Sunday, June 12, 2011

කෝ මෙතන ආදරයක්?

මේ අද මගේ දෙවෙනි පොස්ට් එක. පලවෙනි එක දැක්කේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න. මම අද මොකද්ද දාන කතාව කියල හිත හිත ඉන්න කොට මට අවේ නැතෑ මරු ඊයක්. එකේ තිබුනේ පර සුද්දගේ බාසාවෙන්. අපිට ඕව දිරවන්නේ නෑනේ ඕන්.. ඉතින් මම ඒක සිංහලෙන් දානවා මෙතන. දානකොට ඉතින් ඉස්කෝලේ එහාපැත්තෙ එකාගේ උත්තර පත්තරේ කොපි කරනවා වගේ කොරන්න බෑනේ ඕන්. ඉතින් මගේ අතින් දාපුවා මේකේ යහමින් තියනවා. කොහොමෙන් කොහොමෙන් හරි මේකේ අන්තිමට ප්‍රශ්නයක් තියනවා උත්තර දෙන්න වෙයි කියෙව්වොත්.


ඔයාල හැමෝම දන්නවා ටාජ් මහල් කියන්නේලෝක ආදරවන්තයන්ගේ, එහෙමත් නැත්නම් කොටියෙන්ම ආදරයේ සංකේතය කියල. ආයේ ඉතින් එකේ දෙකක් නෑනේ. (දන්නේ නැත්නම් වෙනද වගේ කියන්න වෙන්නේ ගුගල් දෙයියන්ගෙන් අහන්න කියල තමා.) හැබැයි ඔය ගොඩක් දෙනා දන්නේ නැති දේවල් ටිකක් තියනවා (අනේ ඇත්තමයි මම දැනගෙන හිටියෙත් නෑ)

1) මුම්ටාස් රැජින කියන්නේ සාජහාන් රජාගේ හතරවෙනි බිරිද, වැඩේ කියන්නේ එයාට ඔක්කොම බිරින්දෑවරු හතක් ඉදල තියනවා. (ඒ කියන්නේ හතරෙන් නැවතිලා නෑ)

2) සාජහාන් රජා, මුම්ටාස් කෙල්ලව(ඇත්තටම ගෑනි. තව පේලියක් කියවන්න තේරෙයි ඇයි කියල) සරණපාවා ගත්තේ මුම්ටාස් කෙලීගේ හිටපු සැමියා මරල. (රජාට ඕනෙනම් ඉතින් කොහොම හරි ගන්නවා)

3) මුම්ටාස් රැජින මරුමුවට පත් උනේ නිකන් නෙමේ එයාගේ 14 වෙනි දරුවට උප්පත්තිය දෙන්න ගිය වෙලාවේ ඒ දරු ප්‍රසූතියේදී. (මේකට මගේ කොමෙන්ට් නෑ)


4) ඔය ඔක්කොම කමක් නෑ කියමුකො, ගෑනි මරුන කියල රජා නිකන් හිටියේ නෑ අක්ක මොකද නංගි මොකද කියල මුම්ටාස් කෙල්ලගේ නංගි පොඩිත්ත බැදගත්ත නෙව. (කොහොමද වැඩේ??)

දැන් මගේ ප්‍රශ්නේ මේකයි (ඇත්තටම ඊයෙත් මේක අහල තිබුන) 

"යකුනේ / යකින්නියනේ කෝ මෙතන ආදරයක්??

දැන් ඉතින් දීපල්ලකෝ උත්තර????

17 ප්‍රතිචාර:

Anonymous said...

Hikkkzzzz.............

HANSAKA said...

i haven't any comment

hare :-) said...

මල හත්තිලව්වයි ඔව් නේන්නං... බැරි වෙලාවත් අපි එහෙම ඔය විධියට ආදරේ කරන්න ගියානං ඉඳල හමාරයි!

reshi said...

hmmmmmmmmmm...

Dilum said...

Eaakalet dan wageemaiii nee baluwama.......

Anonymous said...

aneh manda ban adare suck .boruwata duk widina wadak.balapan lamaima 14k adenawa...

Dinesh said...

