Showing posts with label හොද වැඩ. Show all posts
Showing posts with label හොද වැඩ. Show all posts

Sunday, November 13, 2011

ජිවිතයේ දැනුම පොතට එකතු කරගන්න...


දැන් කොහොම කොහොම හරි වෙලාව හදාගෙන සති අන්තේ පොඩි පොස්ට් එකක් දාන්න සෙට් වෙලා ඉන්නේ. අද මොකද්ද දාන්නේ කියල හිත හිත ඉන්න කොට මට ආව සුපිරි ඊයක්. මට සැහෙන්න කාලෙකට කලින් මේක ඇවිල්ල තියනවා. ඔයාලටත් ඇවිල්ල ඇති.. නමුත් දැකල නැති අයට සහ දැකල ඇති අයගේ මතකය අලුත් කරගන්න මම මේක තේරෙන බාසාවෙන් දාන්න යන්නේ. මොකද මේකේ මහා ගැබුරු තේරුමක් තියනවා..



හැමදාම බයිලා ගගහ ඉන්නේ නැතුව වැදගත් දෙයකුත් දාන්න එපාය නේද??

මේ ඊයේ අහල තියනවා ප්‍රශ්න දෙකක්.. ඔයාලත් ට්‍රයි කරලා බලන්න..

1) ඔන්න බබෙක් ලැබෙන්න ඉන්න ගෑනුකෙනෙක් ඉන්නවා (එක්කෙනෙක් නෙමේ ගොඩක් ඉන්නවා. මම මෙතන කියන්නේ එක්කෙනෙක් ගැන විතරයි..). මෙයාට මේ වෙනකොට දරුවෝ 8 දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් 3 දෙනෙක් බීරි අය. දෙන්නෙක්ට ඇස් පෙන්නේ නෑ. එක්කෙනෙක් මානසික අබාධයකින් පෙළෙනවා.(අපි වගේ නෙමේ. අපිට වඩා හොද එකක්). දැන් අහන්න එපා මෙතන ඉන්නේ 6යි. කෝ අනිත් දෙන්න කියල. උන දෙන්න හොදින් ඉන්නවා. මේ විතරක්‌ නම් මදෑ, මේ ගෑනු කෙනාට "SYPHILIS" කියල ලෙඩකුත් තියනවා.(දැන් අහන්න එපා මේ මොකද්ද කියල. මම දොස්තර විභාගේ කරානම් මෙතන කොට කොට ඉන්නේ නෑ)

දැන් තියන ප්‍රශ්නේ තමා ඔයා හිතන විදියට, අවන්කවම මේ ගෑනුකෙනා ගබ්සාවක් කරගත්තට කමක් නැද්ද?? හදවතින් නෙමේ මොලෙන් මේ ප්‍රශ්නේ ඇහුවනම් වඩා හොදයි..


2) ඔන්න ඔයාට දෙනවා ලෝකේ නායකයා තේරීමේ අවස්ථාව(ලොවෙත් ලැබෙන්නේ නෑ. නිකමට වගේ හිතමු) ඔයාට ලැබිල තියනවා CV  3ක්. (ලංකාවේ වගේ ඒවා යට ගහල තමන්ගේ යාලුවෙක් දාගන්න බෑ.)

මෙන්න අපේක්ෂකයෝ 3 දෙනාගේ විස්තර
  1.  චොර උන දේශපාලකයන් සමග සිටී(UNP/JVP තරම්ම නෑ මගේ හිතේ). ජෝතිෂ්‍ය කාරයන් ඔලුව උඩ තියාගෙන සිටී(අතේ රත්තරන් ගුලියක් තියාගන්න තරම් නම් නෑ). ගෑනු දෙන්නෙක් සිටී. ලෝකේ සිගරට් ඉවර කිරීමේ පරමාර්ථයෙන් සිකරට් බොයි. අනිවා ෂොට් 7-8 දවසකට සරිරගත කරගනී..
  2. දෙසැරයක් රස්සාවෙන් දොට්ට දමා ඇත. දවල් 12.00ට කලින් නැගිටීමට එලාම් 10ක් වත් අවශ්‍යය. කැම්පස් කාලේ ගංජා කාරයෙකි. දවසකට කාලක් අනිවා අනුමත කරගනී.
  3. හැමෝම දන්නා යුද වීරයෙක්(පස්සේ රජතුමා හිරේ දාල නෑ). මස් මාන්සයෙන් තොරයි. අරක්කු/ සිගරට් වලින් තොරයි(මොකටද මෙහෙම ජිවිත..ඊය..) කවදාවත් තමන්ගේ බිරිදට හොර කරලා නෑ..
දැන්  ප්‍රශ්නේ තමා.. ඔයා කාවද තෝරාගන්නේ???

මේ ප්‍රශ්න දෙකට පල්ලෙහායින් අවන්කවම උත්තර හිතාගෙන, යටින් තියන ටිකත් කියවල අදහසක් ලියල යන්න....

 ||
 ||
 ||
 ||
 ||
 ||
 ||
 ||
 ||
 ||
 V


පලවෙනි ප්‍රශ්නෙට ඔයා කිව්වනම් ගබ්සාවක් කරහ්ගන්න කියල. බ්‍රිතෝවන් කියල ශේෂ්ට සංගීත වේදීයා මෙලොකෙට බිහිවෙන්නේ නෑ. බ්‍රිතෝවන් බිහිඋනේ උඩ විස්තර කරලා තියන විදියේ ගෑනු කෙනෙක්ගේ 9 වෙනි ළමය විදියට..


දෙවෙනි ප්‍රශ්නෙ

අපේක්ෂක 1
ශේෂ්ට ඇමරිකානු නායක ෆ්‍රැන්ක්ලින් රොසේවෙල්ට්


අපේක්ෂක 2
ශේෂ්ට බ්‍රිතාන්‍ය නායක වින්ස්ටන් චර්චිල්


අපේක්ෂක 3
ශේෂ්ට/විනසකාරී  නායක ඇඩෝෆ් හිට්ලර්


කොහොමද වැඩේ...එහෙනම් අපි කැපුන..



පලි: ටයිපින් අවුලක් නිසා වින්ස්ටන් චර්චිල් සහ ෆ්‍රැන්ක්ලින් රොසේවෙල්ට් ගේ රටවල් දෙක පැටලිලා තිබිල නිවැරදිකරා. පෙන්නලා දුන්නට බොහොම ස්තුතියි.

Saturday, July 16, 2011

කොටස් වෙලදපොලේ ආයෝජනයෙදී නිතර යෙදෙන වචන වල තේරුම් - Some important terms we have to use when dealing with stock market.




අද මම මගේ ආයෝජන පාඩමේ මුලික අධියරේ අන්තිම පාඩම කරන්න යන්නේ. අද පාඩම තමා කොටස් වෙලදපොලේ ආයෝජනයෙදී නිතර යෙදෙන වචන වල තේරුම්. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාල කොටස් වෙලදපොලත් එක්ක ගනුදෙනු කරනකොට. පාඩම මාලාව දිගටම කරගෙන යන්නේ ඔයාලගේ ඉල්ලුමට අනුව තමා. මම රැකියා පොජ්ජත් පොඩ්ඩක් වෙනස් කරලා වෙනමම සයිඩ් එකකට යන්න ඉන්නේ. ඉතින් මගේ ටච් එකත් පොඩ්ඩක් නැතිවෙයි. ඔයාලට ඕනෙම නම මම තවදුරටත් දන්න දේවල් ඔක්කොම කියල දාන්නම්. නමුත් දැනට පළමු අධියර ඉවර කරනවා.


කලින්  පාඩම් මෙතනින් ගිහින් බලන්න.

1) "ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?
2) ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.
3) කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද? - What is a Stock Exchange? How to invest in Stock Exchange?
4) බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද?? - Who are Brokerage firms and Dealers? What are the main responsibilities of them?

අද පාඩමට එමු දැන්.

මම මුලින්ම කතාකරන්න හදන්නේ,
Exchange Account (එක්ස්චේන්ග් අකවුන්ට්) එක ගැන. ඇත්තටම මේ කියන්නේ අපි කොටස් වෙලදපොලේ ලියාපදිංචි උනාම කොටස් වෙලදපොලේ අපි වෙනුවෙන් හැදෙන ගිණුම. මේක ගොඩක් වෙලාවට අපේ ජාතික හැදුනුම්පත් අංකයට සමානයි. වෙනස් වෙන වෙලාවල් තියනවද කියල මම දන්නේ නෑ. සමහර වෙලාවට අපේ සාතන් කොලුවා එහෙම ඒවා තියනවද කියල කියාවි. දැනට නෑ කියල හිතාගන්න. ඇත්තටම මගේ කලින් පාඩම් කියවපු අය දන්නවා වෙළදපොලට අපිට කොච්චර සල්ලි තියනවද කියන එක වැඩක නෑ. නමුත් අපිට අයිති මොන කොටස්ද කියන එක එයාට වැදගත්. මොකද අපිට අයිති නැති දෙයක් විකුනන්න දෙන්න බෑනේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ ගිණුමේ තියෙන්නේ අදාළ පුද්ගලයට අයිති කොටස් වල විස්තර කියල කිව්වොත් හරි. මේ ගිණුම පවත්වාගෙන යන්නේ කොටස් වෙළදපොලෙන් කියන එක මතක තියාගන්න. මේක අපේ බ්‍රෝකර්ටවත්, ඩිලර්ටවත් ඇගිලි ගහන්න බෑ..

