කට්ටියට මගේ ගජය දැම්ම සුපිරි අදහසක්.
“මචංලා දැන් කට්ටිය මගන්සියෙන් ඉන්න එකේ යමුද එහාපැත්තෙ දොලට නාගන්න???” මටත් නිකං මෝල් වගේ.. ඇයි බං මෙච්චර කල ඉදලත් මම දන්නේ නෑනෙ මෙහෙ දොළක් තියනවා කියල. මු කියපු විදියට සහ මම මුගේ හැටි දන්නා නිසා සහ මටත් ඉතින් බොරුව, රගපෑම බැරි නිසා මමත් කිව්වා
“අඩෝ පට්ට අදහස. මට ඕක ඔලුවට ආවේ නෑනෙ” කියල.
අපේ කට්ටියටත් ඉතින් වතුර පාරක් කිව්වම ඉතින් සහරා කාන්තාරේ ඉදන් ආව වගේ කෙල හලන්න පටන් ගත්ත. වැඩේ සෙට් උනා කට්ටිය දැන් යනවා දොළට. හැබැයි මම කියන්න ඌනේ මම ගැන දන්නා කීපදෙනෙක් මේ ගමනට එකතු උනේ නෑ. වතුර කිව්වම කන්න බොන්නවත් ඕනේ නැති මැක්ක තමා ගමනට නායකත්වය ගත්තේ. දැන් කට්ටිය යනවා පාර දිගේ. අපේ පැත්තේ තියනවා රබර් කැලයක්. ඔය පැත්තට තමා අපි ගියේ. ටික දුරක් යනකොට කට්ටියට වැඩේ මාට්ටු වගේ. ඔන්න අපි රබර් කලී ලගට ආව. ඇවිත් දිලිනය කිව්වා
“රබර් කලේ මද තමි ඔය පොත එක තියෙන්නේ. වටෙන් යමු” කියල.
එහෙම කියල මු මගෙන් අපි “මචං සුමනේ අදත් දොලේ මාළු බානවද දන්නේ නෑ. ඌක හිටියොත් පට්ට ආතල්. පොඩ්ඩක් බලමු.” කියල,
මු කෑගහන්න ගත්ත මෙන්න මෙහෙම “සුමනේ උබ ඉන්නවදෝ.......????”
අපේ වෙලාවට සහ අපේ උන්ගේ කරුමෙට මෙන්න බොලේ රබර් වත්ත පැත්තෙන් කොල්ලෙක් කෑගැහුව “ඉන්නවෝ.....” කියල. අපි දෙන්නටත් පිස්සු වගේ. හබි අපේ සෙට් එකට දැන් නම පට්ට සුවර් වැඩේ නයෙක් නෙමේ කියල.
කොහොම හරි රබර් කැලේ වටේ කියලත් අපි සෙට් එක තව විනාඩි 10 ක විතර. ඔහොම ගිහින් කොහොමෙන් කොහොම හරි වටේ ගහල ආයෙත් පරණ පුරුදු අපේ ගෙදරට එන පාරට වැටුන. වැටුන විතරයි අපේ ගෙදර පාර දන්නා මැක්කා මෙහෙම කියපි,
“අඩෝ මේ උබලගේ ගෙදරට යන පාරටනේ අපි ආයෙත් ආවේ?”
එක පාරටම දිලිනය සහ මම “අද දවස කවද්ද කියල මතක කරගනිල්ලා” කියල දුවන්න පටන් ගත්ත.
එදා දවස එක්ක සිද්දිය ගැලප ගත්ත අපේ උන ටික කියපු කුණු හරප ටික ආයෙත් අමුතුවෙන් ලියන්න ඕනේ වෙන එකක් නෑ මගේ හිතේ. දවල් කට්ට අව්වේ ක්‍රිකට් ගහපු මහන්සිය සමග පැය භාගයක් විතර පයින් ගියපු තරහ එකට කැටිවෙලා අපේ සෙට් එකේ හදපත්ලෙන්ම නැගුන කුණු හරප ටික ගැන කියල වැඩක් නෑ..

එහෙනම් තවත් දවසක වෙනත් කතාවක් සමග හමුවෙමු.

Saturday, May 7, 2011

මගේ හදවතේ තේමා ගීතය....

