Friday, July 1, 2011

ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද? කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර් යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද? Who are traders? And what is the relationship between Stock Exchange – Broker – Trader







මේ අද දවසට මගේ දෙවෙනි පොස්ට් එක. අදට මම බ්ලොග් ඒක පටන් අරන් හරියටම මාස දෙකයි. අන්න ඒක ගැන තමයි පලවෙනි පොස්ට් ඒක. කියෙව්වේ නැත්නම් මෙතනින්(මගේ බ්ලොග් එකට මාස දෙකයි, ඔබ සැමට ස්තුතියි...) ගිහින් මට පොඩි විශ් පාරක් දැම්මේ නැත්නම් තරහයි ඔන්න හොදේ.. හිකි හිකි..

ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද?
කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද?


අද අපි මුලින්ම බලමු කවුද මේ ට්‍රේඩර් කියන්නේ කියල. කෙටියෙන්ම සරලව කිව්වොත් ට්‍රේඩර් කියන්නේ කොටස් වෙලදපොලේ ආයෝජනය කරලා, කොටස් මිලදී ගැනීම, කොටස් විකිණීම කරන  අපි වගේ මිනිස්සුන්ට. මම මුලින් කිව්වා ඔයාලට මතක ඇති කොටස් වෙළදපොළ කියන්නේ මිනිස්සුන්ට කොටස් කියන දේ විකුනන්න, මිලදී ගන්න අවශ්‍ය සේවාවන් සපයන ආයතනයක් විතරයි. මෙතන ගනු දෙනු කරන්නේ අපි අපිමයි. මම කොටසක් විකුනන්න දානවා, වෙන කෙනෙක් ඒක මිලදීගන්නව. ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ.

මෙතැනදී මම කොහොමද මේ ට්‍රේඩ් එකක් වෙන්නේ කියන දේ පොඩියට උදාහරණයකින් කියන්නම්.

ඔන්න මගේ ලග තියනවා හෝටලයක කොටස්. මගේ වෙළදපොල ගැන දැනීම, අධ්‍යනය අනුව මම හිතනවා “තවදුරටත් මේ වෙඩිම තියන ඉදල වැඩක් නෑ. විකුණලා දානවා” කියල. දැන් මම මොකද කරන්නේ? මේක විකුනන්න ඕනේ නිසා මෙන්ම පාඩුවක් එක්ක දෙන්නත් බෑනේ. මම බලනවා දැනට මාකට් එකේ මේ කොටසක් කීයටද ට්‍රේඩ් වෙන්නේ කියල. (මේ අගයට වෙදෙන වචනය තමා LTP - Last Trade Price) මට දැනගන්න ලැබෙනවා දැනට මේකේ මිල රු: 50.00 කියල. නමුත් මම කවදාවත් 50.00ට විකුනන්න කැමති නෑ.(ලොකුම සල්ලි හදිස්සියක් උනොත් ඇරෙන්න) මම දානවා මගේ කොටස් ටික රු:52.00. අපි හැමෝම කැමති වැඩි ගානකට විකුනන්නනේ. ඔන්න තව කෙනෙක් ඉන්නවා. එයාගේ වෙළදපොල ගැන දැනීම, අධ්‍යනය අනුව එයා හිතනවා “අඩේ මේක පට්ට හෝටලයක්. ගන්න ඕනේ මේක.” කියල. නමුත් ඔයාල හිතනවද මාකට් එකේ අන්තිමට මේ කොටස විකිණිලා තියෙන්නේ 50.00කට නම් එයා කවදාවත් 50.00ට හෝ වැඩි ගානකට ඉල්ලයි කියල. නෑනේ. අපි පුළුවන් තරම් බලන්නේ අඩුම ගානකට ගන්නනේ. ඉතින් මිනිහ ඉල්ලනවා මේක 48.00කට. දැන් මගේ ඕඩරේ 52.00යි. එයාගේ ඕඩරේ 48.00මේ දෙක කවදාවත් ට්‍රේඩ් වෙන්නේ නෑ.(වෙන කවුරුවත් මේක ඉල්ලුවේ හෝ විකුනන්නේ නෑ කියල උදහරනේදී මම උපකල්පනය කරනවා) දැන් අපිට බලන්න පුළුවන් අපේ මේ කොටසට කොහොමද ඉල්ලුම හා සැපයීම කියල. මේවට කියන්නේ Best Bid-හොදම ඉල්ලුම(අනිත් කෙනාගේ ඕඩරේ) , Best Offer- හොදම සැපයුම(මගේ ඕඩරේ). දැන් මේ විදියට පැය දෙක තුනක් යනවා.අරූ මගේ ගානට ගන්න කැමතිත් නෑ, මම උගේ ගානට දෙන්න කැමතිත් නෑ.. නමුත් ඔහොම යනකොට දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ඉවසීමේ සීමාව පනින වෙලාවක් එනවනේ. ඔන්න මගේ සීමාව පැන්න කියමුකෝ. මම මගේ ඕඩරේ වෙනස් කරනවා 48.00කට විකුනන්න. ඔන්න දැන් එකම ගානට දෙන්න එක්කෙනෙකුයි, ගන්න එක්කෙනෙකුයි ඉන්නවා. ට්‍රේඩ් එක වෙනවා. දැන් කීයද LTP එක?? 48.00 මොකද අන්තිම ට්‍රේඩ් එක මගේ එකනේ. ඔන්න ඔහොමයි ට්‍රේඩ් එකක් වෙන්නේ සහ වෙලදපොලේ කොටසක මිල වෙනස් වෙන්නේ.

