Thursday, June 2, 2011

අනුන්ගේ පොස්ට් තමන්ගේ කියල පොස්ට් කරලා නම දිනාගන්න අසහනය - අනං මනං

අනේ මන්ද ඇයි මෙහෙම වෙන්නේ කියල. අසහන කාරයෝ ගැන මුලින් ලියන කොට මේක මම දුර දිග ගෙනියන්න හිතුවේ නෑ. ඒත් මට මේක නම් නොලියම බෑ.

මේ සමාජයේ නොයෙකුත් ආකාරයේ අසහන කාරයෝ ඉන්නවා. මෝඩ කමට හරි නුගත් කමට හරි ඔය වගේ වැඩක් කරොත් අපිට පිටිපස්සෙන් හිනාවෙලා නිකං ඉන්න පුළුවන්.

හැබැයි මම අද කියන්න යන්නේ එහෙම වැඩක් නෙමේ. හොදට සිහි බුද්දිය තියන අපි අතරේම ඉන්න "කොම්පියුටර් ඩයල්" කියල හිතන් ඉන්න අය කරන අසහනකාර වැඩක් තම අද කියන්නේ.

මේ අසහනය තමා අනුන්ගේ දේවල්, කොටින්ම අනුන්ගේ පොස්ට් තමන්ගේ කියල පොස්ට් කරලා නම දිනාගන්න අසහනය.



උබල ඔක්කොම දන්නවා මගේ ITN පබළු කතාව හරිම දුර්ලබ පට්ට සිද්දියක් කියල. ඒකට මට ගොඩක් හොද කොමෙන්ට් ලැබුන. හිට්ස් තුත් පට්ට. ඔය හිට්ස් ආව සෝසස් බලනකොට මට 


මෙන්න මේ පොස්ට් එක ලැබුනේ. මගේ පොස්ට් එක එහෙම පිටින්ම කොපි-පේස්ට් කරලා උගේ එකක් වගේ දාල. කොටින්ම කිව්වොත් නමවත් වෙනස් කරලා නෑ. නමුත් මම පොස්ට් එක පටන් ගන්න කලින් පොඩි විස්තරයක් දාල තියනවනේ බ්ලොග් එක ගැන. වැඩේ කියන්නේ ඒ කෑල්ල කොපි වෙලා නෑ. මොකද එක දැම්මොත් මේක උගේ එකක් නෙමේ කියල මාට්ටු වෙනවනේ. 

එල  කිරි කියන්නේ මම ගොඩක් ගරු කරන පට්ට සිරා කොල්ලෝ ගොඩක් ඉන්න සිරා සයිට් එකක්. එකෙ ඉන්න මේ වගේ උන් නිසා සයිට් එකත් චා වෙනවා.

අපරාදේ කියන්න බෑ පොස්ට් එකේ යටම දකුණු පැත්තේ කොනේ පොස්ට් එකේ අකුරුවලින් බාගයක් සයිස් එකට "උපුටා ගැනීම:" කියල මගේ බ්ලොග් එක දාල ජාමේ බේරගන්න. (උපුටා ගැනීමක් නම් අනිත් ඔක්කොම තිබිල මගේ බොල්ග් ඒක ගැන තිබුන කෑල්ල විතරක් මිස් උනේ කොහොමද දන්නේ නෑ) හැබැයි ඒක පේන්නේ හොදටම බලපු අයට විතරයි. හරියට බලපු අය 14 දෙනෙක් ඔය ලින්ක් ඒක හරහා මගේ පොස්ට් එකට ඇවිල්ල තියනවා. නැත්නම් මට ඕක අහුවෙන්නේ නෑ.



පොස්ට් එකට කට්ටිය කොමෙන්ට් දාල තියෙන්නෙත් ඌට උන සිද්දියක් විදියට හිතාගෙන. වැඩේ කියන්නේ ඌ ඒ එකක් පොස්ට් එකක්වත් නිවැරදි නොකරන්න පරිස්සම් වෙලා තියෙනවා. හැබයි එක කොල්ලෙක් ඔරිගිනල් සෝස් ඒක දාන්න කිව්වම නම් වීරයා වගේ තමන් ඒක දාල තියනවා කියල ලොකු අකුරින් කොමෙන්ට් කරලා අර කොල්ලට බොරු චෝදනවකුත් කරලා....

