Thursday, May 26, 2011

දවසේ ප්‍රශ්නය: බල්බ් තුනේ ස්විච් මොනවද?? - අනං මනං

එක දිගට නිසදැස් දෙකක් ලියපු නිසා, කට්ටියට පොඩි කික් එකක් දීල නැගිට්ටලා ගන්නත් එක්ක. පොඩි ප්‍රශ්නයක් දාන්න කියල හිතුව. මොකද කලින් ප්‍රශ්නෙට කට්ටිය ගොඩක් හොද උත්තර දුන්නනේ. තරහ වෙන්න එපා කලින් එකට තෑගි දුන්නේ නෑ කියල. මේ දවස් වල කිසි ගතියක් නෑ ලියන්න. පුළුවන් ඉක්මනට කතාවක් දෙකක් දාන්නම්.

මෙන්න මේකයි අද ප්‍රශ්නය... බයවෙන්න එපා අද ප්‍රශ්නේඋත්තරදෙන ඇයට තෑගි නෑ(ඕන කෙනෙක් ඉන්නවනම් උත්තරෙත් එක්ක තෑගි ඕනේ කියල කියන්න. මම දෙන්නම්)



ඔයාව එක්ක යනවා ලොකු බිල්ඩින් එකකට. එක ටිකක් පුදුම විදියේ බිල්ඩින් එකක්. මොකද්ද පුදුමේ කියන්නේ, එකේ උඩ තට්ටුවේ තියනවා හතර වටින්ම සීල් තියපු කාමරයක්. ආයේ හුලන් පොදක්වත් නෝ ලික්. ඔය කාමරේ තියනවා සාමාන්‍ය විදියේ බල්බ් තුනක්. වැඩේ තියෙන්නේ ඔය බල්බ් තුන ඔන් කරන ස්විච් තුන තියෙන්නේ යට තට්ටුවේ තවත් සීල් තියපු කාමරයක. 

ඔයාව මේ බිල්ඩින් එකට එක්ක ආව කෙනා ඔයාව ගිහින් දානවා යට තට්ටුවේ ඒ කියන්නේ ස්විච් තියන කාමරේට. දාල කියනවා මෙන්න මෙහෙම,

"උඩ තට්ටුවේ තියන බල්බ් තුනේ ස්විච් තම මේ. ඔයාට එකම එක පාරක් උඩ තට්ටුවට යන්න පුළුවන්."

දැන් මෙන්න මේකයි කරන්න තියෙන්නේ.ඔය එකම එක අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන කියන්න ඕනේ හරියටම පළමු බල්බ් එක පත්තුවෙන්නේ මෙන්න මේ ස්විච් එක දැම්මම, දෙවෙනි එක මේකෙන්, තුන වෙනි එක මේකෙන් කියල...

සැලකිය යුතුයි, 
    ප්‍රශ්නය අසන කෙනාට පගාව දී උත්තරය ගන්න බෑ,
    පහල කාමරයේ ඉදල ඉහල කාමරය කොහොමටවත් පෙන්නේ නෑ.
    ජිල්මාට් සෙල්ලම් දාන්න බෑ.
    ගැනු  ළමයි ඔය කෙනා එක්ක ඔය බිල්ඩින් එකට යන්න බය වෙන්න එපා, එයා මම තරම් නරක නෑ. හිකි.  ඔය ඉතින් ඒපාර කොල්ලෝ බයවෙනවා. අනේ දෙය්යනේ ඌ කාටවත් වරදක් නැති අහිංසකයෙක්. (දැන් ඉතින් අහින්සකල තමා අන්ගුලිමාලලා වෙන්නේ කියන්න එපා)
    කොටින්ම කිව්වොත් ගොන් ප්‍රශ්න මුකුත්ම බෑ.

 හොදයි දෙන්නකෝ බලන්න උත්තර??? හරි හෝ වැරදි හෝ උත්තර පොස්ට් කරන්න. මේකට තියනවා නියම ප්‍රැක්ටිකල් ජොලි උත්තරයක්‌.

