Showing posts with label අසහනකාරයෝ. Show all posts
Showing posts with label අසහනකාරයෝ. Show all posts

Sunday, November 6, 2011

හොද ඇපල් කන්නේ පණුවෝය.....

 
ගොඩක් දවසකින් මුකුත් හරියට ලිව්වේ නැතිනිසා මම කොලුවට හිතුන මොකක් හරි කතාවක් කාරිය දාන්න. කතන්දරනම් අනන්තවත් තිබුනත් ඒව කොටා ගන්නා වෙලාවක් නැති එක තමා වැඩේ. ඇත්තටම වෙලා නැත්තේ නෑ. ඒත් වැඩ ඇරිලා ගෙදර ආවම මොන කෙටිලිද, පිලුමක් බලල නිදාගන්න එක තරම් සැපක් නෑ ලොවෙත්.



වැඩි වැල් වටාරම් නැතුව මම අද පොස්ට් එකට බහින්නම් කෝ... ටොපික් එක දැක්කම මොන කෙහෙල ගහටද මූ හැරෙන්නේ කියල තේරෙනවනේ. ඒ කෙහෙල ගහට තමා හැරෙන්නේ. මේ ගැන නම් අනිවා බ්ලොග් පොස්ට් 1000 කට වඩා ලියවිලා ඇති. 1000 ක් ලියවිලා තියන එකේ 1001 ක් ලියඋනා කියල අව්ලක් නෑ නොවෑ කියල ඉතින් කොටනවා.

මේ "ඇපල් ගෙඩියක් පණුවෙක් කන කතාව අද ඊයේ නෙමේ අව්රුදු ගානක් පරණ නමුත් අදටත් අලුත් කතාවක්. මට මේ කතාව එක පාරටම මතක උනේ පහුගිය දවසක මම කොලුවා කන්න ගිය තැනක සාමාන්‍ය මට්ටමේ කොල්ලෙක් එක්ක ගිය සුපිරි කන්‍යාවියක්(ගිය විදිය, දැක්ක ස්ථානය සහ දැක්ක වෙලාවේ හැටියටනම් කන්‍යාවියක් කියන්න අමාරුයි) දැක්ක මගේ යාලුවෙක් හෙන දුකෙන් ඔය කතාව කිව්වා.. මොකද්ද කතාව??? "අර බලපන්කො බං, ඇපල් ගෙඩියක් කන පණුවෙක්".. හිකි හිකි..

ඔය ඇපල් පණු කතාව ඇත්ත කියල අපිටත් හිතෙන වෙලා අනන්තයි.. හැබැයි මමනම් කියන්නේ ඔය කතාව තමන්ට හොද කෙල්ලෙක් දාගන්න බැරි, එහෙමත් නැත්නම් තමන්ගේ කෙල්ලගේ ලස්සන පෙන්නේ නැති හීනමානයක් තියන උන් කියන කතාවක් කියලයි. 

අපිටත් ඔය කතාව කොල්ලෝ කීයක්නම් කියල ඇතිද?? ඔය කතාව කියන උන්ටත් ඔයකතාවම කොච්චර උන් කියල ඇතිද?? ඔන්න ඕක තමා මනුස්ස ස්වබාවය. තමන් සතු දේ කිසි අගයක් නෑ. 
 
මෙහෙම ලියන් යනකොට මට පරණ කතාවක් මතක උනා. මේ කතාවේ කතා නායකයා මේ බ්ලොග් එක බලන උබල අපි හැමෝම දන්නා, මගේ හොදම ගජයෙක්. මම මෙතන නම දාන්නේ නැති උනාට අනිවා, අපේ දමිත් කොට හරි, මෝල හරි යටින් දානවා සුවර්.. 

ඔන්න දවසක් මූ බස් එකේ මුගේ කෑල්ලත් එක්ක පන්ති යනවලු. මුන් දෙන්න බස් එකේ මැද හරියේ වැඩිවෙලා උකුළු මුකුළු කරන් යනකොට මුට පේලි දෙක තුනක් පස්සේ හිටගෙන හිටිය කොල්ලෙක් උගේ යාලුවට කියනවලු අපේ ටොපික් එකේ කතාව.. මොකද්ද?? "බලපන්කො බං ඇපල් ගෙඩියක් පණුවෙක් කන හැටි.. අයියෝ සල්ලි.." 

මගේ ගජය ඉතින් ලව් සික් එකේනේ මුට ඔය කතාව ඇහිලා නෑ. නමුත් මුගේ කරුමේ කියන්නේ අර කොල්ලෝ දෙන්න හිටන් හිටිය තැන වාඩිවල ඉදල තියෙන්නේ අපේ තවත් යාලුවෙක්. මුට දැන් කතාව ඇහිලා, මුට පස්චාත් බාගයෙනුත් හිනාලු අර කොල්ල කියපු විදියට. 

