Friday, July 22, 2011

ඉන්ටව් එකකින් තේරෙන්න ඕනෙනං මෙහෙම උත්තර දෙන්න..

මේක මට ආව ජොලි ඊයක්. සුද්දගේ බාසාවෙන් තිබුනේ. පුරුදු විදියට සිංහලෙන්, ලුණු අබුල් දාල ඔන්න මම කොටනවා. කියවලම බලන්නකෝ..
 
 
ඔන්න පුද්ගලයෙක් ඉන්ටව් එකකට ගියාලු. දැන් ඉතින් ඉන්ටව් එකේදී මුලින් විස්තර අහල ඉවර වෙලා හරියට ඉන්ටව් ඒක පටන් ගන්න හදන්නේ.

ඉන්ටව් කරන කෙනා: හොදයි.., මම දැන් හදන්නේ ඔයාගේ භාෂා පිළිබද දැනුම පරීක්ෂා කරන්නයි.

අයදුම්කරු : හොදමයි සෑර්.....

ඉ.ක.කෙ. : කියන්න බලන්න මේ වචන වල විරුද්ධ පද.. “හොදයි”

අයදුම්කරු: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... “නරකයි”

ඉ.ක.කෙ.: එන්න..

අයදුම්කරු: යන්න..

ඉ.ක.කෙ.: කැත..

අයදුම්කරු: හුරුබුහුටි..

ඉ.ක.කෙ.: හුරුබුහුටි???

අයදුම්කරු: කැත..

ඉ.ක.කෙ.: කට වහනවා..

අයදුම්කරු: දිගටම කතා කරනවා..

ඉ.ක.කෙ.: හරි, දැන් මේ ඔක්කොම නැවත්තුවනම්..

අයදුම්කරු: දැන් මේ ඔක්කොම දිගටම කරගෙන ගියානම්..

ඉ.ක.කෙ.: අඩේ.. උබට මම කිව්වේ කට වහගන්න කියල නේද? කටවහගනින්..

අයදුම්කරු: අඩේ.. උබට මම කිව්වේ කතා කරන්න කියල නේද? කතා කරපන්..

ඉ.ක.කෙ.: අනේ යාලුවේ..

අයදුම්කරු: අනේ හතුරෝ..

ඉ. ක.කෙ.: පලයන් එලියට..

අයදුම්කරු: වරෙන් ඇතුලට..

ඉ.ක.කෙ.: අනේ දෙවියනේ...

අයදුම්කරු: අනේ යකුනේ..

ඉ.ක.කෙ.: ඔබව තෝරාගන්නේ නෑ.. කනගාටුයි..

අයදුම්කරු: මාව තෝරගත්ත.. බොහොම ස්තුතියි සෑර්..!!

අපි කැපුන එහෙනම්..

20 ප්‍රතිචාර:

Unknown said...

ලොල්...කරලා බලලම කියන්නම් හරි ගියොත් :P

සංකල්ප said...

අඩේ මාත් කරලා බලලා ගුණ දොස් කියන්නම්. කාලයකට හරි යන්න ඇති වෙනකම් හිනා උනා. නියමයි.

Ruwa said...

LOL....

පිණිබිඳු... said...

මරු වැඩේ. හික්ස්.

සාටර් said...

සිරා ලොල් සහගතයි.. :ඩී

Unknown said...

pattai..meka karala balannama watinawa

රාජ් said...

මරේ මරු.

duliponline said...

භාෂා දැනුම නං විශිෂ්ඨයි . . . . . බාසා වෙල්ලෙක් සුවර් එකටම

නදී said...

අඩේ මෙහෙම කිව්වුත් ජොබ් එක දෙයිද ? හිනා හිනා :)

Anonymous said...

ෆට්ටයි

ADK කොලුවා said...

@ ChammA: කරලා බලල කියපන්කෝ...

@ මධුරංග: උබ වගේ බ්ලොග් ගොඩක් කියවන එකෙකුත් හිනා උනානම් මට පට්ට සතුටුයි...

@ Ruwantha Medawatta ; ලොල්ල සාගරේ,,,,

ADK කොලුවා said...

@ පිණිබිඳු... : මරු නේන්නම්... ඒකනේ දැම්මේ..

@ චාටර් කොල්ලා : ලොල් සහගතයි තමා...

@ දිලීප : උබට මේක ට්‍රයි කරන්න තව කල් තියනවා..

ADK කොලුවා said...

@ රාජ් : තැන්කූ...

@ ඕනයා : අනිවා මුගේ බාසා දැනුම හොදයි තමා...

@ නදී : ඔයත් ට්‍රයි කරලා බලන්නකෝ...

ADK කොලුවා said...

@ විසිතුරු : තැන්කූ.....

මහජන මුත්තා said...

හෙනම චාටර්ය ( මම ඉ.ක.කෙ. වෙන්නම් කියවන කස්ටිය අයදුම්කරුවො වෙලා මෙව්වා එක කියව්පල්ලා):P

සොඳුරු ආගන්තුකයා said...

ඊට පස්සෙ ඉන්ට්විව් කරපු ලස්සන ගෑනු ලමයට මල පැනලා අරූට කම්මුලට එකක් ගැහුවලූ. අයදුම්කාරයා ඒකේ විරුද්ධ පදේ පෙන්නපු හැටි දන්න කෙනෙක් කිව්වනම්? හිකිස්...

kassa said...

යකඩෝ මේ අංජනයා නේද?

Gimhani said...

හැබෑට මෙහෙම ඉන්ටර්වීව් කරලා ගන්න ජොබ් එක මොකක්ද ආයුබෝවන්?????

ADK කොලුවා said...

@ මහජන මුත්තා : මොකද්ද මේ මෙව්වා එක??

@ ආගන්තුකයා : බදාගෙන ඉබගෙන ඉබගෙන යන්න ඇති..

@ kassa : ඔව් ඔව් මම ඌ තමා.. උබ මොන කස්සද බං?? කස්සෝ ගොඩක් ඉන්නවනෙව...

@ Gimhani : ඒක ඒ ඊයේ තිබුනේ නෑ.. ලොල්ය...

D_C_M said...

අවුලක් නෑ හොඳයි.......මට හම්බවුනා ඔයවගේ වීඩියෝ එකක්...ඒක නම් කියල වැඩක් නෑ....ෆුල් ආතල් !

Post a Comment