Thursday, June 23, 2011

මේ ගෑනිට පිස්සුද කොහෙද? - පාසලේ විත්ති

පහුගිය දවස් දෙකේ මම ලියපු ආයෝජන ගැන ටිකක් විතර වැදගත් නමුත් බෝරිං පොස්ට් දෙකෙන් පස්සේ කට්ටියට පොඩි කික් එකක් දීල නග්ගල ගන්න අද ෆුල් ආතල් කතාවක් දාන්න තමා හදන්නේ. හොදයි වැඩි කතා ඕනේ නෑ. කෙලින්ම කතාවට බහිමු.

අද ටොපික් එක දැක්ක හැටියේම අපේ ඉස්කෝලේ ජොන්ටෝ ටික නම් දන්නවා අද කතාව මොකද්ද කියල. ලොල්ය. හැබැයි මේක කියවන,  කතාව  දන්නේ නැති අය ගොඩාරියක් ඉන්න නිසා කියන්නම්. මෙන්න මේකයි කතාව.

අපේ ඉස්කෝලේ පන්තියේ හිටිය ශෂික - බෝක්කුව කියල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සු හු***ක්. නියමම ජොන්ට. මුට විතරක් නෙමේ මුගේ ගෙදර මිනිස්සුන්ටත් ටිකක් විතර අව්ල් කියලයි අපේ හැගීම. මුගේ ගෙදට තිබුනේ හොරණ. මුගේ පියාණන්ට තියනවා එළු පට්ටියක්. අපේ කොල්ලෝ රෑට සෙට් වෙලා වැඩි උනාම අනිවා කරන දෙයක් තමා මුගේ ගෙදරට කෝල් කරන එක. මේ කියන්නේ අනිවා රෑ 12.00 පහුවෙලා. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ.

අපි : ගමු බෝක්කුවගේ ගෙදරට කෝල් එකක්.
(සියල්ලෝම එක හෙළා එකග වෙයි. ලවුඩ් ස්පිකර් දමා ගෙදර ලෑන්ඩ් ලයින් ඒකට කෝල් කරයි. ට්‍රීන්... ට්‍රීන්...)

බෝක්කුවගේ පියා : හලෝ. කවුද මේ මහා රෑ...  (අනිවා ගෙදර පෝන එක ගන්නේ මුගේ තාත්ත)

අපි : හලෝ.. මේ අපි පොඩි සමීක්ෂණයක් කරනවා එළුවන් ගැන. මහත්තයට බැරිද පොඩ්ඩක් එළුවන්ගේ විවිද ශබ්ද පිලිබදව අපිට පොඩි විස්තරයක් දෙන්න?

පියා : බොලගේ අම්මලට &(^&*^%^*&(^&*&^%#$$#%@$@^

හිකි.. හිකි.. අපි ඉතින් බඩ අල්ලන් හිනාවෙනවා. අපි කට් කරනකල් බුවා බනිනවා.

දැන් ඒක නෙමමේ කතාව. හැමදාම පිට පනිනවා. මු කොරන පිස්සු වැඩ වල සීමාවක් නෑ. අපි දන්නේ නෑ මුට පිස්සුද එහෙමත් නැත්නම් මුගේ ගෙදර මිනිස්සු මුට පිස්සු හැදෙව්වද කියල. කොටින්ම ඉස්සර පාඩම් කරන කාලේ මු ගෙදර ඉදන් පාඩම් කරනකොට මූව ගේ ඇතුලට දාල හතරවටෙන් ලොක් කරලා තමා මුගේ තාත්ත එලියට යන්නේ. ගෙදර ගිනි ගත්තත් මුට එලියට එන්න බෑ. (මු ගෙදර ජනේලෙක ග්‍රිල් එකක් ගලවල එලියට පනින්න විදියක් හොයා ගෙන තිබුන ටික කාලෙකට පස්සේ.) ඔන්න ඕකයි ගෙදර තත්වේ. තීරණව ඔයාලට බාරයි.

හරි දැන් ආයෙත් කතාවට. අපේ පන්තිය කොලම් 3 කට තමා තිබුනේ. ගුරු මේසේ කෙලින්ම තියන මැද කොලම් එකේ ඉස්සරහම ඉන්නේ මම,  කල්ප, හෂුල. අපි තුන්දෙනාම ඔයාලට ගොඩක් සමීපයි. දන්නේ නැත්නම් ඒ ඒ නම් එක්ක තියන ලින්ක් වලට ගිහින් දැනගන්න. ඉතින් හිතපල්ලා පන්තියේ තරම.

