Monday, June 20, 2011

ආයෝජන - Investments




ආයුබෝවන්.. ටොපික් එක දැක්කම ඔයාල හිතුව නේද අලුත් කුප්ප කතාවක් කියල. ඇත්තටම මේක කතාවක් නෙමේ. ඔයාලගේ හිතසුව පිණිස මම හෙට සිට ලියන්න ගන්න ලිපි පෙළක ආරම්බය. ඒපාර තොපි බලනවා ඇති මේ  මොකද්ද මේ හරුපේ කියල. කොටින්ම හැමදාම කතා, නිසදැස් වගේ දේවල් දදා ඉන්නේ නැතුව, මේක කියවන අයගේ දැනුම මට්ටම 1%කින් හරි ඉහල දාන්න දෙයක් කරන්න ඕනේ කියල හිතුව නිසයි මම මෙහෙම වැඩකට අත ගැහුවේ.

ඇත්තටම කිව්වොත් පොඩි වෙනස් දෙයක් කරන්න ඕනේ කියල ටික දවසක ඉදන් ඔලුවේ තිබුනට මොකද්ද කරන්න ඕනේ වෙනස කියල එක පාරටම ඔලුවට අවේ නෑ. ටියුබ් ලයිට් නෙමේ නමුත් වෙනසක් කරනවා කියල ඔහේ ආවට ගියාට කොරන්න බෑනේ. කරන දෙයක් හරියට හිතල කරන එක මගේ පුරුද්දක්. (ඔය ඉතින්.. මම දන්නවා තොපි හිතුවේ මොකද්ද කියල. “අපි නොදන්නවයේ තොගේ හරියට කොරන හැටි” හොද වැඩක කොරන්න ගියොත් මොකක් හරි බාල්දියක්නේ. හිකි හිකි.) වෙනසක් විදියට කෙටි කතාවක් වගේ දෙයක් ලියන්නදෝ කියල හිතුවත් වැඩක නෑ කියල හිතුන. මොකද මටත් ඔය ලියන හැකියාව තිබුනට, මට වඩා හැකියාව ඇති කොල්ලෝ කෙල්ලෝ දැනටමත් ඒ වැඩේ ලෙසටම කරන නිසාත්, මට ඒ රැල්ලට අහුවෙන්න ඕනේ නැති නිසාත් වැඩේ ඇත ඇරලා දැම්ම. පස්සේ තමා මෙහෙම වැඩක කරන්න ඕනේ කියල හිතුනේ.
මේ වැඩේ ඔලුවට ආවට ගන්නේ මොන ටොපික් එකද කියල කල්පනා උනේ නෑ. දෙයක් දෙනවනම් මම දන්නා දෙයක් වෙන්න ඕනේ. නොදන්නා දේවල් කියන්න ගිහින් අනාගන්නවත්, වැදී බණ කියන්නවත් මට ඕනේ නෑ. අනික කියන දේ ගැන අප්-ටු-ඩෙට් දැනුමක් තියෙන්නත් ඕනේ. ඔය ඔක්කොම එක්ක බලනකොට, මම රස්සාව කරන ෆීල්ඩ් එකම ගත්තොත් හොදයි කියල හිතුන. මේක කියවල හිතන්න එපා මම ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කියල. ඇත්තටම මම ඔය බ්‍රෝකර් ලට ඕනේ කරන සොෆ්ට්වෙයා හදන කොම්පැනියක වැඩ කරන්නේ.

මුලින්ම මම කියන්න ඕනේ. මම මේ කියන දේවල් මම කියන්නේ මගේ දැනුමෙන් සහ තේරෙන බාසාවෙන්. මේවා ඔය www.investopedia.com/ වගේ සයිට් වල තියන ඒවාට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වැරදි නෑ. ඇත්තටම කිව්වොත් මම මේ ෆීල්ඩ් එකේ හිටියත් මට නම් ඔය www.investopedia.com/ එකේ තියන දේවල් වලින් 1/10 වත් තේරෙන්නේ නෑ.  ෆීල්ඩ් එකේ නැති අය ගැන කුමන කතාද??

