ඔය උඩ තියන ප්‍රශ්නේ ඇහුවොත් “ඊය....ඕනේ නෑ” කියන කොල්ලෙක් ඉන්නවනම් ඌ අනිවා ඉටිපන්දම් ෆෑන් කෙනෙක් වෙන්න ඕනේ(ටියුබ් ලයිට් අය මේකේ තේරුම දන්නා කෙනෙක්ගෙන් අහල දැනගන්නවා හොදයි). උබල අපි හැමෝම මේ ප්‍රශ්නෙට පැනල දෙන්නේ
“අනිවා... ඕක ඉතින් ආයෙත් අහන්නත් දෙයක්ද??”
කියන එකනේ. (මේක හොරෙන් කියවන ගෑනු ළමයි ප්රශ්නය තමන්ට ගැලපෙන විදියට වෙනස්කරගන්න...)
මු මේ මොකාටද අද එන්න හදන්නේ කියන එක තමයි බොලාලට එන ඊලග ප්‍රශ්නේ.. රටේ ලෝකේ ගැන අවධානයෙන්, විපරමෙන්, පොතක්-පත්තරයක් බලන අපේ ජොන්ටන්ටනම් පොඩ්ඩක් විතට ක්ලික් ඇති මොකද්ද මම මේ කියන්න යන්නේ කියල.
වැල් වටාරම් නැතුව කෙලින්ම මම කතාවට බහින්නම්කො.
ඔන්න ඊයේ මම වැඩට ගිහින් මහන්සි වෙලා ගෙදර ඇවිල්ල ඇග පත හෝදගන්න කලින් පොඩ්ඩක් වාඩි වෙලා සති අන්තේ පත්තරේ පොඩ්ඩක් පෙරලනකොට දැක්ක මාරු ආටිකල් එකක්. ලංකාවේ හෙළුවෙන් නාන්න පුළුවන් වෙරල තිරයක් හදන්න යනවලු. ඩේග ඩේග පරි රබුට කැකිරි කිව්වලු. මට ඉතින් හෙන ආතල්, මම පොඩ්ඩක් කියෙව්වා මොකද්ද මේ හරුපේ කියල. යකෝ වැඩේ කියන්නේ මේක හදන්න යන්නේ කළුතර ප්රදෙශයේලු. ලෝක ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් කි.මි.1.5 දිග කළුතර වෙරල තිරයේ ලස්සනම කොටසක මේ ජොලි වැඩේ කරන්න යනවලු. ඒ වෙරල තිරයට කියන නමකුත් තිබුන මට මතක නෑ.
අපි ලෝක කුපාඩියෝ බව ඇත්ත. ඒක මුළු ලොවමත් අපිත් දෙගොල්ලොම දනී. ඒත් අපි ඇතුලෙත් පොඩ්ඩක් විතර ලංකාව කියන දේ ගැන පොඩි භක්තියක් තියනව. ඔය මහලොකුවට කියන තරං සධාචාරයක් දැන් රටේ නැතිබව ගමක ඉපදුනත් කොලබ රටේ හැදිච්ච, කොලබ රාත්තිරියේ ගමන බිමන්, සමාජ ශාලා වලට යන මම කොලුවා හොදටම දන්නවා උනත්, තාම මේ සංකර කෙලිය කොලබ රාත්‍රී සමාජශාලා වලට සිමා වෙලා තියන ඒක ගැන කොලුවා ඉන්නේ අප්‍රමාන සතුටෙන්. මොන කෙලි තිබුනත් තාම යාළුවෙලා ඉන්න කාලේ විතරක් නෙමේ බැදලා දරුවෝ හදල හිටියත් දෙමාපියන් ඉස්සරහ, වැඩිහිටියන් ඉස්සරහ සිලාචාරව හැසිරෙන්න අපේ උන් දන්නවා. බල්ලෝ බලල්ලුන්ගෙන් මිනිහ කියන එකා වෙන් වෙන්නේ කකුල් හතරෙන් යාමෙන් විතරක් නෙමේ කියල ලංකාවේ අපි දන්නවා.
