Sunday, July 24, 2011

ඩෙඩ් ලොක්... Dead Lock!!!....(ලොල් සහගතය)

මේකත් මට ආපු සුපිරි ඊයක්.. සුපුරුදු පරිදි මම පරිවර්තන ජොබ් ඒක ඔයාල වෙනුවෙන් කරාලු ඔන්න..

කොම්පුටර් කොරන අයනම් දන්නවා මේ ඩේඩ් ලොක්... Dead Lock!!! කියන වචනේ තේරුම. ඔයාල දැනට දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක කියවල ඉවර උනාම අනිවා දැනගනී.

ඔන්න කොම්පුටර් ඉගෙන ගන්න කොලුවෙක් පන්තියේ සෑර් කාරයාගෙන් ඇහුවලු සෑර් මොක්කයි මේ "ඩේඩ් ලොක්"  කියන්නේ..

සෑර් සුපිරි ඩයල් එක. මිනිහ උදාහරණයකින් වැඩේ කියල දුන්න මෙන්න මෙහෙම.


ඔන්න කොම්පැනියක ලොක්ක තමන්ගේ පවුද්ගලික ලේකම් කෙලීට කතා කරලා කියනවා  
"කෙලී, අපිට ලබන සතියේ බිස්නස් ටුවර් එකක් යන්න තියනවා. ඒකට ඕනේ කරන දේවල් ලෑස්ති කරන්න."

කෙලී එයාගේ මිනිහට කෝල් කරනවා  
"මේ මම ලබන සතියේ අපේ බොස් එක්ක රටින් පිට යනවා. ඔයාට ලබන සතියේ තනියෙන් තමා ඉන්න වෙන්නේ"

මිනිහ උගේ හොර ගෑණිට ගන්නවා කෝල් එකක්  
"පැටියෝ.. මගේ වයිෆ් ලබන සතියේ රට යනවා. ඔයාටයි මටයි සතියම නිදහසේ ජිල්පුටුස් දාන්න පුළුවන්"

හොර ගෑනි ගන්නවා කෝල් එකක් එයා පවුද්ගලික පන්ති කරන ළමයට
"ළමයෝ ලබන සතියේ මට වැඩ ගොඩක් තියනවා. මට පන්ති කරන්න වෙන එකක් නෑ."

ළමය ගන්නවා කෝල් එකක් එයාගේ සීයට (ළමයාගේ සීය අපේ කතාවේ මුලින්ම එන බොස්)  
"සීයේ මගේ මිස්ට ලබන සතියේ වැඩ වගයක් තියනවලු. මට පන්ති නෑ. මම සීයත් එක්ක සතියම ඉන්නම්"

දැන් බොස් කතා කරනවා අර ලේකම් කෙලීට  
"කෙලී, මගේ මුණුපුරාට ලබන සතියේ පන්ති නෑලු. මම එයා එක්ක සතිය ගත කරනවා. අර ගමන කැන්සල් කරන්න"

කෙලී කෝල් කරනවා එයාගේ මිනිහට  
"මේ, අපරාදේ අප්පා, ගමන කැන්සල් උනා. අපි යන්නේ නෑ රට"

මිනිහ ගන්නවා කෝල් එකක් හොර ගෑණිට  
"බලන්න රත්තරන්, ගමන කැන්සල් වෙලාලුනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපි වෙන විදියක් බලමු"

හොර ගෑනි ගන්නවා කෝල් එකක් ළමයට  
"ළමයෝ මම මගේ වැඩ ටික පොඩ්ඩක් වෙනස් කරා. ඔයාගේ විභාගේත් ලගනේ. පන්ති තියනවා."

ළමය ගන්නවා කෝල් එකක් එයාගේ සීයට 
"අයියෝ සීයේ, අපේ මිස් කිව්වා පන්ති තියනවා කියල. මට එන්න වෙන්නේ නෑ"

දැන් ආයෙත් අර බොස් කතාකරනවා ලේකම් කෙලීට  
"කෙලී, මුණුපුරාගේ පන්ති තියනවලු. දැන් ප්‍රශ්නයක් නෑ. අර ට්‍රිප් එක ලෑස්ති කරන්න. අපි ලබන සතියේ යනවා..."