ඔය අනිත් යාළුවා මුත් එක්කම බස් එකෙන් බැහැල කිසිදෙයක් කියන්නේ නැතුව පන්තියේ ඉන්ටවල් එක වෙලාවේ මුළු කැන්ටිමටම ඇහෙන්න ඔය කතාව රගපාල කියන්න තරම් නිහතමානී උන එක ගැන අපි ඇත්තටම අගය කරන්න ඕනේ... 

ඉතින් එදා ඉදන් මගේ මේ ගජය කිසිම එකෙක්ට විරුද්දව බයිකට කට අරිනවා බොරු.. පොඩ්ඩක් කට ඇරියොත් ඇපල් පණු ජාතකේ කරලියට ඇවිල්ල බයිට් එක මුගේ පැත්තට එනවා..

ඔන්න බලාපල්ලා ලංකාවේ කොල්ලන්ගේ කුහකකම සහ හීනමානය...
 
හැබැයි ඔය කියන මගේ යාලුවටනම් ඇපල් පණු ජාතකේ ලෙසටම ගැලපෙනවා කියල තමා "රට්ටුයි, ලෝකයෝයි කියන්නේ.. අනේ මමනම් නෙමේ ඔන්න ඕව කියන්නේ...

 එහෙනම් අපි කැපුන.... ජය වේවා...

Tuesday, July 19, 2011

හෙළුවෙන් බීච් එකේ සුද්දියෝ ටිකක් වටකරගෙන නාන්න ඕනෙද??? 18+ පිරිමි සදහා පමණි..




ඔය උඩ තියන ප්‍රශ්නේ ඇහුවොත් “ඊය....ඕනේ නෑ” කියන කොල්ලෙක් ඉන්නවනම් ඌ අනිවා ඉටිපන්දම් ෆෑන් කෙනෙක් වෙන්න ඕනේ(ටියුබ් ලයිට් අය මේකේ තේරුම දන්නා කෙනෙක්ගෙන් අහල දැනගන්නවා හොදයි). උබල අපි හැමෝම මේ ප්‍රශ්නෙට පැනල දෙන්නේ 

“අනිවා... ඕක ඉතින් ආයෙත් අහන්නත් දෙයක්ද??” 

කියන එකනේ. (මේක හොරෙන් කියවන ගෑනු ළමයි ප්‍රශ්නය තමන්ට ගැලපෙන විදියට වෙනස්කරගන්න...)

මු මේ මොකාටද අද එන්න හදන්නේ කියන එක තමයි බොලාලට එන ඊලග ප්‍රශ්නේ.. රටේ ලෝකේ ගැන අවධානයෙන්, විපරමෙන්, පොතක්-පත්තරයක් බලන අපේ ජොන්ටන්ටනම් පොඩ්ඩක් විතට ක්ලික් ඇති මොකද්ද මම මේ කියන්න යන්නේ කියල.

වැල් වටාරම් නැතුව කෙලින්ම මම කතාවට බහින්නම්කො.
ඔන්න ඊයේ මම වැඩට ගිහින් මහන්සි වෙලා ගෙදර ඇවිල්ල ඇග පත හෝදගන්න කලින් පොඩ්ඩක් වාඩි වෙලා සති අන්තේ පත්තරේ පොඩ්ඩක් පෙරලනකොට දැක්ක මාරු ආටිකල් එකක්. ලංකාවේ හෙළුවෙන් නාන්න පුළුවන් වෙරල තිරයක් හදන්න යනවලු. ඩේග ඩේග පරි රබුට කැකිරි කිව්වලු. මට ඉතින් හෙන ආතල්, මම පොඩ්ඩක් කියෙව්වා මොකද්ද මේ හරුපේ කියල. යකෝ වැඩේ කියන්නේ මේක හදන්න යන්නේ කළුතර ප්‍රදෙශයේලු. ලෝක ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් කි.මි.1.5 දිග කළුතර වෙරල තිරයේ ලස්සනම කොටසක මේ ජොලි වැඩේ කරන්න යනවලු. ඒ වෙරල තිරයට කියන නමකුත් තිබුන මට මතක නෑ.