මලා.. එතකොට කොහොමද අපි කියන්නේ ටජ්මහල් ආදරේ සංකේතයක් කියලා??

ADK කොලුවා said...

@hansaka : ඒ මොකෝ බං ඒ??
@hara : අනේද කියන්නේ. වැඩි ආදරේ තරම පේනවනේ... හිකි
@reshi: මොකෝ නැඟී නිකන්ම හම්.. ගාන්නේ?? මොකවත් කියන්න නැතෙයි??
@Dilum : නැතුව නැතුව දැන් වගේම තමා..
@ Ano : මේ මොන කතාද?? ළමයි 14ක් අඩවන්න මම නම කවදාවත් කැමති නෑ. අෆොයි...
@Dinesh : ඒක නේන්නම් කොලුවෝ මාත් අහන්නේ..

සාතන් said...
This comment has been removed by the author.
Pramod said...

මල හත්තිලවය්... මම මෙච්චර විස්තරයක් දන්නේ දැන් නොව... පස්ට් ඔප් ඕල් ලබා දුන් දැනුමට ADK කොලුවට තෑන්ක්ස්... මෙච්චර දෙයක් වෙලා තියෙද්දී කොහොමද බන් කටක් ඇරලා ටජ් මහලට ආදරයේ සංකේතය කියන්නේ.... ඔන්න මටනම් බෑ...

සාතන් said...

මාර ප්‍රේමවන්තයෙක්නෙ... ඔන්න මිනිස්සු.. ;)

ADK කොලුවා said...

@ Pramod: ඔය ගෞරවයේ යම් තාක් දුරට විතරයි මට අයිති. ඇත්තටම වැඩි ප්‍රමාණයක් අයිති ඔය විස්තරය හොයල ඔය ඊය හදපු කෙනාට. නම දන්නේ නැති උනත් අපි එයාට ගෞරවය දෙමු.
මටත් බෑ. මම නම අයෙ කියන්නේ නෑ.

@ සාතන් : නොම්මර එකේ ලවු (සික්) කාරයෝ..

Maxworth said...

yakooooooo ,,, eka tamay niyama premaya kiyanne
balapan u mulu loketama adere karala tiyenawa ne.
ubala itin ara gani gana vitharane hitanne... :PPPPPP

පන්සල් හංදිය said...

එහෙමනම් මේ තරම් මිනිස්සු ඇයි ටජ් මහල් ආදරයේ සංකේතයක් විදියට දකින්නෙ ..........

පිණිබිඳු... said...

දැන් අපිට එහෙනම් ටජ් මහල් වටින්නෙ ඒකෙ තියෙන ඓතිහාසක වටිනාකම හන්ද විතරයි.

මාරයාගේ හෝරාව said...

පිස්සුනං කියවන්න එපා කොල්ලෝ..මං දැන් අතිසාර්ථක 24 වැනි ප්‍රේම වෘතාන්තෙත් අහවර කොරලයි ඉන්නේ..මට සල්ලි නැහැ..නැත්තං මං ඔය 24 ටම වෙන වෙනම මහල් බන්ඳවනවා...ආන්න එහෙමයි ආදරේ...

දැන් මේ 25 වෙනි එක පටන් ගත්තමවත් බලන්න ඕන මහලක් බැරිනං පැලක්වත් බඳින්න...

ADK කොලුවා said...

@ makka : මම ඉතින් උබට කිව්වා කියල හිතාගනින්.. අඩුම ගානේ කෑලි දෙකක් තුනක් කරොපු එකෙක් කිව්වනම් කමක් නෑ. පල පණුවෝ යන්න.

@ කල්හාර : මිනිස්සුන්ගේ නොදැනුවත් කම.

@ පිණිබිඳු : එකනම් ඇත්ත තමා..

@ මාරයා : අයියන්ඩිගේ රිදී ජුබිලියට අපේ සුබ පැතුම්.. දැන් ඉතින් කොරන රස්සාව එක්ක ගැලපෙන කේන්දරයක් හොයාගන්න අමාරුවෙන එකක් නෑ මයේ හිතේ.

Post a Comment