Friday, July 1, 2011

මගේ බ්ලොග් එකට මාස දෙකයි, ඔබ සැමට ස්තුතියි...




අදට මගේ බ්ලොග් එකට හරියටම මාස දෙකයි. ඇත්තටම මට හරි සතුටුයි. මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අය අදුරගන්න ලැබුන. ඒ ගොඩක් අය නොසැහෙන්න දක්ෂතා තියන අය. තාම පවුද්ගලිකව දැන හදුනා ගන්න වුනේ නැති එකට පොඩ්ඩක් දුකයි. නමුත් ඉස්සරහට එකත් වෙයි.

මේ මාස දෙක ඇතුලත මට ගොඩක් දේවල් ලැබුන. ගොඩක් අය මගේ බ්ලොග් එක බැලුව. කොමෙන්ට් කරා. අදටත් මට දවසකට 250+ හිට් කවුන්ට් එකක් තියනවා. මම වගේ ආධුනිකයෙක්ට ඒක හොද කවුන්ට් එකක් කියල මම දන්නවා. මේ පොස්ට් ඒක දානකොට මගේ මුළු හිට් ගාන13310. නොසැහෙන්න හොදයි නේ?

දැනට මගේ බ්ලොග් ඒක ෆලෝ කරන අයත් 58 ක් ඉන්නවා. එකත් උපරිමයි. මේ මාස දෙකට(දවස් 60ට) මම පොස්ට් 42 දාල තියනවා. ඒ ඔක්කොටම වගේ හොද ප්‍රතිචාර තිබුන. මුල් දවස් වල මගේ බ්ලොග් ඒක බැලුවේ මගේ ඉස්කෝලේ සහ සරසවියේ අය කීප දෙනෙක්. දැන්නම් දිනපතා බලන අය ලෝකෙ වටෙන්ම ඉන්නවා.  මට හරි සතුටුයි.

මිට අමතරව මගේ “අසහන කාරයෝ.. - අනං මනං” පොස්ට් එකට ඒක දවසට හිට්ස් 1600+ ආව එක මට අමතක කරන්නම බෑ. මේ වෙනකොට ඒ පොස්ට් එක 2400+ ගානක් බලල තියනවා. මගේ ඔය පොස්ට් එක එළකිරි එකේ ජොන්ටෙක් උගේ එකක්වගේ දාල උගේ නම හදාගත්ත එකත් මෙතන කියන්නම ඕනේ.

මෙට අමතරව මම දාපු එක පොස්ට් එකක් එකට සම්බන්ද කෙනෙක්ගේ ඉල්ලීම පිට අයින් කරන වීම මගේ පුංචි බ්ලොග් ජිවිතේ දුකම සිද්දියක්.

මගේ බ්ලොග් එක කියවන අයගේ දැනුම වැඩි කරන්න මම පටන්ගත්ත "ආයෝජන - Investments" පාඩමත් වැඩිය හිට්ස් නැති උනත් කීප දෙනෙක් එකෙන් ප්‍රජෝජන ගන්නවා කියල තේරෙනවා. එක මට ලොකු සතුටක්.

මම හැමදාම කියන්න වගේ මම බ්ලොග් ලියන්න මුල් උනේ රංග අයියගේ මගේ ලෝකය දැකල. ඊට පස්සේ මාරයාගේ, සාතගේ, ඕනයගේ, කිඩෝගේ, කතන්දරගේ, මධුරංගගේ, රත්ගමයාගේ වගේ එකී මෙකි ගොඩක් බ්ලොග් වලින් මම දේවල් ගත්ත.

කොහොමෙන් කොහොමෙන් හරි මම හැමදාම මොකක් හරි පොස්ට් එකක් දාන්න උපරිම ට්‍රයි එක දෙනවා. ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවේම මොනවා හරි ලියල මගේ අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.

මගේ බ්ලොග් එකේදි මම එක රාමුවකට කොටුවෙලා නෑ. කුප්ප කතා, සීරියස් කතා, නිසදැස්, දැනුම පාඩම්, IQ ප්‍රශ්න, මට ආපු සුපිරි ඊයවල් වගේ නොයෙකුත් දේවල් මම දාල තියනවා. ඉස්සරහටත් දානවා. මොකද මේ මට දැනෙන දේ.... මට දෙයියන්ගේ පිහියෙන් ලාදුරු නෑ. ඉතින් දේවල් හොදට දැනෙනවා.. ඒ දැනෙන දේවල් මට දැනෙන දේ... තුලින් ඔයාලටත් පුළුවන් උපරිම කාලයක් දෙනවා... ඒක මගේ පොරොන්දුවක්....

අවසාන  වශයෙන් මෙතෙක් කලක් මම එක්ක හිටිය,  කොමෙන්ට් වලින් මාව දිරිගන්වපු, ඔයාල ඔක්කොටම  මගේ බොක්කෙන්ම නැගෙන තැන්කියු එක මම පුද කරනවා... බොහොම ඉස්තුතියි.. ගොඩක් පිං.

ප.ලි. : අදත් ආයෝජන පාඩම තියනවා...

12 ප්‍රතිචාර:

සාතන් said...

එල එල සුභපැතුම්!... දිගටම ලියපන්..

සංකල්ප said...

වැඩි වැඩියෙන් හිට්ස් ලැබිලා තව තවත් කමෙන්ට් ලැබෙන්න කියලා සුබ පතනවා. බ්ලොග් ලියන කෙනෙකුට කමෙන්ට් තරම් වෙන දෙයක් තියේ යෑ. මටත් මාරම සතුටක් තියෙන්නේ කමෙන්ට් එකක් දෙකක් දැක්කම.

ඒ නිසාම මම අළුතෙන් ලියන ගොඩාක් අයව ෆලෝ කරලා ඒ අයට කමෙන්ට් දාන්නේ. මේ වැඩේ මුලින්ම පටන් ගත්තේ දුකා ,බිඟු වගේ අයියලා. මම ඒ අඩි පාරේ යන පොඩි එකෙක් විතරයි.

ඔන්න එහෙනම් මමත් සුබ පැතුවා.

හිම හංසි said...

මගෙන් සුභ පෑතුම් සහෝ.දිගටම ලියන්න.

PDG said...

Elakiri lokka, keep it & good luck machan. Boru kiyanna one na machan, ube katha tikan nam ela, eewagema stock market padamat. Jayen yjaya macho

Ruwa said...

SUpiri Kolla ,,,
Api ithin Kawadath Oba Samagai Ne......

Ela KIRI WEWA.......

සොඳුරු ආගන්තුකයා said...

මගේ සුබපැතුම් සහෝ..

Unknown said...

මගෙනුත් සුභ පැතුම්..තව තවත් ඉදිරියටත් හොදට ලියන්න පුළුවන් වේවා..!!!

නදී said...

දිගටම ලියන්න.ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්!

ADK කොලුවා said...

@ All : ඔක්කොමලාට ගොඩක් ස්තුතියි කියල කියනවා... එලම තමා...

ADK කොලුවා said...

@ මධුරංග: උබ කරන්නේ ලොකු සේවයක් මචන්... කියල වැඩක නෑ..

Anonymous said...

Nice work.. Keep it up..

මාරයාගේ හෝරාව said...

හොඳයි මලේ..ඔහොමම කරගෙන යන්..

Post a Comment