Sunday, May 29, 2011

අසහන කාරයෝ.. - අනං මනං

මම මේ කියන්න යන්නේ වෙනද වගේ පාරන කතාවක් නෙමේ. අලුත්ම අලුත් හොට් හොට් කතාවක්. ඇත්තටම දැන් ඒ කතාව මටත් රසවත් කියල හිතුනට දවස තුනකට කලින් මේක මට උන වෙලේ ඉදන් පෙරේද දවල් වෙනකල් මගේ මේ කෙට්ටු සරිරේ ලේ පයින්ට් 3 ක් විතර පිච්චුනා. 

මෙන්න මේකයි කතාව.



පහුගිය දවසක හරියටම කිව්වොත් 25 වෙනිදා රෑ 8.30 ට තමා හරියටම මේ වැඩේ පටන් ගත්තේ. මුම්බායි ඉන්දියා සහ කල්කටා කණ්ඩායම් දෙක හුරේ කියල IPL එකේ ගහගන්නවා. මමත් ඉතින් දෙය්යනේ කියල පුටුවකට ඇලට් එකක් එහෙම දාගෙන මැච් එක බලනවා. 

ඔන්න මගේ පෝන් එක රිං වෙනවා.

අනිත් කෙනා : හලෝ
මම : හලෝ
අනිත්  කෙනා : (පොඩ්ඩක් අව්ලෙන් වගේ) මේ.. මේ.. රොෂාන් ඉන්නවද?
මම : සොරි. වැරදි නම්බරයක්.
කෝල් එක ඉවරයි.

මෙන්න බොලේ තප්පරයක් යන්න උනේ නෑ ආයෙත් රිං වෙනවා.
කලින් දෙබස වගේම දෙබසක් හැබැයි වෙන කෙනෙක්ව හොයන්නේ වෙන නම්බරයකින්.

ඔය විදියට විනාඩි30 ක විතර ඇතුලත මට කෝල් 100 ක් 200 ක් විතර ආව. මට ආන්ස්වර් කරන්නත් බෑ. එක කෝල් එකක ඉන්නකොට වෙටින් තව කෝල් 10 ක් විතර.

මගේ සිගිති මොලේට වැටහුනා කවුරු නමුත් මාව දෙය්යනේ කියල බයිට් කරනවා. එත් වැඩේ කියන්නේ එක නොම්බරයක්වත් දෙපාරක් එන්නේ නෑ. කොල්ලෙක් කොච්චර කරත් ඔච්චර කොරන්න බෑ කියල මම දන්නවා. මොකද මමත් ඔයවගේ බයිට් අනන්තවත් දීල තියනවා.

හැම කෝල් එකක්ම එන්නේ කොල්ලොන්ගෙන් සහ ඔක්කොම මම ගත්තම එක්කෝ කට් කරනවා නැත්නම් වෙන කෙනෙක් අහනවා. මම දැනගත්ත අනිවා වෙබ් සයිට් එකක ගොනෙක්(පුරගනක්) කියල මගේ නොම්බරේ දාල කියල. මට ඉතින් සුපිරි මල. මම නෙට් එකෙත් හෙව්වා හම්බුනේ නෑ. කොහොම හරි 10.00 වෙනකොට මට කෝල් 300 ක් විතර ඇවිල්ල. මමත් කරේ මොකද්ද, දෙන්නම් වැඩක් කියල ඔටෝ ආන්ස්වර් වෙන ඇප්ලිකේෂන් එකක් පෝන් එකට දාගත්ත. දැන් එන එන ඔක්කොම කෝල් අන්ස්වර් වෙනවා. ලෝකේ වටෙන්ම එන කෝල්.