Cash Account (කෑෂ් අකවුන්ට්) මේකේ නමින්ම තේරෙනවනේ මේ මොකද්ද කියල. මේකේ තියෙන්නේ අදාළ පුද්ගලයාගේ ගිණුමේ කොච්චර සල්ලි ප්‍රමාණයක් තියනවද කියන එක. ඇත්තටම මෙතන ගිණුම් ශේෂය සහ ක්‍රියාකාරී ශේෂය කියල දෙකක් තියනවා. ගිණුම් ශේෂය කියන්නේ ඇත්තටම තියන සල්ලි ගාන. 
නමුත් ඔයා හිතන්න ඔයා ලග රු: 10,000.00ක් තියනවා. තව රු:10 බැගින් කොටස් 100ක් ගන්න බයි ඕඩර් එකක් දාල තියෙන්නේ. නමුත් තාම ට්‍රේඩ් එක වෙලා නෑ. ඒ කියන්නේ පෙන්ඩින්. කොයිවෙලේ හරි මැච් වෙන ජොන්ටෙක් ලැබුන ගමන් මොකද වෙන්නේ. ඕක ට්‍රේඩ් වෙනවා. නමුත් ඕක ට්‍රේඩ් වෙන්න කලින් ඔයා අතේ තියන සල්ලි ඔක්කොම වියදම් කරලා තිබුනොත් මොකද වෙන්නේ?? අපි කතා කරපු ඕඩරේට ගෙවන්න සල්ලි නැති වෙනවා. මේක වෙන්න දෙන්න බැරි නිසා, අපි ඕඩරයක් දැම්ම හැටියේ ඕඩරයේ වටිනාකම අපේ කෑෂ් බැලන්ස් එකෙන් අඩු වෙනවා. ඇත්තටම බ්ලොක් වෙනවා. දැන් මේ කතාවට අනුව මේ වෙලාවේ ඔයාගේ ගිණුම් ශේෂය 10,000 නමුත් ක්‍රියාකාරී ශේෂය 9000, බ්ලොක් අමවුන්ට් එක 1000. වැඩේ තේරෙන්න ඇති මම හිතන්නේ.
මේ අකවුන්ට් එක මැනේග් කරන්නේ අපේ බ්‍රෝකර් කොම්පැනියෙන්. මොකද එයාට තමා අපේ තියන සල්ලි ගාන වැදගත් වෙන්නේ.

Portfolio (පොට්ෆෝලිඕ) මේකත් ගොඩාරියක් දුරට Exchange Account එකට සමානයි. වෙනස තමා මේක පවත්වාගෙන යන්නේ අපේ බ්‍රෝකර්. මොකද ඌ දැනගන්නත් ඕනේ අපිට අයිති මොනවද නැත්තේ මොනවද කියල. එක කස්ටෙකුට පොට්ෆොලියෝ කීපයක් තියෙන්න පුළුවන් වීම මේකේ විශේෂත්වයක්. මොකද ඔයා හිතන්න ඔයා එකවර වෙළදපොළවල් කීපයකට සම්බන්ද වෙලා ඉන්නවා, එහෙමත් නැත්නම් ඔයාට එකිනෙකට වෙනස් මුදල් ජාති (රුපියල්, ඩොලර්, යුරෝ...) වල අකවුන්ට් තියනවා කියල එතකොට එකෙනෙකට එක පොට්ෆොලියෝව බැගින් තියනවා. 

ඕව තමා ප්‍රධාන වශයෙන් බාවිතා වෙන ගිණුම් ජාති. මීට අමතරව බැංකු ගිණුම් සිකුරිටි ගිණුම් වගේ දේවල් තියනවා. අපි ඒවා දෙවෙනි අධියරේ කතා කරමු.

මේ මම කියපු ගිණුම් එකිනෙකාට බැදිලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් Exchange Account එක සහ Cash Account එක අතරමැද තියන Security Account එකක් හරහා බැදිලා තියනවා. Cash Account එකකට Portfolio එකක් මැප් වෙලා තියනවා. වෙනස් Portfolio කියන්නේ ඒවාට මැච් වෙන විදියට උඩ තියන ගිනුමුත් වෙනස් වෙනවා. උදාහරණයක්‌ විදියට මුදල් ජාති දෙකක Portfolio දෙකක් ජොඉන් වෙලා තියෙන්නේ වෙනස් Cash Account දෙකකට. ඔය විදියටයි වැඩේ යන්නේ.

දැන් අපි කතා කරමු Margin ගැන. මාජින් කියන්නේ අපේ බ්‍රෝකර් අපිට දෙන සහනයක්. මේක හම්බානකට ගැබුරු සබ්ජෙක්ට් එකක්. මම සරලව කියන්නම්. ඔන්න ඔයාලග තියනවා මාකට් එකේ හොදට ට්‍රේඩ් වෙන කොටස් වලින් යම් ප්‍රමාණයක්(රු:10000 වටිනා කොටස් කියමු) සහ සල්ලි රු: 1000ක. ඔයාට ඕන වෙනවා රු: 3000ක කොටස් ගන්න. නමුත් සල්ලි නෑ. ඔයාට මොකද්ද කරන්න පුළුවන්. ටක් ගාල බ්‍රෝකර්ට කතාකරලා කියනවා මට මාජින් එකක් දෙන්න කියල. දැන් මු බලනවා ඔයාගේ Portfolio එක. එල... හොදට ට්‍රේඩ් වෙන කොටසකින් හොද ගානක් තියනවා මු ලග. අනිවා මේක විකුණලා අපිට මේ දෙන ලෝන් එක ගොඩ දාගන්න පුළුවන්. මාජින් එකක් දීල දානවා. සරලව කිව්වට. මෙතන හම්බානක ඇනලයිසින් පාට් එකක් තියනවා. මම මේ ඉතාම සරලව කිව්වේ. අනිත් එක හොද කස්ටෙක් නම් උගේ තියන සල්ලි බැලන්ස් එක අනුවත් මාජින් දෙන වෙලාවල් තියනවා. අපි මාජින් අරන් තියනවනම් අපිට සල්ලි ලැබෙන වෙලාවලදී මුලින්ම වෙන්නේ මේ මාජිං සෙට්ල් වෙන එක. ඊට පස්සෙයි අපේ කෑෂ් බැලන්ස් එක නගින්නේ.

ඔන්න ඕකයි කතන්දරේ.... ආයෝජන පාඩමේ මුල් අධියර ඉවරයි. මොනවා හරි ප්‍රශ්න තියනවනම් ලජ්ජා නැතුව අහන්න. මම කිව්වේ පාඩමට අදාලව හොදේ.. වෙන වෙන කුප්ප කතා එහෙම අහල අහුවෙනවා එහෙම නෙමේ...


එහෙනම් අපි කැපුන...

Wednesday, July 13, 2011

ADK කොලුවා උපාධි තොප්පිය දැමූ වගයි..

හැමදාම පොස්ට් එකක් දාපු, කොමෙන්ට් වරද්දන්නෙ නැතුව දාපු මම කොලුවට එකපාරටම උනේ මොකද්ද කියල ඔයාල බලනවා ඇති. ඇත්තටම දවස 4 කින් විතර මේ පැත්තේ එන්න බැරි උනා. ටයිටලේ කියෙව්වම හේතුව මොකද්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඒත් නොකිය බැරි නිසා මම කියන්නම්. මම කොලුවත් දැන් උපාධි ධාරියෙක් බවට පත්වෙලා ඉන්නේ. විස්තර ඇතුව කිව්වොත් BSc in Management Information System, Second Class Honours, Grade I උපධිකාරයෙක් දැන්. කොහොමද ඒක.. ලොල්ය.. සෑහෙන්න සතුටුයි. අවුරුදු 4ක මහන්සියේ ප්‍රතිපල. පන්තියේම ඉන්නේ First Class ළමයි 6යි නිසා  Class ඒක ගැන හිතට දුකක් නෑ.

උපාධිය ගත්ත කියල කොලුවා නැවතුනේ නෑ. MSc එකකුත් දැනට කරන්න පටන් අරන් තියෙන්නේ. පටන් ගත්තේ ප්‍රතිපල එලියට දාපු දවසේමයි. මොකද කාලය අපතේ යවන එක හොද වැඩක් නෙමේ. දැනට ඒකෙ එක සබ්ජෙක්ට් එකකුත් ඉවරයි.

දැනට මට වයස 24යි. දෙයියනේ කියල 25 ඉවර වෙන්න කලින් මාස්ටර්ස් එක ඉවර කරගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

සමහර මාව දැකල නැති අය ඇතිනේ ඔය පහලින් ඉන්නේ මම කොලුවා තමා. 


මේ  ඉන්නේ කොලුවා අම්මියත් එක්ක.


මේ ඉන්නේ කොලුවයි, කොලුවාගේ තාත්තයි.


පොටෝ වලින් මේක පුරවන්න බෑ නිසා දැම්මේ තුනයි. තව ගොඩක් පොටෝ මගේ බුකියේ දානවා ඉස්සරහට. බලන අය බලන්න. පොටෝ ටික දාල ලින්ක් එක මෙතන දාන්නම්.