කට්ටිය මාත් එක්ක තරහ වෙන්න එපා. මේ දවස් වල BLOG ලියන්න තියා මට කන්න බොන්නවත් වෙලාවක් නෑ. Project දෙකක් සෙට් වෙලා පට්ට busy වෙලා ඉන්නේ. එක නිසා අදත් මම දාන්නේ නිසදැසක්. මේක මම ලියපු දිනය, වෙලාව, හේතුව කියන ඔක්කොම මට හොදට මතක තිබුනත් එක දාන්නෙ නෑ. විශේෂ හේතුවක් නෑ නොදැ ඉන්න. එත් දාන්න ඕනේ නෑ කියල හිතුන. මේක මට ටිකක් වැදගත් මෙන්ම වටිනා නිසදැසක්. මම නිසදැස් ලියන්න එච්චරම දක්‍ෂ නෑ කියල මම දන්නවා. එත් මගේ අතින් ලිය උන හොද නිසදැසක් විදියට මම මේක දකිනවා. ඔයාලගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. ඕනේ අදහසක් පහලින් Comment එකක් විදියට නමත් එක්ක දාල යන්න. ඔයාලගේ Comments තමා තව කියන්න මට ශක්තියක් වෙන්නේ.


Thursday, May 5, 2011

පන්තියේ ක්‍රිකට් ගැහිල්ල - පාසලේ විත්ති (3)




ඔන්න ඉතින් කට්ටියට ආයුබෝවන් කියල තවත් කතාවක් ලියන්නය් ලෑස්තිය. මේ කතාවත් ඉතින් මාතෘකාව පරිදිම පාසැල් කාලේ රසබර අද්දැකීමක් තමා. මේ කතාවේ අපිට කතා නායකයෝ දෙන්නෙක් ඉන්නවා. එකෙක් තමා ටෝනි ග්‍රෙග් වත් රට යවපු අපේ මැක්ක. අනික තමා විහාර මහාදේවී පාක් එකට ගිහින් කෙල්ලගේ ඔලුව අතගාල ආව අපේ පොල ඇට්ටි. මේ කතාවෙත් තියෙන්නේ අපේ හිට්ලර්(මගේ මුල් කතා කියවපු අයනම් හිට්ලර්ව හොදට දන්නවා. දන්නේ නැත්නම් පොඩ්ඩක් පොස්ට් 2-ක් පස්සට ගිහින් බලල එන්න) අපිට දුන්න අපූරු දධුවමක් තමා.


අපේ උසස් පෙළ පන්තිය තමා M2. අයෙ ඉතින් ම කිව්වම ගණිත විතරක් නෙමේ මුළු ඉස්කෝලෙම වගේ හරි ප්‍රසිද්දය්. අපේ පන්තිය ඉස්සර Staff Room එකක්ලු. ඉතිං දන්නවානේ Staff Room එකක් කියන්නේ ඉතිං ටිකක් ලොකු කාමරයක්නේ. ඒවගේම අපේ පන්තියත් අනිත් පන්ති වලට වඩා දෙගුණයක් විතර ලොකුය්. හැබය් අපේ කොල්ලෝ ටික මේස පුටු තියල තියන විදියට ලොකුවක් පෙන්නේ නෑ. ඉස්සරහ ඉදං පිටි පස්සටම මේස පේලි. හැබය් පන්තිය ඇතුලට ආවම තමා ඇත්ත තත්වේ පෙන්නේ. මේස පේලි දෙකක් අතර කිසිම ගින්නක් නැතුව යතුරු පැදියක් යන්න පුළුවන්. දැන් කාලේ විදියටනම් ත්‍රී රෝද රථයකට උනත් යත හැකි. ඔය විදියට පන්තිය තියෙන්නේ පලවෙනි, දෙවෙනි කාල ප්‍රාන්තර වෙනකල් විතරය. අපේ හිට්ලර් පන්තියෙන් ගිය හැටියේ අපේ සෙට් එක ගෙදර ගියේ නැත්නම්, මේස ටික නැවත සාමාන්‍ය පන්තියක් විදියට ලංකරනවා. එතකොට පන්තිය පිටිපස්සේ අත දිග ඇරලා වන් බම්ප් එකක් ගහන්න පුළුවන්. අයෙ ඉතිං මොනවද?? කට්ටිය හුරේ කියල ගහනවා ක්‍රිකට්. 