අපි ලෝක කුපාඩියෝ බව ඇත්ත. ඒක මුළු ලොවමත් අපිත් දෙගොල්ලොම දනී. ඒත් අපි ඇතුලෙත් පොඩ්ඩක් විතර ලංකාව කියන දේ ගැන පොඩි භක්තියක් තියනව. ඔය මහලොකුවට කියන තරං සධාචාරයක් දැන් රටේ නැතිබව ගමක ඉපදුනත් කොලබ රටේ හැදිච්ච, කොලබ රාත්තිරියේ ගමන බිමන්, සමාජ ශාලා වලට යන මම කොලුවා හොදටම දන්නවා උනත්, තාම මේ සංකර කෙලිය කොලබ රාත්‍රී සමාජශාලා වලට සිමා වෙලා තියන ඒක ගැන කොලුවා ඉන්නේ අප්‍රමාන සතුටෙන්. මොන කෙලි තිබුනත් තාම යාළුවෙලා ඉන්න කාලේ විතරක් නෙමේ බැදලා දරුවෝ හදල හිටියත්  දෙමාපියන් ඉස්සරහ, වැඩිහිටියන් ඉස්සරහ සිලාචාරව හැසිරෙන්න අපේ උන් දන්නවා. බල්ලෝ බලල්ලුන්ගෙන් මිනිහ කියන එකා වෙන් වෙන්නේ කකුල් හතරෙන් යාමෙන් විතරක් නෙමේ කියල ලංකාවේ අපි දන්නවා. 

අපි අයෙත් මාතෘකාවට ඇවිල්ල බලමු මේ වැඩේ ක්‍රියාත්මක උනොත් මොකද්ද වෙන්නේ කියල. ලංකාවේ සම්පුර්ණ නිරුවත් මුහුදු තිරයක් හැදෙයි. අලුතින් රටට ගොඩක් අය එවී. ලොකු ගානක් දීල මේකට යාවි. (අනිවා අපිත් යාවි ඕක හැදුනොත්) අපේ පාලකයොන්ට දැන් ඕනේ කරන්නේ සල්ලි මිසක් රටක් ජාතියක් සංස්කෘතියක් නෙමේ කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔය අස්සේ පොඩි කැලෑවල, ගස් ගල් අස්සේ අපේ කොල්ලෝ කුරුට්ටෝ සිකුරිටි ගාඩ් එකේ ඇස් වහල හැංගි හැංගි බලන් ඉදිවී සුද්දෝන්ගේ සහ සුද්දියන්ගේ අහවල් ඒවා. බලන් ගෙදර ගිහින් කියාවි 

“යකෝ මගේ ඉටිපන්දම දුබුරු පාටයි, අරුගේ සුදු පාටයි..” 

“ඊය විතරක් අරු නිකක් මයිල් හැලිච්ච බල්ලෙක් වගේ. ඇගේ එක මයිල් ගහක් නෑ, අඩුම ගානේ ____ වත් නෑ. එකට මගේ...”

“කොහොමද අර සුද්දිගේ _____, යකෝ මට හිරේ ගියත් කමක් නෑ හෙටනම් අනිවා එක සුද්දීයෙක්ට _____”

නිරුවත් වෙරල තීරවල ප්‍රසිද්ධියේ ලිංගික හැසිරීම කරන්න පුළුවන් වෙනමම ස්ථාන තියන එක සාමාන්‍ය දෙයක්. කොහොමද ලංකාවේ පොලවේ, විශේෂයෙන් කළුතර පුජනිය නගරයේ බල්ලෝ බළල්ලු වගේ ගෑනු මිනිස්සු ප්‍රසිද්ධියේ අහවල් එක කොරන කොට...???

සුද්දොන්ටනම් ඕව ගානක් නෑ. නමුත් අපිට එහෙමය. අපි ඕව ඔයහැටි දැකල තියනවය. කීයක් දීල හරි ඇතුලට ගියා කියමුකෝ. කොහොමද සුද්දියෝ දැකල අපේ කොල්ලෝ ෆයර් වෙලා යනකොට?? අතින් වහගන්න කියලය?? වහගෙන යන්න ඕනෙනං මේකට එන්නේ නෑනේ. වැරදිලා හරි වට පිට බල බලා ගිහින් කකුල පැටලිලා වැටුනොත් අරුගේ අනාගතේ ඉවරනේ. අනිවා දෙකට කැඩෙනවා. කඩාගන්නේ නැතුව එලියට ආව කියපල්ලකෝ.. ඔය හම්බානකට ෆයර් වෙච්ච එකා කොයි ලෝකේ හරි අගු පිලක හෝ ලිබටි වැනි සුපිරි පන්තියේ ස්ථානයක සොදුරු කාලයක් ගතනොකර ගෙදර යාවිද?? දීපල්ලකෝ උත්තර???

තාම මේක තියෙන්නේ සාකච්චා මට්ටමේ උනත්, මමනම් කියන්නේ මේ වගේ දේවල් ලංකාව ඇතුලේ සාකච්චා මට්ටමට වත් ගේන්න ඕනේ නැති දේවල් කියල. සෝම හිමියන්ගේ අපවත්වීමත් සමග නැගුන ජන රැල්ලෙන් ඇවිල්ල දැන් මහින්දගේ අමුඩේ ලෙව කන අර බලු උරුමේ ඉන්න කුපාඩි ටිකට වත් මේවා පෙන්නේ නැද්ද? කොහේ පේන්නද, ඔය කැසිනෝ කාරයෝ සල්ලි මිටි ඔය පාහරයින්ගේ ඔලුව ගාවට එනකල් ගොඩගහල. ඉතින් ඉස්සරහ පෙන්නේ නෑ. පෙන්නේ සල්ලි විතරයි. (පොඩ්ඩක් සැරට කතා කරාට සමාවෙන්න ඕනේ. මීට වඩා ශිෂ්ට වචනෙන් මට මේක කියන්න තේරෙන්නේ නෑ) 

