Friday, June 17, 2011

ADK කොලුවා ජිවිතයේ පළමු වතාවට වෙඩිමකදී කට් වූ වගයි...




සාදු සාදු කියල අදත් මම ස්වයං මඩ ගසාගැනීමේ තවත් පියවරක් ඉස්සරහට තියන්නයි මේ ලක ලෑස්ති වෙන්නේ.කියන්න යන කතාව මොකද්ද කියල ටොපික් එක කියවපු හැටියේම තේරෙනවනේ. ඉතින් වැඩි වැල වටාරම් නැතුව කෙලින්ම කතාවට බහින්නම්.
හා.. ඊට කලින් කියන්න ඕනේ අද මට හරි සතුටු දවසක්. මොකද කිව්වොත් අද මගේ බ්ලොග් එකේ හිට්ස් 10,000 පැනල. මම මේ බ්ලොග් එක පටන් අටන් අදට හරියටම දවස් 48යි. වැඩේ හොදටම නැගල යනවා.
හරි දැන් කතාවට කෙලින්ම. මේ කතාවත් උනේ ඉස්සර කාලේ නෙමේ ඇත්තටම කිව්වොත් ඊයේ. අපේ ඔෆිසි එකේ හැමෝගෙම බොක්කක් උන “මදුෂා” අක්ක ඊයේ යුග දිවියට පාතැබුවා. එයාට සාර්ථක යුග දිවියක් පතන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
මගුල තිබුනේ හික්කඩුවේ. ඉතින් හැමදාම වගේ ඔෆිස් ඒකෙන් යන කට්ටිය බස් එකක් කතා කරගෙන දැන් යන්න සුදානම. ඔය වගේ ගමනක් යනකොට කොටින්ම බස් එකක පැය දෙකක් විතර යනකොට නිකන් යන්න බෑනේ. ඔය වගේ දේවල් වලට මුලිකත්වය ගන්න ගොඩදෙනෙක් පහුගිය කාලේ අයින්වෙලා ගිය නිසා ඉතුරුවෙලා ඉන්නේ මම කොලුවා, සුදු වගේ කීප දෙනෙක් විතරයි. ඉතින් ඔන්න කොහොම හරි මම, සුදු, බිමල්, බුචා එක්ක සෙට් වෙලා පොඩියට මොනවා හරි කරන්න කල්පනාව. දැන් කුප්පයෝ උනාට දෙමව්පියන්ගෙන් හොද ගතිගුණ ටිකක් ඇවිල්ල තියන නිසා, කෙල්ලෝ ඉස්සරහ අරක්කු බිව්වොත් අව්ල් කියල කට්ටිය කතා උනා.(අපි හොදට කන බොන මිනිස්සු කියල හැමෝම දන්නවා. හැබැයි කෙල්ලෝ කෑවට බොන්නේ නෑනේ. අනික AC බස් එකේ අරක්කු බෝතලයක් කැඩුවොත් ගද ඉතින් අලුතෙන් කියන්න ඕනේ නෑනේ.)
කොහොම හරි ඔන්න ලග කාගිල්ස් එකට ගිහින් අපි ගත්ත ස්පෙෂල් බ්‍රෙවූ ලොකු කෑන් 10ක්. බොන්න ඉන්නේ 4යි උනාට මදි පාඩු වෙන්න බෑනේ. අප්පට සිරි මේක ලියනකොට මතක උනේ. බිල ගෙවන්න මගේ කාඩ් එක වැඩ කරේ නැතුව බුචාගෙන්1000ක් ඉල්ලගෙන බිල ගෙව්වේ. එක උට දෙන්නත් ඕනේ දැන්.
හරි දැන් බඩුත් හරි බස් එකට ආවම පිටිපස්සේ ඔක්කොම වාඩි වෙලා. මොනවා කරන්නද අපි ඉස්සරහම සිට් එකේ වාඩි උනා. බිමලයයි, සුදුයි ඉස්සරහම ඩ්‍රයිවරය ලග. මමයි බුචයි ඊට පිටිපස්සේ. බුචා එක්ක ඉදගෙන බොනවා කියන්නේ වහ කනවා වගේ වැඩක් තමා. මොකද ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොනවා.