අපේ කට්ටියගේ කටවල් ඉතිං පොඩි නෑනේ. දෙය්යනේ කියල ගිය ආත්මේ ලව්ඩ් ස්පිකර් එකක් දෙකක් නෙමේ කොම්පනියක් ගානේ පුජ කරපු අය්යල ටිකක් තමා අපිට හිටියේ. ඒමදිවට ක්‍රිකට් ගහනකොට හොර කරන එක කරේ නැත්නම් අපිට නිකන් කෑවේ නෑ වගේ. දෙපැත්තම හොරකරන එක බලන් ඉන්න නිසා හොර කරන එක ලේසිත් නෑ. (මටනම් ඉතිං වැඩිය හොර කරන්න බෑ ඔන්.. ලොල්) කරපු හොරයක් මාට්ටු උනොත් ඉස්කෝලෙම දෙවනත් වෙන්න කෑගහන එක සාමාන්‍ය දෙයක්. ඔය නිසා අපි ආයෙත් කරන්නේ නෑ කියල ලියුම් ලියල ඇති 50 කට වඩා. ඉති මේ නිසා නිතරම බැට් කරන අයගෙන් කෙනෙක් පන්තියට එන පාර මුර කරන්න දාන එකත අනිවා කරන දෙයක්. 


දැන් මේ කියන දවසෙත් කට්ටිය සුපුරුදු පරිදි ක්‍රිකට් ගහනවා. මුරට දාල හිටියේ නමටත් කැළලක් උනු බල්ලා නොහොත් සංඛය. බෝල දාන්නේ පොල ඇට්ටිය. ගහන්නේ මැක්ක. වෙනද වගේ සද්දේ දාගෙන දැන් කට්ටිය ගහනවා ක්‍රිකට්. එක පාරට හෙන නිස්සබ්ධ තාවක් ආව. අපි බැලුව දොර දිහා. අප්පට සිරි හිට්ලර් එතන. තත්පරක් ගියේ නෑ මම ඇතුළු අපේ ගොය්යෝ ටික ලග ලග තිබුණු පුටුවල වාඩි උනා. හම්බානක ක්‍රිකට් ලෝකේ හිටිය මැක්කටය් පොල ඇට්ටියටය් මේක මීටර් උනේ නෑ. පොල අට්ටිය බොලේ දැම්ම, සුපුරුදු පරිදි මැක්ක පොලු, මු කෑගහන්න ගත්ත යකෝ මු අක්තර්ගේ බාප්පාගේ පුතා වගේ හය්යෙන් බොලේ දැම්මේ. අඋට් නෑ. පිස්සුනම් කෙලින්න එපා කියල. දැන් අපි කට්ටිය වාඩිවෙලා. වාඩිවෙලා හිටිය අපිට විතරක් නෙමේ හිට්ලර්ටත් මේකට හිනා.
හිට්ලර් කතා කරා මැක්කටය් පොල ඇට්ටියටි.
“ දැන් කට්ටිය වාඩි වෙලා අර උදේ දුන්න ගණන් ටික හැදුවනම්... තමුසෙලා දෙන්න එනවා මම එක්ක.” 
කියල අරුණ දෙන්න එක්ක ගියා Staff Room එක පැත්තට. මුරට හිටිය බල්ලත් , බල්ල වගේ ඇවිත් පුටුවකින් වාඩි උනා. හිට්ලර් ගිය විතරය කොල්ලෝ ටික බල්ලගේ අහවල් එක කඩාගෙන කන්න හදනවා.
“තෝ කොහෙද _____ හිටියේ? තෝ දැක්කේ නැද්ද විජේ එනවා..??”
“තෝ බලු වන්සේටත් අවනඩුවක් බල්ලො”.. ඔන්න ඔහොම.

වෙලා තියෙන්නේ මෙකය්. බල්ල මුර කරන අතරේ ලකුණු තත්වේ දැනගන්න පන්තියට ඇවිල්ල. ලකුණු බලල හැරෙන කොටම හිට්ලර් ඉස්සරහලු. මු හැරෙන්න හදනකොටම හිට්ලර් ඇගිල්ලක් කටට තියල “ශූ........”  කියල මුට කෑගහන්න එපා කියල. මුව පස්සට දාල පන්තියට ඇවිල්ල ක්‍රිකට් ගහනවා බලන ඉදල. දැන් ඉතිං මොනවා කරන්නද. කටිඉය දැනගත්ත අද හොද පෝරියල් එකක් සෙට් වෙනවා කියල. හැබය් අපිට හෙන අව්ල මොකද අපිට කතා කරේ නෑනේ. ඔක්කොටම වඩා අව්ල හිට්ලර් බැට් එක විදීයට ගත්ත මේස ලි කෑල්ලය්, ටෙන්නිස් බෝලෙය් අරන්ගිය එකට. විනාඩි 10 කින් විතර විවේක කාලය ආව. කට්ටිය දිව්වා කෙලින්ම Staff Room එක පැත්තට. යනකොටම කට්ටියට තේරුණා මොකද්ද වෙලා තියෙන්නේ කියල.
Staff Room එක ඉස්සරහ මැක්ක ඉන්නවා Drive එකක් ගහන ඉරියව්වෙන්. පොල ඇට්ටිය ඉන්නවා දුස්රාවක් දාන ඉරියව්වෙන්. අපිට ඉතිං මොන Staff Room ද??. හිනාව දරාගන්න බෑ. Staff Room එකේ කට්ටියත් එලියට ඇවිත් හිනාවෙලා යනවා. මුන් දෙන්නට ඉස්කෝලේ ඇරෙනකල් ඒ විදියට ඉන්න උනා.

