Monday, June 27, 2011

අතේ කෝට් - පාසලේ විත්ති



 
දවස දෙක තුනකින් මේ පැත්තටවත් එන්න උනේ නෑ. ටිකක් නෙමේ පට්ටම බිසී වෙලා හිටියේ. දවස් කීපයකින් ආව එකේ හිතුව පොඩි ආතල් කතාවක් ලියන්න. ගොඩක් වෙලා ලිය ලිය ඉන්න වෙලාවක් නෑ. මම ටිකක් වැඩට හිර වෙලා ඉන්නේ මේදවස් වල. ආයෝජන පාඩම ඉස්සරහට දාන්නම්, කියලාදෙන වැඩේ හදිස්සියේ කොරන්න ගියොත් වෙන්නේ නිකන් චා වෙන එක. හෙමිට වැඩේ ලස්සනට, හරියට කරමු..

එහෙනම් කතාවට බහිමු. මේකත් ඉතින් ඔයාල දන්නා කියන කෙනෙක් ගැන තමා. වෙන කවුරුවත් නෙමේ, ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිය කොලුවෝ දෙන්නෙක්ට තමන්ගේ පොන් එකයි, සල්ලියි දුන්න මගේ අතිජාත මිත්‍රයා (ඔව් ඔව්.. කල්ප තමා) මෙන්න මේකයි කතාව.

කට්ටිය කිව්වට විස්වාස කරන එකක් නෑ, හැබැයි ඇත්තටම කිව්වොත් අපේ කල්පය අපේ ඉස්කෝලේ හිටපු පපෙට් කෙනෙක් (පස්සේ ගිල්ඩ් ඒකෙන් එලවපු එක වෙනමම කතාවක්.. ලොල්ය). සාමානයෙන් ඕනෑම කෙනෙක් දන්නවනේ පපෙට්ල උනාම උදේ පාන්දර ඇවිල්ල ගේට්ටුව ගාව ඉදන් අපිව කන්න බලන ඉන්න ජාතියක්නේ (මේක කියවන පපෙට්ල මාත් එක්ක තරහ වෙන්න එපා හොදේ. රවියෝ තරහ වෙන්න එපෝ...හිකි හිකි..) ඉතින් අපේ කල්පයටත් පපෙට් උනාම ඕක පොදුයිනේ. හැබැයි වැඩේ කියන්නේ මු හැමදාම එන්නේ උදේ 9.00 පහුවෙලා. උදේ ඉදන් කට්ට කාගෙන ඉන්න උන්ට බුදු මලලු. මොකද මු හැමදාම මොකක් හරි බයිලයක් ගහල බේරෙනවා. කල්පය ගැන දන්නා අය දන්නවා මුගේ ටොක ඉතින් සුපිරි කියල. හැමදාම මොකක් හරි සුපිරි ටෝකක් දීල මු බේරෙනවා.

මුගේ සුපුරුදු බයිලේ තමා "මම හොරණ ඉදන් අයිය එන්නේ. පාන්දර 6.00ට ගෙදරින් ආවත් මේ වෙලාවට තමා එන්න වෙන්නේ." ඇත්තටම කිව්වොත් මු ඉස්සර හිටියේ හොරණ තමා. (ඔව් ඔව්.. හරක් හොරෙක් තමා) නමුත් ඔය කියන කාලේ වෙනකොට මුන්ගේ මහරගම ගෙදර හදල මහරගම ඉදන් එන්නේ. මහරගම හන්දියේ කෙල්ලෝ ටික බයිට් කොරල කොරල 8.00ට විතර බස් එකට නැග්ගම ඉතින් කොහොමත් 9.00ට තමා ඉස්කෝලෙට එන්න වෙන්නේ.

මේක ලොකු පපෙට්ල ලාවට දන්නවා උනත් සුවර් නෑ. කොහොම හරි මේ වැඩේ මු මාස දෙකක් විතර කරල තියනවා. දවසක් සුපුරුදු විදියට මු 9.00ට විතර එනවා වටේටම බයිලා ගගහ. හැමදාම වගේ පපෙට්ලගේ මිටින් එකේදී ඇහුව මුගෙන්

ලොකු පපෙට් : කල්ප මොකද අද පරක්කු??
කල්ප : ඈත ඉදන්නේ එන්නේ අයිය.
ලොකු පපෙට් : අදත් හොරණ ඉදන්ද ආවේ?
කල්ප : ඔව් අයිය.
ලොකු පපෙට් : මහරගම ඉදන් නෙමේද අවේ?
කල්ප : නෑ අයිය.
ලොකු පපෙට් : 7.00ට විතර මහරගම හිටියේ නෑ...
කල්ප : නෑ අයිය.

