Showing posts with label බෝතලයක් වටා රස කතා. Show all posts
Showing posts with label බෝතලයක් වටා රස කතා. Show all posts

Thursday, October 13, 2011

ADK කොලුවාගේ යාල සවාරිය.. - 2


සෑහෙන්න කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. මේකේ දැන් මකුළුදැල් විතරක් නෙමේ අලි කොටි වලස්සුත් ඉන්න කැලයක් වැවිලා.. හිකි හිකි 

ඔන්න එහෙනම් යාල සවාරියේ දෙවෙනි කොටස ලියන්නයි යන්නේ.. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්න. මොකද ඉන්න සෙට් එක දන්නේ නැතුව ඉස්සරහට යන එකේ හිලක් තියෙන්නේ පුළුවන්.

වැඩි කතා ඕනේ නෑ,,



කොහොමෙන් කොහොමෙන් හරි කට්ටිය කලින් කතා උනේ හෂුලගේ ගෙදර ගාවින් (බස් කාරය ඉන්නේ එතන) ගමන 5.30 වෙන කොට පටන් ගන්න. කතා උනා වගේ මම කොලුවා සහ අයියන්ඩි 5.30 වෙනකොට එතනට ආව. (මම වෙලාවට වැඩක් කරාමද කොහෙද.) පැලවත්තේ හන්දියට ඇවිත් දුන්න හෂුලයට කෝල් එකක්.
"මචන් මම දැන් මේ එන්න එලියට බහින්න හදන්නේ.." එලම කිරි අනිවා මූ තාම මුණ හොදලවත් නෑ. හිටපන්කෝ ඉතින්. ඔන්න විනාඩි 10ක් විතර ගියා. ආයෙත් දුන්න කෝල් එකක්.
"මේ අම්ම පරිප්පු එකක් හැදුව බන් ඒක දුම් දාද්දි පියන වැහුවොත් ඉක්මනට නරක වෙයිලු. හිටපන් ටක් ගාල එන්නම්. මේ නදුනය දැන් ඒවි ඌවත් තියාගනින්. බස් එක ආවනේ??"
බස් එකනම් තියනවා, එත් මූත් නෑ, නදුනයත් නෑ, වෙලාව 5.50 යාන්තන් හෂුලය එනවා කිරි කිරියට.. එල, එත් කෝ නදුනය.
"ඌ තාම මගලු. මට දැන් කෝල් එකක් දුන්න. උගෙත් අම්ම මස් එකක් හදල දීල එක ටිකක් පරක්කු වෙලා.."
කොහොමද කොල්ලොන්ගේ ලස්සන බොරු සෙට් එක...විනාඩි 5 කින් විතර මෙන්න නදුනය එනවා බයික් එකක් පියාණන් එක්ක රුන් ගාල. මු අතින් කටින් උස්සගෙන. ඇදුම් බෑග් එකයි, මස් එකයි , බොන්ගෝ එකකුයි. ආව හැටියේ ගමන පටන් ගත්ත. එල කිරි මම හිතුවේ නෑ ලොවෙත් 6.30 න මෙහා පටන් ගන්න පුළුවන් වෙයි කියල. දැන් හුරේ කියල යනවා. පැටියයි , පුට්ටුවයි ඉන්නවලු මහරගම. දෙයියනේ කියන්නේ මුන් දෙන්න  වෙලාවට එතන. බැලින්නම් පැටියට  ට්රිප් එකේ  කික් එකට රෑ නින්ද ගිහින් නෑ. ඊකයි වෙලාවට ඇවිල්ල තියෙන්නේ.

දැන් තියෙන්නේ කොට්ටාවෙන් අනිත් සෙට් එක ගන්න. කට්ටියම චුවාගේ  ගෙදර සෙට් වෙලාලු. කෙලින්ම ගියා චුවාගේ ගෙදර. බස් එකේ  ඉදන් කොල්ලෝ කෑගහනවා "චුවො වරෙන් වරෙන් යමු &^%*^&%*&@ ගෙවල් පැත්තේ මිනිස්සුන්ට කනට නිකන් මුතු වැටෙනවා වගේ  ඇති. උදේ පාන්දර කට්ටිය කුණු හබ්බ පලනවා. චුව ටක් ගාල ලොකු වතුර බුලි දෙකකුත් අරන් ආව. මුගේ ගෙදරට කොටා , ශගිය සහ නදිය සෙට් වෙලා. පිස්සු හැදෙනවා කෑම හොයාගත්ත කාලේ වගේ. දවස් 3 ටම හරියන්න එක එක ජාති. මස් , මාලු, සොසේජස් , බිස්කට් , පරිප්පු , සන්විච් එකී නිකී හුගක් දේවල්. ඔය අතරේ චුව කලින් පොරොන්දු උන ස්වීට් එහෙමත් ගෙනල්ල තිබුන. කොහොම හරි සෙට් එක දාගෙන දැන් යනවා අපේ නළුවව ගන්න. නළුවා කලින් දවසේ දුර මළගෙදරක ගිහින් කොලබ ඇවිල්ල තියෙන්නේ උදේ 4.00 ට ගෙදර ඇවිත් නාල ඇදුමක් දාගෙන 6.00 ඉදන් පාරෙලු. දැන් වෙලාව 6.40 විතර. අනේ සාදු.. ඊ ලගට හෝමාගමින් මෝලව ගන්න තියෙන්නේ. අම්මට සිරි කිව්වලු. මෝල ඩෙනිමක් ගහල මදිවට කොන්ඩෙත් ජෙල් කරලා. නිකන් මනමාලියක් බලන්න යනවා වගේ. ඔන්න ඔතනින් අපේ බයිට් කිරිල්ල ඇරබුනා.