මම උපන්ගෙයි UNP කාරය. මේ එන චන්දෙටත් මම කතිරේ ගහන්නේ අලියට. නමුත් මම මහින්දට ගරු කරනවා. මොකද එයා රටට ලොකු දෙයක් කරා. අපේ පිළලයක් වෙලා තිබුන යුද්දය මහින්ද ඇරෙන්න වෙන කවුරු හිටියත් ඉවර වෙන්නේ නෑ කියල මම බය නැතුව කියනවා. ගරු කල යුත්තට ගරු කලයුතුයි. නමුත් තමාගේ නිලය ලබා ගන්න වැඩියෙන් උදවූ උනේ ලංකාවේ පන්සල කිව්වොත් රෙද්ද ගලවල උගස්‌ තියල හරි දානයක් මානයක් කරන අහිංසක අපේ අම්මලාගේ තාත්තලාගේ, සියලගේ ආච්චිලගේ චන්දය මිසක් කැසිනෝ කාරයන්ගේ සල්ලි නෙමේ කියල මහින්ද ජනාධිපති තුමා උනත් දැනගන්න ඕනේ. එහෙම පත්වෙලා මේවගේ දේවල් වෙනකල් බලන ඉන්න උන් ගැන මට කියවෙන්නේ සුද්ද සිංහලේ හොදම ඒවා. (කැසිනෝ කාරයන්ගේ සල්ලි වලින් අර අහිංසකයන්ගේ චන්දය සුක්ෂමව ගත්ත කියන එක වෙනම කතාවක්. නමුත් මම ඒ වැඩේට විරුද්ධ නෑ. ඕනෑම කෙනෙකුට එක කරන්න පුළුවන්. UNP එකට ඔය ඕනතරං සල්ලි තියෙන්නේ. කෝ ප්‍රතිපල??? මහින්ද අනිත් අයට වඩා ඒ වැඩේට දක්ෂයි. ඒක අගය කලයුතුයි.)

සල්ලි ඕනේ තමයි. නමුත් බල්ලෝ මරල හරි සල්ලි හම්බ කරන තත්වෙට වැටෙන්නේ ඇයි අපේ නායකයෝ??  අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ තමයි, නමුත් අපේකම අපේ දේ රැකගෙන තමාගේම අනන්‍යතාවක් ඇතුව ඉස්සරහට ගියොත් තමා අපිට පැවැත්මක් තියෙන්නේ. නැත්නම් වෙන්නේ ඔය දැන් පදුරකට ගලක් ගැහුවොත් 10ක් විතර විසි වෙන ස්ටාර්ලට වෙන දේමයි. තරගේ ඉන්නකල් කාව හරි කොපි කරලා ඉන්නවා. ඉවර උනාම බල්ලෙක්වත් ගණන ගන්නේ නෑ. මොකද අනන්‍යතාවක් නෑ.

පාට පක්ෂ වැඩක් නෑ. අපි එකා වගේ ඉදගෙන මේ වගේ අසමජ්ජාති වැඩ වලට එරෙහි වෙන්න ඕනේ.. එහෙම නැත්නම් අපේ පුතා, දුව අවුරුදු 10-15 වෙනකොට ලිංගික අධයාපනය දෙන තැනකට යවන්න හිත හදාගන්න ඕනේ. මොකද නැත්නම් මුන් නිරුවත් වෙරළේ සිද්ධවෙන දේවල් අත්හදා බලන්න ගියොත්... මටනම් හිතෙන්නේ දැනටත් පරක්කු වැඩි. මොකද බලය කියන දේ ඕනවට වඩා වැඩි උනාම ඕනෙම හොද මිනිහෙක්ට තන්හා යකා වැහෙන එක නවත්තන්න බෑ.

මට තේරෙන විදියටනම් මේ අරන් තියෙන්නෙ පළමු පියවර විතරයි. තවත් හොද හොද සෙල්ලම් ඉස්සරහට තියේවි. දැන් අපිට කරන්න තියෙන්නේ වෙන්නේ මොකද්ද කියල බලන ඉන්න එක විතරද කියල තීරණය ඔයාලගේ අතේ....

ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේක දේශපාලන පොස්ටුවක් නෙමේ. කොමෙන්ටුවල නිකන් පාට පක්ෂ අල්ලන් ගහ මරාගන්න ඕනේ නෑ. කොමෙන්ටුවක් විදියට මට වැදගත් වෙන්නේ මගේ ප්‍රධාන කතාව ගැන ඔයාලගේ අදහස් දැනගන්නයි.