මම මේ ලිපි මාලාවෙන් පළමු අදියර විදියට මම කතා කරන්න බලාපොරොත්තුවෙන දේවල් මෙන්න මේවා.
  1. ආයෝජනයක් යනු කුමක්ද?
  2. ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි.
  3. කොටස් වෙළදපොල යනු කුමක්ද?
  4. කොටස් වෙලදපොලේ ආයෝජනය යනු කුමක්ද?
  5. බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද??
  6. ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද?
  7. කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද?
  8. කොටස් වෙලදපොලේ ආයෝජනයෙදී නිතර යෙදෙන වචන වල තේරුම්
a.  Exchange Account
b.  Cash Account
c.  Trading
d.  Portfolio
e.  Margin
f.  Trends

මේ මගේ ඔලුවට දැන් ආව දේවල් ටිකක් විතරයි. කරගෙන යනකොට මතුවෙන තව තව දේවල් එක්ක ඉස්සරහට යමු. මේ ටික ඉවර වෙලා වැඩක වනවා කියල තේරුනොත් මේකේ දෙවෙනි අදියර විදියට, ඔය තියන ටොපික් වලින් තෝරාගත් කීපයක් ගැන ගැබුරින් කතාකරන්න මම බලාපොරොත්තු වෙනවා.

මට දැනගන්න ඕනේ මේ මම කතාකරන්න බලාපොරොත්තුවෙන දේවල් ඔයාලට වැඩක් වෙනවද කියල. (වැඩක උනත් නැතත් මම ලියනවා අනිවා.) මොකද එකපාරටම වැඩක නෑ වගේ තේරුනාට පට්ටම වැදගත්කමක් තියනවා මේවා දැනගෙන ඉන්න එක. ඒක තේරෙන්නේ කාලයක් යනකොට. (අත්දැකීමෙන් කියන්නේ) ඒත් මට දැනගන්න ඕනේ ඔයාලගේ අදහසුත්. මම හෙට ඉදන් මේ ලිපි මාලාව පටන් ගන්නවා. මේක ගැන හිතන දේවල් පොඩ්ඩක් පහලින් ලියල යන්න.  

13 ප්‍රතිචාර:

Ruwa said...

ElaKri,,,,,

සංකල්ප said...

හැමෝම හැමදාම එකමදේ කරන්නේ නැතුව වෙන වෙනස් දේවල් කරන එක හොදයි. එල එල

සංකල්ප said...

මම නම් ඔය ආයෝජන ගැන දන්නේ නෑ. අපටත් තේරුම් ගන්න එක්ක කියලා දෙනවනම් වඩාත්ම හොදයි. ඉදිරියේදි මේ ලිපි පේල බලාපොරොත්තු වෙනවා.

Damith said...

like......

Unknown said...

එල එල.. මේක ප්‍රයොජනවත් වෙයි!!!

Maxworth said...

kora machan.

Anonymous said...

mehalo oken matath kiyaka hari diyan hode ayoojanayen

කිඩෝ said...

හුම් හුම් කියලා දීපන්කෝ බොගේ ආයෝජන.. මේ ඈතුලත්වීමේ ගාස්තු, පන්ති ෆීස් එහෙම ගන්නෑනෙ... හි හි

සාතන් said...

ඔය උඩ හරියෙ තියෙන ටික වගේ ටිකක් මම මේ වෙද්දි පෝස්ට් එකකට ටයිප් කොරල තියෙන්නෙ... ;)

දිගටම ආයෝජන ලිපි ටික දාගෙන යන එකයි ඇත්තෙ.. සාතනුත් ටිකක් විතර ඔය ෆීල්ඩ් එකේ ඉන්නෙ...

Dinesh said...

අළුත් වැඩක්.. ලියන්නකෝ බලන්න.. අපිත් එන්නම් පන්තියට සහභාගී වෙන්න..

duliponline said...

එල එල . . . ඉගෙනගන්න ආසාවෙන් හිටි සයිඩ් එකක්

Adikaram Express said...

ඔහොම යාං...ඔහොම යාං...

Dilum said...

Mmmm balamuu balamuuu ube me wadee kohomada kiyala????

Post a Comment