Thursday, October 13, 2011

ADK කොලුවාගේ යාල සවාරිය.. - 2


සෑහෙන්න කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. මේකේ දැන් මකුළුදැල් විතරක් නෙමේ අලි කොටි වලස්සුත් ඉන්න කැලයක් වැවිලා.. හිකි හිකි 

ඔන්න එහෙනම් යාල සවාරියේ දෙවෙනි කොටස ලියන්නයි යන්නේ.. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්න. මොකද ඉන්න සෙට් එක දන්නේ නැතුව ඉස්සරහට යන එකේ හිලක් තියෙන්නේ පුළුවන්.

වැඩි කතා ඕනේ නෑ,,



කොහොමෙන් කොහොමෙන් හරි කට්ටිය කලින් කතා උනේ හෂුලගේ ගෙදර ගාවින් (බස් කාරය ඉන්නේ එතන) ගමන 5.30 වෙන කොට පටන් ගන්න. කතා උනා වගේ මම කොලුවා සහ අයියන්ඩි 5.30 වෙනකොට එතනට ආව. (මම වෙලාවට වැඩක් කරාමද කොහෙද.) පැලවත්තේ හන්දියට ඇවිත් දුන්න හෂුලයට කෝල් එකක්.
"මචන් මම දැන් මේ එන්න එලියට බහින්න හදන්නේ.." එලම කිරි අනිවා මූ තාම මුණ හොදලවත් නෑ. හිටපන්කෝ ඉතින්. ඔන්න විනාඩි 10ක් විතර ගියා. ආයෙත් දුන්න කෝල් එකක්.
"මේ අම්ම පරිප්පු එකක් හැදුව බන් ඒක දුම් දාද්දි පියන වැහුවොත් ඉක්මනට නරක වෙයිලු. හිටපන් ටක් ගාල එන්නම්. මේ නදුනය දැන් ඒවි ඌවත් තියාගනින්. බස් එක ආවනේ??"
බස් එකනම් තියනවා, එත් මූත් නෑ, නදුනයත් නෑ, වෙලාව 5.50 යාන්තන් හෂුලය එනවා කිරි කිරියට.. එල, එත් කෝ නදුනය.
"ඌ තාම මගලු. මට දැන් කෝල් එකක් දුන්න. උගෙත් අම්ම මස් එකක් හදල දීල එක ටිකක් පරක්කු වෙලා.."
කොහොමද කොල්ලොන්ගේ ලස්සන බොරු සෙට් එක...විනාඩි 5 කින් විතර මෙන්න නදුනය එනවා බයික් එකක් පියාණන් එක්ක රුන් ගාල. මු අතින් කටින් උස්සගෙන. ඇදුම් බෑග් එකයි, මස් එකයි , බොන්ගෝ එකකුයි. ආව හැටියේ ගමන පටන් ගත්ත. එල කිරි මම හිතුවේ නෑ ලොවෙත් 6.30 න මෙහා පටන් ගන්න පුළුවන් වෙයි කියල. දැන් හුරේ කියල යනවා. පැටියයි , පුට්ටුවයි ඉන්නවලු මහරගම. දෙයියනේ කියන්නේ මුන් දෙන්න  වෙලාවට එතන. බැලින්නම් පැටියට  ට්රිප් එකේ  කික් එකට රෑ නින්ද ගිහින් නෑ. ඊකයි වෙලාවට ඇවිල්ල තියෙන්නේ.

