Saturday, July 16, 2011

කොටස් වෙලදපොලේ ආයෝජනයෙදී නිතර යෙදෙන වචන වල තේරුම් - Some important terms we have to use when dealing with stock market.




අද මම මගේ ආයෝජන පාඩමේ මුලික අධියරේ අන්තිම පාඩම කරන්න යන්නේ. අද පාඩම තමා කොටස් වෙලදපොලේ ආයෝජනයෙදී නිතර යෙදෙන වචන වල තේරුම්. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාල කොටස් වෙලදපොලත් එක්ක ගනුදෙනු කරනකොට. පාඩම මාලාව දිගටම කරගෙන යන්නේ ඔයාලගේ ඉල්ලුමට අනුව තමා. මම රැකියා පොජ්ජත් පොඩ්ඩක් වෙනස් කරලා වෙනමම සයිඩ් එකකට යන්න ඉන්නේ. ඉතින් මගේ ටච් එකත් පොඩ්ඩක් නැතිවෙයි. ඔයාලට ඕනෙම නම මම තවදුරටත් දන්න දේවල් ඔක්කොම කියල දාන්නම්. නමුත් දැනට පළමු අධියර ඉවර කරනවා.


කලින්  පාඩම් මෙතනින් ගිහින් බලන්න.

1) "ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?
2) ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.
3) කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද? - What is a Stock Exchange? How to invest in Stock Exchange?
4) බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද?? - Who are Brokerage firms and Dealers? What are the main responsibilities of them?

අද පාඩමට එමු දැන්.

මම මුලින්ම කතාකරන්න හදන්නේ,
Exchange Account (එක්ස්චේන්ග් අකවුන්ට්) එක ගැන. ඇත්තටම මේ කියන්නේ අපි කොටස් වෙලදපොලේ ලියාපදිංචි උනාම කොටස් වෙලදපොලේ අපි වෙනුවෙන් හැදෙන ගිණුම. මේක ගොඩක් වෙලාවට අපේ ජාතික හැදුනුම්පත් අංකයට සමානයි. වෙනස් වෙන වෙලාවල් තියනවද කියල මම දන්නේ නෑ. සමහර වෙලාවට අපේ සාතන් කොලුවා එහෙම ඒවා තියනවද කියල කියාවි. දැනට නෑ කියල හිතාගන්න. ඇත්තටම මගේ කලින් පාඩම් කියවපු අය දන්නවා වෙළදපොලට අපිට කොච්චර සල්ලි තියනවද කියන එක වැඩක නෑ. නමුත් අපිට අයිති මොන කොටස්ද කියන එක එයාට වැදගත්. මොකද අපිට අයිති නැති දෙයක් විකුනන්න දෙන්න බෑනේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ ගිණුමේ තියෙන්නේ අදාළ පුද්ගලයට අයිති කොටස් වල විස්තර කියල කිව්වොත් හරි. මේ ගිණුම පවත්වාගෙන යන්නේ කොටස් වෙළදපොලෙන් කියන එක මතක තියාගන්න. මේක අපේ බ්‍රෝකර්ටවත්, ඩිලර්ටවත් ඇගිලි ගහන්න බෑ..

