Sunday, July 17, 2011

ADK කොලුවා බ්ලොගයේ 50වෙනි පොස්ටුවත් දැමු වගයි...


ටොපික් එක දැක්කම අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ පොස්ට් එක මොකක් ගැනද කියල. මේ මම කොටන්නේ මගේ බ්ලොග් එකේ 50වෙනි පෝස්ටුව. ඇත්තටම මට හරි සතුටුයි. මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අය අදුරගන්න ලැබුන. ඒ ගොඩක් අය නොසැහෙන්න දක්ෂතා තියන අය. තාම හොදක් අය පවුද්ගලිකව දැන හදුනා ගන්න වුනේ නැති එකට පොඩ්ඩක් දුකයි. නමුත් අන්තිම සති අන්තයේ කීපදෙනෙක් සැබෑවටම දැකගන්නත් ලැබුන එක සතුටක්. ඉස්සරහට ගොඩක් අයව දැක බලාගෙන සේටර් වෙලා තවත් අලුත් බොකු ටිකක් ඇති කරගන්න හිතන් ඉන්නවා..

අදට මම බ්ලොග් එක පටන් අරන් දින හරියටම 78යි. හරි හරියට පොස්ට් දැම්ම. ගොඩක් කට්ටිය ඒවා බැලුව, කොමෙන්ට් දැම්ම, මාව දිරිගන්වුව. මම මේක කොටන වෙලාව වෙනකොට මට කෙම්න්ටු 640ක් ලැබිල තියනවා. ඒ කියන්නේ එක පොස්ටුවකට කොමෙන්ටු 13ක් වගේ. අදටත් මට දවසකට සාමාන්යෙන් පොස්ට් එකක් දැම්මොත් හිට්ස් 250+ විතර වැටෙනවා. මම වගේ ආධුනිකයෙක්ට ඒක හොද කවුන්ට් එකක් කියල මම හිතනවා. ඒ ගැන මම ආඩම්බරයි.

මම හැමදාම කියන්න වගේ මම බ්ලොග් ලියන්න මුල් උනේ රංග අයියගේ මගේ ලෝකය දැකල. ඊට පස්සේ මාරයාගේ, සාතගේ, ඕනයගේ, කිඩෝගේ, කතන්දරගේ, මධුරංගගේ, රත්ගමයාගේ වගේ එකී නොකි ගොඩක් බ්ලොග් වල ආභාෂය මට ලැබුන. දැනට මගේ බ්ලොග් ඒක ෆලෝ කරන අයත් 75 ක් ඉන්නවා. එකත් උපරිමයි. මුල් දවස් වල මගේ බ්ලොග් ඒක බැලුවේ මගේ ඉස්කෝලේ සහ සරසවියේ අය කීප දෙනෙක්. එයාල තාම මාත් එක්ක ඉන්නවා. ඒක ගැන හරි සතුටුයි. දැන්නම් දිනපතා බලන අය ලෝකෙ වටෙන්ම ඉන්නවා. ඔය පැත්තෙන් තියන ෆීඩ් කෑල්ලෙනුයි, මගේ හිට් සොසස් බැලුවමයි ඒක සැහෙන්න තේරෙනවා.  මට හරි සතුටුයි.

මිට අමතරව මට උන කුප්පම සිද්දිය, ඇත්තම අද්දැකීමක් ලියපු අසහන කාරයෝ.. - අනං මනං” පොස්ට් එකට ඒක දවසට හිට්ස් 1600+ ආව එක මට බ්ලොග් ජීවිතේදී අමතක කරන්නම බෑ. ඒක මෙයිල් එකක් විදියට මටම ආව මේ ලගදි. හැබැයි මගේ නමනම් තිබුනේ නෑ එකේ. ලොල්. මගේ ඔය පොස්ට් එක එළකිරි එකේ රුකාමැක්ස් කියල ගොන් ජොන්ටෙක් උගේ එකක්වගේ දාලත් තිබුන.

ඇත්තටම මේ මගේ 51වෙනි පොස්ට් එක. මොකද කලින් මම දාපු එක පොස්ට් එකක්, ඒකට සම්බන්ද කෙනෙක්ගේ ඉල්ලීම පිට(කොපි කිරීමක් නෙමේ, ඒක එයාගේ පවුද්ගලිකත්වයට හනිවෙනවා කියල තිබුන. හැබැයි පොස්ට් එකේ එයාගෙ නමවත් තිබුනේ නෑ. නමුත් මට වලි දාගන්න ඕනේ නෑ මේ වෙඩිම නිසා)  අයින් කරන වීම මගේ පුංචි බ්ලොග් ජිවිතේ දුකම සිද්දියක්.