කොහොමද හිට්ලර්ගේ දධුවම???

එහෙනම් ඔක්කොටම ජයෙන් ජය.

Wednesday, May 4, 2011

අපේ කාලයේ බාදුරා මලකගේ ශෝඛාන්තය.....

එක දිගට කතා දෙකක්ම ලියපු නිසා මම හිතුව අද පොඩි නිසදැසක් ලියන්න ඕනේ කියල.
මේ නිසදැස මම ලිව්වේ දැනට අව්රුදු 3-4 කට කලින්. ඒදවස්  වල සිරසේ ගියා තිත්ත ඇත්ත කියල වැඩසටහනක්. මම ඒ දවස්වල ඉදන් වැඩිය ඔය TV ප්‍රෝග්‍රෑම් බලන්නේ නැති උනත් එදා මම ඕක බැලුව. බලල ඉවරුන ගමන් මට හිතුන මේකට මොකක් හරි ලියන්න ඕනේ කියල. මේක තමා මම ලිව්වේ.
නිසදැස කියෙව්වම එදා දවසේ තිත්ත ඇත්තේ තිබුනේ මොනවගේ කතාවක්ද කියල ඔයාලට තේරුම් යාවි.



Tuesday, May 3, 2011

කපිලගේ phone එක - පාසලේ විත්ති ( 2 )




ඊයේ කතාවට Comments ලැබිච්ච හොදය්. ඒවාට බොහොම ඉස්තුති. අද අලුත් කතාවක් කියන්න තමය  ලේස්ති වෙන්නේ. මේකත් ඉස්කෝලේ කලේ මගේ යාලුවෙක්ට උන දේකට අපි තාර බර දාල හදපු කතාවක්. අපේ පන්තියේ හිටිය කපිල(ඇත්ත නමට ගොඩක් ලග හමෝම කතා කරපු නම) මු ලග තිබුන එක එක ජාතියේ mobile phones. අපිලග phones නැති කාලේ මු තමා  අපිට ඔය එක එක phone ගෙනාවේ. (මුට කලින් අපිට phone පුරුදු කරේ අපේ one and only කොන. කොන කිව්වම මට මතක වෙන්නේ කොටා  ඇතුළු අපේ සෙට් එකට රත්නපුරේ එක්කගෙන් ගිහින් මු එකම මස්  හට්ටිය සතියක් කවපු කතාව. ඊක මෙතනට අදාල නෑ. එක මම වෙනම පස්සේ කියන්නම්.) අයෙත් කතාවට එමුකො. අපේ කපිලය ඉතින් phone එක ගෙනල්ල ගමටම පෙන්නනවා. class ගියත් කට්ටිය මේක දන්නවා. මු අපේ බොක්ක මෙන්ම හදිස්සියකට රිංග එකක්වත් දෙන්න ඉන්නේ මු නිසා අපි මුකුත් කියන්නෙත් නෑ. ඔන්න දවසක් අපේ කට්ටිය එක්ක මු ගිය පොත්තිගේ chemistry class . වෙනද වගේම class එකේ බයලා ගහල ගහල ඔන්න class ඉවරුනා කියමුකෝ. කට්ටිය දැන් එලියට ඇවිත් class එකේදී මිස් උන බයල අත දිග ඇරලා ගහනවා. ඔය අතරේ අපේ කතා නායකයට කොල්ලෝ දෙන්නෙක්(එකෙක් දන්නව. ටිකක් විතර දන්නා එකෙක්. අනිත් එකා මරුමුස් කුඩ්ඩෙක් වගේ එකෙක්.) කොල්ලෝ සෙට් එකට මේක අල්ලලා නෑ. මු ඉතින් රටටම පොර talk ගෙඩි පිටින් නෙමේ වලු පිටින් දෙල තියන බව හැමෝම දන්නා නිසා කොල්ලෝ අහල මොකද කපිල case එකක්කද කියල??? ඒත් මොන case ජන්මෙට වඩා පුරුද්ද ලොකුය  වගේ, පිස්සුද බන මේ මගේ බොකු දෙකක් කියල බුවා කියල. ඉතින් වෙන මොන කතාද, අනිත් උන උගේ body guardla නෙමේනේ කට්ටිය ඔහේ තෙල් බෙදන අතරේ මු පොඩ්ඩක් එහපත්තට ගිහින් අරුන් දෙන්න එක්ක. ඔන්න එක පාරටම කපිලය එනවලු අඩෝ මචන් මර case එක අරුන් දෙන්න phone එකට කෙලිය කියාගෙන. දැන් කට්ටියට මෝල් වගේලු. ඇය ඉතින් මේ බොකු දෙකක් එක්කනේ මු ගියේ. ලොල්.. කොහොමෙන් කොහොම හරි කට්ටිය බැලුව අර ඩබල කෝ කියල උන දෙන්න නෑ හොයාගන්න. ඒ අතරේ කට්ටිය ඇහුව මොකද්ද උනේ කියල. දැන් ඉතින් මු කියනවා කතන්දරේ(මේකේ තර බර කොච්චර තියනවද කියල දන්නේ මුය් අර ඩබලය  විතටය)