දැන් තියෙන්නේ කොට්ටාවෙන් අනිත් සෙට් එක ගන්න. කට්ටියම චුවාගේ  ගෙදර සෙට් වෙලාලු. කෙලින්ම ගියා චුවාගේ ගෙදර. බස් එකේ  ඉදන් කොල්ලෝ කෑගහනවා "චුවො වරෙන් වරෙන් යමු &^%*^&%*&@ ගෙවල් පැත්තේ මිනිස්සුන්ට කනට නිකන් මුතු වැටෙනවා වගේ  ඇති. උදේ පාන්දර කට්ටිය කුණු හබ්බ පලනවා. චුව ටක් ගාල ලොකු වතුර බුලි දෙකකුත් අරන් ආව. මුගේ ගෙදරට කොටා , ශගිය සහ නදිය සෙට් වෙලා. පිස්සු හැදෙනවා කෑම හොයාගත්ත කාලේ වගේ. දවස් 3 ටම හරියන්න එක එක ජාති. මස් , මාලු, සොසේජස් , බිස්කට් , පරිප්පු , සන්විච් එකී නිකී හුගක් දේවල්. ඔය අතරේ චුව කලින් පොරොන්දු උන ස්වීට් එහෙමත් ගෙනල්ල තිබුන. කොහොම හරි සෙට් එක දාගෙන දැන් යනවා අපේ නළුවව ගන්න. නළුවා කලින් දවසේ දුර මළගෙදරක ගිහින් කොලබ ඇවිල්ල තියෙන්නේ උදේ 4.00 ට ගෙදර ඇවිත් නාල ඇදුමක් දාගෙන 6.00 ඉදන් පාරෙලු. දැන් වෙලාව 6.40 විතර. අනේ සාදු.. ඊ ලගට හෝමාගමින් මෝලව ගන්න තියෙන්නේ. අම්මට සිරි කිව්වලු. මෝල ඩෙනිමක් ගහල මදිවට කොන්ඩෙත් ජෙල් කරලා. නිකන් මනමාලියක් බලන්න යනවා වගේ. ඔන්න ඔතනින් අපේ බයිට් කිරිල්ල ඇරබුනා.

මෝල හුරේ කියල කුණු  හරුප හොයාගත්ත කාලේ වගේ අම්මගේ ඉදන් මුනුපරාල  දක්වා මතක් කරනවා සෙට් එකේ. දැන් ඉන්නේ දිලුමව ගන්න. දමියට පින්සිද්ද වෙන්න ගොඩගමට යනකල් දිළුම දන්නේ නෑ. හෝමාගමදී කෝල් එකක් දෙන්නම් කියල කොටා කිව්වලු.

දිළුම කොටාගේ දෙමාපියන් උදේ පාන්දර ආදරයෙන් මතක් කරමින් පයින් ගාටන කොට අපි මගින් ගත්ත. ඊ  ලගට ඉන්නේ අපේ මෑන් ඔෆ් ඩ සීරිස්ව ගන්න තියෙන්නේ. ඒ කියනේ කච්ච. මූ ඉන්නේ ඩොටට පොඩ්ඩක් එහා. හුරේ කියල කොලබ ඉදන් පැය 3 ක විතර දුර. ට්‍රිප් එකක් යනවනම් කියාපු පැත්ත. ලොල්ය.

මු ගෙදරට කියල තියෙන්නේ අපේ ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් එකක් යනවා කියල. (මාස කීපයකට කලින් මු අපේ ගෙදර අයත් එක්ක ට්‍රිපක් ගියා. මේ සැරෙත් අපේ ගෙදර තමා විකුණලා තියෙන්නේ.) බස් එක නවත්තල අපේ කට්ටිය වැඩිය කෑගැහුවේ නම් නෑ.. 


කච්ච දුවල එනවා රයිස් කුකර් එකකුත් උස්සගෙන. මුගේ ගෙදර බත් ගේන්න ලොකු බාජනයක් නෑ කියල රයිස් කුකර් එක පිටින්ම උස්සගෙන ඇවිල්ල. ඔය අතරේ මුගේ තාත්ත ඇවිල්ල බස් එකේ අපේ පවුලේ කට්ටිය හොයනවා. කොහොම හරි ඒක ශේප් කරගෙන යන්න පටන් ගත්ත.

