Showing posts with label පාසලේ විත්ති. Show all posts
Showing posts with label පාසලේ විත්ති. Show all posts

Wednesday, September 10, 2014

මාලුපාන්ගෙ කුක්කු තුනේ කතාව...

කාලෙකින් මොනවත් ලියන්නත් බැරිවුන එකේ මේ සතියෙ නම් මොනවම හරි ලියනව කියල හිතාගත්ත. පහුගිය දවස් වල මගේ අපාය සහගත මිතුරු කැල ඉල්ලා සිටිය අපේ මාලුපාන්ගෙ කුක්කු තුනේ කතාව කියන්න කියල..
වැඩිය කලබල වෙන්න ඔනෙ නෑ.. අපේ සෙට් එකේ කීපදෙනෙක්ගෙම ඔය තියෙන්න ඔනෙ ගානට වෙනස් ගනන් තියනව. 
උදාහරනයක් ගත්තොත් 

  • අපේ මෝලට බුරි තුනයි
  • කජ්ජට ඇට එකයි
  • දිලුමගෙ දෙක අඩියක් විතර එල්ලෙනව

ඒව ගැන පස්සෙ බලමු. මුලින්ම ප්‍රදාන කතාවට එමුකො.

කතාව පටන්ගන්න කලින් ඉතිහාස කතාව කියන එකනෙ සිරිත. එහෙනත් එතනින්ම පටන් ගමු..




දැනට අවුරුදු කීපයකට කලින් අපෙ කතානායකය සතෙන් සතේ එකතු කරල එකතුකරල තව ගෙදරින් ලක්ස ගානක් ඉල්ලගෙන සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව හා හා පුරා කියල රෝද හතරක් ගත්ත. අරගෙන එනගමන්ම වලක වැටිලද මන්ද ඒකෙ සයිලන්සර් එකක්නම් තිබුනෙම නැති තරම්. කිව්වෙනම් බීට් එකක් තියල කියල. දෙයියනේ කියල වාහනෙ ස්ටාට් කරාම අහල ගම් හතක් දන්නව.

ඒත් එක්කම ඒ වාහන මොඩල් එකේ ගියර් පටන් ගන්නෙ තර්ඩ් එකෙන්. ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි මලකඩ කාලද කොහෙද වැටෙන්නෙනම් නෑ. ගියර් දෙකයි, තර්ඩ් එකයි ටොප් එකයි හරිම සිම්පල් ප්ලෑන් එකක්..

සයිලන්සර් එකේ සද්දෙ අහල පහල මිනිස්සුන්ට කරදරයක් උනාට ඒ කිසිම කෙනෙක් අද මේ වෙනකල් කවදාවත් වචනයක්වත් කියල නෑ කියලනම් කියන්න ඔනෙ.. හිකි හිකි.. බොලා හිතුවද මූ ගෙවල් පැත්තෙ හොද එකානිසා ගම්මු බනින්නෙ නෑ කියල?? ඒකනෙමේ ඇත්ත කතාව; ගත්ත දවසෙ ඉදන්ම හතරැස් වාහනේ රවුම් කරන්න අපේ කතා නායකයට තිබුනෙ පුදුමම හැකියාවක්..මොනව උනත් අපි ඒ හැකියාව අගේ කරන්න ඕනෙ.

වාහනේ ගත්තත් හරි ගෙදර තිබුනෙ මාසෙකට දවස් දෙකක් වැඩිම උනොත් තුනක් නිසා ගමේ මිනිස්සු හිතල තියෙන්නෙ මාසෙකට සැරයක් මුගෙ යාලුවෙක් අවිල්ල යනව කියල.
එක්කො හප්පල, එහෙම නැත්නම් ගරජ් බිල ගෙවන්න සල්ලි නැති නිසා ඔන්න ඔහෙ තියෙද්දෙන් කියල ඉදල කියල දන්නෙ ගෙදර අයයි තව ඔය ලගින්ම ඉන්න අපිවගෙ ජොන්ටොයි විතරයි..

මූ වාහනේ ගත්තත් හරි හන්දියෙ ගරාජ් එකේ අන්කල් ගෙදර අලුත් කාමර දෙකක් ගහන්න අඩිතාලම් දැම්මෙ ඉස්සරහට ආදායම සුවර් නිසා කියලයි රට්ටුනම් කියන්නෙ.. අනේ මමනම් දන්නෙ නෑ. මම ඔය රට්ටු කියන දේවල් වැඩිය විස්වාස කරන්නෙ නෑ..

ගරාජ් එකක සාමන්යෙන් නිතරම වාහන තියන එක අලුතින් කියන්න ඔනෙ නෑනෙ.. හැබැයි ගැරජ් අන්කල්ගෙ අල්ලපු වත්තෙ හිටිය පොරනම් ඒ දවස් වල පුදුම තරහකින් ඉදල තියෙන්නෙ අන්කල් අලුතින් කාර් එකකුත් අරන් ගෙදර අඩිතාලමකුත් දැම්ම කියල. දන්නවනෙ ඉතින් ඉරිසියාකාරයො.

ඇයි ඉතින් මාසෙ දවස් 30න් 27-28ක් මේ කාර් එක ගරජ් එකේනෙ. අල්ලපු ගෙදර එකා රැවටිල මේක ගරජ් කාරයගෙ කියල.

ඔන්න ඔහොමයි ඉතිහාසෙ.. දැන් ඉතිහාස කතාව දැන් ඉවරයි.. ඔන්න දැන් තමා කතාව එන්නෙ... 

මේ කියන දවසෙ පඩි හම්බ වෙලා සුද්ද වගෙ ගරජ් එකට ගිහින් අපේ මාලුව කාර් එක අරගෙන. මගදි සෙට් වෙච්ච තවත් ජිම් පප්පො තුන් දෙනෙකුත් දාගෙන දැන් මූ හුරේ කියල යනවලු. මේ සිද්දි වෙලා තියෙන්නෙ මාර්ග නීති හොයාගන්න කලින් නිසා එව ගැන වැඩි තැකීමක් කරන්න ඔනෙ වෙලා නෑ. 

වාහන දෙකක් මාරුවෙන්නත් අයින් කරන්න ඔනෙ පාරෙ මූ ඉතින් 100ට විතර යනකොට ජබොග් ගාල අහින්සක වාහන කාරකෙක්ගෙ ලස්සන පස්සක් මුගේ රවුම් වාහනේ ඉස්සරහ ඉතාමත් තදින් උම්ම එකක් දුන්නාය කියලයි කියන්නෙ. පස්සෙන් ගිහින් හප්පපු මුගේ අතෙ වැරද්ද කතා වැඩක් නෑ. මූ වීරය වගෙ වාහනෙන් බැහල දැන් අර ඉස්සරහ මිනිහගෙ සීයගෙ ජාතකේ ඉදන් දැන් මතක් කරනව. වැඩේ කියන්නෙ ඒකෙ ඉඩල තියෙන්නෙ තනි පොරක්. ටිකක් විතර ඇග පත තිබුනට හොදට හයිය හත්තිය තියන 4ක් එක්ක හැප්පෙන්න බැරිනිසා පොරත් කරබාගෙන ඉදල. 

වැඩේ හරියන්නෙ නෑ.. මූ නවත්තන්නෙම නෑ.. බැරිම තැන ඌත් වචනයක් දෙකක් කියල. ඒ හොදටම ඇතිනෙ. මූ පැන්නගමන් දුන්නෙ නැතෑ අර අහින්සකයගෙ මූන හරහ නිකන් ජෝන් සීන වගේ. අනිත් පොරත් නිකන් ඉන්න බැරි නිසා අත පය වනල. මේක දැක්ක අනිත් ජොන්ටො ටිකත් ගේමට එන්ටර් වෙලා පොරට හනුම දර පලනව වගේ දැන් දෙසනවලු. 

ඔය අතර අර පොර අපේ මාලුවව බදාගෙන බිම වැටිල. වැටිල තියෙන්නෙත් මූ යටට හිටින්න අරූ, මුගෙ ඇග උඩට හිටින්න. මාලුවට දැන් කරන්න දෙයක් ඇත්තෙම නෑ. දන්නෝ දනිත් මුගෙ සයිස් එක. ඔය අතරෙ අනිත් ජොන්ටො නොනවත්තා දරුනු ලෙස ප්‍රහාරය එල්ල කරනවලු.

ඔන්න ඔය වෙලාවෙ අපේ මාලුවට උගේ කුක්කු ප්‍රදෙශයෙන් එක පාරටම හෙනම ආතල් එකක් දැනුන කියල විතරයි මූට මතක. 

වටේ පිටේ මිනිස්සු ඇවිල්ල වැඩේ සමතයකට කරල, දෙපාර්ශවයම රොහල් කරා එක්ක ගියාලු.

දවස් දෙකකට පස්සෙ අපි සෙට් උනාම මූ ඉන්නව කිසිම අව්ලක් නැතුව. හබයි මූන නිකන් කෝච්චියට අහු උන රුපියලේ කාසිය වගේ. කතාව සම්පූර්නයෙක් කිව්වට පස්සෙ අපේ කුතුහලය දරුනු වැඩිවෙලා අපි බැලුව මාලුවගෙ පපු ප්‍රදේශය. පපුවෙන් එකයි ප්ලාස්ටර් එක. 

අර බිම වැටිල ඉන්න වෙලාවෙ අනිත් එකා වෙන කරන්නම දෙයක් නැතුව මුගේ වම් කුක්කුව ආස්‍රිත ප්‍රදෙශය සපාකාල.. ලොලේ ලොල්.. 

කොහොම කොහොම හරි මාස දෙකක් විතර යනකොට තුවාල වේලිලා ඔක්කොම හරි ගියා.. ඒත් කරුමෙ කියන්නෙ, බොලාල දැකල තියනවද අර සමහර තුවාල උනාම ඇතුලෙන් වතුර පිරිල පොඩි ගෙඩියක් වගේ ඉතුරු වෙනව. 

අන්න ඒ වගෙ මුගෙ ස්වාභාවික කුක්කු දෙක මැද්දෙන් ගෙඩියක් ඉතුරුවෙලා.. කුක්කු තුන නියමෙට තියනව.. අලන්කාරයි.. සුන්දරයි... ආකර්ශනීයයි....

එහෙනම් අපි කැපුන.. පස්සෙ දවසක ආයෙ සෙට් වෙමු...

Thursday, February 27, 2014

කරාටේ නාමයෙන් කොසු ඉදල් කැඩීම - පාසලේ විත්ති



ඉස්කෝලෙ කතා කියනකොට අපිට ලොවෙත් අමතක කරන්න බැරි පුද්ගලයෙක් තමා අපේ දීමන්ත. ඌට මොකක් හරි කරාටි වලට සම්බන්ද කාඩ් එකක් තිබුන. හැබැයි මට දැන් මතක නෑ.. බලාපල්ලකෝ තාම අවරුදු 6-7යි ගියේ.. දැනටත් මතක නෑ . තව අවරුදු 10-15ක් ගියොත් කොහොමට තියෙයිද?? (බොන අරක්කුවක් විසවී හෝ අතර මගදී බස් එකකට හැප්පී හෝ මූනු පොත සම්බන්ද පෙම් පලහිලව්වක් නිසා මේ දවස් වල ඉතාමත් ප්‍රසිද්ද සියදිවි නසා නොගත්තා යයි උපකල්පනය කර ඇත.) හෝව්.. හෝව්.. පොඩ්ඩක් ට්‍රැක් එක පැන්න. නැවත කතාවට. දිමන්තයත් IT කරන්නෙ. සමහර විට මේක දකීද දන්නෙත් නෑ.. එහෙම උනොත් සමා අවසර වෙලා නොදැක්ක වාගේ පලයන් පුතේ...

