Tuesday, July 26, 2011

බල්ලගේ වටිනාකම...

අදත් මම කියන්න යන්නේ වැඩිය දිග නැති ආතල් කතාවක්. මේක මම දැක්කේ එක ජෝක් තියන සයිට් එකක.

ඔන්න දවසක් මිනිහෙක් ගමනක් යනකොට පාරේ මරණයක් ගෙනියන අවමංගල්‍ය පෙරහැරක් දැක්කලු. ඇත්තටම එතන මරණ දෙකක්. එකම පවුලේ වගේ. මරණය පිටිපස්සෙන් හොදට හැදිච්ච මරුමුස් පෙනුමක් තියන බල්ලෙක් යනවලු. ඌට පස්සෙන් මිනිහෙක් හෙන හයියෙන් අඩ අඩා යනවලු. මේ ඔක්කොටම පස්සෙන් මිනිස්සු 200-300 විතර ලොකු පිරිසක් යනවලු.


හොදට මිනිස්සු ආශ්‍රය කරන වැදගත් පවුලක කෙනෙක් වෙන්න ඇති කියල අර මිනිහත් හෙමිට ලංවෙලා අර අඩ අඩා ගියපු මිනිහගෙන් ඇහුවලු

මිනිහ 1: “මහත්මයා, ඔය ඉස්සරහ තියන හර්ස් එකේ ඉන්නේ කවුද?

මිනිහ 2: “ඒ මගේ වයිෆ්. ඔය ඉස්සරහින් යන බලු තඩිය මගේ වයිෆ්ව කෑවනේ මැරෙන්නම. අයියෝ මගේ රත්තරන් ඔයා නැතුව මට ඉදල වැඩක් නෑ...” (හයියෙන් අඩනවලු....)

මිනිහ 1: “මගේ කනගාටුව මහත්මයා, එතකොට ඔය දෙවෙනි හර්ස් එකේ ඉන්නේ කවුද?

මිනිහ 2: “ඒ මගේ නැන්දම්මා. ඔය ඉස්සරහින් යන බලු තඩිය මගේ නැන්දම්මාවත් මැරෙන්නම කෑවනේ. අයියෝ නැන්දම්මේ ඔයා නැතුව මට ඉදල වැඩක් නෑ...” (හයියෙන් අඩනවලු....)

මිනිහ 1: “අප්පා.. ඒකත් එහෙමද??.. එහෙනම් මහත්තයෝ කරුණාකරලා මට ඔය බල්ල දෙන්න පුලුවන්ද දවසකට??

මිනිහ 2: අඩන එක නවත්තල සාක්කුවෙන් මොනවද අරගෙන “මෙන්න මේ නොම්බරේ තියාගෙන ඔය පස්සෙන් එන පෝලිමේ පස්සටම එකතුවෙන්න මහත්තය” කියල නොම්මරයක් ලියපු තුන්ඩු කෑල්ලක් අර මිනිහට දීලා ආයෙත් අඩන්න පටන් ගත්තලු...

28 ප්‍රතිචාර:

ගිනි කුරුල්ලා said...

හේ හේ..මාරු කතාව..
මේ පැත්තේ ආපු පලවෙනි වතාව නෙවෙයි මට මතක විදියට..
අයිය එල කතා ටිකක් ලියනවා වගේ..දිගටම ලියන්න..

Anonymous said...

mare... maru

පිස්සු පුසා said...

ලොල්.එලකිරි කතාව.
දිගටම ලියන්න මාත් ඔන්න එනවා මේ පැත්තේ

පිණිබිඳු... said...

බැන්දම මිනිස්සු මෙච්චරම ඩෙස්පරේට් ඇයි අප්පා..

සාතන් said...

හැමෝම මෙහෙමද දන්නෙ නෑ නේද?

මි හරක් පිඩියා said...

පට්ට නියම කතාව.......

මාරයාගේ හෝරාව said...

පිස්සු හැදෙයි..:D

සංකල්ප said...