දැන් නග්ගගන්න උන් නග්ගගෙන ඉවරයි (කුප්ප කතා හිතන්න එපා. නග්ගගන්න උන් කිව්වේ , බස් එකට. චිකෙයිය සමනල්ලු..) දැන් බස් එකේ කට්ටිය හුරේ කියල යනවා. ඔය අතරේ එක එක රස කතා යනවා බස් එකේ. කච්ච යාලට යන පාර ඇතුලත් ගුගල් මැප්ස් ප්‍රින්ට් අවුට් ටිකක් ගහගෙන ඇවිත්. වැඩේ හොදයි උනාට බයිට් කොරන්න කියාපු වැඩේ. 
ඔය අතරේ හයි වේ එක ඇරියට පස්සේ කට්ටියම ගාල්ලට යමු කිව්වම , අපේ අයියන්ඩි "වාහන වලින් හොදේ.." කිව්වේ නිකන් අපි හයි වේ එක අයිනෙන් පයින් යන්න කතා උනා වගේ. 
කච්ච පුරුදු ඉස්සරහ සිට එකේ වාඩි උන ගමන් ඩ්‍රයිවර් අයියගේ ඕනා එපාකම් පිරිමහ ගන්න කච්චව දෙන්න තරම් අපේ අය නිහතමානි උනා. ලොල්ය.. මගදී තේ කඩේකින් නවත්තපු වෙලාවේ රුපියල් 10 ප්ලන්ටියකින් අපේ නළුවා අලුතින්ම ගත්ත 1500 කලිසම හොදගත්ත. (ඔය නළුවට උන මුල්ම අකරතැබ්බය.. තව ගොඩක් තියනවා ඉස්සරහට )

කොහොමෙන් කොහොමෙන් හරි රත්නපුරට ආව. රත්නපුරේ කාගිල්ස් එකේ නැවැත්තුව බඩු ගන්න. බඩු කිව්වේ කන "බොන " ජාති. ඔය වෙලාවේ තමා අපේ හෂුලය ෆෝම් උනේ. මු නිකන් කාගිල්ස් හොයාගත්ත කාලේ වගේ. 

දකින දකින දේ දාගන්නවා. මම කොලුවා ඉතින් ඕව දන්නේ නෑනේ. දන්නා දේ වෙන "බොන " ජාති අඩුවක් නැතුව ගත්ත. (පස්සේ බඩු මදි උනා එක වෙනම කතාවක්. කවද්ද ඉතින් අපිට බොන එව්වා ඇති උනේ.. හිකි හිකි ) ඔය අතරේ ශගිය එල්ලලා තියන මිදී තියෙන්නේ ටෙස්ට් කරන්න කියා කියා හුරේ කියල මිදී කනවා.

කාගිල්ස් එකේ උන දේවල් තව ගොඩක් තියනවා. ඒ කතා අපේ ජොන්ටන්ගෙන්ම ආවනම් වඩා හොදයි කියල හිතන නිසා මම නවතිනවා. පල්ලෙහායින් ඔය කතා ටික අපේ කොල්ලෝ ටික දිග ඇරියනම් එකින් එක.

දැන් පොස්ට් එක ගොඩක් දිගයි. තාම ගමන පටන් ගත්තෙත් නෑ... යකෝ මේකට පොතක් ලියන්න පුළුවන් වෙන කෙස් එකක් තියෙන්නේ. දැන් ඇති අදට මම කැපුන.. ඊ  ලග කොටසින් අයෙත් හම්බ වෙමු...

8 ප්‍රතිචාර:

duliponline said...

ලියපං ලියපං . . . අපි බලාන ඉන්නව . . "උඹට" උනේ මොනවද කියල දැනගන්න

පොඩි මෑන් said...

උඹ මේක ලියල ඉවර කරනකොට තව සැරයක් ට්‍රිප් එකක් ගිහිල්ල ඇවිත් තියේවි... පලවෙනි එක දාල කොච්චර කාලෙකින්ද යකෝ මේක ලිවුවෙ...

Maleth Kushan said...

ලොleලොල්! :D

උබ ලියනවා පස්ටෙට! ඉක්මනින් දාපන් අරකත්!

Dinesh said...

අඩේ පළවෙනි කොටස මතක නැතුව හොයාගෙන ගිහින් ආයෙම බැලුවා..
අනිත් කොටස ඉක්මනින් දාන්න...

සංකල්ප said...

අම්මෝ සෑහෙන කාලෙකින් මේකා පෝස්ට් එකක් දාන්නේ. මොකෑ උනේ ?? වැඩ වැඩි උනාද ?

නියම ට්‍රිප් එකක්. මම් ඕකේ පලවෙනි කොටස කියෙව්වා මතක නෑ. ඒකත් කියවලා බලන්න ඕනා.

Unknown said...

දැන් ට්‍රිප් ලිපි හරි ගණන් නොවෙද?

Damith said...

කජ්ජා අපිට නාන්න සෙට් කරපු තෑන නන් පට්ට නේද බුරුවෝ........!!!!!!!

hansaka said...

kathawe ithiriyath liyamune

Post a Comment