Tuesday, June 28, 2011

සරල IQ ප්‍රශ්න...

අද  මට ගොඩක් වෙලා ඉන්න බෑ..
පොඩි ෆන් එකකටත් එක්ක මම අද දානවා පොඩි ප්‍රශ්න 15ක්. හරි ලේසි. සරල උත්තර තියෙන්නේ. බරට කල්පනා කරලා, ගුගල් දෙය්යගෙන් අහල එහෙම උත්තර දාල වැඩක් නෑ. තමන් තමන්ට අවංක වෙලා, ප්‍රශ්නය කියවපු ගමන තමන්ට හිතුන උත්තරය දෙන්න. මොකද මෙතන වැරදුනා කියල කාවවත් හිරේ දාන්නේවත් බයිට් කොරන්නේවත් නෑ.



බලමු අපේ ජොන්ටෝ/ජොන්ටියෝ කොච්චර දුරට හරි උත්තර දේවිද කියල..

1) ඔන්න ඔයා නිදාගන්න යනවා 8ට, හොද නින්දක් ගහල නැගිටිනවා 9ට. ඔය කොච්චර වෙලාවක් නිදාගෙන තියනවද??

2) දෙසැම්බර් 25කියන දවස ඇමරිකානු කැලෙන්ඩරයේ තියනවද?? නැද්ද??

3) සමහර මාසවල දින 30ක් තියනවා, සමහර මාසවල දින 31ක් තියනවා. අවුරුද්දේ දින 28ක් තියන මාස කීයක්‌ තියනවද?? (අධික අවුරුද්දක් නෙමේ)

4) ඩොලර් 30 කොලයක ලියල තියන වෙන නෝට්ටුවල නැති විශේෂ වචනය කුමක්ද??

5) ඔයාට ලෙඩක් හැදිලා දොස්තර ගාවට ගියාම, මිනිහ ඔයාට පැය බාගයකට සැරයක් බොන්න කියල පෙති 3ක් දෙනවා. පෙති ඉවර වෙන්න කොච්චර වෙලාවක් යනවද??

6) ඔයා හීනයක් දකිනවා ඔය ඉන්නව පාලු උමගක. එක පැත්තකින් කෝච්චියක් එනවා. අනිත් පැත්තෙන් මකරෙක් ඉන්නවා. ඔයා මොකද කරන්නේ.??

7) ශ්‍රී ලංකානු නීතියට අනුව ඔබගේ කනවැන්දුම් බිරිදගේ/සැමියාගේ සොහොයුරිය/සොහොයුරා ඔබට නීතියෙන් විවාහ කරගත හැකිද?
 
8) ඔබ මිනිසෙකුගේ දකුණු අත කැපුවොත් ඔහුට තවත් ඇගිලි කීයක් ඉතුරු වෙයිද??

9) හෙට දින මධ්‍යහනයේ දැඩි වර්ෂාවක් පතිත උනොත් ඔබට තවත් පැය 36කට පසු හොදින් ඉර පායා ඇති අහසක් දැකීමට ලැබීමේ සම්බවිතාව කොපමණද??


10) පැය 24ක් තුලමිනිත්තු කටුව කී වාරයක් පැය කටුව පසු කරගෙන ගමන් කරයිද??

11) 30 බාගයෙන්(1/2)  බෙදා 10ක් එකතු කලවිට උත්තරය කීයද?

12) ඔන්න ඇපල්ගෙඩි 3ක් තියනවා. ඔයා දෙකක් පැත්තකින් අරන් තියනවා. දැන් ඔයා ලග ඇපල් කියක් තියනවද??

13) ඔයා කන්නාඩියක් ඉස්සරහට ගිහින්, ඔයාගේ දකුණු කන ඇල්ලුවොත් කන්නාඩියෙන් පේන ප්‍රතිරූපයට අනුව ඔයා අල්ලන් ඉන්නේ මොන කනද??

