Showing posts with label මට දැනෙන දේ... Show all posts
Showing posts with label මට දැනෙන දේ... Show all posts

Tuesday, February 5, 2013

දශක 6ක නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය...



රට : නිදහස් ශ්‍රී ලංකාව 

1948 පෙබරවාරි 05 :
  • ආසියාවේ හොදම පාර්ලිමේන්තුව ඇති රට 
  • ආසියාවේ වැඩිම විදේශ විනිමයක් තිබූ රට 
  • ආසියාවේ ස්වයන්පොෂිතම රට 
  • ආසියාවේ තිබූ වෙන කිසිම රටකට ණයක් නැති එකම රට 
  • ආසියාවේ දෙවෙනියට හොදම අද්‍යාපනය තිබුන රට 
  • ආසියාවේ පළමුවම සාධාරණ සර්ව ජන චන්දයක් පවත්වන රට 
  • ...
  • ...


2013 පෙබරවාරි 05 :
  • සීනි වලටත් ඇමතිවරයෙකු දමා ආසියාවේ කුජිතම පාර්ලිමේන්තුව ඇති රට 
  • ආසියාවේ විශාලතම අය-වැය හිගයක් ඇති රටවල් අතර ඉහලම තැනක් ඇති රට 
  • නැවෙන් කටට සංකල්පය ඇතිව, අවශ්‍ය සියලුම දේ (95%) රටින් ගෙන්වන රට 
  • වෙන රට වලට ඇති ණය වාරිකය සහ පොලිය ගෙවීමට තවත් ණය ගන්න රට 
  • පවත්වන සියලුම විභාග ප්‍රශ්න පත්තර කලින් පිටවන රට 
  • මහජන චන්ද පත්‍රිකා කුණු ගොඩවල් වලින් සොයාගන්න රට 
  • ...
  • ...


අනේ සුද්දෝ ආයෙත් ඇවිල්ල අපිව අල්ලගනිල්ලකෝ..... උබල අපේ රටේ තියන වටිනා දේවල් උබලගේ රටට ඇද්දට උබලට ඒකට නිදහසට කාරණයක් තියනවා. මොකද උබල , උබලගේ දරුවන්ට කන්න අදින්න දෙන්න ඕනේ... අපේ රටේ ඉපදිලා, රටේ හැදෙන බත් කාල, රටේ වතුර ටික බීල හදුනා වැඩුන අපේ පාලකයෝ කරපු කරන විනාසේ බැලුවම උබල කරලා තියෙන්නේ මොකද්ද කියල හිතෙනවා... 

සංවාධයට ඉඩ...

Tuesday, November 22, 2011

නොම්මර එකේ බලු කතාවක්

බලු කතන්දර අහන්න ඕනේ කට්ටිය ඉන්නවනම් වාඩි උනානම් ඔය හත් අට පොළකින්..
හොදයි හොදයි..



ඔන්න යකුනේ එකෝමත් එක විශ්වයක බල්ලෝ විතරක් ඉන්න ලෝකයක් තියෙනවලු. ඔය ලෝකේ පුංචිම පුංච් රාජ්ජයක වෙච්ච බලු කතාවකුයි මම මේ කියන්න යන්නේ ඔහේලට. ඔන්න ඔය බලු රටේ හිටියාලු එක නොම්බර එකේ බල්ලෙක්. මෙයත් ඉතින් එසේ මෙසේ එකෙක් නෙමේ.. සමහර අය හොද කියනවා , තවත් සමහරු නරක කියනවා.. අපි කාගේවත් පැත්ත ගන්නේ නැතුව ප්‍රදාන නළු බල්ලා කියල කියමුකෝ මෙයාට.

ඔය රටේම තව ඉන්නවලු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බැල්ලියෙක්. මෙයා ගැන වැඩි විස්තර නැතුව උපමා උපමේය නැතුව නිකන්ම නිකන් බැල්ලි කියල කියමුකෝ මෙයාට.



මේ රාජ්ජේ බල්ලෝ එකිනෙකා කොටගන්නා එකේ සීමාවක් නෑලු කෑම වලට. පාලන බල්ලොන්ට විරුද්ද බල්ලෝ හරි හරියට පොර කාගෙන ඔන්න කොහොම හරි පාලන බල්ලෝ පොරේ දින්නලු. අපේ ප්‍රදාන නළු බල්ලා ඔය පොරේදී  හොදට පොර කෑවා කියල තමා කියන්නේ. අපිට ඒවා වැඩක් නෑ. වැඩේ කියන්නේ පොරේ දිනලා වැඩි දොහක් යන්න කලින් මෙන්න බොලේ මේ බල්ලා පාලන බල්ලා වෙන්න පොරයක් අල්ලන්න ගත්ත. මේ කතාවට එකේ කිසි සම්බන්දයක් නෑ. මම මේ නිකමට කිව්වේ.