මගේ බ්ලොග් එක කියවන අයගේ දැනුම වැඩි කරන්න මම පටන්ගත්ත "ආයෝජන - Investments" පාඩමත් වැඩිය හිට්ස් නැති උනත් යම් පිරිසක් එකෙන් ප්‍රජෝජන ගන්නවා කියල තේරෙනවා. මගේ ඔපීසියේ ගොඩක් දෙනෙක් මට හම්බ වෙලා කිව්වා ඒ පොස්ට් සෙට් එක පට්ට කියල. නමුත් වැඩේ තියෙන්නේ උන් ඔක්කොම බලනවා විතරයි. කොමෙන්ට් නෑ. කමක් නෑ. ඊයේ දවසේ මම ඒ පාඩම් මාලාවේ පළමු අධියර ඉවර කරා. ඉස්සරහට දෙවෙනි අධියර ලියන්න හිතන ඉන්නවා. එක මට ලොකු සතුටක්.

කොහොමෙන් කොහොමෙන් හරි මම හැමදාම මොකක් හරි පොස්ට් එකක් දාන්න උපරිම ට්‍රයි එක දෙනවා. අලුත් ජෝබකට ලබන මාසේ ඉදන් යන නිසා හැමදාම බැරි උනත් ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවේම මොනවා හරි ලියල මගේ අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.

මාව  දන්නා ගොඩක් අය මට කියන කතාවක් තමා මේකා ලියන්නේ මමද කියල හිතාගන්න බෑ කියල. මොකද මම ෆුල් ෆන්, නව ගිලුනත් බාන චුන් එකේ ඉන්න ඩයල් එකක් නිසා, මේකේ තියන සීරියස් නිසදැස්, සීරියස් අදහස් මම ලියනවා කියල හිතාගන්න බැලූ. හිකි හිකි.

මගේ බ්ලොග් එකේදි මම එක රාමුවකට කොටුවෙලා නෑ. කුප්ප කතා, සීරියස් කතා, නිසදැස්, දැනුම පාඩම්, IQ ප්‍රශ්න, මට ආපු සුපිරි ඊයවල් වගේ නොයෙකුත් දේවල් මම දාල තියනවා. ඉස්සරහටත් දානවා. මොකද මේ මට දැනෙන දේ.... මට දෙයියන්ගේ පිහිටෙන් ලාදුරු නෑ. ඉතින් දේවල් හොදට දැනෙනවා.. පොඩියට ලියන්න හැකියාවක් තියන එකට පින්සිද්දවෙන්න ඒ දැනෙන දේවල් මේ පුංචි ඉඩකඩේ දිගටම කොටනවා. මගේ පොරොන්දුවක්....

අවසාන  වශයෙන් මෙතෙක් කලක් මම එක්ක හිටියහොද නරක දෙකම අඩුවදියක් නැතුව කියල කොමෙන්ට් වලින් මාව දිරිගන්වපු, ඔයාල ඔක්කොටම  මගේ බොක්කෙන්ම නැගෙන තැන්කියු එක මම පුද කරනවා. ඔයාල නිසා තමයි මෙච්චර ගමනක් ආවෙත්, තව ඉස්සරහට මේ ගමන යන්නෙත්... අයෙත් සැරයක් ඔයාලට බොහොම ඉස්තුතියි.. ගොඩක් පිං... කියන ගමන් මම කැපෙනවා...

26 ප්‍රතිචාර:

සංකල්ප said...

මුලින්ම සුබ පතලා ඉන්නම්කෝ.
ඔන්න එහෙනම් බ්ලොග් එකේදිගු ගමනක් යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා සුබ පතනවා. ඒ වගේම පෝස්ට් 100, 150, 200,..... වගේ ඉදිරි කඩඉම් ඉක්මනින්ම පසු කරන්නත් වරම් ලැබෙන්න කියලා පතනවා. ඒ වගේම වැඩි වැඩියෙන් හිට්ස් කමෙන්ට් ලැබෙන්න කියලත් පතනවා. කමෙන්ට් එකක් දකින්න ලබෙනවා කියන්නේ මාරම සතුටක් නේ :)

කියවලා විතරක් යන අයත් ගොඩක් ඉන්නවා. ඒ වගේ අයටත් අපි ලියන්න එපැයි. මොනා කරන්නද ? :(

සාතන් said...