14) ඝනකයක මුහුනතවල් පාට කරන කොට පාට තුනකින් සම්පුර්ණ ඝනකය එකලග මුහුනතවල් දෙකක් එක පාටින් එන්නේ නැති වෙන්න පාට කරන්න පුලුවන්ද??

15) 2 , 6 , 14 , 30 __ ඊලග හිස්තැන පුරවන්න

 උත්තර  ටික දාල යන්න අමතක කරන්න එපා...


ප.ලි. : කට්ටියම උත්තර දීල තියන නිසා මම උත්තර ටික දාන්නම්. කොච්චර සරල උනත් කිසි කෙනෙක් 11/15 වඩා ගත්තේ නැති එක පොඩ්ඩක් අව්ල් වගේ නේද??

1) පැය 1
2) නැත. දෙසැම්බර් 25 යනු දිනයකි. එය දවසක් නොවේ(නත්තල දවසකි).
3) 12 (හැම මාසෙම දවස් දවස් 28ක් තියනවා)
4) විශේෂ වචනයක් නැත. මන්ද යත් ඩොලර් 30 නෝට්ටු නැත.
5) පැය 1යි.
6) වෙන දෙයක් වෙන්න කියල දිගටම හීනය බලනවා. ඔයාට ඕන දේවල් කරන්න පුළුවන් නම් ඒක හීනයක් වෙන්නේ නැහැ.
7) නොහැක. ඔබේ බිරිද/සැමියා කනවැන්දුම් යනු ඔබ මරණයට පත්ව ඇත.
8) 15
9) 0 වේ. මන්ද යත් තවත් පැය 36කින් ඊලග දින මද්යම රාත්‍රිය ලබයි. මද්යම රාත්‍රියේ ඉර පායන්නේ නැත.
10) පසු කරනුයේ 22 වතාවක් පමණි. (පසු කිරීම යනු පිටිපස සිට පැමිණ ඉදිරියට යාම වේ.) අරම්බක පැයේදී දෙදෙනා එකම තැන සිට ගමන ආරම්බ කරයි. එය පසු කිරීමක් නොවේ. අවසාන පැයේදී ලගට පැමිණ නැවතී. එයද පසු කිරීමක් නොවේ.) කිසිම කෙනෙක් මේකට හරි උත්තරේ දුන්නේ නෑ.
11) 70
12) එකක්වත් නැත. මගේ ලග ඒකදු ඇපල් ගෙඩියක් තිබුනෙවත් තිබෙන්නේවත් නැත.
13) දකුණු කනම වේ.
14) හැක. ප්‍රති විරුද්ධ පැති එකම පාටෙන් පාට කරන්න.
15) 62 (0+2, 2+4, 6+8, 14+16, 30+32 = 62)

30 ප්‍රතිචාර:

Damith said...

1) 1 hr wennath puluwan, 13 hrs wennath puluwan, thawa uththara thiyenawa eth dawas ganan minissunta nida ganna bane....
2) dec. 25 kiyala dawasak na dinayak thama thiyenne
3) adika awruddak newe nan mona awrudde unath 1 thama
4)dollar 30 thama ithin wena monawada????
5) 1hr
6) heene dakinawane.....
7) mage gani kana wandun wenna mama marila inna onane ne....
8) wam athe thiyena agili tikai kakul wala thiyena ewai ithuru wenawa ne...
9) dan welawa 5.30 eka nisa thawa paya 36 kin ira payala thiyenawa balanna nan hamba wenne na... probability eka 0
10) mata nan hitenne 24 parai kiyala
11) 70
12) apple 3 man gaa thibili 2 k wena thankin thibba nan 1k thiyenawa.......Eth apple wena kohe hari thiyenawa nan ithin man gawa 1k wath nathoooooo
13) dakunu kanama thama....
14) puluwan
15) 46

Unknown said...