Monday, July 4, 2011

ජීවිතය සහ සල්ලි - Life vs Money

අද ලියන්න දෙයක් හිතනකොට මට හිතුන පොඩි ටිප්ස් ටිකක් කියන්න ඕනේ කියල. මේක මට ආවේ ගොඩ කාලෙකට කලින් ඊයකින්. ඒත් මේ ටික මගේ ඔලුවේ තිබුන තදටම.. 

එකේ තිබුනේ ජිවිතේ සහ සල්ලි කියන දෙක සම්බන්දව හොද ටිප්ස් ටිකක්. මම ඒ ටික සිංහලෙන් ඔයාලට කියන්නම්..



1) අපේ සීමාසහිත ජීවිතය, අසීමිතව සල්ලි හොයන්න හොදවන එක කිසිම තේරුමක් නෑ.. 

2) අපේ ජිවිත කාලය ඇතුලත වියදම් කරන්න බැරි තරම් සල්ලි හොයන එකේ කිසිම තේරුමක් නෑ..

3) සල්ලි කියනන් දේ අපේ වෙන්නේ නෑ, අපි ඒ සල්ලි වියදම් කරේ නැත්නම්. එක්කෝ ඒ සල්ලි බැංකුවේ, නැත්නම් සේප්පුවේ.. අපේ නෙමේ..

4) අපි අපේ තරුණ කාලේ, සල්ලි පස්සේ යන්න අපේ තාරුණ්‍ය වැය කරනවා. අපේ මහලු කාලයේ අපි හම්බ කරපු සල්ලි වලින් ආයෙත් තාරුණ්‍ය ගන්න හදනවා. නමුත් අපි පරක්කුයි කියල තේරෙන්නේ එතකොට තමා..

5) අපිට කාලය ගත කරන්න විදියක් නැති අය වෙනුවෙන් මුදල් හොයන්න කාලය ගත කරන එක තේරුමක් නෑ..

අනේ මන්ද මම හරිද කියල. මේ ටික මගේ ජිවිතේ ගොඩක් වෙනස් කරපු ටිප්ස් ටිකක්. ඔයාලටත් මේ ටිකෙන් ජිවිතයට ගන්න දෙයක් තියේවි කියල හිතෙනවා.

Friday, July 1, 2011

ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද? කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර් යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද? Who are traders? And what is the relationship between Stock Exchange – Broker – Trader







මේ අද දවසට මගේ දෙවෙනි පොස්ට් එක. අදට මම බ්ලොග් ඒක පටන් අරන් හරියටම මාස දෙකයි. අන්න ඒක ගැන තමයි පලවෙනි පොස්ට් ඒක. කියෙව්වේ නැත්නම් මෙතනින්(මගේ බ්ලොග් එකට මාස දෙකයි, ඔබ සැමට ස්තුතියි...) ගිහින් මට පොඩි විශ් පාරක් දැම්මේ නැත්නම් තරහයි ඔන්න හොදේ.. හිකි හිකි..

ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද?
කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද?


අද අපි මුලින්ම බලමු කවුද මේ ට්‍රේඩර් කියන්නේ කියල. කෙටියෙන්ම සරලව කිව්වොත් ට්‍රේඩර් කියන්නේ කොටස් වෙලදපොලේ ආයෝජනය කරලා, කොටස් මිලදී ගැනීම, කොටස් විකිණීම කරන  අපි වගේ මිනිස්සුන්ට. මම මුලින් කිව්වා ඔයාලට මතක ඇති කොටස් වෙළදපොළ කියන්නේ මිනිස්සුන්ට කොටස් කියන දේ විකුනන්න, මිලදී ගන්න අවශ්‍ය සේවාවන් සපයන ආයතනයක් විතරයි. මෙතන ගනු දෙනු කරන්නේ අපි අපිමයි. මම කොටසක් විකුනන්න දානවා, වෙන කෙනෙක් ඒක මිලදීගන්නව. ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ.

මෙතැනදී මම කොහොමද මේ ට්‍රේඩ් එකක් වෙන්නේ කියන දේ පොඩියට උදාහරණයකින් කියන්නම්.

ඔන්න මගේ ලග තියනවා හෝටලයක කොටස්. මගේ වෙළදපොල ගැන දැනීම, අධ්‍යනය අනුව මම හිතනවා “තවදුරටත් මේ වෙඩිම තියන ඉදල වැඩක් නෑ. විකුණලා දානවා” කියල. දැන් මම මොකද කරන්නේ? මේක විකුනන්න ඕනේ නිසා මෙන්ම පාඩුවක් එක්ක දෙන්නත් බෑනේ. මම බලනවා දැනට මාකට් එකේ මේ කොටසක් කීයටද ට්‍රේඩ් වෙන්නේ කියල. (මේ අගයට වෙදෙන වචනය තමා LTP - Last Trade Price) මට දැනගන්න ලැබෙනවා දැනට මේකේ මිල රු: 50.00 කියල. නමුත් මම කවදාවත් 50.00ට විකුනන්න කැමති නෑ.(ලොකුම සල්ලි හදිස්සියක් උනොත් ඇරෙන්න) මම දානවා මගේ කොටස් ටික රු:52.00. අපි හැමෝම කැමති වැඩි ගානකට විකුනන්නනේ. ඔන්න තව කෙනෙක් ඉන්නවා. එයාගේ වෙළදපොල ගැන දැනීම, අධ්‍යනය අනුව එයා හිතනවා “අඩේ මේක පට්ට හෝටලයක්. ගන්න ඕනේ මේක.” කියල. නමුත් ඔයාල හිතනවද මාකට් එකේ අන්තිමට මේ කොටස විකිණිලා තියෙන්නේ 50.00කට නම් එයා කවදාවත් 50.00ට හෝ වැඩි ගානකට ඉල්ලයි කියල. නෑනේ. අපි පුළුවන් තරම් බලන්නේ අඩුම ගානකට ගන්නනේ. ඉතින් මිනිහ ඉල්ලනවා මේක 48.00කට. දැන් මගේ ඕඩරේ 52.00යි. එයාගේ ඕඩරේ 48.00මේ දෙක කවදාවත් ට්‍රේඩ් වෙන්නේ නෑ.(වෙන කවුරුවත් මේක ඉල්ලුවේ හෝ විකුනන්නේ නෑ කියල උදහරනේදී මම උපකල්පනය කරනවා) දැන් අපිට බලන්න පුළුවන් අපේ මේ කොටසට කොහොමද ඉල්ලුම හා සැපයීම කියල. මේවට කියන්නේ Best Bid-හොදම ඉල්ලුම(අනිත් කෙනාගේ ඕඩරේ) , Best Offer- හොදම සැපයුම(මගේ ඕඩරේ). දැන් මේ විදියට පැය දෙක තුනක් යනවා.අරූ මගේ ගානට ගන්න කැමතිත් නෑ, මම උගේ ගානට දෙන්න කැමතිත් නෑ.. නමුත් ඔහොම යනකොට දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ඉවසීමේ සීමාව පනින වෙලාවක් එනවනේ. ඔන්න මගේ සීමාව පැන්න කියමුකෝ. මම මගේ ඕඩරේ වෙනස් කරනවා 48.00කට විකුනන්න. ඔන්න දැන් එකම ගානට දෙන්න එක්කෙනෙකුයි, ගන්න එක්කෙනෙකුයි ඉන්නවා. ට්‍රේඩ් එක වෙනවා. දැන් කීයද LTP එක?? 48.00 මොකද අන්තිම ට්‍රේඩ් එක මගේ එකනේ. ඔන්න ඔහොමයි ට්‍රේඩ් එකක් වෙන්නේ සහ වෙලදපොලේ කොටසක මිල වෙනස් වෙන්නේ.

ට්‍රේඩර් ගැන ඉතින් වෙන කියන්න දෙයක් නෑ. දැන් අපි බලමු ට්‍රේදර්ල ජාති මොනවද කියල. මෙතන මම තියරි කියන්න බලාපොරොත්තුවක් නෑ. තියරි ඕනෙනං ජාලේ ඕන තරම් තියනවා. ප්‍රක්ටිකලි මාකට් එකේ ඉන්නවා Day Traders කියල ජාතියක්. මුන් කරන්නේ බ්‍රෝකර් ගාවට ඇවිත් දවසට ට්‍රේඩ් කරන්න සල්ලි ටිකක් ණයට හෝ ඩිපොසිට් කරනවා. කරලා දවස ඇතුලත කොටස් අරගෙන, විකුණලා ජල්තර දාල හවසට ණයක් ගත්තනම් එකත් පියවල ලාබේ සාක්කුවේ දාගෙන යනවා යන්න. මෙහෙම අය ගොඩක් ඉන්නවා. මුන් පට්ට ඩයල්. මාකට් එක හොදට දන්නවා. සතියට සැරයක් ඇවිල්ල ට්‍රේඩ් කරලා දවසකින් 10000-15000 හොයන යන අයත් ඉන්නවා.

