Tuesday, July 19, 2011

හෙළුවෙන් බීච් එකේ සුද්දියෝ ටිකක් වටකරගෙන නාන්න ඕනෙද??? 18+ පිරිමි සදහා පමණි..




ඔය උඩ තියන ප්‍රශ්නේ ඇහුවොත් “ඊය....ඕනේ නෑ” කියන කොල්ලෙක් ඉන්නවනම් ඌ අනිවා ඉටිපන්දම් ෆෑන් කෙනෙක් වෙන්න ඕනේ(ටියුබ් ලයිට් අය මේකේ තේරුම දන්නා කෙනෙක්ගෙන් අහල දැනගන්නවා හොදයි). උබල අපි හැමෝම මේ ප්‍රශ්නෙට පැනල දෙන්නේ 

“අනිවා... ඕක ඉතින් ආයෙත් අහන්නත් දෙයක්ද??” 

කියන එකනේ. (මේක හොරෙන් කියවන ගෑනු ළමයි ප්‍රශ්නය තමන්ට ගැලපෙන විදියට වෙනස්කරගන්න...)

මු මේ මොකාටද අද එන්න හදන්නේ කියන එක තමයි බොලාලට එන ඊලග ප්‍රශ්නේ.. රටේ ලෝකේ ගැන අවධානයෙන්, විපරමෙන්, පොතක්-පත්තරයක් බලන අපේ ජොන්ටන්ටනම් පොඩ්ඩක් විතට ක්ලික් ඇති මොකද්ද මම මේ කියන්න යන්නේ කියල.

වැල් වටාරම් නැතුව කෙලින්ම මම කතාවට බහින්නම්කො.
ඔන්න ඊයේ මම වැඩට ගිහින් මහන්සි වෙලා ගෙදර ඇවිල්ල ඇග පත හෝදගන්න කලින් පොඩ්ඩක් වාඩි වෙලා සති අන්තේ පත්තරේ පොඩ්ඩක් පෙරලනකොට දැක්ක මාරු ආටිකල් එකක්. ලංකාවේ හෙළුවෙන් නාන්න පුළුවන් වෙරල තිරයක් හදන්න යනවලු. ඩේග ඩේග පරි රබුට කැකිරි කිව්වලු. මට ඉතින් හෙන ආතල්, මම පොඩ්ඩක් කියෙව්වා මොකද්ද මේ හරුපේ කියල. යකෝ වැඩේ කියන්නේ මේක හදන්න යන්නේ කළුතර ප්‍රදෙශයේලු. ලෝක ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් කි.මි.1.5 දිග කළුතර වෙරල තිරයේ ලස්සනම කොටසක මේ ජොලි වැඩේ කරන්න යනවලු. ඒ වෙරල තිරයට කියන නමකුත් තිබුන මට මතක නෑ.

අපි ලෝක කුපාඩියෝ බව ඇත්ත. ඒක මුළු ලොවමත් අපිත් දෙගොල්ලොම දනී. ඒත් අපි ඇතුලෙත් පොඩ්ඩක් විතර ලංකාව කියන දේ ගැන පොඩි භක්තියක් තියනව. ඔය මහලොකුවට කියන තරං සධාචාරයක් දැන් රටේ නැතිබව ගමක ඉපදුනත් කොලබ රටේ හැදිච්ච, කොලබ රාත්තිරියේ ගමන බිමන්, සමාජ ශාලා වලට යන මම කොලුවා හොදටම දන්නවා උනත්, තාම මේ සංකර කෙලිය කොලබ රාත්‍රී සමාජශාලා වලට සිමා වෙලා තියන ඒක ගැන කොලුවා ඉන්නේ අප්‍රමාන සතුටෙන්. මොන කෙලි තිබුනත් තාම යාළුවෙලා ඉන්න කාලේ විතරක් නෙමේ බැදලා දරුවෝ හදල හිටියත්  දෙමාපියන් ඉස්සරහ, වැඩිහිටියන් ඉස්සරහ සිලාචාරව හැසිරෙන්න අපේ උන් දන්නවා. බල්ලෝ බලල්ලුන්ගෙන් මිනිහ කියන එකා වෙන් වෙන්නේ කකුල් හතරෙන් යාමෙන් විතරක් නෙමේ කියල ලංකාවේ අපි දන්නවා. 

අපි අයෙත් මාතෘකාවට ඇවිල්ල බලමු මේ වැඩේ ක්‍රියාත්මක උනොත් මොකද්ද වෙන්නේ කියල. ලංකාවේ සම්පුර්ණ නිරුවත් මුහුදු තිරයක් හැදෙයි. අලුතින් රටට ගොඩක් අය එවී. ලොකු ගානක් දීල මේකට යාවි. (අනිවා අපිත් යාවි ඕක හැදුනොත්) අපේ පාලකයොන්ට දැන් ඕනේ කරන්නේ සල්ලි මිසක් රටක් ජාතියක් සංස්කෘතියක් නෙමේ කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔය අස්සේ පොඩි කැලෑවල, ගස් ගල් අස්සේ අපේ කොල්ලෝ කුරුට්ටෝ සිකුරිටි ගාඩ් එකේ ඇස් වහල හැංගි හැංගි බලන් ඉදිවී සුද්දෝන්ගේ සහ සුද්දියන්ගේ අහවල් ඒවා. බලන් ගෙදර ගිහින් කියාවි 

“යකෝ මගේ ඉටිපන්දම දුබුරු පාටයි, අරුගේ සුදු පාටයි..” 

