දැන් කොහොම කොහොම හරි වෙලාව හදාගෙන සති අන්තේ පොඩි පොස්ට් එකක් දාන්න සෙට් වෙලා ඉන්නේ. අද මොකද්ද දාන්නේ කියල හිත හිත ඉන්න කොට මට ආව සුපිරි ඊයක්. මට සැහෙන්න කාලෙකට කලින් මේක ඇවිල්ල තියනවා. ඔයාලටත් ඇවිල්ල ඇති.. නමුත් දැකල නැති අයට සහ දැකල ඇති අයගේ මතකය අලුත් කරගන්න මම මේක තේරෙන බාසාවෙන් දාන්න යන්නේ. මොකද මේකේ මහා ගැබුරු තේරුමක් තියනවා..
හැමදාම බයිලා ගගහ ඉන්නේ නැතුව වැදගත් දෙයකුත් දාන්න එපාය නේද??
මේ ඊයේ අහල තියනවා ප්‍රශ්න දෙකක්.. ඔයාලත් ට්‍රයි කරලා බලන්න..
1) ඔන්න බබෙක් ලැබෙන්න ඉන්න ගෑනුකෙනෙක් ඉන්නවා (එක්කෙනෙක් නෙමේ ගොඩක් ඉන්නවා. මම මෙතන කියන්නේ එක්කෙනෙක් ගැන විතරයි..). මෙයාට මේ වෙනකොට දරුවෝ 8 දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් 3 දෙනෙක් බීරි අය. දෙන්නෙක්ට ඇස් පෙන්නේ නෑ. එක්කෙනෙක් මානසික අබාධයකින් පෙළෙනවා.(අපි වගේ නෙමේ. අපිට වඩා හොද එකක්). දැන් අහන්න එපා මෙතන ඉන්නේ 6යි. කෝ අනිත් දෙන්න කියල. උන දෙන්න හොදින් ඉන්නවා. මේ විතරක් නම් මදෑ, මේ ගෑනු කෙනාට "SYPHILIS" කියල ලෙඩකුත් තියනවා.(දැන් අහන්න එපා මේ මොකද්ද කියල. මම දොස්තර විභාගේ කරානම් මෙතන කොට කොට ඉන්නේ නෑ)
දැන් තියන ප්‍රශ්නේ තමා ඔයා හිතන විදියට, අවන්කවම මේ ගෑනුකෙනා ගබ්සාවක් කරගත්තට කමක් නැද්ද?? හදවතින් නෙමේ මොලෙන් මේ ප්‍රශ්නේ ඇහුවනම් වඩා හොදයි..
2) ඔන්න ඔයාට දෙනවා ලෝකේ නායකයා තේරීමේ අවස්ථාව(ලොවෙත් ලැබෙන්නේ නෑ. නිකමට වගේ හිතමු) ඔයාට ලැබිල තියනවා CV 3ක්. (ලංකාවේ වගේ ඒවා යට ගහල තමන්ගේ යාලුවෙක් දාගන්න බෑ.)
මෙන්න අපේක්ෂකයෝ 3 දෙනාගේ විස්තර
- චොර උන දේශපාලකයන් සමග සිටී(UNP/JVP තරම්ම නෑ මගේ හිතේ). ජෝතිෂ්‍ය කාරයන් ඔලුව උඩ තියාගෙන සිටී(අතේ රත්තරන් ගුලියක් තියාගන්න තරම් නම් නෑ). ගෑනු දෙන්නෙක් සිටී. ලෝකේ සිගරට් ඉවර කිරීමේ පරමාර්ථයෙන් සිකරට් බොයි. අනිවා ෂොට් 7-8 දවසකට සරිරගත කරගනී..
- දෙසැරයක් රස්සාවෙන් දොට්ට දමා ඇත. දවල් 12.00ට කලින් නැගිටීමට එලාම් 10ක් වත් අවශ්‍යය. කැම්පස් කාලේ ගංජා කාරයෙකි. දවසකට කාලක් අනිවා අනුමත කරගනී.
- හැමෝම දන්නා යුද වීරයෙක්(පස්සේ රජතුමා හිරේ දාල නෑ). මස් මාන්සයෙන් තොරයි. අරක්කු/ සිගරට් වලින් තොරයි(මොකටද මෙහෙම ජිවිත..ඊය..) කවදාවත් තමන්ගේ බිරිදට හොර කරලා නෑ..
දැන් ප්‍රශ්නේ තමා.. ඔයා කාවද තෝරාගන්නේ???
මේ ප්‍රශ්න දෙකට පල්ලෙහායින් අවන්කවම උත්තර හිතාගෙන, යටින් තියන ටිකත් කියවල අදහසක් ලියල යන්න....
||
||
||
||
||
||
||
||
||
||
V
පලවෙනි ප්‍රශ්නෙට ඔයා කිව්වනම් ගබ්සාවක් කරහ්ගන්න කියල. බ්‍රිතෝවන් කියල ශේෂ්ට සංගීත වේදීයා මෙලොකෙට බිහිවෙන්නේ නෑ. බ්‍රිතෝවන් බිහිඋනේ උඩ විස්තර කරලා තියන විදියේ ගෑනු කෙනෙක්ගේ 9 වෙනි ළමය විදියට..
දෙවෙනි ප්‍රශ්නෙ
අපේක්ෂක 1
ශේෂ්ට ඇමරිකානු නායක ෆ්‍රැන්ක්ලින් රොසේවෙල්ට්
අපේක්ෂක 2
ශේෂ්ට බ්‍රිතාන්‍ය නායක වින්ස්ටන් චර්චිල්
අපේක්ෂක 3
ශේෂ්ට/විනසකාරී නායක ඇඩෝෆ් හිට්ලර්
කොහොමද වැඩේ...එහෙනම් අපි කැපුන..
පලි: ටයිපින් අවුලක් නිසා වින්ස්ටන් චර්චිල් සහ ෆ්‍රැන්ක්ලින් රොසේවෙල්ට් ගේ රටවල් දෙක පැටලිලා තිබිල නිවැරදිකරා. පෙන්නලා දුන්නට බොහොම ස්තුතියි.
















