Showing posts with label ජයග්‍රහණ. Show all posts
Showing posts with label ජයග්‍රහණ. Show all posts

Thursday, February 27, 2014

මමයි 2014යි....



අප්පා.. සෑහෙන්න කාලෙකින් මේපැත්තෙ එන්නත් බැරි උනා.. ඔෆිස් වැඩයි, අනිත් වැඩයි ඔක්කොමත් එක්ක එකක් බ්ලොග් ලියනව කියන්නෙ ලෙහෙසි පහසු වැඩක් නෙමේ. වැඩට ගිහින් ගෙදර ආවම මොන බ්ලොග්ද, ෆිල්ම් එකක් දාගෙන ඇදට වැටෙන එක තමා එකම නිවන. (ඇත්තම කියනවනම් වෙලාවක් නතුව නෙමේ, කම්මැලි කම.. ලොල්ය..) කොහොමෙන් කොහොම හරි සෑහෙන්න කාලයක් ගෙවිල ගියා දන්නෙම නැතුව. අපිට නොතේරීම ඔරලෝසුව කැරකෙන පිස්සුවෙන් වගේ. යාන්තන් පොඩි වෙලාවක් හොයාගත්ත මොනව හරි කොටන්න. 

දැන් ඉතින් මාතෘකාවට එන්නම්කො,  2014 වසර ලැබුවත් හරි මගෙ ජීවිතේ ලොකුම ලොකු වෙනසක් උනා. සමහර අය දන්නවත් ඇති මම දැන් ඉන්නෙ ලන්කාවෙ නෙමේ. ලන්කාවට කිරි පිටි එවන පට්ටි ගොන්නු ඉන්න රටේ. අම්මල තාත්තලගෙ සල්ලි වලටයි, මගෙ කැපවීමටයි පින් සිද්ද වෙන්න මේ රටට ස්කිල්ඩ් මයිග්රන්ට් කෙනෙක් විදියට එන්න පුලුවන් උන එක ලොකු දෙයක්. ලන්කාවෙ වරදක් කියනව නෙමේ, ඒත් ලන්කාවෙ කොච්චර පඩියක් ගත්තත් කනව බොනව ඇරෙන්න ඉතුරුවක් කරල පොඩ්ඩක් ඔලුව උස්සල අම්මල තාත්තල හදල දුන්න දේ වැඩි දියුනු කරගන්න හරි අමාරුයි කියල හිතුන නිසයි මේවගේ තීරනයක් ගත්තෙ. කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න ආව කියමුකො, ඊලග කෙලිය ජොබ් කට්ටක් හොයාගන්න එක. ලන්කාවෙ උබල අපි ඔක්කොම හිතන් ඉන්නෙ රට ගියාම ඔක්කොම අතට පයට ලැබෙනව කියල. වෙන රටකට යන්නම ඕනෙ ඒකෙ රගේ තේරෙන්න. ඔන්න ඔහොම තමයි මගේ මේ අලුත් අවුරුද්ද පටන් ගත්තෙ. සෑහෙන්න කාලෙකින් ඉන්ටවිව් වලට එහෙම ගියෙ නැති නිසා ඒකත් පොඩි චැලෙන්ජ් එකක් උනා. මුල් දවස් වල තනියම කාමරේකට වෙලා ජොබ් ඇඩ්වයිස් කරන සයිට් බල බල ඇප්ලිකෙශන් දාන එකෙයි, ඉන්ටවිව් ආවම නෙට් එක කනපිට ගහල කොම්පනිය ගන හොයන එකෙයි පොඩි ජොලියක් නැත්තෙම නෑ.

පොඩ්ඩක් කට්ට තමයි, හැබැයි මටනම් ඒ කට්ටෙ ප්රතිපල ලොවෙත් ලැබුන. දෙයියනේ කියල පරන පිනක් පලදීලද කොහෙද මට මාසයක් යන්නත් ඉස්සෙල්ල එලම කිරි ජොබක් සෙට් උනා. ලන්කාවෙදි ගත්ත අත්දකීම් එක්කම තවත් ගොඩක් දේවල් ජොබ සෙට් කරගන්න උදව් උනා කියලනම් කියන්නම ඕනෙ (මම පරන පිනක් පලදුන්න කියල කිව්වෙ මෙහෙ කොල්ලො ජොබ් නැතුව කන කට්ට ඇස් දෙකෙන්ම දැක්ක නිසා). පොඩි කොස්සකට තියෙන්නෙ මගෙ ලොක්ක අර අපිට ලග ජන්ගිය වගේ රටේ යට හරියෙ ඉපදුන ගෑනියෙක්. ඒකි මෙහෙට ඇවිල්ල දනට අවුරුදු 12ක් විතර වෙනවලු. පෙනුමත්, කතාවත්, වැඩත් තාමනම් අව්ලක් නෑ. හැබැයි කොයි වෙලාවෙ අර උප්පත්ති රටේ ගතිය මතුවෙයිද කියන එක තමා මට තියන බය. අව්ලක් නෑ, අපිත් ලෝකෙ කාල වතුර බීල ඉන්න පොරවල් නිසා එන එන විදියට ගහ උලුවස්සා කියල ඉන්න තීටනය කරා.