Thursday, June 2, 2011

අනුන්ගේ පොස්ට් තමන්ගේ කියල පොස්ට් කරලා නම දිනාගන්න අසහනය - අනං මනං

අනේ මන්ද ඇයි මෙහෙම වෙන්නේ කියල. අසහන කාරයෝ ගැන මුලින් ලියන කොට මේක මම දුර දිග ගෙනියන්න හිතුවේ නෑ. ඒත් මට මේක නම් නොලියම බෑ.

මේ සමාජයේ නොයෙකුත් ආකාරයේ අසහන කාරයෝ ඉන්නවා. මෝඩ කමට හරි නුගත් කමට හරි ඔය වගේ වැඩක් කරොත් අපිට පිටිපස්සෙන් හිනාවෙලා නිකං ඉන්න පුළුවන්.

හැබැයි මම අද කියන්න යන්නේ එහෙම වැඩක් නෙමේ. හොදට සිහි බුද්දිය තියන අපි අතරේම ඉන්න "කොම්පියුටර් ඩයල්" කියල හිතන් ඉන්න අය කරන අසහනකාර වැඩක් තම අද කියන්නේ.

මේ අසහනය තමා අනුන්ගේ දේවල්, කොටින්ම අනුන්ගේ පොස්ට් තමන්ගේ කියල පොස්ට් කරලා නම දිනාගන්න අසහනය.



උබල ඔක්කොම දන්නවා මගේ ITN පබළු කතාව හරිම දුර්ලබ පට්ට සිද්දියක් කියල. ඒකට මට ගොඩක් හොද කොමෙන්ට් ලැබුන. හිට්ස් තුත් පට්ට. ඔය හිට්ස් ආව සෝසස් බලනකොට මට 


මෙන්න මේ පොස්ට් එක ලැබුනේ. මගේ පොස්ට් එක එහෙම පිටින්ම කොපි-පේස්ට් කරලා උගේ එකක් වගේ දාල. කොටින්ම කිව්වොත් නමවත් වෙනස් කරලා නෑ. නමුත් මම පොස්ට් එක පටන් ගන්න කලින් පොඩි විස්තරයක් දාල තියනවනේ බ්ලොග් එක ගැන. වැඩේ කියන්නේ ඒ කෑල්ල කොපි වෙලා නෑ. මොකද එක දැම්මොත් මේක උගේ එකක් නෙමේ කියල මාට්ටු වෙනවනේ. 

එල  කිරි කියන්නේ මම ගොඩක් ගරු කරන පට්ට සිරා කොල්ලෝ ගොඩක් ඉන්න සිරා සයිට් එකක්. එකෙ ඉන්න මේ වගේ උන් නිසා සයිට් එකත් චා වෙනවා.

අපරාදේ කියන්න බෑ පොස්ට් එකේ යටම දකුණු පැත්තේ කොනේ පොස්ට් එකේ අකුරුවලින් බාගයක් සයිස් එකට "උපුටා ගැනීම:" කියල මගේ බ්ලොග් එක දාල ජාමේ බේරගන්න. (උපුටා ගැනීමක් නම් අනිත් ඔක්කොම තිබිල මගේ බොල්ග් ඒක ගැන තිබුන කෑල්ල විතරක් මිස් උනේ කොහොමද දන්නේ නෑ) හැබැයි ඒක පේන්නේ හොදටම බලපු අයට විතරයි. හරියට බලපු අය 14 දෙනෙක් ඔය ලින්ක් ඒක හරහා මගේ පොස්ට් එකට ඇවිල්ල තියනවා. නැත්නම් මට ඕක අහුවෙන්නේ නෑ.



පොස්ට් එකට කට්ටිය කොමෙන්ට් දාල තියෙන්නෙත් ඌට උන සිද්දියක් විදියට හිතාගෙන. වැඩේ කියන්නේ ඌ ඒ එකක් පොස්ට් එකක්වත් නිවැරදි නොකරන්න පරිස්සම් වෙලා තියෙනවා. හැබයි එක කොල්ලෙක් ඔරිගිනල් සෝස් ඒක දාන්න කිව්වම නම් වීරයා වගේ තමන් ඒක දාල තියනවා කියල ලොකු අකුරින් කොමෙන්ට් කරලා අර කොල්ලට බොරු චෝදනවකුත් කරලා....

මට නම් අව්ලක් නෑ, ඌ මගේ පොස්ට් එකෙන් පොර උනාට. මට ඇත්තට සතුටුයි. මොකද මගේ පොස්ට් ඒක ඇත්තටම හොදයි කියල මට තේරෙනවා, වෙන එකෙක් ඒක කොපි කිරීමෙන්.

