Wednesday, June 22, 2011

ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.

 
 

ඊයේ පොස්ට් එකට ("ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?) ලැබුන ප්‍රතිචාරනම් අන්තිමයි. කොහොමත් මම මෙහෙම වැඩක් පටන්ගන්න කොටම හිට් කවුන්ට් එක අඩුවෙයි කියල බලාපොරොත්තු උනා. ඒකට කමක් නෑ. මැද්දෙන් මැද්දෙන් වෙන වෙන ඒවා දාල පොඩි කික් එකක් දෙනගමන් වැඩේ දිගට අරන් යමු. අන්තිමට එක්කෙනෙක් ඉතුරු උනත් පටන් ගත්ත වැඩේ අතාරින්න බලාපොරොත්තුවක් නෑ. 


අද පාඩම තමා “ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි”. මේක කියවන්න කලින් ඊයේ පොස්ට් එක("ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?) කියෙව්වේ නැත්නම් කියවල එන්න. මේකත් ඒකට සම්බන්දයි.


 ඔය ආයෝජන කිව්වම ඒවාට නොයෙකුත් මුහුනුවරවල් තියනවා කියල මම කිව්වනේ. ඒවායින් මම ඔය කාලය, ශ්‍රමය වගේ ආයෝජන ගැන වැඩිය කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. මම කතා කරන්න බලාපොරොත්තුව මුල්‍යමය වටිනාකමක් තියන ඔයාල අපි හැමෝටම වටිනාකමක් තියන ආයෝජන ගැන තමා.

අපි ලංකාව උදාහරණයකට ගත්තොත් ආයෝජන කිව්වම අපේ රටේ ගොඩක් ප්‍රසිද්දයි FD එහෙමත් නැත්නම් ෆික්ස් ඩිපොසිට්, සිංහලෙන්ම කිව්වොත් ඉස්තාවර තැන්පතු. අද අපේ රටේ මේක ගොඩක් ප්‍රසිද්ද තමන්ගේ සල්ලි වලට උපරිම ආරක්ෂාවක් මේ මගින් ලැබෙනවා කියල මිනිස්සුන් අතර තියන විස්වාසය. ඇත්තටම ඒක බොහෝ දුරට ඇත්ත. නමුත් මේ ආයෝජනය ඇත්තටම ගොඩක් දුර්වල ආයෝජනයක්. මොකද ලැබෙන පොලිය සෑහෙන්න අඩුයි. ඒ කියන්නේ ROI එක අඩුයි. වැඩක් නෑ. නමුත් ඉස්තවරත්වය අගේ කරන අයට හොද ආයෝජනයක්.

තවත් අපේ රටේ තියන ජනප්‍රිය ආයෝජනයක් තමා ඉඩම් මිලදී ගැනීම. ඇත්තටම ඉතාමත් හොද ආයෝජනයක් තමා මේක. ඉඩම් වල වටිනාකම දවසින් දවස වැඩි වෙනවා. ඊට අමතරව අපිට නඩත්තුව සදහා හෝ හොයා බැලීම සදහා වැඩි වියදමක් යන්නේ නැති එකත් ලොකු වාසියක්. නමුත් මේකෙ අවාසි ටිකකුත් තියනවා. ඒවා තමා ආයෝජනය සදහා ලොකු ආරම්බක මුල්‍යමය හැකියාවක් තිබිය යුතුයි. අනික වැඩි ROI එකක් ගන්න නම් කාලයක් බලාගෙන ඉන්න ඕනේ. තවත් අවාසියක් තමා අපිට ඕන වෙලාවක මුදල් කරගැනීමේ හැකියාව අඩු වීම. ඒ කියන්නේ දැන් සල්ලි ඕනේ කියල ඉඩමක් ටක් ගාල විකුනන්න බෑනේ.

ඉඩම් වගේම හොද ආයෝජනයක් තමා රත්තරන්. ඉඩම් සදහා මම කිව්ව වාසි අවාසි ඔක්කොම වගේ රත්තරන් වලටත් බලපානවා. ඒ නිසා මම වැඩිය මේ ගැන කියන්නේ නෑ.

තව ඔය අලුත් වියාපාර පටන් ගැනීම, වැඩි පොලී දෙන අයලග මුදල් තැන්පත් කිරීම වගේ දේවල් ගැන මම කතා කරන්නේ නෑ. 

මම දැන් එන්නම් මම දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවට. ඒ තමයි කොටස් වෙළද පොලේ ආයෝජනය කිරීම. මේක දැනට ලෝකයේ පිළිගත් හොදම ආයෝජනය විදියට මම හදුන්වන්න කැමති.
  • මොකද මේකෙ ROI එක ගොඩක් වැඩි.
  • අඩු ආරම්බක මුල්‍ය ශක්තියකින් ආරම්බ කරන්න පුළුවන්.
  • පැහැදිලි ප්‍රතිලාබයක් ලබාගැනීමට බලා සිටිය යුතු කාලය අඩුයි.
  • නියමාකාරයෙන් මොලේ කල්පනා කරලා බුද්දීමත්ව මුදල් ආයෝජනය කරොත් ඉතාමත් කෙටි කාලයක් තුල ඇදහිය නොහැකි ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
  • ඕනෙම වෙලාවක මුදල් කරගැනීමේ හැකියාව තියනවා.
  • අතරමැදියන්ට ලබාදෙන කොමිස් මුදල ගොඩක් අඩුයි.
  • ආයෝජනයේ ප්‍රතිලාබය විනිවිද බාවයකින් යුතුව මැන ගත හැකිවීම
ආදී සුපිරි ගනයේ වාසි ගොඩක් තියනවා. 
  •  වෙළදපොල තත්වය ඉස්තවර නොවීම,
  • අනපේක්ෂිත පාඩු සිදුවීමට හැකිවීම,
  • ආයෝජනය සදහා පුළුල් දැනුමක් අවශ්‍ය වීම
මෙම ක්‍රමයේ අවාසි වෙනවා. නමුත් මේ අවාසි ලැබෙන ප්‍රතිලාබත් එක්ක බලනකොට නොසැලකිය හැකි තරං කියල. මම බය නැතුව කියනවා.