අපේ පන්තියට රසායන විද්‍යාව උගන්නන්න හිටියේ මනොද්‍යා කියල කෙල්ල ටයිප් එකේ මැඩම් කෙනෙක්. වයස ඕනෙනං 30ක් ඇති. ලස්සනයි. හරි හොදයි. අපි ඉතින් හැමදාම  කෙමෙස්ට්‍රි වෙලාවේ කරන්නේ මැඩම් වාඩි උනාම ඉස්සරහ ඉදන් මැඩම් එක්ක ඕප දුප කියවනවා. ශශිකය හැමදාමත් මේ වෙලාවට ප්‍රජා රේණුකගේ ගණන් හදන එක අපි දන්නවා. මුට මෙලෝ සිහියක් නෑනේ කොහොමත්. ඉතින් දවසක් කල්පයට හොද අදහසක් පහල උනා. ඒක උනෙත් මෙහෙමයි.
මැඩම්: මොකද අර ළමය හැමදාම වෙන වැඩ.

කල්ප: අනේ මැඩම් එයාට මුකුත් කියන්න එපා. එයාගේ මොලේ ටිකක් අවුල්.

මම: ඔව් මැඩම්. මෙයා නෝමල් ඉස්කෝලෙට ආවේ 4 වසරේදී. අපිට වඩා අවරුදු 3ක් වැඩිමල්. පොඩි කාලේ විශේෂ පන්තියේ මෙයා ඉදල තියෙන්නේ. 

හෂුල: පරම්පරාවෙන් එන ලෙඩක්ලු මැඩම්. අපි සැහෙන්න උදවු කරනවා. රෝටරියේ ප්‍රජා රේණුක සර් ෆ්‍රී පන්ති කරන්නේ. දවස් 4ක් ගණන් පන්ති. ඒවායේ වැඩ තමා ඔය කරන්නේ. තාම මොලේ වැඩිලා නෑලු හරියට. 

කල්ප: මිනිහට මාර විදියට තරහ යනවා මැඩම්. දවසක් මම උගේ පෑනක් ගත්ත කියල මු මට පෑනෙන් ඇන්නනේ. ඇන්න තැන පෙන්නන්න බෑ. හිකි හිකි..

මැඩම්: අනේ ඇත්තද?? පව් නේද. මමත් ඒ ළමය දැක්ක දවසෙම හිතුව මොකක් හරි ප්‍රශ්නයක් ඒ ළමයට තියනවා කියල. හොද වෙලාවට ඔය ළමයි මට කතාව කිව්වේ. නැත්නම් මම නිරපරාදේ ඔය ළමයට බනිනවා.

මම:ඒවා අපේ යුතුකම්නේ මැඩම්. මැඩම් බැන්නොත් අනිවා මු මැඩම්ට බනිනවා සුවර්. පව් මැඩම්. බනින්න එපා.

ඔන්න එදා දවස ඉවරයි. ඔහොම සතියක් විතර ගියා.. දවසක් මැඩම් දැන් බොක්කෙන් මොකද්ද මම දන්නේ නෑ පාඩමක් කොරනවා. ශශිකය සුපුරුදු පරිදි ගණන් හදනවා. උගන්නනකොට පන්තිය වටේ යන එක සාමාන්‍යයිනේ. ඔහොම යනකොට අරු ගණන් හදන එක දැක්ක. බොක්කෙන් පාඩමක් කරනකොට ළමයෙක් වෙන වැඩක් කරනවා කියන්නේ මල පනින හැටි ආයෙත් කියන්න ඕනේ නෑනේ.

අපි දැක්ක පොතක් පියාබගෙන පන්තියේ දොර පැත්තට යනවා. (ටියුබ් ලයිට් උන්ට කියන්නේ මැඩම් අරුගේ ගණන් පොත විසි කරා)

මැඩම්: මොනවද ළමයෝ මේ ගණන් හදන්නේ. කෙමෙස්ට්‍රි වෙලාවේ. කෙමෙස්ට්‍රි ඔක්කොම දන්නවද?

මම කියනවට විස්වාස කරපන් මචංලා... මු නැගිට්ට.. මැඩම්ගේ මුනට අත දික් කරා..

“මේ ගෑනිට පිස්සුද කොහෙද?” 

 කිව්වා (මේ හරියටම මූ කියපු වචන ටිකමයි. අකුරක් වත් වෙනස් නෑ. ගියා ගණන් පොත අහුලන් ඇවිල්ල අයෙත් ගණන් හදන්න පටන් ගත්ත.

මැඩම්ගේ සුදු මූණ කළු උනා. මැඩම් දැන් ගල් වෙලා වගේ බලන ඉන්නවා. අපිත් එහෙමයි. අපි කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. ඔය වෙලාවේ මම කලින් කියපු දේ මැඩම්ගේ ඔලුවේ කැරකෙන්න ඇති “මැඩම් බැන්නොත් අනිවා මු මැඩම්ට බනිනවා සුවර්” විනාඩි දෙක තුනක් පන්තියම ගල් වෙලා. මැඩම් එක පාරටම හැරුන. ගියා මේසේ ලගට බෑග් එකත් අරන් ගියේ නැතෑ පන්තියෙන්.

අපි හිනා උන සද්දේ බොරැල්ල හන්දියටත් ඇහෙන්න ඇති. තාමත් මට කතාව මතක් වෙනකොට අරූ මැඩම්ට බැන්න හැටි මැවිලා පේනවා. හිකි හිකි

එහෙනම් අපි කැපුන....

