ඔන්න ඉතින් කට්ටියට ආයුබෝවන් කියල තවත් කතාවක් ලියන්නය් ලෑස්තිය. මේ කතාවත් ඉතින් මාතෘකාව පරිදිම පාසැල් කාලේ රසබර අද්දැකීමක් තමා. මේ කතාවේ අපිට කතා නායකයෝ දෙන්නෙක් ඉන්නවා. එකෙක් තමා ටෝනි ග්‍රෙග් වත් රට යවපු අපේ මැක්ක. අනික තමා විහාර මහාදේවී පාක් එකට ගිහින් කෙල්ලගේ ඔලුව අතගාල ආව අපේ පොල ඇට්ටි. මේ කතාවෙත් තියෙන්නේ අපේ හිට්ලර්(මගේ මුල් කතා කියවපු අයනම් හිට්ලර්ව හොදට දන්නවා. දන්නේ නැත්නම් පොඩ්ඩක් පොස්ට් 2-ක් පස්සට ගිහින් බලල එන්න) අපිට දුන්න අපූරු දධුවමක් තමා.
අපේ උසස් පෙළ පන්තිය තමා M2. අයෙ ඉතින් ම කිව්වම ගණිත විතරක් නෙමේ මුළු ඉස්කෝලෙම වගේ හරි ප්‍රසිද්දය්. අපේ පන්තිය ඉස්සර Staff Room එකක්ලු. ඉතිං දන්නවානේ Staff Room එකක් කියන්නේ ඉතිං ටිකක් ලොකු කාමරයක්නේ. ඒවගේම අපේ පන්තියත් අනිත් පන්ති වලට වඩා දෙගුණයක් විතර ලොකුය්. හැබය් අපේ කොල්ලෝ ටික මේස පුටු තියල තියන විදියට ලොකුවක් පෙන්නේ නෑ. ඉස්සරහ ඉදං පිටි පස්සටම මේස පේලි. හැබය් පන්තිය ඇතුලට ආවම තමා ඇත්ත තත්වේ පෙන්නේ. මේස පේලි දෙකක් අතර කිසිම ගින්නක් නැතුව යතුරු පැදියක් යන්න පුළුවන්. දැන් කාලේ විදියටනම් ත්‍රී රෝද රථයකට උනත් යත හැකි. ඔය විදියට පන්තිය තියෙන්නේ පලවෙනි, දෙවෙනි කාල ප්‍රාන්තර වෙනකල් විතරය. අපේ හිට්ලර් පන්තියෙන් ගිය හැටියේ අපේ සෙට් එක ගෙදර ගියේ නැත්නම්, මේස ටික නැවත සාමාන්‍ය පන්තියක් විදියට ලංකරනවා. එතකොට පන්තිය පිටිපස්සේ අත දිග ඇරලා වන් බම්ප් එකක් ගහන්න පුළුවන්. අයෙ ඉතිං මොනවද?? කට්ටිය හුරේ කියල ගහනවා ක්‍රිකට්.
අපේ කට්ටියගේ කටවල් ඉතිං පොඩි නෑනේ. දෙය්යනේ කියල ගිය ආත්මේ ලව්ඩ් ස්පිකර් එකක් දෙකක් නෙමේ කොම්පනියක් ගානේ පුජ කරපු අය්යල ටිකක් තමා අපිට හිටියේ. ඒමදිවට ක්‍රිකට් ගහනකොට හොර කරන එක කරේ නැත්නම් අපිට නිකන් කෑවේ නෑ වගේ. දෙපැත්තම හොරකරන එක බලන් ඉන්න නිසා හොර කරන එක ලේසිත් නෑ. (මටනම් ඉතිං වැඩිය හොර කරන්න බෑ ඔන්.. ලොල්) කරපු හොරයක් මාට්ටු උනොත් ඉස්කෝලෙම දෙවනත් වෙන්න කෑගහන එක සාමාන්‍ය දෙයක්. ඔය නිසා අපි ආයෙත් කරන්නේ නෑ කියල ලියුම් ලියල ඇති 50 කට වඩා. ඉති මේ නිසා නිතරම බැට් කරන අයගෙන් කෙනෙක් පන්තියට එන පාර මුර කරන්න දාන එකත අනිවා කරන දෙයක්.
දැන් මේ කියන දවසෙත් කට්ටිය සුපුරුදු පරිදි ක්‍රිකට් ගහනවා. මුරට දාල හිටියේ නමටත් කැළලක් උනු බල්ලා නොහොත් සංඛය. බෝල දාන්නේ පොල ඇට්ටිය. ගහන්නේ මැක්ක. වෙනද වගේ සද්දේ දාගෙන දැන් කට්ටිය ගහනවා ක්‍රිකට්. එක පාරට හෙන නිස්සබ්ධ තාවක් ආව. අපි බැලුව දොර දිහා. අප්පට සිරි හිට්ලර් එතන. තත්පරක් ගියේ නෑ මම ඇතුළු අපේ ගොය්යෝ ටික ලග ලග තිබුණු පුටුවල වාඩි උනා. හම්බානක ක්‍රිකට් ලෝකේ හිටිය මැක්කටය් පොල ඇට්ටියටය් මේක මීටර් උනේ නෑ. පොල අට්ටිය බොලේ දැම්ම, සුපුරුදු පරිදි මැක්ක පොලු, මු කෑගහන්න ගත්ත යකෝ මු අක්තර්ගේ බාප්පාගේ පුතා වගේ හය්යෙන් බොලේ දැම්මේ. අඋට් නෑ. පිස්සුනම් කෙලින්න එපා කියල. දැන් අපි කට්ටිය වාඩිවෙලා. වාඩිවෙලා හිටිය අපිට විතරක් නෙමේ හිට්ලර්ටත් මේකට හිනා.