හොදම වැඩේ තමයි මේ කොම්පැනියෙ ලෝක බෝලෙන් බාගයක් විතර ඉන්නව. දකුනු අප්ප්රිකානුවො, රසියාවො, කොරියාවො, පිලිපිනියො, චෑන් චූන්ල, ජප්පො, ඉරානයො, රැජිනගෙ කොල්ලො, ප්රන්ශ බුවාල වගේ එකී නොකී ඔක්කොම රටවල් නියෝජනය කරන උන් මේ එක වහලක් යට ගින්දර වගේ වැඩ කරනව. එක එක රටවල ජොන්ටො එක්ක වැඩ කරන එකෙත් හෙනම ලොල් එකක් තියනව.
හැමදාම වගේ මේ කොමපැනියෙත් පොඩිම එකා මම තුමාලු. මට පොඩ්ඩක් හරි ලගින් ඉන්න එකා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්. අනේ ඉතින් ඉන්න ඔක්කොමල මට ඉතින් පුතෙක්ට වගේ සලකනව. ආදරේ බෑ..

ඔන්න ඔහොම තමා ඩන් මගේ ජිවිතේ ගතවෙන්නෙ. ඉස්සරහටනම් මොන මොනව හරි කුරුටු ගාන්න වෙලාවක් තියෙවි වගේ.. මොකඩ කිව්වොත් අපි ලන්කාවෙ පැයට කරන වැඩ මුන් දෙයියනේ කියල තොල හපාගෙන දවසක් දෙකක් අඩුම ගානෙ කොරනව.

දැනට මේ ඇති වගේ. බොහොම ඉක්මනට "පාසලේ විත්ති" එකක් දෙකක් කොටන්න හිතන් ඉන්නව. බලමුකෝ.. එහෙනම් අපි කැපුන...

Sunday, July 17, 2011

ADK කොලුවා බ්ලොගයේ 50වෙනි පොස්ටුවත් දැමු වගයි...


ටොපික් එක දැක්කම අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ පොස්ට් එක මොකක් ගැනද කියල. මේ මම කොටන්නේ මගේ බ්ලොග් එකේ 50වෙනි පෝස්ටුව. ඇත්තටම මට හරි සතුටුයි. මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අය අදුරගන්න ලැබුන. ඒ ගොඩක් අය නොසැහෙන්න දක්ෂතා තියන අය. තාම හොදක් අය පවුද්ගලිකව දැන හදුනා ගන්න වුනේ නැති එකට පොඩ්ඩක් දුකයි. නමුත් අන්තිම සති අන්තයේ කීපදෙනෙක් සැබෑවටම දැකගන්නත් ලැබුන එක සතුටක්. ඉස්සරහට ගොඩක් අයව දැක බලාගෙන සේටර් වෙලා තවත් අලුත් බොකු ටිකක් ඇති කරගන්න හිතන් ඉන්නවා..

අදට මම බ්ලොග් එක පටන් අරන් දින හරියටම 78යි. හරි හරියට පොස්ට් දැම්ම. ගොඩක් කට්ටිය ඒවා බැලුව, කොමෙන්ට් දැම්ම, මාව දිරිගන්වුව. මම මේක කොටන වෙලාව වෙනකොට මට කෙම්න්ටු 640ක් ලැබිල තියනවා. ඒ කියන්නේ එක පොස්ටුවකට කොමෙන්ටු 13ක් වගේ. අදටත් මට දවසකට සාමාන්යෙන් පොස්ට් එකක් දැම්මොත් හිට්ස් 250+ විතර වැටෙනවා. මම වගේ ආධුනිකයෙක්ට ඒක හොද කවුන්ට් එකක් කියල මම හිතනවා. ඒ ගැන මම ආඩම්බරයි.