ලොකු බලු පොරේ ඉවර වෙනකල් ලොවෙත් හිටියේ නැති අපේ බැල්ලි සබේට එන්නේ මෙන්න මේ වෙලාවේ තමා.

කොහොමද ආවේ කියල කියනවනම් මෙන්න මෙහෙමයි වැඩේ සිද්ද උනේ. එක පාරටම කොහෙද හිටිය පරට්ට බැල්ලියෙක් බලු උසාවියේ නඩුවක් දාල අපේ ප්‍රදාන බල්ලා මෙහෙම කතාවක් කියල බලු සංහතියම පාවල දුන්න කියල. මෙහෙම කිව්වට කතාව තාම දැම්මේ නෑනේ. මෙන්න කතාව "පොරේ අන්තිම වෙලාවේ මස් කටු උස්සගෙන ආව හොර බල්ලන්ගේ බොටුවෙන් මිරිකන්න කියල මහා බල්ලා අන දුන්න"

දැන් හෙනම ගේම. ඇයි බල්ලෝ හෙනම බලු කතාවක්නේ කියල තියෙන්නේ. වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි, අපේ බැල්ලිට ඕනේ උනා බලු පත්තරේ බලු විස්තරයක් දාන්න. ඉතින් ඔය වැඩේට බලු සම්මුක සාකච්චාවක් කරන්න යන වෙලාවේ තමා මේක කියල තියෙන්නේ.

ඔන්න උසාවිය ඇහුව මොනවද තියන සාක්කි... මේ වෙනකොට මේ බැල්ලි හෙනට පිම්බිල පොමනේරියන් එකෙක් වගේ හැඩවෙලා මෙන්න මෙහෙම කියපි. "බලු සුවාමිනි, මම ලග මේ දේ කිව්ව බලු වොයිස් රෙකෝඩ් සහ බලු නෝට් ඇත.

බලු නඩු හාමි කියපි "මොනවද ඔය බල්ලට කියන්න තියෙන්නේ මේ දේ ගැන. අපේ ප්‍රදාන බල්ලා මෙන්න මෙහෙම කියපි "පොරේ අන්තිම වෙලාවේ මස් කටු උස්සගෙන ආව හොර බල්ලන්ගේ බොටුවෙන් මිරිකන්න කියල  මහා බල්ලා අන දුන්න කියල ආරංචියක් තියනවා. නමුත් එහෙම දෙයක් කරාද කියල මම දන්නේ නම් නැහැ කියලයි මම කිව්වේ. මේ බැල්ලි මේක විකුර්ති කරලා දාල තියෙන්නේ".

එතකොට බලු නඩු හාමි කියපි "නඩුව අදට කල් දානවා. ලබන නඩු වාරෙ දුන්නනම් එහෙනම් සාක්කි."

දැන් ඊලග නඩු වාරෙ ලැබුවා. මෙන්න මේ බැල්ලි කියපි "බලු සුවාමිනි, මාර වැඩේනේ මගේ බලු වොයිස් රෙකෝඩ් කරන එක එදා වැඩ කරලා නෑනේ. නෝට් නම් තියනවා"

එතකොට බලු නඩු හාමි කියපි "නඩුව අදට කල් දානවා. ලබන නඩු වාරෙ දුන්නනම් එහෙනම් සාක්කි."

දැන් ඊලග නඩු වාරෙ ලැබුවා. බැල්ලි දුන්න පොතක්. වැඩේ කියන්නේ ඔය විස්තර ලියපු බලු කොළ , පොතේ සාමාන්‍ය කොළ වලට වඩා ගනකමින් වැඩි. (හොර වැඩක් වත් කොරගන්න බෑ මේ බැල්ලිට). මේ වැඩේ පෙන්නුවා අපේ ප්‍රදාන බල්ලාගේ සහයක බල්ලෝ. බලු නඩු හාමි එක පිළිඅරන් කියපි "නඩුව අදට කල් දානවා. ලබන නඩු වාරේ දුන්නනම් එහෙනම් සාක්කි."

ඔහොම නඩු වාර කීපයක් ගියපි. අන්තිමේදී හොදම බලු දවසක තීරණය දෙනවා කියල නඩු හාමි කියපි. මේ වෙනකොට බලු උසාවිය යනු අපද්‍රව්‍ය බැහැර කරන තැනක් වැනිය වගේ නොම්මර එකේ බලු කතා කියපු අපේ පරට්ට බැල්ලි රට පැනපි.

ඔන්න තීන්දුව දෙන දවසත් ආවය කියමුකෝ..