මෝල හුරේ කියල කුණු  හරුප හොයාගත්ත කාලේ වගේ අම්මගේ ඉදන් මුනුපරාල  දක්වා මතක් කරනවා සෙට් එකේ. දැන් ඉන්නේ දිලුමව ගන්න. දමියට පින්සිද්ද වෙන්න ගොඩගමට යනකල් දිළුම දන්නේ නෑ. හෝමාගමදී කෝල් එකක් දෙන්නම් කියල කොටා කිව්වලු.

දිළුම කොටාගේ දෙමාපියන් උදේ පාන්දර ආදරයෙන් මතක් කරමින් පයින් ගාටන කොට අපි මගින් ගත්ත. ඊ  ලගට ඉන්නේ අපේ මෑන් ඔෆ් ඩ සීරිස්ව ගන්න තියෙන්නේ. ඒ කියනේ කච්ච. මූ ඉන්නේ ඩොටට පොඩ්ඩක් එහා. හුරේ කියල කොලබ ඉදන් පැය 3 ක විතර දුර. ට්‍රිප් එකක් යනවනම් කියාපු පැත්ත. ලොල්ය.

මු ගෙදරට කියල තියෙන්නේ අපේ ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් එකක් යනවා කියල. (මාස කීපයකට කලින් මු අපේ ගෙදර අයත් එක්ක ට්‍රිපක් ගියා. මේ සැරෙත් අපේ ගෙදර තමා විකුණලා තියෙන්නේ.) බස් එක නවත්තල අපේ කට්ටිය වැඩිය කෑගැහුවේ නම් නෑ.. 


කච්ච දුවල එනවා රයිස් කුකර් එකකුත් උස්සගෙන. මුගේ ගෙදර බත් ගේන්න ලොකු බාජනයක් නෑ කියල රයිස් කුකර් එක පිටින්ම උස්සගෙන ඇවිල්ල. ඔය අතරේ මුගේ තාත්ත ඇවිල්ල බස් එකේ අපේ පවුලේ කට්ටිය හොයනවා. කොහොම හරි ඒක ශේප් කරගෙන යන්න පටන් ගත්ත.

දැන් නග්ගගන්න උන් නග්ගගෙන ඉවරයි (කුප්ප කතා හිතන්න එපා. නග්ගගන්න උන් කිව්වේ , බස් එකට. චිකෙයිය සමනල්ලු..) දැන් බස් එකේ කට්ටිය හුරේ කියල යනවා. ඔය අතරේ එක එක රස කතා යනවා බස් එකේ. කච්ච යාලට යන පාර ඇතුලත් ගුගල් මැප්ස් ප්‍රින්ට් අවුට් ටිකක් ගහගෙන ඇවිත්. වැඩේ හොදයි උනාට බයිට් කොරන්න කියාපු වැඩේ. 
ඔය අතරේ හයි වේ එක ඇරියට පස්සේ කට්ටියම ගාල්ලට යමු කිව්වම , අපේ අයියන්ඩි "වාහන වලින් හොදේ.." කිව්වේ නිකන් අපි හයි වේ එක අයිනෙන් පයින් යන්න කතා උනා වගේ. 
කච්ච පුරුදු ඉස්සරහ සිට එකේ වාඩි උන ගමන් ඩ්‍රයිවර් අයියගේ ඕනා එපාකම් පිරිමහ ගන්න කච්චව දෙන්න තරම් අපේ අය නිහතමානි උනා. ලොල්ය.. මගදී තේ කඩේකින් නවත්තපු වෙලාවේ රුපියල් 10 ප්ලන්ටියකින් අපේ නළුවා අලුතින්ම ගත්ත 1500 කලිසම හොදගත්ත. (ඔය නළුවට උන මුල්ම අකරතැබ්බය.. තව ගොඩක් තියනවා ඉස්සරහට )

කොහොමෙන් කොහොමෙන් හරි රත්නපුරට ආව. රත්නපුරේ කාගිල්ස් එකේ නැවැත්තුව බඩු ගන්න. බඩු කිව්වේ කන "බොන " ජාති. ඔය වෙලාවේ තමා අපේ හෂුලය ෆෝම් උනේ. මු නිකන් කාගිල්ස් හොයාගත්ත කාලේ වගේ. 

දකින දකින දේ දාගන්නවා. මම කොලුවා ඉතින් ඕව දන්නේ නෑනේ. දන්නා දේ වෙන "බොන " ජාති අඩුවක් නැතුව ගත්ත. (පස්සේ බඩු මදි උනා එක වෙනම කතාවක්. කවද්ද ඉතින් අපිට බොන එව්වා ඇති උනේ.. හිකි හිකි ) ඔය අතරේ ශගිය එල්ලලා තියන මිදී තියෙන්නේ ටෙස්ට් කරන්න කියා කියා හුරේ කියල මිදී කනවා.

කාගිල්ස් එකේ උන දේවල් තව ගොඩක් තියනවා. ඒ කතා අපේ ජොන්ටන්ගෙන්ම ආවනම් වඩා හොදයි කියල හිතන නිසා මම නවතිනවා. පල්ලෙහායින් ඔය කතා ටික අපේ කොල්ලෝ ටික දිග ඇරියනම් එකින් එක.

දැන් පොස්ට් එක ගොඩක් දිගයි. තාම ගමන පටන් ගත්තෙත් නෑ... යකෝ මේකට පොතක් ලියන්න පුළුවන් වෙන කෙස් එකක් තියෙන්නේ. දැන් ඇති අදට මම කැපුන.. ඊ  ලග කොටසින් අයෙත් හම්බ වෙමු...