Cash Account (කෑෂ් අකවුන්ට්) මේකේ නමින්ම තේරෙනවනේ මේ මොකද්ද කියල. මේකේ තියෙන්නේ අදාළ පුද්ගලයාගේ ගිණුමේ කොච්චර සල්ලි ප්‍රමාණයක් තියනවද කියන එක. ඇත්තටම මෙතන ගිණුම් ශේෂය සහ ක්‍රියාකාරී ශේෂය කියල දෙකක් තියනවා. ගිණුම් ශේෂය කියන්නේ ඇත්තටම තියන සල්ලි ගාන. 
නමුත් ඔයා හිතන්න ඔයා ලග රු: 10,000.00ක් තියනවා. තව රු:10 බැගින් කොටස් 100ක් ගන්න බයි ඕඩර් එකක් දාල තියෙන්නේ. නමුත් තාම ට්‍රේඩ් එක වෙලා නෑ. ඒ කියන්නේ පෙන්ඩින්. කොයිවෙලේ හරි මැච් වෙන ජොන්ටෙක් ලැබුන ගමන් මොකද වෙන්නේ. ඕක ට්‍රේඩ් වෙනවා. නමුත් ඕක ට්‍රේඩ් වෙන්න කලින් ඔයා අතේ තියන සල්ලි ඔක්කොම වියදම් කරලා තිබුනොත් මොකද වෙන්නේ?? අපි කතා කරපු ඕඩරේට ගෙවන්න සල්ලි නැති වෙනවා. මේක වෙන්න දෙන්න බැරි නිසා, අපි ඕඩරයක් දැම්ම හැටියේ ඕඩරයේ වටිනාකම අපේ කෑෂ් බැලන්ස් එකෙන් අඩු වෙනවා. ඇත්තටම බ්ලොක් වෙනවා. දැන් මේ කතාවට අනුව මේ වෙලාවේ ඔයාගේ ගිණුම් ශේෂය 10,000 නමුත් ක්‍රියාකාරී ශේෂය 9000, බ්ලොක් අමවුන්ට් එක 1000. වැඩේ තේරෙන්න ඇති මම හිතන්නේ.
මේ අකවුන්ට් එක මැනේග් කරන්නේ අපේ බ්‍රෝකර් කොම්පැනියෙන්. මොකද එයාට තමා අපේ තියන සල්ලි ගාන වැදගත් වෙන්නේ.

Portfolio (පොට්ෆෝලිඕ) මේකත් ගොඩාරියක් දුරට Exchange Account එකට සමානයි. වෙනස තමා මේක පවත්වාගෙන යන්නේ අපේ බ්‍රෝකර්. මොකද ඌ දැනගන්නත් ඕනේ අපිට අයිති මොනවද නැත්තේ මොනවද කියල. එක කස්ටෙකුට පොට්ෆොලියෝ කීපයක් තියෙන්න පුළුවන් වීම මේකේ විශේෂත්වයක්. මොකද ඔයා හිතන්න ඔයා එකවර වෙළදපොළවල් කීපයකට සම්බන්ද වෙලා ඉන්නවා, එහෙමත් නැත්නම් ඔයාට එකිනෙකට වෙනස් මුදල් ජාති (රුපියල්, ඩොලර්, යුරෝ...) වල අකවුන්ට් තියනවා කියල එතකොට එකෙනෙකට එක පොට්ෆොලියෝව බැගින් තියනවා. 

ඕව තමා ප්‍රධාන වශයෙන් බාවිතා වෙන ගිණුම් ජාති. මීට අමතරව බැංකු ගිණුම් සිකුරිටි ගිණුම් වගේ දේවල් තියනවා. අපි ඒවා දෙවෙනි අධියරේ කතා කරමු.

මේ මම කියපු ගිණුම් එකිනෙකාට බැදිලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් Exchange Account එක සහ Cash Account එක අතරමැද තියන Security Account එකක් හරහා බැදිලා තියනවා. Cash Account එකකට Portfolio එකක් මැප් වෙලා තියනවා. වෙනස් Portfolio කියන්නේ ඒවාට මැච් වෙන විදියට උඩ තියන ගිනුමුත් වෙනස් වෙනවා. උදාහරණයක්‌ විදියට මුදල් ජාති දෙකක Portfolio දෙකක් ජොඉන් වෙලා තියෙන්නේ වෙනස් Cash Account දෙකකට. ඔය විදියටයි වැඩේ යන්නේ.