1)පැයයි :P
2)තියනවා :O :O
3)12යි
4)30
5)1.5 පැය :? :?
6)හලේ මන්දා
7)බෑනෙ :P :P
8)15ක් විතර :O
9)කාලගුන දෙපාරතමේන්තුවෙන් තමා අහන්න වෙන්නෙ
10)24පාරක්
11)70
12)එකක්වත් නෑ :P
13)දකුනු කන :D :D
14)පුලුවං
15)62
හරිද මන්දා...මට හිතුනු ඒවා තමා ඔය..උබ බයිටක් එහෙම දැම්මොත් බලාගන්න බැරියැ!!

සංකල්ප said...

(1) පැයයි නේ.
(2) තියෙනවා.
(3) හැම මාසෙටම තියෙනවා දින 28ක්
(4) දන්න විදිහට නම් "ඩොලර්" කියන වචනේ තමා.
(5) පැයයි.
(6) කෝච්චියට යන්න දීලා අයින් වෙනවා.
(7) යකෝ මනුස්සයා ඉන්නැද්දි කනවැන්දුම් ගෑණියෙක් වෙන්නේ කෝම ?
(8) ෂුවර් නෑ......
(9) බිංදුවයි
(10) 23 වතාවක්
(11) 70යි
(12) ඇපල් ගෙඩි තුනම තියෙනවා.
(13) දකුණු කන
(14) පුලුවන්
(15) අන්තිම එක නම් දන්නේ නෑ.

Ruwa said...

1) 13hrs
2) thiyenawa
3) 1e
4) 30 dollars
5) 1 1/2 hrs
6) monawa karannada hinayak ne
7) puluwan
8) 5e (kapapu athy ewa weadak nea ne)
9) 50%
10) 23
11)70
12) 3
13) left
14) puluwan
15) 62

Onna demma ela kiri wage......

දුකා said...

කෝ බන් උත්තර .. .

හරි එහෙනම් උඹම උත්තර දීපන් මළේ .

මක්ක කරන්නද . . .

ඉන්දික සඳරුවන් said...

1 - පැය 13යි
3- 12යි
4- 30
5 -පැය 1යි(එකවරකට බොන්නෙ පෙති 1ක් නම්)
6- නින්දෙන් අවදිවෙනවා
7- "ඔබගේ කනවැන්දුම් බිරිදගේ/සැමියාගේ" ඔබ ජීවත් වෙන්නෙ නැ
8- 15
10-24
11- 70
12- 3
13- දකුණු කන
14-පුලුවන්
15- 62

Anonymous said...

1.පැය 13යි
2.නෑ
3.12යි
4.ඩොලර් 30
5.පැය 1.30
6.ඇහැරෙනවා
7.ඹානෙ.. ගෑනි කන්වන්දුම් වෙන්න මම මැරෙන්න ඕනනෙ
8.15යි. (උගෙ කකුල් වලයි අත් වලයි කලින් ඇඟිලි පහ ගානෙ තිබුනා නම්)
9.0ඉය්. මේක තම්යි ටිකක් අමාරු වුනේ..
10.23
11.70
12.3
13.පාර්ශ්වික අපවර්තනය වෙනවා තමයි ඒත් අල්ලන්නේ දකුනු කනමනෙ
14.බෑ
15.72

ඔන්න මම මේක තව කට්ටියකට බෙදුවා...ලොග් වෙවී ඉන්න වෙලා නෑ....ඒකයි Ano.....

http://dreamsofharee.blogspot.com/

Chanaka Aruna Munasinghe said...

1) පැය 13
2) දෙසැම්බර් 25 දවසක් නොව දිනයකි
3) මාස 12ක්
4) ඩොලර් 30 කොල නෑ නේද ?
5) පැයක්
6) මමනෙ මකරා
7) නොහැකියි. මිය ගිය අයට විවාහ වීමට අවසර නැත
8) ඇඟිලි 15ක්
9) 0.00% යි (නෝර්වේ වල නෙවෙයිනම් ඉන්නෙ . නෝර්වේ වලට මැදියම් රැයේ ඉර පායනවලු )
10) 23 යි
11) 70 යි
12) 3යි
13) වම් කන
14) පුලුවන්
15) 62

අක්ශරයා said...

