Friday, November 30, 2012

සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ On-Site ගිය ආධුනිකයෙකුගේ අත්දැකීම්....





වැඩ රාජකාරි  සහ තවත් දහසකුත් එකක් දේවල් නිසා පහුගිය ටිකේ පොස්ට් එකක් දාන්න තියා බ්ලොග් එකට එන්නවත් වෙලාවක් තිබුනේ නෑ . දැන් උනත් වැඩ නැතුව නෙමේ, මේ කතාව ලියන්නම ඕනේ කියල හිතුන නිසා තමයි මම මේ අමාරුවෙන් වෙලාවක් හදාගෙන කොටන්න ගත්තේ.. 
සෑහෙන්න කාලෙකින් කොටන නිසා වෙලාවත් යනවා වගේ.. කමක් නෑ, බලමුකෝ..

ඔයාල කවුරුත් දන්නවා වගේ මම මේ බ්ලොග් එක ලියන්නේ මගේ අදහස් එලියට දාන්න. තව අවරුදු 10කින් මම කොච්චර වෙනස් වෙලාද, මම හිටියේ කොතනද කියල දැනගන්න තමා මට මුලින්ම ඕනේ උනේ. 
මම මේ දැන් ලියන්න යන්නෙත් මහේ ජිවිතයේ අත්දැකීමක්, මට දැනෙන විදියට.

සමහර වෙලාවට මට දැනෙන විදිය වැරදි වෙන්නත් පුළුවන්. දැන් වැල් වටාරම් ඇති කතාවට බහිමු.

මුලින්ම ටොපික් එක විස්තර කරන්නම්. සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ On-Site යවනවා කියන්නේ සෑහෙන්න හොද දෙයක්. හෙනම මොටිවේෂන් අප් කරන කෙස් එකක්. මමත් On-Site යවනවා කිව්වම හෙන කික් එකේ හිටියේ.

කලින් ගියපු හොද යාළුවො ගො දක් අවවාද දුන්න වැඩේ වෙන්නේ කොහොමද, On-Site කතාවේ තිත්ත හරිය එහෙම මට කියල තිබුනේ. නමුත් මට ඒක හරියට තේරුනේ නෑ. අනිත් හැමෝටම වගේ මට හිතුනෙත් මේ ඉරිසියාවට කියන කතා කියල. දැන් තමා ඒ කියපු උන්ගේ කටවල් වල සුකිරි බෝල බෝල දාන්න ඕනේ කියල හිතෙන්නේ.

මම මෙතන සුන්දර මෙන්ම තිත්ත ජාති දෙකේම අත්දැකීම් කියන්න බලාපොරොත්තු වෙනවා. කියවන්න කලින් මට ලැබුන චාන්ස් එක මොනවගේ එකක්ද කියල දැනගන්න ඕනෙනේ 
  1. මට යන්න ලැබුනේ පර සුද්දගේ රටට (ඇමරිකාවට). කලින් පර සුද්ද කිව්වට දැන් නම් මගේ ඒ අදහස ගොඩක් වෙනස් වෙලා.. 
  2. ලංකාව එක්ක වෙලාවේ වෙනස පැය 12.30 (කෙටියෙන්ම කිව්වොත් මට උදේ කියන්නේ අපේ ලංකාවේ ටීම් එක නිදි, නැත්නම් පව්ලේ අයත් එක්ක) මේක තමා ක්රිටිකල්ම පොයින්ට් එක. හොදට මතක තියාගන්න.
  3. මට එන්න ලැබුන ප්රාන්තේ හරි ලස්සනයි දේශගුනේ හොදයි.. ලංකාවේ නුවර එලිය වගේමයි..
  4. On-Site එනකොට මගේ මේ කොම්පැනියේ අද්දැකීම් අවරුදු 1.5 වගේ. (සමහර ඩොමේන් සම්පුර්ණයෙන් ගොඩ දාන්න අවරුදු 5-6 ක් යනවා කියල දන්නෝ දනිත්. අපේ ඩොමේන් එකත් ඒවගේ එකක්. මේ වගේ අවස්ථාවක අනිත් සීනියර් අයගේ උදව්ව ගොඩක් අවශ්‍ය වෙනවා) මේක තමා දෙවෙනියට ක්රිටිකල්ම පොයින්ට් එක. මේකත් හොදට මතක තියාගන්න.