දැන් අපේ කතා නායකයා (දීමන්ත ගොයිය) ඉස්සර ඉදන්ම පොඩ්ඩක් "පොරත්වයට" ලැදියාවක් තියන ජොකියෙක්. (තාම එහෙමද දන්නේ නෑ.) ඔන්න ඔය නිසා පොර අපේ ඉස්කෝලේ කරාටි මරාටි ගුජරාටි ආදී එකී නොකී දේවල් නොසෑහෙන්න කොරා.. කොරා විතරක්නම් කමක් නෑ. පන්තියට ඇවිල්ලත් ඉන්නේ නිකන් මෝල් ගහක් ගිලපු ඇටි කුකුලා වගේ.. ඇවිදින්නේ ස්ලෝ මෝෂන්.. කවුරු හරි විහිලුවට අත පය දික් කොරොත් බ්‍රුස් ලීගේ මල්ලිගේ පුතා වගේ ගාඩ් කරනවා විතරක් නෙමේ කටින් "ෂිකා", "ෂි" වගේ සද්දත් පිට වෙන එක අලුත් දෙයක් උනේ නෑ ...

ඒවිතරක් නම් මදෑ, අතු පතු ගාන කොස්සක් ඉදලක් අහු උනොත් අර බෑන්ඩ් එකේ ඉස්සරහ ඉදන් පොල්ල කරකවන අයිය වගේ කරකවනවා, උඩ දානවා එක කෙලියයි. වැඩේ නවතින්නේ වෙන එකෙක්ගේ ඔලුවකට කොස්ස පාත්වෙලා තමා.. මේ වැඩේ මල වදයක් උනත් ඕනෙම දේක කුප්ප වර්ෂන් හොයාගන්න අපේ අතිජාත කපිලය මුගෙන් ෆන් එකක් ගන්න ක්‍රමයක් හොයාගත්ත.

දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි.. මගේ පරණ පොස්ට් කියවපු අය දන්නවා අපේ පන්තියේ පිටිපස්සේ හොදට ඉඩ තියනවා කියල. (ඔව් ඔව් ක්‍රිකට් ගහල මාට්ටු උන තැන තමා). දන්නේ නැත්නම් ඔය ලින්ක් වලින් ගිහින් කියවල එන එකයි තියෙන්නේ. වටේ පිටේ ඉන්න ඔක්කොමල ඔතනින් අයින් කරලා කල්පය එනවා මයික් එක වගේ මාකර් පෙන් එකකුත් අරගෙන සබාවට හරියට නිකන් අර රෙස්ලින් මැච් එකක මුලින් නම් කියන එකා එනවා වගේ..

කල්ප: ඔව් සහෝදර සහෝදරියනි... විශේෂයෙන්ම සහෝදරයන් නැති සහෝදරියනි, දුවලා සිටින දෙමාපියනි... දැන් මේ ඔබ සැම පුල පුලා බලාසිටි ඒ මහා කරාටි විස්කම් සංදර්ශනය ආරම්බ වීමට තව ඇත්තේ ඉතාමත් සුළු වෙලාවක්. ඇත්තටම ඉතින් මම අද අපේ සංදර්ශනය වර්ණවත් කරන කරාටි තරුව, ඇත්තටම කරාටි සුර්යයා කිව්වොත් වඩා සුදුසුයි මම හිතනවා. ඇත්තටම ඔහු ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. වැඩි කැටයම් නැතුව මම කෙලින්ම ඔහුව සබාවට කැදවන්නම් සාදරයෙන් පිළිගන්න අපේ කරාටි දීමන්ත....

මේ ඔක්කොම කලින් ප්ලැන් කරපු විදියට අපේ එකෙක් කල්පගේ අර කැමරා පොන් එකෙන් වීඩියෝ කරනවා(මේක කියවන එකෙක් ලග ඒ වීඩියෝ එක තියනවනම් එවපල්ලා. මම ඒක මෙතන අප්ලෝඩ් කරන්නම්) 

දැන් ඉතින් අපේ දිමන්තය ඉතින් ඉන්නේ පොලවේ නෙමේ 10 වෙනි තට්ටුවේ විතර (අපේ බිල්ඩින් එකේ තිබුනේ තට්ටු 3යි)  පොර ඔන්න එනව සබාවට ආඩම්බරෙන්. විහිලුවට නෙමේ.. මේ වෙන්නේ ඌ බයිට් වෙනවා කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක් ඕකට තිබුනේ නෑ ඒ දවස් වල. දැන් කොහොමද දන්නේ නෑ..

කල්ප: ඔව් දීමන්ත මහතාණෙනි කියන්න බලන්න ඔබගේ කරාටි ජිවිතයේ රන්කිරි කට ගෑවේ කොයි කාලේද කියල..

දිමන්ත : මම මොන්ටිසෝරි කාලේ ඉදන්ම කරාටි ක්‍රීඩාවේ නිරත වෙනවා..

කල්ප : අන්න බලන්න සුපෙම්වතුනි හැකියාව.. මට හොදටම විස්වාසයි මොන්ටිසෝරි දීමන්ත උනත් මට දෙකට කැඩෙන්න ගහන්න පුළුවන් තත්වෙක ඉන්න ඇති කියල.. (මේක විහිළුවක් උනාට. පොඩි ඇත්තකුත් තියනවා. අපේ ඒ කාලේ පොටෝ දැකපු කෙනෙක්ට මම මෙහෙම කියන්නේ ඇයි කියල තේරෙයි)

කල්ප: හරි අපි දැන් කෙලින්ම සංදර්ශනයට යොමුවෙමු. දීමන්ත පෙන්නනකො අපිට පොඩි කරාටි ෂොට් ටිකක්.. 

මෙන්න මූ අත පය දිග ඇරලා අර කරාටි ගහන අය කුකුල හුස්ම ගන්නවා වගේ පුම්බල හුස්ම ගන්නේ.. අන්න එහෙම කරලා කාරිය දැම්මේ නැද්ද කරාටි පාරාවක් දෙක තුනක්.. අපි හිතුවටත් වඩා දැන් වැඩේ නැගල යනවා...


කල්ප: අතිවිශිෂ්ටයි...මට අදහගන්නත් බෑ.. ඔතරම් සද්දන්ත සරිරයක් ඇති ඔබ කොහොමද මේ තරම් නම්‍යශීලි කියල. හරි දැන් අපි අපේ ඊලග අංගයට යමු..

දීමන්ත: ඒ මොකද්ද බන් ඒ??

අපි දෙන්නෙක් එක පාරටම පුටු දෙකක් සබාව මැද්දෙන් ගෙනත් තිබ්බ්බ. තව එකෙක් පන්තියේ කොස්ස ගෙනල්ල ඒ දෙක මැද්දෙන් තිබ්බ.

කල්ප: දැන් ඔබට තියෙන්නේ ඔබේ යෝද විරිය යොදල මේ කොස්ස කඩන්න.. 

මුගේ ඇස් රතු උනා.. මොකද පුටු දෙක ගොඩක් ලගින් තියෙන්නේ.. බෑ කියන්නත් බෑනේ.. පොර කොහොම හරි අපි එපා කියද්දීම පුටුදෙක සෑහෙන්න දුරකට ඈත් කරා.. ඒවිදියට තියල මැද්දට ගැහුවම කඩන්න මු ඕනේ නෑ.. 5 වසර පොඩි එකෙක්ටත් පුළුවන්. හැබැයි අපි අපේ ආතල් එක නැති කරගත්තේ නෑ ඕව කියන්න ගිහින්... මු කොහොම හරි "ෂා.. ශූ..ශී.." ගාල මැද්දට දුන්න පාරක් පොස්ස දෙකට කැඩෙන්න.. 


අපේ සෙට් එකේ ආතල් එක උපරිමේ. කට්ටිය හුරේ කියල චියර් එක.. මූ ආඩම්බරෙන් නැවෙනවා තෑන්ක් යු කියනවා එක කෙලියයි..

කොහොම කොහොම හැටි ඔහොම පටන්ගත්ත කොසු කැඩිල්ල සතියට කොසු ඉදල් 3-4 ක් අනිවා කඩෙන මට්ටමට ගියා.. අන්තිමට ජනෙලෙකින් ගලවපු විදුරුවකුත් මු කැඩුව.. එදානම් අපි ඇගේ ලේ නැතුව හිටියේ, මුගේ අතක් පයක්වත් කැපෙයිද කියල. අපිටත් ඉතින් ආතල් එකක් සෙට් උනාම බ්රේක් නෑනේ.. කොහොම හරි තුවාලයක් උනේ නෑ..(ඔය කඩපු වීදුරුවෙන් තමා මම තුමා ඇතුළු කට්ටියක් තීන්ත හීරුවේ)

තව දවසක් මූව ෆෝම් කරලා පන්තියේ ඔක්කොමල මුගේ බඩට අතට ගැහුවා හුරේ කියල.. ඒවෙලාවේ ඉවසගෙන ඉදල ගෙදර ගිහින් අම්මට කියල තෙල් ගාගන්න ඇති..

මේ කියන දිමන්තය සුනාමි වෙලාවේ කෝච්චියෙ ඉදල උගේ තාත්ත නැතිඋනා.. හැබැයි ඔය කතාව රෝටරියේ දෙය්යගේ ක්ලාස් එක ඇතුළු ක්ලාස් ගනනාවක ස්ටජ් එකට නැගල කියපු එකයි, ගියපු හැම ක්ලාස් එකකින්ම ෆ්‍රී කාඩ් ගත්ත හැටියි, ගෙදරින් දුන්න ක්ලාස් ෆීස් සල්ලි වලින් පෝන් එකක් ගත්ත හැටියි තවත් කතන්දර තමා.. පස්සේ දවසක බලමු ඒවා කියන්න.. එහෙනම් අපි කැපුන..

කතාවේ රසවින්දනය ඉහල දැමීමට යම් යම් ඉස්තාන කතෘ විසින් කතාවට ගැලපෙන ආකාරයට වෙනස් කරන ලදී කිව්වලු...

Thursday, October 13, 2011

ADK කොලුවාගේ යාල සවාරිය.. - 2


සෑහෙන්න කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. මේකේ දැන් මකුළුදැල් විතරක් නෙමේ අලි කොටි වලස්සුත් ඉන්න කැලයක් වැවිලා.. හිකි හිකි 

ඔන්න එහෙනම් යාල සවාරියේ දෙවෙනි කොටස ලියන්නයි යන්නේ.. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්න. මොකද ඉන්න සෙට් එක දන්නේ නැතුව ඉස්සරහට යන එකේ හිලක් තියෙන්නේ පුළුවන්.