ඔන්න බලු නඩු හාමි කියපි "ඇත්තෙන්ම බලු උසාවිය යනු අපද්‍රව්‍ය බැහැර කරන තැනක් වැනිය. ඔය ඉස්සරහ ඉන්න ඇස් බැද ගත්ත බලු කෙලි ඕනෙම කෙනෙකුට මුදල් දී සංවාසයේ යෙදිය හැක. මේ බව පෙන්වා දුන් අපේ සත්ගුණවත් බැල්ලිට අපගේ ප්‍රසාදය. තවද බලු වොයිස් රෙකෝඩ් කරන මෙව්වා එක එක වෙලාවට වැඩකරන්නේ නැති බව සැබෑය. එමෙන්ම බලු රටේ පොත් ගහන උන් කිසිම කමකට නැතිය. එක පොතේ එක එක පිටු එක එක ගනකමින් යුක්තය. මේ සියලු සාක්කි ගැබුරින් සලකා බලා මේ බල්ලව අවරුදු 3කට සහ හරක් කටු 2ක දඩයකට යටත් කරමි."

සැරදේ... සැරදේ... බලු උසාවියට ජය වේවා...

මෙහි එන නම් ගම් සිද්දීන් සියල්ල මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න. (මෙවැනි සිද්දීන් බලු ලෝකයේ පමණක් සිදුවිය හැකි සිද්දි බැවින් මෙවැනි වගන්තියක් දැමීමට අනවශ්‍ය යයි මට සිතෙන නමුත්, ඕනෙම පස්චාත් බාගයක් කියා දැමුවෙමි)



Sunday, November 13, 2011

ජිවිතයේ දැනුම පොතට එකතු කරගන්න...


දැන් කොහොම කොහොම හරි වෙලාව හදාගෙන සති අන්තේ පොඩි පොස්ට් එකක් දාන්න සෙට් වෙලා ඉන්නේ. අද මොකද්ද දාන්නේ කියල හිත හිත ඉන්න කොට මට ආව සුපිරි ඊයක්. මට සැහෙන්න කාලෙකට කලින් මේක ඇවිල්ල තියනවා. ඔයාලටත් ඇවිල්ල ඇති.. නමුත් දැකල නැති අයට සහ දැකල ඇති අයගේ මතකය අලුත් කරගන්න මම මේක තේරෙන බාසාවෙන් දාන්න යන්නේ. මොකද මේකේ මහා ගැබුරු තේරුමක් තියනවා..



හැමදාම බයිලා ගගහ ඉන්නේ නැතුව වැදගත් දෙයකුත් දාන්න එපාය නේද??

මේ ඊයේ අහල තියනවා ප්‍රශ්න දෙකක්.. ඔයාලත් ට්‍රයි කරලා බලන්න..

1) ඔන්න බබෙක් ලැබෙන්න ඉන්න ගෑනුකෙනෙක් ඉන්නවා (එක්කෙනෙක් නෙමේ ගොඩක් ඉන්නවා. මම මෙතන කියන්නේ එක්කෙනෙක් ගැන විතරයි..). මෙයාට මේ වෙනකොට දරුවෝ 8 දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් 3 දෙනෙක් බීරි අය. දෙන්නෙක්ට ඇස් පෙන්නේ නෑ. එක්කෙනෙක් මානසික අබාධයකින් පෙළෙනවා.(අපි වගේ නෙමේ. අපිට වඩා හොද එකක්). දැන් අහන්න එපා මෙතන ඉන්නේ 6යි. කෝ අනිත් දෙන්න කියල. උන දෙන්න හොදින් ඉන්නවා. මේ විතරක්‌ නම් මදෑ, මේ ගෑනු කෙනාට "SYPHILIS" කියල ලෙඩකුත් තියනවා.(දැන් අහන්න එපා මේ මොකද්ද කියල. මම දොස්තර විභාගේ කරානම් මෙතන කොට කොට ඉන්නේ නෑ)

දැන් තියන ප්‍රශ්නේ තමා ඔයා හිතන විදියට, අවන්කවම මේ ගෑනුකෙනා ගබ්සාවක් කරගත්තට කමක් නැද්ද?? හදවතින් නෙමේ මොලෙන් මේ ප්‍රශ්නේ ඇහුවනම් වඩා හොදයි..


2) ඔන්න ඔයාට දෙනවා ලෝකේ නායකයා තේරීමේ අවස්ථාව(ලොවෙත් ලැබෙන්නේ නෑ. නිකමට වගේ හිතමු) ඔයාට ලැබිල තියනවා CV  3ක්. (ලංකාවේ වගේ ඒවා යට ගහල තමන්ගේ යාලුවෙක් දාගන්න බෑ.)