“අඩෝ මාර වැඩේනේ බන, අරුන දෙන්න මට එහාපැත්තෙ පාරට කතා කරන ගිහින් සල්ලි ඉල්ලුවනේ. මම නෑ කිව්වා. උන බලෙන්ම ඉල්ලුව. උබල දන්නවනේ ඉතින් මම ගැන. මම නෑම කිව්වා. පස්සේ අර උස එක ඉන්නේ බන උ උගේ bag එක ඇරලා ගත්තේ නැත ACID කුප්පියක්. මම දන්නවනේ බන උගේ හැටි ඒ ACID ම තමා. උ කිව්වා සල්ලි දුන්නේ නැත්නම් ACID ගහනවා කියල. මම ඒත් සැලුනේ නෑ. මම කිව්වා නැති සල්ලි කොහෙන් දෙන්නද ඕය් කියල. පස්සේ මු කිව්වා phone එක දීපන් කියල. මම බෑ කියල එන්න හැරෙනකොට මු BAG එකේ තිබිල ද්හප්පියක් ගත්තේ නැත. මම ටිකක් සරෙන්ඩර්. අය් බන දන්නවනේ ඔකුන්ගේ හැටි. අර HOME MADE දප්පියක් බන කහ පාට බෝලයක් වගේ හොදට හදල. මොනවා කරන්නද මම දැනගත්ත එන පොට හොද නෑ කියල. දුන්න Phone එක. පස්සේ මු බලෙන්ම මගේ Purse එක අරගත්තා. අරගෙන මට පාරේ උඩහට යන්න කිව්වා. ඒ අතරේ උන දෙන්න මාරු උන. මම පොඩ්ඩක් උඩට ගිහිල්ල උන දෙන්න පස්සෙන් අබුව උන දෙන්න නැහැ බන. අනේ වරෙල්ලකෝ පොලිචේ අන්ට්‍ර්ය් එකක් වත් දාමු.”

ඔන්න ඔකය් කපිලයාගේ ආද. පස්සේ ඉතින් අපේ කොටගෙ යාලුවෙක්‍ලු අර දෙන්නගෙන් එකෙක්. ඔය විදියට ගිහින් phone එකය්  purse එකය් ගත්ත. සල්ලිනම් තිබුනේ නෑලු.

ඔය අතරේ රට්ටුය් ලෝකයෝය් තැන තැන කියන්න ගත්ත මෙන්න මෙහෙම කතාවක්.

කපිලය හරි හොද එකා බන්. Cricket practice ඉවර වෙලා මහන්සියෙන් ගෙදර යන කොල්ලෝ දෙන්නෙක්ට මුට දුක හිතිලා phone එක දීලනේ බන. ඒ විතරක්නම් මදා, purse එකත් එක්කම සල්ලිත් දීල හන්දියේ කඩෙන් කොත්තුවක් කාපන්  කියල. ඒ කොල්ලෝ දෙන්න ලග  practice කරන්න ගන්න ටෙන්නිස් බොලෙකුය(දප්පිය),  practice වෙලාවේදී බොන්න ගෙනාපු වතුර බෝතලයකුය්(ACID බෝතලය) තිබිල බන් තියෙන්නේ.