1)පෙරවරු පස්වරු දාල නෑ.උත්තර දෙන්නෙ කොහොමද? :(
2)ඇති
3)12
4)ඩොලර් 30
5) 1.5 පැය
6)බිම බුදියගන්නව
7)බෑ මම් මැරිලනේ එතකොට
8)කොහොමැයි හරියටම කියන්නෙ.දකුණු අත කපල තියෙන්නෙ ඇගිලිත් එක්කම නම් 15ක් ඉතුරු වෙයි.
9)1/2(එක්කො වහි,නැත්තම් නෑ)
10)24 *60
11)25
12)3
13)වම
14)බෑ
15)62

චතුමිතු said...

1)-ප්‍රග්නේ මදි(දැන් මම නිදා ගන්නේ උදේ 8ට ද? රැ 8ට නැගිටින්නේ උදේ 9ට ද? රැ 9ට ද?)
2)-ඔව්(නැත්තම් ඌන් නත්තල් සමරන්නේ කොහොමද?)
3)-12ක්(හැම මාසේකටම දින 28ක් අනිවා ඇත.)
4)-ඩොලර් 30
5)-පැය 1 1/2
6)-ඉක්මනට නැගිටිනවා.. :D
7)- මම ම්ළා නම් කනත්තේ ද බොල වෙඩින් එක ගන්නේ...:P
8)-වම් අතයි,කකුලුයි තියේ නම්... එවායේ තියෙන ඇගිලි ගාණක් තියෙයි. :D
9)-එක අහගනින් කාළගුණ මධයස්ථානයකින්.. :O
10)-1440 වාරයක්.
11)-70 යි
13)-වම් කණ
14)-පුලුවන්.
15)-62

කිඩෝ said...

1. උදේ/ හවස යැයි කියා නැති බැවින් පිලිතුරක් දීම අපහසුය
2. ඒ ගැන දන්නේ නැත..
3. මාස 12ක් ඇත
4. දන්නේ නැත ඒත් ආතල් උත්තරයක් දෙනවානං ඩොලර් 30 වේ.. මන්ද යත් ඩොලර් 30 නොට්ටුවේ හැර වෙනත් නෝට්ටුවල ඩොලර් 30 යැයි සදහන් නොවන බැවිනි
5. පැය 1
6. හීනෙන් ඇහැරෙනවා (මේක තියෙන්න ඕනේ ඔයා හිතෙන් මවා ගන්න කියලා... උත්තරේ එන්නේ හිතෙන් මවාගැනීම නවත්තනවා කියලා)
7. නීතිය ගැන දන්නේ නැත ඒත් බිරිද කනවැන්දුම් නං මම මැරිලා මැරිච්ච එකෙක්ට විවාහවෙන්න බෑනේ
8. ශරීරයෙන් වෙන්වුනු අතේ ඇති ඇගිලි ගනං ගන්නේ නැතිනම් සාමාන්‍යයෙන් ඇගිලි 15ක් ඉතිරිවිය යුතුය
9. 0%කි මන්ද යත් තව පැය 36කින් උදාවී තිබෙන්නේ රාත්‍රිය බැවිනි
10. 25 වාරයක්
11. (30/0.5)+10 = 70
12.ප්‍රශ්නය පැටලිලි සහගතය.... ලග=අවට නං පිලිතුර ලෙස 3 ගතහැකිය
13. මම ඉන්නා පැත්තෙන් (කන්නාඩියට පිටින්) බැලුවොත් දකුණ මයි
14. පුලුවන් විරුද්ධ පැති සමාන පාට වලින් පාට කරන්න
15. 62

ADK කොලුවා said...

ඔන්න කට්ටියගේ උත්තර ටික පොස්ට් කරා... හැබැයි එක්කෙනෙක්වත් 15/15 අරන් නැති නිසා මම හරි උත්තර ටික දාන එක ටිකක් කල දානවා...

කට්ටිය තව ට්‍රයි කරන්න....

ADK කොලුවා said...

