Thursday, August 25, 2011

ආතල් ප්‍රශ්න... (පුළුවන්නම් දෙන්න උත්තර.. ඔට්ටුයි බෑ)


අද මම අහන්නේ ෆුල් ආතල් ප්‍රශ්න ටිකක්. මේවට බොක්කෙන් හිතන්න යන්න එපා. ආතල් විදියට ෆන් එකේ උත්තර හොයන්න. ෆන්ම උත්තර දුන්න කෙනා තමයි දිනන්නේ... හැම එකකටම ලස්සන ප්‍රැක්ටිකල් උත්තර තියනවා...සමහර ඒවාට ඒක පාරටම උත්තරය පේනවා. වැඩිය ස්මාට් වෙන්න ගිහින් වරද්දගන්නවා එහෙම නෙමේ...

1) කැන්ගරුවෙක්ට(Kangaroo) අයිෆල් කුලුනට(Eiffel tower) වඩා උඩ පනින්න පුලුවන්ද??  (උත්තරයට හේතුව දක්වන්න)

2) තනිකඩ ජිවිතයේ ඇති වඩාත්ම සුවිශේෂී වාසිය කුමක්ද?

3) මුදල් රහිත ආදරයක් අත්විදිය හැකිද??

4) පොටෑසියම්, අයන්, නිකල් (Potassium, Nickel, Iron) යන සංයෝග තුන බාවිතයෙන් සාදා ගත හැකි ආයුධය කුමක්ද?

5) ලෝකයේ සිටි කම්මැලිම මිනිසා කවුරුන්ද??

6) අපට ඉර(Sun) දැකිය හැක්කේ දවල්ට පමණි. රාත්‍රියට ඉර(Sun)  නැත. මිට හේතුව කුමක්ද?

7) පිනිමට නොහැකි මාළුවා(Fish) කවුරුන්ද?

8) හොදින් වැඩුණු අලියෙකු(Elephant) මිනි කුපරයක් තුලට ඇතුළුවන්නේ කෙසේද?

9) බලපත්‍ර නැති වුවද තවමත් රාජකාරි කරන රියදුරා(Driver) කවුරුන්ද?

10) පරිගණකය යනු ලැජ්ජාවක් නැති (Shameless) යන්ත්‍රයකි. මෙට හේතුව කුමක්ද?

එහෙනම්  අපි කැපුනාවේ.....

9 ප්‍රතිචාර:

ප්‍රසංග said...

01 කැන්ගරුවො ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ නේ
02 ඕනි වෙලාවක ඕනි දෙයක්.....
03 අම්මගෙ ආදරය උතුම්ම ආදරය
04 සුදු යකඩ පොල්ලක්
05 වෙන කවුද ඉතිං ADK කොලුවා
06 රෑට කළුවරයි නෙව බොල කොහොමෙයි ඉර පේන්නෙ
07 ගල් ආඳා
08 දකුණු කකුල පෙරට තබා
09 මම නම් නෙමේ
10 ඕනි දෙයක් පෙන්නනවා නේ....

පොඩි මෑන් said...

1 බෑ කැන්ගරුවො ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ විතරයි...
2 කඩෙන් කන්න පුලුවන් ඕනෙ වෙලාවක ඕනෙ කඩේකින්
3 පුලුවන්
4 වතුරට දැම්මාම පුපුරන යකඩ බෝලයක්
5 බෲටොස් බෲටොස් ගාලිගෙ තාත්තා.. පුතාට නම් දෙකක් හිතන්නත් පොරට කම්මැලි හිතුනා ඒක නිසා එකම නම දෙපාරක් තිබ්බා
6.හවසට ඉර බැහැල යනවා
7.පැන්නා ඌට පුලුවන් පනින්න
8. දොරෙන්
9. කරත්ත කාරයා
10. සොෆ්ට්වෙයාර් සහ හාඩ්වෙයාර් තිබුනත් අන්ඩවෙයාර් අදින්නෙ නැති නිසා

ADK කොලුවා said...