මම  නම් කියන්නේ වෙන කෙනෙක්ගේ හොද පොස්ට් එකක් දැක්කොත් ඒක තමන්ගේ සයිට් වල දැම්මට කමක් නෑ. නමුත් පැහැදිලිව, හොදට පේන්න ඔරිජිනල් ලියපු කෙනාව සහ, ඒ ලින්ක් ඒක දාන්න ඕනේ. ඒක මම ඕන තරම් රංග අයිය, මාරයා වගේ අයගේ බ්ලොග් වල දැකල තියනව. ඒක තම නියම මහත්මා ගතිය.

මට අන්තිමට කියන්න තියෙන්නේ.... අනේ මෙහෙමත් අසහන කාරයෝ කියල තමා.......

මේ ගැන පොඩි කොමෙන්ට් එකක් පහලින් දාන්න අමතක කරන්න එපා.

Monday, May 30, 2011

අසහන කාරයෝ (2).. - අනං මනං


අසහන කාරයෝ ගැන ලියන නිසාද කොහෙද (ඔරිජිනල් අසහන කාරයෝ ගැන දැනගන්න කලින් පොස්ට් එක කියෙව්වේ නැත්නම්  කියවන්න) මට වෙන්නෙම ඒ වගේ දේවල් මේ දවස් වල. මේක ලොකු කතාවක් නෙමේ, පොඩි කතාවක්. ඇත්තටම උනේ අද උදේ. 


මම ඔෆිස් එකේ ඉන්නකොට මට සෙට් උනා යාලුවෙක් අද උදේ. මගේ හෙනම බොක්කක්. ඌ ඇහුම මගෙන් 
"මොනවද මචං ගිය වීක් එන්ඩ් එකේ කරේ?"

මම: වෙන මොනවද මචං පට්ට කම්මැලි ගෙදරින් එලියට යන්න. සෙනසුරාදා පොඩි වැඩක් සෙට් උනා. එක කරා. ඉරිදා දවසම ගෙදර. මේ බ්ලොග් වැඩේ පට්ට මචං. මට හෙන කට්ටියක් සෙට් උනා. මුනු පොතේ ක්ලෝස් ගෘප් එකක් එහෙමත් සෙට් උනා. පට්ට ආතල් මචං වැඩේ.."

යාළුවා: (ගත් කටටම)  

"ඔකේ මුකුත් කරගන්න පුළුවන් කෑලි එහෙම නැද්ද??"

මට අයියෝ සල්ලි කියල හිතුන.

මෙහෙමත් අසහන කාරයෝ.....(ඇත්තටම අසහනය නෙමේ.  ඕක තමා දැනට ලංකාවේ උබල මම ඇතුළු තරුණ පරපුරේ ඔලුව හැදිලා තියන විදිය. මම උනත් උගේ තැන හිටියනම් ඔය ප්‍රශ්නෙම අහන්න "ඉඩ තිබුන".) අනේ මන්ද ලංකාවට ගිය කලක්.....

මගේ ඔෆිස් එකේ ගොඩක් අය මේක කියවන නිසා නම් ගම් දාන්නේ නෑ.

පොඩි කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ....

Sunday, May 29, 2011

අසහන කාරයෝ.. - අනං මනං

මම මේ කියන්න යන්නේ වෙනද වගේ පාරන කතාවක් නෙමේ. අලුත්ම අලුත් හොට් හොට් කතාවක්. ඇත්තටම දැන් ඒ කතාව මටත් රසවත් කියල හිතුනට දවස තුනකට කලින් මේක මට උන වෙලේ ඉදන් පෙරේද දවල් වෙනකල් මගේ මේ කෙට්ටු සරිරේ ලේ පයින්ට් 3 ක් විතර පිච්චුනා. 

මෙන්න මේකයි කතාව.



පහුගිය දවසක හරියටම කිව්වොත් 25 වෙනිදා රෑ 8.30 ට තමා හරියටම මේ වැඩේ පටන් ගත්තේ. මුම්බායි ඉන්දියා සහ කල්කටා කණ්ඩායම් දෙක හුරේ කියල IPL එකේ ගහගන්නවා. මමත් ඉතින් දෙය්යනේ කියල පුටුවකට ඇලට් එකක් එහෙම දාගෙන මැච් එක බලනවා. 

ඔන්න මගේ පෝන් එක රිං වෙනවා.

අනිත් කෙනා : හලෝ
මම : හලෝ
අනිත්  කෙනා : (පොඩ්ඩක් අව්ලෙන් වගේ) මේ.. මේ.. රොෂාන් ඉන්නවද?
මම : සොරි. වැරදි නම්බරයක්.
කෝල් එක ඉවරයි.

මෙන්න බොලේ තප්පරයක් යන්න උනේ නෑ ආයෙත් රිං වෙනවා.
කලින් දෙබස වගේම දෙබසක් හැබැයි වෙන කෙනෙක්ව හොයන්නේ වෙන නම්බරයකින්.