“ඊය විතරක් අරු නිකක් මයිල් හැලිච්ච බල්ලෙක් වගේ. ඇගේ එක මයිල් ගහක් නෑ, අඩුම ගානේ ____ වත් නෑ. එකට මගේ...”

“කොහොමද අර සුද්දිගේ _____, යකෝ මට හිරේ ගියත් කමක් නෑ හෙටනම් අනිවා එක සුද්දීයෙක්ට _____”

නිරුවත් වෙරල තීරවල ප්‍රසිද්ධියේ ලිංගික හැසිරීම කරන්න පුළුවන් වෙනමම ස්ථාන තියන එක සාමාන්‍ය දෙයක්. කොහොමද ලංකාවේ පොලවේ, විශේෂයෙන් කළුතර පුජනිය නගරයේ බල්ලෝ බළල්ලු වගේ ගෑනු මිනිස්සු ප්‍රසිද්ධියේ අහවල් එක කොරන කොට...???

සුද්දොන්ටනම් ඕව ගානක් නෑ. නමුත් අපිට එහෙමය. අපි ඕව ඔයහැටි දැකල තියනවය. කීයක් දීල හරි ඇතුලට ගියා කියමුකෝ. කොහොමද සුද්දියෝ දැකල අපේ කොල්ලෝ ෆයර් වෙලා යනකොට?? අතින් වහගන්න කියලය?? වහගෙන යන්න ඕනෙනං මේකට එන්නේ නෑනේ. වැරදිලා හරි වට පිට බල බලා ගිහින් කකුල පැටලිලා වැටුනොත් අරුගේ අනාගතේ ඉවරනේ. අනිවා දෙකට කැඩෙනවා. කඩාගන්නේ නැතුව එලියට ආව කියපල්ලකෝ.. ඔය හම්බානකට ෆයර් වෙච්ච එකා කොයි ලෝකේ හරි අගු පිලක හෝ ලිබටි වැනි සුපිරි පන්තියේ ස්ථානයක සොදුරු කාලයක් ගතනොකර ගෙදර යාවිද?? දීපල්ලකෝ උත්තර???

තාම මේක තියෙන්නේ සාකච්චා මට්ටමේ උනත්, මමනම් කියන්නේ මේ වගේ දේවල් ලංකාව ඇතුලේ සාකච්චා මට්ටමට වත් ගේන්න ඕනේ නැති දේවල් කියල. සෝම හිමියන්ගේ අපවත්වීමත් සමග නැගුන ජන රැල්ලෙන් ඇවිල්ල දැන් මහින්දගේ අමුඩේ ලෙව කන අර බලු උරුමේ ඉන්න කුපාඩි ටිකට වත් මේවා පෙන්නේ නැද්ද? කොහේ පේන්නද, ඔය කැසිනෝ කාරයෝ සල්ලි මිටි ඔය පාහරයින්ගේ ඔලුව ගාවට එනකල් ගොඩගහල. ඉතින් ඉස්සරහ පෙන්නේ නෑ. පෙන්නේ සල්ලි විතරයි. (පොඩ්ඩක් සැරට කතා කරාට සමාවෙන්න ඕනේ. මීට වඩා ශිෂ්ට වචනෙන් මට මේක කියන්න තේරෙන්නේ නෑ) 

මම උපන්ගෙයි UNP කාරය. මේ එන චන්දෙටත් මම කතිරේ ගහන්නේ අලියට. නමුත් මම මහින්දට ගරු කරනවා. මොකද එයා රටට ලොකු දෙයක් කරා. අපේ පිළලයක් වෙලා තිබුන යුද්දය මහින්ද ඇරෙන්න වෙන කවුරු හිටියත් ඉවර වෙන්නේ නෑ කියල මම බය නැතුව කියනවා. ගරු කල යුත්තට ගරු කලයුතුයි. නමුත් තමාගේ නිලය ලබා ගන්න වැඩියෙන් උදවූ උනේ ලංකාවේ පන්සල කිව්වොත් රෙද්ද ගලවල උගස්‌ තියල හරි දානයක් මානයක් කරන අහිංසක අපේ අම්මලාගේ තාත්තලාගේ, සියලගේ ආච්චිලගේ චන්දය මිසක් කැසිනෝ කාරයන්ගේ සල්ලි නෙමේ කියල මහින්ද ජනාධිපති තුමා උනත් දැනගන්න ඕනේ. එහෙම පත්වෙලා මේවගේ දේවල් වෙනකල් බලන ඉන්න උන් ගැන මට කියවෙන්නේ සුද්ද සිංහලේ හොදම ඒවා. (කැසිනෝ කාරයන්ගේ සල්ලි වලින් අර අහිංසකයන්ගේ චන්දය සුක්ෂමව ගත්ත කියන එක වෙනම කතාවක්. නමුත් මම ඒ වැඩේට විරුද්ධ නෑ. ඕනෑම කෙනෙකුට එක කරන්න පුළුවන්. UNP එකට ඔය ඕනතරං සල්ලි තියෙන්නේ. කෝ ප්‍රතිපල??? මහින්ද අනිත් අයට වඩා ඒ වැඩේට දක්ෂයි. ඒක අගය කලයුතුයි.)