දැන් අපි කතා කරමු Margin ගැන. මාජින් කියන්නේ අපේ බ්‍රෝකර් අපිට දෙන සහනයක්. මේක හම්බානකට ගැබුරු සබ්ජෙක්ට් එකක්. මම සරලව කියන්නම්. ඔන්න ඔයාලග තියනවා මාකට් එකේ හොදට ට්‍රේඩ් වෙන කොටස් වලින් යම් ප්‍රමාණයක්(රු:10000 වටිනා කොටස් කියමු) සහ සල්ලි රු: 1000ක. ඔයාට ඕන වෙනවා රු: 3000ක කොටස් ගන්න. නමුත් සල්ලි නෑ. ඔයාට මොකද්ද කරන්න පුළුවන්. ටක් ගාල බ්‍රෝකර්ට කතාකරලා කියනවා මට මාජින් එකක් දෙන්න කියල. දැන් මු බලනවා ඔයාගේ Portfolio එක. එල... හොදට ට්‍රේඩ් වෙන කොටසකින් හොද ගානක් තියනවා මු ලග. අනිවා මේක විකුණලා අපිට මේ දෙන ලෝන් එක ගොඩ දාගන්න පුළුවන්. මාජින් එකක් දීල දානවා. සරලව කිව්වට. මෙතන හම්බානක ඇනලයිසින් පාට් එකක් තියනවා. මම මේ ඉතාම සරලව කිව්වේ. අනිත් එක හොද කස්ටෙක් නම් උගේ තියන සල්ලි බැලන්ස් එක අනුවත් මාජින් දෙන වෙලාවල් තියනවා. අපි මාජින් අරන් තියනවනම් අපිට සල්ලි ලැබෙන වෙලාවලදී මුලින්ම වෙන්නේ මේ මාජිං සෙට්ල් වෙන එක. ඊට පස්සෙයි අපේ කෑෂ් බැලන්ස් එක නගින්නේ.

ඔන්න ඕකයි කතන්දරේ.... ආයෝජන පාඩමේ මුල් අධියර ඉවරයි. මොනවා හරි ප්‍රශ්න තියනවනම් ලජ්ජා නැතුව අහන්න. මම කිව්වේ පාඩමට අදාලව හොදේ.. වෙන වෙන කුප්ප කතා එහෙම අහල අහුවෙනවා එහෙම නෙමේ...


එහෙනම් අපි කැපුන...

8 ප්‍රතිචාර:

සාතන් said...

ටික දවසක් පාඩම නැති වෙද්දි අතඇරල දාලද බැලුව... දෙවනි අදියරත් පටන් ගනින්කො

සංකල්ප said...

මගේ යාලුවෙකුත් ඔය කියන Portfolio කිය කියා හිටියා. අද තමයි ඒකේ නියම තේරුම දැනගත්තේ. ගොඩක් වටිනවා මේ විස්තර කිරීම් ටික. !!!!

Gimhani said...

මගේ යාලුවෙක් ඉන්නවා මේගෑන ගොඩාක් ආසා කරන.මම එයාට යොමු කරනවා මේ ලිපිය.
තෑන්ක් යූ වේවා!!

ADK කොලුවා said...

@ සාතන් : පිස්සුද බන පටන් ගත්ත වැඩක් එහෙම ලේසියෙන් ඇත අරින්නේ නෑ.

@ මධුරංග : ඔයාලට වැඩේ තෙරුනානම් මට ඒ ඇති.

@ Gimhani: මේක විතරක් නෙමේ ඔක්කොම ටික දෙන්න. උනන්දුවක් නැති උනත් මේවා දානං හිටිය කියල වැඩි වෙන්නේ නෑ. මේවා සාමාන්‍ය මනුස්සයෙක් දැනගෙන ඉන්න ඕන දෙවක්.

Sakiya said...

වැඩේ හොදටම තේරුනා බොක්ක.ඉතිරි ටිකත් ඉක්මනට දාපන් මචන්..

bingo said...

ඔයා, සාතා සහොඉ එල වැඩක් කරන්නේ .....මාත් දිගටම ෆොලෝ පආරක් දානවා ..cheerzzzzzzzz!!!!

Anonymous said...

මට ලගදි ආයෝජනය ගැන ආසාවක් ඇතිවුණා. ම‍ට මේ ගැන විස්තර ගොඩක් වටිනවා. මේවා කරන විදිහ ගැන තව විස්තර එවන්න.

Unknown said...

ස්තූතියි

Post a Comment