වැඩි කතා ඕනේ නෑ,,



කොහොමෙන් කොහොමෙන් හරි කට්ටිය කලින් කතා උනේ හෂුලගේ ගෙදර ගාවින් (බස් කාරය ඉන්නේ එතන) ගමන 5.30 වෙන කොට පටන් ගන්න. කතා උනා වගේ මම කොලුවා සහ අයියන්ඩි 5.30 වෙනකොට එතනට ආව. (මම වෙලාවට වැඩක් කරාමද කොහෙද.) පැලවත්තේ හන්දියට ඇවිත් දුන්න හෂුලයට කෝල් එකක්.
"මචන් මම දැන් මේ එන්න එලියට බහින්න හදන්නේ.." එලම කිරි අනිවා මූ තාම මුණ හොදලවත් නෑ. හිටපන්කෝ ඉතින්. ඔන්න විනාඩි 10ක් විතර ගියා. ආයෙත් දුන්න කෝල් එකක්.
"මේ අම්ම පරිප්පු එකක් හැදුව බන් ඒක දුම් දාද්දි පියන වැහුවොත් ඉක්මනට නරක වෙයිලු. හිටපන් ටක් ගාල එන්නම්. මේ නදුනය දැන් ඒවි ඌවත් තියාගනින්. බස් එක ආවනේ??"
බස් එකනම් තියනවා, එත් මූත් නෑ, නදුනයත් නෑ, වෙලාව 5.50 යාන්තන් හෂුලය එනවා කිරි කිරියට.. එල, එත් කෝ නදුනය.
"ඌ තාම මගලු. මට දැන් කෝල් එකක් දුන්න. උගෙත් අම්ම මස් එකක් හදල දීල එක ටිකක් පරක්කු වෙලා.."
කොහොමද කොල්ලොන්ගේ ලස්සන බොරු සෙට් එක...විනාඩි 5 කින් විතර මෙන්න නදුනය එනවා බයික් එකක් පියාණන් එක්ක රුන් ගාල. මු අතින් කටින් උස්සගෙන. ඇදුම් බෑග් එකයි, මස් එකයි , බොන්ගෝ එකකුයි. ආව හැටියේ ගමන පටන් ගත්ත. එල කිරි මම හිතුවේ නෑ ලොවෙත් 6.30 න මෙහා පටන් ගන්න පුළුවන් වෙයි කියල. දැන් හුරේ කියල යනවා. පැටියයි , පුට්ටුවයි ඉන්නවලු මහරගම. දෙයියනේ කියන්නේ මුන් දෙන්න  වෙලාවට එතන. බැලින්නම් පැටියට  ට්රිප් එකේ  කික් එකට රෑ නින්ද ගිහින් නෑ. ඊකයි වෙලාවට ඇවිල්ල තියෙන්නේ.

දැන් තියෙන්නේ කොට්ටාවෙන් අනිත් සෙට් එක ගන්න. කට්ටියම චුවාගේ  ගෙදර සෙට් වෙලාලු. කෙලින්ම ගියා චුවාගේ ගෙදර. බස් එකේ  ඉදන් කොල්ලෝ කෑගහනවා "චුවො වරෙන් වරෙන් යමු &^%*^&%*&@ ගෙවල් පැත්තේ මිනිස්සුන්ට කනට නිකන් මුතු වැටෙනවා වගේ  ඇති. උදේ පාන්දර කට්ටිය කුණු හබ්බ පලනවා. චුව ටක් ගාල ලොකු වතුර බුලි දෙකකුත් අරන් ආව. මුගේ ගෙදරට කොටා , ශගිය සහ නදිය සෙට් වෙලා. පිස්සු හැදෙනවා කෑම හොයාගත්ත කාලේ වගේ. දවස් 3 ටම හරියන්න එක එක ජාති. මස් , මාලු, සොසේජස් , බිස්කට් , පරිප්පු , සන්විච් එකී නිකී හුගක් දේවල්. ඔය අතරේ චුව කලින් පොරොන්දු උන ස්වීට් එහෙමත් ගෙනල්ල තිබුන. කොහොම හරි සෙට් එක දාගෙන දැන් යනවා අපේ නළුවව ගන්න. නළුවා කලින් දවසේ දුර මළගෙදරක ගිහින් කොලබ ඇවිල්ල තියෙන්නේ උදේ 4.00 ට ගෙදර ඇවිත් නාල ඇදුමක් දාගෙන 6.00 ඉදන් පාරෙලු. දැන් වෙලාව 6.40 විතර. අනේ සාදු.. ඊ ලගට හෝමාගමින් මෝලව ගන්න තියෙන්නේ. අම්මට සිරි කිව්වලු. මෝල ඩෙනිමක් ගහල මදිවට කොන්ඩෙත් ජෙල් කරලා. නිකන් මනමාලියක් බලන්න යනවා වගේ. ඔන්න ඔතනින් අපේ බයිට් කිරිල්ල ඇරබුනා.

මෝල හුරේ කියල කුණු  හරුප හොයාගත්ත කාලේ වගේ අම්මගේ ඉදන් මුනුපරාල  දක්වා මතක් කරනවා සෙට් එකේ. දැන් ඉන්නේ දිලුමව ගන්න. දමියට පින්සිද්ද වෙන්න ගොඩගමට යනකල් දිළුම දන්නේ නෑ. හෝමාගමදී කෝල් එකක් දෙන්නම් කියල කොටා කිව්වලු.

දිළුම කොටාගේ දෙමාපියන් උදේ පාන්දර ආදරයෙන් මතක් කරමින් පයින් ගාටන කොට අපි මගින් ගත්ත. ඊ  ලගට ඉන්නේ අපේ මෑන් ඔෆ් ඩ සීරිස්ව ගන්න තියෙන්නේ. ඒ කියනේ කච්ච. මූ ඉන්නේ ඩොටට පොඩ්ඩක් එහා. හුරේ කියල කොලබ ඉදන් පැය 3 ක විතර දුර. ට්‍රිප් එකක් යනවනම් කියාපු පැත්ත. ලොල්ය.

මු ගෙදරට කියල තියෙන්නේ අපේ ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් එකක් යනවා කියල. (මාස කීපයකට කලින් මු අපේ ගෙදර අයත් එක්ක ට්‍රිපක් ගියා. මේ සැරෙත් අපේ ගෙදර තමා විකුණලා තියෙන්නේ.) බස් එක නවත්තල අපේ කට්ටිය වැඩිය කෑගැහුවේ නම් නෑ.. 


කච්ච දුවල එනවා රයිස් කුකර් එකකුත් උස්සගෙන. මුගේ ගෙදර බත් ගේන්න ලොකු බාජනයක් නෑ කියල රයිස් කුකර් එක පිටින්ම උස්සගෙන ඇවිල්ල. ඔය අතරේ මුගේ තාත්ත ඇවිල්ල බස් එකේ අපේ පවුලේ කට්ටිය හොයනවා. කොහොම හරි ඒක ශේප් කරගෙන යන්න පටන් ගත්ත.

දැන් නග්ගගන්න උන් නග්ගගෙන ඉවරයි (කුප්ප කතා හිතන්න එපා. නග්ගගන්න උන් කිව්වේ , බස් එකට. චිකෙයිය සමනල්ලු..) දැන් බස් එකේ කට්ටිය හුරේ කියල යනවා. ඔය අතරේ එක එක රස කතා යනවා බස් එකේ. කච්ච යාලට යන පාර ඇතුලත් ගුගල් මැප්ස් ප්‍රින්ට් අවුට් ටිකක් ගහගෙන ඇවිත්. වැඩේ හොදයි උනාට බයිට් කොරන්න කියාපු වැඩේ. 
ඔය අතරේ හයි වේ එක ඇරියට පස්සේ කට්ටියම ගාල්ලට යමු කිව්වම , අපේ අයියන්ඩි "වාහන වලින් හොදේ.." කිව්වේ නිකන් අපි හයි වේ එක අයිනෙන් පයින් යන්න කතා උනා වගේ. 
කච්ච පුරුදු ඉස්සරහ සිට එකේ වාඩි උන ගමන් ඩ්‍රයිවර් අයියගේ ඕනා එපාකම් පිරිමහ ගන්න කච්චව දෙන්න තරම් අපේ අය නිහතමානි උනා. ලොල්ය.. මගදී තේ කඩේකින් නවත්තපු වෙලාවේ රුපියල් 10 ප්ලන්ටියකින් අපේ නළුවා අලුතින්ම ගත්ත 1500 කලිසම හොදගත්ත. (ඔය නළුවට උන මුල්ම අකරතැබ්බය.. තව ගොඩක් තියනවා ඉස්සරහට )

කොහොමෙන් කොහොමෙන් හරි රත්නපුරට ආව. රත්නපුරේ කාගිල්ස් එකේ නැවැත්තුව බඩු ගන්න. බඩු කිව්වේ කන "බොන " ජාති. ඔය වෙලාවේ තමා අපේ හෂුලය ෆෝම් උනේ. මු නිකන් කාගිල්ස් හොයාගත්ත කාලේ වගේ. 

දකින දකින දේ දාගන්නවා. මම කොලුවා ඉතින් ඕව දන්නේ නෑනේ. දන්නා දේ වෙන "බොන " ජාති අඩුවක් නැතුව ගත්ත. (පස්සේ බඩු මදි උනා එක වෙනම කතාවක්. කවද්ද ඉතින් අපිට බොන එව්වා ඇති උනේ.. හිකි හිකි ) ඔය අතරේ ශගිය එල්ලලා තියන මිදී තියෙන්නේ ටෙස්ට් කරන්න කියා කියා හුරේ කියල මිදී කනවා.

කාගිල්ස් එකේ උන දේවල් තව ගොඩක් තියනවා. ඒ කතා අපේ ජොන්ටන්ගෙන්ම ආවනම් වඩා හොදයි කියල හිතන නිසා මම නවතිනවා. පල්ලෙහායින් ඔය කතා ටික අපේ කොල්ලෝ ටික දිග ඇරියනම් එකින් එක.

දැන් පොස්ට් එක ගොඩක් දිගයි. තාම ගමන පටන් ගත්තෙත් නෑ... යකෝ මේකට පොතක් ලියන්න පුළුවන් වෙන කෙස් එකක් තියෙන්නේ. දැන් ඇති අදට මම කැපුන.. ඊ  ලග කොටසින් අයෙත් හම්බ වෙමු...

Sunday, August 28, 2011

ADK කොලුවාගේ යාල සවාරිය.. - 1

අද මම කියන්න යන්නේ වැඩිය පරණ කතාවක් නෙමේ. දැනට සති දෙකකට කලින් අපි ගියා යාලේ පොඩි විනෝද සවාරියක්. අපි කිව්වේ මම සහ මගේ ඉස්කෝලේ බොකු ටික. මේක ලියන්න ටිකක් කල් ගියේ වැඩ ටිකක් වැඩි නිසා. මේ කතාව පොස්ට් දෙක තුනක් යාවි කියල මම හිතනව. අනිවා... එක දිගට වැඩිය ලියන්නේ නෑ මේ දවස වල. තරහ වෙන්න එපා...

විශේෂයෙන් කියන්න ඕනේ මේ පොස්ට් එක දාන්නේ හුදෙක් ගමනේ මතකය අලුත් කිරීමට මිසක් මඩ ගැසීමේ චේතනාවෙන් නොවෙමි(කොහොමත් මට වැඩිය මඩ ගහන්න බෑ) හිකි හිකි.