සල්ලි ඕනේ තමයි. නමුත් බල්ලෝ මරල හරි සල්ලි හම්බ කරන තත්වෙට වැටෙන්නේ ඇයි අපේ නායකයෝ??  අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ තමයි, නමුත් අපේකම අපේ දේ රැකගෙන තමාගේම අනන්‍යතාවක් ඇතුව ඉස්සරහට ගියොත් තමා අපිට පැවැත්මක් තියෙන්නේ. නැත්නම් වෙන්නේ ඔය දැන් පදුරකට ගලක් ගැහුවොත් 10ක් විතර විසි වෙන ස්ටාර්ලට වෙන දේමයි. තරගේ ඉන්නකල් කාව හරි කොපි කරලා ඉන්නවා. ඉවර උනාම බල්ලෙක්වත් ගණන ගන්නේ නෑ. මොකද අනන්‍යතාවක් නෑ.

පාට පක්ෂ වැඩක් නෑ. අපි එකා වගේ ඉදගෙන මේ වගේ අසමජ්ජාති වැඩ වලට එරෙහි වෙන්න ඕනේ.. එහෙම නැත්නම් අපේ පුතා, දුව අවුරුදු 10-15 වෙනකොට ලිංගික අධයාපනය දෙන තැනකට යවන්න හිත හදාගන්න ඕනේ. මොකද නැත්නම් මුන් නිරුවත් වෙරළේ සිද්ධවෙන දේවල් අත්හදා බලන්න ගියොත්... මටනම් හිතෙන්නේ දැනටත් පරක්කු වැඩි. මොකද බලය කියන දේ ඕනවට වඩා වැඩි උනාම ඕනෙම හොද මිනිහෙක්ට තන්හා යකා වැහෙන එක නවත්තන්න බෑ.

මට තේරෙන විදියටනම් මේ අරන් තියෙන්නෙ පළමු පියවර විතරයි. තවත් හොද හොද සෙල්ලම් ඉස්සරහට තියේවි. දැන් අපිට කරන්න තියෙන්නේ වෙන්නේ මොකද්ද කියල බලන ඉන්න එක විතරද කියල තීරණය ඔයාලගේ අතේ....

ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේක දේශපාලන පොස්ටුවක් නෙමේ. කොමෙන්ටුවල නිකන් පාට පක්ෂ අල්ලන් ගහ මරාගන්න ඕනේ නෑ. කොමෙන්ටුවක් විදියට මට වැදගත් වෙන්නේ මගේ ප්‍රධාන කතාව ගැන ඔයාලගේ අදහස් දැනගන්නයි.

42 ප්‍රතිචාර:

සංකල්ප said...

මේක සිද්ද උනාම වෙන්නේ. රටේ සදාචාරය වලපල්ලට යන එක. අනික කලුතර කියලා කියන්නේ බෝ සමිදු වැඩ හිටින තැනක්. උදේට ගාල්ල මාතර යන අයයි කොළබ එන අයයි පඩුරක් දාලා ගාථාවක් දෙකක් කියලා එන ප්‍රදේශයක් !!!!!!

මේ දේ සිද්ද උනොත් රටේ ආගමක් අදහන එවුන්ටත් බාධාවක්. ඒ විතරක් නම් මදෑ පොඩි එකෙක්වත් හදාගන්න බැරි වෙනවා. දෙමව්පියෝ අදුනන්නේ නැති ජරා ජාතියක් බිහි වේවි !!!!

සල්ලි ගැන විතරක් හිතන්නේ නැතුව මේ දේවල් ගැනත් හිතන්න ඕනේ.

ප.ලි. - මේ ටික ටයිප් කලේ හදිස්සියෙන්. ආයෙම එන්නම් ඉතුරු ටික ටයිප් කරන්න.

ගයන්ත said...

එහෙම කියන්න එපා...!! අපේ රට දැන් ආසියාවේ ආශ්චර්යය වෙන්නනෙ යන්නෙ බොලව්...එතකොට මේවා නැතිව කොහොමද..?! ඉස්සරහට ඔයිට වඩා හොඳ සෙල්ලම් පෙන්වයි,අපේ උන්දැලා..!!! අනික ඔය මොන කුප්ප වැඩේ කලත් ඒකෙ සුදු හුණු ගාන්න ඕන තරං උන් ඉන්නවනේ...

සාතන් said...

අනේ මන්ද ලොක්ක... කලුතර ගැන කතා කරන්නෙ ඕක කලුතර හදන හින්දනෙ... වෙන තැනක හදන්න ගියත් එතනත් අනිව පූජනීය තැනක් කියන්න සාක්කි ‍තියෙයි... ඉතිං ඔය වගේ එව්ව ලංකාවෙ කොහෙ හැදුවත් වැරදී...