ඔන්න ඔහොමලු උනේ...

එහෙනම් ආයෙත් කතාවකින් හම්බ වෙමු. එතකල් ජයෙන් ජය ඔබ සැමටම.....

Monday, May 2, 2011

ඉස්කෝලෙන් පැනිල්ල - පාසලේ විත්ති (1)


මේක උනේ 2005 විතර මම __ එකේඉන්න දවස් වල. අපේ පන්ති බාර හිටියේ විජේසුන්දර(ආදරේට කිව්වේ හිට්ලර්) කියල සුපිරි ගුරුතුමෙක්. කොල්ලන්ගේ කොලුකම් හොදට දන්නා අපේ වචනෙන් කිව්වොත් එල බුවෙක්(මෙහෙම කියපු එක හරිද දන්නේ නෑ. මොකද මේ උත්තමය නැත්නම් අපි අද මේ තැන නෑ. පාසලෙන් අස්කරලා නන්නත්තාර වෙලා කොහේ හරි තමා ඉන්නේ) අපේ හිට්ලර් හැමදාම පන්තියට ඇවිත් පොඩ්ඩක් මොනවා හරි කියල ප්‍රශ්න ටිකක් දීල යනවා. ගුරා එක්කම අපිත් ගෙදර යාම පුරුද්දක් කරගෙන හිටිය. අපේ ඉස්කෝලේ කොල්ලෝ ටික එදා ඉදන්ම බොනවා උනාට ඉස්කෝලේ කාලේ ඉස්කෝලේ  CUT කරලා කවදාවත් බොන්න යන්නේ නෑ. ඉස්කෝලෙන් පැනල ගියොත් මොකක් හරි මගෝඩි වැඩකට, match එකක් ගහන්න, නැත්නම් කෙලින්ම ගෙදර තමා. ඉතින් මේ මම කියන දවසෙත් කට්ටිය ගුරා ගිය හැටියේම යන්න පිටත් උනා. සුපුරුදු පරිදි මම, මැක්කා, කොටා, පොල් ඇට්ටිය, මාළු දිලුම සහ අද කතාවේ කතා නායක හෂුලය ඔන්න වැඩේට සෙට් උනා. ඔන්න දැන් කොල්ලෝ ඉස්කෝලෙන් පනින්නය් ලෑස්තිය. එදා අපි පනින්න සෙට් උනේ අපේ ජිම් එක ගව තාප්පෙන්.  තාප්පේ එහාපැත්තෙ කුණු ඇළ. ඇළ අය්නේ බැම්මට පැනල එකදිගේ  පාරටයන්න තමා දැන් කට්ටිය සෙට් වෙන්නේ. මුලින්ම පැන්නේ මැක්ක. ඕකට ඉතින් තාප්පේ අඩි 100ක් උනත් එහා පැත්තේ කටු අකුලක් උනත් කමක් නෑ. එලගට පැන්නේ අපේ කොට. අඩි 5ක් වත් නැති උනාට මොකෝ මුත් මැක්කට දෙවෙනි නෑ. එට පස්සේ මම පැන්නා. පොල් ඇට්ටි පැන්න, දිලුම පන්න. අන්තිමට හෂුලය පනින්න යනකොටම ජිම් එකේ සික්ක ඔය්... ඔය්... කියල කෑගහන්න ගත්ත. ඉතින් මොකද කරේ හෂුලය(අපේ කතා නායකයා) ආයෙත් ඉස්කෝලේ ඇතුලට පැන්න, අපි සෙට් එක හුරේ කියල දුවන්න ගත්ත පාර පැත්තට. මල හු___ කිව්වලු. Old Boy's එකෙන් පාර අය්නේ පොඩි තාප්ප කැල්ලක් බදිනවා. උන්ටික අපි එනවා දැක්ක විතරි කූබි රැල ෆෝම් උන වගේ  කැගගහ පන්නන්න ගත්ත අපේ පස්සෙන්. අපි මොකද කරේ ගැහුවා U turn එකක් දිව්වේ නැද්ද ආයෙත් ආපස්සට. කොහොමෙන් කොහොම හරි ජිම් එකේ සික්කටත් වෙට්ටුවක් දාල ආයෙත් ඉස්කෝලේ ඇතුලට ආවේ කොහොමද කියල අද වෙනකල් කොල්ලෝ එකෙක්වත් දන්නේ නෑ. කට්ටිය කතා උන දැන් යන වැඩේ හරි යන්නේ නෑ. යමල්ල ආයෙත් පන්තියට කියල. ඉතින් අපි ආයෙත් පන්තියට ගිහින් දැන් කොල්ලෝ හුරේ ගාල ගණන් හදනවා. 