අදට මගේ බ්ලොග් එකට හරියටම මාස දෙකයි. ඇත්තටම මට හරි සතුටුයි. මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අය අදුරගන්න ලැබුන. ඒ ගොඩක් අය නොසැහෙන්න දක්ෂතා තියන අය. තාම පවුද්ගලිකව දැන හදුනා ගන්න වුනේ නැති එකට පොඩ්ඩක් දුකයි. නමුත් ඉස්සරහට එකත් වෙයි.
මේ මාස දෙක ඇතුලත මට ගොඩක් දේවල් ලැබුන. ගොඩක් අය මගේ බ්ලොග් එක බැලුව. කොමෙන්ට් කරා. අදටත් මට දවසකට 250+ හිට් කවුන්ට් එකක් තියනවා. මම වගේ ආධුනිකයෙක්ට ඒක හොද කවුන්ට් එකක් කියල මම දන්නවා. මේ පොස්ට් ඒක දානකොට මගේ මුළු හිට් ගාන13310. නොසැහෙන්න හොදයි නේ?
දැනට මගේ බ්ලොග් ඒක ෆලෝ කරන අයත් 58 ක් ඉන්නවා. එකත් උපරිමයි. මේ මාස දෙකට(දවස් 60ට) මම පොස්ට් 42 දාල තියනවා. ඒ ඔක්කොටම වගේ හොද ප්‍රතිචාර තිබුන. මුල් දවස් වල මගේ බ්ලොග් ඒක බැලුවේ මගේ ඉස්කෝලේ සහ සරසවියේ අය කීප දෙනෙක්. දැන්නම් දිනපතා බලන අය ලෝකෙ වටෙන්ම ඉන්නවා. මට හරි සතුටුයි.
මිට අමතරව මගේ “අසහන කාරයෝ.. - අනං මනං” පොස්ට් එකට ඒක දවසට හිට්ස් 1600+ ආව එක මට අමතක කරන්නම බෑ. මේ වෙනකොට ඒ පොස්ට් එක 2400+ ගානක් බලල තියනවා. මගේ ඔය පොස්ට් එක එළකිරි එකේ ජොන්ටෙක් උගේ එකක්වගේ දාල උගේ නම හදාගත්ත එකත් මෙතන කියන්නම ඕනේ.
මෙට අමතරව මම දාපු එක පොස්ට් එකක් එකට සම්බන්ද කෙනෙක්ගේ ඉල්ලීම පිට අයින් කරන වීම මගේ පුංචි බ්ලොග් ජිවිතේ දුකම සිද්දියක්.
මගේ බ්ලොග් එක කියවන අයගේ දැනුම වැඩි කරන්න මම පටන්ගත්ත "ආයෝජන - Investments" පාඩමත් වැඩිය හිට්ස් නැති උනත් කීප දෙනෙක් එකෙන් ප්‍රජෝජන ගන්නවා කියල තේරෙනවා. එක මට ලොකු සතුටක්.
මම හැමදාම කියන්න වගේ මම බ්ලොග් ලියන්න මුල් උනේ රංග අයියගේ මගේ ලෝකය දැකල. ඊට පස්සේ මාරයාගේ, සාතගේ, ඕනයගේ, කිඩෝගේ, කතන්දරගේ, මධුරංගගේ, රත්ගමයාගේ වගේ එකී මෙකි ගොඩක් බ්ලොග් වලින් මම දේවල් ගත්ත.
කොහොමෙන් කොහොමෙන් හරි මම හැමදාම මොකක් හරි පොස්ට් එකක් දාන්න උපරිම ට්‍රයි එක දෙනවා. ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවේම මොනවා හරි ලියල මගේ අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.
මගේ බ්ලොග් එකේදි මම එක රාමුවකට කොටුවෙලා නෑ. කුප්ප කතා, සීරියස් කතා, නිසදැස්, දැනුම පාඩම්, IQ ප්‍රශ්න, මට ආපු සුපිරි ඊයවල් වගේ නොයෙකුත් දේවල් මම දාල තියනවා. ඉස්සරහටත් දානවා. මොකද මේ මට දැනෙන දේ.... මට දෙයියන්ගේ පිහියෙන් ලාදුරු නෑ. ඉතින් දේවල් හොදට දැනෙනවා.. ඒ දැනෙන දේවල් මට දැනෙන දේ... තුලින් ඔයාලටත් පුළුවන් උපරිම කාලයක් දෙනවා... ඒක මගේ පොරොන්දුවක්....
අවසාන වශයෙන් මෙතෙක් කලක් මම එක්ක හිටිය, කොමෙන්ට් වලින් මාව දිරිගන්වපු, ඔයාල ඔක්කොටම මගේ බොක්කෙන්ම නැගෙන තැන්කියු එක මම පුද කරනවා... බොහොම ඉස්තුතියි.. ගොඩක් පිං.
ප.ලි. : අදත් ආයෝජන පාඩම තියනවා...