හැබැයි අදටත් ඔය කළුතර බෝධිය පේන මානෙ තියෙන වැලිපරේ උඩ නොවෙන්නෙ ළමයි හම්බුවෙන එක විතරනෙ... අනිත් හැම අලුගුත්තේරු වැඩක්ම ඔතන වෙනව... ඒ වගේම තමයි ඔය කලුතරම කෑල්ලක් අරන් රිංගන්න කාමර කෑලිත් ඕනතරම් තියෙනව කියන එක... දැන් තියෙන තත්ත්වෙයි ඔය දාන්න යන නිල් වෙරලෙයි තියෙන වෙනස තමයි හංගල කිරිල්ලයි, පෙන්නල කිරිල්ලයි....

මම නම් කොහෙමත් සංස්කෘතියක් බලන එකෙක් නෙමෙයිනෙ... ඒ නිසා ඕක හැදුවත් එකයි නැතත් එකයි... ඒ වගේම තමයි කොළඹින් පිට නයිට් කලබ් නැති වෙන්න පුළුවන්... ඒත් සංකර කෙලියනම් කොළඹට වඩා කොළඹින් පිට තමයි තියෙන්නෙ...

Ruwa said...

Ow Ow mamath oka dekka..... apita hodai.... eth ratata naraki.... kathawa eththa....

රත්ගමයා said...

පුවතක්
සුදු වෑන් එකක් පැමින කොලුවා ව උස්සාගෙන යයි

ADK කොලුවා said...

@ මධුරංග : අපේ ලොක්කෝ හිතන්නේ සල්ලි ගැන විතරනේ... ඔන්න ඔතනයි අපිට වරදින්නේ...

@ ගයන්ත : අනිවා මේක දන ආසියාවේ ආශ්චර්ය තමා...

@ සාතන් : උබේ කතාවට මම 1000000% එකගයි.. වැඩේ තියෙන්නේ එළිපිට සහ හැංගිලා කියන දෙකේ...

ADK කොලුවා said...

@ රත්ගමයා : අඩේ මම බයයි සුදු වෑන් වලට.. ලොල්ය...

Real Reader said...

අහලා ඇති නේද නිරුවත් දහමක් Nudism ගැන? ඒ විශ්වාසේ ඉන්න මිනිස්සු නිරුවතින් ඉන්නවා. පොඩි ළමයි හිටන් ඒ අවසරලත් නිරුවත් කලාප වල විනෝද වෙනවා. නමුත් ඒ නිරුවත් කලාප වල ලිංගිකව හැසිරීම තහනම්. ඔවුන් අදහන්නෙ ස්වභාව ධර්මය හා එක් වීමක් විදියට. මම ඔවුන්ගේ ෆොටෝ දැකලා තියෙනවා. ඒව සාමාන්‍ය ඒවා මිසක් ලිංගික හැඟීම් කුපිත කරන හැසිරීම් නෙවෙයි. ඒකම වෙනස නිරුවත් වීම.

හැබැයි මමත් විරුද්ධයි ඕක ලංකාවෙ ඇති වෙනවට... අපේ සංස්කෘතියට ඒවා ගැලපෙන්නෙ නෑ. අනික අසහනකාරයො හින්ඳා ගොඩක් සමාජ ප්‍රශ්නා ඇති වේවි. ඕවා නැති තරමට හොඳයි. පෙම්වතුන් දෙපලක් පොඩ්ඩක් තුරුල් වෙලා හිටියොත් කට ඇරන් බලන් ඉන්න සමාජයක් අපිට තියෙන්නෙ. ගොඩක් වැඩිහිටියො අමතක කරනවා තමනුත් තරුණ වයසෙ ඔහොම තමයි කියලා. අනික අපේ යන්තම් හරි ඉතුරු වෙලා තියෙන වටිනාකම් නැත්ත්ටම නැති වෙලා යාවි

Anonymous said...

කොලුවා එහෙනම් කලුතර කැලිඩෝ බීච් පැත්තෙ ගිහින් නෑ වගේ....

පොඩි මෑන් said...

ලිංගිකත්වය කියන දේ අපි සදාචාරය කියන වචනෙන් වහගෙන ඉන්නෙ.... මම කියන්නෙ ලිංගිකත්වය කියන දේ විවෘත මාත්තෘකාවක් විය යුතුයි.. නමුත් මේ වගේ දේවල් වලින්නම් නෙවෙයි... නිවැරදි ලිංගික අද්‍යාපනයෙන්... ලංකාවේ ඒලෙවල් වලට බයෝ සයන්ස් කරේ නැති කොල්ලෙක්ට හොරෙන් හොරෙන් වැලක් බලල තමයි ඒක ඉගන ගන්න වෙන්නෙ... නැත්නම් පරම්පරාව උගේ ගාවින් ලොප් වෙනවා...එහෙම වැලක්වත් බලන්නෙ නැති කෙල්ලො ලංකාවෙ කෙහෙල්මල් අද්‍යාපනේ නිසා ස්කෝලෙන් එලියට ආව ගමන් බඩුකාරයෙක්ට මාට්ටු වෙලා බඩට ළමයෙක් එනකන් දන්නෙ නෑ සමහර කොන්වන්ට් වල අඩුම ගානෙ තමන්ගෙ මල්ලි එක්කවත් පාරෙ යන්න බෑ.. උන් එහෙම කරන්නෙ ස්කෝලෙ නම තියාගන්න අපේ ලමයි හරි විනීතයි කියන්න... තරුන වයසෙ ලමයිගෙ හැගීන් මරල දානවා අද්‍යාපනයක් දෙන්නෙ නෑ නිවැරදි දැනුමක් නැතුව උන් වෙන දේවල් වලට යොමු වෙනවා...කියන්න දෙයක් නෑනෙ.. ආප්ප තමයි.. අනන්තවත් දැකපු දේවල් වලින් මේ කියන්නෙ.. රෙද්දෙ සදාචාරයක් ගැන කතා කරනව.. ලිංගික අද්‍යාපනේ දෙන්නෙ නෑ... හෙලුවෙන් නටන්න මුහුදුවෙරලවල් ගේනවා... වැඩක් නෑ බන් මේව ගැන කතා කරලා...