අපි අයෙත් මාතෘකාවට ඇවිල්ල බලමු මේ වැඩේ ක්‍රියාත්මක උනොත් මොකද්ද වෙන්නේ කියල. ලංකාවේ සම්පුර්ණ නිරුවත් මුහුදු තිරයක් හැදෙයි. අලුතින් රටට ගොඩක් අය එවී. ලොකු ගානක් දීල මේකට යාවි. (අනිවා අපිත් යාවි ඕක හැදුනොත්) අපේ පාලකයොන්ට දැන් ඕනේ කරන්නේ සල්ලි මිසක් රටක් ජාතියක් සංස්කෘතියක් නෙමේ කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔය අස්සේ පොඩි කැලෑවල, ගස් ගල් අස්සේ අපේ කොල්ලෝ කුරුට්ටෝ සිකුරිටි ගාඩ් එකේ ඇස් වහල හැංගි හැංගි බලන් ඉදිවී සුද්දෝන්ගේ සහ සුද්දියන්ගේ අහවල් ඒවා. බලන් ගෙදර ගිහින් කියාවි
“යකෝ මගේ ඉටිපන්දම දුබුරු පාටයි, අරුගේ සුදු පාටයි..”
“ඊය විතරක් අරු නිකක් මයිල් හැලිච්ච බල්ලෙක් වගේ. ඇගේ එක මයිල් ගහක් නෑ, අඩුම ගානේ ____ වත් නෑ. එකට මගේ...”
“කොහොමද අර සුද්දිගේ _____, යකෝ මට හිරේ ගියත් කමක් නෑ හෙටනම් අනිවා එක සුද්දීයෙක්ට _____”
නිරුවත් වෙරල තීරවල ප්‍රසිද්ධියේ ලිංගික හැසිරීම කරන්න පුළුවන් වෙනමම ස්ථාන තියන එක සාමාන්‍ය දෙයක්. කොහොමද ලංකාවේ පොලවේ, විශේෂයෙන් කළුතර පුජනිය නගරයේ බල්ලෝ බළල්ලු වගේ ගෑනු මිනිස්සු ප්‍රසිද්ධියේ අහවල් එක කොරන කොට...???
සුද්දොන්ටනම් ඕව ගානක් නෑ. නමුත් අපිට එහෙමය. අපි ඕව ඔයහැටි දැකල තියනවය. කීයක් දීල හරි ඇතුලට ගියා කියමුකෝ. කොහොමද සුද්දියෝ දැකල අපේ කොල්ලෝ ෆයර් වෙලා යනකොට?? අතින් වහගන්න කියලය?? වහගෙන යන්න ඕනෙනං මේකට එන්නේ නෑනේ. වැරදිලා හරි වට පිට බල බලා ගිහින් කකුල පැටලිලා වැටුනොත් අරුගේ අනාගතේ ඉවරනේ. අනිවා දෙකට කැඩෙනවා. කඩාගන්නේ නැතුව එලියට ආව කියපල්ලකෝ.. ඔය හම්බානකට ෆයර් වෙච්ච එකා කොයි ලෝකේ හරි අගු පිලක හෝ ලිබටි වැනි සුපිරි පන්තියේ ස්ථානයක සොදුරු කාලයක් ගතනොකර ගෙදර යාවිද?? දීපල්ලකෝ උත්තර???
තාම මේක තියෙන්නේ සාකච්චා මට්ටමේ උනත්, මමනම් කියන්නේ මේ වගේ දේවල් ලංකාව ඇතුලේ සාකච්චා මට්ටමට වත් ගේන්න ඕනේ නැති දේවල් කියල. සෝම හිමියන්ගේ අපවත්වීමත් සමග නැගුන ජන රැල්ලෙන් ඇවිල්ල දැන් මහින්දගේ අමුඩේ ලෙව කන අර බලු උරුමේ ඉන්න කුපාඩි ටිකට වත් මේවා පෙන්නේ නැද්ද? කොහේ පේන්නද, ඔය කැසිනෝ කාරයෝ සල්ලි මිටි ඔය පාහරයින්ගේ ඔලුව ගාවට එනකල් ගොඩගහල. ඉතින් ඉස්සරහ පෙන්නේ නෑ. පෙන්නේ සල්ලි විතරයි. (පොඩ්ඩක් සැරට කතා කරාට සමාවෙන්න ඕනේ. මීට වඩා ශිෂ්ට වචනෙන් මට මේක කියන්න තේරෙන්නේ නෑ)
