Thursday, June 30, 2011

බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද?? - Who are Brokerage firms and Dealers? What are the main responsibilities of them?







ටික දවසකින් ආයෝජන පාඩම කරන්න උනේ නෑ. ඔපීසියේ වැඩ තිබුන. ගෙදර ගියාම පට්ටම අමාරුයි. ඔපීසියේ ගොන් ජොන්ටෙක් ලියපු ගොන් සර්විස් එකක් හදන්න සෙට් උනා. කරලා තිබුන විදියට හදන එක මගේ ලේ පිච්චෙන වැඩක්. ඉතින් අලුතින් ලිව්වා. අද තමයි ඒක ඉවර උනේ. 

කලින්  පාඩම් මෙතනින් ගිහින් බලන්න.

1) "ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?

2) ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.

3) කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද? - What is a Stock Exchange? How to invest in Stock Exchange?
 
 
හරි අද පාඩමට එමු.

අද පාඩමමේ මුල් කෑල්ල තමා බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? කියන එක. 

බ්‍රෝකර් ෆර්ම් කියන්නේ සරලව කිව්වොත් මුල්‍යමය ආයතනයක්. මේක කොටස් වෙලදපොලේ ගනුදෙනු කරන ප්‍රධාන පාර්ශව දෙක වන වෙළදපොල සහ ට්‍රේඩර් කියන පාර්ශව දෙක අතර මැද ඉන්න තැරැව්කාරයෙක් කිව්වොත් හරියටම හරි. පාර්ශව දෙක සම්බන්දිකරණය කරනවට මෙයාට පොඩි කොමිස් මුදලක් යනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති මොන මගුලටද මු ඉන්නේ. අපිට කෙලින්ම සෙට් වෙන්න පුළුවන්නේ කොටස් වෙළද පොලට කියල. නමුත් එහෙම බෑ. 

දැන් එන ප්‍රශ්නේ තම ඇයි එහෙම බැරි කියන එක. මෙන්න මේකයි කතාව. අපි කොටස් වෙළද පොලේ කොටස් සල්ලි දීල ගත්ත කියමු. ඒ කියන්නේ බයි ඕඩර් එකක් එෂෙකියුට උනා. දැන් හරිනම් මොකද වෙන්න ඕනේ. මගේ සල්ලි කොටස් වෙළදපොලට යන්නත්, මම ගත්ත කොටස් ටික මට අයිති වෙන්නත් ඕනනේ. ඒ වෙලාවේම බැරි උනත් අඩුම ගානේ දවස ඉවර වෙනකොටවත් මේ වැඩේ වෙන්න ඕනේ. නමුත් කොටස් වෙළදපොලට ඇත්තටම කිව්වොත් අපිව විස්වාස නෑ. මොකද වෙළදපොලට සම්බන්ද හැමකෙනා ගැනම පවුද්ගලිකව බලාකියාගන්න එයාට බෑ. අපෙන් සල්ලි ගන්න වගේම අපිට කොටස් විකුනපු කෙනාට සල්ලි දෙන්නත් වෙළදපොල බැදිලා ඉන්නවා. නමුත් එක්කෙනෙක් හරි සල්ලි දුන්නේ නැත්නම්, අදාළ අනෙක් පාර්ශවයට සල්ලි ගෙවන්න වෙන්නේ වෙළදපොලට තමන්ගේ සල්ලි වලින්. මේ සල්ලි දෙන්නේ නැත්තේ සල්ලි නැති නිසා නොවෙන්න පුළුවන්. වෙනත් රාජකාරි නිසා වෙන්නත් පුළුවන්. කොහොම හරි අන්තිමට වෙන්නේ පාඩුවක් විතරයි. කවදාවත් වෙළදපොල මේ රිස්ක් එක ගන්නේ නෑ. මෙයා කරන්නේ පිළිගත්ත මුල්‍ය සමාගම් ටිකකට එයාගේ යටතේ ලියාපදිංචි වෙන්න දෙනවා. මේ සදහා ලොකු තැන්පතු මුදලකුත් ගන්නවා. සියලු ගනුදෙනු සිද්ද වෙන්නේ මේ සමාගම් හරහා. හැම දවසක් අවසානයේදීම වෙළදපොල සහ මෙම මුල්‍ය සමාගම් අදාළ සෙට්ල්මන්ට්ස් සිද්ද කරගන්නවා. මේ වෙලාවේදී වෙළදපොලට ඉන්නේ කස්ටමස්ල කීප දෙනයි. එයාල සල්ලි ගෙව්වේ නැතත් එයාලගේ තැන්පතු මුදලෙන් ඒ ගාන අඩුකරගන්න පුළුවන්. නමුත් මෙම මුල්‍ය සමාගම් යටතේ ලියපදින්චිවෙලා ඉන්න අපිට එදා දවස ඇතුලතම මේ සෙට්ල්මන්ට් කරන්න ඕනේ නෑ. අපිට අපේ සෙට්ල්මන්ට් එක බ්‍රෝකර් ෆර්ම් එකට කරන්න(අපේ උදාහරණයට අනුව අපේ සල්ලි යවන්න) දවස් තුනක කාලයක් ලැබෙනවා (ලංකාවේ දවස් තුනයි. වෙන වෙළදපොලක මේ දවස් ගණන වෙනස් වෙන්න පුළුවන්) ඒ කියන්නේ අපි ඉන්වෙස්ට් කරපු මුදල අපි දවස් තුනක කාලයක් ඇතුලත දුන්නම ඇති. මේක ඇතිකරන තියෙන්නේ අපේ බ්‍රෝකර් ෆර්ම් මගින්. මේක බ්‍රෝකර් ෆර්ම් මගින් අපිට ලැබෙන එක වාසියක්. මිට අමතරව අපි හොද කස්ටමර් කෙනෙක් නම් එයාල අපිට ලෝන් වගේ දෙන වෙලාවලුත් තියනවා. ඒක මම ඉස්සරහ පාඩම් වලින් කියන්නම්.