duliponline said...

කොලුවො ඕක හදන්නෙ කලුතර "කැලිඩෝ බීච්" එකේ . . . . එතන තත්වෙ දැනටම කියල වෙනසක් නෑ . . . පොඩීම කියල වෙනසකට තියෙන්නෙ ඉන්න ජෝඩු වල ඇඳුම් ඇඟේ තිබුනත් . . . . තියෙන්නෙ නිසි තැන්වල නෙමේ . . . .
මම දන්න විදියට ඇඟට හරිහමං කියල වස්තරයක් ඇඳං කැලිඩෝ බීච් එකේ ඉන්නෙ "අනගාරික ධර්මසේන"තුමා විතරයි . . . .

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...
This comment has been removed by the author.
රොෂාන් said...

ආන්ඩුවේ උන්ගේ හෙළුව දැක්කොත් සුද්දෝ දුවයි පන කඩාගෙන

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මම නම් ඔය වෙරල තීරෙට 100%ක් සපෝට් (මේ මම මගේ සහය දක්වල ලියපු ලිපිය -http://buwagesithuvili.blogspot.com/2011/07/blog-post_11.html ) . ඔය නිරුවත් වෙරල කියන හුදකලා සිද්ධිය නිසා නෙවෙයි . මේ රටේ තියන බොරු සුචරිත වාදී මතවාද වෙනස් වෙන්න ඔනි නිසා , මම නම් ඔබතුමා වගේ යුඇන්පී කාරයෙක් නෙවෙයි . හැබැයි ඔබතුමාලගේ නායක තුමා බලයේ හිටිය නම් . ඔය වගේ දේවල් බොහොම සරලව සිද්ධ වෙනවා . අනික ඔය දේශප්‍රේමියො , කියාගන්න අන්තවාදීන් එයාගෙ වටේට නැති නිසා කොහොමටත් . ඒ අයගේ ග්‍රාම්‍ය මතවාද සමාජයේ වපුරන්න ඉඩ ලැබෙන්නෙත් නැ . දාන තැන කලුතරද ? කොලඹද කියන එකේ ඇති වැදගත් කමක් නැ . හෙලුව කියන්නෙවත් ලිංකත්වය කියන්නෙවත් , ලිංගික අධ්‍යාපනය කියන්නෙවත් මේ මහා නරක දේවල් නෙවෙයි . අන්න එහෙම හිතන එකේ තමයි මූලික වරද තියෙන්නෙ

Pulasthi Gunawardhana said...

machan, awurudu gaanak suddage rate hitiyata api thaama lankawe ds kollo, et meka katawa ehuwama nam matat yaka peenawa ape haal paru deshapaalana buwalagena. Ballo marala hari salli hoyana minissu man dekala tibbata meewage charter scene ekak nam man jiwitetama dekala naa. Monaa namut ajuta wedak, mata nam hebewatama dukai.

Suddanta wenama beach ekak wena kanarana eka gena nam kisiprashnayak naa. unta unge bikini edan nidahase werale inna ekai heluwen inna ekai dekak. Mee katawe kohe hari waradak eti kiyala mata nam hitenne. Monaa unat man nam hitanne nee naa pitarette unat amu heluwen indiwi kiyala.

Kaurut kematii sex karana, eet ballo balallu wage eka goda amuheluwen inndiwi kiyala nam man hitanne naa. Ehema wenaekakut naa.

Moka unat meeka gena thun hatara gamank hitanna ona kaaranawak. Mokada lankawat Mauritius, Fiji wage wenna denna baa ne, ananya thaawak tiyenna ona.......

pavithra weerapperuma said...

\\යකෝ මගේ ඉටිපන්දම දුබුරු පාටයි, අරුගේ සුදු පාටයි..//
ආ......ශයි නෙහ්..? ;) එකනෙ බොල උන්ට සුද්ද කියන්නේ.. :P

සාතන් said...

දොන් නම් දොන්... සිමන් නම් සිමන්.. දොන් සිමන් දෙකක් බෑ බන්... හැංගිලා කලත් එලිපිට කලත් වැරදිනම් දෙකම වැරදියි... විරුද්ධයි නම් දෙකටම එකවගේ විරුද්ධ වෙන්න ඕන...

ADK කොලුවා said...