අපේ ඉස්කෝලේ සෙට් එක සාමානයෙන් අව්රුද්දකට ට්‍රිප් දෙකක් විතර යනවා. දැන් ඉස්කෝලේ ඉවර කරලා ගොඩක් කල් උනත් තාම සෙට් එක, එකා වගේ ඉන්න එක ගැන පට්ටම සතුටුයි. ට්‍රිප් එක සංවිධානයට මුල්තැන ගත්තේ වෙනද වගේම අපේ කොටා. මේ සැරේ ට්‍රිප් එක යන තැනක් හොයනකොට තමා දිලුම කිව්වේ අම්මට පුළුවන් යාල ඇතුලේ බුක් කරන්න කියල. කොහොම හරි ඔහොම ගිහින් යාල ඇතුලේ තියන බංගලාවක් බුක් කරලා එකේ දවස 3ක් ඉන්න කට්ටිය සෙට් උනා. කලින් යන්න 20ක් විතර හිටියට අන්තිමට එක එකාට එක එක වැඩ සෙට් වෙලා පොලු ගොඩක් සෙට් උනාලු.. ඔය අතරට පින්තුර ගැනීමේ උන්මාදයෙන් පෙලෙන මගේ අයියන්දඩිත් ප්ලග් උනා. මොකද යාල ඇතුලේ හොද පින්තුර ටිකක් ගන්න පුළුවන් නිසා. 

මුලින් ගමනට වෑන් එකක් සෙට් කරගත්තත් පස්සේ පොඩි රෝස බස් එකක යන්න කට්ටිය සෙට් උනා. හෂුලය කතා කරලා අපේ හොද යාලුවෙකුගේ බස් එකක් ගමනට සෙට් කරගත්ත. ෆුල් AC. ෆ්‍රිජ් එහෙමත් තියන එකක්. අලුතෙන්ම අරගෙන තාම කොහීවත් ගිහින් නෑ. දැන් කට්ටියට හෙන කික්. කොහොම හරි යන්න අන්තිම මොහොතේ (දවසකට කලින්) ඒ බස් එකට ලොකු හයර් එකක් වැදිලා දවස 10ක. මලා. දැන් මොකද කරන්නේ. කොහොම හරි කරලා වෙන බස් එකක් කතා කරගත්ත යන්න එක දවසෙන්. ඔය අතර මැද දවස් වල කලේ ඇතුලේ උයන්න දෙන්න කෑම ගන්න කඩ නැති නිසා ඒවට ඕන දේවලුත් කට්ටිය හරි හරියට සෙට් කරගත්ත. 

බුකියේ නොර්ටිෆිකේෂන් අප්පිරිය කරපු මේල් ත්‍රෙඩ් එකක් මේ සංවිදාන වැඩ වලට ගොඩක් උදවු උනා. කොහොම කොහොම හරි යන දවසේ උදේ වෙනකොට යන්න ඉතුරු උනේ 14 දෙනයි. මේ වෙලාවේ අපේ ගොන් මැක්කව, මනෙක්ව, හසිත්ව අනිවා මතක කරන්න ඕනේ. මුන් ලංකාවේ හිටියනම් අනිවා එනවා. ආයෙ දෙකක් නෑ. මොන වැඩේ තිබුනත්. (පොල් ඇට්ටිය, මාළු පාන් එහෙම ආදරයෙන් මතක කරනවා මේ වෙලාවේ දුන්න පොලු වලට.)

පසුව  එකතු කරන ලදී. (දිලුමට ස්තුතියි)
ඔය පොලු දුන්න අය අතරේ හාල් දෙන්නම් පොල් දෙන්නම් කියපු අයත් හිටියා. ඔය හාල් දෙන්නම් කියපු එකා (නමින් බෝක්කුව) නිකන් මුලින් කතාකාරේ ඌ තනියෙන් හරි යන විදියට අන්තිමට ඌත් නෑ. උගේ හාලුත් නෑ. නොදකින් මෙහෙම හැත්තක්..

ඔය ඉන්නේ අන්තිමට ඉතුරු උන සෙට් එක.

 
  1. නමින් “පැටිය” වැඩ වලින් “මහා එකා” දෙය්යනේ කියල එදා මෙදා තුර අතීතයේ කෑලි වලට ට්‍රයි කරන එකනම් නොනවත්වා කරනවා. දැන් පොඩි ජිල්පුටුස් එකක් සෙට් වෙලා ඉන්නේ.  හොදට සින්දු එහෙම කියන්න පුලුවන් ජොකියෙක් මූ.
  2. නමින් “කජ්ජ” නොහොත් ට්‍රිප් එකේ “මෑන් ඔෆ් ද සීරිස්” වැඩිය බයිට් වෙන්න නම් බෑ. කට්ටිය වැඩිය බයිට් කරන්නෙත් නෑ. (“දෙපාරකට වඩා ඇඩුවේ නෑ ට්‍රිප් එකේදී”) මු කවද හරි මැරෙන්නේ කනක් කුණුවෙලා. මොකද දවසෙ පැය 24න් 19කට වඩා පොන් එක කනේ. මෙයා ගැන කලින් පොස්ට් එකක් තියනවා. ඒක මෙතනින් ගිහින් බලන්න.
  3. ඔය මගේ අයිය කාරය. මම වැඩිය මුකුත් නොකිය ඉන්නම්. සහෝදරකම් ගහල යනවා මොනවත් කිව්වොත්.
  4. මේ නමින් “දමිත්” ඒත් හමෝම දන්නේ “කොටා” කියන ආදර නාමයෙන්. දුවන්න එහෙම හරි හපන. ඔය තරගය දිනන්න, ලයින් එක “කවන්ද” කොටස පහු කරන්න ඕනේ කියන නිතිය තමා මුට කෙලෙව්වේ. මොකද සාමාන්යෙන් ඕනෑම රේස් එකක මුට තත්පර 6-7කට කලින් “කට” ඉවර කරනවා. දිනන්න කට පහු කරාම ඇති කිව්වනම් මූ අනිවා ඔලිම්පික් ගෝල්ඩ් ඒක ලංකාවට ගේනවා.
  5. නමින් “පූට්ටුව” නමින්ම ඩයල් එක කොහොමද කියල හිතාගන්න පුළුවන් නේ. දෙය්යනේ කියල දත්ටික නැත්නම් රෑට යකෙක්ට වත් හොයාගන්න බෑ. සුරාවෙන් සුදුවෙන් තොරයි. මෙලෝ රහක් නෑ. අපේ සෙට් එකෙන් මුලින්ම බදින්න ඉනෙනේ මේක තමා.
  6. මේ ඉන්නේ හෂුලය. හාමු මහත්තය පාට් 2. මගේ ගජය. මු ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
  7. මේ ඉන්නේ අපේ සෙට් එකේ නළුවා. නමින් යාමිත. මෙයාව ඔය හොරණ පැත්තේ ඉන්න අය හොදට දන්නවා. මොකද මෙයා ඉන්න ලොකු කට්-අවුට් එකක් හොරණ ගහල තියනවා. මේ ලගදි “GO” මැගසින් එකෙත් පොටෝ එකක් ගියා කියල රට්ටු කියනවා. ඇත්තද දන්නේ නෑ..
  8. මේ “මෝලා”. නමට ගැලපෙන වැඩ. වැඩට ගැලපෙන නම. සාමාන්යෙන් මිනිහෙක්ට තියෙන්නේ එක බුරියයි(ඔව ඔව නාබිය තමා.. ඔය බඩේ තියෙන්නේ) හැබැයි මුට බුරි තුනක්ම තියනවා. කොහොම ආවද කියල අපිනම් දන්නේ නෑ. අලියෙක වගේ හිටියට බියර් එකක් වත් බොන්නේ නැති චොර පොරක්.
  9. මේ ඉන්නේ සුපිරි කොල්ලෙක්. කට්ටිය දන්නවනේ කොල්ල ගැන.. ආයේ මොන කතාද?? හිකි හිකි
  10. මේ ඉන්නේ “ශැගිය” මුගේ බල්ල “ස්කුබී” පැනල ගිහින් සාංකාවෙන් ඉන්නේ. බැලුවොත් ඇත්නම් මු හදන්නේ “පොරක් අල්ලන්න” (ටියුබ් ලයිට් අය හෙමිට අහන්න මොකද්ද ඒ කියල.) මුහේ මාම රට ඉදන් මුට ගෙනල්ල පොන් එකක්. සුදුම සුදු පාට පොන් එකක් හාට්, සමනල්ලු ලයිට් පත්තුවෙන චයිනීස් එකක්. අර අවරුදු 5-6 පොඩි කෙල්ලෙකුට ලයිට් පත්තුවෙන පොන් එකක් දුන්න වගේ. මෙයාගේ ලිංගය ගැන තාම පොඩි සැකයක් තියන නිසා උප්පැන්න සහතිකයේ ඒ තීරුවේ ජාති දෙකම ලියල තියනවා කියල තමා ලෝකයා කියන්නේ.
  11. මේ “නදිශය”. මු ශැගියගේ කසිය... මුගේ තාත්ත තමා අරුට බඩු පොන් එක ගෙනල්ල තියෙන්නේ. පේර කැම්පස් එකේ ඉගෙන ගන්නේ. නුවර පැත්තේ හස්බන්ඩ් රට ඉන්න ඇන්ටිලා මෙයාට ගොඩක් ආදරෙයි කියල තමා රට්ටු කියන්නේ.
  12. ඔය ඉන්නේදිලුමනොහොත් හාමු මහත්තය. බිව්වට පස්සේ  කබ්බ දාන්නේ එහෙම නෑලු. කවදාවත් බිව්වට පස්සේ  “මචන් නින්ද යනකල් පිට පොඩ්ඩක් අතගාපන්කෝ..කියල කියන්නෙත් නෑලු. හිකි හිකි.
  13. මේ ඉන්නේ “චූව”. නම හැදිච්ච හැටි නම් අහන්න එපා. මූ ඉන්න හැම තැනම මී දුම වගේ. කලින් ට්‍රිප් එකේ නොනවත්වා සුරුට්ටු පත්තු කරලා තියපු රෙකෝඩ් ඒක කඩන්න පුළුවන් උටම විතරයි. අපිනම් ලොවෙත් ට්‍රයි කරන්නෙත් නෑ.
  14. මේ “නදුන්” කිසි සද්දක් බද්දයක් නෑ. ඉන්නවද නැද්ද කියලත් නෑ. අපේ මෝල එක්ක මුගේ පොඩි “පොරක්” තියනවා කියල තමා අහවල්ලු කියන්නේ. ඔය අහවල්ලු කියන කතා විස්වාස නොකරත් බෑ අප්පා...

ඔන්න ඔහොම සෙට් එකක් තමා අපේ ගමනට යන්න සෙට් උනේ. එක එක ජාතියේ මිනිස්සු ටිකක්. ඔයිං මෙයින් ගමන යන දවසේ උදේ එලි උනාලු....

ඉතුරු ටික ඊලග කොටසින් බලාපොරොත්තු වන්න...