Friday, August 19, 2011

අම්මට හු***** (15+)

අම්මට හු***** (15+)




මේ දවස් වල වැඩිය ලියන්නේ නැති එක ගැන තරහ වෙන්න එපා. වැඩිය නොලියන්න හේතුව මෙතනින් ගිහින් බලන්න. ගොඩක් අය බුකියේ, ඊයවල් වගේම කෝල් කරලා හිට මොකද්ද බන් මොනවා හරි ලියපන්කො කියල කිව්වා. ඔයාල කියන දේ අහක දාන්න බැරි නිසා ඔන්න ලියනවා.

මම කොලුවා පහුගිය සති අන්තයේ යාල කැලේ සවාරියක් ගියා. (රනිල්ගේ තොප්පිගල කැලේ වගේ නෙමේ යාල) ගියේ මගේ ඉස්කෝලේ ගජයෝ සෙට් එකත් එක්ක. මේ දවස් වල එකේ විස්තර කතාවක් විදියට ලියනවා. තාම ඒක ඉවර නෑ. ඒ මගුල පට්ට විදියට දික් වෙනවා. (වැඩිය මඩ එහෙම නෑ එකේ. හිකි හිකි ) ඒක එනකල් මේ කතාව දාන්න හිතුව.

ඔයාල හැමෝම දන්නවා මම මගේ බ්ලොග් එකේ කුණුහරප දාන්නේ නෑ . නමුත් මේ කතා සෙට් එක දාන්න හිතුවේ පට්ටම ආතල් නිසා. මේ සෙට් එක ඇහුවෙත් ඔය යාල ගමනේදීම තමා. අහපු හැටියේම මම හිතා ගත්ත අනිවා දානවා කියල.

ටොපික් එක දැක්කම දන්නවනේ මොකක් ගැනද කියන්න යන්නේ කියල. ඇත්තටම මම කියන්න යන්නේ ඔය "අම්මට හු...." කියන වචනයේ නොයෙක් රසවත් යෙදීම් කීපයක්. කොල්ලෝ ඉන්න තැන්වල නිතරම යෙදෙන වචන දෙකක්නේ මේක..

පළමුවෙනි යෙදීම යාල ඇතුලේ හොදට බිල ඉන්න වෙලාවක අපේ සෙට් එකේ උසම කොටා සහ හැමවෙලේම ඌට කලින් කට දුවන දමිත් කිව්වේ,

ඔන්න එක ගමක ටිකක් විතර චන්ඩි කොල්ලෙක් හිටියලු. දවසක් මුගේ ගෙදරට වෙන සෙට් එකක් ඇවිත් මුට නෙලන්නං. මු ඉදල තියෙන්නේ කාමරේ. කොල්ලෝ සෙට් එක එළියේ ඉදන් කෑගහනවලු

"අඩෝ %##^&^ (සමනලය) එලියට වර ඩෝ"
වගේ කතා කිය කිය. ඕක මුලින්ම ඇහිලා තියෙන්නේ උගේ තාත්තට. තාත්ත එලියට ඇවිත් දැන් මේ කොල්ලෝ සෙට් එක ශේප් කරන්න බලනවා. ඔය අතරේ අර චන්යට මේක ඇහෙනවා, මු එනවා එලියට, ඇවිත් සෙට් එක දැකල තාත්තට මෙන්න මෙහෙම කිව්වලු,
"තාත්ත යන්න තාත්තේ ඇතුලට අම්මට හු*****, මම බලාගන්නම් මුන් සෙට් එක ගැන"

මේ දෙවෙනි යෙදීම, මේක කිව්වේ කවුද  මතක නෑ . කොටාමද  දන්නේ  නෑ. ඔන්න කොල්ලෙක්ගේ (ටිකක් පම්පෝරි  කාරයෙක්) තාත්ත මැරුනලු. දැන් මළගෙදර කටයුතු එහෙම ඉවර වෙලා සතියකින් විතර මුට මුගේ පරණ යාලුවෙක් සෙට් උනාලු. විස්තර කතා කරන අතරේ තාත්තගේ මරණේ ගැනත් කිව්වම, යාළුවා කිව්වලු "මොකද්ද බන් කෝල් එකක් දුන්න නම් එනවනේ . තියන වැඩක් පලක් කරලා දෙන්න හරි... උබනම් මාර මිනිහෙක් තමා..."

ඔන්න අරුගේ පම්පෝරි ගුණය මතු උනාලු . මු මෙහෙම  උත්තරයක් දුන්නලු යාලුවට.
"කොහේ කෝල් කරන්නද බන්, තාත්තගේ මරණේ ආරංචි උනා විතරයි ආවේ නැද්ද සෙනග අම්මට හු******, හරිම අමාරුවෙන් බන් කට්ටියව හැඩල් කරේ.."

දැන් තුන් වෙනි යෙදීම, මේක ඇහුනේ අපි සෆාරිය යන අතරේ . අපිට සෆාරියේදී දෙපාරක් අලි ගහන්න ගිහින් නොමැරී බේරුනා. ඔය එක අවස්තාවක තමයි මට මේ කතාව ඇහුනේ . දැන් අලියා පාර අයිනේ ඉදන් පිබ පිබ ඉන්නවා. අපේ සෆාරි කාරයත් අපිට ආතල් දෙන්න අලියව කුලප්පු කරනවා. පිබ පිබ හිටපු අලියා එක පාරටම ආවේ නැතා වාහනේ දිහාවට. ඕක දැක්ක අපේ ජෝන්ටෙක් මෙන්න මෙහෙම කියපි.
"අම්මට හු**** අලියා එනෝ...

ඔය වගේ කොල්ලෝ සෙට් එකක් ඉන්න තැන ඔය වචනේ හරි ලස්සනට යෙදෙන  අවස්ථා තියනවා. මේ කීපයක් තමා මම ලිව්වේ . මේ වගේ කතා අනන්තවත් තියනවා.