මෙන්න අපේක්ෂකයෝ 3 දෙනාගේ විස්තර
  1.  චොර උන දේශපාලකයන් සමග සිටී(UNP/JVP තරම්ම නෑ මගේ හිතේ). ජෝතිෂ්‍ය කාරයන් ඔලුව උඩ තියාගෙන සිටී(අතේ රත්තරන් ගුලියක් තියාගන්න තරම් නම් නෑ). ගෑනු දෙන්නෙක් සිටී. ලෝකේ සිගරට් ඉවර කිරීමේ පරමාර්ථයෙන් සිකරට් බොයි. අනිවා ෂොට් 7-8 දවසකට සරිරගත කරගනී..
  2. දෙසැරයක් රස්සාවෙන් දොට්ට දමා ඇත. දවල් 12.00ට කලින් නැගිටීමට එලාම් 10ක් වත් අවශ්‍යය. කැම්පස් කාලේ ගංජා කාරයෙකි. දවසකට කාලක් අනිවා අනුමත කරගනී.
  3. හැමෝම දන්නා යුද වීරයෙක්(පස්සේ රජතුමා හිරේ දාල නෑ). මස් මාන්සයෙන් තොරයි. අරක්කු/ සිගරට් වලින් තොරයි(මොකටද මෙහෙම ජිවිත..ඊය..) කවදාවත් තමන්ගේ බිරිදට හොර කරලා නෑ..
දැන්  ප්‍රශ්නේ තමා.. ඔයා කාවද තෝරාගන්නේ???

මේ ප්‍රශ්න දෙකට පල්ලෙහායින් අවන්කවම උත්තර හිතාගෙන, යටින් තියන ටිකත් කියවල අදහසක් ලියල යන්න....

 ||
 ||
 ||
 ||
 ||
 ||
 ||
 ||
 ||
 ||
 V


පලවෙනි ප්‍රශ්නෙට ඔයා කිව්වනම් ගබ්සාවක් කරහ්ගන්න කියල. බ්‍රිතෝවන් කියල ශේෂ්ට සංගීත වේදීයා මෙලොකෙට බිහිවෙන්නේ නෑ. බ්‍රිතෝවන් බිහිඋනේ උඩ විස්තර කරලා තියන විදියේ ගෑනු කෙනෙක්ගේ 9 වෙනි ළමය විදියට..


දෙවෙනි ප්‍රශ්නෙ

අපේක්ෂක 1
ශේෂ්ට ඇමරිකානු නායක ෆ්‍රැන්ක්ලින් රොසේවෙල්ට්


අපේක්ෂක 2
ශේෂ්ට බ්‍රිතාන්‍ය නායක වින්ස්ටන් චර්චිල්


අපේක්ෂක 3
ශේෂ්ට/විනසකාරී  නායක ඇඩෝෆ් හිට්ලර්


කොහොමද වැඩේ...එහෙනම් අපි කැපුන..



පලි: ටයිපින් අවුලක් නිසා වින්ස්ටන් චර්චිල් සහ ෆ්‍රැන්ක්ලින් රොසේවෙල්ට් ගේ රටවල් දෙක පැටලිලා තිබිල නිවැරදිකරා. පෙන්නලා දුන්නට බොහොම ස්තුතියි.

Sunday, November 6, 2011

හොද ඇපල් කන්නේ පණුවෝය.....

 
ගොඩක් දවසකින් මුකුත් හරියට ලිව්වේ නැතිනිසා මම කොලුවට හිතුන මොකක් හරි කතාවක් කාරිය දාන්න. කතන්දරනම් අනන්තවත් තිබුනත් ඒව කොටා ගන්නා වෙලාවක් නැති එක තමා වැඩේ. ඇත්තටම වෙලා නැත්තේ නෑ. ඒත් වැඩ ඇරිලා ගෙදර ආවම මොන කෙටිලිද, පිලුමක් බලල නිදාගන්න එක තරම් සැපක් නෑ ලොවෙත්.



වැඩි වැල් වටාරම් නැතුව මම අද පොස්ට් එකට බහින්නම් කෝ... ටොපික් එක දැක්කම මොන කෙහෙල ගහටද මූ හැරෙන්නේ කියල තේරෙනවනේ. ඒ කෙහෙල ගහට තමා හැරෙන්නේ. මේ ගැන නම් අනිවා බ්ලොග් පොස්ට් 1000 කට වඩා ලියවිලා ඇති. 1000 ක් ලියවිලා තියන එකේ 1001 ක් ලියඋනා කියල අව්ලක් නෑ නොවෑ කියල ඉතින් කොටනවා.

මේ "ඇපල් ගෙඩියක් පණුවෙක් කන කතාව අද ඊයේ නෙමේ අව්රුදු ගානක් පරණ නමුත් අදටත් අලුත් කතාවක්. මට මේ කතාව එක පාරටම මතක උනේ පහුගිය දවසක මම කොලුවා කන්න ගිය තැනක සාමාන්‍ය මට්ටමේ කොල්ලෙක් එක්ක ගිය සුපිරි කන්‍යාවියක්(ගිය විදිය, දැක්ක ස්ථානය සහ දැක්ක වෙලාවේ හැටියටනම් කන්‍යාවියක් කියන්න අමාරුයි) දැක්ක මගේ යාලුවෙක් හෙන දුකෙන් ඔය කතාව කිව්වා.. මොකද්ද කතාව??? "අර බලපන්කො බං, ඇපල් ගෙඩියක් කන පණුවෙක්".. හිකි හිකි..