දැන් කතාව පටන් ගමු..

මුලින්ම අලුත් රටකට එනකොට හෙනම ආතල්.. පරිසරය වෙනස්, මිනිස්සූ වෙනස්.. කුණු ගොඩක් උනත් පට්ට ලස්සනයි (ලංකාව වගේ නෙමේ මෙහෙ ඇත්තටම කුණු ගොඩවලුත් ලස්සනයි). කලින් ප්ලේන් එකක ගිහින් නැත්නම් ඒ ආතල් එකත් තියනවා (මම කලින් පියාබල තියන නිසා එකනම් වැඩි අතල් එකක් නැ) නමුත් පැය 21ක් ප්ලේන් එකේ එනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. අපිව කොහොමත් එවන්නේ ඉකොනොමි ක්ලාස් එකේ නිසා වැඩේ තවත් හොදයි.. කොහොම කොහොම හරි ආව කියමුකෝ.. දැන් තමා වැඩේ පටන් ගන්නේ..

වෙලාවේ අවුල මුලින්ම එන්නේ මේ වෙලාවට තමා... මුල් දවස් ටිකේ රෑට නින්ද යන්නේ නෑ, දවල්ට ඇහැරන් ඉන්න බෑ. මේකට කියන්නේ ජෙට් ලැක් කියල.. මට සතියක් විතර මේ ආතල් එක තිබුන මෙහෙම කියල අපිට එන වෙන වැඩ වල අඩුවක් නෑනේ. නිදි මරාගෙන හරි වැඩේ ඉවර කරන්න ඕනේ..
(අසුන්දර මතක 1)

සති අන්තේ කිට්ටුවෙනකොට ගූගල් දෙය්යව කන්න හදනවා යන්න තැනක් හොයල. කොහොම හරි හැම සති අන්තෙම කොහේ හරි ලස්සන දෙයක් බලන්න තියන පැත්තකට ආව එක ගැනනම් පින් සිද්ද වෙන්න ඕනේ.
(සුන්දර මතක 1)

ඊලග කෙලිය උයන එක, කවද කාපු ටකරන්ද, උයන එක ලේසි වැඩක් නෙමේ.. නොකා ඉන්නත් බෑනේ.. සුද්දගේ කාම හැම වේලටම කන්නත් බෑ.. මෙලෝ රහක් නෑ... ඉතින් අමාරුවෙන් හරි උයන්න වෙනවා.
(අසුන්දර මතක 2)