හිට්ලර් කතා කරා මැක්කටය් පොල ඇට්ටියටි.
“ දැන් කට්ටිය වාඩි වෙලා අර උදේ දුන්න ගණන් ටික හැදුවනම්... තමුසෙලා දෙන්න එනවා මම එක්ක.”
කියල අරුණ දෙන්න එක්ක ගියා Staff Room එක පැත්තට. මුරට හිටිය බල්ලත් , බල්ල වගේ ඇවිත් පුටුවකින් වාඩි උනා. හිට්ලර් ගිය විතරය කොල්ලෝ ටික බල්ලගේ අහවල් එක කඩාගෙන කන්න හදනවා.
“තෝ කොහෙද _____ හිටියේ? තෝ දැක්කේ නැද්ද විජේ එනවා..??”
“තෝ බලු වන්සේටත් අවනඩුවක් බල්ලො”.. ඔන්න ඔහොම.
වෙලා තියෙන්නේ මෙකය්. බල්ල මුර කරන අතරේ ලකුණු තත්වේ දැනගන්න පන්තියට ඇවිල්ල. ලකුණු බලල හැරෙන කොටම හිට්ලර් ඉස්සරහලු. මු හැරෙන්න හදනකොටම හිට්ලර් ඇගිල්ලක් කටට තියල “ශූ........” කියල මුට කෑගහන්න එපා කියල. මුව පස්සට දාල පන්තියට ඇවිල්ල ක්‍රිකට් ගහනවා බලන ඉදල. දැන් ඉතිං මොනවා කරන්නද. කටිඉය දැනගත්ත අද හොද පෝරියල් එකක් සෙට් වෙනවා කියල. හැබය් අපිට හෙන අව්ල මොකද අපිට කතා කරේ නෑනේ. ඔක්කොටම වඩා අව්ල හිට්ලර් බැට් එක විදීයට ගත්ත මේස ලි කෑල්ලය්, ටෙන්නිස් බෝලෙය් අරන්ගිය එකට. විනාඩි 10 කින් විතර විවේක කාලය ආව. කට්ටිය දිව්වා කෙලින්ම Staff Room එක පැත්තට. යනකොටම කට්ටියට තේරුණා මොකද්ද වෙලා තියෙන්නේ කියල.
Staff Room එක ඉස්සරහ මැක්ක ඉන්නවා Drive එකක් ගහන ඉරියව්වෙන්. පොල ඇට්ටිය ඉන්නවා දුස්රාවක් දාන ඉරියව්වෙන්. අපිට ඉතිං මොන Staff Room ද??. හිනාව දරාගන්න බෑ. Staff Room එකේ කට්ටියත් එලියට ඇවිත් හිනාවෙලා යනවා. මුන් දෙන්නට ඉස්කෝලේ ඇරෙනකල් ඒ විදියට ඉන්න උනා.
කොහොමද හිට්ලර්ගේ දධුවම???
එහෙනම් ඔක්කොටම ජයෙන් ජය.
19 ප්‍රතිචාර:
Mara katava matath hina yanava kiyavalama mare maru..
Adooo kalin post ekak gana kiyanakota ethanata eke link ekak daapan man godaak ewa wala eka dakala thiyanawa ethakota tak gala gihin ekath kiyawalawa enawa..
Patty
ela post eka machan. ubanan sira. i really enjoy this post. keet it up machan.
sira posr 1... keep it up bro...
Full Athal.............
adooooooooooo mawa maragena kapan.... mati buruwa.. LOL
heeee :PPPPP
මැක්කෝ මම මැකි මස් නොකමි. තා එය දැනදනු....
ලොල්ල සාගරේ....
oya makka kiyanne bluemendol peththe hitapu porakda?
ඔව් ඔව්.. ඌ තමා.. උබ ඌව දන්නවද???
dannawada kiyalath ahanawa mama makka aiyage gewal pethe thama, nice blog keep posting all the best
එහෙනම් උබ මාවත් දන්නවා ඇති. මම උගේ ගෙදර නිතරම යනවා. ගිහින් උන්ගේ සෙට් එකත එක්ක ක්‍රිකට් ගහල එහෙමත් තියනවා.
mama makka aiyage yaluwekge malli, samahara wita match gahalath athi
ඈ බොල andrew කොලුවෝ.. උබද දැන් මට කෝල් කරේ?? කියපිය බලන්න.. හා හා හා.....
ne ai?
පට්ට ආතල් සීන් එක බන්...
මැක්සා කතාව සහො'.... මාත් ඔය පන්තියෙ එකෙක් තමා =P ..., ඒකෙ වෙන ඒව කියල ඉවරයක් කරන්න බෑ... මාරම fun
patta kathawa machang...
Adooo Patta Machooo, man lagadi dana gaththe uba BLOG ekak liyanawa kiyala me mula idan kiyawagana ena gaman
Post a Comment