දැන් බලමු කවුද මේ ඩිලර්ස්ල කියන්නේ කියල. ඇත්තටම ඩිලර්ස්ල කියන්නේ මේ බ්‍රෝකර්ල ලග වැඩ කරන හොද දැනුමක් තියන පිරිසක්. මෙයාලට වෙළදපොල ගැන, වෙලදපොලේ හැසිරීම ගැන, වාසි, අවාසි ගැන හොද දැනුමක් තියනවා. මෙයාලගේ ප්‍රධාන කාර්ය බාරයන් තමා ලාබ ලබාගැනීම සදහා තමන් යටතේ ඉන්න කස්ටොන්ට ඕන කරන ටිප්ස්, අවවාද ලබා දෙන ඒක සහ කස්ටෙක්ට පාඩුවක් වෙන්න යනවනම් හෝ පාඩුවක් වෙලා තියනවනම් ඒ පාඩුව අවම වෙන විදියට අවශ්‍ය පියවර ගන්න එක.

ඇත්තටම කිව්වොත් බ්‍රෝකර් කෙනෙක් එයා යටතේ ඉන්න කස්ටෝ පාඩු වෙනවා බලන ඉන්නේ නෑ. මොකද කස්ටෙක් පාඩු ලැබුවා කියන්නේ, දවස අන්තිමට බ්රෝකර්ට ලොකු මුදලක් වෙළදපොලට ගෙවන්න වෙනවා. මේ පාඩුව දවස් තුනක් යනකොට කස්ටගෙන් නැවත ලැබෙන එක වෙනම කතාවක්, නමුත් දවස අන්තිමේ බලනකොට තමන්ගේ යටතේ ඉන්න කස්ටෙක් පාඩු ලබනවා කියන්නේ, බ්‍රෝකර් පාඩු ලැබුවා වගේ තමයි. මෙන්න මේ නිසා තමයි බ්‍රෝකර් ෆර්ම්, ඩිලර්ස්ල කියන දැනුම සහිත පුද්ගලයන් පිරිස පඩි දීල තියාගන්නේ.

