Tuesday, June 21, 2011

"ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?

 
 
ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම හා හා පුරා කියල මම මගේ පාඩම පටන් ගන්නයි යන්නේ. මේක මොකද්ද? මෙතනින් මොනවද වෙන්නේ කියන එක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මගේ ඊයේ පොස්ට් එක මෙතනින් ගිහින් කියවන්න.

අද අපේ පාඩම තමා මොකද්ද මේ ආයෝජන එහෙමත් නැත්නම් Investment  කියන්නේ කියන එක තෙරුම් ගන්න එක.



ඇත්තටම මට තේරෙන විදියට නම් ආයෝජනයක් කියන්නේ මොකක් හෝ දෙයක් බලාපොරොත්තුවෙන්, එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට අප සතු යම් දෙයක් යෙදවීමයි. අන්ඩර් දෙමල වගේ නේද? කමක් නෑ. අපි සරල උදාහරණයකින් මේක තේරුම් ගන්න බලමු. ඔන්න අපිට ඕනේ හොද ලස්සනට අපේ අනාගත ජිවිතේ ගතකරන්න. අපි මොකද කරන්නේ, වෙන උන්ට කබුරලා වැඩක් නෑ. පොඩියට බිස්නස් එකක් පටන් ගමු කියල අතේ තියන සල්ලි ටික දාල ලාබයක් බලාගෙන කඩයක් දානවා. මෙන්න මේ උදාහරනේ අපේ බලාපොරොත්තුව තමා ලාබ ඉපයීම. අපේ ආයෝජනය තමා අතේ තියන සල්ලි ටික දාල බිස්නස් එකක් පටන් ගැනීම. දැන් කට්ටියට ටිකක් වැඩේ තේරෙන්න ඇති.

වැඩි දුරටත් අපි මේ ආයෝජන ගැන කතා කරනකොට, ගොඩක් දෙනා හිතන්නේ ආයෝජනයක් කියන්නේ සල්ලි ටිකක් යට කිරීමක් කියල. නමුත් ඇත්ත එහෙම නෙමේ. සල්ලි යට කිරීමත් ආයෝජනයක් තමා. නමුත් ආයෝජනය කියන්නේ සල්ලිම නෙමේ. ආයෝජනයට නොයෙකුත් මුහුනුවරවල් තියෙන්න පුළුවන්. උදාහරණයක්‌ විදියට ගත්තොත් කාලය, ශ්‍රමය වගේ දේවල් සුපිරිම ආයෝජන තමා. අපි මේවගේ දේවල් වලට ආයෝජක කියල කියමු. මම මේ වචනේ හරියටම හරිද දන්නේ නෑ. ඉස්සරහට පැහැදිලි කරන්න ලේසි වෙන්නයි වචනේ දාගත්තේ. මෙම ආයෝජනයට යොදවන දේ හෝ දේවල්(මම මෙහෙම කිව්වේ බොහෝ දුරට ආයෝජනයක් කියන්නේ ආයෝජක කිහිපයක එකතුවක්) ඔහේ යොදවන්නන් වාලේ යොදවල වැඩක් නෑ, අපි ආයෝජනය කිරීමෙන් ලබාගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිපලය කරා යන්න තමා අපි ආයෝජක හසුරවන්න ඕනේ. ඒකෙන පැහැදිලි වෙන්නේ ආයෝජනයක් කරන්න ආයෝජක තිබුනට වැඩක් නෑ ආයෝජනය කරන්න ප්ලෑන් එකක් නැතුව. 

මේ කතාවත් උදාහරණයකින් කිව්වොත්,  

ඔන්න දැන් අපි පාරේ යනවා. අපේ ඉස්සරහින් යනවා ඉටි රුපයක් වගේ ටොයිය කෑල්ලක්. නිදාගෙන ඉන්න යක්කු නැගිටලා මේකිව මට ඕනෙමයි කියල හිතෙනවා. ඉතින් මොකද කරන්නේ. පොඩ්ඩක් පස්සෙන් ගිහින්. බස් එකෙන් බහින හෝල්ට් එක බලාගෙන. ඒ ලග ඉන්න යාලුවෙක් අල්ලාගෙන, ඌට කන්න බොන්න කාරිය දීල, අර කෙල්ලගේ ගෙවල් හොයාගෙන, අරකිගේ යාලුවෙක් අල්ලාගෙන, යාළුවගේ හොද යාලුවෙක් වෙලා ක්‍රමයෙන් කෑල්ලට කොක්ක ගහන එක අපි දන්නා බාසාවෙන් ආයෝජනයේ එක මුහුණුවරකට හොද උදාහරණයක්. මේකේ ඇතුලේ අපේ බලාපොරොත්තුව, අපේ ආයෝජනයන්, ආයෝජක හැසිරවූ ප්ලෑන් එක වෙන් කරලා අදුරගන්න බැරිනම් ඉතුරු ටිකවත් මගේ ඉස්සරහ පොස්ට්වත් බලන්න එපා. වැඩක් නෑ. ලොල්ය.