මට නම් අව්ලක් නෑ, ඌ මගේ පොස්ට් එකෙන් පොර උනාට. මට ඇත්තට සතුටුයි. මොකද මගේ පොස්ට් ඒක ඇත්තටම හොදයි කියල මට තේරෙනවා, වෙන එකෙක් ඒක කොපි කිරීමෙන්.

මම  නම් කියන්නේ වෙන කෙනෙක්ගේ හොද පොස්ට් එකක් දැක්කොත් ඒක තමන්ගේ සයිට් වල දැම්මට කමක් නෑ. නමුත් පැහැදිලිව, හොදට පේන්න ඔරිජිනල් ලියපු කෙනාව සහ, ඒ ලින්ක් ඒක දාන්න ඕනේ. ඒක මම ඕන තරම් රංග අයිය, මාරයා වගේ අයගේ බ්ලොග් වල දැකල තියනව. ඒක තම නියම මහත්මා ගතිය.

මට අන්තිමට කියන්න තියෙන්නේ.... අනේ මෙහෙමත් අසහන කාරයෝ කියල තමා.......

මේ ගැන පොඩි කොමෙන්ට් එකක් පහලින් දාන්න අමතක කරන්න එපා.

18 ප්‍රතිචාර:

කිඩෝ said...

මුං නං නියම අසහනකාරායා ඇයි යකෝ වෙන එකෙක්ගෙ පෝස්ට් එකක් තමන්ගෙවගේ දාගන්නෙ මුන්ට මොලයක්/ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද...

Anonymous said...

මෙන්න හොරු.... අනේ මන්ද මුන් මෙහෙත් වාචාල කම් කරනවා
අමු හොරු

පිණිබිඳු... said...

මේක දැන් බෝවෙන ලෙඩක් වගේනෙ. ලැජ්ජ නැති මිනිස්සු.

කිඩෝ said...

බලපන් මචං ඊයෙ ඔයවගේ අනුන්ගෙ මහන්සියෙන් වෙන එකෙක් ලකුනු දාගැනීම ගැන ලියල හැරෙන්නවත් බැරිවුනානෙ http://anything4every1.blogspot.com/2011/06/2.html
මට මතක විදිහට උබ ඒකට කමෙන්ට් කරල තිබුනෙ නෑ... සාමාන්‍යයෙන් ඔබ මගේ පෝස්ට් වලක කමෙන්ට් දාන එකෙක්නෙ

Anonymous said...

Me yaka “Senior Member” velatiyenne kage kage hari post copy paste karala podita (advertisement vala *Conditions apply vage) uputa ganimak kiyala dala venna athi. Mehemath asahana kara yoo.. paw oee :@

සමනළී... said...

මාරය්....පුදුම පිස්සුවක්නෙ ඒක

Nadun Ranaweera said...

‍ඔවා ගනම් ගන්න එපා ඔය වගේ එවුන්ගේ වග බ්ලොගයේ ලියලා ඔයා බ්ලොගය සවුතු කර ගන්න එපා මම කියන්නේ

සත්සමුදුර said...

මගේ බ්ලොග් එකේ පෝස්ට් එකකටත් මේ දේම වුනා මම ලියපු "ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බියජනක ආයුද" කියන ලිපිය මගේ බ්ලොග් එක ගැන වචනයක්වත් නොකිය තමන්ගේ එකක් විදියට එලකිරි සයිට් එකේ දාලා තිබුන බව මමම දැක්කා...

Anonymous said...

http://www.elakiri.com/forum/archive/index.php/t-1124125.html
මේ තියෙන්නෙත් මගේ බ්ලොග් එකේ ලිපියක් උපුටාගෙන එලකිරි සහොදරයෙක් නැවත ප්‍රකාශනය කළ අවස්ථාවක්
http://hansakinkini.wordpress.com/2011/05/04/%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%BA%E0%B6%A7%E0%B7%92-%E0%B6%B8/
මේ තියෙන්නෙ මගේ ලිපිය

හැබැයි කවුරු වුණත් ඒ දේ කළ කෙනා අඩුම ගානෙ මූලාශ්‍රය විදියට මගේ බ්ලොග් අඩවිය ගැන සටහනක් තැබීම ගැන මම සතුටු වෙනව...