තවත් මාකට් එකේ ඉන්නව ජොලි ජාතියක්. දැන් ඔය අව්රුද්දෙ නොයෙක් කාලවල කොම්පැනිවල බෝඩ් මිටින් තියනවනේ. මේ බෝඩ් මිටින් වලට කොම්පැනියේ චන්ද හිමි කොටස් තියන හැමෝටම යන්න පුළුවන්. මේ මිටින් තියෙන්නෙත් හොද තරු පන්තියේ හෝටල් වල. මේ ජෝන්ටෝ මොකද කරන්නේ බෝඩ් මිටින් තියන කාලෙට ගන්නවා කොටස් ටිකක් ඒ කොම්පැනියෙන් අරගෙන මිටින් එකට ගිහින් හොදට කාල බිල ඇවිල්ල අර කොටස් ටික විකුණලා දානවා. මේක ගොඩක් කරන්නේ ඔය කොට් ඇදගෙන ඉන්න පරණ ජොකියෝ තමා.

ඔයවගේ ගොඩක් ජාති ඉන්නවා. මම වැඩිය කස්ටෝ එක්ක ගැවසෙන්නේ නැති නිසා ඒ ගැන වැඩිය දන්නේ නෑ. දන්නේ නැති දේවල් කියන්න හොද නෑ.

මට එකක් අමතක උනා කියන්න. දැන් මේ ඩිලර්ල ඉන්නවනේ උන් කරන්නෙත් ඕඩර් දාන එකනේ. දැන් එතකොට උනුත් ට්‍රේඩර් ගණයට වැටෙනවද?? උත්තරය නෑ. මොකද උන් ඕඩර් දාන්නේ එයාල වෙනුවෙන් නෙමේ. වෙන අය වෙනුවෙන්. එතකොට එයාල ට්‍රේඩර් ගණයට වැටෙන්නේ නෑ.

දැන් මම හදන්නේ මගේ අන්තිම පාඩම් තුන එකට එකතු කරන්න. ඒ කියන්නේ, කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කොහොමද කියන එක මම වචනෙන් විතරනේ කිව්වේ. ඒක පොඩි චාට් එකකින් පහල තියනවා. 


කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව අතර ගනු දෙනු වෙන්නේ මෙන්න මේ ආකාරයට තමා. 


මෙතැනදී කස්ටට ඕනෙනම් තමන්ගේ ගනු දෙනු තමන් සම්බන්ද වෙලා ඉන්න ඩිලර්ට කරන්න කියල කරවගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ම තමන් වෙනුවෙන් එම ගනු දෙනු කරන්න පුළුවන්. කොහොම කරත් ඒවා වෙළදපොලට යන්නේ බ්‍රෝකර් හරහා තමයි.
එහෙනම් අදට පාඩම් ඉවරයි.. අපි කැපුන.

Thursday, June 30, 2011

බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද?? - Who are Brokerage firms and Dealers? What are the main responsibilities of them?







ටික දවසකින් ආයෝජන පාඩම කරන්න උනේ නෑ. ඔපීසියේ වැඩ තිබුන. ගෙදර ගියාම පට්ටම අමාරුයි. ඔපීසියේ ගොන් ජොන්ටෙක් ලියපු ගොන් සර්විස් එකක් හදන්න සෙට් උනා. කරලා තිබුන විදියට හදන එක මගේ ලේ පිච්චෙන වැඩක්. ඉතින් අලුතින් ලිව්වා. අද තමයි ඒක ඉවර උනේ. 

කලින්  පාඩම් මෙතනින් ගිහින් බලන්න.

1) "ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?

2) ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.

3) කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද? - What is a Stock Exchange? How to invest in Stock Exchange?
 
 
හරි අද පාඩමට එමු.

අද පාඩමමේ මුල් කෑල්ල තමා බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? කියන එක. 

බ්‍රෝකර් ෆර්ම් කියන්නේ සරලව කිව්වොත් මුල්‍යමය ආයතනයක්. මේක කොටස් වෙලදපොලේ ගනුදෙනු කරන ප්‍රධාන පාර්ශව දෙක වන වෙළදපොල සහ ට්‍රේඩර් කියන පාර්ශව දෙක අතර මැද ඉන්න තැරැව්කාරයෙක් කිව්වොත් හරියටම හරි. පාර්ශව දෙක සම්බන්දිකරණය කරනවට මෙයාට පොඩි කොමිස් මුදලක් යනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති මොන මගුලටද මු ඉන්නේ. අපිට කෙලින්ම සෙට් වෙන්න පුළුවන්නේ කොටස් වෙළද පොලට කියල. නමුත් එහෙම බෑ. 

දැන් එන ප්‍රශ්නේ තම ඇයි එහෙම බැරි කියන එක. මෙන්න මේකයි කතාව. අපි කොටස් වෙළද පොලේ කොටස් සල්ලි දීල ගත්ත කියමු. ඒ කියන්නේ බයි ඕඩර් එකක් එෂෙකියුට උනා. දැන් හරිනම් මොකද වෙන්න ඕනේ. මගේ සල්ලි කොටස් වෙළදපොලට යන්නත්, මම ගත්ත කොටස් ටික මට අයිති වෙන්නත් ඕනනේ. ඒ වෙලාවේම බැරි උනත් අඩුම ගානේ දවස ඉවර වෙනකොටවත් මේ වැඩේ වෙන්න ඕනේ. නමුත් කොටස් වෙළදපොලට ඇත්තටම කිව්වොත් අපිව විස්වාස නෑ. මොකද වෙළදපොලට සම්බන්ද හැමකෙනා ගැනම පවුද්ගලිකව බලාකියාගන්න එයාට බෑ. අපෙන් සල්ලි ගන්න වගේම අපිට කොටස් විකුනපු කෙනාට සල්ලි දෙන්නත් වෙළදපොල බැදිලා ඉන්නවා. නමුත් එක්කෙනෙක් හරි සල්ලි දුන්නේ නැත්නම්, අදාළ අනෙක් පාර්ශවයට සල්ලි ගෙවන්න වෙන්නේ වෙළදපොලට තමන්ගේ සල්ලි වලින්. මේ සල්ලි දෙන්නේ නැත්තේ සල්ලි නැති නිසා නොවෙන්න පුළුවන්. වෙනත් රාජකාරි නිසා වෙන්නත් පුළුවන්. කොහොම හරි අන්තිමට වෙන්නේ පාඩුවක් විතරයි. කවදාවත් වෙළදපොල මේ රිස්ක් එක ගන්නේ නෑ. මෙයා කරන්නේ පිළිගත්ත මුල්‍ය සමාගම් ටිකකට එයාගේ යටතේ ලියාපදිංචි වෙන්න දෙනවා. මේ සදහා ලොකු තැන්පතු මුදලකුත් ගන්නවා. සියලු ගනුදෙනු සිද්ද වෙන්නේ මේ සමාගම් හරහා. හැම දවසක් අවසානයේදීම වෙළදපොල සහ මෙම මුල්‍ය සමාගම් අදාළ සෙට්ල්මන්ට්ස් සිද්ද කරගන්නවා. මේ වෙලාවේදී වෙළදපොලට ඉන්නේ කස්ටමස්ල කීප දෙනයි. එයාල සල්ලි ගෙව්වේ නැතත් එයාලගේ තැන්පතු මුදලෙන් ඒ ගාන අඩුකරගන්න පුළුවන්. නමුත් මෙම මුල්‍ය සමාගම් යටතේ ලියපදින්චිවෙලා ඉන්න අපිට එදා දවස ඇතුලතම මේ සෙට්ල්මන්ට් කරන්න ඕනේ නෑ. අපිට අපේ සෙට්ල්මන්ට් එක බ්‍රෝකර් ෆර්ම් එකට කරන්න(අපේ උදාහරණයට අනුව අපේ සල්ලි යවන්න) දවස් තුනක කාලයක් ලැබෙනවා (ලංකාවේ දවස් තුනයි. වෙන වෙළදපොලක මේ දවස් ගණන වෙනස් වෙන්න පුළුවන්) ඒ කියන්නේ අපි ඉන්වෙස්ට් කරපු මුදල අපි දවස් තුනක කාලයක් ඇතුලත දුන්නම ඇති. මේක ඇතිකරන තියෙන්නේ අපේ බ්‍රෝකර් ෆර්ම් මගින්. මේක බ්‍රෝකර් ෆර්ම් මගින් අපිට ලැබෙන එක වාසියක්. මිට අමතරව අපි හොද කස්ටමර් කෙනෙක් නම් එයාල අපිට ලෝන් වගේ දෙන වෙලාවලුත් තියනවා. ඒක මම ඉස්සරහ පාඩම් වලින් කියන්නම්.

දැන් බලමු කවුද මේ ඩිලර්ස්ල කියන්නේ කියල. ඇත්තටම ඩිලර්ස්ල කියන්නේ මේ බ්‍රෝකර්ල ලග වැඩ කරන හොද දැනුමක් තියන පිරිසක්. මෙයාලට වෙළදපොල ගැන, වෙලදපොලේ හැසිරීම ගැන, වාසි, අවාසි ගැන හොද දැනුමක් තියනවා. මෙයාලගේ ප්‍රධාන කාර්ය බාරයන් තමා ලාබ ලබාගැනීම සදහා තමන් යටතේ ඉන්න කස්ටොන්ට ඕන කරන ටිප්ස්, අවවාද ලබා දෙන ඒක සහ කස්ටෙක්ට පාඩුවක් වෙන්න යනවනම් හෝ පාඩුවක් වෙලා තියනවනම් ඒ පාඩුව අවම වෙන විදියට අවශ්‍ය පියවර ගන්න එක.