ප.ලි. :
තාම කිසි ජොලියක් නෑ කතාවේ. මොකද තාම බෝතලයක් කැඩුනේ නෑනේ. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.

මේ මම ට්‍රිප් එක ගිය උන්ට කියන්නේ. තාම දවස එලබුනා විතරයි. එතනට එනකල් විතරක් මිස් උන කතා දාපල්ලා පල්ලෙහායින්... මම ඔක්කොම දැම්මේ නෑ. බොලලටත් දෙයක් ඉතුරු කරා. දැන් ඉතින් දාපල්ලා කොමෙන්ට්.

Monday, June 27, 2011

අතේ කෝට් - පාසලේ විත්ති



 
දවස දෙක තුනකින් මේ පැත්තටවත් එන්න උනේ නෑ. ටිකක් නෙමේ පට්ටම බිසී වෙලා හිටියේ. දවස් කීපයකින් ආව එකේ හිතුව පොඩි ආතල් කතාවක් ලියන්න. ගොඩක් වෙලා ලිය ලිය ඉන්න වෙලාවක් නෑ. මම ටිකක් වැඩට හිර වෙලා ඉන්නේ මේදවස් වල. ආයෝජන පාඩම ඉස්සරහට දාන්නම්, කියලාදෙන වැඩේ හදිස්සියේ කොරන්න ගියොත් වෙන්නේ නිකන් චා වෙන එක. හෙමිට වැඩේ ලස්සනට, හරියට කරමු..

එහෙනම් කතාවට බහිමු. මේකත් ඉතින් ඔයාල දන්නා කියන කෙනෙක් ගැන තමා. වෙන කවුරුවත් නෙමේ, ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිය කොලුවෝ දෙන්නෙක්ට තමන්ගේ පොන් එකයි, සල්ලියි දුන්න මගේ අතිජාත මිත්‍රයා (ඔව් ඔව්.. කල්ප තමා) මෙන්න මේකයි කතාව.

කට්ටිය කිව්වට විස්වාස කරන එකක් නෑ, හැබැයි ඇත්තටම කිව්වොත් අපේ කල්පය අපේ ඉස්කෝලේ හිටපු පපෙට් කෙනෙක් (පස්සේ ගිල්ඩ් ඒකෙන් එලවපු එක වෙනමම කතාවක්.. ලොල්ය). සාමානයෙන් ඕනෑම කෙනෙක් දන්නවනේ පපෙට්ල උනාම උදේ පාන්දර ඇවිල්ල ගේට්ටුව ගාව ඉදන් අපිව කන්න බලන ඉන්න ජාතියක්නේ (මේක කියවන පපෙට්ල මාත් එක්ක තරහ වෙන්න එපා හොදේ. රවියෝ තරහ වෙන්න එපෝ...හිකි හිකි..) ඉතින් අපේ කල්පයටත් පපෙට් උනාම ඕක පොදුයිනේ. හැබැයි වැඩේ කියන්නේ මු හැමදාම එන්නේ උදේ 9.00 පහුවෙලා. උදේ ඉදන් කට්ට කාගෙන ඉන්න උන්ට බුදු මලලු. මොකද මු හැමදාම මොකක් හරි බයිලයක් ගහල බේරෙනවා. කල්පය ගැන දන්නා අය දන්නවා මුගේ ටොක ඉතින් සුපිරි කියල. හැමදාම මොකක් හරි සුපිරි ටෝකක් දීල මු බේරෙනවා.

මුගේ සුපුරුදු බයිලේ තමා "මම හොරණ ඉදන් අයිය එන්නේ. පාන්දර 6.00ට ගෙදරින් ආවත් මේ වෙලාවට තමා එන්න වෙන්නේ." ඇත්තටම කිව්වොත් මු ඉස්සර හිටියේ හොරණ තමා. (ඔව් ඔව්.. හරක් හොරෙක් තමා) නමුත් ඔය කියන කාලේ වෙනකොට මුන්ගේ මහරගම ගෙදර හදල මහරගම ඉදන් එන්නේ. මහරගම හන්දියේ කෙල්ලෝ ටික බයිට් කොරල කොරල 8.00ට විතර බස් එකට නැග්ගම ඉතින් කොහොමත් 9.00ට තමා ඉස්කෝලෙට එන්න වෙන්නේ.

මේක ලොකු පපෙට්ල ලාවට දන්නවා උනත් සුවර් නෑ. කොහොම හරි මේ වැඩේ මු මාස දෙකක් විතර කරල තියනවා. දවසක් සුපුරුදු විදියට මු 9.00ට විතර එනවා වටේටම බයිලා ගගහ. හැමදාම වගේ පපෙට්ලගේ මිටින් එකේදී ඇහුව මුගෙන්

ලොකු පපෙට් : කල්ප මොකද අද පරක්කු??
කල්ප : ඈත ඉදන්නේ එන්නේ අයිය.
ලොකු පපෙට් : අදත් හොරණ ඉදන්ද ආවේ?
කල්ප : ඔව් අයිය.
ලොකු පපෙට් : මහරගම ඉදන් නෙමේද අවේ?
කල්ප : නෑ අයිය.
ලොකු පපෙට් : 7.00ට විතර මහරගම හිටියේ නෑ...
කල්ප : නෑ අයිය.

^%&^ ඔන්න ඔය වීඩියෝ එක පෙන්නපන්. කල්පට ට්වින් කෙනෙක් ඉන්නවා වගේ, කියල දැම්මලු වීඩියෝවක්, කල්පය උදේ පාන්දර මහරගම හන්දියේ කෙල්ලොන්ට විහිළු කරනවා. වැඩේ අතේ කෝට්.. ලොකු පපෙට් හුරේ කියල මුට බැනල. මොනා කරන්නද බල්ල වගේ ඉදල මු.

වෙලාතියෙන්නේ මේකයි, මු හැමදාම ලොක්කව ගොනාට අන්දන නිසා මුට රිටන් එකක් දෙන්න සීනියර් පපෙට් කෙනෙක් උදේ මහරගම මු කෙල්ලොන්ට විහිළු කර කර ඉන්නවා වීඩියෝ කරන් ඇවිත්. එදා මුට හොද පෝරියල් එකක් සෙට් උනාලු. ඊට පස්සේ සතියක් විතර මු උදේ ආවත්, කල්පය කියන්නේ ලොවෙත් හැදෙන මිනිහෙක් නෙමේ(අපේ ජෝන්ටෙක්නේ) අයෙත් සුපුරුදු පරිදි පරක්කු වෙලා එන්න ගත්ත. ඒක තවත් අලුත් බයිලයක්..

මේක ගොඩක් ජොලි කතාවක් නෙමේ. නමුත් ඊයේ ඒ කියන්නේ ඉරිදා DS Sixes වලට සෙට් වෙලා (අප්පට සිරි කියන්න අමතක උනානේ. අපේ 2006 ජෝන්ටෝ ටික  DS Sixes 2000-2010 ගෘප් එකේ කප් එක ඉස්සුවනේ. මම කොලුවත් ඔය අතර හිටියලු. හිකි හිකි) දිනුමත් එක්ක ජයපැන් බොනකොට කල්පය එක්ක එකට ගිල්ඩ් එකේ හිටිය ජනින්දය ඇතුළු ජෝන්ටෝ ටික කිව්වා මේක ලියපන් කියල. ඔන්න ලිව්වා.

Thursday, June 23, 2011

මේ ගෑනිට පිස්සුද කොහෙද? - පාසලේ විත්ති

පහුගිය දවස් දෙකේ මම ලියපු ආයෝජන ගැන ටිකක් විතර වැදගත් නමුත් බෝරිං පොස්ට් දෙකෙන් පස්සේ කට්ටියට පොඩි කික් එකක් දීල නග්ගල ගන්න අද ෆුල් ආතල් කතාවක් දාන්න තමා හදන්නේ. හොදයි වැඩි කතා ඕනේ නෑ. කෙලින්ම කතාවට බහිමු.

අද ටොපික් එක දැක්ක හැටියේම අපේ ඉස්කෝලේ ජොන්ටෝ ටික නම් දන්නවා අද කතාව මොකද්ද කියල. ලොල්ය. හැබැයි මේක කියවන,  කතාව  දන්නේ නැති අය ගොඩාරියක් ඉන්න නිසා කියන්නම්. මෙන්න මේකයි කතාව.

අපේ ඉස්කෝලේ පන්තියේ හිටිය ශෂික - බෝක්කුව කියල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සු හු***ක්. නියමම ජොන්ට. මුට විතරක් නෙමේ මුගේ ගෙදර මිනිස්සුන්ටත් ටිකක් විතර අව්ල් කියලයි අපේ හැගීම. මුගේ ගෙදට තිබුනේ හොරණ. මුගේ පියාණන්ට තියනවා එළු පට්ටියක්. අපේ කොල්ලෝ රෑට සෙට් වෙලා වැඩි උනාම අනිවා කරන දෙයක් තමා මුගේ ගෙදරට කෝල් කරන එක. මේ කියන්නේ අනිවා රෑ 12.00 පහුවෙලා. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ.

අපි : ගමු බෝක්කුවගේ ගෙදරට කෝල් එකක්.
(සියල්ලෝම එක හෙළා එකග වෙයි. ලවුඩ් ස්පිකර් දමා ගෙදර ලෑන්ඩ් ලයින් ඒකට කෝල් කරයි. ට්‍රීන්... ට්‍රීන්...)

බෝක්කුවගේ පියා : හලෝ. කවුද මේ මහා රෑ...  (අනිවා ගෙදර පෝන එක ගන්නේ මුගේ තාත්ත)

අපි : හලෝ.. මේ අපි පොඩි සමීක්ෂණයක් කරනවා එළුවන් ගැන. මහත්තයට බැරිද පොඩ්ඩක් එළුවන්ගේ විවිද ශබ්ද පිලිබදව අපිට පොඩි විස්තරයක් දෙන්න?

පියා : බොලගේ අම්මලට &(^&*^%^*&(^&*&^%#$$#%@$@^

හිකි.. හිකි.. අපි ඉතින් බඩ අල්ලන් හිනාවෙනවා. අපි කට් කරනකල් බුවා බනිනවා.

දැන් ඒක නෙමමේ කතාව. හැමදාම පිට පනිනවා. මු කොරන පිස්සු වැඩ වල සීමාවක් නෑ. අපි දන්නේ නෑ මුට පිස්සුද එහෙමත් නැත්නම් මුගේ ගෙදර මිනිස්සු මුට පිස්සු හැදෙව්වද කියල. කොටින්ම ඉස්සර පාඩම් කරන කාලේ මු ගෙදර ඉදන් පාඩම් කරනකොට මූව ගේ ඇතුලට දාල හතරවටෙන් ලොක් කරලා තමා මුගේ තාත්ත එලියට යන්නේ. ගෙදර ගිනි ගත්තත් මුට එලියට එන්න බෑ. (මු ගෙදර ජනේලෙක ග්‍රිල් එකක් ගලවල එලියට පනින්න විදියක් හොයා ගෙන තිබුන ටික කාලෙකට පස්සේ.) ඔන්න ඕකයි ගෙදර තත්වේ. තීරණව ඔයාලට බාරයි.

