ඊයේ ප්‍රශ්නෙට(දවසේ ප්‍රශ්නය: කවුද වාහනේට නග්ග ගන්නේ? - අනං මනං(2)) කට්ටිය දීපු උත්තරනම් මල් හතයි. මාර ආතල්. ඒවාට ගොඩක් ස්තුතියි. ප්‍රශ්ණ වැඩේ නැගලම ගියා. ඉදල හිටලා කික් එකක් ගන්න ඉස්සරහටත් ප්‍රශ්නයක් දෙකක් දාන්නම්.
හරි උත්තරය දීපු අයට මම තෑග්ගක් දෙනවා කියල පොරොන්දු උනානේ.
දැන් තෑගි දෙන්නත් එපාය...
පළමු තෑග්ග: Randika
දෙවෙනි තෑග්ග : Rain Drops හෙවත් වරුණි
තුන්වන තෑග්ග : chamiya
ඇත්තටම කිව්වොත් ස්ථානයේ පිළිවෙලට තෑගි නෑ. ඔක්කොටම දෙන්නේ එකම තෑග්ග. ඒ තමයි...
දිනපු අය ගැන කතාවක් ලියන ඒක... හිකි හිකි....
හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියනවා. කිව්වට තරහ ගන්න එපා සහෝදරයා, තුන් වෙනි තැනට පත් උන චමිය ගැන මම දන්නේ නෑනේ. ඔය නමින් දන්නේ නෑ. අනේ තරහ නැතුව මට උබ කව්ද කියල පොඩ්ඩක් කියල දීපන්කො.
අනිත් අයට ලගදීම ඔයාලගේ තෑග්ග ලැබේවි. හිකි හිකි...
සුබ නව වසරක් වේවා !
-
2025 අවුරුද්දත් ගෙවිලා ගිහින් 2026 අවුරුද්දත් උදාවෙලා තියෙන්නේ. ඔයාලා
අළුත් අවුරුද්දේ ප්ලෑන් එහෙම සෑහෙන්න හදාගෙන ඇති නෙව. සමහර අය නම් නිව් ඉයර්
රෙසලූෂන්...
4 weeks ago





1 ප්‍රතිචාර:
ko mage tagga????
Post a Comment