Wednesday, July 13, 2011

ADK කොලුවා උපාධි තොප්පිය දැමූ වගයි..

හැමදාම පොස්ට් එකක් දාපු, කොමෙන්ට් වරද්දන්නෙ නැතුව දාපු මම කොලුවට එකපාරටම උනේ මොකද්ද කියල ඔයාල බලනවා ඇති. ඇත්තටම දවස 4 කින් විතර මේ පැත්තේ එන්න බැරි උනා. ටයිටලේ කියෙව්වම හේතුව මොකද්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඒත් නොකිය බැරි නිසා මම කියන්නම්. මම කොලුවත් දැන් උපාධි ධාරියෙක් බවට පත්වෙලා ඉන්නේ. විස්තර ඇතුව කිව්වොත් BSc in Management Information System, Second Class Honours, Grade I උපධිකාරයෙක් දැන්. කොහොමද ඒක.. ලොල්ය.. සෑහෙන්න සතුටුයි. අවුරුදු 4ක මහන්සියේ ප්‍රතිපල. පන්තියේම ඉන්නේ First Class ළමයි 6යි නිසා  Class ඒක ගැන හිතට දුකක් නෑ.

උපාධිය ගත්ත කියල කොලුවා නැවතුනේ නෑ. MSc එකකුත් දැනට කරන්න පටන් අරන් තියෙන්නේ. පටන් ගත්තේ ප්‍රතිපල එලියට දාපු දවසේමයි. මොකද කාලය අපතේ යවන එක හොද වැඩක් නෙමේ. දැනට ඒකෙ එක සබ්ජෙක්ට් එකකුත් ඉවරයි.

දැනට මට වයස 24යි. දෙයියනේ කියල 25 ඉවර වෙන්න කලින් මාස්ටර්ස් එක ඉවර කරගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

සමහර මාව දැකල නැති අය ඇතිනේ ඔය පහලින් ඉන්නේ මම කොලුවා තමා. 


මේ  ඉන්නේ කොලුවා අම්මියත් එක්ක.


මේ ඉන්නේ කොලුවයි, කොලුවාගේ තාත්තයි.


පොටෝ වලින් මේක පුරවන්න බෑ නිසා දැම්මේ තුනයි. තව ගොඩක් පොටෝ මගේ බුකියේ දානවා ඉස්සරහට. බලන අය බලන්න. පොටෝ ටික දාල ලින්ක් එක මෙතන දාන්නම්.



25 ප්‍රතිචාර:

නදී said...

සුබ පැතුම් මල්ලි!
ඉදිරි අධ‍‍ය්‍යාපන කටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

Gimhani said...

අද තමා ඔයගේ බ්ලොග් එකට ගොඩ උනේ. ගොඩාක් සතුටුයි. ලොකු ජයග්‍රහනයක්. සුබ පැතුම්!!

ADK කොලුවා said...

@ ගලායන ජීවිතය : බොහොම ස්තුතියි අක්කා...

@ Gimhani : ලොකු ජයක්ග්‍රහනයකට වඩා කඩයිමක් පහුකරා කියල කියන්න මම කැමති... දිගටම මේ පැත්තේ එන්න ඔනී....

චතුමිතු said...

මගේ උණුසුම් සුභ පැතුම් අයියේ..:)
එ වගේම ඔයාගේ ඉදිරි අනාගත වැඩ කටයුතුත් එලෙසිම්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:)

සුපර් මාරියෝ said...

සුබපැතුම් අයියා.... මොන යුනියෙ ද??

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

මුළුහදවතින්ම සුබපතනවා ඔබට ජය..!!!

Damith said...

මගේ උණුසුම් සුභපතුම් මචෝ.........!!!!!!!!
අපේ සෙට් එකේ මුලින්ම උපාධිය උබ තමයි......!!!!!
සිරා මචෝ.......!!!!!!!
ජය වේවා......!!!!!!!!!

කිඩෝ said...

සුභ පැතුම් අයියා.... කොන්ඩේ ටින් කරපුගමන්මද ඕක දැම්මේ.. හි හි

Anonymous said...

ah machan uba NIBM da?math eke pori sadayek tama.math me aurudde bsc ekata reg una...ela ela wish you all the best

Unknown said...

අඩේ කන්ග්රට්ස් වේවා කිව්වා...Msc එකත් එලටම කරන්න පුළුවන් වේවා :)

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

උණුසුම් සුභ පැතුම්....

සාතන් said...

එල කිරිනෙ ලොක්කා... අපෙන් උනුසුම් සුභ පැතුම් !...

ADK කොලුවා said...

@ චතුමිතු : බොහොම ස්තුතියි නංගියෝ..

@ සුපර් මාරියෝ : NIBM ඒකෙ මචං...

ADK කොලුවා said...

@ ˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ : බොහොම ස්තුතියි

@ දමිත් : බොලත් හෙට අනිද්දම එලියට එනවනනේ....

@ කිඩෝ : කොන්ඩේ කපුවා බං සති දෙකකට විතර කලින්.. ටින්ට් කරල දැන් ටික කාලයක් වෙනවා. හිකි හිකි..

ADK කොලුවා said...

@ Anonymous : වැඩේ කරන පලයන් මචං. මොකක් හරි උදව්වක් ඕන උනොත් මාව කොන්ටක්ට් කරපන්. බුකියේ මාව හොයාගන්න කිසිම අමාරුවක් නෑ... නිකන්ම Anjana Kulasinghe කියල ගහල එන්ටර් කරපන්. කොලුවා උඩම ඉන්නවා.

ADK කොලුවා said...

@ ChammA : ටැංකු...... ලොල්... අනිවා MSc එක ගොඩ දාගන්න ඕනේ.

@ buwa : බොහොම ස්තුතියි

@ සාතන් : ගොඩාරියක් ටැංකු මචෝ...

ශානි said...

සුභ පැතුම් අයියා

පිණිබිඳු... said...

සුභපැතුම් හොඳේ මගෙනුත්. උසස් අධ්‍යාපන කටයුතුත් දැම්මම පටන් ගත්ත එක හොඳයි..

Ruwa said...

All the Best Lokka................

සමනළී... said...

උණුසුම් සුභපැතුම් අය්යා.......

සංකල්ප said...

ඔන්න මගෙනුත් සුබ පැතුම් කොලුවට. කොලුවයි මායි එකම වයසේ නේ !!!!! එල එල. මට නම් තාම උපාධිය ගන්න බැරි උනා. සර්ලගේ ස්ට්‍රයික් එක නේ.මාත් මේ උපාධිය ඉවර වෙලා මාස්ටර් එකක් කරන්න කියලා හිතාගෙන ඉන්නේ. :)

ප.ලි. - කමෙන්ට් කරන්න ප්‍රමාද උනේ ඉන්ටර්වු එකකට කොළඹ ගිය නිසා බැව් කණගාටුවෙන් දැනුම් දෙමි.

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

සුභ පැතුම් සහෝ...MSc ත් ගහමු ඈ...

මාරයාගේ හෝරාව said...

සුභ පැතුම් මලයා..!

coolchiran said...

මන් Blog වලට අලුත්.බට් i විශ් Oldaබෙස්ට්.....:D

dg56@ymodile said...

Elakiri kiwwalu, magen unusum subapethum machan :D
MSc ekat godadaaganin macho....

Post a Comment