හරි දැන් ආයෙත් කතාවට. අපේ පන්තිය කොලම් 3 කට තමා තිබුනේ. ගුරු මේසේ කෙලින්ම තියන මැද කොලම් එකේ ඉස්සරහම ඉන්නේ මම,  කල්ප, හෂුල. අපි තුන්දෙනාම ඔයාලට ගොඩක් සමීපයි. දන්නේ නැත්නම් ඒ ඒ නම් එක්ක තියන ලින්ක් වලට ගිහින් දැනගන්න. ඉතින් හිතපල්ලා පන්තියේ තරම.

අපේ පන්තියට රසායන විද්‍යාව උගන්නන්න හිටියේ මනොද්‍යා කියල කෙල්ල ටයිප් එකේ මැඩම් කෙනෙක්. වයස ඕනෙනං 30ක් ඇති. ලස්සනයි. හරි හොදයි. අපි ඉතින් හැමදාම  කෙමෙස්ට්‍රි වෙලාවේ කරන්නේ මැඩම් වාඩි උනාම ඉස්සරහ ඉදන් මැඩම් එක්ක ඕප දුප කියවනවා. ශශිකය හැමදාමත් මේ වෙලාවට ප්‍රජා රේණුකගේ ගණන් හදන එක අපි දන්නවා. මුට මෙලෝ සිහියක් නෑනේ කොහොමත්. ඉතින් දවසක් කල්පයට හොද අදහසක් පහල උනා. ඒක උනෙත් මෙහෙමයි.
මැඩම්: මොකද අර ළමය හැමදාම වෙන වැඩ.

කල්ප: අනේ මැඩම් එයාට මුකුත් කියන්න එපා. එයාගේ මොලේ ටිකක් අවුල්.

මම: ඔව් මැඩම්. මෙයා නෝමල් ඉස්කෝලෙට ආවේ 4 වසරේදී. අපිට වඩා අවරුදු 3ක් වැඩිමල්. පොඩි කාලේ විශේෂ පන්තියේ මෙයා ඉදල තියෙන්නේ. 

හෂුල: පරම්පරාවෙන් එන ලෙඩක්ලු මැඩම්. අපි සැහෙන්න උදවු කරනවා. රෝටරියේ ප්‍රජා රේණුක සර් ෆ්‍රී පන්ති කරන්නේ. දවස් 4ක් ගණන් පන්ති. ඒවායේ වැඩ තමා ඔය කරන්නේ. තාම මොලේ වැඩිලා නෑලු හරියට. 

කල්ප: මිනිහට මාර විදියට තරහ යනවා මැඩම්. දවසක් මම උගේ පෑනක් ගත්ත කියල මු මට පෑනෙන් ඇන්නනේ. ඇන්න තැන පෙන්නන්න බෑ. හිකි හිකි..

මැඩම්: අනේ ඇත්තද?? පව් නේද. මමත් ඒ ළමය දැක්ක දවසෙම හිතුව මොකක් හරි ප්‍රශ්නයක් ඒ ළමයට තියනවා කියල. හොද වෙලාවට ඔය ළමයි මට කතාව කිව්වේ. නැත්නම් මම නිරපරාදේ ඔය ළමයට බනිනවා.

මම:ඒවා අපේ යුතුකම්නේ මැඩම්. මැඩම් බැන්නොත් අනිවා මු මැඩම්ට බනිනවා සුවර්. පව් මැඩම්. බනින්න එපා.

ඔන්න එදා දවස ඉවරයි. ඔහොම සතියක් විතර ගියා.. දවසක් මැඩම් දැන් බොක්කෙන් මොකද්ද මම දන්නේ නෑ පාඩමක් කොරනවා. ශශිකය සුපුරුදු පරිදි ගණන් හදනවා. උගන්නනකොට පන්තිය වටේ යන එක සාමාන්‍යයිනේ. ඔහොම යනකොට අරු ගණන් හදන එක දැක්ක. බොක්කෙන් පාඩමක් කරනකොට ළමයෙක් වෙන වැඩක් කරනවා කියන්නේ මල පනින හැටි ආයෙත් කියන්න ඕනේ නෑනේ.

අපි දැක්ක පොතක් පියාබගෙන පන්තියේ දොර පැත්තට යනවා. (ටියුබ් ලයිට් උන්ට කියන්නේ මැඩම් අරුගේ ගණන් පොත විසි කරා)

මැඩම්: මොනවද ළමයෝ මේ ගණන් හදන්නේ. කෙමෙස්ට්‍රි වෙලාවේ. කෙමෙස්ට්‍රි ඔක්කොම දන්නවද?

මම කියනවට විස්වාස කරපන් මචංලා... මු නැගිට්ට.. මැඩම්ගේ මුනට අත දික් කරා..

“මේ ගෑනිට පිස්සුද කොහෙද?” 

 කිව්වා (මේ හරියටම මූ කියපු වචන ටිකමයි. අකුරක් වත් වෙනස් නෑ. ගියා ගණන් පොත අහුලන් ඇවිල්ල අයෙත් ගණන් හදන්න පටන් ගත්ත.

මැඩම්ගේ සුදු මූණ කළු උනා. මැඩම් දැන් ගල් වෙලා වගේ බලන ඉන්නවා. අපිත් එහෙමයි. අපි කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. ඔය වෙලාවේ මම කලින් කියපු දේ මැඩම්ගේ ඔලුවේ කැරකෙන්න ඇති “මැඩම් බැන්නොත් අනිවා මු මැඩම්ට බනිනවා සුවර්” විනාඩි දෙක තුනක් පන්තියම ගල් වෙලා. මැඩම් එක පාරටම හැරුන. ගියා මේසේ ලගට බෑග් එකත් අරන් ගියේ නැතෑ පන්තියෙන්.

අපි හිනා උන සද්දේ බොරැල්ල හන්දියටත් ඇහෙන්න ඇති. තාමත් මට කතාව මතක් වෙනකොට අරූ මැඩම්ට බැන්න හැටි මැවිලා පේනවා. හිකි හිකි

එහෙනම් අපි කැපුන....

Saturday, June 18, 2011

පන්තියේ තීන්ත ගෑම.. - පාසලේ විත්ති



අද මම දාන්න යන්නේ මගේ ඉස්කෝලේ ජිවිතෙයේ සිද්ද වෙච්ච තවත් සිද්දියක්. ඇත්තටම කිව්වොත් කොරපු කුප්ප වැඩක් සහ අපේ හිට්ලර් ගුරු පියා දුන්න සුපිරි දඩුවමක්. මෙන්න මේකයි කතාව.

ඔන්න අලුත් අව්රුද්දක් ලබල තියනකොට ඔය හැම ඉස්කෝලෙම වගේ සිද්ද වෙන දෙයක් නේ පන්තිවල තීන්ත ගාන එක. ඉතින් මම මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කාලෙක සිද්ද උන කතාවක් තමා. ඉස්කෝලේ ගිය හැමෝම දන්නවනේ ඔය තීන්ත වැඩේට හැම පන්තියකටම සමානව තීන්ත දෙන බව. ඔය දවසේ දෙමවුපියෝ එහෙමත් නිතරම ඉස්කෝලේ එනවා ළමයින්ට සහයෝගය දෙන්න.

ඔන්න ඔය වගේ තත්වයක් තමා සාමාන්යෙන් තියෙන්නේ. නමුත් වැඩේ කියන්නේ අපේ උ.පෙ. පන්තිය සාමාන්‍ය එකක් නෙමේ කියල මගේ ලෝක ප්‍රසිද්ධ උපන් දිනය, පන්තියේ ක්‍රිකට් ගැහිල්ල, කපිලගේ phone එක, ඉස්කෝලෙන් පැනිල්ල වගේ මගේ පාසලේ විත්ති සෙට් ඒක කියවපු අය දන්නවනේ. කියෙව්වේ නැත්නම් කියවන්න. මගේ සුපිරිම කතා සෙට් එක තමයි පාසලේ විත්ති සෙට් එක. ඉතින් ඔය කියන තීන්ත ගාන දවස සෙනෙසුරාද දවසක්. එදා මට පන්තියක් හරි මොකක් හරි සෙට් වෙලා මම ඕක කට් කරා. එතකොට මම ඔය වැඩේට සෙට් උනේ නෑ. නමුත් සැලෙන්න එපා මම අන්තිමට ඕකට සෙට් වෙනවා හුරේ කියල.

දැන් අපේ පන්තියේ උන් එකෙක්වත් අම්මලට එන්න කියන්නේ නෑ කියල මුලින්ම කතා උනා. එදා දවසේ අනිත් හැම පන්තියේම අම්මල, තාත්තල ඉන්නවා අපේ පන්තියේ කොලු රෑන විතරයි. ඔන්න ඔතනින් තමා කතාව පටන් ගන්නේ. දැන් අපේ පන්තියටත් දීල බිත්තිවල ගාන්න ඔය සමර පාට වගේ තීන්ත බාල්දි 3යි. ජනෙල් වල ගාන්න තද දුබුරු පාට තීන්ත බාල්දියයි.  දැන් අපේ උන්ට ඕක මදි. මොකද හැමෝටම දුන්න ගාන අපිටත් දෙන්න බෑනේ. මොකද්ද M2 එකේ තත්වේ?? ඉතින් ඔය වගේ දේවල් වලට නිතරම එකෙන්ම පෙරමුණ ගන්න අපේ කපිල ඔය කියන දවසෙත්

"අඩෝ වරෙල්ල තව තීන්ත ගෙන්න මේ තීන්ත මදි. අපේ තාත්ත කොන්ස්ට්‍රක්ෂන්නේ මචං කරන්නේ, මම දන්නේ නැද්ද මේ ඇතිනම්. පිනාට පිස්සුද කොහෙද බං. මේ ටික ඇති අපි සෙට් එකේ ***** ගාගන්න"

කියල කිව්වාය කියන්නේ. ඉතින් අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් ඇන්න වගේ අපේ ජොන්ටෝ ටිකත් ගිහින් පොඩි පන්තිවල උන්ට සද්දයක් කාරිය දාල තව කහ බාල්දි 2ක් සහ දුබුරු බාල්දි 2ක් හොයන ඇවිල්ල. දැන් කට්ටිය හුරේ කියල තීන්ත ගානවලු. බිත්ති ටික ඉවරයි අලුතින් ගෙනාපු තීන්ත බාල්දි දෙක විතරක් නෙමේ අපිට දුන්න ඒවයෙනුත් බාල්දි බාගයක් විතර ඉතුරුයිලු.
දැන් තියෙන්නේ ජනෙල් වල ගාන්න. කට්ටිය කතාඋනා

"මෙහෙම ගෑවොත්නම් මේකත් ඉතුරු වෙනවා අනිවා. දිය කරන්න ඕනේ නෑ නිකන්ම ඔන්න ඔහේ ගාමු"

දැන් ඉතින් හිතාගනිල්ලා දියකරන්නේ නැතුව අර තීන්ත බුරුසුවකින් ගාන්න බෑනෙව. ඒත් ඉතින් ගාල. ඔහොම ගාගෙන යනකොට අපේ මැක්කගේ අතින් තීන්ත ටිකක් ජනේලේ වීදුරුවේ ගෑඋනා කියලුකෝ. පාර යන්න කියල පිහිදෑව වැඩේ චොර උනා. ජනේලෙන් බාගයක් දැන් තීන්ත.
ඔය අතරේ අපේ ගොන් ජෝන්ටෙක්ට (මට මතක විදියටනම් මනේකයට) මරු අදහසක් පහලවෙලා.