@ Real Reader : "පෙම්වතුන් දෙපලක් පොඩ්ඩක් තුරුල් වෙලා හිටියොත් කට ඇරන් බලන් ඉන්න සමාජයක් අපිට තියෙන්නෙ." ඔන්න ඕක තමයි මචන් මගේ පොයින්ට් එක. මමනම් ඔකේ වැරද්දක් දකින්නේ නෑ.ඒක අපේ සංස්කෘතියේ එල ලක්ෂණයක්.

@ Anonymous: ගිහින් නෑ මචන්...

@ පොඩි මෑන් : මරු කියමන මචන්. උබ පුලුවන්නම් ඔය නම වෙනස් කරගනින්. උබට පොඩි මෑන් කියන්න වටින්නේ නෑ.

ADK කොලුවා said...

@ ඕනයා : අන්න ඕක තමා මම කියපු බීච් එක. ඔතන එච්චර බරපතලයි කියල මම දානං හිටියේ නෑ. කොහොමත් මට ඔය ප්‍රදේශය ගැන වැඩි වැටහීමක් නෑ.

@ Roshan Hewavitharana : පිස්සුද බන්.. ආණ්ඩුව ලස්සනට අමුඩෙන් විලි වහගෙන, අනිත් අයව නිරුවත් කරලා ආතල් ගන්නවා...

@ buwa : ලිංගික අද්‍යාපනය වැරදි, ලිංගිකත්වය වැරදි කියල මම කිසි තැනක කියල නෑ, කියන්නෙත් නෑ, මගේ තර්කය තමයි දන්කාව වගේ සමාජ සංස්කෘතියක් තියන රටක ඒ සංස්කෘතිය ආරක්ෂා කරගන්නවා වෙනුවට එක කාබාසිනියා කරන්න දරන ප්‍රයත්නය වැරදි කියල.

ADK කොලුවා said...

@ Pulasthi Gunawardhana : ඔන්න ඕක තමා මමත් කියන්නේ...

@ සුළඟිල්ල | pinkie : ඔය බලපන්කො මෙච්චර සීරියස් කතාවක් මැද්දේ තෝ අල්ලගත්ත කෑල්ල,,, හිකි හිකි...

@ සාතන් : ආ බන්.. ඔය වැඩේ කොරේ නැත්නම් උබල අපි ඉපදෙන්නේ කොහොමද?? මම කියන්නේ හැමෝටම පේන්න ඔය වැඩේ කරන්න ඕනේ නෑ. තමාගේ පවුද්ගලිකත්වය රැකෙන විදියට සමාජයේ සම්මත ගුණ ධර්ම රැකගෙන කරන දෙයක් කරන එකයි ඇත්තේ..
කොල්ලෙක්, කෙල්ලෙක් ලවු කරන කාලේ රූම් එකකට යන එකට මම මුකුත් කියන්නේ නෑ. හරි හෝ වැරදි හෝ එක උන්ගේ අයිතිය. නිවැරදි ආරක්‍ෂිත ක්‍රම අනුව කරන දෙයක් කරානම් සමාජයට කැළලක් වෙන්නේ නෑ.(මේ අද්‍යාපනය දැනට ලැබෙන්නේ නැති එක මම පිලිගන්නවා. එක වෙනම කතා කරන්න ඕනේ ටොපික් එකක්) මම කියන්නේ රූම් එකකට ගිහින් කරන්න ඕනේ වැඩේ එළිපිට කරන එක/ කරන්න ලයිසන් දෙන එක වැරදි කියල.

මහජන මුත්තා said...

අපෙ මහින්ද අයියට ටිකක් හරි දොස් පවරන එකට විරුද්දයි කොල්ලො. එ උතුමට මඩ ගහන්න එ.ජා.පෙ./ජ.නි.පෙ. පත්තරයක බොලුවක් වෙන්නෑති ඔක. ඉතින් ඔය වගෙ බොලු වලට අපි රෑවෑටෑන්නෙ මොකෑ කොල්ලො?

Anonymous said...

@මහජන මුත්තා :මේකා මෙතන පක්ෂයක් නායකයෙක්ට බැනලා නැනේ බන් කියල තියෙන්නේ. අපේ සංස්කෘතියට වෙන්න යන විපත ගන්නේ බං

Unknown said...

කොල්ලෙක් කෙල්ලෙක් එක්ක බීච් එකේ හිටියම පොලිසියෙන් කුදලාගෙන යන කාලයකුත් අපේ රටේ තිබ්බනේ..අනේ මන්ද ඉතින් අපේ සිරි ලංකාවට මොනවා වෙන්න යනවද මන්ද..දැන්නම් ඔය දේශපාලුවෝ ඔක්කොම එපා වෙලා තියෙන්නේ...රට කන එක තමා ඔක්කොමලා කරන්නේ....
අපේ රටට‍ දෙවි පිහිටයි ! ! !

D_C_M said...

කතාව නම් සහතික ඇත්ත......නමුත් මට හිතාගන්න බැරි ශ්‍රී ලංකාව වගේ බෞද්ධ රටක මේවගේ දේකට ඉඩදෙන්නෙ මොකද කියලා...???????? මම මේ කතාව තවත් බ්ලොග් එකකින් දැක්කා, ඒත් මේ වගේ විග්‍රහ කරල තිබුනෙ නෑ...මේක අපේ සංස්කෘතිය සම්පූර්ණයන්ම පිරිහෙන වැඩක්.....අපි මේකට විරුද්ධ වෙන්න ඕන....

