මම ගැන දන්නා අය දන්නවා මම ඉන්නේ මුල්ලේරියාව ප්‍රාදේශීය කොට්ටාසේ කියල (බෙහෙත් ගන්න ලග නිසා කියලයි හැමෝම කියන්නේ. අනේ මන්ද ඇත්තද කියල.. හිකි හිකි.).කොළබ ගැන දන්නා අය දන්නවා මුල්ලේරියාව අංගොඩට අල්ලපු ගම කියල. ඒ වගේම ලංකාවේ ඔක්කොම දන්නවා අංගොඩ ප්‍රසිද්ද මානසික රෝහල නිසා බව. (අපි කතාවට පිස්සන් කොටුව කිව්වට මම මෙතන කියන්න කැමති නෑ ඒ නම.) මම මේ වටින ගොඩින් කරකැවිල අවේ මෙන්න මේක කියන්න.
අපේ ගෙදරින් අව්රුද්දකට වතාවක් මේ මානසික රෝහලේ වාට්ටුවකට දානයක් දෙනවා. එක පාරටම ඔයාලට හිතේවි මේ මොන පිස්සුවක්ද කියල. නමුත් එක පාරක් හරි මානසික රෝහල ඇතුලටගිය කෙනෙක්ට එහෙම හිතෙන්නේ නෑ. ඇත්තටම ජිවිතේ ගැන හම්බානකට කල කිරෙනවා. කතාවට පිස්සෝ කිව්වට, දානයක් ඉවර උනාට පස්සේ කට්ටිය වට කරගෙන එතන ඉන්න තරමක් රෝගය අඩු කෙනෙක් දානේ දුන්න අයට "පිං" පමුනවනවා එක සැරයක් ඇහුවනම් ඔයාලට ඔයාල ගැන සැකයක් හිතේවි. කවුද ලෙඩ්ඩු, කවුද නැත්තේ කියල. අනේ ඇත්තමයි.
දෙයියනේ කියල දානේ දුන්නට දානේ දෙන්න වාට්ටුව ඇතුලට අපේ ගෙදරින් යන්නේ අපේ අම්මියි මමයි විතරයි. තාත්ති, අයිය, අක්ක සහ තවත් බොහෝ දෙනෙක් වාට්ටුවට එන්නේ නෑ. ජනේලෙන් බලන් ඉන්නවා විතරයි. අපේ අම්මිට ශ්‍රද්ධාව වැඩි. මට මෙලෝ චාරයක් නෑ. ඉතින් අපි දෙන්න ඇතුලේ ඉන්න සේවක, සේවිකාවන් එක්ක දානේ දෙනවා.
මේ අව්රුද්දෙ ඔය කියන දානේ දෙන්නේ අද රෑට. ඉතින් මම අද දවසේ පුර්ණ කාලින රියදුරු රැකියාවට බැහැල ඉන්නේ.
"චුටි පුතා, අරක අඩුයි"
"චුටි පුතා, මේක අඩුයි"
කියන කොට ඉතින් ලග කඩේකින් නම් කඩේ යන කොලුවා මෙන්ම කාගිල්ස් එකටනම් රියදුරු රැකියාව මම මාරුවෙන් මාරුවට කරන්න හිත හදාගෙන ඉන්නේ.
දැනුත් කාගිල්ස් එකට ගිහින් අවේ. අයෙත් නම් කොම්පියුටරේ පැත්තට වත් එන්නවෙන එකක් නෑ අද දවසේ. සාමාන්යෙන් මානසික රෝහලට දානයක් දෙනකොට ආතල් සිද්දි ගොඩක් වෙනවා. උදාහරණයක් හැටියට ගිය සැරේදී එක රෝගී කාන්තාවක් අපේ තාත්ති එයාගේ පරණ කොල්ල කියල හිතාගෙන ලව් කරන්න හදපු කෙස් එක වගේ දේවල්. අපේ තාත්ති තාම හුරේ කියල බයිට් වෙනවා ඔය කතාවට.