මම හැමදාම කියන්න වගේ මම බ්ලොග් ලියන්න මුල් උනේ රංග අයියගේ මගේ ලෝකය දැකල. ඊට පස්සේ මාරයාගේ, සාතගේ, ඕනයගේ, කිඩෝගේ, කතන්දරගේ, මධුරංගගේ, රත්ගමයාගේ වගේ එකී නොකි ගොඩක් බ්ලොග් වල ආභාෂය මට ලැබුන. දැනට මගේ බ්ලොග් ඒක ෆලෝ කරන අයත් 75 ක් ඉන්නවා. එකත් උපරිමයි. මුල් දවස් වල මගේ බ්ලොග් ඒක බැලුවේ මගේ ඉස්කෝලේ සහ සරසවියේ අය කීප දෙනෙක්. එයාල තාම මාත් එක්ක ඉන්නවා. ඒක ගැන හරි සතුටුයි. දැන්නම් දිනපතා බලන අය ලෝකෙ වටෙන්ම ඉන්නවා. ඔය පැත්තෙන් තියන ෆීඩ් කෑල්ලෙනුයි, මගේ හිට් සොසස් බැලුවමයි ඒක සැහෙන්න තේරෙනවා.  මට හරි සතුටුයි.

මිට අමතරව මට උන කුප්පම සිද්දිය, ඇත්තම අද්දැකීමක් ලියපු අසහන කාරයෝ.. - අනං මනං” පොස්ට් එකට ඒක දවසට හිට්ස් 1600+ ආව එක මට බ්ලොග් ජීවිතේදී අමතක කරන්නම බෑ. ඒක මෙයිල් එකක් විදියට මටම ආව මේ ලගදි. හැබැයි මගේ නමනම් තිබුනේ නෑ එකේ. ලොල්. මගේ ඔය පොස්ට් එක එළකිරි එකේ රුකාමැක්ස් කියල ගොන් ජොන්ටෙක් උගේ එකක්වගේ දාලත් තිබුන.

ඇත්තටම මේ මගේ 51වෙනි පොස්ට් එක. මොකද කලින් මම දාපු එක පොස්ට් එකක්, ඒකට සම්බන්ද කෙනෙක්ගේ ඉල්ලීම පිට(කොපි කිරීමක් නෙමේ, ඒක එයාගේ පවුද්ගලිකත්වයට හනිවෙනවා කියල තිබුන. හැබැයි පොස්ට් එකේ එයාගෙ නමවත් තිබුනේ නෑ. නමුත් මට වලි දාගන්න ඕනේ නෑ මේ වෙඩිම නිසා)  අයින් කරන වීම මගේ පුංචි බ්ලොග් ජිවිතේ දුකම සිද්දියක්.

මගේ බ්ලොග් එක කියවන අයගේ දැනුම වැඩි කරන්න මම පටන්ගත්ත "ආයෝජන - Investments" පාඩමත් වැඩිය හිට්ස් නැති උනත් යම් පිරිසක් එකෙන් ප්‍රජෝජන ගන්නවා කියල තේරෙනවා. මගේ ඔපීසියේ ගොඩක් දෙනෙක් මට හම්බ වෙලා කිව්වා ඒ පොස්ට් සෙට් එක පට්ට කියල. නමුත් වැඩේ තියෙන්නේ උන් ඔක්කොම බලනවා විතරයි. කොමෙන්ට් නෑ. කමක් නෑ. ඊයේ දවසේ මම ඒ පාඩම් මාලාවේ පළමු අධියර ඉවර කරා. ඉස්සරහට දෙවෙනි අධියර ලියන්න හිතන ඉන්නවා. එක මට ලොකු සතුටක්.

කොහොමෙන් කොහොමෙන් හරි මම හැමදාම මොකක් හරි පොස්ට් එකක් දාන්න උපරිම ට්‍රයි එක දෙනවා. අලුත් ජෝබකට ලබන මාසේ ඉදන් යන නිසා හැමදාම බැරි උනත් ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවේම මොනවා හරි ලියල මගේ අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.

මාව  දන්නා ගොඩක් අය මට කියන කතාවක් තමා මේකා ලියන්නේ මමද කියල හිතාගන්න බෑ කියල. මොකද මම ෆුල් ෆන්, නව ගිලුනත් බාන චුන් එකේ ඉන්න ඩයල් එකක් නිසා, මේකේ තියන සීරියස් නිසදැස්, සීරියස් අදහස් මම ලියනවා කියල හිතාගන්න බැලූ. හිකි හිකි.

