ටොපික් එක දැක්කම අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ පොස්ට් එක මොකක් ගැනද කියල. මේ මම කොටන්නේ මගේ බ්ලොග් එකේ 50වෙනි පෝස්ටුව. ඇත්තටම මට හරි සතුටුයි. මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අය අදුරගන්න ලැබුන. ඒ ගොඩක් අය නොසැහෙන්න දක්ෂතා තියන අය. තාම හොදක් අය පවුද්ගලිකව දැන හදුනා ගන්න වුනේ නැති එකට පොඩ්ඩක් දුකයි. නමුත් අන්තිම සති අන්තයේ කීපදෙනෙක් සැබෑවටම දැකගන්නත් ලැබුන එක සතුටක්. ඉස්සරහට ගොඩක් අයව දැක බලාගෙන සේටර් වෙලා තවත් අලුත් බොකු ටිකක් ඇති කරගන්න හිතන් ඉන්නවා..
අදට මම බ්ලොග් එක පටන් අරන් දින හරියටම 78යි. හරි හරියට පොස්ට් දැම්ම. ගොඩක් කට්ටිය ඒවා බැලුව, කොමෙන්ට් දැම්ම, මාව දිරිගන්වුව. මම මේක කොටන වෙලාව වෙනකොට මට කෙම්න්ටු 640ක් ලැබිල තියනවා. ඒ කියන්නේ එක පොස්ටුවකට කොමෙන්ටු 13ක් වගේ. අදටත් මට දවසකට සාමාන්යෙන් පොස්ට් එකක් දැම්මොත් හිට්ස් 250+ විතර වැටෙනවා. මම වගේ ආධුනිකයෙක්ට ඒක හොද කවුන්ට් එකක් කියල මම හිතනවා. ඒ ගැන මම ආඩම්බරයි.
මම හැමදාම කියන්න වගේ මම බ්ලොග් ලියන්න මුල් උනේ රංග අයියගේ මගේ ලෝකය දැකල. ඊට පස්සේ මාරයාගේ, සාතගේ, ඕනයගේ, කිඩෝගේ, කතන්දරගේ, මධුරංගගේ, රත්ගමයාගේ වගේ එකී නොකි ගොඩක් බ්ලොග් වල ආභාෂය මට ලැබුන. දැනට මගේ බ්ලොග් ඒක ෆලෝ කරන අයත් 75 ක් ඉන්නවා. එකත් උපරිමයි. මුල් දවස් වල මගේ බ්ලොග් ඒක බැලුවේ මගේ ඉස්කෝලේ සහ සරසවියේ අය කීප දෙනෙක්. එයාල තාම මාත් එක්ක ඉන්නවා. ඒක ගැන හරි සතුටුයි. දැන්නම් දිනපතා බලන අය ලෝකෙ වටෙන්ම ඉන්නවා. ඔය පැත්තෙන් තියන ෆීඩ් කෑල්ලෙනුයි, මගේ හිට් සොසස් බැලුවමයි ඒක සැහෙන්න තේරෙනවා. මට හරි සතුටුයි.
මිට අමතරව මට උන කුප්පම සිද්දිය, ඇත්තම අද්දැකීමක් ලියපු “අසහන කාරයෝ.. - අනං මනං” පොස්ට් එකට ඒක දවසට හිට්ස් 1600+ ආව එක මට බ්ලොග් ජීවිතේදී අමතක කරන්නම බෑ. ඒක මෙයිල් එකක් විදියට මටම ආව මේ ලගදි. හැබැයි මගේ නමනම් තිබුනේ නෑ එකේ. ලොල්. මගේ ඔය පොස්ට් එක එළකිරි එකේ රුකාමැක්ස් කියල ගොන් ජොන්ටෙක් උගේ එකක්වගේ දාලත් තිබුන.