හපොයි... දැන් හොදටම ඇති... එහෙනම් අපි කපුනාවේ....

Friday, June 17, 2011

ADK කොලුවා ජිවිතයේ පළමු වතාවට වෙඩිමකදී කට් වූ වගයි...




සාදු සාදු කියල අදත් මම ස්වයං මඩ ගසාගැනීමේ තවත් පියවරක් ඉස්සරහට තියන්නයි මේ ලක ලෑස්ති වෙන්නේ.කියන්න යන කතාව මොකද්ද කියල ටොපික් එක කියවපු හැටියේම තේරෙනවනේ. ඉතින් වැඩි වැල වටාරම් නැතුව කෙලින්ම කතාවට බහින්නම්.
හා.. ඊට කලින් කියන්න ඕනේ අද මට හරි සතුටු දවසක්. මොකද කිව්වොත් අද මගේ බ්ලොග් එකේ හිට්ස් 10,000 පැනල. මම මේ බ්ලොග් එක පටන් අටන් අදට හරියටම දවස් 48යි. වැඩේ හොදටම නැගල යනවා.
හරි දැන් කතාවට කෙලින්ම. මේ කතාවත් උනේ ඉස්සර කාලේ නෙමේ ඇත්තටම කිව්වොත් ඊයේ. අපේ ඔෆිසි එකේ හැමෝගෙම බොක්කක් උන “මදුෂා” අක්ක ඊයේ යුග දිවියට පාතැබුවා. එයාට සාර්ථක යුග දිවියක් පතන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
මගුල තිබුනේ හික්කඩුවේ. ඉතින් හැමදාම වගේ ඔෆිස් ඒකෙන් යන කට්ටිය බස් එකක් කතා කරගෙන දැන් යන්න සුදානම. ඔය වගේ ගමනක් යනකොට කොටින්ම බස් එකක පැය දෙකක් විතර යනකොට නිකන් යන්න බෑනේ. ඔය වගේ දේවල් වලට මුලිකත්වය ගන්න ගොඩදෙනෙක් පහුගිය කාලේ අයින්වෙලා ගිය නිසා ඉතුරුවෙලා ඉන්නේ මම කොලුවා, සුදු වගේ කීප දෙනෙක් විතරයි. ඉතින් ඔන්න කොහොම හරි මම, සුදු, බිමල්, බුචා එක්ක සෙට් වෙලා පොඩියට මොනවා හරි කරන්න කල්පනාව. දැන් කුප්පයෝ උනාට දෙමව්පියන්ගෙන් හොද ගතිගුණ ටිකක් ඇවිල්ල තියන නිසා, කෙල්ලෝ ඉස්සරහ අරක්කු බිව්වොත් අව්ල් කියල කට්ටිය කතා උනා.(අපි හොදට කන බොන මිනිස්සු කියල හැමෝම දන්නවා. හැබැයි කෙල්ලෝ කෑවට බොන්නේ නෑනේ. අනික AC බස් එකේ අරක්කු බෝතලයක් කැඩුවොත් ගද ඉතින් අලුතෙන් කියන්න ඕනේ නෑනේ.)
කොහොම හරි ඔන්න ලග කාගිල්ස් එකට ගිහින් අපි ගත්ත ස්පෙෂල් බ්‍රෙවූ ලොකු කෑන් 10ක්. බොන්න ඉන්නේ 4යි උනාට මදි පාඩු වෙන්න බෑනේ. අප්පට සිරි මේක ලියනකොට මතක උනේ. බිල ගෙවන්න මගේ කාඩ් එක වැඩ කරේ නැතුව බුචාගෙන්1000ක් ඉල්ලගෙන බිල ගෙව්වේ. එක උට දෙන්නත් ඕනේ දැන්.
හරි දැන් බඩුත් හරි බස් එකට ආවම පිටිපස්සේ ඔක්කොම වාඩි වෙලා. මොනවා කරන්නද අපි ඉස්සරහම සිට් එකේ වාඩි උනා. බිමලයයි, සුදුයි ඉස්සරහම ඩ්‍රයිවරය ලග. මමයි බුචයි ඊට පිටිපස්සේ. බුචා එක්ක ඉදගෙන බොනවා කියන්නේ වහ කනවා වගේ වැඩක් තමා. මොකද ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොනවා.
දැන් ඉතින් මම ඉදල හිටලා බියර් එකක් බිව්වට (දැන් බොන්නේ වෙන ඒවා) ඉස්සර බියර් විතරක් බීපු කාලයකුත් තිබුන. ඔය කාලේ අපේ අයිය එක්ක මගුලකට ගිහින් අපි දෙන්න තනියෙන් බියර් බෝතක්‌ 15කට වග කියපු අතීතයක සාඩම්බර හිමි කාරයෙක් මම. එඒත් දැන්නම් එහෙම බොන්නත් බෑ, බොන්නෙත් නෑ. බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් කට්ටිය ලාවට චියස් පාරක දාල දැන් බොනවා. බස් එක ඉස්සරහට යනවා අපි පිටි පස්සට යනවා.ලොල්. කොහොම හරි බුච සහ මම දෙවෙනි බියර් එක ඉවර කරනතුරුත් ඉස්සරහ පේලියේ ජෝන්ටෝ දෙන්න පලවෙනි එක බොනවා. ස්පෙෂල් බ්‍රෙවූ ලොකු කෑන් එක ගහනවා කියන්නෙත් එසේ මෙසේ වැඩක් නෙමේ. පට්ට විදියට බඩ පිරෙනවා. දැන් මට නියම ගාන. ඒත් බුචාට මදි. අනිවාර්යෙන්ම එක වෙන්න ඕනේ. මොකද ඌ අනිවා මම වගේ දෙගුණයකට වඩා බොනවා. දැන් තව බියර් දෙකක් කඩන්න වෙලා නෑ. මිනිත්තු 15ක් විතරලු ගමන. ඉතින් කැඩුව තව එක බියර් එකක්. දැන් අරුයි මමයි ෆ්‍රෙන්ඩ්ෂිප් කියා කියා බොනවා. අපරාදේ කියන්න බෑ මේකට ඉස්සරහ සිට් එකත් එකතු උනා. දැන් හෝටලේට ආව. මටනම් සදමෝල්. කරපට් එකේ හොදම එක. මට තේරුණා මම තව වැඩි වෙලා කෙලින් ඉන්නේ නෑ කියල. ටක් ගාල ඇදන් ගියා ලග හිටිය එකාව මගුල් ජෝඩුව ලගට. ලග හිටියේ කවුද කියලනම් අහන්න එපා. මතක නෑ. ගිහින් මුණ පෙන්නලා, උම්මා දෙකක් දෙන්නට දීල, පොන්එක පෙන්නලා පින්තූර දෙක තුනකුත් අරන් කොලුවා ආව සැනෙකින් අපේ කොල්ලෝ සෙට් එක හිටිය තැනට. ඇවිත් මේසේ ඔලුව ගහගත්තා. මාත් එක්ක බොන උන් දන්නවා මම වැඩි උනොත් කරන්නේ ඔලුව ගහගෙන කාටවත් කරදරයක් නැතුව පැයක් දෙකක් නිදාගන්න එක. මට ඔය බෙහෙත පට ගාල අහනවා. පැයක්, දෙකක් නිදාගත්තා කියන්නේ කොල්ල ආයෙත් උගුරක්‌ වත් නොබිව්වා එකෙක් වගේ කෙලින්.