ඇත්තටම කිව්වොත් බ්‍රෝකර් කෙනෙක් එයා යටතේ ඉන්න කස්ටෝ පාඩු වෙනවා බලන ඉන්නේ නෑ. මොකද කස්ටෙක් පාඩු ලැබුවා කියන්නේ, දවස අන්තිමට බ්රෝකර්ට ලොකු මුදලක් වෙළදපොලට ගෙවන්න වෙනවා. මේ පාඩුව දවස් තුනක් යනකොට කස්ටගෙන් නැවත ලැබෙන එක වෙනම කතාවක්, නමුත් දවස අන්තිමේ බලනකොට තමන්ගේ යටතේ ඉන්න කස්ටෙක් පාඩු ලබනවා කියන්නේ, බ්‍රෝකර් පාඩු ලැබුවා වගේ තමයි. මෙන්න මේ නිසා තමයි බ්‍රෝකර් ෆර්ම්, ඩිලර්ස්ල කියන දැනුම සහිත පුද්ගලයන් පිරිස පඩි දීල තියාගන්නේ.

දැන් දැන් පොඩ්ඩක් රොකට් සයන්ස් වගේ ලෙවෙල් එකට එනවා වගේ තේරෙනවා ඇති. මොකද අපි දැන් හාරාගෙන හාරාගෙන යටට යන්නේ. පොස්ට් එකෙන් කට්ටියට වැඩේ පොඩියට හරි තේරෙනවා කියල හිතෙනවා. ඉස්සරහට තව තව තේරෙයි. එහෙනම්
ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද?
කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද?
කියන පොස්ට් වලින් අයෙත් හම්බ වෙමු.

තේරෙන්නේ නැති දේවල් තියනවනම් අහන්න. මමත් දන්නේ නැති දෙයක් නම් කාගෙන් හරි අහල හරි කියල දෙන්නම්.

ප.ලි. : 

මගේ වැරැද්දක් සාතන් පෙන්නලා දුන්න. අත්තටම බොහොම ඉස්තුතියි ඒක පෙන්නුවට. මම ඒ වැරැද්ද පොස්ට් එකේ හැදුව.

මම කලින් දැනං හිටියේ සෙට්ල්මන්ට් ටයිම් ඒක දින දෙකයි කියල. නමුත් මම දැන් ඒ ගැන හෙවුවා. ඇත්තටම සෙට්ල්මන්ට් ටයිම් එක දින තුනයි(T+3). නමුත් T+5 කාලයක් යනකල් තිබිල, T+5 වලදී අදාල කොටසෙන් අපිට ලැබෙන බයින් පවර් එක නැති වෙනවා(ලොක් වෙනවා).



T+?? කියන්නේ ගනුදෙනුව සිදුවූ දිනයේ සිට ඉදිරියට දින කියක් ඇතුලත සෙට්ල්මන්ට් ඒක කල හැකිද කියන එකට බවිතාවෙන සංකේතයක්.

 බයින් පවර් එක කියන්නෙත් කොටස් වෙලදපොලේ අපිට තියන මුදල්, කොටස් නිසා ලැබෙන මිලදීගැනීමේ හැකියාව සදහා යොදාගන්න වචනයක්. මේ ගැන මම ඉස්සරහට ගැබුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

Friday, June 24, 2011

කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද? - What is a Stock Exchange? How to invest in Stock Exchange?




ඊයේ දවසේ පොඩි බ්‍රේක් එකක් එහෙම අරගෙන ඉන්න එකේ ඔන්න අද අයෙත් අපි පාඩමට යොමුවෙමු. අද පාඩම තමයි “කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද?" කියන එක ඇත්තටම මෙතන ටොපික් දෙකක්. මම මේ දෙකම ඒකට කියන්නේ දෙකම ඒකට සම්බන්ද නිසා.

කලින්  පාඩම් මෙතනින් ගිහින් බලන්න.

1) "ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?

2) ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.



කොටස් වෙළද පොලට එන්න කලින් මම පොඩියට මොනවද මේ “කොටස්” කියන්නේ කියල ඔයාලට අවබෝදයක් දෙන්නම්. ඇත්තටම මේක පොඩි උදාහරණයකින් කිව්වොත් ලේසි නිසා මම එහෙම කරන්නම්.

ඔන්න මම පොඩි වියාපාරයක් කරගෙන යනවා. වැඩේ නැගල යනවා. අව්ලක් නෑ. මට ඕනෑකමක් තියනවා මගේ වියාපාරය තව ටිකක් පුළුල් කරන්න. ඒ කියන්නේ ලොකු කරන්න. වෙන රටකට ගෙනියන්න වෙන්නත් පුළුවන්. අපි එච්චර එහාට යන්න ඕනේ නෑ. අපි හිතමු අලුතින් බ්‍රාන්ච් එකක් දාන්න කියල. ඔය අදහස ආවට ඕකට ඕන කරන මුලික ප්‍රාග්ධනය මගේ ලග නෑ. දැන් මට මොනවද තියන ඔප්ෂන්??
  • බැංකුවකින් ලෝන් එකක් ගන්නවා.
  • තව කව්රු හරි සල්ලි තියන එකෙක්ට කියනවා “මචං මගේ පාට්නර් වෙලා මට සල්ලි ටිකක් දීපන්. මම උබට ප්‍රොෆිට් ඒකෙන කොටසක් දෙන්නම්”
අපේ ඔලුවට මුලින්ම එන ඔප්ෂන් දෙක තමා ඔය. බැංකු ලෝන් එක හොදයි. නමුත් පොලිය වැඩි. වැඩේ පාඩුයි. අනික බිස්නස් කියන්නේ සුවර් නෑනේ. එතකොට දෙවෙනි වැඩේ පෙනුමටනම් එල කිරි. නමුත් වැඩේ කියන්නේ සල්ලි දාල පාට්නර් කෙනෙක් උන එකෙක් ඔහේ නිකම් බලාගෙන ඉදිද මූ මොකක් හරි කරලා මට ප්‍රොෆිට් එක දෙයිනේ කියල?? එක වෙන්නේ නෑනේ. ඉතින් මොකද ඌ කරන්නේ ඌත් ඇවිත් කියනවා මචං මෙහෙම කරපන්, අරහෙම කරපන් කියල. එතකොට බෑ කියන්නත් බෑ. මොකද උගේ සල්ලිවලින්නේ දැන් දුවන්නේ. ඉතින් ඒ නිසා එකත් හොද ඔප්ෂන් එකක් නෙමේ. මොන මගුලක්ද, ඔප්ෂන් දෙකයි තිබුනේ, මූ ඒ දෙකම හොද නෑ කිව්වා.

ඇත්තටම ඕනෙම දෙකට ඔප්ෂන් ඕනෙම ගානක් තියනවා. ඔන්න මම කල්පනා කරනවා දැන් මොකද කරන්නේ කියල. එතකොට මගේ ඔලුවට එනවා කොටස් වෙළද පොළ. මම මොකද කරන්නේ මගේ වියාපාරය කොටස් වෙළද පොලේ රෙජිස්ටර් කරලා,  කොටස් නිකුත් කරනවා. (ඒ මොන හරුපයක්ද ඒ??) 

මෙහෙමයි වැඩේ වෙන්නේ. මට ඕනේ කරන්නේ වැඩේට රුපියල් 1,000,000 කියමුකෝ. මම කරන්නේ මොකද්ද මගේ මේ මුදල කඩනවා සමාන කොටස් විශාල ප්‍රමාණයකට. අපි හිතමු රුපියල් 10 කොටස් 100,000 කියල. දැන් මේ කොටස් මම දානවා කොටස් වෙළද පොලට. කට්ටිය පොරකාල ගන්නවා. එතකොට මොකද වෙන්නේ ඉල්ලුම වැඩි නිසා එක්කෙනෙක්ට උපරිම කොටස් 1000 ගන්න පුළුවන් උනා කියමු. එතකොට එයා අපේ වියාපාරයට රුපියල් 10,000කින් සම්මාදම් වෙලා. කොටස් ඔක්කොම විකුනුනාම මට ඕනේ සල්ලි ටික ලැබිල. ඒත් එක්කම ඒක දාල තියෙන්නේ ගොඩක් අය නිසා කිසි කෙනෙක්ට අයිතියක් නෑ ලොකුවට අරක කරපන්, මේක කරපන් කියල කියන්න. මේ කොටස් වලට පොඩි ලාබාංශ ගෙවීමක් කරන්න ඕනේ. ඒක කොහොමත් අව්ලක් නෑනේ. මොකද අපිට ඕනේ සල්ලි ටික කරදරයක් නැතුව ලැබුනානේ. ඔන්න ඔය මුදල කඩන අපේ උදාහරණෙ හැටියට රුපියල් 10 කෑල්ලට තමා අපි “කොටසක්” කියල කියන්නේ. මම හිතනවා දැන් කට්ටියට වැඩේ තේරෙන්න ඇති කියල. (වැඩේ මෙතනින් නවතින්නේ නෑ. මගේ කොටස් ගත්ත අය. ඒවා ලාබයක් තියගෙන ආයෙත් විකුනනවා. ඒවා වෙන අය ගන්නවා. එයාල අයෙත් විකුනනවා. මේ විදියට දිගටම වැඩේ නැගල යනවා. මේකෙන් මගේ වියපාරෙට මුකුත් ලැබෙන්නේ නෑ. නමුත් වියපාරයේ නම කට්ටිය අතර සැරිසරනවා)