ඇත්තටම මේ මගේ 51වෙනි පොස්ට් එක. මොකද කලින් මම දාපු එක පොස්ට් එකක්, ඒකට සම්බන්ද කෙනෙක්ගේ ඉල්ලීම පිට(කොපි කිරීමක් නෙමේ, ඒක එයාගේ පවුද්ගලිකත්වයට හනිවෙනවා කියල තිබුන. හැබැයි පොස්ට් එකේ එයාගෙ නමවත් තිබුනේ නෑ. නමුත් මට වලි දාගන්න ඕනේ නෑ මේ වෙඩිම නිසා) අයින් කරන වීම මගේ පුංචි බ්ලොග් ජිවිතේ දුකම සිද්දියක්.
මගේ බ්ලොග් එක කියවන අයගේ දැනුම වැඩි කරන්න මම පටන්ගත්ත "ආයෝජන - Investments" පාඩමත් වැඩිය හිට්ස් නැති උනත් යම් පිරිසක් එකෙන් ප්‍රජෝජන ගන්නවා කියල තේරෙනවා. මගේ ඔපීසියේ ගොඩක් දෙනෙක් මට හම්බ වෙලා කිව්වා ඒ පොස්ට් සෙට් එක පට්ට කියල. නමුත් වැඩේ තියෙන්නේ උන් ඔක්කොම බලනවා විතරයි. කොමෙන්ට් නෑ. කමක් නෑ. ඊයේ දවසේ මම ඒ පාඩම් මාලාවේ පළමු අධියර ඉවර කරා. ඉස්සරහට දෙවෙනි අධියර ලියන්න හිතන ඉන්නවා. එක මට ලොකු සතුටක්.
කොහොමෙන් කොහොමෙන් හරි මම හැමදාම මොකක් හරි පොස්ට් එකක් දාන්න උපරිම ට්‍රයි එක දෙනවා. අලුත් ජෝබකට ලබන මාසේ ඉදන් යන නිසා හැමදාම බැරි උනත් ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවේම මොනවා හරි ලියල මගේ අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.
මාව දන්නා ගොඩක් අය මට කියන කතාවක් තමා මේකා ලියන්නේ මමද කියල හිතාගන්න බෑ කියල. මොකද මම ෆුල් ෆන්, නව ගිලුනත් බාන චුන් එකේ ඉන්න ඩයල් එකක් නිසා, මේකේ තියන සීරියස් නිසදැස්, සීරියස් අදහස් මම ලියනවා කියල හිතාගන්න බැලූ. හිකි හිකි.
මගේ බ්ලොග් එකේදි මම එක රාමුවකට කොටුවෙලා නෑ. කුප්ප කතා, සීරියස් කතා, නිසදැස්, දැනුම පාඩම්, IQ ප්‍රශ්න, මට ආපු සුපිරි ඊයවල් වගේ නොයෙකුත් දේවල් මම දාල තියනවා. ඉස්සරහටත් දානවා. මොකද මේ මට දැනෙන දේ.... මට දෙයියන්ගේ පිහිටෙන් ලාදුරු නෑ. ඉතින් දේවල් හොදට දැනෙනවා.. පොඩියට ලියන්න හැකියාවක් තියන එකට පින්සිද්දවෙන්න ඒ දැනෙන දේවල් මේ පුංචි ඉඩකඩේ දිගටම කොටනවා. මගේ පොරොන්දුවක්....
අවසාන වශයෙන් මෙතෙක් කලක් මම එක්ක හිටිය, හොද නරක දෙකම අඩුවදියක් නැතුව කියල කොමෙන්ට් වලින් මාව දිරිගන්වපු, ඔයාල ඔක්කොටම මගේ බොක්කෙන්ම නැගෙන තැන්කියු එක මම පුද කරනවා. ඔයාල නිසා තමයි මෙච්චර ගමනක් ආවෙත්, තව ඉස්සරහට මේ ගමන යන්නෙත්... අයෙත් සැරයක් ඔයාලට බොහොම ඉස්තුතියි.. ගොඩක් පිං... කියන ගමන් මම කැපෙනවා...