"අඩෝ සුපිරිනේ. හැමදාම අපි මාට්ටුවෙන්නේ ඔය ජනෙල් වීදුරුවෙන් චාන්දනී(සේක්ෂනල් හෙඩ්) හොරෙන් බලලනේ. ඔය බලපන්කො මැක්ක තමා මිනිහ. මු ජනෙල් වීදුරුවේ තීන්ත ගාල. යකෝ පේන්නෙම නෑ මේ පැත්ත. ඔය ඔක්කොම ජනෙල ටිකේ තීන්ත ගාමු."

කට්ටිය බැලුව වැඩේ නම් ඇත්ත තමා පිහිදාපු ටිකෙනුත් එහා මෙහා පෙන්නේ නෑ(ඇයි ඉතින් දිය කරන්නේ නැතුව ගාපු අමු තින්තනේ. කොහේ පේන්නද??) එකෙන්ම යෝජනාව ඉස්තිර කරලා. ගාල නැද්ද ජනෙල් ටිකේ ඔක්කොම. අමු තීන්ත කුට්ටි කුට්ටි ජනෙල් වල. එලිය බින්දුවක් වත් එන්නේ නෑ. (ටික දවසකට කලින් තිබුන ප්‍රදර්ශනයකට අපේ පන්තියේ ලැටිස් ටිකත් ඔක්කොම කළු කොළ වලින් වහල තිබුනේ. මුන් ඒ ටිකෙත් තව කලුවෙන්න තීන්ත ගාල. ඇයි ඉතින් තීන්ත අඩුවක් කියලය. අනික ඉවර උනත් තව බාල්දි දෙක තුනක් උනත් සද්දයක් දාල ගේන එක මහ වැඩක් නෙමේනේ. දැන් ජනෙල් ටික වැහුවම නිකම් ෆිල්ම් හෝල් එකක් වගේ පන්තිය. මෙලෝ එළියක්‌ නෑ. කට්ටියට පට්ට සතුටුයි. හැමෝම සාමදානයෙන් විසිර ගිහිල්ල.

ඔන්න සදුදා දිනේ ලබුවලු. මම කොලුවත් ඔන්න ඉස්කෝලේ ගියාලු. මේක දැක්කලු. පට්ට සිරාලු. දැන් කට්ටිය ජනෙල් වහගෙන කළුවර කාමරේ ලයිට් දාගෙන ඉන්නවා. මට කියන්න බැරි උනානේ. අපේ පන්තිය තමා අපේ සෙක්ෂන් එකෙන්ම ටියුබ් ලයිට් දෙකක්, හොදට වැඩ කරන ෆෑන් එකක්, ඔරලෝසුවක්, මේස රෙද්දක්, මල් වාස් එකක් විතරක් නෙමේ වයිට් බෝඩ් එකක්, පාට තුනකින් වයිට් බෝඩ් මාකර් කියන දේවල් ඔක්කොම තිබුන එකම පන්තිය. ඒවා ලැබුනේ කොහෙන්ද කින්ද මන්ද අහන්න එපා. අපි එකක්වත් සල්ලි දිලනම් අරන් නෑ කියල විතරක් කියන්නම් ඕනේ නම්. කොටින්ම දිමතයගේ ශක්තිය බලන්න සතියට කොසු දෙක තුනක් අනිවාර්යෙන්ම කැඩුවට (ඒක වෙනම කතාවක්. ඉස්සරහට දාන්නම්) අපේ පන්තියේ හැමදාම අලුත් කොස්සක් හෝ දෙකක් තියනවා ෂුවර්. දැන් ඔන්න අපේ හිට්ලර් පන්තියට ආව. වැඩේ දැකල මිනිහටත් හිනා. මිනිහ කිව්වා
"පොඩ්ඩක් හිටපල්ලකො සම්බල හම්බවෙයි ඉස්සරහට.. හරි දැන් කිව්වනම් බලන්න මේ වැඩේට සහබාගි උනේ නැති, ඒකියන්නේ සෙනසුරාද අවේ නැති අය." 

මම කොලුවා ඇතුළු තව 4-5 දෙනෙක් නැගිට්ට. මුට තවත් හිනා.
"මොකෝ තමුසේ ආවේ නැත්තේ, මම හිතුව තමුසෙත් මේ වැඩේට සම්බන්ද ඇති කියල. කමක් නෑ.. එකෙක් හරි ඉන්න එක හොදයි."
කියල මට කින්ඩියකුත් දාල. අපේ නම් ටික පොඩි කොළ කෑල්ලක ලියා ගත්ත. හිට්ලර් ගියා. ටික වෙලාවකින් එනවා මම තුමා ඇතුළු 4-5 දෙනාට කැදවීමක්. අනිවා ගුට්ටක් තමා. මොන කොරන්නද. ගියා බලන්න මොකද්ද ගුට්ට කියල.
ලගට කතාකරා. දැන් මුළු ස්ටාෆ් එකම හිනාවෙනවා. හිට්ලරය කිව්වේ නැතා මෙහෙම.

"දැන් තමුසෙලගෙ යාලුවෝ තීන්ත ගෑවනේ. දැන් තමුසෙලට තියෙන්නේ තීන්ත හුරන්න. කොහොමහරි අද දවස ඉවරවෙන්න කලින් ඔය විදුරුවල ගාල තියන තීන්ත ටික හුරනවකෝ"

කගේ ඔලුව කැරකෙන්න ගත්ත. ඒත් මොනා කරන්නද??

"හා... සර්..." 

කියල ඇවිල්ල පන්තියේ උට කිව්වම මුන්ගේ පුටුත් හිනාවෙනවා.

කලින් සතියේ දිමන්තයගේ ශක්තියෙන් බිදපු විදුරුවක් තිබුන පන්තියේ. ඕක අරගෙන ගාපු උන්ගේ දෙමාපිය සංහතියම මතක කර කර. අපි ඉතින් හිරුවේ නැද්ද  තීන්ත ටික. පොඩ්ඩක් හිතපල්ලා අමුවෙන් ගාපු තීන්ත හුරන එක කොච්චර ආතල් වැඩක්ද කියල. සමහර තින්ත තලි තලි ගාපු තැන හරියට වෙලිලාවත් නෑ. ආතල් එක කන්දෙකෙන් බේරෙනවා. 

කොහොම  හරි දවසෙම කට්ට කාල ජනෙල් 4ක් හීරුව. තව දෙකක් තිබ්බ. හොදම දෙක. ලොල්ය.. අපේ කට්ටියත් සප් එක දුන්න. නෑ කියන්න බෑ.

කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න  ඕකයි කතන්දරේ. පහලින් මොනවාහරි කොටලා යන්න අමතක කරන්න එපා...

ප.ලි : මම කතාව ලිව්වේ මට මතක විදියට.  කතාවේ පොඩි වෙනස් කිරීමක් කරන්න තියනවා. කතාවේ මුලින්ම ජනේලයේ තීන්ත ගැවුනේ අපේ හෂුලය අතින්ලු. හෂුලය කිව්වම මේ බ්ලොග් එකේ හරි ප්‍රසිද්දයි. මතකනේ ඉස්කෝලෙන් පනින්න ගිහින් මාට්ටු උනේ කාගේ අතින්ද කියල. හිකි හිකි. ඊට පස්සේ ඔක්කොම ජනෙල වල ගාමු කියල කිව්වේ අපේ කොනා (සිෆාන්) ලු. ඕකට එන්නෙම ඔහොම කුප්ප අදහස් තමා..

Saturday, June 4, 2011

සතියක් පුරා බෝදි පුජා කරපු අපි... - අනං මනං

අද මොකද්ද කියන්නේ කියල කල්පනා කර කර ඉන්නකොට මම දැක්ක අපේ ඉස්කෝලේ අපේ බොකු සෙට් එකේ "පැටිය" මගේ පරණ බ්ලොග් පොස්ට් එකකට බුකියේ කොමෙන්ටුවක් දාල තියෙනවා.

ඕක දැක්කම මට මතක් උනා කතාවක්. මේක හිනා යන එකක් නම් නෙමේ. හැබැයි හිනා යන කතා 100 කට වඩා හිතින් සතුටු උන කතාවක්.


සමහර වෙලාවට උබල දන්නවත් ඇති දැනට අව්රුද්ද්දකට විතර කලින් "ඩෙංගු" ලංකාව පුරා රජ කරා. ඔය වෙලාවේ අපේ හොදම යාලුවෙක් උන ____ (නම දාන්නේ නෑ. මොකද මම මේ කතාව දාන්නද කියල උගෙන් ඇහුවේ නැති නිසා. අදුර ගන්න ඉගියක්‌ දෙන්නම් කොල්ල ආනන්දේ.)  ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ නැවැත්තුව.

දවස් 3-4 ක් ගියා.. අපිත් බලන්න ගියා.. මුට අව්ලක් නෑ. අපි ගියාම අපිත් එක්ක බයිලා කියව කියව ඉන්නවා. 

හැබැයි ඒක පාරටම දවසක් ආරංචි උනා වැඩේ බරපතල වෙලා. ICU එකේ නවත්තල. මැෂින් එකෙන් ඉන්නේ කියල. අපිට උන ශෝක් ඒක ගැන අලුතෙන් කියන්න ඕනේ නෑනේ. ගියා බලන්න. වැඩේ ඇත්ත. මුට හෙන අව්ල්. එළියේ මුගේ අම්ම, අක්ක විතරක් නෙමේ තාත්තත් අඩනවා. අපිට කනට ගැහුවා වගේ. පට්ටම අව්ල්. කට්ටිය කතා උනා මොකද කරන්නේ කියල. කට්ටියම මැත කරපු උන් නිසා පැනඩෝල් පෙත්තකට වඩා දෙයක්ගැන කියන්න දන්නේ නෑ.



දන්න අදුරන ඩොකාල සෙට් කරා. දියුණුවක් නෑ. එන්න එන්නම බරපතල වේගෙන එනවා.

ඔය අතරේ අපි බැලුව මෙහෙම ඉදල වැඩක් නෑ. "බෝදි පුජාවක්" වත කරමු කියල.

වෙන කරන්න දෙයක් නෑ.. අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ "බෝදි පුජාවක්" වත් කරලා සෙත් පතන ඒක තමා.

උබල හිතපල්ලා වෙසක් පෝයට වත් පන්සල පැත්තේ යන්නේ නැති අපි කට්ටිය බෝදි පුජා කරන්න සෙට් උනා කියන්නේ කොහොමද ආතල් ඒක. අපි ඉතින් ඕව කරන විදි දන්නේ නෑනේ. ඉතින් අපි තොර ගත්තේ අපේ දිලුමලගේ ගෙවල් ගාව පන්සලක් මොකද දිලුම්ගේ අම්මත් එන්නම් කිව්ව නිසා.

