Sunday, June 12, 2011

පසුතැවීම් - සරලයි සොදුරුයි.

සමහර වෙලාවට මගේ බ්ලොග් එක කියවන උබල බලනවා ඇති මගේ අන්තිම පොස්ට් එකට මොකද්ද හදිස්සියේම උනේ කියල. පොස්ට් ඒක පහුගිය දවස්වල මම වැඩ කරන කොම්පැනියේ තිබුන ස්කෙල් ඩවුන් ඒක ගැන. ඒ පොස්ට් එකට සම්බන්ද කෙනෙක් මට කිව්වා ඒ පොස්ට් එක අයින් කරගන්න කියල. ඇත්තටම ඒක අයින් කරන්න කිසිම සාදාරන හේතුවක් නෑ. මම කරේ මම ලියපු නිසදැසක් මගේ ඔෆිස් එකේ යාලුවෝ ටිකට උපහාරයක් වෙන විදියට දැම්ම ඒක. නමුත් මම ඒක අයින් කරා..
සමා වෙන්න ඕනේ ඔයාල ඔක්කොටම. ඒ සම්බන්ද කෙනා මගේ හොද බොක්කක්. මම මේ කතාව දාන්න හිතන හිටියේ නෑ. ඒත් නොදා ඉන්නත් හිතදෙන්නේ නෑ. මොකද පොස්ට් ඒක දැකල ඒ පුද්ගලයා කිව්ව එක කතාවක් මගේ බොක්කේ අන්තිම කොනට වැදුන. වැදුන විතරක් නෙමේ මට තරු විසික් උනා. ඒ කතාව තමා 

"ekko umba moda ati or blog eka famous karaganna ona ati. Anyway its ok machan."

මම කවදාවත් මෙහෙම රිප්ලයි එකක් බලාපොරොත්තු උනේ නෑ. නමුත්  මම බල්ල වගේ මෙහෙම රිප්ලයි එකක් යවල කතාව යට ගැහුවා.

"May b da 1st one. Bt deffa nt da second. bt nyways tnx 4 da feedback. Ill tk t as a copliment. Ill think abut ur reply when am going to do smthing lik dis again."

මාසයක්  ඇතුලත හිට්ස් 8800+ (මගේ හිට්ස් නැතුව) කියන්නේ දවසට හිට්ස් 250+ ඒක මම බලාපොරොත්තු ප්‍රමාණයටත් වඩා ගොඩක් වැඩි කියල කතාව ඇදගෙන යන්න ගිතුනත් ඒ පුද්ගලයා ටිකක් ඉක්මනට අප්සෙට් ගන්න කෙනෙක් සහ එයා මේ දවස් වල ඉන්න මානසික මට්ටම එක්ක මට ඒ මොකද බං එහෙම කියන්නේ කියල ප්‍රශ්න කරන්න හිතුනේ නෑ. අනික මේ බ්ලොග් එක නිසා මට කා එක්කවත් ප්‍රශ්න දාගන්න ඕනේ නෑ. ඉතින් ආයේ දෙකක් නැතුව මම ඒ පොස්ට් ඒක රිමුව් කරලා දැම්ම. මේක කියවල ඔයාල එය ගැන තරහක් ඇති කරගන්න එපා. මිනිස්සු විවිධාකාරයි කියල සමාජේ ගැන අපි දැනුවත් වෙමු. සරලයි සොදුරුයි.
අද දවසේ පොස්ට් ඒක ප්‍රධාන තව ටිකකින් දාන්නම්.. මේකට කොමෙන්ට් දැම්මේ නැති උනාට කමක් නෑ. ඇත්තටම මේකේ කොමෙන්ට් දාන්න ඕනේ දෙයක් නෙමේනේ.

0 ප්‍රතිචාර:

Post a Comment