කොහොම  හරි එදා රෑ මම පුපුරා පුපුර නිදාගත්තා පෝන් එක ඔෆ් කරලා. අනිත් දවසේ උදේ පෝන් එක ඔන් කර විතරයි ඇලට් එනවා හුරේ කියල. අර ඉස්කෝලේ ලියන්න දෙන රචනා වගේ ඇලට්. එතනත් කෝල් 50-60 ක් තිබුන. උදේ පාන්දර මගේ හැගීම වචනෙන් කියන්න ඕනේ නෑනේ. (ඔන්න මේක ලියන කොට  දැනුත් කෝල් එකක් ආව. එක +82... ඒ කියන්නේ පිට රට නොම්බරයක්.. අය්යෝ..)

කොහොම හරි මම ඔය මලෙන්ම ලේස්ති වෙලා වැඩද එන්න පිටත් උනා. අයිය ගිය සතියේ නිවාඩු නිසා මම බස් එකේ තමා. ඔහොම යනකොට මට ආව කෝල් එකක්. එකත් රට නොම්බරයක්.

මම: හලෝ
අනිත් කෙනා: හලෝ ....
මම: කියන්න...
අනිත්: ඔයා කවුද??
මම: (මල කටුව රතු වේගෙන එනවා) දැන් මමද ඔයාට කෝල් කරේ?? ඔයානේ මට කෝල් කරේ?? ඉතින් මමද දැන් කවුද කියල කියන්න ඕනේ??
අනිත්: මගේ පෝන් එකේ ඔයාගේ නොම්මරේ තිබුන. එකයි ගත්තේ.
මම: (රතු කටුව පැන්න) නිකන් මෝඩ කතා කියන්න එපා. ඔය රට කෙනෙක්. මම ලංකාවේ. ඉතින් මගේ නොම්බරේ ඔයාගේ පෝන් එකට යන්න විදියක් නෑනේ.
අනිත්: අනේ සොරි.
මම:(ටිකක් හොද බුවෙක් වගේ. තරහ නිවුන. මොලේ පෑදුනා) මචං මට ඔයා එක්ක කිසිම තරහක් නෑ. මම දන්නවා මේ නොම්බරේ ඔයා ගත්තේ නෙට් ඒකෙන කියල. මගේ නොම්බරේ නෙට් එකට දාල මොකෙද්ද නොසන්ඩාලයෙක්. මට හෝ ගාල කෝල් එනවා. කරුණා කරලා කියපන් බං නොම්බරේ ගත්ත විදිය.
අනිත්: අප්පා.. මල කෙලියයි. සමාවෙන්න ඕනේ මචං. මම නොම්බරේ ගත්තේ නම් නෙට් ඒකෙන තමා. ITN එකේ කතාවක් යනවා මචං "පබළු" කියල. ඔන්න ඔකේ ඊයේ කතාවේ කෙල්ල කොල්ලට දෙනවා CV එකක්. ඒකෙ කෙල්ලගේ පෝන් නම්බරේ විදියට තියෙන්නේ ඔය නම්බරේ. මම මේ කෝල් කරලා මොනවා හරි කරගන්න පුලුවන්ද බලන්නයි ගත්තේ. (මට හිනා)

කොහොම හරි ඒ කොල්ල මම එක්ක විනාඩි 10 ක් විතර කතා කරා. ඌ ඉන්නේ නෙදර්ලන්ඩ් වලලු. මේ නොම්බරේ තියන සයිට් එහෙම ඔක්කොම ඌ කිව්වා. කෝල් එක ඉවර වෙනකොට මම ඔෆිස් එක ගාවටත් ඇවිත්. මටත් දැන් හරි ආතල්. ඇයි බං කතාව යන්නේ ITN එකේලු. මම ඉතින් කොහොමත් රාජ අලියනේ (ඒක හැමෝම දන්නා රහසක්නේ). ඉතින් ITN එකට හුරේ කියල බනින්න සෙට් වෙනවනේ. මම මුලින්ම ඔෆිස් ගිහින් බැලුව ඔය කතාව ඇත්තද කියල. 