12 ප්‍රතිචාර:

Anonymous said...

Meka ottui da danne na... :P
yanna kaling (1)switch eka daala thiyenawa tika welaawakata (udata yanna kaling off karanawa)
(2) switch eka on karanawa yanna kaling
(3) switch allannewath naha

Udata giyaama rath wechcha bulb eka(1)switch eka,
pattu wela thiyena eka(2), seethala bulb eka (3)

ADK කොලුවා said...

Anonymos විදියට කට්ටිය උත්තර දුන්නම අපි කොහොමද දන්නේ මේ කව්ද උත්තරේ දුන්නේ කියල??

අන්න එක නිසා මම අද පටන් මේ බ්ලොග් එකේ Anonymos විදියට කොමෙන්ට්ස් දැමේ හැකියාව අයින් කරනවා...

ගූගල් ලොග් වෙන එක හරි නමක් එක්ක කොමෙන්ට් එක දාන එක හරිම ලේසි වැඩක්. එකට කිසිම කොම්පියුටර් දැනුමක් ඕනේ නෑ. මේ බ්ලොග් එක හොයාගෙන කොමෙන්ට් එකක් දාන මට්ටමට ආව කියන්නේ ඔයා ඕනෑවටත් වැඩිය දන්නවා. හිකි හිකි..

::çhãmï89™:: said...

හරි ලේසි! :P
පළවෙනි ස්විච් එක දාලා විනාඩි 10ක් විතර ඉන්නවා බල්බ් එක රත් වෙන්න. ඊට පස්සේ ඒක නිවලා දෙවනි එක දාලා උඩට ගිහිල්ලා බලනවා නිවිලා තියන දෙකෙන් මොන එකද රත්වෙලා තියෙන්නෙ කියලා.

දැන් දන්නවා මොන එක, මොන එකද කියලා! :D

chamiya!!

damith said...

Mata nan mehemai hithenne....
Kauruth hina wenna epa hode....
1st eka switch ekak tikak wela dala thiyala off karanawa.........
thn wena switch ekak on karala udata yanawa....
Swich on karala thiyena bulb eka paththu welama thiyei...(habai bulb eka wada naththan ithin sory thama).....
tikak wela dala thibba eka rath wela thiyei...
Anith eka thama switch on karapu nathi eka...

ADK කොලුවා said...

කොමෙන්ට්ස් 3යි. අනිත් අය දන්නෙත් නෑ. කොමෙන්ටුත් නෑ. මෙලෝ රහක් නෑ. ඔයාලගේ සපෝට් එක දැන් වැඩිය ලැබෙන්නේ නෑ වගේ. බ්ලොග් ලිවිල්ලත් එපා වෙනවා. ඊයේ නිදි මරාගෙන ඉස්කෝලේ කාලේ කතාවක් ලිව්වා. අද දාන්න කියල හිතන හිටියේ. ඒත් දාන්නේ නෑ. වැඩක් නෑ. මට එපා වෙලා අප්පා..

Anonymous said...

ඔය ඔහොම කතා කරන එක වැරදිනේ අපි කෝමෙන්ට් දැම්මේ නැත්තේ දන්නේ නැති නිසා ඔය නිකම් ඔහොම ක‍රන එක වැරදිනේ මෙය

ADK කොලුවා said...

බයවෙන්න එපා.. මම ලියන එක නවත්තන්නේ නෑ.. දිගටම ලියනවා...

Anonymous said...

කෝ මගේ රත්තරන් ඔයාගේ අද පොස්ට් එක

tiran said...
This comment has been removed by the author.
tiran said...

::çhãmï89 gave the answer ne anjana

Turn on the switch number 1 wait 10 min
turn on the switch number 2 and go up stairs
bulb that is on belong to switch number 2
bulb that is hot belong to switch number 1
bulb that does not have any of these attributes belongs to switch number 3

so what are you gonna give ::çhãmï89

Pramod said...

ko answer eka???

ADK කොලුවා said...

ඇයි බං ඔය උඩ කීදෙනෙක් උත්තරේ දීල තියනවද??

Post a Comment