ඔහොම පැයක් විතර නින්දක් දැම්ම. මට පට්ටම අමාරුයි. රිකවර් වෙන පාටක් නෑ. පොඩි කබ්බ පාරක් එනවා මට. කබ්බ කිව්වම මට ටිකක් අමුතුයි. මට කබ්බ යන ක්‍රම දෙකක් තියනවා. හෂුලයාගේ ගෙදර දවසක් සෙට් වෙලා ගහල වැඩිවෙලා, එදා මුළු රෑම සහ පහුවෙනිදා ලෙෂර් වල්ඩ් ගිහින් එකේ පුල් එකෙත් කබ්බ ගිය ආකාරයට කබ්බ යාම එකක්(මේ කතාව වෙනමම එකක්. එකත් මම ලගදීම දාන්නම්) අනිත් එක තමා වැඩි උන උගුර දෙක යන කබ්බ පාර. මට තේරුණා වැඩි උන උගුර දැම්මනම් හරි කියල. නැගිටලා යන්න අමාරුයි. කකුල් දෙක පැත්තට කරලා, දැම්ම පොඩි කබ්බ පාරක්. පොඩි කියන්නේ ඇත්තටම පොඩි එකක්. කොක් බඩියකින් බාගයක් යන්න ඇති. මචන් දෙයියෝ දැක්ක වගේ. සුපිරියටම වැඩකරා. නැගිටලා ගියා වෙන සිට් එකකට. අමිලය(ජයතිලක) කතාකරා කට හොදන් එන්න යන්න. ගියා. කට හොද ගත්ත, මුණ හොදගත්ත, කොන්දේ හදාගත්ත, කොල්ල ආයෙත් මනමාලය වගේ. වටේට පොඩි පනියකුත් දාගෙන කොල්ල යනවා දැන් වටේ. යනකොට යකඩෝ ලැසිය බොනවා. ලැසිය බොනවා කියන්නේ ඉතින් අපේ ෂොට් 3ක් උගේ ෂොට් එකක් වගේ. මු වීදුරුව දික්කලේ නැතා මට. බොහොම අමාරුවෙන් මේ කෙලින් ඉන්නේ. මොනවා කරන්නද. ලැසිය දුන්නම බෑ කියන්න බෑනේ. දැම්ම පොඩි ෂොට් එකක්. පොඩි කිව්වට අපි නොර්මල් ගහන ෂොට් එකක් වගේ උගේ වීදුරුවෙන් උගුරක්‌ බොන එක.
මෙතන හිටියොත් වැඩේ හරියන්නේ නෑ කියල තේරුණා. ගිය කට්ටීය එක්ක කන්න. ගිහින් බෙදාගන්න කොට ආයෙත් කැරකෙනවා. ශානකයට දුන්න පිගන් බෙදන් වරෙන් කියල. ගිහින් වාඩි උනා ආයෙත් ලැසී වීදුරුව දික් කරනවා. ආයෙත් දැම්ම පොඩි ෂොට් එකක්. ඔය අතරේ අරු අරන් ආව කෑම එක. කන්නනම් බෑ දැන් අනිවා යනවා සුවර්. කට්ටිය නටනවා දැක්ක මම ගියා නටන්න. දැන් කට්ටිය හුරේ කියල නටනවා. ඔය අතරේ ලැසිය ආයෙත් එනවා වීදුරුවක් අතේ තියාගෙන. අයියෝ සල්ලි කිව්වලු. එකෙනුත් ටිකක් මගේ සරීරයට එකතු උනාලු.  දැන් වැඩේ හරි. ජෝඩුව පිට වෙනන යනවා. ගිහින් කට්ටියම පින්තූර කෑල්ලක් ගත්ත. මම කොලුවා ගිහින් මුණ කට හෝදගෙන බබා වගේ වාහනයට ගොඩ උනා. දැන් බස් එක එනවා. මට පොඩි නින්දක් ගියා. මෙහෙම හිටියොත් මට වැඩි වෙනවා සුවර්. පටන් ගත්ත සින්දුවක් කියන්න. එකටත් ඉතින් හිටියේ මගේ බොන පාට්නාර්ල 3 දෙනා තමා. අපි ඉතින් කොහොම හරි කොලබට එනකල්ම සින්දු කිව්වා.
අහ්හ්.. අඔය අතරේ කොහේදෝ තිබුන තවත් ස්පෙෂල් බ්‍රෙවූ එකක් ගත්තේ නැතා එනකොට බුචා. ගොඩක් නැතත් එකෙනුත් උගුරු 2-3ක් මගේ සරීර ගත උනාලු ඔන්න. කොහොම හරි කොලබ ඇවිල්ල අයය එක්ක ගෙදර එන්න සෙට් උනා. වාහනේ නැග්ග ගමන් නින්දක් දැම්ම. ගෙදර ආව. මෑණියන්ට වැඩේ චාටර්. මට දැන් මෑණියෝ, ලොකු මෑණියෝ(පියාණන්ගේ අක්ක) සහ අක්ක පොඩ්ඩ හුරේ කියල බයිට දෙනවා. ඕවට උත්තර දෙන්න මට වෙලාවක් නෑ. ඇවිල්ල අදුම ගලවල විසික කරා. කොල්ල ඇදට වැටුන මල පෙරේතය පොලවේ ගැහුවා වගේ.
ඔන්න ඕකයි කතන්දරේ. මගේ ජිවිතේ පළමු වතාවට තමා මෙහෙම මගුලකදී මට වැඩි උනේ. මොකද සාමාන්යෙන් මම මගුලකට ගියාම වැඩිය අනුමත කරගන්නනෙ නෑ. හැබැයි වැඩි උනා කියල කාටවත් කරදරයක් කරෙවත් වැඩිය චාටර් උනේවත් නෑ. කබ්බ කෙස් එකත් දැක්කේ කීප දෙනෙක් විතරයි. දැන්නම් ඔක්කොම දැනගනීවි. ඔවානම් මොනවද?? අපි පුරුදු වෙන්න චා වෙනවා නෙමේනේ.
එහෙනම් තවත් බෝතලයක් වටා රස කතාවකින් සෙට් වෙමු. අපි කැපුන. ඔය පල්ලෙහා ටයිප් කොරන්න පුළුවන්. හිකි හිකි..