දැන් දැන් පොඩ්ඩක් රොකට් සයන්ස් වගේ ලෙවෙල් එකට එනවා වගේ තේරෙනවා ඇති. මොකද අපි දැන් හාරාගෙන හාරාගෙන යටට යන්නේ. පොස්ට් එකෙන් කට්ටියට වැඩේ පොඩියට හරි තේරෙනවා කියල හිතෙනවා. ඉස්සරහට තව තව තේරෙයි. එහෙනම්
ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද?
කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද?
කියන පොස්ට් වලින් අයෙත් හම්බ වෙමු.

තේරෙන්නේ නැති දේවල් තියනවනම් අහන්න. මමත් දන්නේ නැති දෙයක් නම් කාගෙන් හරි අහල හරි කියල දෙන්නම්.

ප.ලි. : 

මගේ වැරැද්දක් සාතන් පෙන්නලා දුන්න. අත්තටම බොහොම ඉස්තුතියි ඒක පෙන්නුවට. මම ඒ වැරැද්ද පොස්ට් එකේ හැදුව.

මම කලින් දැනං හිටියේ සෙට්ල්මන්ට් ටයිම් ඒක දින දෙකයි කියල. නමුත් මම දැන් ඒ ගැන හෙවුවා. ඇත්තටම සෙට්ල්මන්ට් ටයිම් එක දින තුනයි(T+3). නමුත් T+5 කාලයක් යනකල් තිබිල, T+5 වලදී අදාල කොටසෙන් අපිට ලැබෙන බයින් පවර් එක නැති වෙනවා(ලොක් වෙනවා).



T+?? කියන්නේ ගනුදෙනුව සිදුවූ දිනයේ සිට ඉදිරියට දින කියක් ඇතුලත සෙට්ල්මන්ට් ඒක කල හැකිද කියන එකට බවිතාවෙන සංකේතයක්.

 බයින් පවර් එක කියන්නෙත් කොටස් වෙලදපොලේ අපිට තියන මුදල්, කොටස් නිසා ලැබෙන මිලදීගැනීමේ හැකියාව සදහා යොදාගන්න වචනයක්. මේ ගැන මම ඉස්සරහට ගැබුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

6 ප්‍රතිචාර:

සාතන් said...

"අපිට අපේ සෙට්ල්මන්ට් එක බ්‍රෝකර් ෆර්ම් එකට කරන්න දවස් දෙකක කාලයක් ලැබෙනවා"

මේක මේ වෙද්දි දවස් 5ක් කරල තියෙනව නේද?... එහෙම නැත්තන් T+5 කියන්නෙ මොකක්ද?...

ADK කොලුවා said...

@ සාතන් : මම දානං හිටියේ දෙකයි කියල. නමුත් මම දැන් ඒ ගැන හෙවුවා. ඇත්තටම සෙට්ල්මන්ට් ටීමේ එක T+3. නමුත් T+5 කාලයක් යනකල් තිබිල, T+5 වලදී අදාල කොටසෙන් අපිට ලැබෙන බයින් පවර් එක නැති වෙනවා(ලොක් වෙනවා).

බොහොම ඉස්තුතියි ඒක පෙන්නුවට. අම පොස්ට් ඒක හදන්නම්.

මධුරංග said...

මේ ලිපිය නම් ගොඩක් වටිනවා. මේ ලිපි සෙට් එක කියෙව්වට පස්සේ මාරම දැනුමක් ආවේ.

Ruwantha Medawatta said...

Supiri Post set eka

ක්ෂිතිජය said...

sha meka nam godak vatinava

ape patteth avith yanna

http://ksithijaya.blogspot.com/2011/06/3.html

මගේ කවි said...

THANX FOR THE INFO ...

Post a Comment