එල එල.... සුභ පැතුම් ලොක්කා....

"චිස්ස්ස්ස්ස්ස්ස්ස්..." ඔන්න මම බියර් එකක් කැඩුව වැස්සෙම... ;)

ගයන්ත said...

සුභ පැතුම්.. තවත් හොඳ post ඉස්සරහට ලියන්න...!

Anonymous said...

හද පතුලෙන් සුබ පැතුම්! මම නම් මේ පැත්තෙ අලුතෙන් ආවෙ.. හෙමිහිට හෙමිහිට කියවනවා.. ජය වේවා!

Unknown said...

ela ela..ohommamam liyamu thawa..kawru nathi unath api innawa macho..

duliponline said...

එල එල . . . . උඹේ පෝස්ට් ඔක්කොම කියෙවුවෙ නෑ තාම . . . . හේතුව උඹ පෝස්ට් දාන වේගෙට ඒව කියවන්න නම් මට වෙන වැඩ මොකුත් නොකර ඉන්න තමයි වෙන්නෙ.
ලඟදීම සෙන්චරිය ගහන්නත් අවස්තාව ලැබෙන්න කියල පතනව . . . .
ජය වේවා . . .

මාරයාගේ හෝරාව said...

සුභ පැතුම් මලයා..
නිතර ‍කොමෙන්ට් නොකලට හැමදාමත් බලනවා මේක..ඒ වගේම අර කොටස් ගැන ලිපි ටිකනං බැළුවේ නැහැ..ඒ ටික ලියල ඉවර උනහම කියහං..මට ඒ ටික එකටම බලාගෙන යන්න ඕන..ඒකයි කියවන්නේ නැතිව ඉන්නේ..
දිගටම කරගෙන යමු..

කිඩෝ said...

දිග කමෙන්ටුවක් දාන්න වෙලා නෑ පන්ති යන්න පරක්කුයි ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්නං උබට ජය පෝස්ට් 50 50000ක්ම ලියන්න අතට ශක්තිය ලැබේවා....

චතුමිතු said...

ඔන්න තවත් පිම්මක්...සුබ පැතුම් තව කඩුලු පැනිමට හැකිවේවා.. :)

සංකල්ප said...

@සාතන් :
අයියා මටත් ටිකක් ඉතුරු කරහන්. අරක්කු නම් බොන්නේ නෑ. බියර් එකක් අවුලක් නෑ.!!!!!

Gimhani said...

ඔයාගේ බ්ලොග් බලන්න ගත්තේ ලගදි ඉදලා. ගොඩාක් වෑදගත්.
අනිත් බ්ලොග්ස් වලට දාන comments දැකලා තමයි add උනේ...

සුබ පතනවා

Ruwa said...

Supiri lokka supiri....... wish u all the best.

රත්ගමයා said...

පනහට උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

ADK කොලුවා said...

@ මධුරංග : තැන්කු කොල්ලෝ... උබ ඉතින් හැමදාම මේ පැත්තේ එන එකානේ.. පොස්ට් එකක් දැම්මොත් අනිවා පලවෙනි හරි දෙවෙනි කොමෙන්ටුව උබේ... ආයේ දෙකක් නෑ...

@ සාතන් : චියස්.... ඔන්න මමත් එකක් කැඩුව...

ADK කොලුවා said...

@ ගයන්ත : අනිවා මචන්.. දිගටම ලියනවා...

@ විසිතුරු : බොහොම ස්තුතියි ආවට.. හිමිට කියවන්න...

@ දිලීප : මම ඒක දන්නවා. තැන්කු මචෝ....

ADK කොලුවා said...

@ ඕනයා : හෙමිට කියවපන්.. කොහොමත් මුල් කාලේ ඕනෙම දෙයක් තදේට යනවනේ.. ටික කලක් ගියාමනේ ස්ලෝව් වෙන්නේ... මගෙනම් ටාගට් ඒක මේ ගම්මටම 100 අදින්න.. බලමු ඉස්සරහට...

