ෂා.. දැන් නම් බ්ලොග් එක මරුවටම නැගල යනවා. ඊයේ දවසට විතරක් හිට්ස් 1200 ක් විතර සෙට් උනා. වැඩක් නෑ කියල. පට්ට ෆිට් එකක් තියෙන්නේ.ඉතින් ඒ ගැම්මට බ්ලොග් එක බලන්න එන ඔයාලව හිස් අතින් යවන්න බැරි නිසා අදත් මොකක් හරි ලියන්න ඕනේ කියල හිත හිත ඉන්නකොට මෙන්න මෙහෙම කතාවක් මතක් උනා.
එක දිගට මම මටම මඩ ගහගන්න එක හොදද මන්ද, ඕන ___, ප්‍රීති වෙසක් කිව්වලු. ඔන්න ඔහේ ලියනවා.
මට ඉතින් එදා මෙදා තුර අතීතයේ කෙල්ලන්ගෙන් නම් අඩුවක් තිබුනේ නෑ. මම ගැන දන්නා කට්ටිය එක දන්නවා. එකෙන් කියන්නේ මම ශාරුක් ඛාන් වත් සල්මන් ඛාන් වත් වගේ නෙමේ. හැමෝටම වගේ උපන් කැත මටත් නොඅඩුව තියනවා. හිකි හිකි. හැබැයි එදා ඉදන් කට්ටිය කියන දෙයක් තමා මගේ “වදන” හොදයි කියල. ඒගැන ඒ ඇති. මම කියන්න යන්නේ මම ගැන නෙමේනේ.
(ඊයේ පොස්ට් එකේදී මට මුනු පොතේ යාලුවෝ 4000+ ඉන්නවා කියල මට අසහන කාරයෙක් කියපු ප්‍රමෝද් අදත් කියාවිද දන්නේ නෑ, කෙල්ලෝ එක්ක යාලුවෙන එක අසහනයක් කියල. එහෙම උනොත් මෙන්න උත්තරේ දැන්ම. කොලු වයසේදී යාලුවෝ ගොඩක් ආශ්‍රය කරන්නේ අසහනයකට නෙමේ. මම කොහොමත් අනිත් අයව බලෙන් තියාගෙන නෑ. ඕන කෙනෙක්ට ඕනෑම වෙලාවක මාව අයින් කරලා දාන්න පුළුවන්. මම අසහන කරෙයෙක්නම් අනිත් අය දැනටමත් එක කරලා. දෙවෙනි එක මේ කාලේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ නැත්නම් කවදට ඕව කරන්නද?? )
ඉතින් ඔය විදියට මගේ සරසවි යුගයේ(මම ගැන දන්නා අය දන්නවා ඔය කොහෙද කියල) මම යාලු උන ගෑනු පරානයක් එක්ක. ඉතින් ලව් කරන කාලේ ලව් කොරන්න එපාය. දැන් කලේ වගේ ඔය දවස් වල පොන බිල ගෙවාගන්න මට ඉස්තිර ආදායම් මාර්ගයක් තිබුනේ නෑ. ඉතින් අර පුර පෝයට හද පායනවා වගේ හැම මාසෙම ඩයලොග් එකේ බිල් හදන 12-14 දවස් වල ඉදන් 20 විතර වෙනකල් පොන එක කපල බිල ගෙවන්නේ නැතුව. (හැම මාසෙම කිව්වට මාස දෙකකට විතර සැරයක්) ඉතින් ඔය කාලෙට මොකක් හරි දහන ගැටයක් ගහල සල්ලි ටිකක් හොයාගන්නකල් පාවිච්චි කරන්න එක එක ජාතියේ පෙර ගෙවුම් සම්බන්දතා කීපයක් සාක්කුවේ තියන එක මම ඇතුළු මගේ යාලුවන්ගේ සිරිතක්.