ඔය ඇපල් පණු කතාව ඇත්ත කියල අපිටත් හිතෙන වෙලා අනන්තයි.. හැබැයි මමනම් කියන්නේ ඔය කතාව තමන්ට හොද කෙල්ලෙක් දාගන්න බැරි, එහෙමත් නැත්නම් තමන්ගේ කෙල්ලගේ ලස්සන පෙන්නේ නැති හීනමානයක් තියන උන් කියන කතාවක් කියලයි. 

අපිටත් ඔය කතාව කොල්ලෝ කීයක්නම් කියල ඇතිද?? ඔය කතාව කියන උන්ටත් ඔයකතාවම කොච්චර උන් කියල ඇතිද?? ඔන්න ඕක තමා මනුස්ස ස්වබාවය. තමන් සතු දේ කිසි අගයක් නෑ. 
 
මෙහෙම ලියන් යනකොට මට පරණ කතාවක් මතක උනා. මේ කතාවේ කතා නායකයා මේ බ්ලොග් එක බලන උබල අපි හැමෝම දන්නා, මගේ හොදම ගජයෙක්. මම මෙතන නම දාන්නේ නැති උනාට අනිවා, අපේ දමිත් කොට හරි, මෝල හරි යටින් දානවා සුවර්.. 

ඔන්න දවසක් මූ බස් එකේ මුගේ කෑල්ලත් එක්ක පන්ති යනවලු. මුන් දෙන්න බස් එකේ මැද හරියේ වැඩිවෙලා උකුළු මුකුළු කරන් යනකොට මුට පේලි දෙක තුනක් පස්සේ හිටගෙන හිටිය කොල්ලෙක් උගේ යාලුවට කියනවලු අපේ ටොපික් එකේ කතාව.. මොකද්ද?? "බලපන්කො බං ඇපල් ගෙඩියක් පණුවෙක් කන හැටි.. අයියෝ සල්ලි.." 

මගේ ගජය ඉතින් ලව් සික් එකේනේ මුට ඔය කතාව ඇහිලා නෑ. නමුත් මුගේ කරුමේ කියන්නේ අර කොල්ලෝ දෙන්න හිටන් හිටිය තැන වාඩිවල ඉදල තියෙන්නේ අපේ තවත් යාලුවෙක්. මුට දැන් කතාව ඇහිලා, මුට පස්චාත් බාගයෙනුත් හිනාලු අර කොල්ල කියපු විදියට. 

ඔය අනිත් යාළුවා මුත් එක්කම බස් එකෙන් බැහැල කිසිදෙයක් කියන්නේ නැතුව පන්තියේ ඉන්ටවල් එක වෙලාවේ මුළු කැන්ටිමටම ඇහෙන්න ඔය කතාව රගපාල කියන්න තරම් නිහතමානී උන එක ගැන අපි ඇත්තටම අගය කරන්න ඕනේ... 

ඉතින් එදා ඉදන් මගේ මේ ගජය කිසිම එකෙක්ට විරුද්දව බයිකට කට අරිනවා බොරු.. පොඩ්ඩක් කට ඇරියොත් ඇපල් පණු ජාතකේ කරලියට ඇවිල්ල බයිට් එක මුගේ පැත්තට එනවා..

ඔන්න බලාපල්ලා ලංකාවේ කොල්ලන්ගේ කුහකකම සහ හීනමානය...
 
හැබැයි ඔය කියන මගේ යාලුවටනම් ඇපල් පණු ජාතකේ ලෙසටම ගැලපෙනවා කියල තමා "රට්ටුයි, ලෝකයෝයි කියන්නේ.. අනේ මමනම් නෙමේ ඔන්න ඕව කියන්නේ...

 එහෙනම් අපි කැපුන.... ජය වේවා...

Sunday, August 7, 2011

පෙම්කලත් මම ඔබට.., රැවටුවා ඔබ මාව..,

Sunday, July 17, 2011

ADK කොලුවා බ්ලොගයේ 50වෙනි පොස්ටුවත් දැමු වගයි...