@ මාරයාගේ හෝරාව : ඔයා වගේ කෙනෙක් මේකට එනවා කියන එකත් මට ගවුරවයක් අයියන්ඩි. ආයෝජන සෙට් එකේ මුල් අධියර ඉවරයි.. දැන් ඉස්සරහට තියෙන්නේ ඔය කියපුවම ගැබුරින් කියන්න... මේ ටික දැන් කියවන්න...

ADK කොලුවා said...

@ කිඩෝ : දිග කොමෙන්ටු ඕනේ නෑ... ආව කියල වචනයක් තිබුනත් ඇති... පන්ති පලයන්.. ඉගෙන ගනින්...

@ චතුමිතු : බොහොම ස්තුතියි... අපි ඉතින් කොහොමත් පනින්න හරි දස්සයෝනේ.. විශේෂයෙන්ම "කොටු" හිකි හිකි

ADK කොලුවා said...

@ Gimhani : මේ පැත්තට ආවට බෝගොම ස්තුතියි.. මම තාම අවේ නෑනේ ඔයාගේ පැත්තට. මේ කොමෙන්ටුව දාල එනවා ඒ පැත්තටත්.

@ Ruwantha Medawatta : තැන්කු මචාන්..

@ රත්ගමයා : උබේ උම්මා ගන්නත් බයයි, උබේ අන්තිම පොස්ට් ඒක දැක්කට පස්සේ.. ලොලේ ලොල්ය...

Udaya Jaliyagodage said...

ජය වේවා............

Gimhani said...

හික්ස්. ඔයාට එන්න වෙන්නේ ඉතින් අපේ ගෙවල් පැත්තට තමයි.
මොකද මට බ්ලොග් එකක් නැති නිසා.

කිඩෝ said...

ඔන්න පන්ති ගිහිල්ලා ආපු ගමන් කමෙන්ටුව දාන්න ආවා ඇත්තටම මම උබව දැනගත්තේ රංගයාගේ අර බ්ලොග් ගැන විචාර දාපු පෝස්ට් එකකින් ඒකේ තිබ්බේ IQ ප්‍රශ්න අහන හොද බ්ලොග් එකක් කියලා බතින් මමත් ඔය ප්‍රශ්න වලට ආසයිනේ මාත් දැක්ක ගමන් ආවා එදා තිබුනේ අර බල්බ් 3 ප්‍රශ්නේ ඒකටනං උත්තර දුන්නේ නෑ මොකද කට්ටිය ගොඩක් ඒ වෙනකොට උත්තර දීලා තිබුන නිසා ඔන්න එදා උබේ බ්ලොගේ ෆලෝ කරා ඔන්න ඔහොමයි මම උබව අදුනගත්තේ...
මේ දවස් වල බිසී නිසා පෝස්ට් ගොඩක් මිස් වුනා මේක දැක්ක ගමන් පන්ති යෑම ටිකක් ප්‍රමාද කරලා කියවලා යන්න ආවා

ADK කොලුවා said...

@ උදය J G : ස්තුතියි මචෝ...

@ Gimhani : ඒක නේන්නම්.. මම බැලුව, ෆලෝ විතරයි, බ්ලොගක් නෑ... කමක් නෑ, බොහොම ස්තුතියි නිතරම මේ පැත්තේ එනවට.

@ කිඩෝ : එල එල එල... පොස්ට් මිස් උනාට කමක් නෑ.. පන්ති පල.. ඉගෙන ගත්තම මේ ඔක්කොම සිම්පල්...

Anonymous said...

හා හා පුරා කියලා මේ පැත්තේ ගොඩ වැදුනේ ඕන් ඉතින් අද තමයි...ඔන්න අසනිගෙන් 50 වෙනි ලිපියට සුබ පැතුම්...

Ishara ( DarKneT ) said...

මමත් මේ එක එක ගනිනවා තාම පනහට යන්න :D

50 සුබ පතනවා වගේම තවත් චිරාත් කාලයක් බ්ලොග් ලිවීමට සුබ පතනවා :)

ADK කොලුවා said...

@ අසනි : අවාටත්, සුබපතුමටත් ගොඩක් ස්තුතියි...

@ DarKneT | ඉෂාර: තැන්කු මචෝ... උබටත් ඉක්මනට 50 කියන්න ලැබේවා කියල පතනවා...

පිණිබිඳු... said...

ඔන්න මගෙනුත් සුභපැතුම් හොඳේ..

Post a Comment