දැන් යමු කොටස් වෙළදපොල දිහාවට. කෙටියෙන්ම කිව්වොත් කොටස් වෙළදපොල කියන්නේ ආයතනයක්, ස්ථානයක් එහෙමත් නැත්නම් යම් ඒකකයක්, මේකෙ කාර්ය බාරය තමයි කොටස් ගැනුම කරුවන්, විකුණුම් කරුවන්, තරුව් කරුවන් සදහා අවශ්‍ය සේවාවන් සැපයීම. මේ සේවාවන් කිව්වේ,  මම කලින් කිව්වා කොටස් නිකුත් කිරීම් වලට, ඒ කොටස් ගන්න ගැනුම් කරුවන්ට එකතැනක් තියෙන්න ඕනෙනේ මේ වැඩේ කරන්න. ඔන්න ඔය තැන තමා කොටස් වෙළදපොල. යම් කොම්පැනියක කොටස් යම් කොටස් වෙළදපොලක ගනු දෙනු වෙන්න නම් ඒ කොම්පැනිය අදාළ වෙලදපොලේ ලැයිස්තු ගත වෙලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය අංගයක්.

අපි කොටස් වෙළද පොලේ ඉතිහාසය ගැන පොඩ්ඩක් බැලුවොත් මේක ආදී රෝම යුගයටත් එහාට යනවා. නමුත් “කොටස්” කියන වචනෙත් එක්ක වෙළදපොලක් ආවේ ලන්දේසි කාලේ ඔවුන් කණ්ඩායමක් එකතුවෙලා සල්ලි දාල නැගෙනහිට ඉන්දීය නැවු සමාගම 1602 පිහිටුවෙමත් සමග කියලයි මම දන්නේ. මේක වැරදිනම් පොඩ්ඩක් පෙන්නලා දෙන්න.

දැනට ලෝකයේ ලොකුම කොටස් වෙළදපොල තමා ඇමරිකාවේ “බිග් බෝඩ්” කියන ආදර නාමයෙන් හදුන්වන “New York Stock Exchange (NYSE)” එක. (ඇමරිකාවේ මේ වගේ ලොකු කොටස් වෙළදපොළවල් 12ක් තියනවා කියන එකත් මතකේ තියාගන්න. අපි හිතුවට මොකද ඕයි ලෝකේ මෙච්චර ඇමරිකාවට දීගෙන ඉන්නේ කියල. මෙන්න එක හේතුවක්. ලෝක ආර්ථිකේ ලොකු රෝල් එකක් ඇමරිකාව කරනවා)



ඔය පහල තියෙන්නේ 2010 දෙසැම්බර් 31න් අවසන් වන අව්රුද්දෙ ලෝකේ ලොකුම කොටස් වෙළදපොළවල් තමා.

 
කොටස් වෙළද පොලේ ආයෝජනයට අවශ්‍ය මුලික කාරනා ගොඩක් සරලයි(අපේ සාතන් මගේ පහුගිය ලිපියේ කොමෙන්ටුවක් විදියට පිනි බිදුට කෙටියෙන් මේක කියල තිබුන. මේ විස්තර ඇතුව). ඔක්කොටම කලින් ඔයා බය නැති කෙනෙක් වෙන්න ඕනේ. කොටින්ම රිස්ක් එකක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මොකද කොටස් වෙළදපොල කියන්නේ හැම වෙලේම ලාබ දෙන තැනක නෙමේ. ලාබ වගේම පාඩුත් ලැබෙන්න පුළුවන්. අපි බුද්දීමත්නම් පාඩු හැකිතාක් දුරට අඩු කරගන්න පුළුවන්. 

අනිත් සුදුසුකම, ඔයා අවුරුදු 18ට වඩා වැඩිනම් ඔයාටත් පුළුවන් පහසුවෙන්ම කොටස් වෙළද පොල සමග සම්බන්ද වෙන්න. ඒකට ලංකාවෙනම් ඕනේ තරම් තැරව්කාර සමාගම් තියනවා (ඔයාට කෙලින්ම ගිහින් කොටස් වෙලදපොලේ ලියාපදිංචි වෙන්න බෑ. ඔයා අනිවාර්යෙන්ම තැරව් කාරයෙක් හරහා යන්න ඕනේ. ඒ ඇයි කියල මගේ ඊලග ලිපියේ පැහැදිලිව තියනවා. දවසක් ඉවසන්න). ඒ එකක් ලගට ගිහින් ඔවුන් හරහා ඔයාට පුළුවන් කොටස් වෙළද පොලේ ලියාපදිංචි වෙන්න. (ජාතික හැදුනුම්පත් කොපියක්. උප්පැන්න සහතිකයේ කොපියක්. ගෙදරට ලිවුම් ලැබෙන බවට තහවුරු කරන්න “බිලින් ප්රුෆ්” එකක් මතක ඇතුව අරන් යන්න) ලියාපදිංචි උනාට පස්සේ ඔයාල ඔක්කොටම පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ආයෝජනය කරන්න පුළුවන්.

මොලේ කල්පනා කරලා ආයෝජනය කරන හැටිත් මගේ සිගිති මොලේට වැටහෙන විදියට ඉස්සරහට මම කියන්නම්.

එහෙනම් මම කැපුන. “බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද??” සමග හෙටත් හම්බ වෙමූ. මගේ වැඩේ මම කරා ඔයාලගේ වැඩේ තමයි දැන් ඉතුරු...

Wednesday, June 22, 2011

ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.

 
 

ඊයේ පොස්ට් එකට ("ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?) ලැබුන ප්‍රතිචාරනම් අන්තිමයි. කොහොමත් මම මෙහෙම වැඩක් පටන්ගන්න කොටම හිට් කවුන්ට් එක අඩුවෙයි කියල බලාපොරොත්තු උනා. ඒකට කමක් නෑ. මැද්දෙන් මැද්දෙන් වෙන වෙන ඒවා දාල පොඩි කික් එකක් දෙනගමන් වැඩේ දිගට අරන් යමු. අන්තිමට එක්කෙනෙක් ඉතුරු උනත් පටන් ගත්ත වැඩේ අතාරින්න බලාපොරොත්තුවක් නෑ. 


අද පාඩම තමා “ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි”. මේක කියවන්න කලින් ඊයේ පොස්ට් එක("ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?) කියෙව්වේ නැත්නම් කියවල එන්න. මේකත් ඒකට සම්බන්දයි.


 ඔය ආයෝජන කිව්වම ඒවාට නොයෙකුත් මුහුනුවරවල් තියනවා කියල මම කිව්වනේ. ඒවායින් මම ඔය කාලය, ශ්‍රමය වගේ ආයෝජන ගැන වැඩිය කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. මම කතා කරන්න බලාපොරොත්තුව මුල්‍යමය වටිනාකමක් තියන ඔයාල අපි හැමෝටම වටිනාකමක් තියන ආයෝජන ගැන තමා.

අපි ලංකාව උදාහරණයකට ගත්තොත් ආයෝජන කිව්වම අපේ රටේ ගොඩක් ප්‍රසිද්දයි FD එහෙමත් නැත්නම් ෆික්ස් ඩිපොසිට්, සිංහලෙන්ම කිව්වොත් ඉස්තාවර තැන්පතු. අද අපේ රටේ මේක ගොඩක් ප්‍රසිද්ද තමන්ගේ සල්ලි වලට උපරිම ආරක්ෂාවක් මේ මගින් ලැබෙනවා කියල මිනිස්සුන් අතර තියන විස්වාසය. ඇත්තටම ඒක බොහෝ දුරට ඇත්ත. නමුත් මේ ආයෝජනය ඇත්තටම ගොඩක් දුර්වල ආයෝජනයක්. මොකද ලැබෙන පොලිය සෑහෙන්න අඩුයි. ඒ කියන්නේ ROI එක අඩුයි. වැඩක් නෑ. නමුත් ඉස්තවරත්වය අගේ කරන අයට හොද ආයෝජනයක්.

තවත් අපේ රටේ තියන ජනප්‍රිය ආයෝජනයක් තමා ඉඩම් මිලදී ගැනීම. ඇත්තටම ඉතාමත් හොද ආයෝජනයක් තමා මේක. ඉඩම් වල වටිනාකම දවසින් දවස වැඩි වෙනවා. ඊට අමතරව අපිට නඩත්තුව සදහා හෝ හොයා බැලීම සදහා වැඩි වියදමක් යන්නේ නැති එකත් ලොකු වාසියක්. නමුත් මේකෙ අවාසි ටිකකුත් තියනවා. ඒවා තමා ආයෝජනය සදහා ලොකු ආරම්බක මුල්‍යමය හැකියාවක් තිබිය යුතුයි. අනික වැඩි ROI එකක් ගන්න නම් කාලයක් බලාගෙන ඉන්න ඕනේ. තවත් අවාසියක් තමා අපිට ඕන වෙලාවක මුදල් කරගැනීමේ හැකියාව අඩු වීම. ඒ කියන්නේ දැන් සල්ලි ඕනේ කියල ඉඩමක් ටක් ගාල විකුනන්න බෑනේ.