එලම කිරි කතාව ඇත්ත. මගේ නොම්බරේ පට්ටටම තියනවා. මම ගත්ත ITN ඒකෙ හොට් ලයින් එකට කෝල් එකක්. කතාව කියල කෝල් එක ගත්ත කෙල්ලට ලුණු අබුල් ඇතුව බැන්න. එකී දුන්න තව එකෙක්ට, උටත් බැන්න. ඌ උගේ ලොක්කට දැම්ම, ඌටත් බැන්න. පස්සේ දැම්ම ITN ඒකෙ ඩිරෙක්ටර කෙනෙක්ට. අවරුදු ගානක තිබුන තරහ සහ කලින් දවසේ මල බහිනකල් මම උටත් බැන්න. කුණුහරප නෑ. ශිෂ්ට වචනෙන් පොයින්ට් එකට බැන්නේ. 

"මහා ලොකු රජයේ නාලිකාව"
"දැම්මොත් බොරුවක්"
"අහිංසක මෝඩ මිනිස්සුන්ව රවට්ටනවා"
වගේ කතා ගොඩක් ඔය අතරේ කිය උනා. හිකිස්‌...

උට මට රිටන් බනින්නත් බෑ වැරැද්ද උන්ගේ. කොහොමත් මම උට කතා කරන්න වෙලාවක් දුන්නේ නෑ. කොහොම හරි මම ඉවර උනාම උ මගෙන් සමාව ඉල්ලලා පබළු නාට්ටියේ කෙනෙක්ව කොන්ටක්‌ කරන්නම් කිව්වා. මම කිව්වා මට වැඩක් නෑ කවුරු කරත් මගේ නොම්බරේ අයින් වෙන්න ඕනේ කියල.

එතනින් ඌ හා කියල. පෝන් එක තිබ්බ.
විනාඩි 5-10 කින් මහේෂ් කියල පබළු ඒකෙ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර කෙනෙක් කතාකරල විස්තරේ ඇහුව. මම ඌටත් බැන්න.

කෙහොමෙන් කොහොමෙන් හරි මම වැඩේ එතනින් ඇත ඇරලා දැම්ම. නිකන් මහා ලොකු කෙස් එකක්කරගන්න මට ඕන උනේ නෑ. මගේ හිතට හරියන්න බැනගත්ත එක ඇති මට ඕනෑවටත් වඩා. හිකි හිකි.

තාම නොම්බරේ තියනවා ඒකෙ. අයින් කරලා නෑ. තාම කොලුත් එනවා ටික ටික. අද දවසට 5 ක් විතර ආවේ. මේ වෙනකොට ඔක්කොම කෝල් 400 කට වඩා මට ආව මේ දවස දෙක තුනට.

දැන් කතාව ඉවරයි. රසවත් කතාවක් කියල හිතුනට ඇත්තටම අපි අඩන්නයි ඕනේ. ඔය නොම්බරේ පෙන්නපු තප්පර 2-5 අතර නොම්බරේ ලියාගෙන කෝල් කරන්න තරම් "අසහන කාර" සිංහලයෝ පිරිසක් මේ ලංකාවෙත් මුළු ලෝකේ පුරාමත් ඉන්නවා. අනිත් එක නාට්ටියේ පෙන්නන නොම්බරේ ඇත්තටම ඒ කෙල්ලගේ කියල හිතන්න තරම්ම මේ සිංහලයෝ මෝඩයෝද කියල මට හිතාගන්නවත් බෑ.. කතාව මතක් වනකොට හිනා ගියාට අපි මේ හිනාවෙන්නේ අපිටම නේද කියල මතක් වෙනකොට ඇඩේනවා නේද??

මේක ඔයාලට හිතෙන විදිය කියල කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..

48 ප්‍රතිචාර:

කිඩෝ said...

කොහොමද ඕකෙ බොගේ නම්බරේ නැතුව කෙල්ලෙක්ගෙ නම්බරයක් තිබුනනං.... බලපන් හරියටම බොගේ නම්බරේමනෙ සෙට්වෙලා කියෙන්නෙ....

ADK කොලුවා said...