ගිනි කුරුල්ලා said...

සම්බුද්ධත්ව ජයන්තිය සමරලත් තාම වැඩි දවසක්වුනේ නෑ මම හිතන්නේ..;)
ඕව ගැන කතා කරල වැඩක නෑ ඉතින්...ඊට වැඩිය හොඳයි කට ගලක උලාගන්න එක.!

Anonymous said...

ලිපියෙ අදහස් සමග එකඟයි.
ලන්කාවට මෙවගේ දෙයක් තව පහුවෙල එනවනම් තමයි හොඳ.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

රටක සංස්කෘතිය කියන දේ වෙනස් වෙනව, අනුරාධපුර යුගයේ තිබුන සංස්කෘතිය අද තියනවද ? එහෙම නැතනම් මහනුවර යුගයේ ?

නෑ ... අද තියෙන්නේ වෙනත්ම සංස්කෘතියක් . මම නම් දකින් විදිහට තියෙන්නෙ ව්කෘතියක් .හැංගි හැංගි පඳුරු ගානේ ගිහින් වැඩෙ කරගන්න තැනට කොලො කෙල්ලො පත්වෙලා තියෙන්නෙ ඒ ව්කෘතිය ඇතුලේ . අද සමාජයේ මිනිස්සු දකින අහන දේ අනුව හිතට ඇතිවන හැඟීම් වලට සිමා මායිම් වැටෙන කොට ඒවා වෙනත් ක්‍රම වලට ඉටු කරගන්න මිනිස්සු පෙලබෙනව . මේ වෙනකොට ලංකාවේ තියෙන්නෙ එහෙම පරිසරයක් .. ඒක වෙනස් අතකට හැරෙන්න ආරම්ඹයක් ඕනි වෙනවා . දැනට රජය හරහාම දියත් වෙන අන්තවාදී අදහස් රජය හරහාම නවතින එක තමා වැදගත් . චින්තනයේ විපර්යාසත් එක්ක සමාජයේ ඇතිවෙන විපර්යාස එක්ක අලුත් සංස්කෘතියක් ගොඩ නැගේවි . වෙනස් වීම ලෝක ස්වාභාවය සංස්කෘතියටත් ඒක පොදුයි .

ජනගහනය ඉතාම අඩු රජකාලේත් , කාටත් හොරා ඇල දොලවල් වල පැනල නිරුවතින් හිටපු අයත් ඉන්න ඇති , කව්ද දන්නෙ ?

coolchiran said...

Post එකනම් කාලෝචිත,සංවාදයක් ගොඩනැගුවා..ගොඩක් අය අදහස් පලකලා..ඒත් අපි ...මේව අපෙන් එලියට යන්න ඕනනේද...මේ අසික්කිත වැඩේ මේ රටේ කෙරෙන්න ඉඩදියුතු නෑ...අපේ රටේ දේශපාලුවො කියන්නෙ (හොඳ නරක හිතන්න බැරි)වෙනම ජාතියක මනුස්සයො ටිකක්...මොන party එකේ උනත් එකයි...මේව ගැන කතාකරන්න වැරදි පෙන්නල දෙන්න ඕන මුන්වටේ ඉන්න (ජේශ්ට හෝ ඕන එකෙක්) උපදේශකයො..නමුත් මේ උපදේශකයොත් තමන්ගෙ ලොක්කට * දීගෙන ඉන්නවනම් රටේ මහජනතාව හැටියට අපි තමයි ඊලඟ පියවර ගන්න ඕන...ඒ කියන්නෙ දැනෙන්න කියන්න ඕන කියල...උඩින් comments දාපු අයත් ඉන්නව කියල හිතනව...
තමන්ගෙ නෑයෙක් වෙන පුතෙක් ගොං පොට් එකකට ගියාම ඒක වහලමදාන්න නම් අපේ සමහරෙකුට පුලුවන් ඒ වගෙ මේ ගැනත් කටයුතුකරවි කියල හිතනව....

Gimhani said...

මෙච්චරයි නෙව අඩු දැන් අපට

Anonymous said...

ado ova karanna denna ba lankave, visheshayen kaluthara api thadin kriya karanava oya vadeta viruddhava kollo uba baya venna apa ....:@

ADK කොලුවා said...

@ මහජන මුත්තා said...:හිකි හිකි,,, නෑ නෙව... බලාපල්ලෝ මුන් දාන පුවත්... ලොල්ය...

@ අනෝ: ස්තුතියි මගේ පැත්තට කතා කරාට. නමුත් මගදන මුත්තත් ඔය කතාව කියල තියෙන්නේ උපහාසයට. ලොල්ය...

@ ChammA : දේශපාලනේ දන අපි ඔක්කොටම එපා වෙලා බන් තියෙන්නේ. අපිට දේශපාලනේ වැඩක නෑ. නමුත් මේ වගේ දේවල් වලට උල්පන්දම් දෙන්න නම බා...

ADK කොලුවා said...

@ වැඩකාරයා : අපිටත් හිතාගන්න බැරි ඕක තමයි බන්... රට ගිහින් ඇවිල්ල බොරුවට පොලව ඉබල වැඩක නෑ, යටින් මේවට අනුමැතිය දෙනවනම්...