ඔය දවස් වලට ඔය බිල ගෙවන්න අපිට උදව් වෙන්නේ අපිට කෙමිස්ට්‍ර්ය් කරපු “දෙයිය” වගේ ගුරෝ තමා (දැන් උබල බලනවා ඇති මොකද්ද මේ හරුපේ කියල. මුලින්ම කියන්න ඕනේ මගේ උපාධි පළමු වසර මම කරේ උසස් පෙළ කරන ගමන්මයි. ඉතින් උසස්පෙළ පන්තිත් යනවා. රෝටරියේ පන්ති ගිය හැමෝම “දෙයිය”ව දන්නවා අනිවා. දෙයිය අපිට සල්ලි දෙන්නේ නෑ. වැඩේ වෙන්නේ මෙහෙමයි. සල්ලි නැති උනාම මුල් සතිය පන්ති යනවා ෆස්ට් වීක් සීල් එක ගහගෙන. දෙවෙනි සතියේ ටික්ක යනකල් ඉදල පරක්කු වෙලා යනවා. තුන්වෙනි සතියේ පන්තියන්නේ නැතුව කොට්ටක් පනින මොකෙක් හරි එකෙක්ගෙන් කාඩ් එක ඉල්ලා ගන්නවා. හතරවෙනි සතිය කාඩ් එක ගේන්න අමතක උනා කියල දෙයියාගෙන් අත්සනක් දාගන්නවා. දෙයිය දන්නවා අපි ගැන. මු හිනාව දාල බයිට් එකක් දාල අත්සන ගහනවා. මාසේ පන්ති සල්ලි ඉතුරුයි. ඒ අතින් නම් දෙයිය, දෙයියෙක්ම තමා. තාමත් දැක්කොත් අපි පාරේදී උනත් වදිනවා)
ඉතින් මේ කියන කලෙත් වැලේ වැල් නැතුව පෝන් එකත් කපල තිබුනේ. වැඩේ කියන්නේ ගෑනිගේත් කපල (නොදකින් අසහන කාරයෝ, යකෝ පෝන් එක. වෙන එකක් නෙමේ. හිකි හිකි) ගෙවන්න සල්ලිත් නෑ. හැබයි මල් කැඩිල්ල නවත්තන්න බෑනේ. ගෑනි අම්මගේ පෝන් එක උස්සල, මම වෙන සිම් එකක් දාගෙන. කෝල් ගන්න බෑනේ සල්ලි යනවනේ. ඉතින් මැස්සෝ තමා. ඔහොම ටික වෙලාවක් ගියා. මට පොඩි වැඩක් සෙට් වෙලා මම එලියට යන්න උනා මිනිත්තු 5 කට විතර. මම ආවම දැක්ක අන්තිම මැස්සට ආව උත්තරේ. පෝන් එකේ සල්ලිත් තිබුනේ පොඩ්ඩයි. මට හිතුන ඊලග දවසේ කොහේ හරි යන්න ඕනේ කියල. මම යැව්වා මැස්සෙක්.
“මේ මොකද කියන්නේ හෙට ජිල් පුටුස් එකක් දාමුද??”
ඔය වගේ වචන ඒ දවස් වල නොර්මල්. ඕක කුපාඩි කතාවක් නෙමේ. හෙට එලියට යමුද කියලයි මට කියන්න ඕන කරේ. මම නොර්ම්ලි කියන්නෙත් ඔහොමයි ඒ දවස්වල.
වැඩේ වෙන්නේ ඊට පස්සේ. මින් 10 ක් යනකල් උත්තරයක් නෑ. එක පාරට කෝල් එකක් ආව ඒ නොම්බරෙන්. මම අන්ස්වර් කරා. පිරිමියෙක් කථා කරනවා. මම කට් කරා. දැන් දිගට හරහට කෝල් එනවා. මම හම්බානකට බයවෙලා. බිරින්දෑ වැඩේ මාට්ටු කරන කියල සුවර්. ඒකිට ගහනවද දන්නෙත් නෑ. බයට වඩා අප්සෙට්. ඒත් මම කියල මොනවා කරන්නද? මම පෝන් එකේ සිම් එක ගලවල දාල මගේ සිම් එක දාගත්ත.
දවස් දෙකක් යනකල් කෙල්ලගෙන් කිසිම ආරංචියක් නෑ. පස්සේ හම්බ උන එකී පන්තියේදී.
මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ. ආතල්ම කෙස් එක මෙතැනයි.
මම ගිය අතරේ අම්ම පෝන් එක ඉල්ලලා. මේකි මැස්සෝ ටික අයින් කරලා පෝන් එක අම්මට දීල. අම්මගේ අතේ තියනකොට තමා මගේ මැස්ස ඇවිල්ල තියෙන්නේ. තාත්තත් ඉදල. අම්ම මේක කියවල උඩ ගිහින්. තාත්තට පෙන්නලා. මිනිහට යකා නැගල. ඇයි ඉතින් තමන්ගේ කසාද බිරිදට ජිල් පුටුස් එකක් දාන්න කථා කරලනේ. කෙල්ලගෙන් අහල මේක ඔයටද අවේ කියල. මේකි “මේ මොන පිස්සුවක්ද? මට කවුද ඔහොම ජරාව එවන්නේ” කියල.
ඊට පස්සේ තමා මොකාද මේ අසහන කාරය කියල බලන්න කෝල් කරලා තියෙන්නේ...
ඕක කෙල්ල කියනකොට මම හිනා උනේ කොහොමද කියල අලුතින් කියන්න ඕනේ නෑනේ...
නැන්දම්මගෙන් ජිල් පුටුස් එකක් දාන්න අහපු එක ගැන ඔයාල හිතන දේවල් වචනයට පෙරලලා ලියල යන්න අමතක කරන්න එපා....