@ දමිත් : 11/15

ADK කොලුවා said...

@ මදුශාන් : 9/15

ADK කොලුවා said...

@ මධුරංග : 8/15

ADK කොලුවා said...

@ රුවා : 4/15

ADK කොලුවා said...

@ දුකා: අයියන්ඩි ට්‍රයි එකක් දෙන්නකෝ..... මොකද්ද අප්පා....

ADK කොලුවා said...

@ ඉන්දික සඳරුවන් :11/15

ADK කොලුවා said...

@ Anonymous : 8/15

ADK කොලුවා said...

@ Chanaka Aruna Munasinghe : 11/15

ADK කොලුවා said...

@ අක්ශරයා : 6/15

ADK කොලුවා said...

@ චතුමිතු : 9/15

ADK කොලුවා said...

@ කිඩෝ : 11/15 (ඇත්තටම 12/15 කියල උනත් කියන්න පුළුවන්. මොකද එක ප්‍රශ්නයකට ඉතාමත් ලගට ඇවිල්ල තියනවා)

පොඩි මෑන් said...

1. පැය 13 යි
2. තියෙනවා
3. 12යි නැත්නම්
4. ත(ර්)ටි
5. විනාඩියක්වත් යන්නෙ නෑ
6. මම මොනව කරන්නද හීනෙ දකින විදියට එපැයි පේන්න මම නිදාගෙනම ඉන්නවා
7.මම මැරිලනෙ ඒගැනිත් මැරුනොත් කනත්තෙ වෙඩිම ගන්නවා.. :D නීතියෙන් නම් පුලුවන්....ඒත් ම්ම තමයි නැත්තෙ..
8.කකුල් දෙකේ ඒවයි වම් අතේ ඒවයි ඔකොම තිබුනොත් 15 යි
9.1/2 (වහී නැත්නම් නෑ)
10.21 වතාවයි
11.70
12.තුනම තියෙනව... පැත්තකින් අරන් තිබ්බත් ඒව මගේනෙ...
13.ප්‍රතිරූපයට අනුව වම් කන
14.පුලුවන්
15.62

ADK කොලුවා said...

@ පොඩි මෑන් : 10/15

Damith said...

Sorry wenna ona.....
3) 12
15) 62

පුතා said...

1) පැය 25යි.
2) නෑ.
3) 12යි.
4) ඩොලර් 30.
5) පැය 1යි.
6) නැගිටිනවා.
7) බිරිඳ කනවැන්දුම් කියන්නේ මම මැරිලනේ. ඒ හින්දා උත්තරය එහෙම නීතියක් නෑ.
8) 15යි.
9) 0%. රෑ 12ට ඉර පායන්නේ නෑ.
10) 24යි.
11) 70යි.
12) එකක්වත් නෑ.
13) වම් කණ.
14) පුළුවන්.
15) 62.

ADK කොලුවා said...

@ දමිත් : පරක්කු වැඩි ලොක්කා...

@ පුතා : 11/15

Unknown said...

1. පැය 13යි (හොද නින්දක් දාලා කියලා තියෙනවනේ)
2. තියෙනවා
3. මාස 12 ම තියනවා
4. 30
5. පැයේන් ඉවරයි
6. ටාර් ගාල නැගිටිනවා.. :D
7. නීතිය කෙසේ වෙතත් වැඩේ අප්සට් එතකොට..මොකද එහෙම වෙන්න මම මැරෙන්න එපැයි
8. 20
9. ප්‍රතිශතය 0..විය නොහැක
10. 24 යි
11. 70
12. එකක්වත් නෑ
13. දකුණු කන
14. පුළුවන් සින් එකක් තියෙන්නේ
15. 62

Unknown said...

1-25
2-no
3-12
4-ඩොලර් 30
5-3rd may not drink
6-give way for train
7-මනුස්සයා ඉන්නවා
8-15
9-100%
10-12*24
11-70
12-3
13-දකුණ
14-පුලුවන්
15-62

Post a Comment