ආයෝජන ගැන කතාකරනකොට “ROI”  කියන අකුරු තුන කිරියි පැණියි වගේ එකට බැදිලා තියනවා(දැන් කියන්න එපා කිරි සීනිත් එක්කත් කනවා කියල.) ඔය අකුරු තුනෙන් කියවෙන්නේ “රිටන් ඔන් ඉන්වෙස්ට්මන්ට්” කියන දේ. සිංහලෙන් කිව්වොත් ආයෝජනයේ ප්‍රතිලාබය. මේ ප්‍රතිලාබය හැම වෙලාවේම හොද එකක් වෙන්න ඕනේ කියන්න බෑ. හොද වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඒක රදාපවතින්නේ, අපි අපේ ආයෝජක හසුරවන ආකාරය අනුව. මේ ROI කියන එකත් ලස්සනවගේ එකිනෙකාට සාපේක්ෂයි. කෙනෙකුට පට්ට ROI එකක් පෙනෙන වැඩක් හෝ ආයෝජනයක් තව කෙනෙකුට මෙලෝ රහක් නැති එකක් විදියට පේන්න පුළුවන්. ඔන්න ඔය සාපේක්ෂතාව උඩ ඉදගෙන තමා ආයෝජනයන් ක්‍රියාත්මක වෙන්නේ. අපි පරණ උදාහරනෙම ගත්තොත්, කිරි ටොයිය කෑල්ලක් නිසා බැහැල වැඩක් නෑ කියල බහුතරයක් හිතුවට වැඩක් වෙයි කියල හිතල ට්‍රයි කරන උනුත් ඉන්නවා. වැඩේ කියන්නේ මේ දෙගොල්ලොගෙන් එක්කෙනයි හරියන්නේ. එක්කෝ වැටෙන්න පුළුවන්, නැත්නම් නොවැටෙන්න පුළුවන්. (හෝව්.. හෝව්.. පාඩම ඉස්සරහට යමු. කොමෙන්ට් ඕනේ නෑ මේකට හිකි)

අනිත් දේ තමයි මේ ROI එකේ ක්‍රම දෙකක් තියනවා. කෙටි කාලින සහ දීර්ග කාලින කියල. උදාහරණයකින් කියන්නම් වැඩේ ලේසි වෙන්න. ඔන්න අපි ඉඩමක් ගත්ත කියමු. ඒක දීර්ග කාලින ආයෝජනයක්. එකේ ප්‍රයෝජනය උපරිමෙන් ලැබෙන්නේ කල් යන්න යන්න. ඒ වගේම මේ ආකාරයේ දීර්ග කාලින ආයෝජනවලට සාමාන්යෙන් ලොකු වටිනාකමක් තියනවා. ඒ කියන්නේ ආයෝජනය ලොකුයි. වගේම ප්‍රතිපලයත් ලොකුයි. අනිත් අතට අපි ගමු මාස තුනක් වගේ කෙටි කාලයකට බැංකුවක ඩිපොසිට් එකක් දාන අවස්ථාවක්. එකේදී ප්‍රතිපල ඉක්මනට ලැබෙනවා. ලොකු ආයෝජනයක් ඕනෙත් නෑ. ලොකු ප්‍රතිපලයක් ලැබෙන්නෙත් නෑ.

ඔන්න ඕකයි මට තේරෙන ආකාරයට ආයෝජනය කියන එකේ සරල තේරුම. මගේ වැරදි තියනවනම් කිසි අව්ලක් නෑ පෙන්නලා දෙන්න.
කොහොම හරි අන්තිමට ඔයාල පොඩි හරි දැනීමක් මේකෙන් ගත්තනම් මට හොදටම ඇති.

එහෙනම් හෙට
ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි” සමග හම්බ වෙමු.

10 ප්‍රතිචාර:

Ruwa said...

Elakiri Lokka... Keep it up......

සාතන් said...

එල එල.. දිගටම මේ මාතෘකාව ගැන ලියපන්... සමහර තැන් තියෙනව ටිකක් පැහැදිලි කරන්න ඕන. ඒව උඹ ඉස්සරහට එන ඒ‍වගෙ පැහැදිලි කරයි නෙ...

පිණිබිඳු... said...

වැදගත් ලිපියක් සහෝ.

කිඩෝ said...

ආයෝජන පන්තිය අදට අවසානයි ඉති​රි කොටස ඉක්මනින් බලා පොරොත්තුවන්න :D

ADK කොලුවා said...

@ Ruwa & පිණිබිඳු... : බොහොම ඉස්තුතියි...
@ සාතන් : ඔව්, ඔව්, ඉස්සරහට යනකොට මට කොතන හරි මිස් උනොත් හරි, උබලට පැහැදිලි නැති තැනක සෙට් උනොත් ටක් ගාල අහපන්.. මම දන්නා විදියට කියල දෙන්නම්.
@ කිඩෝ : මෙන්න කොල්ලෝ.. මම කියන්න ඕනේ දේ මු කියල.. මාරු ඇම්ඩේක් තමා මූ...

Ravisanka said...

එල මචෝ දිගටම ලියපන්

Sakiya said...

niyamai bro.jst nw started to read it.thumbs up.

Unknown said...

ඉතා හොඳ මාතෘකාවක්, රටට අවශ්‍ය වන්නේ මෙයයි. ජය

Unknown said...

හොඳට තෙරෙන්ව.

Anonymous said...

El

Post a Comment