Wednesday, May 18, 2011

කච්චගේ කුලුදුල් බීම - බෝතලයක් වටා රස කතා (1)




මගේ අන්තිම පොස්ට් එකට ලැබිච්ච ප්‍රතිචාර (ගොඩගේ ඩයලොග් සිම් එක - සරසවියේ අනං මනං (1)) නම් හරිම දුර්වලයි. වැලේ වැල් නෑ. කමක් නෑ. මමත් දවස් 4 ක් විතර හිටියේ නැති නිසා කියමුකෝ.
අද මම කියන්න යන්නේ වෙනද වගේ පරණ කතාවක් නෙමේ. අලුත්ම අලුත් කිරි ටෝය්ය කතාවක්. අලුත් කිව්වට මේකේ ආරම්බය විතරයි අලුත්. කතාව පරණයි. අදින් මම බ්ලොග් එකට අලුත් කැටෙගරියකුත් පටන් ගන්නවා "බෝතලයක් වටා රස කතා" කියල. මේකෙන් නමට ගැලපෙන ආකාරයේ රස කතා ගොන්නක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි ඉතින් කොමෙන්ට්ස් නැත්නම් එකක් වත් නෑ. ලියන්නත් කම්මැලි.
 
පහුගිය දීර්ග සති අන්තයේ මම ගීයා අපේ රටේ ජාතික සම්පතක් වෙන සිංහරාජ කැලයට, වන වදින්න. අපේ අයියගේ ප්‍රදාන අනුග්‍රහයෙන් තමා ගමන ගියේ. යන්න කලින් ගමනට අපේ කොල්ලෝ 25 විතර හිටියට අනේ දෙය්යනේ කියල පොලු දුසිමක් විතර සෙට් උනා. අන්තිමට සු කියල ගමනට හිටියේ කොල්ලෝ 3 දෙනයි. මම වහන්සේ, අපේ කොටාස් සහ අද කතාවේ නායකයාණන් වහන්සේ - කච්ච. දුන්න පොලු වලට අනිත් ඔක්කොටම ගොඩක් පින්.
ඔන්න අපි ඉතින් සෙනසුරාදා උදේ ගමන පිටත් උන. කොහොම හරි මග පිස්සු කරලා කැලේ ගාවට එනකොට වෙලාව 4.00 ට විතර ඇති. අපේ මාතර පුන්චිලත් ඒ වෙලාවට ඇවිල්ල තිබුන. දැන් කට්ටිය අපේ බංගලාවට යන කිලෝ මීටර් 7 ක ගමන පටන් ගත්ත. අපරාදේ කියන්න ඕනේ නෑ පාරනම් සුපිරියටම කැඩිලා. ආ මට අමතක උනානේ කියන්න. අපි මුලින් සෙට් වෙලා හිටියේ, අපේ ගෙදර කට්ටිය අපේ ගෙදර ජීප් එකේ සහ අපේ කොල්ලෝ සෙට් එක කච්චගේ මසියගේ වැන් එකේ යන්න. නමුත් ගමන උදේ බලනකොට ඔක්කොම ඉන්නේ 8 කොළබින් යන්න. පුන්චිල එන්නේ මාතරින්. ඉතින් තෙල් ගහගෙන වාහන දෙකක යන එකේ තේරුමකුත් නෑ. අපේ වන්ඩියේ 8 කට යන්නත් බෑ.  වැන් එකේ වලාවක් සහිත කදු නගින්න අමාරු බව දැනගෙන උනත්
අපි වැන් එකේ යන්න තීරණය කරා ඔක්කොම. දැන් කන්ද නගින්නේ වැන් දෙකක්. මේ වැන් දෙකම ටිකක් උස උනාට තිබුන වලවල් වලට අපේ ජීප් එකවත් යන්න බෑ මගේ හිතේ. කි.මි. 1 ක් විතර ගිය වාහන දෙක හිර උනා. ඉස්සරහට යාමක් බෑ. දැන් ඉතින් මොනවා කරන්නද අදුරත් වැටීගෙන එනවා. රෑ කලේ මැද්දේ ඉන්නත් බෑ. අලි ඉන්නවලු. ඉතින් ආයෙත් හෙන ගේමක් දීල නැවතත් පාරට ආව. එනකොට රෑ 7.00 විතර වෙලා. කට්ටිය කතා උනා ලග ටවන් එකට ගිහින්. උස වාහනයක් කතා කරගන්න. වාහන තියනවා එත් එකෙක් වත් කැමති නෑ යන්න, මොකද දැන් රෑවෙලා පට්ට කලුවරි, පාරත් සුපිරියටම කැඩිලා. වෙන කරන්න දෙයක් නෑ. කට්ටිය කතා උනා එදා රෑ කොහේ හරි ඉදල උදේම උඩට යන්න. නවතින්න තැනක්  හොයනකොට සෙට් උනා ක්‍රිස්තියානි පල්ලියක් කාමර තියන. අපි ගීයා බලන්න. කාමර සුපිරි. හොට් වෝටර් එහෙමත් තියනවා. පට්ට හීතලේ ආතක් පාතක් නැතුව හිටිය අපිට හෙන සැටිස් දැන් වැඩේ. ඉතින් ඔන්න නැවතුන. 