ඉඩම් වගේම හොද ආයෝජනයක් තමා රත්තරන්. ඉඩම් සදහා මම කිව්ව වාසි අවාසි ඔක්කොම වගේ රත්තරන් වලටත් බලපානවා. ඒ නිසා මම වැඩිය මේ ගැන කියන්නේ නෑ.

තව ඔය අලුත් වියාපාර පටන් ගැනීම, වැඩි පොලී දෙන අයලග මුදල් තැන්පත් කිරීම වගේ දේවල් ගැන මම කතා කරන්නේ නෑ. 

මම දැන් එන්නම් මම දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවට. ඒ තමයි කොටස් වෙළද පොලේ ආයෝජනය කිරීම. මේක දැනට ලෝකයේ පිළිගත් හොදම ආයෝජනය විදියට මම හදුන්වන්න කැමති.
  • මොකද මේකෙ ROI එක ගොඩක් වැඩි.
  • අඩු ආරම්බක මුල්‍ය ශක්තියකින් ආරම්බ කරන්න පුළුවන්.
  • පැහැදිලි ප්‍රතිලාබයක් ලබාගැනීමට බලා සිටිය යුතු කාලය අඩුයි.
  • නියමාකාරයෙන් මොලේ කල්පනා කරලා බුද්දීමත්ව මුදල් ආයෝජනය කරොත් ඉතාමත් කෙටි කාලයක් තුල ඇදහිය නොහැකි ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
  • ඕනෙම වෙලාවක මුදල් කරගැනීමේ හැකියාව තියනවා.
  • අතරමැදියන්ට ලබාදෙන කොමිස් මුදල ගොඩක් අඩුයි.
  • ආයෝජනයේ ප්‍රතිලාබය විනිවිද බාවයකින් යුතුව මැන ගත හැකිවීම
ආදී සුපිරි ගනයේ වාසි ගොඩක් තියනවා. 
  •  වෙළදපොල තත්වය ඉස්තවර නොවීම,
  • අනපේක්ෂිත පාඩු සිදුවීමට හැකිවීම,
  • ආයෝජනය සදහා පුළුල් දැනුමක් අවශ්‍ය වීම
මෙම ක්‍රමයේ අවාසි වෙනවා. නමුත් මේ අවාසි ලැබෙන ප්‍රතිලාබත් එක්ක බලනකොට නොසැලකිය හැකි තරං කියල. මම බය නැතුව කියනවා.

මම හිතෙනවා ඔයාලට කතාව තේරෙන්න ඇති කියල. මේ විස්තර ඔයාලට පොත පත ආශ්‍රයෙන් උනත් ගන්න පුළුවන්. ඉස්සරහට තමා වැදගත්ම, පොත් කියවල තේරුම ගන්න අමාරු හරිය එන්නේ. මම සිංහලෙන් සරලව ඒවත් එකින් එක දාන්නම්. හැබැයි මමත් එක්ක ඉන්න ඕනේ.

මම හෙට මේකෙ ඊලග කොටස දාන්නේ නෑ. එක දිගට දැම්මොත් කට්ටියට බෝරින්ග් වෙන්න පුළුවන් නිසා. කට්ටිය නග්ගල ගන්න මොකක් හරි හෙට දාල අනිද්දා මේකෙ ඊලග කොටස වන “කොටස් වෙළදපොල යනු කුමක්ද?” පල කරන්නම්. එතකන් ඔයාල ඔක්කොටම ජයෙන් ජය.

Tuesday, June 21, 2011

"ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?

 
 
ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම හා හා පුරා කියල මම මගේ පාඩම පටන් ගන්නයි යන්නේ. මේක මොකද්ද? මෙතනින් මොනවද වෙන්නේ කියන එක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මගේ ඊයේ පොස්ට් එක මෙතනින් ගිහින් කියවන්න.

අද අපේ පාඩම තමා මොකද්ද මේ ආයෝජන එහෙමත් නැත්නම් Investment  කියන්නේ කියන එක තෙරුම් ගන්න එක.



ඇත්තටම මට තේරෙන විදියට නම් ආයෝජනයක් කියන්නේ මොකක් හෝ දෙයක් බලාපොරොත්තුවෙන්, එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට අප සතු යම් දෙයක් යෙදවීමයි. අන්ඩර් දෙමල වගේ නේද? කමක් නෑ. අපි සරල උදාහරණයකින් මේක තේරුම් ගන්න බලමු. ඔන්න අපිට ඕනේ හොද ලස්සනට අපේ අනාගත ජිවිතේ ගතකරන්න. අපි මොකද කරන්නේ, වෙන උන්ට කබුරලා වැඩක් නෑ. පොඩියට බිස්නස් එකක් පටන් ගමු කියල අතේ තියන සල්ලි ටික දාල ලාබයක් බලාගෙන කඩයක් දානවා. මෙන්න මේ උදාහරනේ අපේ බලාපොරොත්තුව තමා ලාබ ඉපයීම. අපේ ආයෝජනය තමා අතේ තියන සල්ලි ටික දාල බිස්නස් එකක් පටන් ගැනීම. දැන් කට්ටියට ටිකක් වැඩේ තේරෙන්න ඇති.

වැඩි දුරටත් අපි මේ ආයෝජන ගැන කතා කරනකොට, ගොඩක් දෙනා හිතන්නේ ආයෝජනයක් කියන්නේ සල්ලි ටිකක් යට කිරීමක් කියල. නමුත් ඇත්ත එහෙම නෙමේ. සල්ලි යට කිරීමත් ආයෝජනයක් තමා. නමුත් ආයෝජනය කියන්නේ සල්ලිම නෙමේ. ආයෝජනයට නොයෙකුත් මුහුනුවරවල් තියෙන්න පුළුවන්. උදාහරණයක්‌ විදියට ගත්තොත් කාලය, ශ්‍රමය වගේ දේවල් සුපිරිම ආයෝජන තමා. අපි මේවගේ දේවල් වලට ආයෝජක කියල කියමු. මම මේ වචනේ හරියටම හරිද දන්නේ නෑ. ඉස්සරහට පැහැදිලි කරන්න ලේසි වෙන්නයි වචනේ දාගත්තේ. මෙම ආයෝජනයට යොදවන දේ හෝ දේවල්(මම මෙහෙම කිව්වේ බොහෝ දුරට ආයෝජනයක් කියන්නේ ආයෝජක කිහිපයක එකතුවක්) ඔහේ යොදවන්නන් වාලේ යොදවල වැඩක් නෑ, අපි ආයෝජනය කිරීමෙන් ලබාගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිපලය කරා යන්න තමා අපි ආයෝජක හසුරවන්න ඕනේ. ඒකෙන පැහැදිලි වෙන්නේ ආයෝජනයක් කරන්න ආයෝජක තිබුනට වැඩක් නෑ ආයෝජනය කරන්න ප්ලෑන් එකක් නැතුව. 

මේ කතාවත් උදාහරණයකින් කිව්වොත්,  

ඔන්න දැන් අපි පාරේ යනවා. අපේ ඉස්සරහින් යනවා ඉටි රුපයක් වගේ ටොයිය කෑල්ලක්. නිදාගෙන ඉන්න යක්කු නැගිටලා මේකිව මට ඕනෙමයි කියල හිතෙනවා. ඉතින් මොකද කරන්නේ. පොඩ්ඩක් පස්සෙන් ගිහින්. බස් එකෙන් බහින හෝල්ට් එක බලාගෙන. ඒ ලග ඉන්න යාලුවෙක් අල්ලාගෙන, ඌට කන්න බොන්න කාරිය දීල, අර කෙල්ලගේ ගෙවල් හොයාගෙන, අරකිගේ යාලුවෙක් අල්ලාගෙන, යාළුවගේ හොද යාලුවෙක් වෙලා ක්‍රමයෙන් කෑල්ලට කොක්ක ගහන එක අපි දන්නා බාසාවෙන් ආයෝජනයේ එක මුහුණුවරකට හොද උදාහරණයක්. මේකේ ඇතුලේ අපේ බලාපොරොත්තුව, අපේ ආයෝජනයන්, ආයෝජක හැසිරවූ ප්ලෑන් එක වෙන් කරලා අදුරගන්න බැරිනම් ඉතුරු ටිකවත් මගේ ඉස්සරහ පොස්ට්වත් බලන්න එපා. වැඩක් නෑ. ලොල්ය.