මම උපන්ගෙයි UNP කාරය. මේ එන චන්දෙටත් මම කතිරේ ගහන්නේ අලියට. නමුත් මම මහින්දට ගරු කරනවා. මොකද එයා රටට ලොකු දෙයක් කරා. අපේ පිළලයක් වෙලා තිබුන යුද්දය මහින්ද ඇරෙන්න වෙන කවුරු හිටියත් ඉවර වෙන්නේ නෑ කියල මම බය නැතුව කියනවා. ගරු කල යුත්තට ගරු කලයුතුයි. නමුත් තමාගේ නිලය ලබා ගන්න වැඩියෙන් උදවූ උනේ ලංකාවේ පන්සල කිව්වොත් රෙද්ද ගලවල උගස් තියල හරි දානයක් මානයක් කරන අහිංසක අපේ අම්මලාගේ තාත්තලාගේ, සියලගේ ආච්චිලගේ චන්දය මිසක් කැසිනෝ කාරයන්ගේ සල්ලි නෙමේ කියල මහින්ද ජනාධිපති තුමා උනත් දැනගන්න ඕනේ. එහෙම පත්වෙලා මේවගේ දේවල් වෙනකල් බලන ඉන්න උන් ගැන මට කියවෙන්නේ සුද්ද සිංහලේ හොදම ඒවා. (කැසිනෝ කාරයන්ගේ සල්ලි වලින් අර අහිංසකයන්ගේ චන්දය සුක්ෂමව ගත්ත කියන එක වෙනම කතාවක්. නමුත් මම ඒ වැඩේට විරුද්ධ නෑ. ඕනෑම කෙනෙකුට එක කරන්න පුළුවන්. UNP එකට ඔය ඕනතරං සල්ලි තියෙන්නේ. කෝ ප්‍රතිපල??? මහින්ද අනිත් අයට වඩා ඒ වැඩේට දක්ෂයි. ඒක අගය කලයුතුයි.)
සල්ලි ඕනේ තමයි. නමුත් බල්ලෝ මරල හරි සල්ලි හම්බ කරන තත්වෙට වැටෙන්නේ ඇයි අපේ නායකයෝ?? අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ තමයි, නමුත් අපේකම අපේ දේ රැකගෙන තමාගේම අනන්‍යතාවක් ඇතුව ඉස්සරහට ගියොත් තමා අපිට පැවැත්මක් තියෙන්නේ. නැත්නම් වෙන්නේ ඔය දැන් පදුරකට ගලක් ගැහුවොත් 10ක් විතර විසි වෙන ස්ටාර්ලට වෙන දේමයි. තරගේ ඉන්නකල් කාව හරි කොපි කරලා ඉන්නවා. ඉවර උනාම බල්ලෙක්වත් ගණන ගන්නේ නෑ. මොකද අනන්‍යතාවක් නෑ.
පාට පක්ෂ වැඩක් නෑ. අපි එකා වගේ ඉදගෙන මේ වගේ අසමජ්ජාති වැඩ වලට එරෙහි වෙන්න ඕනේ.. එහෙම නැත්නම් අපේ පුතා, දුව අවුරුදු 10-15 වෙනකොට ලිංගික අධයාපනය දෙන තැනකට යවන්න හිත හදාගන්න ඕනේ. මොකද නැත්නම් මුන් නිරුවත් වෙරළේ සිද්ධවෙන දේවල් අත්හදා බලන්න ගියොත්... මටනම් හිතෙන්නේ දැනටත් පරක්කු වැඩි. මොකද බලය කියන දේ ඕනවට වඩා වැඩි උනාම ඕනෙම හොද මිනිහෙක්ට තන්හා යකා වැහෙන එක නවත්තන්න බෑ.
මට තේරෙන විදියටනම් මේ අරන් තියෙන්නෙ පළමු පියවර විතරයි. තවත් හොද හොද සෙල්ලම් ඉස්සරහට තියේවි. දැන් අපිට කරන්න තියෙන්නේ වෙන්නේ මොකද්ද කියල බලන ඉන්න එක විතරද කියල තීරණය ඔයාලගේ අතේ....
ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේක දේශපාලන පොස්ටුවක් නෙමේ. කොමෙන්ටුවල නිකන් පාට පක්ෂ අල්ලන් ගහ මරාගන්න ඕනේ නෑ. කොමෙන්ටුවක් විදියට මට වැදගත් වෙන්නේ මගේ ප්‍රධාන කතාව ගැන ඔයාලගේ අදහස් දැනගන්නයි.