දෙය්යනේ කියල කාමර ටික ලැස්ති කරනකල් අපි පල්ලිය කොනකට ගිහින් පලවෙනි බියර් එක කැඩුව. අපි කෑන් අරන් ගියේ ස්පෙෂල් බ්‍රවේ ලාජ් එක. කොහොම හරි මින් 10 න් ලාජ් බියර් 4 ක් ඉවරයි. ගියා කාමර වලට. කොට, මම, කච්ච එක කාමරේක. වොෂ් එකක් එහෙම දාගේම පල්ලිය ඇතුලෙම ඉදන් අයෙත් බොන්න ගත්ත. බියර් ස්පෙෂල් බ්‍රවේ ලාජ් 10-12 ක් හිස් වෙනකොට ඉතින් දැන් කට්ටියට මද පවනට වැදිලා. කන්දේ වාහන තල්ලු කරලා ඇගේ අමාරුවට එක්කම, දේශගුණ වෙනසට දැන් නියම ගණන්. ඔන්න ඔය වෙලාවේ තම අපේ කතා නායක කච්ච මුලින්ම රහමෙර පානය කිරිල්ල ගැන දොඩවන්න ගත්තේ.
උට අනුව කතාව මෙන්න මෙහෙමයි (මටත් සම්පුර්ණ කතාව මතක නෑ. පොඩි පොඩි අමතක තැන කතාරසයට බාදාවක් නොවෙන විදියට ගලපලා ලිව්වා. හිකි හිකි). මෙන්න කතාව උගේ වචනයෙන්ම.

ඔන්න මචන් මම 9-10 වසරදී විතර වාර විබාගයක් ඉවර වෙලා කොල්ලෝ ටික සෙට් උනා පොඩි බිමකට. උබල දන්නවනේ මම ඉතින් පොඩි එකනේ. උස ගියෙත් මේ ඉයේ පෙරේද. මටත් ආසයි, හැබැයි මෙලොමගුලක් දන්නේ නෑ. බිව්වම වෙරි වෙනවා කියල අහල තිබුනට ඔය මගුලක් දැනගෙන හිටියේ නෑ. දැන් කොල්ලෝ සෙට් එක එකතුවෙලා බොනවා. මමත් ඉතින් හෙනම බෙබා වගේ බර ෂොට් දාගෙන පොඩ්ඩක් තොලේ ගානවා හෙමිට ඉතුරු ටික පිටිපස්සෙන් බිමට හලනවා කට අබුල් කරගෙන මස් කෑල්ලක් හපනවා. දැන් කොල්ලෝ හුරේ කියල ගහනවා. මමත් හුරේ කියල බොරුව දානවා. මම ඉතින් ඔය වෙරි වෙමක් දන්නේ නෑනේ බන්. දන්නෙම නැතුව මම වැටිලා. දවල් 2.00 ට විතර පටන් ගත්ත බිම, මම ඇහැරෙනකොට 7.00 ට විතර මම ඉන්නවා පාලු ගෙදරක. බල්ලෙක් වත් නෑ.
මම නැගිට්ට වට පිට බැලුව. එල කිරි ඉන්න පොට් එකනම් දන්නවා. අපේ ගෙවල් වලට ටිකක් එහා ඇත ඇරලා දාපු පරණ ගෙයක්. පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ල ලයිට් එකක් ලගට ගිය ඇදුම හදාගන්න. මොකද මම දන්නවා දැන් මේ වනකොටත් ගෙදරින් කෑම පිගාන නැතිවෙලා. තව පරක්කු උනොත් ඇදත් නැතිවෙනවා කියල. ලයිට් එක ලගට ගියාමයි මට තරු පෙනුනේ. ඇදන් හිටිය සුදු දිග කලිසමේ කකුල් දෙක ලේ එකයි. ඒ මදිවට සපත්තු දෙක කාපු බය්ට් වලින් වැහිලා. මම ටක් ගාල කලිසම පහත් කරලා බැලුව මොකද මේ ලේ කියල. අම්මට සිරි දැනටත් කකුලේ කුඩල්ලෝ 10 ක් විතර ඉන්නවා. සමහර උන් ලේ බිල බිල වැටිලා. තාම ලේ ගලනවා තුවාල වලින්. ඉන්න උන් ටික ගැලෙව්වා. මට දැන් ටිකක ස්පේ මොකද තුවාලයක් නෑනේ. කුඩල්ලෝ කෙස් එකනම් අව්ලක් නෑ. ඕව පුරුදුයි. සපත්තු දෙකට උනා දේ හිතාගන්න පුළුවන් උනා වැටිලා හිටිය තැන සහ වට පිට බැලුවම. දවස් 3 ක විතර කෑම වටේ තිබුන. මම දැන් හිමිට වාඩිවෙලා කල්පනා කරා මොකද්ද උනේ කියල. 