20min ගත උනේ නෑ පපෙට්ල පන්තියට ආවේ නැත.(ඔය කාලේ වෙනකොට M2 කියන්නේ ඉස්කෝලේ  නමගිය, පපෙට්ලගේ මහත් ඌ අදරයට පත් උන ඉස්කෝලේ හොදම පන්තිය. පපෙට්ලගේ ආදරේ දිනාගත්ත එක තවත් එක ලොකු සහ පොඩි කතා ගොන්නක්. හෙමීට ඒවත් දාන්නම්) උන් ආවේ අපිට කෙලින්න. ඒත් මෙන්න සෙට් එකම පන්තියේ, උන්ට හුලන්, ආයෙත් හැරිලා ගියා අපේ පොඩි හු වකුත් කාගෙන. ඔහොම තව 20min විතර ගියා කියමුකෝ. මෙන්න බොලේ අපේ කතා නායකයා එනවා අපේ හිට්ලෙර් එක්ක පන්තියට. එතකොටය්  අපිට metar උනේ මූ නෑ කියල. මුගේ මුනත් පස්චාත් බාගය වගේ. අපිට තේරුණා අදනම් වැඩේ දෙල් කියල. ගුරුතුමා පන්තියට ඇවිල්ල කිව්වා "මම ඉතින් නම් වලින් කතා කරන්න ඔනේ නෑනේ, තාප්පෙන් පැන්න කට්ටිය නැගිට්ට නම්" කියල අපි එදා ඉදල හිට්ලර්ට බොරු කරන්නේ නෑ. කරලා වැඩකුත් නෑ. අපි කොච්චර අන්ඩයෝ උනත් ඌ අනිවා අපේ කනෙන් රිංගනවා. ඉතින් ආයේ දෙකක් නෑ. කොල්ලෝ ටික නැගිට්ට. හිට්ලර් කට කොනින් හිනාවකුත් දාලා අපිට සුපුරුදු පරිදි පොඩි දඩුවමක් දුන්න.
මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ දැන් ඉතින් අපි පැන්නනේ එලියට; එත් හෂුලයට පනින්න බැරි උනානේ, මු කරලා තියෙන්නේ වෙන ගුලකින් කොහොම හරි රිංගල එලියට ගිහිල්ල. මු දන්නේ නැනේ අපි ආයේ ඇතුලට ආව බවක්. ඉස්සර ඉතින් දැන් වගේ අපේ අතේ pon තිබුනෙත් නැනේ. මු ඉතින් අපි වෙනද සෙට් වෙන තැනට(බොරැල්ලේ) පඉන් ඇවිදන් එනකොට, අපේ කරුමෙට අපේ හිට්ලෙර් මොකද්ද වැඩකට බැංකුවට ගිහින් වැඩේ හරි ගියේ නැතුව ආපහු ඉස්කෝලේට එනගමන් මුනට මුණ අහුවෙලා. මොනවා කොරන්නද? හිට්ලර් අහල ගෙදර යනවනේ. කමක් නෑ එනවකො ආපහු ඉස්කෝලේට එලියට පැනපු තැනින්ම. ඇවිල්ල staff රූම් එකේදී මාව හම්බ වෙනවකො කියල. වෙන කරන්න දෙයක් නැනේ. මුත් අර ගුලෙන්ම අයෙත් රිංගල ගුරාව හම්බවෙලා... පස්සේ මේ කතාව කියනකොට අපිට උදරය පැලෙන්න හිනා.. ලොල්..