ඔය විදියට විනාඩි30 ක විතර ඇතුලත මට කෝල් 100 ක් 200 ක් විතර ආව. මට ආන්ස්වර් කරන්නත් බෑ. එක කෝල් එකක ඉන්නකොට වෙටින් තව කෝල් 10 ක් විතර.

මගේ සිගිති මොලේට වැටහුනා කවුරු නමුත් මාව දෙය්යනේ කියල බයිට් කරනවා. එත් වැඩේ කියන්නේ එක නොම්බරයක්වත් දෙපාරක් එන්නේ නෑ. කොල්ලෙක් කොච්චර කරත් ඔච්චර කොරන්න බෑ කියල මම දන්නවා. මොකද මමත් ඔයවගේ බයිට් අනන්තවත් දීල තියනවා.

හැම කෝල් එකක්ම එන්නේ කොල්ලොන්ගෙන් සහ ඔක්කොම මම ගත්තම එක්කෝ කට් කරනවා නැත්නම් වෙන කෙනෙක් අහනවා. මම දැනගත්ත අනිවා වෙබ් සයිට් එකක ගොනෙක්(පුරගනක්) කියල මගේ නොම්බරේ දාල කියල. මට ඉතින් සුපිරි මල. මම නෙට් එකෙත් හෙව්වා හම්බුනේ නෑ. කොහොම හරි 10.00 වෙනකොට මට කෝල් 300 ක් විතර ඇවිල්ල. මමත් කරේ මොකද්ද, දෙන්නම් වැඩක් කියල ඔටෝ ආන්ස්වර් වෙන ඇප්ලිකේෂන් එකක් පෝන් එකට දාගත්ත. දැන් එන එන ඔක්කොම කෝල් අන්ස්වර් වෙනවා. ලෝකේ වටෙන්ම එන කෝල්.

කොහොම  හරි එදා රෑ මම පුපුරා පුපුර නිදාගත්තා පෝන් එක ඔෆ් කරලා. අනිත් දවසේ උදේ පෝන් එක ඔන් කර විතරයි ඇලට් එනවා හුරේ කියල. අර ඉස්කෝලේ ලියන්න දෙන රචනා වගේ ඇලට්. එතනත් කෝල් 50-60 ක් තිබුන. උදේ පාන්දර මගේ හැගීම වචනෙන් කියන්න ඕනේ නෑනේ. (ඔන්න මේක ලියන කොට  දැනුත් කෝල් එකක් ආව. එක +82... ඒ කියන්නේ පිට රට නොම්බරයක්.. අය්යෝ..)

කොහොම හරි මම ඔය මලෙන්ම ලේස්ති වෙලා වැඩද එන්න පිටත් උනා. අයිය ගිය සතියේ නිවාඩු නිසා මම බස් එකේ තමා. ඔහොම යනකොට මට ආව කෝල් එකක්. එකත් රට නොම්බරයක්.

මම: හලෝ
අනිත් කෙනා: හලෝ ....
මම: කියන්න...
අනිත්: ඔයා කවුද??
මම: (මල කටුව රතු වේගෙන එනවා) දැන් මමද ඔයාට කෝල් කරේ?? ඔයානේ මට කෝල් කරේ?? ඉතින් මමද දැන් කවුද කියල කියන්න ඕනේ??
අනිත්: මගේ පෝන් එකේ ඔයාගේ නොම්මරේ තිබුන. එකයි ගත්තේ.
මම: (රතු කටුව පැන්න) නිකන් මෝඩ කතා කියන්න එපා. ඔය රට කෙනෙක්. මම ලංකාවේ. ඉතින් මගේ නොම්බරේ ඔයාගේ පෝන් එකට යන්න විදියක් නෑනේ.
අනිත්: අනේ සොරි.
මම:(ටිකක් හොද බුවෙක් වගේ. තරහ නිවුන. මොලේ පෑදුනා) මචං මට ඔයා එක්ක කිසිම තරහක් නෑ. මම දන්නවා මේ නොම්බරේ ඔයා ගත්තේ නෙට් ඒකෙන කියල. මගේ නොම්බරේ නෙට් එකට දාල මොකෙද්ද නොසන්ඩාලයෙක්. මට හෝ ගාල කෝල් එනවා. කරුණා කරලා කියපන් බං නොම්බරේ ගත්ත විදිය.
අනිත්: අප්පා.. මල කෙලියයි. සමාවෙන්න ඕනේ මචං. මම නොම්බරේ ගත්තේ නම් නෙට් ඒකෙන තමා. ITN එකේ කතාවක් යනවා මචං "පබළු" කියල. ඔන්න ඔකේ ඊයේ කතාවේ කෙල්ල කොල්ලට දෙනවා CV එකක්. ඒකෙ කෙල්ලගේ පෝන් නම්බරේ විදියට තියෙන්නේ ඔය නම්බරේ. මම මේ කෝල් කරලා මොනවා හරි කරගන්න පුලුවන්ද බලන්නයි ගත්තේ. (මට හිනා)