ඒක නේන්නම් මචං. එහෙම උනානම් මමත් ගොඩ. මගේ කරුමෙට එහෙම උනේ නෑනේ. මගේ නොම්බරේම තමා බං. බලනවානම් බලපන් 241 කොටසේ මැද හරියේ තියෙන්නේ.

කිඩෝ said...

මම ටීවී එකත් එක්ක සියලු සම්බන්ධතා අත ඇරල තියන නිසා මම ඔය කතා බලන්නේ නෑ බන්... මම ITN සයිට් එකෙන් බලන්නංකො..

Anonymous said...

ado, gema atha arinna epa... wandi illapiya...

Kasun said...

maara siddhi ne bun umbatath wenne...ela ela..

Dilum said...

eka tamaii eye ubata call kalama ans wenawa no kathaaa,,,,damiya hituwa uba bite 1ta ans karala kata karanne na kiyala!!!
patta seen 1ka oiii>>>>>>>>>

hansaka said...

ado patta athal ekakne

Maxworth said...

adooooooooo ammapalla mehema athal katwak ahuwwmay...
mewa itin wenne ape buruwatama ne .. wenna tibbe nana bokkuwata hari pol atiyata hari..
haaaa haaaa

කිඩෝ said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

hane oyage no eka mekada???????????

ADK කොලුවා said...

@ කිඩෝ: නොම්බරේ ඒක තමා. මම නොම්බරේ තියන උබේ කොමෙන්ට් එජා අයින් කරා.

@ අනිත් උන් ටික: වැඩක් නෑ ඕයි කියල. පට්ට සීන් ඒක. තාමත් කෝල් එනවා. සොරි වෙන්න ඕනේ දමියෝ කෝල් ආන්ස්වර් උනාට.

@ Anonymous: ඔව් අනේ ඕක තමා නොම්බරේ.

Nadeesha said...

patta patta....cal karapu eun okkotama wada patta

Anonymous said...

methanath video ake link aka post karamu neda thava call 50-60 vath avi habai LOL...

රොබින් said...

උඹත් ස්ටාර් කෙනෙක් උනා එහෙනම් ඈ.. :P

ඔච්චර පිස්සු බුවාලත් ලංකාවේ ඉන්නවද බං?. ගෑනු නම් තව කමක් නෑ. කට ඇරගෙන ටීවී බලන එකනේ වැඩේ ( හැමෝම නෙවෙයි, බහුතරය ). පිරිමිත් එහෙමනම් ඉතින් බඩුම තමා.

dg56@ymodile said...

Aye ahala macho, kiyala wedak naa meewage harak gena nam. Hebei monaa unot kaalayak matak kara kara bada allan hina puluwan siduwiimak :D

Anonymous said...

හෆොයි දෙයියනේ අපේ මිනිස්සු රැවටෙන රැවටිල්ලක්.

Damith said...

yako mama 5 parak vitara cal kala....
no katha..... aparade mage salli......
Patta scn eka habai......
ubatamane me wage scn wenneth...
Hik hik......

Sherlock said...

හිකි..හිකි...., අපේ අම්ම බනිනවා මට පිස්සුද කියල.., උබේ කතාව කියවල හිනා යද්දී.., හොද වෙලාවට මම රුපවාහිනිය එක්ක වැඩි බජනයක්ක් නැ..,

මකුළුවා..... said...

මරේ මරු...ඔහොම කියලා මදි......සිරාවට මචං එහෙමත් පිස්සෝ ඉන්නවනේ ලංකාවේ....

Sabith said...

පිස්සු යක්කු බං ලංකාවෙ ඉන්නෙ....
ඈවිත් සප් එකක් දියන්
www.sabithl.blogspot.com

Anonymous said...

Mara wedakne ban ubata wela thiyenne.

අනූ said...