මම හිතෙනවා ඔයාලට කතාව තේරෙන්න ඇති කියල. මේ විස්තර ඔයාලට පොත පත ආශ්‍රයෙන් උනත් ගන්න පුළුවන්. ඉස්සරහට තමා වැදගත්ම, පොත් කියවල තේරුම ගන්න අමාරු හරිය එන්නේ. මම සිංහලෙන් සරලව ඒවත් එකින් එක දාන්නම්. හැබැයි මමත් එක්ක ඉන්න ඕනේ.

මම හෙට මේකෙ ඊලග කොටස දාන්නේ නෑ. එක දිගට දැම්මොත් කට්ටියට බෝරින්ග් වෙන්න පුළුවන් නිසා. කට්ටිය නග්ගල ගන්න මොකක් හරි හෙට දාල අනිද්දා මේකෙ ඊලග කොටස වන “කොටස් වෙළදපොල යනු කුමක්ද?” පල කරන්නම්. එතකන් ඔයාල ඔක්කොටම ජයෙන් ජය.

17 ප්‍රතිචාර:

පිණිබිඳු... said...

කොටස් වෙලඳ පොළ ගැන දාන එක නම් ලොකු දෙයක්. මාත් ඒ ගැන විස්තර හොය හොය හිටියෙ. කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න තියෙන සුදුසුකම මොකද්ද. ඕනෙම කෙනෙක්ට ඒකට ආයෝජනය කරන්න පුලුවන්ද.

ADK කොලුවා said...

@ පිණිබිඳු... : දවස් දෙකක් ඉවසන්න. සිකුරාදා හරි සෙනසුරාද හරි මම දාන "කොටස් වෙලදපොලේ ආයෝජනය යනු කුමක්ද?" කියන පොස්ට් එකේ ඔයාගේ ප්‍රශ්න දෙකටම උත්තර දානවා. හදිස්සිනම් කියන්න. මම පොස්ට් එක ට්ය්පේ කරලා ෆයිල් එක ඊයක් දාන්නම්..

සාතන් said...

ඉඩම් සහ රත්තරන් කියන දෙකෙන් රත්තරන් වලට වැඩි තැනක් දෙන්න ඕන කියල හිතනව... ඉඩමක් ගන්න, විකුණන්න යනකොට කොස්ට් එක වැඩී... මහන්සි වෙන්න ඕන ප්‍රමාණයත් වැඩී....

පුංචි ප්‍රශ්නයක් ලොක්ක...මාරකට් එකේ සොෆ්ට්වෙයා හදන තැනකනෙ වැඩකරනව කිව්වෙ... DFN TWS එකේ ටයි‍ම් සෝන් එක සෙට් කරන්න තියෙන්නෙ කොතනද?...

@පිණිබිඳු: සුදුසු කම් තමයි මුදල් තිබීමයි අවධානම ගන්න බය නැති වීමයි... 18+ ඕනම කෙනෙක්ට ආයෝජනය කරන්න පුලුවන්

ADK කොලුවා said...

@ සාතන් : උබේ අදහසට මම එකග වෙනවා. ඔයිට අමතරව රටක වත්කම් ගැන කතා කරද්දීත් ඔය රත්තරන් ලොකු රෝල් එකක් කරනවා.

DFN TWS එකේ ඔහොම ෆන්ෂන් එකක් නෑ මචං. කස්ටමර් ලට තමන්ගේ ටයිම් සෝන් එක වෙනස් කරගන්න බෑ. ඇඩ්මින් ටර්මිනල් එකේ නම් තියනවා.

ඔන්න පිනි බිදුට උත්තරේ කෙටියෙන් සරලව දීල තියනවා සාතන්..

Ruwa said...

Ela... post eka....

සංකල්ප said...

නියම පෝස්ට් එකක් නේ.මේක කියවන්න කලින් ආයෝජන ගැන මම් මෙලෝ හසරක් දැනගෙන හිටියේ නෑ කියලා හිතුනා.

කිඩෝ said...

හොදා හොදා මේ පොඩි එකාට (ඇතුලු අනිත් උන්ටත්) ආයෝජනය ගැනත් උගන්නනවට.. දැන් ADK කොලුවා කියලා කතා කරන්නද ADK සර් කියලා කතා කරන්නද හි හි..

ADK කොලුවා said...

@ Ruwa & මධුරංග : බොහොම ඉස්තුතියි...

@ කිඩෝ : පුරුදු විදියට ADK කොලුවා කියලම කියපන්...

Ravisanka said...
This comment has been removed by the author.
Ravisanka said...

එල මචෝ

bingo said...

පාඩම නම් තේරුනා ..මොකක්ද මේ සාතන් සහෝ kiwwa time zone 1?කියලදෙනවකෝ..:)

Nuwan Sameera Hettiarachchi said...

වැඩේ නම් නියමයි දිගටම කරගෙන යන්න. අපේ සුබ පැතුම්

Vccran said...

ela mcn

tiron said...

me wade nm hodai digatma liyanna

Unknown said...

මේක අපි වගේ අලුත් අයට ගොඩක් වටිනව. ඩිගටම කරගෙන යන්න.

gayan said...

aluthen meka liyapanko mcn math me CSE gena hoyann kenek new

Unknown said...

හොද ලිපියක්

Post a Comment