ඔන්න ඕකට තමයි ඩේඩ් ලොක් කියන්නේ... උදාහරණ වලින් පාඩම් කියල දෙන එක ගැන අපේ මධුරංග අයියත් පහුගිය දවසක දැම්ම සුපිරි පොස්ටුවක්. මෙතනින් ගිහින් ඒකත් බැලුවනම්. කොමෙන්ටුවක් දාන්න අමතක කරනවා එහෙම නෙමේ...

26 ප්‍රතිචාර:

Maleth Kushan said...

ඔන්න 1ස්ට් එක මගෙන්, අෆ්ෆා අනිවා ලොලේලොල් සහගතයි! :D :D :D

ADK කොලුවා said...

@ මලියා : ටැංකු... ටැංකු... ලොල් සහගතයි....

මකුළුවා..... said...

පට්ට

නදී said...

ඩෙඩ් ලොක් තේරුන ජොල් පුටුස් කියන්නෙ මොක?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔය කථාව ජනාධිපතිවරණ කාලේ රජතුමාට සම්බන්ධ කරල මඩ වෙබ් අඩවියක දාල තියනව මම දැක්කා .

කොහොම උනත් මරු කථාව

මි හරක් පිඩියා said...

අම්මා හදපු
තාත්තා වඩපු
මම විකුනපු දොදොල් පල්ලා...
එලම සීන් එක...............

Anonymous said...

ෆට්ටම ෆට්ටයි.. සිරා ලොල් සහගතයි..

෴ වේලාව ලගයි ෴ said...

මම නම් මේ කතාවට පුදුම ආසයි හරියට අර සත්තුන්ගේ ජිව්ත චක්කරේ වාගේ නියම කතාවක්

Unknown said...

අප්පා ඔන්න නියම DeadLock ;) ;)
@ මී හරක් පිඩියා - හොදට නාට්‍යය එහෙම බලනවා වගේ නේද..

duliponline said...

ඕකෙ "(ළමයාගේ සීය අපේ කතාවේ මුලින්ම එන බොස්)" කොටස නොදා හිටියනං හරි . . . .

Ruwa said...

Dead Lock,.... Niyama example eka,,,,

සංකල්ප said...

ඩෙඩ් ලොක් කියන එක අපි කැම්පස් එකේ ඉන්නකොට පරිගණක මෙහෙයුම් පද්ධති කියන පාඩමේදි කලා. හැබැයි ඒක මේ තරම්ම සුන්දර පාඩමක් නෙමෙයි. කිව්වත් වගේ උදාහරණ වලින් ඉගෙන ගන්න එක ගොඩක්ම ලේසියි.

ඔන්න නොදන්න අයට ඩෙඩ්ලොක් කියන්නේ මොකද්ද කියලා කියන්නම්.

අපි හිතමු කම්පියුටර් එකක් එකපාර තෙඩ් දෙකක් (වැඩ දෙකක්) කරනවා කියලා. එක වැඩක් මොකක් හරි ප්‍රින්ට් කරන එකක්. අනිත් එක ස්කෑනර් එකකින් මොකක් හරි ඉන්පුට් එකක් ගන්න එකක්.

ඔන්න ප්‍රින්ට් කරන එකයි ස්කෑන් කරන එකයි කියන වැඩ දෙකම ඔහේ තමන්ගේ පාඩුවේ කරගෙන යනවා.

එකපාරට ස්කෑන් කරන වැඩේට ප්‍රින්ටරේ ඕන වෙනවා. ප්‍රින්ට් කරන වැඩේට ස්කෑනර් එක ඕන වෙනවා.

ප්‍රින්ට් කරන කෙනා ප්‍රින්ටරේ රිලීස් කරලත් නෑ. ස්කෑන් කරන එක්කෙනා ස්කෑනරේ රිලීස් කරලත් නෑ. ඒ නිසා දෙන්නා හිරවෙනවා !!!!!

ඔන්න ඕකට තමයි ඩෙඩ් ලොක් කියලා කියන්නේ. ඔය එකක් විතරයි. ඔහොම දේවල් ගොඩක් පරිගණක වල සිද්ද වෙනවා.

ඒවා මග ඇරගන්න ක්‍රම එහෙම තියෙනවා.
(1) ඩිටෙක්ශන් ඇල්ගෝරිතම්
(2) ඩිටෙක්ශන් ඇන්ඩ් රිකවරි මෙතඩ්

තව ක්‍රම තියෙනවා. ඒවා මතකෙට එන්නේ නෑ. :(

කිඩෝ said...