හයියෝ අයියටත් වෙන වැඩ..ඇත්තටම ඔය නම්බර් එක ගර්ල් කෙනෙක් ගෙ උනා නම් එයා කොයිතරම් අසරණ වෙයිද?වැ‍රැද්ද ටෙලෙ නාට්‍යයෙම නෙමේ,ඒවට කෝල් කරන අපේ අයගෙ.ඔය තරම් මෝඩද ඒ කතාවෙ තියෙන ඒවා ඇත්ත කියලා හිතන්න

ADK කොලුවා said...

ආයෙත් අහල කඩේ හාමිනේ.. "අනේ කාලේ වනේ වාසේ" කිව්වලු...

duliponline said...

නෙට් එකේ නොම්මරයක් දැම්මොත් නං දිගට හරහට කෝල් එනව කියල නං දන්නව . . . ඒත් ටීවී එකේ ටෙලියක තප්පර දෙකක් විතර කාලයක් පෙන්නන කෑල්ලක තියන නොම්මරයක් . . . කෙල්ලෙක්ගෙ කියල හිතල මතක තියාගන්න තරං බූරුවොද බං මුං ????
මෙන්න ඉන්නව ටෙලිය ලියන බුවා . . http://www.facebook.com/profile.php?id=100001561245668 අහල බලපන් . . .

ADK කොලුවා said...

මු තමයි මචං මට ටෙලිය වෙනුවෙන් කෝල් කරලා සොරි කිව්වේ...

Observer said...

ඔය ෆෝන් එකේ ඉන්කමින් වලට චාර්ජ් කොරන්නෙ නැද්ද?

ADK කොලුවා said...

ලංකාවේ දැන් මම දන්නා තරමින් කිසිම ජංගම දුරකථන ජාලයක ඉන්කමින් චාජ් කොරන්නේ නැත.

වැරදිලා හරි චාජ් කොරානම් මට බැංකුවක් කඩන්න තමා වෙන්නේ...

Anonymous said...

http://www.youtube.com/watch?v=w8NlWt2vSfI&feature=related

Pramod said...

ADK කොලුවෝ, දැන් මට කෙයපන්කෝ උඹ මේ අසහන කාරයෝ කෙයාන ගණයට ඓති වෙන්නේ නැද්ද කියල??? උඹේ උත්තරේ නෑ නම් උඹේ මුණු පොතේ මිතුරන් 4423 වැනි සුළු පිරිසක් සිටීම ඔබ හදුන්වන්නේ කෙසේද??? කරුණාකර පැහැදිලි කරන්න...

snooper said...

oya number eka kathaawedi kolla kellata dena number eka unaa nam ubata melahata kello 1000k wath kathaa karala...

ADK කොලුවා said...

@ Pramod: ඈ බොල, එක යකාගේ කතාවක්නේ?? යාලුවෝ ආශ්‍රය කරන එක අසහනයක් කියල මම මේ ඇහුවමයි.

උබේ කුප්ප කමට උබට යාලුවෝ නැති උනාට මට කොරන්න දෙයක් නැත. මමත් උබ වැනිම අසහන කාරයෙක් නම් මටද මිතුරන් නැතිවෙනු ඇත.

මම අසහන කාරයෙක් නොවන නිසා මට මිතුරන් සිටී.

මිට වඩා පැහැදිලි කිරීමක් ඕනෙනං කියන්න. මම අලුත් පොස්ට් එකකින්ම පැහැදිලි කරන්නම්...

ADK කොලුවා said...

@ Anonymous : ඔකේ තමා මගේ නොම්මරේ තියෙන්නේ....

Udara said...

he he atathama nennm machan, mn e vedio eka ITN eken download karala baluwa. Eke mada hariye tiyenwa thama number ekak. he he. Nice machan.

Anonymous said...

Nommare poddak kiyapanko..

Anonymous said...

ganan ganna epa machan, mahindha rajapaksha mahaththaya budhu rajanan vahansehege nedheyek kiyala vshivasa karana kattiya inna ratak meka, me rate vedipurama inne asahana karayo thamai. ane kaale vane vaase kiuvaalu.....