කොහොම හරි ඒ කොල්ල මම එක්ක විනාඩි 10 ක් විතර කතා කරා. ඌ ඉන්නේ නෙදර්ලන්ඩ් වලලු. මේ නොම්බරේ තියන සයිට් එහෙම ඔක්කොම ඌ කිව්වා. කෝල් එක ඉවර වෙනකොට මම ඔෆිස් එක ගාවටත් ඇවිත්. මටත් දැන් හරි ආතල්. ඇයි බං කතාව යන්නේ ITN එකේලු. මම ඉතින් කොහොමත් රාජ අලියනේ (ඒක හැමෝම දන්නා රහසක්නේ). ඉතින් ITN එකට හුරේ කියල බනින්න සෙට් වෙනවනේ. මම මුලින්ම ඔෆිස් ගිහින් බැලුව ඔය කතාව ඇත්තද කියල. 

එලම කිරි කතාව ඇත්ත. මගේ නොම්බරේ පට්ටටම තියනවා. මම ගත්ත ITN ඒකෙ හොට් ලයින් එකට කෝල් එකක්. කතාව කියල කෝල් එක ගත්ත කෙල්ලට ලුණු අබුල් ඇතුව බැන්න. එකී දුන්න තව එකෙක්ට, උටත් බැන්න. ඌ උගේ ලොක්කට දැම්ම, ඌටත් බැන්න. පස්සේ දැම්ම ITN ඒකෙ ඩිරෙක්ටර කෙනෙක්ට. අවරුදු ගානක තිබුන තරහ සහ කලින් දවසේ මල බහිනකල් මම උටත් බැන්න. කුණුහරප නෑ. ශිෂ්ට වචනෙන් පොයින්ට් එකට බැන්නේ. 

"මහා ලොකු රජයේ නාලිකාව"
"දැම්මොත් බොරුවක්"
"අහිංසක මෝඩ මිනිස්සුන්ව රවට්ටනවා"
වගේ කතා ගොඩක් ඔය අතරේ කිය උනා. හිකිස්‌...

උට මට රිටන් බනින්නත් බෑ වැරැද්ද උන්ගේ. කොහොමත් මම උට කතා කරන්න වෙලාවක් දුන්නේ නෑ. කොහොම හරි මම ඉවර උනාම උ මගෙන් සමාව ඉල්ලලා පබළු නාට්ටියේ කෙනෙක්ව කොන්ටක්‌ කරන්නම් කිව්වා. මම කිව්වා මට වැඩක් නෑ කවුරු කරත් මගේ නොම්බරේ අයින් වෙන්න ඕනේ කියල.

එතනින් ඌ හා කියල. පෝන් එක තිබ්බ.
විනාඩි 5-10 කින් මහේෂ් කියල පබළු ඒකෙ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර කෙනෙක් කතාකරල විස්තරේ ඇහුව. මම ඌටත් බැන්න.

කෙහොමෙන් කොහොමෙන් හරි මම වැඩේ එතනින් ඇත ඇරලා දැම්ම. නිකන් මහා ලොකු කෙස් එකක්කරගන්න මට ඕන උනේ නෑ. මගේ හිතට හරියන්න බැනගත්ත එක ඇති මට ඕනෑවටත් වඩා. හිකි හිකි.

තාම නොම්බරේ තියනවා ඒකෙ. අයින් කරලා නෑ. තාම කොලුත් එනවා ටික ටික. අද දවසට 5 ක් විතර ආවේ. මේ වෙනකොට ඔක්කොම කෝල් 400 කට වඩා මට ආව මේ දවස දෙක තුනට.

දැන් කතාව ඉවරයි. රසවත් කතාවක් කියල හිතුනට ඇත්තටම අපි අඩන්නයි ඕනේ. ඔය නොම්බරේ පෙන්නපු තප්පර 2-5 අතර නොම්බරේ ලියාගෙන කෝල් කරන්න තරම් "අසහන කාර" සිංහලයෝ පිරිසක් මේ ලංකාවෙත් මුළු ලෝකේ පුරාමත් ඉන්නවා. අනිත් එක නාට්ටියේ පෙන්නන නොම්බරේ ඇත්තටම ඒ කෙල්ලගේ කියල හිතන්න තරම්ම මේ සිංහලයෝ මෝඩයෝද කියල මට හිතාගන්නවත් බෑ.. කතාව මතක් වනකොට හිනා ගියාට අපි මේ හිනාවෙන්නේ අපිටම නේද කියල මතක් වෙනකොට ඇඩේනවා නේද??

මේක ඔයාලට හිතෙන විදිය කියල කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..