ටොපික් එක දැක්කම අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ පොස්ට් එක මොකක් ගැනද කියල. මේ මම කොටන්නේ මගේ බ්ලොග් එකේ 50වෙනි පෝස්ටුව. ඇත්තටම මට හරි සතුටුයි. මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අය අදුරගන්න ලැබුන. ඒ ගොඩක් අය නොසැහෙන්න දක්ෂතා තියන අය. තාම හොදක් අය පවුද්ගලිකව දැන හදුනා ගන්න වුනේ නැති එකට පොඩ්ඩක් දුකයි. නමුත් අන්තිම සති අන්තයේ කීපදෙනෙක් සැබෑවටම දැකගන්නත් ලැබුන එක සතුටක්. ඉස්සරහට ගොඩක් අයව දැක බලාගෙන සේටර් වෙලා තවත් අලුත් බොකු ටිකක් ඇති කරගන්න හිතන් ඉන්නවා..

අදට මම බ්ලොග් එක පටන් අරන් දින හරියටම 78යි. හරි හරියට පොස්ට් දැම්ම. ගොඩක් කට්ටිය ඒවා බැලුව, කොමෙන්ට් දැම්ම, මාව දිරිගන්වුව. මම මේක කොටන වෙලාව වෙනකොට මට කෙම්න්ටු 640ක් ලැබිල තියනවා. ඒ කියන්නේ එක පොස්ටුවකට කොමෙන්ටු 13ක් වගේ. අදටත් මට දවසකට සාමාන්යෙන් පොස්ට් එකක් දැම්මොත් හිට්ස් 250+ විතර වැටෙනවා. මම වගේ ආධුනිකයෙක්ට ඒක හොද කවුන්ට් එකක් කියල මම හිතනවා. ඒ ගැන මම ආඩම්බරයි.

මම හැමදාම කියන්න වගේ මම බ්ලොග් ලියන්න මුල් උනේ රංග අයියගේ මගේ ලෝකය දැකල. ඊට පස්සේ මාරයාගේ, සාතගේ, ඕනයගේ, කිඩෝගේ, කතන්දරගේ, මධුරංගගේ, රත්ගමයාගේ වගේ එකී නොකි ගොඩක් බ්ලොග් වල ආභාෂය මට ලැබුන. දැනට මගේ බ්ලොග් ඒක ෆලෝ කරන අයත් 75 ක් ඉන්නවා. එකත් උපරිමයි. මුල් දවස් වල මගේ බ්ලොග් ඒක බැලුවේ මගේ ඉස්කෝලේ සහ සරසවියේ අය කීප දෙනෙක්. එයාල තාම මාත් එක්ක ඉන්නවා. ඒක ගැන හරි සතුටුයි. දැන්නම් දිනපතා බලන අය ලෝකෙ වටෙන්ම ඉන්නවා. ඔය පැත්තෙන් තියන ෆීඩ් කෑල්ලෙනුයි, මගේ හිට් සොසස් බැලුවමයි ඒක සැහෙන්න තේරෙනවා.  මට හරි සතුටුයි.

මිට අමතරව මට උන කුප්පම සිද්දිය, ඇත්තම අද්දැකීමක් ලියපු අසහන කාරයෝ.. - අනං මනං” පොස්ට් එකට ඒක දවසට හිට්ස් 1600+ ආව එක මට බ්ලොග් ජීවිතේදී අමතක කරන්නම බෑ. ඒක මෙයිල් එකක් විදියට මටම ආව මේ ලගදි. හැබැයි මගේ නමනම් තිබුනේ නෑ එකේ. ලොල්. මගේ ඔය පොස්ට් එක එළකිරි එකේ රුකාමැක්ස් කියල ගොන් ජොන්ටෙක් උගේ එකක්වගේ දාලත් තිබුන.

ඇත්තටම මේ මගේ 51වෙනි පොස්ට් එක. මොකද කලින් මම දාපු එක පොස්ට් එකක්, ඒකට සම්බන්ද කෙනෙක්ගේ ඉල්ලීම පිට(කොපි කිරීමක් නෙමේ, ඒක එයාගේ පවුද්ගලිකත්වයට හනිවෙනවා කියල තිබුන. හැබැයි පොස්ට් එකේ එයාගෙ නමවත් තිබුනේ නෑ. නමුත් මට වලි දාගන්න ඕනේ නෑ මේ වෙඩිම නිසා)  අයින් කරන වීම මගේ පුංචි බ්ලොග් ජිවිතේ දුකම සිද්දියක්.

මගේ බ්ලොග් එක කියවන අයගේ දැනුම වැඩි කරන්න මම පටන්ගත්ත "ආයෝජන - Investments" පාඩමත් වැඩිය හිට්ස් නැති උනත් යම් පිරිසක් එකෙන් ප්‍රජෝජන ගන්නවා කියල තේරෙනවා. මගේ ඔපීසියේ ගොඩක් දෙනෙක් මට හම්බ වෙලා කිව්වා ඒ පොස්ට් සෙට් එක පට්ට කියල. නමුත් වැඩේ තියෙන්නේ උන් ඔක්කොම බලනවා විතරයි. කොමෙන්ට් නෑ. කමක් නෑ. ඊයේ දවසේ මම ඒ පාඩම් මාලාවේ පළමු අධියර ඉවර කරා. ඉස්සරහට දෙවෙනි අධියර ලියන්න හිතන ඉන්නවා. එක මට ලොකු සතුටක්.