දැන් ඉතින් මම ඉදල හිටලා බියර් එකක් බිව්වට (දැන් බොන්නේ වෙන ඒවා) ඉස්සර බියර් විතරක් බීපු කාලයකුත් තිබුන. ඔය කාලේ අපේ අයිය එක්ක මගුලකට ගිහින් අපි දෙන්න තනියෙන් බියර් බෝතක්‌ 15කට වග කියපු අතීතයක සාඩම්බර හිමි කාරයෙක් මම. එඒත් දැන්නම් එහෙම බොන්නත් බෑ, බොන්නෙත් නෑ. බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් කට්ටිය ලාවට චියස් පාරක දාල දැන් බොනවා. බස් එක ඉස්සරහට යනවා අපි පිටි පස්සට යනවා.ලොල්. කොහොම හරි බුච සහ මම දෙවෙනි බියර් එක ඉවර කරනතුරුත් ඉස්සරහ පේලියේ ජෝන්ටෝ දෙන්න පලවෙනි එක බොනවා. ස්පෙෂල් බ්‍රෙවූ ලොකු කෑන් එක ගහනවා කියන්නෙත් එසේ මෙසේ වැඩක් නෙමේ. පට්ට විදියට බඩ පිරෙනවා. දැන් මට නියම ගාන. ඒත් බුචාට මදි. අනිවාර්යෙන්ම එක වෙන්න ඕනේ. මොකද ඌ අනිවා මම වගේ දෙගුණයකට වඩා බොනවා. දැන් තව බියර් දෙකක් කඩන්න වෙලා නෑ. මිනිත්තු 15ක් විතරලු ගමන. ඉතින් කැඩුව තව එක බියර් එකක්. දැන් අරුයි මමයි ෆ්‍රෙන්ඩ්ෂිප් කියා කියා බොනවා. අපරාදේ කියන්න බෑ මේකට ඉස්සරහ සිට් එකත් එකතු උනා. දැන් හෝටලේට ආව. මටනම් සදමෝල්. කරපට් එකේ හොදම එක. මට තේරුණා මම තව වැඩි වෙලා කෙලින් ඉන්නේ නෑ කියල. ටක් ගාල ඇදන් ගියා ලග හිටිය එකාව මගුල් ජෝඩුව ලගට. ලග හිටියේ කවුද කියලනම් අහන්න එපා. මතක නෑ. ගිහින් මුණ පෙන්නලා, උම්මා දෙකක් දෙන්නට දීල, පොන්එක පෙන්නලා පින්තූර දෙක තුනකුත් අරන් කොලුවා ආව සැනෙකින් අපේ කොල්ලෝ සෙට් එක හිටිය තැනට. ඇවිත් මේසේ ඔලුව ගහගත්තා. මාත් එක්ක බොන උන් දන්නවා මම වැඩි උනොත් කරන්නේ ඔලුව ගහගෙන කාටවත් කරදරයක් නැතුව පැයක් දෙකක් නිදාගන්න එක. මට ඔය බෙහෙත පට ගාල අහනවා. පැයක්, දෙකක් නිදාගත්තා කියන්නේ කොල්ල ආයෙත් උගුරක්‌ වත් නොබිව්වා එකෙක් වගේ කෙලින්.
ඔහොම පැයක් විතර නින්දක් දැම්ම. මට පට්ටම අමාරුයි. රිකවර් වෙන පාටක් නෑ. පොඩි කබ්බ පාරක් එනවා මට. කබ්බ කිව්වම මට ටිකක් අමුතුයි. මට කබ්බ යන ක්‍රම දෙකක් තියනවා. හෂුලයාගේ ගෙදර දවසක් සෙට් වෙලා ගහල වැඩිවෙලා, එදා මුළු රෑම සහ පහුවෙනිදා ලෙෂර් වල්ඩ් ගිහින් එකේ පුල් එකෙත් කබ්බ ගිය ආකාරයට කබ්බ යාම එකක්(මේ කතාව වෙනමම එකක්. එකත් මම ලගදීම දාන්නම්) අනිත් එක තමා වැඩි උන උගුර දෙක යන කබ්බ පාර. මට තේරුණා වැඩි උන උගුර දැම්මනම් හරි කියල. නැගිටලා යන්න අමාරුයි. කකුල් දෙක පැත්තට කරලා, දැම්ම පොඩි කබ්බ පාරක්. පොඩි කියන්නේ ඇත්තටම පොඩි එකක්. කොක් බඩියකින් බාගයක් යන්න ඇති. මචන් දෙයියෝ දැක්ක වගේ. සුපිරියටම වැඩකරා. නැගිටලා ගියා වෙන සිට් එකකට. අමිලය(ජයතිලක) කතාකරා කට හොදන් එන්න යන්න. ගියා. කට හොද ගත්ත, මුණ හොදගත්ත, කොන්දේ හදාගත්ත, කොල්ල ආයෙත් මනමාලය වගේ. වටේට පොඩි පනියකුත් දාගෙන කොල්ල යනවා දැන් වටේ. යනකොට යකඩෝ ලැසිය බොනවා. ලැසිය බොනවා කියන්නේ ඉතින් අපේ ෂොට් 3ක් උගේ ෂොට් එකක් වගේ. මු වීදුරුව දික්කලේ නැතා මට. බොහොම අමාරුවෙන් මේ කෙලින් ඉන්නේ. මොනවා කරන්නද. ලැසිය දුන්නම බෑ කියන්න බෑනේ. දැම්ම පොඩි ෂොට් එකක්. පොඩි කිව්වට අපි නොර්මල් ගහන ෂොට් එකක් වගේ උගේ වීදුරුවෙන් උගුරක්‌ බොන එක.
මෙතන හිටියොත් වැඩේ හරියන්නේ නෑ කියල තේරුණා. ගිය කට්ටීය එක්ක කන්න. ගිහින් බෙදාගන්න කොට ආයෙත් කැරකෙනවා. ශානකයට දුන්න පිගන් බෙදන් වරෙන් කියල. ගිහින් වාඩි උනා ආයෙත් ලැසී වීදුරුව දික් කරනවා. ආයෙත් දැම්ම පොඩි ෂොට් එකක්. ඔය අතරේ අරු අරන් ආව කෑම එක. කන්නනම් බෑ දැන් අනිවා යනවා සුවර්. කට්ටිය නටනවා දැක්ක මම ගියා නටන්න. දැන් කට්ටිය හුරේ කියල නටනවා. ඔය අතරේ ලැසිය ආයෙත් එනවා වීදුරුවක් අතේ තියාගෙන. අයියෝ සල්ලි කිව්වලු. එකෙනුත් ටිකක් මගේ සරීරයට එකතු උනාලු.  දැන් වැඩේ හරි. ජෝඩුව පිට වෙනන යනවා. ගිහින් කට්ටියම පින්තූර කෑල්ලක් ගත්ත. මම කොලුවා ගිහින් මුණ කට හෝදගෙන බබා වගේ වාහනයට ගොඩ උනා. දැන් බස් එක එනවා. මට පොඩි නින්දක් ගියා. මෙහෙම හිටියොත් මට වැඩි වෙනවා සුවර්. පටන් ගත්ත සින්දුවක් කියන්න. එකටත් ඉතින් හිටියේ මගේ බොන පාට්නාර්ල 3 දෙනා තමා. අපි ඉතින් කොහොම හරි කොලබට එනකල්ම සින්දු කිව්වා.
අහ්හ්.. අඔය අතරේ කොහේදෝ තිබුන තවත් ස්පෙෂල් බ්‍රෙවූ එකක් ගත්තේ නැතා එනකොට බුචා. ගොඩක් නැතත් එකෙනුත් උගුරු 2-3ක් මගේ සරීර ගත උනාලු ඔන්න. කොහොම හරි කොලබ ඇවිල්ල අයය එක්ක ගෙදර එන්න සෙට් උනා. වාහනේ නැග්ග ගමන් නින්දක් දැම්ම. ගෙදර ආව. මෑණියන්ට වැඩේ චාටර්. මට දැන් මෑණියෝ, ලොකු මෑණියෝ(පියාණන්ගේ අක්ක) සහ අක්ක පොඩ්ඩ හුරේ කියල බයිට දෙනවා. ඕවට උත්තර දෙන්න මට වෙලාවක් නෑ. ඇවිල්ල අදුම ගලවල විසික කරා. කොල්ල ඇදට වැටුන මල පෙරේතය පොලවේ ගැහුවා වගේ.
ඔන්න ඕකයි කතන්දරේ. මගේ ජිවිතේ පළමු වතාවට තමා මෙහෙම මගුලකදී මට වැඩි උනේ. මොකද සාමාන්යෙන් මම මගුලකට ගියාම වැඩිය අනුමත කරගන්නනෙ නෑ. හැබැයි වැඩි උනා කියල කාටවත් කරදරයක් කරෙවත් වැඩිය චාටර් උනේවත් නෑ. කබ්බ කෙස් එකත් දැක්කේ කීප දෙනෙක් විතරයි. දැන්නම් ඔක්කොම දැනගනීවි. ඔවානම් මොනවද?? අපි පුරුදු වෙන්න චා වෙනවා නෙමේනේ.
එහෙනම් තවත් බෝතලයක් වටා රස කතාවකින් සෙට් වෙමු. අපි කැපුන. ඔය පල්ලෙහා ටයිප් කොරන්න පුළුවන්. හිකි හිකි..

