Wednesday, June 15, 2011

මගේ දින පොත..


අද පොසොන් පෝය දවස. සතියේ මැද දවසක් නිවාඩුවක් එනවා කියන්නේ ඉතින් මරුනේ. හැමදාම ඔෆිස් එකේ පුටු රත් කරන අපිට සතියේ මැද හිතේ හැටියට නිදාගන්න ලැබෙනවා කියන්නේ දෙයියෝ දැක්ක වගේ. ඕක නිසා ඉතින් මම කොලුවත් හුරේ කියල නිදාගත්තා. කොච්චර නිදාගන්න හැදුවත් වෙනද නැගිටින වෙලාවට විහිලුවට හරි ඇහැ ඇරෙනවා. ඉතින් වෙනද වගේ නැගිට්ට 6.00ට. නිවාඩු කියල මතක් උනා, අයෙත් කොල්ල කෝට්ටෙන් ඔලුව වහගෙන ඇදෙ පෙරලුනා. මොන මගුලක්ද 8.00 වෙනකොට අයිය ඇවිල්ල නැගිට්ටුවේ නැද්ද අපේ බලු තඩියව ඩොකා ගාවට ගෙනියන්න ඕනේ කියල. ඉතින් මොනා කොරන්නද නැගිට්ට.

වහු පැටිය වගේ ඉන්න බලු තඩිය(ඉන්නේ ග්‍රේට් ඩේන් එකෙක් හිටගත්තම අඩි 8ක් විතර උසයි. හිතාගනිල්ලා සයිස් ඒක) අපේ වාහනේ දාගෙන යන්න බෑනේ ඉතින් අක්කගේ (අයියගේ බිරින්දෑ) තාත්ත ලොරිය අරන් ආව. ඉතින් ගියා. වහු පැටිය වගේ හිටියට මොකද ඉන්ජෙක්ෂන් එක ගහනකොට අපේ බලුවට චු යනවා. අදත් ඉතින් සුපුරුදු පරිදි එහෙම උනා. අපි අතරෙත් ඉන්න ගොඩක් අය ඔහොම තමා. ඇගේ සයිස් එක ලොකුයි හැබැයි ගූ බයයි. අපේ ඉස්කෝලෙත් හිටිය ඔහොම ජෝන්ටෙක්. දවසක් දෙකක් ඌ මේකේ කොමෙන්ට් දාල තිබුන නිසා මම නම දාන්නේ නෑ. පොරත් ඇගපත ආයේ හොද ලොකුවට තියනවා. හැබැයි වලියක් එහෙම සෙට් උනොත් හුසේන් බෝල්ට් මොකෙක්ද කියල හිතෙන්න රන දෙනවා ආයේ හුරේ කියල.

කොහොමෙන් කොහොම හරි බෙහෙත් තුනක් විද්දා. 1750යි. කොහොමද වැඩේ. යකෝ අපිට බැරි උනානේ බලු දොස්තර කෙනෙක් වෙන්න. දවසට බල්ලෝ 5 දෙනෙක් අවොත් 1500 බැගින් උනත් 7500යි. මාසෙට දවස් 20ක් වැඩ කරත් ලක්ස 1.5 කොහොමද ඒක??? අපිට කොහෙන්ද ඉතින් බුල් බල්ලෝ කිව්වලු. අපි මාසෙම කබුරලා ඔයිං බාගයක්වත් ගන්නේ නෑ.

ඩොකා ලග ඒක බෙහෙතක් නෑ. දුන්න ෆාමසියට බිලක්‌. මම ගියා ෆාමසියට. මම බෙහෙත් ගන්න අතරේ පේනවා වාහනේ නවත්තල තිබුන තැනට එහා පැත්තේ බිම දන්සලක්. බිම දන්සලට වඩා සෙනග අපේ බලු තඩිය බලන්න. ඇයි ඉතින් බලු වේසෙන් ඉන්න වහු පැටියෙක්නේ.. හිකි හිකි. මොනවා උනත් ලංකාවේ මිනිස්සු බල්ලා කියන සතාට පුදුම බැදීමක් තියෙන්නේ. ඒකට හේතුව දැන් දැන් අපේ මිනිස්සුන්ට අමතක වේගෙන ගියාට සිංහලයාගේ බොක්කේ කළගුණ සැළකීම කියන ඒක තියන නිසා කියලයි මට හිතෙන්නේ (කළගුණ සැළකීම ගැන කියන කොට මට නම් එකෙන්ම මතක වෙන්නේ බල්ලා. අත පය හතර කපල දැම්මත් කන්න දුන්න මිනිහට බල්ලා නැට්ට හරි වනනවා)

බෙහෙත් ටිකත් අරන් ඇවිල්ල මම තුමා ආව කොම්පුටරේ ලගට. ඇවිල්ල ඉතින් ඔය කියවන්න තියන බ්ලොග් ටික කියවල කොරල මගේ කලින් පොස්ට් එකට අපේ ජොන්ටෝ දාල තිබුන උත්තර බල බල ඉන්නකොට හෂුලය(මගේ බ්ලොග් ඒක කියවපු අය මේ හෂුලය හොදට දන්නවා. අර ඉස්කෝලෙන් පනින්න ගිහින් මට්ටු උනේ. ඒ කතාව කියවල නැති අය මෙතනින් ගිහින් ඒක කියවන්න.) කෝල් කොරා තව ටිකකින් උගේ ලැපට වින්ඩෝස් දාගන්න එනවා කියල අපේ ගෙදර. දැන් ඉතින් ඒකට සෙට් උනාම වරුවක් ඉවරයි. මොකද උගේ එකයි සචි අයියගේ එකයි ලැප් දෙකයි. 

