Saturday, June 4, 2011

සතියක් පුරා බෝදි පුජා කරපු අපි... - අනං මනං

අද මොකද්ද කියන්නේ කියල කල්පනා කර කර ඉන්නකොට මම දැක්ක අපේ ඉස්කෝලේ අපේ බොකු සෙට් එකේ "පැටිය" මගේ පරණ බ්ලොග් පොස්ට් එකකට බුකියේ කොමෙන්ටුවක් දාල තියෙනවා.

ඕක දැක්කම මට මතක් උනා කතාවක්. මේක හිනා යන එකක් නම් නෙමේ. හැබැයි හිනා යන කතා 100 කට වඩා හිතින් සතුටු උන කතාවක්.


සමහර වෙලාවට උබල දන්නවත් ඇති දැනට අව්රුද්ද්දකට විතර කලින් "ඩෙංගු" ලංකාව පුරා රජ කරා. ඔය වෙලාවේ අපේ හොදම යාලුවෙක් උන ____ (නම දාන්නේ නෑ. මොකද මම මේ කතාව දාන්නද කියල උගෙන් ඇහුවේ නැති නිසා. අදුර ගන්න ඉගියක්‌ දෙන්නම් කොල්ල ආනන්දේ.)  ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ නැවැත්තුව.

දවස් 3-4 ක් ගියා.. අපිත් බලන්න ගියා.. මුට අව්ලක් නෑ. අපි ගියාම අපිත් එක්ක බයිලා කියව කියව ඉන්නවා. 

හැබැයි ඒක පාරටම දවසක් ආරංචි උනා වැඩේ බරපතල වෙලා. ICU එකේ නවත්තල. මැෂින් එකෙන් ඉන්නේ කියල. අපිට උන ශෝක් ඒක ගැන අලුතෙන් කියන්න ඕනේ නෑනේ. ගියා බලන්න. වැඩේ ඇත්ත. මුට හෙන අව්ල්. එළියේ මුගේ අම්ම, අක්ක විතරක් නෙමේ තාත්තත් අඩනවා. අපිට කනට ගැහුවා වගේ. පට්ටම අව්ල්. කට්ටිය කතා උනා මොකද කරන්නේ කියල. කට්ටියම මැත කරපු උන් නිසා පැනඩෝල් පෙත්තකට වඩා දෙයක්ගැන කියන්න දන්නේ නෑ.



දන්න අදුරන ඩොකාල සෙට් කරා. දියුණුවක් නෑ. එන්න එන්නම බරපතල වේගෙන එනවා.

ඔය අතරේ අපි බැලුව මෙහෙම ඉදල වැඩක් නෑ. "බෝදි පුජාවක්" වත කරමු කියල.

වෙන කරන්න දෙයක් නෑ.. අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ "බෝදි පුජාවක්" වත් කරලා සෙත් පතන ඒක තමා.

උබල හිතපල්ලා වෙසක් පෝයට වත් පන්සල පැත්තේ යන්නේ නැති අපි කට්ටිය බෝදි පුජා කරන්න සෙට් උනා කියන්නේ කොහොමද ආතල් ඒක. අපි ඉතින් ඕව කරන විදි දන්නේ නෑනේ. ඉතින් අපි තොර ගත්තේ අපේ දිලුමලගේ ගෙවල් ගාව පන්සලක් මොකද දිලුම්ගේ අම්මත් එන්නම් කිව්ව නිසා.

දැන්  කට්ටිය හැමදාම 6.00ට බෝදි පුජාව. වැඩ නොකරපු එවුන කලින් එනවා දිලුමගේ ගෙදරට. වැඩ කරපු මම, මොළ වගේ එවන් 4.00ට විතර ඔෆිස් එකෙන් පැනල එනවා. ඇවිල්ල ගොඩගම පැත්තේ තියන මල් ගස්වලට සුනාමි වැදුන වගේ මල් කඩනවා කැඩිල්ලක් ආයේ අනිවා හැම දාම වට්ටි 10-15ක් තියනවම තමා. අපිට ඉතින් අනුන්ගේ වතු වලට යාම, තාප්ප පැනීම වගේ අනේක ඌ දක්ෂතා අලුතින් උගන්නන්න ඕනේ නෑනේ. අපි දන්නා වැඩ කිඩ ඔක්කොම දාල වැඩේ හොදටම කරා. ඔය අතරේ රට වටේ තියන මන්තර ගුරුකම් තැන් වලටත් ගියා. 

මේකට ගොඩක්ම මහන්සි උන සෙට් එකේ දමිත් කොටා, දිලුම සහ මට මේ කතාව හදිස්සියේම මතක් වෙන්න හේතු උන පැටිය හිටිය.  අපි ජොබ් කරපු නිසා දවල් වරුවමේ වෙනුවෙන් වැය කිරීමේ හැකියාවක් තිබුනේ නෑ.