හැක් හැක් අන්තිමට ඕක ඉවරවෙන්නේ එක්කෝ දවස ඉවරවුනාම නැත්තං ටෙලිෆ්‍රො‍්න් එකක සල්ලි ඉවර වුනාම ලොල්ම තමා ඒකනං

සිත් අහස said...

හී හී,, පාඩමක් ඔය විදියට කියලා දෙනවා නම් කොච්චර හොඳට මතක හිටීවිද?

Gimhani said...

හික්ස් මරු කතාව. අර කිව්වත් වගේ පුටු කතාව තමා
තේරුනේ නැත්තේ. පුටුනම් දන්නවා ඒත් ජිල්පුටුස්?

ADK කොලුවා said...

@ මකුළුවා..... : එහෙයි.. එහෙයි..

@ නදී : http://anjanakulasinghe.blogspot.com/2011/05/blog-post_31.html මේක කියවන්න. පොඩ්ඩක් තේරෙයි.. තවත් තේරෙන්නේ නැත්නම් මම ඊයකින් කියල දෙන්නම්. ඕව ප්‍රසිද්ධියේ කියන්න බෑ... ලොල්...

@ buwa : ඒකත් එහෙමද.. ලොල්ය..

ADK කොලුවා said...

@ මි හරක් පිඩියා : හොදට ටෙලිනාට්ටි එහෙම බලනවා වගේ..

@ විසිතුරු : ටැංකු...

@ වේලාව ලගයි : බොහොම ස්තුතියි..

@ ChammA : එක නේන්නම්...

ADK කොලුවා said...

@ ඕනයා : එහෙම උනානම් මේක ඩෙඩ් ලොක් එකක් වෙන්නේ නෑ. ඩෙඩ් ලොක් එකක එක පොයින්ට් එකක් ෆුල් විසිබල් විදියට කොමන් වෙන්න ඕනේ.

@ රුවා : අපි දෙන්නේ නියම ඒවා තමා..

@ මධුරංග : ඔය තියෙන්නේ නියම ටිපිකල් පාඩමක්. ඔහොම කිව්වට අපි වගේ ගොන් තඩියන්ට මතක හිටින්නේ නෑ.. හිකි හිකි..

ADK කොලුවා said...

@ කිඩෝ : අනිවා...

@ ප්‍රාර්ථනා : එක තමා අපි කියන්නේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියල..

@ Gimhani : පොඩ්ඩක් කොමෙන්ටු දෙක තුනක් උඩින් තියන මම නදීට දුන්න උත්තරේ බලන්න.

මහජන මුත්තා said...

හෑ, එල කිරි කොල්ලො!

BOTTA (බොට්ටා) said...

machan waradi, that is a live lock not a deadlock. Deadlock is when two or more processes are doing nothing. In the example things are being done hence it is a live lock. http://en.wikipedia.org/wiki/Deadlock#Livelock

රත්ගමයා said...

කුජීතයි,.... අසා තිබේ රජතුමමාට ගෑවිලා තිබ්බා මේ වගේ කතාවක්

සංකල්ප said...

@ADK කොලුවා :
ඔවා ඉතින් මටත් හරියට තේරෙන්නේ නෑ. යාලුවෙක්ගෙන් දාගත්තු කුප්පියක් තමා.දැන් ඒ කුප්පියේ කරපු දේ තමා මතකේ තියෙන්නේ.

පිස්සු පුසා said...

හික් හික් ලොල්

ADK කොලුවා said...

@ මහජන මුත්තා : එල කිරි නේන්නම්...

@ BOTTA (බොට්ටා) : මම දන්නේ නෑ බං ඔය දෙකෙන් එකක්වත්.. මම කරේ තිබුන ඊය සිංහලෙන් දැම්ම එක තමා...

@ රත්ගමයා : මම දැනගත්ත ඕක කොහොමත් මේකට සම්බන්ද ඇති කියල.. හිකි හිකි..

ADK කොලුවා said...

@ මධුරංග : අපි කොහොමත් ගොඩ යන්නේ ඔය කුප්පි වලින් නේන්නම්..

@ පිස්සු පුසා : මොකෝ හික් හික් ගාන්නේ... ඉක්ක වැටෙනවද... හිකි හිකි...

Post a Comment