සමනළී... said...

අඩේ....පබළු කියන්නේ මගෙ සහෝදරීගෙ ප්‍රියතම නාට්‍ය...හික්....එයාටත් මේක කියවල හොදටම හිනා...

Ravisanka said...

Ubatath wennre maru wada bun....lol

mafi said...

ammatasiri buruwatath wena wada.

පන්සල් හංදිය said...

"+82... ඒ කියන්නේ පිට රට නොම්බරයක්"
මේ නොම්මරේ නම් නෙදර්ලන්ඩ් නෙමේ සවුත් කොරියා ........

කොහෙම උනත් දුක හිතෙනවා අපේ මිනිස්සු ගැන .....

Shali said...

pudumai kiyanne ayya ge number ekama kohomada CV ekata watune kiyala! and yeah it saddens to realize how many mindless people are here just so desperate to get through to a gal!!

aravinda said...

umbata unoth ohoma ekakma tamai,,, ela.... nikan innokota wadakut tiyenna epaya,,, :)

ADK කොලුවා said...

ඈ බෝල අරවින්දයෝ... මම කවද්ද නිකන් හිටියේ?? කියපිය බලන්න... හිකි හිකි..

Anonymous said...

Anja ....
Kese wethat ubata hamadama thosand wada tama wene ithin.............

සිරි අයියා said...

මමත් දැක්ක ඹය නොම්බර එක. දැකපු ගමන් මගෙ යාලුවාට මම කීව අනිවාර්‍යයෙන්ම ඒක ඇත්ත නොම්බරයක්නම් අයිතිකාරයාට පිස්සු හැදෙනකම් call එයි කියල. අනේ උඹ වගේ අසරණයෙක්.
උඹට කතා කරපු එවුන්ට වැඩේ ආතල් එක තේරෙන්නත් එක්ක දෙන්නෙක් තුන්දෙනෙකුගෙ නොම්බර ටික දාපන් වෙබ් එකේ. බඩු නොම්බර කියල හෙඩිමක් දාල. හැබැයි උඹ වගේ එක රැයින් ජනප්‍රිය වෙන්නෙ නැති වෙයි.

Anonymous said...

thats true friend ,me too dont like this kind of stupid ppl ,that s y i dont like to live here ,moda yakku ,

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

උඹ ගැන පව් කියල හිතෙනව බන් ..... ලංකාවේ ටෙලි කාරයොත් වෘත්තියක තියන ethics දන්නෙ නැ . කොටින්ම අදාල මොබියිල් පාට්නර් අනුග්‍රාහකයෙක් නෙවෙයි නම් ඔහොම නොම්මරයක් පෙන්නන එකත් වැරදියි . අනුග්‍රාහකයෙක් නම් භාවිතයේ නැති නොම්මරයක් විතරයි පෙන්නන්න පුලුවන් . ස්ක්‍රිප් එකක් හරියට ලියා ගන්න බැරි , ලයිට් එකක් හරි ගහගන්න බැරි හත්තිලව්වල් දන්න ethics නේද ? බලන උනුත් ඊට හපන් මී හරක් රංචුවක් . උඹ අයිටින් එක්ක තරහ නම් (මම නම් ලංකාවේ ටිවි චැනල් බලන්නෙම් නැති තරම් ) කරන්න තිබුනේ බැනල නිකා එන්න එක නෙවෙයි නඩුවක් දාන . ලක්ෂ ගානක් වන්දියක් ගන්න තිබුනා

හිම හංසි said...

අදනෙ මේ කතාව කිව්වෙ.පව් අප්පා.ලන්කාවෙ ඔහොමත් මෝඩයො ඉන්නව කියල මේක කියවනකොට තමයි හිතුනෙ.අය්යටත් වෙන්න මාර වෑඩ නෙ.

ADK කොලුවා said...

මට වෙන්නේ මාර වැඩ නේන්නම්... අයියෝ.. අහිංසක මම..

Post a Comment