ඒත් ඉතින් තමන්ගේ නොවෙන දෙයක් උපුටා ගැනීමේදී හැමෝම සදාචාරසම්පන්න නෑනෙ මල්ලි.
මට පෞද්ගලිකව හිතෙන දේ තමයි ඒක කරන්නෙ කවුරු වුණත් ඒ පෙන්නුම් කරන්නෙ තමන්ගෙ නොහැකියාව...

මකුළුවා..... said...

ඕක එළකිරි කීපදෙනෙක් කරන වැඩක් මචං.ගොඩක් උන් පොස්ට් කරන්නේ අනුන් ලියපුවා...අපිට ජාලය තුලදී අපේ අයිතිවාසිකම් කියන්න අමාරුයි.ඒකයි සීන් එක....

duliponline said...

මම එලකිරි එකට යන එක නැවැත්තුවෙ ඔය නිසා මචෝ . . . . මගෙ කතා මම ඉස්සෙල්ලම් දාන්න පටංගත්තෙ ලාස්ට් රෝ එකේ . . . අන්තිමේ මටම උන සමහර සීන් උංට උනා වගේ එලකිරි එකේ දාල . . . .
ලැජ්ජයි . . . ඕයි . . . ලැජ්ජයි . . . .

Dinesh said...

මටත් එක පාරක් ඔය දේම උනා.. මම මුහුණු පොතට දාපු කවියක පදයක් වෙනස් කරලා කෙනෙක් දාලා..

සුපර් මාරියෝ said...

බුද්ධිමය දේපල මංකොල්ල කෑම... හරිම ඛේද ජනකයි..

අනූ said...

අනේ මෙහෙම අයත් ඉන්නවා ඒ කියන්නේ අපි අතර.ඇත්තටම එයාලට හිතෙන්නේ නැද්ද දන්නැහැ මේකෙන් වෙන්නේ තමන්ගේ නොහැකියාව පෙන්නන එක කියලා

ElineMSOfficial said...

මේක දැන් එළකිරි එකේ තහනම් කොපිරයිට් ප්‍රශ්ණ ඇතිවෙන නිසා ඒවගේ දේවල් පෝස්ට් කරන්න එපා කියලා එක ඇඩිමින් කෙනෙක් කිව්වා මොකද ඒක එක අතකට ස්පෑම් එකකුත් වෙන නිසා මොකද ඒකෙන් ඔයාලට ට්‍රැෆික් එක හැදෙනවා එක අතකට එක අතකට හානිවීමක් වෙනවා මම නම් සිංහල බ්ලොග් කියවන්නේ නෑ එනිවේ ආයිත් මේක කළොත් ඔයා ඇඩ්මින්ට පීඑම් කරන්න එතකොට ත්‍රෙඩ් එක ඩිලීට් කරලා දාලා වෝනින්ග් එකක් දෙයි හොරාට බුද්ධිමය දේපල මංකොල්ල කෑම හරි අපරාධයක් මම නම් ඕන දෙයක් උපුටා ගන්න ඕනෑ නම් කතෘට මේල් කරනවා මේක නිසා ඔයාලා එළකිරි එක දාලා යන්න එපා ඒක අපරාධයක්

ADK කොලුවා said...

@ ElineMSOfficial: බොහොම ඉස්තිතියි කොමෙන්ට් එකට සහ අවවාදයට. ඒක බල්ලෙක් බිරුවට අපි සැලෙන්නේ නෑ. ඕවයින් තවත් දිරිමත් වෙනවා ඇරෙන්න..

vino said...

ඔහොම තමඊ අයියා.. ඔයාගේ පොස්ට් එක කොච්චර හොඳ පොස්ට් එකක් ද කියල ඔයාට දෙන තේරෙනව නේද ?

Shali said...

that's harsh! why can't he just say it was quoted by you!

Post a Comment