ADK කොලුවා said...

@ ආගන්තුකයා : මේවා දකිනකොට කොහොමද බන් ඇහැ කන පියන් ඉන්නේ...

@ buwa : මෙතන කොමෙන්ට් දාල තියනවා මම ඇරෙන්න 20ක විතර. උබ විතරයි ඕකට එකග.. පොඩ්ඩක් තර්කානුකුලව හිතල බලපන් කවුද හරි කවුද වැරදි කියල.

@ Chiran : දන අපිට තියෙන්නේ වගකිවයුත්තෝ මොකද කරන්නේ කියල බලන ඉන්න විතරයි.. අසීමිත බලයක් ලබාදුන්නානම් ප්‍රශ්න කරන්න බෑනේ...

ADK කොලුවා said...

@ Gimhani : අනේද කියන්නේ.... ඒක නෙමේ ඔයා 18+ පිරිමි කෙනෙක්ද?? ලොල්... ස්ත්‍රී අදහසකුත් මේකට ආව ඒක ගැන සතුටුයි ඇත්තටම..

@ අනෝ : මම මොකට බය වෙන්නද බන්...

Anonymous said...

Gimhami
පුරුද්දට ආවා. ඔන්නම් හොරෙන් බලලා යන්නත් තිබ්බා හික්ස්

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

බහුතර මතය නිවැරදියි කිව නොහැක (බහුතරය පිලිගැනීමට සිදුවීම වෙනම කතාවකි ) ලංකාවේ බහුතරයක් ජනයාගෙ සිතුම් පැතුම් ආකල්ප නිවැරදියි කියා කිව නොහැක .

එසේ නිවැරදී වුවා නම් ,

යුද්ධ ඇතිවන්නේ නැත , පහුගිය කාලයෙ දුටු ඡන්ද ප්‍රතිඵල දකින්නට ලැබෙන්නේ නැත . උඹටත් වරක් වාතයක් වූ ආකාරයේ පජාති නාට්‍ය වලින් තෘප්තිමත් වෙනා ජනතාවක් බිහිවන්නේත් නැත . එනිසා 20 නොව 200ක් කීවත් ඇති වෙනසක් නැත . බොහෝ දෙනා විරුද්ධ හුදාකලා සිද්ධියට පමණකි . මා පක්ෂ වන්නේ එයට පමනක්ම නොවේ

Sabith said...

ගොඩක් අය කිව්වා වගේ ඔත්න දැන් වෙන්නෙත් ඔය ටිකම තමා.....මං ඔය තැන දන්නවා..ඉර් බහිනව බලන්න යන්න පුලුවන් ලංකාවේ ලස්සනම තැනක්...එක පැත්තක ඟඟ අනිත් පැත්තේ මුහුද.

මකුළුවා..... said...

වැදගත්ම කාරණාව මග ඇරිලා සහෝ...රටේ මුහුදු වෙරළ කිසි හේතුවක් නිසා එක එක පුද්ගලයට අයිති කරගන්න බෑ.ඒක නීතියක්....ඇත්ත ලංකාව තාමත් සදාචාරාත්මක රටක්.ඇතුලෙන් මොන බලු විදියට හිටියත් පිටට පෙන්නන්න යන්නේ නෑ.හැබැයි පිට උපාසක විදියට අණබෙර ගහන ඔය උරුම කාර‍යෝ බයානකයි.මොකෝ උන්ගේ අර බල්ලා හැමවෙලේම එළියට පනින්න බලාගෙන ඉන්නේ....මොනදේ කරත් මචං අපේ අළුත් පරම්පරාවට තාම හරි අවබෝධයක් නෑ ලංකාව කොයිවගේ තිබ්බ තැනක්ද කියලා...ඒකයි හේතුව.....

ADK කොලුවා said...

@ Gimhami : බොහොම ස්තුතියි කොමෙන්ටුවට...

@ buwa : උබේ මේ කොමෙන්ටුවට නම මම හම්බානක කැමති... අනිත් අය මොනවා කිව්වත් තමන්ට හිතෙනවනම් තමන් හරි කියල ඒ මතයේ ඉන්න ගුණයටත් මගේ ආචාරය..

@ Sabith : මම ගිහින් නෑ බං ඔය තැනට... බලමුකෝ වෙලාවක් ලැබුනොත් යන්න... ලොල්ය...

@ මකුළුවා..... : වෙරල කාටවත් අයිති නැති එකනම් ඇත්ත, හැබැයි දැන් රජ පවුල

"තොපිට පිස්සුද වෙරල අයිති අපිට"

කිව්වොත් මොකෝ නෑ කියන්නද??

උබේ කොමෙන්ටුවට එකහෙලා එකග වෙනවා..

Isuru shehan said...

saha thika atta ape full sap eka ubata machoooooooo

Anonymous said...

අඩෝ මම ඔය වැඩේ කරන්න යන එවුන් මරලා දානවා!

Anonymous said...

ඔය කිසිදෙයක් බලන්නැතුව සුද්දියෙක් එක්ක එලිපිටම හුකන්ඩනේ තියෙන්නේ!!!
http://rachel-sexton.com/ahcf1.jpg

Post a Comment