23 ප්‍රතිචාර:

Ruwa said...

Ammata siri kiwalu....... Mu Maaara porak ne ban......
Lolzzzz...

Ravisanka said...

Ha ha.......

සංකල්ප said...

පට්ට සීන් එකක් නේ. මැඩම් ඊට පස්සෙ නම් අරූට බනින්නේ නැතුව ඉන්න ඇති නේ.ඇත්තටම ඌට මොලේ ටිකක් අවුල් ද ?

ADK කොලුවා said...

@ Ruwantha Medawatta : ඌ මාර පොරක් තමා බං..

@ Ravisanka : උබට මතක නැද්ද මේ කෙස් එක????

@ මධුරංග : මොලේ අව්ල් නැත්නම් මෙහෙම වැඩක කරයිද බං???? ලොල්ය...

කිඩෝ said...

පට්ට.. මම හිතුවේ බොලා අරූ ගැන මිස්ට අරවිදිහට කිව්වේ ආතල් එකට කියලා... බලාගෙන යනකොට ඌ පිස්සු හු**** නේන්නං... ආයෝජන පාඩම් අස්සෙ මෙහෙම එකක් දානඑකත් හොදා නැත්තං පාඩම කම්මැලි වෙන්න පුලුවන්....

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

හෙහ් . . මරු කතාව . . .
පොරට තාමත් ශෝට් ද . . . පී

Anonymous said...

ape panthiyeth hitiya ohoma akek..

Anonymous said...

menna kollo

සමනළී... said...

:O :O
හිකිස්.....

පොඩි මෑන් said...

කොල්ලො උනාම ඔහොම තමයි ඉන්න ඕනෙ... අපේ ස්කෝලෙ පොරක් ඉදියා පොට තනිකර පී වර්ගයක්.. දන්නවනෙ දෙපැත්තට නෑ... කොල්ලො මූට ආතල් දෙනවා අනේ මගේ සුදූ එන්න මම ඔයාට ......... ..... .... කිය කියය... දවසක් පන්තියේ සර් කෙනෙක් නැති වෙලාවක කොල්ලො මූට ආතල් දීල කලිසමෙන් ඇදල කලිසමේ බොත්තමත් කැඩුවා.. මූ අඩ අඩා ඉදිය ඩෙස් එකකට ඔලුව ගහගෙන.. ටික වෙලාවකට පස්සෙ අලුත් සර් කෙන්ක් ආව පන්තියට රිලීෆ් එකට කට්ටිය සද්ද නෑ.. මූ මහ හයියෙන් හඩනවා.. සර් ලගට ගිහින් පිටට අත තියල අහුවා මේ මොකද කියල.. මූ නැගිට්ට ගමන් මහ හයියෙන් සර්ට කලිසම පහත් කරල පුක හරවල කිවුවා ඉදා කාපිය කියල...
පොර හිතුවෙ කොල්ලෙක් කියල.... සර් විත්තිය දැනගත්තෙ පස්සෙ

පිණිබිඳු... said...

ඉස්කෝලෙ කාලෙ සුන්දර මතක.

ADK කොලුවා said...

@ කිඩෝ : ඒක තමයි බං මමත් මෙහෙම එකක් දාන්න හිතුවේ.

ADK කොලුවා said...

@ සුශාන් ප්‍රියනාත් රත්නායක : තාමත් එහෙම්මම තමයි බං. කිසි වෙනසක් නෑ.

ADK කොලුවා said...

@ අනොල දෙන්නට : නමත් එක්ක කොමෙන්ටුව දැම්මනම් අගේ නේද??

ADK කොලුවා said...

@ තටු සිඳුනු සමනළියක්.... : මොකෝ නංගි සිරික්කිය දාන්නේ??

ADK කොලුවා said...

@ පොඩි මෑන් : යකෝ බද අල්ලාගෙන හිනා යනවා. ඔය කතාව අහල. දාපිය ඕක පොස්ට් එකක් විදියට. පොඩ්ඩක් ඇදලා, පැදලා, රස කරලා..

ADK කොලුවා said...

@ පිණිබිඳු... : මේවා විතරනේ අක්කණ්ඩි අපිට දැන් ඉතුරුවෙලා තියෙන්නේ,,,

Damith said...

Ko me kathawe ape nchaw sadda, bag udin yana hati ehema dala nane.....
Chemistry ganita mala panne a sadda tikath ekka....

HANSAKA said...

ethalkota madamge t*** video kale kawda???/kawda flash light gahuwe???? kiyapan balanna

Ravisanka said...

@ADK.......Ehema amathaka wenawada bun. EE wage athal kalayak aye enne na....

Unknown said...

පට්ටයි!!! cleopatra gana katha naddaa ;) <3 <3 lol ;)

Unknown said...

ado dilumai maluwai

shashikabokks said...

ay pol attiyage scene hemath dapan methan mawwama kanna hadanne

Post a Comment