කොහොමෙන් කොහොමෙන් හරි උබල දන්නවද අපිට දුන්න දඩුවම?? කලින් යන්න හිටිය කොල්ලෝ ටික ඉස්කෝලේ ඇරෙනකල් අපේ ground එකේ උසට වැවිල තිබුන තණකොළ ගලවන්න දැම්ම. අද වෙනකල් අනිත් කව්රුවත් දන්නේ නෑ අය් අපි තණකොළ ගැලෙව්වේ කියල. වෙන කෙනෙක්ට සෙට් උනානම් අනිවා ගෙදරින් ගෙන්නලා, record book එකෙත් ලියල, සති දෙකක් නිවාඩු ලැබෙනවා sure. ඔන්න ඕක නිසා තමය් අපි අදටත් හිට්ලර්ට ගරු කරන්නේ. ඔන්න මගේ මුල්ම කතාව ඉවරය්. වැරදි ඇති එමට. හෙමිට හදාගන්නම්. එහෙනම් තවත් කතාවකින් හම්බ වෙන්නම්..
එතකල් හැමෝටම ජයවේව.....

මම ගැන...

ඔන්න මමත් අතේ ඇට එහෙම කඩල කතන්දර ලියන්න පටන්ගන්න කියල හදන්නේ... ඔක්කොටම කලින් මම ගැන පොඩි විස්තරයක් කියන්න ඕනේ කියල හිතුන. ගිය සතියේ මම රංග අයගේ මගේ ලෝකය බලනකල් මම මේ singhala blog ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ.. ඇත්තම කිව්වොත් මෙහෙම එකක් තියනවා කියලවත් අහල තිබුනේ නෑ. එත්  මම ඒ බ්ලොග් එක කියෙව්වම එකේ තිබුන ලින්ක් වලින් ගිහින් මාරයාගේ blog එක එහෙම කියෙව්වම යකෝ මේක මාර අර්තල් case එකක්නේ කියල හිතුන. ඉතින් මටත් හිතුන පොඩියට වැඩේ පටන් ගන්න.
හිතල නතර උනේ  නෑ ඔන්න මාත් ගේමට  බැස්ස. හැබය්  එකක් කියන්න ඕනේ, මම මේ computer  කාපු එකෙක් නෙමේ. ටිකක් ටිකක් දන්නවා උනාට ඔය hacking වගේ මගුල් නම් දන්නෙම නෑ. ඒ නිසා ඔය ලොකු ලොකු අය්යලට කියන්නේ මගේ අහිංසක blog එක නම් hack කොරන්න එපා ඔං .. ඕනෙනම් මම Domain PW එක දෙන්නම්. he he ..
හ‍රි වැඩි වැල වටාරම් ඕනේ නෑ.. වැඩේ පටන් ගමුකො. අපේ රංග අය්යා  වගේම ඉතින් මටත් කියන්න තියෙන්නේ ඔය පාසල් කාලේ වැඩම තමා... පාසල් කිව්වම මම දෙය්යනේ කියල පාසල් 3-4 කට ගිහින් තියනවා. :p
මම මුලින්ම ගියේ මගේ ගමේ පාසලට. ඒ කියන්නේ හම්බන්තොට ප්‍රතමිකයට.(මමත් බෙන්තර ගඟෙන් එහා පැත්තේ කොල්ලෙක්) ඊට පස්සේ ගමේම St. Mary'S college කියල එකකට ගිය. එතනින් පස්සේ 5 වසරේ scolership එකෙන් පස්ස වෙලා මම colombo ආව 1996. ආවේ රාජගිරිය ජනාධිපති එකට( මේකේ වේච්ච කතා ගමකට තියනවා. හිමිට දාන්නම්) ඊට පස්සේ O/L කරලා මගේ පරණ පවකටද, පිනකටද කියන්න මම දන්නේ නෑ D.S. සේනානායක college එකට එන්න වරම් ලැබුන. මේකේ තමා මම මගේ ජීවිතේ maxama කාලේ ගත කරේ. කරපු තරමක් මගෝඩි වැඩ කරේ. ඊටපස්සේ ඉතින් NIBM එකට join වෙලා Dip, HD , BSc ඔක්කොම මේ වෙනකොට ගොඩ දාල ලබන june වල MSc එක පටන් ගන්න කියල හිතාගෙන ඉන්නවා. ඔන්න ඌක තම මගේ තත්වේ.

දැන් බහිමු මගේ මුල්ම සිගිති කතාවට....

Sunday, May 1, 2011

හුදෙකලාවේ උපහාසය...

Me...

I am Anjana Dilanka Kulasinghe. 24 years old. Studied at D.S. Senanayake College. 
Got my BSc from University College Dublin -Ireland ( Conducted by NIBM - Sri Lanka)
Currently I'm working as a Software Test Automation Engineer at DirectFN(Mubasher) Pvt. Ltd.

This is my first Blog post. Hoping to blog more in the future...