මගේ බ්ලොග් එකේදි මම එක රාමුවකට කොටුවෙලා නෑ. කුප්ප කතා, සීරියස් කතා, නිසදැස්, දැනුම පාඩම්, IQ ප්‍රශ්න, මට ආපු සුපිරි ඊයවල් වගේ නොයෙකුත් දේවල් මම දාල තියනවා. ඉස්සරහටත් දානවා. මොකද මේ මට දැනෙන දේ.... මට දෙයියන්ගේ පිහිටෙන් ලාදුරු නෑ. ඉතින් දේවල් හොදට දැනෙනවා.. පොඩියට ලියන්න හැකියාවක් තියන එකට පින්සිද්දවෙන්න ඒ දැනෙන දේවල් මේ පුංචි ඉඩකඩේ දිගටම කොටනවා. මගේ පොරොන්දුවක්....

අවසාන  වශයෙන් මෙතෙක් කලක් මම එක්ක හිටියහොද නරක දෙකම අඩුවදියක් නැතුව කියල කොමෙන්ට් වලින් මාව දිරිගන්වපු, ඔයාල ඔක්කොටම  මගේ බොක්කෙන්ම නැගෙන තැන්කියු එක මම පුද කරනවා. ඔයාල නිසා තමයි මෙච්චර ගමනක් ආවෙත්, තව ඉස්සරහට මේ ගමන යන්නෙත්... අයෙත් සැරයක් ඔයාලට බොහොම ඉස්තුතියි.. ගොඩක් පිං... කියන ගමන් මම කැපෙනවා...

Wednesday, July 13, 2011

ADK කොලුවා උපාධි තොප්පිය දැමූ වගයි..

හැමදාම පොස්ට් එකක් දාපු, කොමෙන්ට් වරද්දන්නෙ නැතුව දාපු මම කොලුවට එකපාරටම උනේ මොකද්ද කියල ඔයාල බලනවා ඇති. ඇත්තටම දවස 4 කින් විතර මේ පැත්තේ එන්න බැරි උනා. ටයිටලේ කියෙව්වම හේතුව මොකද්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඒත් නොකිය බැරි නිසා මම කියන්නම්. මම කොලුවත් දැන් උපාධි ධාරියෙක් බවට පත්වෙලා ඉන්නේ. විස්තර ඇතුව කිව්වොත් BSc in Management Information System, Second Class Honours, Grade I උපධිකාරයෙක් දැන්. කොහොමද ඒක.. ලොල්ය.. සෑහෙන්න සතුටුයි. අවුරුදු 4ක මහන්සියේ ප්‍රතිපල. පන්තියේම ඉන්නේ First Class ළමයි 6යි නිසා  Class ඒක ගැන හිතට දුකක් නෑ.

උපාධිය ගත්ත කියල කොලුවා නැවතුනේ නෑ. MSc එකකුත් දැනට කරන්න පටන් අරන් තියෙන්නේ. පටන් ගත්තේ ප්‍රතිපල එලියට දාපු දවසේමයි. මොකද කාලය අපතේ යවන එක හොද වැඩක් නෙමේ. දැනට ඒකෙ එක සබ්ජෙක්ට් එකකුත් ඉවරයි.

දැනට මට වයස 24යි. දෙයියනේ කියල 25 ඉවර වෙන්න කලින් මාස්ටර්ස් එක ඉවර කරගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

සමහර මාව දැකල නැති අය ඇතිනේ ඔය පහලින් ඉන්නේ මම කොලුවා තමා. 


මේ  ඉන්නේ කොලුවා අම්මියත් එක්ක.


මේ ඉන්නේ කොලුවයි, කොලුවාගේ තාත්තයි.


පොටෝ වලින් මේක පුරවන්න බෑ නිසා දැම්මේ තුනයි. තව ගොඩක් පොටෝ මගේ බුකියේ දානවා ඉස්සරහට. බලන අය බලන්න. පොටෝ ටික දාල ලින්ක් එක මෙතන දාන්නම්.



Friday, July 1, 2011

මගේ බ්ලොග් එකට මාස දෙකයි, ඔබ සැමට ස්තුතියි...




අදට මගේ බ්ලොග් එකට හරියටම මාස දෙකයි. ඇත්තටම මට හරි සතුටුයි. මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අය අදුරගන්න ලැබුන. ඒ ගොඩක් අය නොසැහෙන්න දක්ෂතා තියන අය. තාම පවුද්ගලිකව දැන හදුනා ගන්න වුනේ නැති එකට පොඩ්ඩක් දුකයි. නමුත් ඉස්සරහට එකත් වෙයි.