අම්මටසිරි පට්ට බල්ලෙක් නේ.
මාත් තුන්ඩුවක් ඉල්ලලා තියාගන්න ඕනේ. කවදහරි ඔය බල්ලව ප්‍රයෝජනවත් කාලයක් එහෙම ආවොත් කාට කියන්නත ???
ඇත්තටම යාලුවා කොහෙද ඔය බල්ලා ඉන්නේ.

රොෂාන් said...

බල්ලට දැන් වයස කීය ද දන් නැද්ද?

නදී said...

හෙහෙ මාර බල්ලෙක් නේ

මකුළුවා..... said...

හි හි...............

සුමින්ද said...

අනේ මන්දා............. :)

ADK කොලුවා said...

@ ආගන්තුකයා :තැන්කූ... දිගටම එන්න මේ පැත්තේ...

@ පිස්සු පුසා : සාදරයෙන් පිලිගන්නවා..

@ පිණිබිඳු... :ඔයත් බැන්දම තේරෙයි..

ADK කොලුවා said...

@ සාතන් : මමනම් හිතන්නේ මෙහෙම තමා...

@ මි හරක් පිඩියා : හිකි හිකි.. තැන්කූ...

@ මාරයාගේ හෝරාව : අයියන්ඩි ගොඩ කාලෙකින්.. පිස්සු හැදෙනවා නේන්නම්...

ADK කොලුවා said...

@ මධුරංග : මමත් හොයනවා මු ඉන්න තැන.. හම්බ උනොත් උබටත් දෙන්නම් ඇඩ්‍රස් එක..

@ රොෂාන් : අයි උබට බල්ලව කසාද බදින්නද?? ලොලේ ලොල්ය...

@ නදී : මාර නෑ... මාර නෑ....

ADK කොලුවා said...

@ මකුළුවා..... : හි හි...............

@ සුමින්ද : මොකෑ දන්නේ නැත්තේ???

duliponline said...

මචෝ . . . තරහ නැතුව මට ඔය නොම්මරේ ඉල්ලල දීපං කෝ . . . . (නැන්දම්ම මේ දවස් වල අපේ ගෙදර ඉන්නෙ . . . . .)

බස්සා said...

කට්ටිය මාර උනන්දුවක්නේ තියෙන්නේ බල්ලාව ගන්න.... බලාගෙන ගියාම ඔක්කකොම එකම බෝට්ටුවේ... හික්ස්....

Unknown said...

ලොල්..පට්ට පට්ට..ඔන්‍න‍ මාත් නම්බරේ ඉල්ලගෙන පෝලිමට සෙට් වෙනවලු... ;)

Gimhani said...

වැඩි කල් යන්න කලින් මිනිහ 2 ටත් ඒ ඉරනම අත්වෙන බව
සිත තබාගන්න..

Anonymous said...

බල්ලොන්ට කියලා කව්වන එක හරිද මන් අහන්නේ..?

ADK කොලුවා said...

@ ඕනයා : මාත් මේ ඕකව හොයන ගමන ඉන්නේ. ඉස්සරහට මටත් ඕකව ඕන වෙයි. සෙට් උන ගමන උබටත් දෙන්නම්.

@ බස්සා : ආයෙත් අහල.. ඔක්කොම එකම බෝට්ටුවේ තමා...

@ ChammA : දැන් ඒ පෝලිමේ 1000000000000000+ ඉන්නවලු... ලොල්ය...

ADK කොලුවා said...

@ Gimhani : හිකි හිකි.. හාකෝ හාකෝ...

@ අසනි : බල්ලට කියල කව්වලත් මදි මමනම් කියන්නේ... ලොලේ ලොල්ය..

Anonymous said...

ඇයි වදේ මොන වැරැද්දක් කරාටද?

Bhathiya said...

ela ela patta patta....

සිත් අහස said...

හිකිස්... අනේ හපොයි ඔක්කෝටම ඕනේ නැන්දම්මාවයි, නෝනවයි මරාගන්නද? :P

පොඩි මෑන් said...

@ ප්‍රාර්ථනා.. පිස්සුද... අර බල්ලට තියෙන ආදරේටනෙ..

Pramod said...

ඔහෙපලයන්... කොරල තියෙන්නේ බල්ලා කිරි ගහට ඇන්න වගේ... ;-)

Post a Comment