Wednesday, May 18, 2011

ගොඩයගේ ඩයලොග් සිම් එක - සරසවියේ අනං මනං (1)

දැන්  බ්ලොග් ඒක නියම ට්‍රැක් එකට වැටිලා වගේ. කට්ටිය බලනවා කොමෙන්ට්ස් දානවා එලම කිරි. මටත් හෙනම ෆිට් එකක් තියෙන්නේ ඔයාලගේ කොමෙන්ට්ස් දකිනකොට. මගේ කලින් පොස්ට් එකේදී මගේ ගජයෙක් (පුබුදුව) කියල තිබුන නිකං ඉන්න බැරි මිනිස්සු (දන්නා අය දන්නවා මේ කොහෙද කියල. දන්නේ නැති අය ඔය වච ටිකේ මුල් අකුරු දාල ඔය කොහෙද කියල බලාගන්න) එකේ ඉන්න කාලේ කතාවක් දාන්න කියල මට තර්ජනයක් කරලා තිබුන.
ඔය තර්ජනය දැක්ක හැටියේම මට මතක උනේ; තර්ජන ගර්ජන වලට ලෝක ප්‍රසිද්ධ අපේ ගොඩයා නොහොත් තරිදුව. ඉතින් මට හිතුන අපේ තරිදුගේ ආතල් කතාවක් දැම්මනම් හොදයි කියල.
මේ කතාව වෙනකොට අපි අපේ උසස් ඩිප්ලෝමාව කරන කාලේ. ඒ කියන්නේ 2008 විතර. ඔය කාලේ ගෘප් පැකේජ් ආව විතරයි. මොකක් හරි ආව හැටියේ ඒක ගන්න ඒක ලංකාවේ මිනිස්සුන්ගේ ජන්ම පුරුද්දනේ. අපිත් ඉතින් ටිපිකල් සිරි ලන්කෙන් නිසා කොන්ටක්ට් එකක් අල්ලාගෙන ගත්ත පැකේජ සෙට් එකක්. (අපිට ඉදන් දෙය්යනේ කියල මොනවා නැතත් ඕන තැනක මිනිස්සු ඉන්නවා.) ඔය පැකේජ ඒක අතරේ අව්ට්‌ ගොයින් ෆ්‍රී. අපේ සෙට් එකේ 15 ක විතර ඌක ගත්ත. හැබැයි අපේ කතා නායකයා වන ගොඩයට මේ සෙට් එකට සෙට් වෙන්න උනේ නෑ. දැන් කට්ටිය ඕක අරගෙන රෑට රෑට කොන්ෆෙරන්ස් කෝල් පාර දානකොට සහ ගොඩගේ මල කැඩිල්ල උපරිම වෙනකොට මුටත් ඕනේ උනා සිම් දෙකක්. අපි අයෙත් බැලුව අර යාලුවගෙන් මේ සෙට් එකට තව දෙකක් ගන්න. ඒත් බැරි උනා.
දැන් ඉතින් මොනවා කරන්නද? ඔහොම ටික දවසක් ගියා. ගොඩගේ වදේ ඉවරයක්‌ නෑ. ගොඩය වැඩ දෙන්න පටන් ගත්තම, දන්නෝ දනිත් ඉතින්. කියන්න වචන නෑ. බෙල්ල වල දාගන්න ඒක හොදයි. අපි කතා උනා මචං මේ වදේ හරියන්නේ නෑ. මුට ඔන්න අපේ සිම් දෙකක් හරි දෙමු කියල. මේ වෙනකොටත් මගේ බොක්ක රන්දී ඔය සිම් ඒක ඇත ඇරලා තිබුනේ. උට ඩයලොග් තියන කෙල්ලෙක් සෙට් වෙලා. ගෘප් එකේ ලැබ උනාට ඩයලොග් පිටට ගන්නේ. හිකි හිකි. උ ස්වකැමැත්තෙන්ම සිම් ඒක දෙන්න කැමති උනා. මොකද පාවිච්චි නොකරට රෙන්ට් ඒක එනවනේ (එට වැඩ හේතුව අපි රෑට සෙට් උනාම ඉතින් මුට ඩයලොග් ඒක පන්නල පැකේජ් සිම් ඒක දාගන්න කල් වද දෙනවා. පොන් 10-15 කින් රින්ග්එනකොට කොහොමට තියෙය්ද කියල ඉතින් අලුතින් කියන්න ඕනේ නෑනෙ.
දැන් සිම් එකක් හරි අනික කොහෙන්ද ගන්නේ?? ඔහොම ඉන්න කොට අපේ “හිටපු හෙනම බොක්කක්” (දැන් මෙය අපිත් එක්ක තරහයි. එකත මම කරපු ගොන් කෙස් එකක් නිසා තමයි  තරහ උනේ. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ කතාවනම් කියන්න කියන්න එපා) වන සෑන් කිව්වා “ මම මගේ සිම් ඒක දෙන්නම් කියල. කොහොමත් එය ඒ වෙනකොට වෙන ඩයලොග් පැකේජ එකකට මාරු වෙන්න හිටියේ.
දැන් සිම් දෙක හරි. ප්‍රශ්නේ ඉවරයි. හැබැයි ඉවරයි කිව්වට ඉවරමත් නෑ.. හි හි. මටත් ඉතින් කසනවනේ. මම කිව්වා කොල්ලන්ට මුට නිකං නම් මේක දෙන්න බෑ. ආතල් එකක් ගන්නම ඕනේ කියල. අපරාදේ කියන්න බෑ මගේ මේ සෙට් එකත ඉස්කෝලේ සෙට් එකට ඇරෙන්න වෙන කාටවත් දේවිනි වෙන්නේ නෑ. (ඉස්කෝලේ උන් ටික අනිවා පලවෙනි තැන) කට්ටියගේ ශබ්ද කෝෂ වල “නෑ” “බෑ” “අනේ පව්” කියන වචන නෑ. තිබිලත් නෑ. කට්ටියම එකට සෙට් වෙලා වැඩේට සෙට් උනා. මම ඉතින් කොහොමත් ඔය වැඩ වලට දස්ස නිසා. මම කිව්වා මෙහෙම වැඩක් කරමු කියල.
අපි මේක නිකන්ම මුට දෙන්න බෑ. මු බිල ගෙව්වේ නැත්නම් වැඩේ චොර. හි හි. අපි මෙහෙම කරමු. මුද්දරයක් උඩ අත්සන් අරන් දෙමු සිම් එක” කියල මම ලිව්වා ලියුමක්. මෙන්න මේකයි ලියුම (ඇත්තටම ගිවිසුම).