^%&^ ඔන්න ඔය වීඩියෝ එක පෙන්නපන්. කල්පට ට්වින් කෙනෙක් ඉන්නවා වගේ, කියල දැම්මලු වීඩියෝවක්, කල්පය උදේ පාන්දර මහරගම හන්දියේ කෙල්ලොන්ට විහිළු කරනවා. වැඩේ අතේ කෝට්.. ලොකු පපෙට් හුරේ කියල මුට බැනල. මොනා කරන්නද බල්ල වගේ ඉදල මු.

වෙලාතියෙන්නේ මේකයි, මු හැමදාම ලොක්කව ගොනාට අන්දන නිසා මුට රිටන් එකක් දෙන්න සීනියර් පපෙට් කෙනෙක් උදේ මහරගම මු කෙල්ලොන්ට විහිළු කර කර ඉන්නවා වීඩියෝ කරන් ඇවිත්. එදා මුට හොද පෝරියල් එකක් සෙට් උනාලු. ඊට පස්සේ සතියක් විතර මු උදේ ආවත්, කල්පය කියන්නේ ලොවෙත් හැදෙන මිනිහෙක් නෙමේ(අපේ ජෝන්ටෙක්නේ) අයෙත් සුපුරුදු පරිදි පරක්කු වෙලා එන්න ගත්ත. ඒක තවත් අලුත් බයිලයක්..

මේක ගොඩක් ජොලි කතාවක් නෙමේ. නමුත් ඊයේ ඒ කියන්නේ ඉරිදා DS Sixes වලට සෙට් වෙලා (අප්පට සිරි කියන්න අමතක උනානේ. අපේ 2006 ජෝන්ටෝ ටික  DS Sixes 2000-2010 ගෘප් එකේ කප් එක ඉස්සුවනේ. මම කොලුවත් ඔය අතර හිටියලු. හිකි හිකි) දිනුමත් එක්ක ජයපැන් බොනකොට කල්පය එක්ක එකට ගිල්ඩ් එකේ හිටිය ජනින්දය ඇතුළු ජෝන්ටෝ ටික කිව්වා මේක ලියපන් කියල. ඔන්න ලිව්වා.

9 ප්‍රතිචාර:

සංකල්ප said...

ඒකට වෙලා තියෙන්නේ පට්ටම සීන් එකක් නේ. ඒ කියන්නේ කල්පයා හෙන පැණියා වෙන්න ඇති නේ?

Adikaram Express said...

එල එල එල එල එල එල එල ආ.................

Dinesh said...

අනේ පවු කල්පයා.. ඔය පපෙට් කම අරගත්තම ඉතින් යකා බැද ගත්තා වගේ තමයි ඉතින්.. මොකද මමත් ඉස්කෝලේ ලොකු පපෙට් වෙලා හිටියනේ..

සුපර් මාරියෝ said...

මෙන්න කොල්ලො... මරු මරු මගෙත් යාලු පිපෙට් කෙනෙක් හිටියා ඔය වගේ.. දැන් නම් පොර කොලම්බු මෙඩිකල් පැකල්ටි.. :D :D

Damith said...

Kalpath medical faculty yanna thamai hitiye......
koheda mu bio karanne nathuwa maths kalane lol......
Anjana uba medal ekakkuth gaththa ne match ekata gihin...... he he...

duliponline said...

පරක්කු වෙලා එනවැයි කියන්නෙ ඉතාම හොඳ පුරුද්දක්. ඉස්කෝලෙ ඩිසිප්ලීන් සර් අන්තිමේදි මට පරක්කු වෙලා එන එකට දඬුවම් දීම නැවැත්තුව . . "මූව හදන්න බෑ" කියල.

දුකා said...

මාර පපෙට් කෙනෙක්නේ . . හික්ස්

Ravisanka said...

මූ එතින් මීටින් දවසට පිට්ටනිය වටේ දුවන එක තමයි කරන්නේ.....ලොල්

Unknown said...

Muu gan nam aye kiyala wadak naa ekanma supiri dial eka.. Mu combine paper eka iwara wela paper eka penna penna bus eke wiridu kiyala sallith ekathu karala bus ekatama fun ekak dunna dawasak..happaaaa :D lole lol

Post a Comment