24 ප්‍රතිචාර:

Ruwa said...

Hiki Hiki.......
Mathaka neadda kollo Ape geadara gihin Mindikayata weadi una heati....

සංකල්ප said...

කබරයා දාන්න කොලුවා මොකට බොනවද මන්දා????පට්ට කතා ටික. මතක් වෙද්දිත් හිනා.

ADK කොලුවා said...

@ ruwa : මොකෝ මතක නැත්තේ.. මතකයි මතකයි..
@ මධුරංග : කබ්බ දාන්න බොන්නේ නෑ බං. බිව්වම යන එකනේ කෙලිය... හිකි හිකි

Shali said...

just LOL :D

Waruni Mali said...

ම්ම්ම්ම්ම්ම් මොනාද අනේ මේ කර ගන්නේ ?

duliponline said...

සික් මෙහෙවු බේබද්දො . . . . මම නං අද උදේම හිතාගත්ත අයෙ බොන්නෙ නෑ කියල . . . .

Ravisanka said...

:D

ADK කොලුවා said...

@ Rain Drops : මොනවා කරගන්නද මෙයා.. ඇත්ත කතාව කිව්වා වෙන වෙන කතා හැදෙන්න කලින්. එච්චරයි. වැඩි දෙයක් උනේ නෑ.

@ ඕනයා : මම ඉතින් කිව්වා කියල හිතගනින්කෝ උබට. හිකි හිකි. මමත් ඔය විදියට හිසේ කෙස් ගානට හිතාගෙන ඇති. අයියෝ සල්ලි...

සාතන් said...

බලන් ගියහම මේක බේබද්දෙක්නෙ....

ADK කොලුවා said...

සාතමෝ : අනේ මම නම් නෑ ඕවට.. අපි පන්සිල් පද පහට අනුව ජිවත් වෙන මල් වගේ ළමයි. අනික ඉතින් ඔය හොදවයින් එව්වා පොඩ්ඩක් කාරිය බිව්වා කියල මොකෑ වෙන්නේ. දැන් මෙහෙම උනේ නැත්නම් අහවල් එකද මම මෙතන දාන්නේ??? දීපල්ලකෝ උත්තර???

Damith said...

Haiyoooo anjanayo mokakda me kara gaththe......
Me para toilet eke wc eka allagena nida gaththe na neda...
hiki hiki......

Adikaram Express said...

කබ්‍රාල් කතා ගැන නම් දැක්කනෙ එදා අපේ ගෙට් එක දවසෙ කට්ට්ය තරඟෙට දාපු හැටි...

ADK කොලුවා said...

@ damith : එහෙම උනේ නෑ. තමුසෙට පිස්සුද ඕයි, ඕව රටටම පෙන්න කියන්න??

@ Adikaram Express : අපේ නෙමේ උබ තමා එදා දැම්මේ. අපි කරේ බොලගේ පිට අතගාපු ඒක තමා..

කිඩෝ said...

හලේ මමනං මතින් තොරයි....

ADK කොලුවා said...

@ කිඩෝ : උබට තව කල තියනවා. යමුකෝ ඔහොම.. හිකි හිකි

Damith said...

haiyooooooo salli.......
Hikzzzzz.........

dg56@ymodile said...

patta machan, apitat ithin oyawage scene wela tiyenawa pattare nodenmata, thama gedarata nam maattu wela naa, lol :D

ADK කොලුවා said...

@ dg56@ymodile : කට්ටිය එක්ක උන දේවල් බෙදාගන්න ඒක පට්ට සතුටක් මචං. අපි හෙට අනිද්දා ඔය පාරේ යන බස් කට්ටකට හැප්පිලා මැරිලා යාවිද කියල කවුද දන්නේ. ඉන්න කාලේ කොල්ලෙක් වගේ මිසක් බුම් මට්ටයෙක් වගේ හිටියේ නෑ කියල අපි මරුන දවසක මේවා කියවන උන් දැන ගනීවි.

Anonymous said...

siddiya ahin dutu sakshiyak hatiyata wt i need to say is 'hoooooo hooooooo'

Maxworth said...
This comment has been removed by the author.
Adikaram Express said...

අඩෝ...මම දැම්මෙ න යකෝ...යසිරුවගෙ පිට අතගෑවෙ මම නෙ.නිකන් ටෝක්ස් දාල අහුවෙන්නී.....................පා.

ADK කොලුවා said...

@ Ano : ඇසින් දුටුවද නැද්ද කියන්න උබ කුඩා බං?? නමක් එක්ක චොම්මෙන්ට් එකක් දාන එක රොකට් සයන්ස් නෙමේ.. හිකි හිකි..

@ මැක්ක : මොකද ඩො කොමෙන්ටුව අයින් කොරල. මට ආපු නොටිෆිකේෂන් ඒකට අනුවනම් උබ කියල තියෙන්නේ "ඕව අපිට පුරුදු දේවල්නේ" කියලයි. උබට නම් පුරුදු ඇති. මටනම් පුරුදු නෑ. ලොල්ය..

@ අදිකාරම් ලොක්කා: යසිරුව"ත්" දැම්ම තමා... එක ඉතින් සුපුරුදු දැමිල්ලක් නේ. අයියෝ සල්ලි.

Sakiya said...

ooka nam oni taram minissunta wenawane ban....hehe.

ADK කොලුවා said...

@ Sakiya : එත් මට මුලින්ම උනේ මෙදානේ බං...

Post a Comment