ඔය වැඩ දෙක ඉවර කොරල අද යන්න එපාය දන්සල් වදින්න. නැත්නම් දන්සල් දෙන අයියල අක්කල අපිත් එක්ක තරහ වෙනවා නෙව. මේ වගේ උතුම් දවසක මිනිස්සු තරහ කොරගන්න වටින්නේ නෑ නෙව. ඉතින් අමාරුවෙන් හරි යන්න වෙනවා. දන්සල් කියනකොට මතක උනේ මීට අවරුදු දෙකකට විතර කලින් මම ඇතුළු යාලුවෝ දෙතුන් දෙනෙක් ගිය දන්සල් වදින්න. දැන් ගිහින් දන්සල් වලින් බීම කාරිය බිව්වට හැම බත් දන්සලකම පට්ට සෙනග. පෝලිමේ ඉන්න ගියොත් තාම ඉන්න වෙනවා. කොහොම හරි පාන්දර 2.00විතර වෙනකල් කරක් ගැහුවට පෝලිම අඩු බත් දන්සලක් සෙට් උනෙම නෑ කියහල්ලකෝ. ගෙදර ගිහින් කන්නත් දැන් කෑම නෑ. කෑම තියනවා, ඒත් හොද බයිටක් කන්න වෙනවා. බඩගින්නේ ඉන්න ඒක හොදයි ඊට වඩා. මොනා කරන්නද කඩේකින් වත් කමු කියල කඩයක් බැලුව. පාන්දර 2.00ට මොන කඩද? අනික වෙසක් දවසේ. අන්තිමට සෙට් උනා පොඩි රෑ කඩයක්. ඕකේ තිබුනෙත් ලඩ වෙච්ච අප්ප විතරයි. මම හිතන්නේ රෑ 10.00ට විතර දාපුවා වගේ. බඩගින්න ලැව් ගින්නටත් වඩා සැරයි කියනවනේ. ගොදම්බා රොටී කියල හිතාගෙන කෑවේ නැද්ද කට්ටිය බඩ කට පුරා ආප්ප. කාල අපුල යන්න ප්ලේන්ටියකුත් ගහල දැන් ගෙදර යනකොට ගෙදරට හැරෙන හන්දියේ දන්සල තාම තියනවා පෝලිමක් ඇත්තෙම නෑ. කන්න බඩේ ඉඩත් නෑ. හිස් දන්සල දිහා බලන් හුල්ල හුල්ල ගෙදර ගියා.

ඔන්න ඔහොමයි මගේ අද දවස ගතවෙන්න තියෙන්නේ. ඔන්න අපේ බලු තඩිය බුරනවා. ඒ කියන්නේ කව්රු හරි ඇවිල්ල. අනිවා හෂුලය. එහෙනම් මම නවතිනවා. දැන් ඉතින් දාපියකෝ වින්ඩෝස්. තවත් දවසක හම්බ වෙමු.

9 ප්‍රතිචාර:

රත්ගමයා said...

හික් හික්...අනේ පව් අප්පා...

Pramod said...

සිරාවටම බන් බල්ලෙක් හදනවා කියන්නේ දැන් කලේ හැටියට ලේසි පහසු වෙඩක් නෙමෙය් නේ?? අප්පේ, සතිය මැද නිවාඩුවක් සෙට් වෙනවා තරන් ආතල් එකක්නම් මට තවත් නෑ...

කිඩෝ said...

අඩෝ බොට බල්ලව පෙන්නලා කීයක් හරි ගන්න තිබුනනේ හික් හික්... එහෙනං බෙහෙත්වල ගානත් කවර්....

duliponline said...

වරෙං අපේ පැත්තට . . . . මන්ඩවිල කර්මාන්තපුරේට හැරෙන තැනම බත් දන්සැලක් තියනව. පෝලිං නෑ. ඩෙසට් එකට හල්ගහදෙනිය පාරට හැරෙනතැන අයිස්ක්‍රීම් දන්සැලක් තියනව. මදිම නං හල්ගහදෙනියෙ බුදු පිලිමෙ ලඟ මඤ්ඤොක්ක දන්සැලකුත් තියනව

Ruwa said...

Hikizzzz.....

Adikaram Express said...

අපේ ඇපල ගෙ ගෙදර බල්ල ට වඩා ඔය බලු හාමි වයසින් බාලද??

මකුළුවා..... said...

මමත් හරි ආසාවෙන් ඉන්නේ ග්‍රේට්‍‍ඩේන් කෙනෙක් ඇති කරන්න...මරු බල්ලා.....

Adikaram Express said...

යකෝ...අදත් මේකද???දාපිය අලුත් පෝස්ට් එකක්...

Shali said...

poson poya kohomada eka parata wesak une anthimata yanakota????? ;P
ane ayya we love to see your doggie!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Post a Comment