Showing posts with label තොප්පිය. Show all posts
Showing posts with label තොප්පිය. Show all posts

Monday, February 2, 2015

අය වැයේ අතුරු කතා... 1

හුදෙක් විනෝදය පිනිස පමනි.. තරහ ගැනීමෙන් වලකින්න..



පුතා: (වැඩ නිමවී ගෙදර පැමින ) අම්මේ..

අම්ම: (වත්ත පහල සිට ගෙදරට එන ගමන්) මේ එනව පුතේ..

පුතා: අම්මෙ අද මම මගේ ජීවිතේ වටිනාම රුපියල් 1000.00 වියදම් කරා..

අම්ම: (හඩමින්) මොකද්ද මගෙ බුදු පුතේ උබ මේ කලේ.. බොලාගෙ තාත්තටයි මටයි කියල 10-15ක් නෑනෙ..  කෝකටත් හිටියෙ උබ විතරයි.. උන්දැ නැති උනාට පස්සෙ මම කොයිතරම් දුක් වින්දද උබව මේතත්වෙට ගේන්න?? ඇයි පුතේ උබ මේ අම්මට මෙහෙම කරේ.. උබේ කැමැත්තකට මම කවදාවත් එපා කියල තියනවද?? එහෙව් අම්මටද උබ මේ හිතුවක්කාර වෙලා පාඩම් උගන්නන්නෙ.. මම දැන් කොහොමද බන් රට්ටුන්ට මූන දෙන්නෙ.

පුතා: මොකද අම්මෙ මේ?? මම මොකද්ද කරපු වැරැද්ද?? මම මගේ මුල්ම රස්සාවෙ මුල්ම පඩියෙන් රුපියල් 1000.00ක් දීල අම්මට සාරියක් ගෙනාව..

අම්ම: (කදුලු පිහිදාන ගමන්) ඇති යාන්තන් දැන් තමා මගේ ඇගට ලේ ටිකක් ඉරුවෙ.. මම මේ අල්ලපු ගෙදර සුමන එක්ක අය වැයේන් අඩු කරපුව ගැන කතා කර කර හිටියෙ. කෝ ගනින් ඕක හැඩ බලන්න..

Tuesday, February 5, 2013

දශක 6ක නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය...



රට : නිදහස් ශ්‍රී ලංකාව 

1948 පෙබරවාරි 05 :
  • ආසියාවේ හොදම පාර්ලිමේන්තුව ඇති රට 
  • ආසියාවේ වැඩිම විදේශ විනිමයක් තිබූ රට 
  • ආසියාවේ ස්වයන්පොෂිතම රට 
  • ආසියාවේ තිබූ වෙන කිසිම රටකට ණයක් නැති එකම රට 
  • ආසියාවේ දෙවෙනියට හොදම අද්‍යාපනය තිබුන රට 
  • ආසියාවේ පළමුවම සාධාරණ සර්ව ජන චන්දයක් පවත්වන රට 
  • ...
  • ...


2013 පෙබරවාරි 05 :
  • සීනි වලටත් ඇමතිවරයෙකු දමා ආසියාවේ කුජිතම පාර්ලිමේන්තුව ඇති රට 
  • ආසියාවේ විශාලතම අය-වැය හිගයක් ඇති රටවල් අතර ඉහලම තැනක් ඇති රට 
  • නැවෙන් කටට සංකල්පය ඇතිව, අවශ්‍ය සියලුම දේ (95%) රටින් ගෙන්වන රට 
  • වෙන රට වලට ඇති ණය වාරිකය සහ පොලිය ගෙවීමට තවත් ණය ගන්න රට 
  • පවත්වන සියලුම විභාග ප්‍රශ්න පත්තර කලින් පිටවන රට 
  • මහජන චන්ද පත්‍රිකා කුණු ගොඩවල් වලින් සොයාගන්න රට 
  • ...
  • ...


අනේ සුද්දෝ ආයෙත් ඇවිල්ල අපිව අල්ලගනිල්ලකෝ..... උබල අපේ රටේ තියන වටිනා දේවල් උබලගේ රටට ඇද්දට උබලට ඒකට නිදහසට කාරණයක් තියනවා. මොකද උබල , උබලගේ දරුවන්ට කන්න අදින්න දෙන්න ඕනේ... අපේ රටේ ඉපදිලා, රටේ හැදෙන බත් කාල, රටේ වතුර ටික බීල හදුනා වැඩුන අපේ පාලකයෝ කරපු කරන විනාසේ බැලුවම උබල කරලා තියෙන්නේ මොකද්ද කියල හිතෙනවා... 

සංවාධයට ඉඩ...

Wednesday, July 13, 2011

ADK කොලුවා උපාධි තොප්පිය දැමූ වගයි..

හැමදාම පොස්ට් එකක් දාපු, කොමෙන්ට් වරද්දන්නෙ නැතුව දාපු මම කොලුවට එකපාරටම උනේ මොකද්ද කියල ඔයාල බලනවා ඇති. ඇත්තටම දවස 4 කින් විතර මේ පැත්තේ එන්න බැරි උනා. ටයිටලේ කියෙව්වම හේතුව මොකද්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඒත් නොකිය බැරි නිසා මම කියන්නම්. මම කොලුවත් දැන් උපාධි ධාරියෙක් බවට පත්වෙලා ඉන්නේ. විස්තර ඇතුව කිව්වොත් BSc in Management Information System, Second Class Honours, Grade I උපධිකාරයෙක් දැන්. කොහොමද ඒක.. ලොල්ය.. සෑහෙන්න සතුටුයි. අවුරුදු 4ක මහන්සියේ ප්‍රතිපල. පන්තියේම ඉන්නේ First Class ළමයි 6යි නිසා  Class ඒක ගැන හිතට දුකක් නෑ.

උපාධිය ගත්ත කියල කොලුවා නැවතුනේ නෑ. MSc එකකුත් දැනට කරන්න පටන් අරන් තියෙන්නේ. පටන් ගත්තේ ප්‍රතිපල එලියට දාපු දවසේමයි. මොකද කාලය අපතේ යවන එක හොද වැඩක් නෙමේ. දැනට ඒකෙ එක සබ්ජෙක්ට් එකකුත් ඉවරයි.

දැනට මට වයස 24යි. දෙයියනේ කියල 25 ඉවර වෙන්න කලින් මාස්ටර්ස් එක ඉවර කරගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

සමහර මාව දැකල නැති අය ඇතිනේ ඔය පහලින් ඉන්නේ මම කොලුවා තමා. 


මේ  ඉන්නේ කොලුවා අම්මියත් එක්ක.


මේ ඉන්නේ කොලුවයි, කොලුවාගේ තාත්තයි.


පොටෝ වලින් මේක පුරවන්න බෑ නිසා දැම්මේ තුනයි. තව ගොඩක් පොටෝ මගේ බුකියේ දානවා ඉස්සරහට. බලන අය බලන්න. පොටෝ ටික දාල ලින්ක් එක මෙතන දාන්නම්.