කොහොමෙන් කොහොමෙන් හරි මම හැමදාම මොකක් හරි පොස්ට් එකක් දාන්න උපරිම ට්‍රයි එක දෙනවා. අලුත් ජෝබකට ලබන මාසේ ඉදන් යන නිසා හැමදාම බැරි උනත් ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවේම මොනවා හරි ලියල මගේ අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.

මාව  දන්නා ගොඩක් අය මට කියන කතාවක් තමා මේකා ලියන්නේ මමද කියල හිතාගන්න බෑ කියල. මොකද මම ෆුල් ෆන්, නව ගිලුනත් බාන චුන් එකේ ඉන්න ඩයල් එකක් නිසා, මේකේ තියන සීරියස් නිසදැස්, සීරියස් අදහස් මම ලියනවා කියල හිතාගන්න බැලූ. හිකි හිකි.

මගේ බ්ලොග් එකේදි මම එක රාමුවකට කොටුවෙලා නෑ. කුප්ප කතා, සීරියස් කතා, නිසදැස්, දැනුම පාඩම්, IQ ප්‍රශ්න, මට ආපු සුපිරි ඊයවල් වගේ නොයෙකුත් දේවල් මම දාල තියනවා. ඉස්සරහටත් දානවා. මොකද මේ මට දැනෙන දේ.... මට දෙයියන්ගේ පිහිටෙන් ලාදුරු නෑ. ඉතින් දේවල් හොදට දැනෙනවා.. පොඩියට ලියන්න හැකියාවක් තියන එකට පින්සිද්දවෙන්න ඒ දැනෙන දේවල් මේ පුංචි ඉඩකඩේ දිගටම කොටනවා. මගේ පොරොන්දුවක්....

අවසාන  වශයෙන් මෙතෙක් කලක් මම එක්ක හිටියහොද නරක දෙකම අඩුවදියක් නැතුව කියල කොමෙන්ට් වලින් මාව දිරිගන්වපු, ඔයාල ඔක්කොටම  මගේ බොක්කෙන්ම නැගෙන තැන්කියු එක මම පුද කරනවා. ඔයාල නිසා තමයි මෙච්චර ගමනක් ආවෙත්, තව ඉස්සරහට මේ ගමන යන්නෙත්... අයෙත් සැරයක් ඔයාලට බොහොම ඉස්තුතියි.. ගොඩක් පිං... කියන ගමන් මම කැපෙනවා...

Wednesday, July 13, 2011

ADK කොලුවා උපාධි තොප්පිය දැමූ වගයි..

හැමදාම පොස්ට් එකක් දාපු, කොමෙන්ට් වරද්දන්නෙ නැතුව දාපු මම කොලුවට එකපාරටම උනේ මොකද්ද කියල ඔයාල බලනවා ඇති. ඇත්තටම දවස 4 කින් විතර මේ පැත්තේ එන්න බැරි උනා. ටයිටලේ කියෙව්වම හේතුව මොකද්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඒත් නොකිය බැරි නිසා මම කියන්නම්. මම කොලුවත් දැන් උපාධි ධාරියෙක් බවට පත්වෙලා ඉන්නේ. විස්තර ඇතුව කිව්වොත් BSc in Management Information System, Second Class Honours, Grade I උපධිකාරයෙක් දැන්. කොහොමද ඒක.. ලොල්ය.. සෑහෙන්න සතුටුයි. අවුරුදු 4ක මහන්සියේ ප්‍රතිපල. පන්තියේම ඉන්නේ First Class ළමයි 6යි නිසා  Class ඒක ගැන හිතට දුකක් නෑ.

උපාධිය ගත්ත කියල කොලුවා නැවතුනේ නෑ. MSc එකකුත් දැනට කරන්න පටන් අරන් තියෙන්නේ. පටන් ගත්තේ ප්‍රතිපල එලියට දාපු දවසේමයි. මොකද කාලය අපතේ යවන එක හොද වැඩක් නෙමේ. දැනට ඒකෙ එක සබ්ජෙක්ට් එකකුත් ඉවරයි.

දැනට මට වයස 24යි. දෙයියනේ කියල 25 ඉවර වෙන්න කලින් මාස්ටර්ස් එක ඉවර කරගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

සමහර මාව දැකල නැති අය ඇතිනේ ඔය පහලින් ඉන්නේ මම කොලුවා තමා. 


මේ  ඉන්නේ කොලුවා අම්මියත් එක්ක.