මට එතකොට යාන්තමට මතකයි මම වැඩිවෙලා වැටිලා ඉන්නකොට මගේ යාලුවෙක් මාව කර ගහගෙන ලග තියන දොළ ලගට එක්කන් ගිහින් බිම දාල වමනෙයි මුඋනයි හේදුව. මොලේ තියන හරකෙක් දොළක් ගාව බිම දායිද බන්. එතන කුඩල්ලෝ ඇති කරන පොට් එකක් වගේ තැනක්. කොහොම හරි මු මාවත් වත්තම් කරගෙන ඇවිල්ල දැම්ම පාළු ගෙදරින්. දාල මුත් වැටුන. එච්චරය් මතක. මු පස්සේ නැගිටලා යන්න ඇති. මේ වෙනකොට වෙලාව 8.00 ත් පහුවෙලා. ඇයි ඉතින් බිව්ව වෙලාවල දේවල් මතක් කරන එක ක්ෂණිකව වෙන්නේ නෑනේ.
කොහොම හරි මම අමාරුවෙන් ඉන්නකොට මගේ යාළුවා ආව බයිසිකලේකින්. මම නිකක් දෙය්යෝ දැක්ක වගේ. උටත් හෙන සැටිස්. මොකද මම නගිටලානේ. මුගේ වෙරි හිදිලා මු අයෙත් ගිහින් බොන්න. කොහොම හරි දැන් මු මාව බයිසිකලේට නග්ගගෙන ගෙදර ලගට ගිහින් දැම්ම. දාල මු ගියා යන්න. යකෝ මුට වඩා බයිසිකලේට වෙරි වගේ. බයිසිකලේ හො ගාල වැනෙනවා. කොහොම හරි මම යනකොට ගේට්ටුවත් ඇරලා, ගෙදර ලයිට් එහෙමත් වටේම දාල. මගේ සිගිති මොලේට වැටහුනා මම ඉවරයි කියල. මම වචයක් වත් කතා නැතුව ගියා කාමරේට අඩුම ගැලෙව්වා. රිංගුවා නාන කාමරේට.
අම්මලට මගේ කතාව ඉතින් කටින් කියන්න ඕනේ නෑ මගේ හිතේ. ගදෙන්ම තේරෙන්න ඇති. කලිසමේ ලේ පල්ලම් නොපෙනෙන්න මම කලිසම නවාගෙන අවේ ශෝටක් වගේ. පැයක් විටර මම හිටිය නනා. දැන් මට ඇහෙනවා හුරේ කියල බනිනවා. තාත්ත පොලිසියේ අන්ට්‍රිය කුත් දාල මම නෑ කියල. සද්දේ නැවතුනාම මම හෙමිට එලියට ඇවිත් ඇදුමක් කාරිය දාගෙන. කන් දීගෙන ගිටිය. නෑ කිසි සද්දයක්. මට හෙන අව්ල වගේ. මොකද සාමන්යෙන් කෙස් එකකටත් අම්මගේ බන සති දෙකක් විතර තියනවා. මේකට පැයක් වත් නෑ. මම සද්ද ඇහෙන්නේ නැති විදියට දොර ඇරලා, සාලේ පැත්තට ගියා. කයුරුවත් නෑ. දොරත් වහල දාල. මට කුස්සිය පැත්තෙන් කසු කුසුවක් ඇහෙනවා. මම ගියා ඒ පැත්තට හොර වගේ. අම්මට සිරි; අලි මදිවට කොටි කිව්වලු, අම්ම, තාත්ත විතරක් නෙමේ අක්කත් ඉන්නවා. මම යකනොටම මට ඇහුන දෙයින් මගේ ඔලුව දෙපාරක් කැරකුණ. මම සුරුස් ගාල කාමරේට ඇවිත් නිදාගත්තා. වෙන අහන්න ඕන උනේ නෑ. උබල දන්නවද මොකද්ද තාත්ත කිව්වේ කියල??
 
කොටා: තෝව කොටු මස් කරන්න ප්ලැන් කරනවා ඇති.
මම: අනිවා අනිවා, උබේ ____ දෙකෙන් අල්ලලා එල්ලන්න ප්ලැන් කරනව් ඇති.

කච්ච: නෑ නෑ ඔයි, එහෙම නම් කොච්චර හොදද. තාත්ත කියනවා.
" මුව මෙහෙම තියල බෑ. දැන් නිවාඩු කලෙත් ලබන නිසා. මුව මාසයකට විතර පුනරුත්තාපන කදයුරකට යවමු. "

එහෙනම් අයෙත් දවසක හමුවෙමු. කොමෙන්ට්ස් නම් ඕනේ හොදේ.