Monday, May 2, 2011

මම ගැන...

ඔන්න මමත් අතේ ඇට එහෙම කඩල කතන්දර ලියන්න පටන්ගන්න කියල හදන්නේ... ඔක්කොටම කලින් මම ගැන පොඩි විස්තරයක් කියන්න ඕනේ කියල හිතුන. ගිය සතියේ මම රංග අයගේ මගේ ලෝකය බලනකල් මම මේ singhala blog ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ.. ඇත්තම කිව්වොත් මෙහෙම එකක් තියනවා කියලවත් අහල තිබුනේ නෑ. එත්  මම ඒ බ්ලොග් එක කියෙව්වම එකේ තිබුන ලින්ක් වලින් ගිහින් මාරයාගේ blog එක එහෙම කියෙව්වම යකෝ මේක මාර අර්තල් case එකක්නේ කියල හිතුන. ඉතින් මටත් හිතුන පොඩියට වැඩේ පටන් ගන්න.
හිතල නතර උනේ  නෑ ඔන්න මාත් ගේමට  බැස්ස. හැබය්  එකක් කියන්න ඕනේ, මම මේ computer  කාපු එකෙක් නෙමේ. ටිකක් ටිකක් දන්නවා උනාට ඔය hacking වගේ මගුල් නම් දන්නෙම නෑ. ඒ නිසා ඔය ලොකු ලොකු අය්යලට කියන්නේ මගේ අහිංසක blog එක නම් hack කොරන්න එපා ඔං .. ඕනෙනම් මම Domain PW එක දෙන්නම්. he he ..
හ‍රි වැඩි වැල වටාරම් ඕනේ නෑ.. වැඩේ පටන් ගමුකො. අපේ රංග අය්යා  වගේම ඉතින් මටත් කියන්න තියෙන්නේ ඔය පාසල් කාලේ වැඩම තමා... පාසල් කිව්වම මම දෙය්යනේ කියල පාසල් 3-4 කට ගිහින් තියනවා. :p
මම මුලින්ම ගියේ මගේ ගමේ පාසලට. ඒ කියන්නේ හම්බන්තොට ප්‍රතමිකයට.(මමත් බෙන්තර ගඟෙන් එහා පැත්තේ කොල්ලෙක්) ඊට පස්සේ ගමේම St. Mary'S college කියල එකකට ගිය. එතනින් පස්සේ 5 වසරේ scolership එකෙන් පස්ස වෙලා මම colombo ආව 1996. ආවේ රාජගිරිය ජනාධිපති එකට( මේකේ වේච්ච කතා ගමකට තියනවා. හිමිට දාන්නම්) ඊට පස්සේ O/L කරලා මගේ පරණ පවකටද, පිනකටද කියන්න මම දන්නේ නෑ D.S. සේනානායක college එකට එන්න වරම් ලැබුන. මේකේ තමා මම මගේ ජීවිතේ maxama කාලේ ගත කරේ. කරපු තරමක් මගෝඩි වැඩ කරේ. ඊටපස්සේ ඉතින් NIBM එකට join වෙලා Dip, HD , BSc ඔක්කොම මේ වෙනකොට ගොඩ දාල ලබන june වල MSc එක පටන් ගන්න කියල හිතාගෙන ඉන්නවා. ඔන්න ඌක තම මගේ තත්වේ.

දැන් බහිමු මගේ මුල්ම සිගිති කතාවට....

4 ප්‍රතිචාර:

Damith said...

Uba ape pawakatada koheda DS ekata awe.......

පුබුදු ලක්ෂිත අදිකාරම් said...

අංජන කොලුවෝ...වැඩේ නම් ටිප් ටොප්....අපේ NIBM කාලෙ ඒව එහෙම ත් දායි කියල මං හිතනව...එල එල එල එල එල එල එල ආ.....................

වැප් said...

අදයි මේ පැත්තට අවේ ... ලියමු දිගටම .... අර ITN අසහනය නම් ෆට්ටයෑ

ADK කොලුවා said...

බොහොම ඉස්තුතියි... අනිවා දිගටම ලියනවා...

Post a Comment