ට්‍රේඩර් ගැන ඉතින් වෙන කියන්න දෙයක් නෑ. දැන් අපි බලමු ට්‍රේදර්ල ජාති මොනවද කියල. මෙතන මම තියරි කියන්න බලාපොරොත්තුවක් නෑ. තියරි ඕනෙනං ජාලේ ඕන තරම් තියනවා. ප්‍රක්ටිකලි මාකට් එකේ ඉන්නවා Day Traders කියල ජාතියක්. මුන් කරන්නේ බ්‍රෝකර් ගාවට ඇවිත් දවසට ට්‍රේඩ් කරන්න සල්ලි ටිකක් ණයට හෝ ඩිපොසිට් කරනවා. කරලා දවස ඇතුලත කොටස් අරගෙන, විකුණලා ජල්තර දාල හවසට ණයක් ගත්තනම් එකත් පියවල ලාබේ සාක්කුවේ දාගෙන යනවා යන්න. මෙහෙම අය ගොඩක් ඉන්නවා. මුන් පට්ට ඩයල්. මාකට් එක හොදට දන්නවා. සතියට සැරයක් ඇවිල්ල ට්‍රේඩ් කරලා දවසකින් 10000-15000 හොයන යන අයත් ඉන්නවා.

තවත් මාකට් එකේ ඉන්නව ජොලි ජාතියක්. දැන් ඔය අව්රුද්දෙ නොයෙක් කාලවල කොම්පැනිවල බෝඩ් මිටින් තියනවනේ. මේ බෝඩ් මිටින් වලට කොම්පැනියේ චන්ද හිමි කොටස් තියන හැමෝටම යන්න පුළුවන්. මේ මිටින් තියෙන්නෙත් හොද තරු පන්තියේ හෝටල් වල. මේ ජෝන්ටෝ මොකද කරන්නේ බෝඩ් මිටින් තියන කාලෙට ගන්නවා කොටස් ටිකක් ඒ කොම්පැනියෙන් අරගෙන මිටින් එකට ගිහින් හොදට කාල බිල ඇවිල්ල අර කොටස් ටික විකුණලා දානවා. මේක ගොඩක් කරන්නේ ඔය කොට් ඇදගෙන ඉන්න පරණ ජොකියෝ තමා.

ඔයවගේ ගොඩක් ජාති ඉන්නවා. මම වැඩිය කස්ටෝ එක්ක ගැවසෙන්නේ නැති නිසා ඒ ගැන වැඩිය දන්නේ නෑ. දන්නේ නැති දේවල් කියන්න හොද නෑ.

මට එකක් අමතක උනා කියන්න. දැන් මේ ඩිලර්ල ඉන්නවනේ උන් කරන්නෙත් ඕඩර් දාන එකනේ. දැන් එතකොට උනුත් ට්‍රේඩර් ගණයට වැටෙනවද?? උත්තරය නෑ. මොකද උන් ඕඩර් දාන්නේ එයාල වෙනුවෙන් නෙමේ. වෙන අය වෙනුවෙන්. එතකොට එයාල ට්‍රේඩර් ගණයට වැටෙන්නේ නෑ.

දැන් මම හදන්නේ මගේ අන්තිම පාඩම් තුන එකට එකතු කරන්න. ඒ කියන්නේ, කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කොහොමද කියන එක මම වචනෙන් විතරනේ කිව්වේ. ඒක පොඩි චාට් එකකින් පහල තියනවා. 


කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව අතර ගනු දෙනු වෙන්නේ මෙන්න මේ ආකාරයට තමා. 


මෙතැනදී කස්ටට ඕනෙනම් තමන්ගේ ගනු දෙනු තමන් සම්බන්ද වෙලා ඉන්න ඩිලර්ට කරන්න කියල කරවගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ම තමන් වෙනුවෙන් එම ගනු දෙනු කරන්න පුළුවන්. කොහොම කරත් ඒවා වෙළදපොලට යන්නේ බ්‍රෝකර් හරහා තමයි.
එහෙනම් අදට පාඩම් ඉවරයි.. අපි කැපුන.

6 ප්‍රතිචාර:

සංකල්ප said...

මේ ලිපිය කියෙව්වම තමා මතක් උනේ. මගේ යාලුවාත් ඔන්ලයින් බ්‍රොකර් සමාගමකින් කොටස් ගත්තා. අන්තිමේ කොටස් මිල පහත වැටුනා. යාලුවාට කෙල උනා.

සාතන් said...

ඩේ ‍ට්‍රේඩර්ස්ලට උන් මුන් කියල කථාකරන්න එපා හරි... තදවෙනව.... ඇඩ්වයිසර්ලට එහෙම කියපන්... මට අද උන්ව මරන් කන්න කේන්තියෙන් ඉන්නෙ...

Buddhi said...

වටින ලිපියක්. මේ ගැන තොරතුරු මට ගොඩක් වටිනවා!

ADK කොලුවා said...

@ මධුරංග: ඕව නොර්මල් දේවල් බං. ලාබ වගේම පාඩුත් එමට...

ADK කොලුවා said...

@ සාතන් : මල්ලිට හොද ආතල් එකක් සෙට් වෙලා වගී.. හිකි හිකි..

ADK කොලුවා said...

@ බුද්ධි : ස්තුතියි සහෝ..

Post a Comment