මේ ඉන්නේ කොලුවයි, කොලුවාගේ තාත්තයි.


පොටෝ වලින් මේක පුරවන්න බෑ නිසා දැම්මේ තුනයි. තව ගොඩක් පොටෝ මගේ බුකියේ දානවා ඉස්සරහට. බලන අය බලන්න. පොටෝ ටික දාල ලින්ක් එක මෙතන දාන්නම්.



Thursday, July 7, 2011

සරසවි ජිවිතයෙන් පසු - තිත්ත ඇත්ත


අද මගේ පොස්ට් එක ගැන මම වැඩිය කියන්න කැමති නෑ.. මම කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න මේ ගැන.. වැඩි කතා නැතුව කෙලින්ම මම පොස්ට් එක දානවා...


හිතෙන දෙයක් පහලින් කොටලා යන්න.....

Tuesday, July 5, 2011

ජීවිතය තවත් කෝණයකින් - Life in another angle


මේ දවස්වල මගේ රැකියාවේ මගේ රෝල් ඒක වෙනස්වෙලා මට පික්සු වෙලා ඉන්නේ. ඉතින් පොස්ට් දාන්න තියා දාපු කොමෙන්ටුවක් බලන්නවත් එන්න වෙලාවක් නෑ. නමුත් මේ පැත්තේ නිකන් තණකොළ වැවිලා වල් වැදිලා යන්න දෙන්න බැරි නිසා සහ අද මට ආපු ඊයක් නිසා පොඩි පොස්ට් එකක් දාන්න ඕනේ කියල හිතුන.

වැඩි වල වටාරම් ඕනේ නෑ. මේ ජීවිතය තවත් කෝණයකින් දැකපු කෙනෙක්ගේ අදහසක්. පින්තුර ටිකකින් මුලු ජිවිතයම විස්තර කරලා තියනවා...



https://picasaweb.google.com/113580666513230874695/Life?authkey=Gv1sRgCPvXyNGkgN-jlwE#5625835764316347666



ප.ලි. : බ්ලොගයට පිස්සු හැදී ඇත... පින්තුර වැඩ නැත... අප්ලෝඩ් වෙන්නේද නැත. මේක තවදුරටත් බැලීමට මට වෙලාවකුත් නැත..  වෙන කරන්න දෙයක් නැති නිසා මම පිකසාවේ අප්ලෝඩ් කර ලින්කය දැමුවෙමි.. සියල්ලෝ සමාවෙන සේක්වා....


ප. ප. ලි: යාන්තම් පින්තූරය අප්ලෝඩ් උනේය..... හිකි හිකි...

Monday, July 4, 2011

ජීවිතය සහ සල්ලි - Life vs Money

අද ලියන්න දෙයක් හිතනකොට මට හිතුන පොඩි ටිප්ස් ටිකක් කියන්න ඕනේ කියල. මේක මට ආවේ ගොඩ කාලෙකට කලින් ඊයකින්. ඒත් මේ ටික මගේ ඔලුවේ තිබුන තදටම.. 

එකේ තිබුනේ ජිවිතේ සහ සල්ලි කියන දෙක සම්බන්දව හොද ටිප්ස් ටිකක්. මම ඒ ටික සිංහලෙන් ඔයාලට කියන්නම්..



1) අපේ සීමාසහිත ජීවිතය, අසීමිතව සල්ලි හොයන්න හොදවන එක කිසිම තේරුමක් නෑ.. 

2) අපේ ජිවිත කාලය ඇතුලත වියදම් කරන්න බැරි තරම් සල්ලි හොයන එකේ කිසිම තේරුමක් නෑ..

3) සල්ලි කියනන් දේ අපේ වෙන්නේ නෑ, අපි ඒ සල්ලි වියදම් කරේ නැත්නම්. එක්කෝ ඒ සල්ලි බැංකුවේ, නැත්නම් සේප්පුවේ.. අපේ නෙමේ..

4) අපි අපේ තරුණ කාලේ, සල්ලි පස්සේ යන්න අපේ තාරුණ්‍ය වැය කරනවා. අපේ මහලු කාලයේ අපි හම්බ කරපු සල්ලි වලින් ආයෙත් තාරුණ්‍ය ගන්න හදනවා. නමුත් අපි පරක්කුයි කියල තේරෙන්නේ එතකොට තමා..

5) අපිට කාලය ගත කරන්න විදියක් නැති අය වෙනුවෙන් මුදල් හොයන්න කාලය ගත කරන එක තේරුමක් නෑ..

අනේ මන්ද මම හරිද කියල. මේ ටික මගේ ජිවිතේ ගොඩක් වෙනස් කරපු ටිප්ස් ටිකක්. ඔයාලටත් මේ ටිකෙන් ජිවිතයට ගන්න දෙයක් තියේවි කියල හිතෙනවා.