කොහොම හරි ගොඩය මේකට අත්සන් කරා. මොකද සිම් එක ගන්න ඕනනේ. මේක ගොඩය හමූටම ඇහෙන්න කියවල අත්සන් කරොපු වෙලාවේ කට්ටිය ගත්ත ආතල් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

එහෙනම් තවත් කතාවකින් හමුවෙමු. ජයවේවා....

19 ප්‍රතිචාර:

Damith said...

Paw yako asaranaya......??????
Me aththatama liyapu letter ekada uba post kale.....

ADK කොලුවා said...

ඔව්. මේ ඇත්තම ගිවිසුම තමා. හි... හි...

Shali said...

but the question which appears here is that, mokakda dunna punishments? :P

Waruni Mali said...

හනේ ඔයා ගාව තාම තියෙනවද?

Unknown said...

Adoo eka tama thiyenewada???geneko dawasaka balanna....

Kasun said...

මචන් එහෙනම් මේ කේස් එකෙ හින්ද වෙන්ඩ ඇති AIRTEL පැකේජ් එක ගන්න කොට කලින්ම සිම් දෙකක් ඉල්ලන්ඩ ඇත්තෙ. :P

ADK කොලුවා said...

මේ පොස්ට් එකට කොමෙන්ට්ස් එකක්වත් නෑ. කට්ටිය කිව්වා කොමෙන්ට්ස් දැම්ම කියල. එක තම මමත් බැලුවේ. මගේ මෙයිල් එකට කට්ටිය දාපු කොමෙන්ට්ස් වල නොටිෆිකේෂන් ඇවිල්ල තිබුන. හැබැයි බ්ලොග් එකේ ඒවා නෑ. මම නැති අතරේ කවුරු හරි මගේ බ්ලොග් එකට රිංගල වගේ. හොදයි බලමුකෝ. ඔයාල කොමෙන්ට්ස් දැම්මට ඉස්තුතියි. ඒ කොමෙන්ට්ස් මම ඇඩ් කරන්නම්.

ADK කොලුවා said...

Damith has left a new comment on your post:

Paw yako asaranaya......??????
Me aththatama liyapu letter ekada uba post kale.....

ADK කොලුවා said...

ADK කොලුවා has left a new comment on your post:

ඔව්. මේ ඇත්තම ගිවිසුම තමා. හි... හි...

ADK කොලුවා said...

Shali has left a new comment on your post:

but the question which appears here is that, mokakda dunna punishments? :P

ADK කොලුවා said...

Rain Drops has left a new comment on your post:

හනේ ඔයා ගාව තාම තියෙනවද?

ADK කොලුවා said...

Randika has left a new comment on your post:

Adoo eka tama thiyenewada???geneko dawasaka balanna....

ADK කොලුවා said...

Kasun has left a new comment on your post:

මචන් එහෙනම් මේ කේස් එකෙ හින්ද වෙන්ඩ ඇති AIRTEL පැකේජ් එක ගන්න කොට කලින්ම සිම් දෙකක් ඉල්ලන්ඩ ඇත්තෙ. :P

Ruwa said...

Patta Machan Patta

Shali said...

i also commented on this but it's not there now :(

පුබුදු ලක්ෂිත අදිකාරම් said...

ගොඩය නම් ගොන් හරකෙක්නෙ....හිහ් හිහ් හිහ් හී.....

Tharindu said...

elazzzzzzzzzzzzz mona karannada duka thama

ADK කොලුවා said...

අඩෝ ගොඩයට මුකුත් කියන්න එපා හොදේ..

Adikaram Express said...

Mehemath minissau...

Post a Comment