මම හෙට ඇවිල්ල මේවයින් එකක් දෙකක් දාන්නම්. කියවල ඒ වෙලාවට හිනාවෙලා, ඊළග මොහොතේ "අනේ සංසාරේ...." කියල හුල්ලමු... එහෙනම් මම ගියා.. නිකන් කියවල යන්න එපා. හෙට මම ආවම මට කියවන්න දෙයක් ඔය පහලින් ලියල යන්න හොදේ..
13 ප්‍රතිචාර:
අඩෝ . . . කිවුවනං එනවනේ . . . . මම ඉන්නෙත් අංගොඩම තමයි ..උන රෝහල පාරෙ. සිරාවටම ගොඩක් අය දානයක් දෙන්නෙ නැති . . . . අඩුම ගානෙ ඒගැන අදහසක් වත් පහල නොවෙන තැනක් තමා අංගොඩ මානසික රෝහල . . . .
kiyatada yanne apith ennam
ekanam harima honda wedak ayya! truly i didn't know that we can give alms to the asylum!! upload some pics will you!
පිං අත්වෙන වැඩක්....:)
අනේ ගොඩක් පින් ඔය වගේ තැනකට දානයක් දෙන එක
එකනම් ගොඩාක් හොද වැඩක් මල්ලී.. මමත් එක පාරක් දානයක් දෙන්න වාට්ටුවකට ගියා.. ඇත්තමයි ජිවිතේ මොනවගේද කියලා එතනදී දැන ගන්න පුළුවන්..
හොඳ වැඩක් මල්ලි..ඒ වගේම ඒ ගමනින් ලැබුව අත්දැකීම් අපටත් කියන්න.
ඔතන දානයක් ලබා ගැනීමේ ක්‍රම වේදයත් ටිකක් පැහැදිලිව සටහන් කරන්න.විශේෂයෙන්ම දානයක් පිළීබඳව කතා කරගන්න ඕනනම් ඒකට අවශ්‍ය දුරකථන අංකත් සහිතව...
හොද වැඩක් අයියා උදේ මේ පෝස්ට් එක මට මිස් වුනේ කොහොමද මන්දා.... ගිහිල්ලා ඇවිල්ලා අපටත් කියන්නකො විස්තර...
Machan next time oka bokkuwage gedarata gihilla api set eka demu........
Ubata oya wage danayak denna wuwa mathak wennema na ne.....
දානේ දීලා අත්දැකීම් ඔහොම නම් පොඩි කාලේ ඉදන් ඕක අස්සෙම ඉදලා මාරම අත්දැකීම් මට තියෙනවා.(අපේ අම්මා වැඩ කරන්නේ මානසික සවුක්ය විද්යායතනේනේ.ඉස්සර තමා අංගොඩ රෝහල දැන් නම වෙනස්)අංගොඩ කොහෙද ඉන්නේ මම හිඹුටාන පටුමගේ ඉන්නේ.
පුලුවන් නම් අංශ 2 වාට්ටු වලට දාන දෙන්න.එහෙටත් ගොඩක් දාන අඩුයි.අංශ 2 තියෙන්නේ මුල්ලේරියාව හිඹුටාන පාරේ.ඔය දානමාන දෙනකොට ඉස්පිරිතාලෙන් අහලා පරන ඇදුම් ගිහින් දෙන්න පුලුවන්නම්.
@මාරයා 0112578234 කථා කරලා වැඩි විස්තර අහගන්න.
ඒක නම් සෑහෙන පින් අතේ වැඩක්. අපි පිස්සො පිස්සො කිය කිය ඒ මිනිස්සුන්ව කොන් කරනවා. ඒත් ඇත්තටම බලපුවාම පිස්සු එයාලටද අපිටද කියලත් හිතෙනවා.
එක නම් ඇත්තටම හොඳ වැඩක් අය්යා...එහෙනම් ඇවිත් කියන්නකෝ
Wow
Post a Comment