දැන්  කට්ටිය හැමදාම 6.00ට බෝදි පුජාව. වැඩ නොකරපු එවුන කලින් එනවා දිලුමගේ ගෙදරට. වැඩ කරපු මම, මොළ වගේ එවන් 4.00ට විතර ඔෆිස් එකෙන් පැනල එනවා. ඇවිල්ල ගොඩගම පැත්තේ තියන මල් ගස්වලට සුනාමි වැදුන වගේ මල් කඩනවා කැඩිල්ලක් ආයේ අනිවා හැම දාම වට්ටි 10-15ක් තියනවම තමා. අපිට ඉතින් අනුන්ගේ වතු වලට යාම, තාප්ප පැනීම වගේ අනේක ඌ දක්ෂතා අලුතින් උගන්නන්න ඕනේ නෑනේ. අපි දන්නා වැඩ කිඩ ඔක්කොම දාල වැඩේ හොදටම කරා. ඔය අතරේ රට වටේ තියන මන්තර ගුරුකම් තැන් වලටත් ගියා. 

මේකට ගොඩක්ම මහන්සි උන සෙට් එකේ දමිත් කොටා, දිලුම සහ මට මේ කතාව හදිස්සියේම මතක් වෙන්න හේතු උන පැටිය හිටිය.  අපි ජොබ් කරපු නිසා දවල් වරුවමේ වෙනුවෙන් වැය කිරීමේ හැකියාවක් තිබුනේ නෑ.

අපේ පැටියට පට්ටම කරුමයක් තිබුනේ. ඕක බයික් එකට නැග්ගොත් වහිනවා. කොටින්න්ම කිව්වොත් වතුර ටැංකියක් හරි ඔෆ් ලෝ වෙනවා. මට තාම මතකයි, ඒක දවසක් පුජාවට මු නෑ. අපි බැලුව බැලුව, කෝල් කරා කිසි ප්‍රතිචාරයක් නෑ. බැරිම තැන අපි පන්සලට ගියා. මෙන්න බොලේ ටික වෙලාවකින් මහා වැස්සේ තෙමිගෙන, මල් බෑග් එකකුත් බයිසිකලේ එල්ලගෙන මු පිබල ආව. එන ගමන් පොලිසියෙන් අල්ලලා. ඌ දඩ කොලේ ලියන්න පරක්කු කියල ඌට ගේම ඇදල වැඩි ගානක දඩේකුත් කාලයි මේ ඇවිත් තියෙන්නේ. වැස්සේ තෙමිලා පෝන් එකටත් බඩු සිද්ද වෙලා.

කොහොම හරි ලොවෙත් පන්සල යන්නේ නැති කොල්ලෝ ටිකක් සතියක් ඒක දිගට බෝදි පුජා කරපු පිනටද කොහෙද දවස් 10ක් විතර යනකොට අපේ යාළුවා මැෂින් එකෙන් ගැලෙව්වා. අද මැරෙයිද හෙට මැරෙයිද කියල කටින් නොකිව්වට හිතෙන හිතල දුක වින්ද අපි අතරේ සතුටු සිනා රැල්ලක් අදුන. තාමත් ඌ ඉන්නවා අපි අතරේ.

ඔන්න ඔහොමයි අපේ යාලුවෝ සහ අපි යාලුවෝ ආශ්‍රය කරන්නේ.

 කියවල කරන්න ඕන දේ මම අලුතෙන් කියන්න ඕනේ නෑනේ..

Monday, May 9, 2011

මගේ ලෝක ප්‍රසිද්ධ උපන් දිනය - පාසලේ විත්ති (4)

පහුගිය පොස්ට් ටිකට ලැබුන ප්‍රතිචාර උපරිමයි. ඔයාල ඔක්කොටම ගොඩක් ඉස්තුතියි. ඒ ටික කියවනකොට පට්ට ගට් එකක් එන්නේ ලියන්න. ඔන්න එහෙනම් වැඩි වල වටරං නැතුව අදත් අලුත් කතාවක් කියන්න කියල හදන්නේ.මේ කතාවත් හොදනම් කියවල Comments එකක් දෙකක් දාන්න. ඔයාලගේ Comments නිසා තමයි මම දිගටම ලියන්නේ.




අද කතාවෙන් කියවෙන්නේ අපේ කට්ටිය මගේ ලෝක ප්‍රසිද්ධ උපන් දිනය දවසේ ඉස්කෝලේ යන්නේ නැතුව අපේ ගෙදර ආව එක. ඒ ආපු කොල්ලොන්ට මම සහ මගේ බොක්කක් දුන්න ආතල් එකක් තමා මේ.
ඔන්න හා හා පුරා කියල මගේ උපන් දිනේ ලැබුවලු. මම කලින් ඉදන් කියල තිබුනේ එදා දවල් කෑම මගේ ගානේ අපේ ගෙදර කියල. අපේ කට්ටියටත් ඉතින් ඉස්කෝලෙන් පනින්න හේතුවක් ඕනෙම නැති එකේ, හේතුවක් තිබුනොත් කොහොමට තියේවිද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ.
හේතුවකුත් තියන එකේ ඔය කියන දවසේ කට්ටිය ඉස්කෝලේ අතුලටවත් ගිහින් නෑ. එළියේ ඉදන්ම කට්ටිය උදේ පාන්දරම යන්න තමයි සෙට් වෙලා තියෙන්නේ. කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න කට්ටිය දැන් අපේ ගෙදරට වාර්තා කරා උදේ පාන්දර 9.00 විතර වෙනකොට. මම දැන් ගෙදර ඇතුලේ. කතාවේ හැටියට කොල්ලෝ 10-12 විතර තමා එන්න හිටියේ. දැන් ඔන්න ඇතුලට එනවා කොල්ලෝ ටික. එනවා එනවා එනවා ඉවරයක්‌ නෑ. කොහොමෙන් කොහොමෙන් හරි 20 ක විතර ආව. දැන් ඉතින් මොනවා කරන්නද?? ඔක්කොටම කන්න  දෙන්න එපාය. සමහර ආපු උන මම ජීවිතේට දැක්කෙත් එදා. හිකි හිකි. ඉස්කෝලෙන් එළියේ ඉදන් එන එන එකාව කතා කරන් “වරෙන් වරෙන් කොල්ලෙක්ගේ උපන්දිනයක්, කෑමක් තම තියෙන්නේ කියල” ඔහොම කිව්වොත් නොඑනවානම් ඌ අපේ යාලුවෙක් නෙමේ කියල දන්නෝ දනිත් කිව්වලු.
අම්මගෙනුත් බැනුම් කෝටියක්‌ අහල එයාල උයන්න දාල මම ගියා කොල්ලෝ සෙට් එකත එක්ක ක්‍රිකට් ගහන්න අපේ ගෙවල් ගාව පිට්ටනියට. ඔය ගමනට සෙට් උනා මගේ ගජයෙක් දිලින කියල. මු තමා මේ කතාවේ මහා මොළ කාරය. දැන් කට්ටිය හුරේ කියල ක්‍රිකට් ගහල දවල් 12.00 ට විතර එන්න පිටත් උනා ගෙදර. දැන් කට්ටියට හොද ගණන් ඇයි ඉතින් කට්ට අව්වේ ක්‍රිකට් ගහල ගහලනේ අවේ. ආව විතරි වතුර එකක් එහෙම බීගෙන බීගෙන ගිහින් ඉන්න කට්ටියට මගේ ගජය දැම්ම සුපිරි අදහසක්.
“මචංලා දැන් කට්ටිය මගන්සියෙන් ඉන්න එකේ යමුද එහාපැත්තෙ දොලට නාගන්න???” මටත් නිකං මෝල් වගේ.. ඇයි බං මෙච්චර කල ඉදලත් මම දන්නේ නෑනෙ මෙහෙ දොළක් තියනවා කියල. මු කියපු විදියට සහ මම මුගේ හැටි දන්නා නිසා සහ මටත් ඉතින් බොරුව, රගපෑම බැරි නිසා මමත් කිව්වා
“අඩෝ පට්ට අදහස. මට ඕක ඔලුවට ආවේ නෑනෙ” කියල.
අපේ කට්ටියටත් ඉතින් වතුර පාරක් කිව්වම ඉතින් සහරා කාන්තාරේ ඉදන් ආව වගේ කෙල හලන්න පටන් ගත්ත. වැඩේ සෙට් උනා කට්ටිය දැන් යනවා දොළට. හැබැයි මම කියන්න ඌනේ මම ගැන දන්නා කීපදෙනෙක් මේ ගමනට එකතු උනේ නෑ. වතුර කිව්වම කන්න බොන්නවත් ඕනේ නැති මැක්ක තමා ගමනට නායකත්වය ගත්තේ. දැන් කට්ටිය යනවා පාර දිගේ. අපේ පැත්තේ තියනවා රබර් කැලයක්. ඔය පැත්තට තමා අපි ගියේ. ටික දුරක් යනකොට කට්ටියට වැඩේ මාට්ටු වගේ. ඔන්න අපි රබර් කලී ලගට ආව. ඇවිත් දිලිනය කිව්වා
“රබර් කලේ මද තමි ඔය පොත එක තියෙන්නේ. වටෙන් යමු” කියල.
එහෙම කියල මු මගෙන් අපි “මචං සුමනේ අදත් දොලේ මාළු බානවද දන්නේ නෑ. ඌක හිටියොත් පට්ට ආතල්. පොඩ්ඩක් බලමු.” කියල,
මු කෑගහන්න ගත්ත මෙන්න මෙහෙම “සුමනේ උබ ඉන්නවදෝ.......????”
අපේ වෙලාවට සහ අපේ උන්ගේ කරුමෙට මෙන්න බොලේ රබර් වත්ත පැත්තෙන් කොල්ලෙක් කෑගැහුව “ඉන්නවෝ.....” කියල. අපි දෙන්නටත් පිස්සු වගේ. හබි අපේ සෙට් එකට දැන් නම පට්ට සුවර් වැඩේ නයෙක් නෙමේ කියල.
කොහොම හරි රබර් කැලේ වටේ කියලත් අපි සෙට් එක තව විනාඩි 10 ක විතර. ඔහොම ගිහින් කොහොමෙන් කොහොම හරි වටේ ගහල ආයෙත් පරණ පුරුදු අපේ ගෙදරට එන පාරට වැටුන. වැටුන විතරයි අපේ ගෙදර පාර දන්නා මැක්කා මෙහෙම කියපි,
“අඩෝ මේ උබලගේ ගෙදරට යන පාරටනේ අපි ආයෙත් ආවේ?”
එක පාරටම දිලිනය සහ මම “අද දවස කවද්ද කියල මතක කරගනිල්ලා” කියල දුවන්න පටන් ගත්ත.
එදා දවස එක්ක සිද්දිය ගැලප ගත්ත අපේ උන ටික කියපු කුණු හරප ටික ආයෙත් අමුතුවෙන් ලියන්න ඕනේ වෙන එකක් නෑ මගේ හිතේ. දවල් කට්ට අව්වේ ක්‍රිකට් ගහපු මහන්සිය සමග පැය භාගයක් විතර පයින් ගියපු තරහ එකට කැටිවෙලා අපේ සෙට් එකේ හදපත්ලෙන්ම නැගුන කුණු හරප ටික ගැන කියල වැඩක් නෑ..

එහෙනම් තවත් දවසක වෙනත් කතාවක් සමග හමුවෙමු.