ආයෝජන ගැන කතාකරනකොට “ROI”  කියන අකුරු තුන කිරියි පැණියි වගේ එකට බැදිලා තියනවා(දැන් කියන්න එපා කිරි සීනිත් එක්කත් කනවා කියල.) ඔය අකුරු තුනෙන් කියවෙන්නේ “රිටන් ඔන් ඉන්වෙස්ට්මන්ට්” කියන දේ. සිංහලෙන් කිව්වොත් ආයෝජනයේ ප්‍රතිලාබය. මේ ප්‍රතිලාබය හැම වෙලාවේම හොද එකක් වෙන්න ඕනේ කියන්න බෑ. හොද වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඒක රදාපවතින්නේ, අපි අපේ ආයෝජක හසුරවන ආකාරය අනුව. මේ ROI කියන එකත් ලස්සනවගේ එකිනෙකාට සාපේක්ෂයි. කෙනෙකුට පට්ට ROI එකක් පෙනෙන වැඩක් හෝ ආයෝජනයක් තව කෙනෙකුට මෙලෝ රහක් නැති එකක් විදියට පේන්න පුළුවන්. ඔන්න ඔය සාපේක්ෂතාව උඩ ඉදගෙන තමා ආයෝජනයන් ක්‍රියාත්මක වෙන්නේ. අපි පරණ උදාහරනෙම ගත්තොත්, කිරි ටොයිය කෑල්ලක් නිසා බැහැල වැඩක් නෑ කියල බහුතරයක් හිතුවට වැඩක් වෙයි කියල හිතල ට්‍රයි කරන උනුත් ඉන්නවා. වැඩේ කියන්නේ මේ දෙගොල්ලොගෙන් එක්කෙනයි හරියන්නේ. එක්කෝ වැටෙන්න පුළුවන්, නැත්නම් නොවැටෙන්න පුළුවන්. (හෝව්.. හෝව්.. පාඩම ඉස්සරහට යමු. කොමෙන්ට් ඕනේ නෑ මේකට හිකි)

අනිත් දේ තමයි මේ ROI එකේ ක්‍රම දෙකක් තියනවා. කෙටි කාලින සහ දීර්ග කාලින කියල. උදාහරණයකින් කියන්නම් වැඩේ ලේසි වෙන්න. ඔන්න අපි ඉඩමක් ගත්ත කියමු. ඒක දීර්ග කාලින ආයෝජනයක්. එකේ ප්‍රයෝජනය උපරිමෙන් ලැබෙන්නේ කල් යන්න යන්න. ඒ වගේම මේ ආකාරයේ දීර්ග කාලින ආයෝජනවලට සාමාන්යෙන් ලොකු වටිනාකමක් තියනවා. ඒ කියන්නේ ආයෝජනය ලොකුයි. වගේම ප්‍රතිපලයත් ලොකුයි. අනිත් අතට අපි ගමු මාස තුනක් වගේ කෙටි කාලයකට බැංකුවක ඩිපොසිට් එකක් දාන අවස්ථාවක්. එකේදී ප්‍රතිපල ඉක්මනට ලැබෙනවා. ලොකු ආයෝජනයක් ඕනෙත් නෑ. ලොකු ප්‍රතිපලයක් ලැබෙන්නෙත් නෑ.

ඔන්න ඕකයි මට තේරෙන ආකාරයට ආයෝජනය කියන එකේ සරල තේරුම. මගේ වැරදි තියනවනම් කිසි අව්ලක් නෑ පෙන්නලා දෙන්න.
කොහොම හරි අන්තිමට ඔයාල පොඩි හරි දැනීමක් මේකෙන් ගත්තනම් මට හොදටම ඇති.

එහෙනම් හෙට
ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි” සමග හම්බ වෙමු.

Monday, June 20, 2011

ආයෝජන - Investments




ආයුබෝවන්.. ටොපික් එක දැක්කම ඔයාල හිතුව නේද අලුත් කුප්ප කතාවක් කියල. ඇත්තටම මේක කතාවක් නෙමේ. ඔයාලගේ හිතසුව පිණිස මම හෙට සිට ලියන්න ගන්න ලිපි පෙළක ආරම්බය. ඒපාර තොපි බලනවා ඇති මේ  මොකද්ද මේ හරුපේ කියල. කොටින්ම හැමදාම කතා, නිසදැස් වගේ දේවල් දදා ඉන්නේ නැතුව, මේක කියවන අයගේ දැනුම මට්ටම 1%කින් හරි ඉහල දාන්න දෙයක් කරන්න ඕනේ කියල හිතුව නිසයි මම මෙහෙම වැඩකට අත ගැහුවේ.

ඇත්තටම කිව්වොත් පොඩි වෙනස් දෙයක් කරන්න ඕනේ කියල ටික දවසක ඉදන් ඔලුවේ තිබුනට මොකද්ද කරන්න ඕනේ වෙනස කියල එක පාරටම ඔලුවට අවේ නෑ. ටියුබ් ලයිට් නෙමේ නමුත් වෙනසක් කරනවා කියල ඔහේ ආවට ගියාට කොරන්න බෑනේ. කරන දෙයක් හරියට හිතල කරන එක මගේ පුරුද්දක්. (ඔය ඉතින්.. මම දන්නවා තොපි හිතුවේ මොකද්ද කියල. “අපි නොදන්නවයේ තොගේ හරියට කොරන හැටි” හොද වැඩක කොරන්න ගියොත් මොකක් හරි බාල්දියක්නේ. හිකි හිකි.) වෙනසක් විදියට කෙටි කතාවක් වගේ දෙයක් ලියන්නදෝ කියල හිතුවත් වැඩක නෑ කියල හිතුන. මොකද මටත් ඔය ලියන හැකියාව තිබුනට, මට වඩා හැකියාව ඇති කොල්ලෝ කෙල්ලෝ දැනටමත් ඒ වැඩේ ලෙසටම කරන නිසාත්, මට ඒ රැල්ලට අහුවෙන්න ඕනේ නැති නිසාත් වැඩේ ඇත ඇරලා දැම්ම. පස්සේ තමා මෙහෙම වැඩක කරන්න ඕනේ කියල හිතුනේ.
මේ වැඩේ ඔලුවට ආවට ගන්නේ මොන ටොපික් එකද කියල කල්පනා උනේ නෑ. දෙයක් දෙනවනම් මම දන්නා දෙයක් වෙන්න ඕනේ. නොදන්නා දේවල් කියන්න ගිහින් අනාගන්නවත්, වැදී බණ කියන්නවත් මට ඕනේ නෑ. අනික කියන දේ ගැන අප්-ටු-ඩෙට් දැනුමක් තියෙන්නත් ඕනේ. ඔය ඔක්කොම එක්ක බලනකොට, මම රස්සාව කරන ෆීල්ඩ් එකම ගත්තොත් හොදයි කියල හිතුන. මේක කියවල හිතන්න එපා මම ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කියල. ඇත්තටම මම ඔය බ්‍රෝකර් ලට ඕනේ කරන සොෆ්ට්වෙයා හදන කොම්පැනියක වැඩ කරන්නේ.

මුලින්ම මම කියන්න ඕනේ. මම මේ කියන දේවල් මම කියන්නේ මගේ දැනුමෙන් සහ තේරෙන බාසාවෙන්. මේවා ඔය www.investopedia.com/ වගේ සයිට් වල තියන ඒවාට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වැරදි නෑ. ඇත්තටම කිව්වොත් මම මේ ෆීල්ඩ් එකේ හිටියත් මට නම් ඔය www.investopedia.com/ එකේ තියන දේවල් වලින් 1/10 වත් තේරෙන්නේ නෑ.  ෆීල්ඩ් එකේ නැති අය ගැන කුමන කතාද??

මම මේ ලිපි මාලාවෙන් පළමු අදියර විදියට මම කතා කරන්න බලාපොරොත්තුවෙන දේවල් මෙන්න මේවා.
  1. ආයෝජනයක් යනු කුමක්ද?
  2. ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි.
  3. කොටස් වෙළදපොල යනු කුමක්ද?
  4. කොටස් වෙලදපොලේ ආයෝජනය යනු කුමක්ද?
  5. බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද??
  6. ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද?
  7. කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද?
  8. කොටස් වෙලදපොලේ ආයෝජනයෙදී නිතර යෙදෙන වචන වල තේරුම්
a.  Exchange Account
b.  Cash Account
c.  Trading
d.  Portfolio
e.  Margin
f.  Trends

මේ මගේ ඔලුවට දැන් ආව දේවල් ටිකක් විතරයි. කරගෙන යනකොට මතුවෙන තව තව දේවල් එක්ක ඉස්සරහට යමු. මේ ටික ඉවර වෙලා වැඩක වනවා කියල තේරුනොත් මේකේ දෙවෙනි අදියර විදියට, ඔය තියන ටොපික් වලින් තෝරාගත් කීපයක් ගැන ගැබුරින් කතාකරන්න මම බලාපොරොත්තු වෙනවා.

මට දැනගන්න ඕනේ මේ මම කතාකරන්න බලාපොරොත්තුවෙන දේවල් ඔයාලට වැඩක් වෙනවද කියල. (වැඩක උනත් නැතත් මම ලියනවා අනිවා.) මොකද එකපාරටම වැඩක නෑ වගේ තේරුනාට පට්ටම වැදගත්කමක් තියනවා මේවා දැනගෙන ඉන්න එක. ඒක තේරෙන්නේ කාලයක් යනකොට. (අත්දැකීමෙන් කියන්නේ) ඒත් මට දැනගන්න ඕනේ ඔයාලගේ අදහසුත්. මම හෙට ඉදන් මේ ලිපි මාලාව පටන් ගන්නවා. මේක ගැන හිතන දේවල් පොඩ්ඩක් පහලින් ලියල යන්න.