අඩේ කොමෙන්ට් හයිඩ් කොරන්න අමතක උනානේ.. දැනුයි කරේ.. ඔය ඇවිල්ල තියෙන්නේ පට්ට ෆන් උත්තර ටිකක්.. ඔහොම යමු....

කිඩෝ said...

1.ඇයි බන්ස් පුලුවන් කුලුනට වඩා උස කන්දක් උඩට ගියා පැන්නා
2. එක එක දවසට එක එක එකා එක්ක නිදාගන්න පුලුවන් (වනචර උත්තර :D )
3. පික්ෂුද බොල අම්මගේ ආදරේ ඇර අනිත් හැම රෙද්දටම සල්ලි යනවනේ බලපන් කෙල්ලෙක්ට චොකලට් එකක් ගත්තත් එතනත් රුපියල් 10ක් ඇයි දෙයියනේ සත 50 බුල්ටෝ 20ක් කන්න පුලුවන් සල්ලිනෙ (සත 50 බුල්ටෝ හොයාගන්න නැති එක වෙනම කතාවක් :D )
4. පිහියක් (K+Ni+Fe = knife) මේකනං ලොල්ය :P
5. කුම්බකර්ණ (ඊලගට මං)
6. යකෝ ඉර දවල්ට විතරයි වැඩ. ඕටී කරා කියලා උබ ඉරට ගෙවනවද :P
7. ගෝල්ඩ් ‍ෆිෂ් (රත්තරන් ජලයේ ගිලේ)
8. පොඩි කෑල්ලක් ගලවනවා ඇතුලට දානවා ඔහොම කෑල්ලෙන් කෑල්ල මුලු ඇගම ඇතුලට දානවා
9. අන්න දැන් ටිකකට කලින් ඒකව පොලීසියෙන් ඇල්ලුවා
10. යකෝ කම්පියුටරේ මේල්/ෆීමේල් පෝර්ට් දෙකම තියනවා අනික මේකා ඒ ඔක්කොම එලියටත් දාංනේ ඉන්නේ (ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි දෙපැත්තෙන්ම තියනවා) ඉතින් බන් ලැජ්ජාවක් කියලා එකක් තිබුනනං මේකා ඔය ඔක්කොම එලියෙදාං ඉදීවිද :P

duliponline said...

1) පුලුවන්.
හේතුව: දන්න නිසා කියන්නෙ . . . ඔප්පු කරල පෙන්නන්න ඕනෙම නං . . . මට වීස අරංදියං ඔය අටවල් දෙකට . . .
2) හැමදාම කුචු කුචුවක් නැතුව බොන්න පුලුවන් වීම
3) බෑ.
4) පිහිය (K Ni Fe)
5) මම
6) සන් සුන් වන නිසා
7) ආනමාලු
8) දොර ඇරගෙන
9) ස්කෲ ඩ්‍රයිවර්
10) අන්ඩර්වෙයා නැත . . . .

පිස්සු පුසා said...

1)බෑ.මොකද කැන්ගරුවා ඉන්න රටේ එහෙම කුලුනක් නැති නිසා
2)ඕනම දෙයක් හිතේ හැටියට,ඕනම විදියකට කරන්න පුලුවන්
3)අපෝ පුලුවන්.අම්මාගේ ආදරය
4)නොදනී
5)මම ;)
6)ඉර එයාගේ ශිෆ්ට් එක ඉවර කරලා ගෙදර යන නිසා.
7)ගල් ආදා
8)දොරෙන් නේ
9)නොදනී
10)ඕනම දෙයක් ඕනම කෙනෙක්ට පෙන්නන නිසා

සංකල්ප said...

ඔන්න මට නම් මේවට උත්තර නෑ.

Amila Jayatillaka said...

1. aniva කැන්ගරුවා, මොකෝ අයිෆල් කුලුනට උඩ පනින්න බෑනේ :P

Chathura Jayasinghe said...

පට්ට ප්‍රශ්න ටික ඔයි!!

Post a Comment