මේ මාස දෙක ඇතුලත මට ගොඩක් දේවල් ලැබුන. ගොඩක් අය මගේ බ්ලොග් එක බැලුව. කොමෙන්ට් කරා. අදටත් මට දවසකට 250+ හිට් කවුන්ට් එකක් තියනවා. මම වගේ ආධුනිකයෙක්ට ඒක හොද කවුන්ට් එකක් කියල මම දන්නවා. මේ පොස්ට් ඒක දානකොට මගේ මුළු හිට් ගාන13310. නොසැහෙන්න හොදයි නේ?

දැනට මගේ බ්ලොග් ඒක ෆලෝ කරන අයත් 58 ක් ඉන්නවා. එකත් උපරිමයි. මේ මාස දෙකට(දවස් 60ට) මම පොස්ට් 42 දාල තියනවා. ඒ ඔක්කොටම වගේ හොද ප්‍රතිචාර තිබුන. මුල් දවස් වල මගේ බ්ලොග් ඒක බැලුවේ මගේ ඉස්කෝලේ සහ සරසවියේ අය කීප දෙනෙක්. දැන්නම් දිනපතා බලන අය ලෝකෙ වටෙන්ම ඉන්නවා.  මට හරි සතුටුයි.

මිට අමතරව මගේ “අසහන කාරයෝ.. - අනං මනං” පොස්ට් එකට ඒක දවසට හිට්ස් 1600+ ආව එක මට අමතක කරන්නම බෑ. මේ වෙනකොට ඒ පොස්ට් එක 2400+ ගානක් බලල තියනවා. මගේ ඔය පොස්ට් එක එළකිරි එකේ ජොන්ටෙක් උගේ එකක්වගේ දාල උගේ නම හදාගත්ත එකත් මෙතන කියන්නම ඕනේ.

මෙට අමතරව මම දාපු එක පොස්ට් එකක් එකට සම්බන්ද කෙනෙක්ගේ ඉල්ලීම පිට අයින් කරන වීම මගේ පුංචි බ්ලොග් ජිවිතේ දුකම සිද්දියක්.

මගේ බ්ලොග් එක කියවන අයගේ දැනුම වැඩි කරන්න මම පටන්ගත්ත "ආයෝජන - Investments" පාඩමත් වැඩිය හිට්ස් නැති උනත් කීප දෙනෙක් එකෙන් ප්‍රජෝජන ගන්නවා කියල තේරෙනවා. එක මට ලොකු සතුටක්.

මම හැමදාම කියන්න වගේ මම බ්ලොග් ලියන්න මුල් උනේ රංග අයියගේ මගේ ලෝකය දැකල. ඊට පස්සේ මාරයාගේ, සාතගේ, ඕනයගේ, කිඩෝගේ, කතන්දරගේ, මධුරංගගේ, රත්ගමයාගේ වගේ එකී මෙකි ගොඩක් බ්ලොග් වලින් මම දේවල් ගත්ත.

කොහොමෙන් කොහොමෙන් හරි මම හැමදාම මොකක් හරි පොස්ට් එකක් දාන්න උපරිම ට්‍රයි එක දෙනවා. ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවේම මොනවා හරි ලියල මගේ අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.

මගේ බ්ලොග් එකේදි මම එක රාමුවකට කොටුවෙලා නෑ. කුප්ප කතා, සීරියස් කතා, නිසදැස්, දැනුම පාඩම්, IQ ප්‍රශ්න, මට ආපු සුපිරි ඊයවල් වගේ නොයෙකුත් දේවල් මම දාල තියනවා. ඉස්සරහටත් දානවා. මොකද මේ මට දැනෙන දේ.... මට දෙයියන්ගේ පිහියෙන් ලාදුරු නෑ. ඉතින් දේවල් හොදට දැනෙනවා.. ඒ දැනෙන දේවල් මට දැනෙන දේ... තුලින් ඔයාලටත් පුළුවන් උපරිම කාලයක් දෙනවා... ඒක මගේ පොරොන්දුවක්....

අවසාන  වශයෙන් මෙතෙක් කලක් මම එක්ක හිටිය,  කොමෙන්ට් වලින් මාව දිරිගන්වපු, ඔයාල ඔක්කොටම  මගේ බොක්කෙන්ම නැගෙන තැන්කියු එක මම පුද කරනවා... බොහොම ඉස්තුතියි.. ගොඩක් පිං.

ප.ලි. : අදත් ආයෝජන පාඩම තියනවා...