අපේ පැටියට පට්ටම කරුමයක් තිබුනේ. ඕක බයික් එකට නැග්ගොත් වහිනවා. කොටින්න්ම කිව්වොත් වතුර ටැංකියක් හරි ඔෆ් ලෝ වෙනවා. මට තාම මතකයි, ඒක දවසක් පුජාවට මු නෑ. අපි බැලුව බැලුව, කෝල් කරා කිසි ප්‍රතිචාරයක් නෑ. බැරිම තැන අපි පන්සලට ගියා. මෙන්න බොලේ ටික වෙලාවකින් මහා වැස්සේ තෙමිගෙන, මල් බෑග් එකකුත් බයිසිකලේ එල්ලගෙන මු පිබල ආව. එන ගමන් පොලිසියෙන් අල්ලලා. ඌ දඩ කොලේ ලියන්න පරක්කු කියල ඌට ගේම ඇදල වැඩි ගානක දඩේකුත් කාලයි මේ ඇවිත් තියෙන්නේ. වැස්සේ තෙමිලා පෝන් එකටත් බඩු සිද්ද වෙලා.

කොහොම හරි ලොවෙත් පන්සල යන්නේ නැති කොල්ලෝ ටිකක් සතියක් ඒක දිගට බෝදි පුජා කරපු පිනටද කොහෙද දවස් 10ක් විතර යනකොට අපේ යාළුවා මැෂින් එකෙන් ගැලෙව්වා. අද මැරෙයිද හෙට මැරෙයිද කියල කටින් නොකිව්වට හිතෙන හිතල දුක වින්ද අපි අතරේ සතුටු සිනා රැල්ලක් අදුන. තාමත් ඌ ඉන්නවා අපි අතරේ.

ඔන්න ඔහොමයි අපේ යාලුවෝ සහ අපි යාලුවෝ ආශ්‍රය කරන්නේ.

 කියවල කරන්න ඕන දේ මම අලුතෙන් කියන්න ඕනේ නෑනේ..

10 ප්‍රතිචාර:

Ravisanka said...

:)

සමනළී... said...

:) හොඳ යහළුවො කවදත් වැජබෙනව....

Unknown said...

මෙන්න මෙකයි උනෙ එදා, මට වෙන වැඩක් සෙට් වෙලා එන්න ටිකක් පරක්කු උනා එද්දි ම්න්චි එක ගාව ෆට්ට ට්‍රෆික්.. නවත්තන් ඉන්නකොට තමයි මට මතක් උනේ පූජාවට ඔනි කරන මල් වගයකුයි තව කොල ජාතියකුයි මගේ බැග් එකේ.. අපේ සෙට් එකෙන් අපිට ලබුනු පුරුද්දක් තිබ්බා යලුවෙක් වෙනුවෙන් බෙල්ල උනත් දෙන ගතියක්..මෙන්න මුන් එක්ක ඉදලම තමයි මට ඔය ගති පිහිටුනේ..මමත් ඉතින් නිකන් හිටියෙ නා ඔන පුයන්නේයි කයන්නයි කියලා double ඉරි කපලා දකුනු පැත්තෙන් දගෙන කෙලගෙන යනවා ඉස්සරහට... අය්යො සල්ලි කියන්නේ police maamek කුඩයක් ඉහලගෙන පාර මැද්දට පැනලා නැවැත්තුවා..මම ඉතින් විස්තරේ කිව්වා මෙහෙම පූජාවකට යන්නෙ කියල..මේ පරයා අහපි මගෙන්, ඇයි මල්ලි මල් පරවෙයි කියලද ඔහොම යන්නෙ කියලා, එකට ඉතින් පට්ටේට හිත රිදුනා මොකද අ දවස් වල අපි හිටපු හැටියට ඔය වගේ පල් කතවක් අහුවම කන පැලෙන්න දෙන්න පුලුවන් (මට ඉතින් එච්චර හය්යක් නැති නිසා මම කිව්වා) හරි හරි ඔය කට වහගෙන මට දඩ කොලේ ඉක්මනට ලියලා දෙන්න මට මෙතන ඔයත් එක්ක කතා කර කර ඉන්න වෙල නැ, මෙන්න licen එක ඉකමනට දඩ කොලේ දෙන්න කියල..

Dilum said...

ShaLL we do a bodi puja again!!!!!!!!!!!!
Ai matakada anajana ara hamuduruwoo!! :P

h said...

ETHAKOTA ARA SATTARETA KATAWA MOKO,HAMUDURUWANTA GAHAPU SEEN 1

Damith said...

That's da frndshp machan......
Ape ewun patta sira ne......

Maxworth said...

ammaaa pallla ehemath athal eka neeee

Pramod said...

අපේ සෙට් එක අනිවා සුපිරි වටිනවා...

kajja said...

yakoo maath aawaaa

Anonymous said...

mona unath oyaage hith hodai...

Post a Comment