දැන් තම ටික ටික හොදම හරියට එන්නේ. ලන්කාවෙදිනම් දන්නේ නැති දෙයක් තිබුනම දන්නා සීනියර් කෙනෙක්ගෙන් ලගට ගිහින් අහගන්නවා... මෙහෙදී කොහෙන්ද එහෙම බූල් පුසෝ.. එක්කෝ ගූගල් කරන්න ඕනේ. සිස්ටම් එක ගැන ගූගල් කරන්නත් බෑනේ. එක්කෝ පරණ ස්පෙක් කියවන්න ඕනේ. ලංකාවේ සොෆ්ට්වෙයාර් කොම්පැනි වල සොෆ්ට්වෙය හැදුවට ඒවට ස්පෙක් කොච්චාර හොදට ලියල තියනවද කියල දන්නෝ දනිත්.. එහෙමත් නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහන්න ඕනේ.. දන්නා කෙන්ක්ගෙන් අහන්න බෑ අපි වැඩ කරන වෙලාවට දන්න උන් තමාගේ වඉෆ් එක්ක, නැත්නම් දරුවෝ එක්ක... කතා කරොත් කියල දෙවි අව්ලක් නෑ කියල.. ඊත් මටනම් එහෙම කරන්න හිතුනේ නෑ .. හිතෙන්නෙත්  නෑ .. ඉතුවෙලා තියන එකම විසදුම මේල් එකක් දාන එක. 
ඔන්න මෙතනින් තමා ජිවිතේ තිත්ත වෙන්නෙ.. මේල් එකක් දැම්මට රිප්ලයි නෑ .. වැඩ වැඩි නිසා රිප්ලයි කරන්නේ නැද්ද, ගණන් ගන්නේ නැද්ද, වැඩක් නෑ  කියල හිතනවද, දන්නේ නෑ.. හැබැයි ඒක එහෙම තමයි.. අන්තිමට අපිට වැඩේ ඉස්සරහට ගෙනියන්න විදියක් නැ.. ලොක්කට දවස අන්තිමට අප්ඩේට් එකක් දෙන්නත් ඕනේ. අර මේල් එකට රිප්ලයි නෑ  කියල අදාල මිනිහව පාවල දෙන්නත් දිව නැමෙන්නේ නෑ... මොනවා කරන්නද වැරැද්ද තමන් පිට පවරාගෙන වැඩේ කරන්න උනේ නෑ කියල කියනවා ඇරෙන්න.
දැන් ටික ටික ලොක්කගේ අපි ගැන තිබුන හොද පින්තුරේ කළු පාට වේගෙන එනවා. දවස ගානේ වැඩ එනවා, දන්නේ නැති දේවල් අහල අපි මේල් දානවා, උත්තර නෑ . වැඩේ කරන්න උනේ නෑ  කියල අප්ඩේට් දෙනවා 
ඔය විදියට ටික කාලයක් යනකොට ඉවසීමේ සීමාව පනින අවස්ථාත් එනවා. උදාහරණයක් ගත්තොත්, සමහර වෙලාවට එක එක මේල් එනවා අරක කරපන් මේක කරපන් කියල එක එක අයගෙන්(ලොක්කාගෙන් නෙමේ. ලොක්ක මොක කිව්වත් කරන්න වෙනවනේ. මම මේ කියන්නේ ලොක්කව හලලා කෙලින්ම ලැබෙන ඕඩර් ගැන ). කොම්පැනියේ උඩ  ඉන්න හැත්තෑ බුරුත්තම Cc  කරලා. තමන් ලකුණක් දාගන්නද, ඒ අදාළ පුද්ගලයන්ගේ විදියද දන්නේ නෑ. (යම් යම් අදාළ අවස්ථාවල ලොකු ලොකු අයව Cc කරයුතුයි. මම මේ කතාකරන්නේ එහෙම ඒවා ගැන නෙමේ) එහෙමත් නැත්නම් නිව් මේල් එක ගත්ත හැටියේ ඒ ඔක්කොමල ඩිෆෝල්ට් Cc විදියට ඇඩ් වෙනවද දන්නෙත් නෑ. හැබැයි ඒක වෙන්නේ ඔන්න ඔහොම තමා. ඔන්න ඔහොම සමහර පුද්ගලයන් ගැන අපේ ඔලුවේ තිබුන පින්තුරේ වෙනස් වෙනවා..
අපිට පේන්නෙම ලෝකල් ටීම් එක එකතුවෙලා අපිට අරින්න හදනවා වගේ.. ඇත්තටම එහෙම නෙවේ කියල දන්නවා.. (ටීම් එකම නැති උනත්, යම් යම් අවස්ථාවල පවුද්ගලික තරහවල් පිරිමහනවද කියල හිතෙන අවස්ථාත් නැතුව නෙමේ) කොහොම හරි අන්තිමට අපේ හිතෙන් අනිත් අයව සතුරන් විදියට සලකන්න වෙන තත්වෙට අකමැත්තෙන් උනත් පත්වෙනවා.. ඕකට සිංහලෙන් කියන්නේ "වර්චුඅල් හතුරන්" හදාගන්නවා කියන එක තමා.
(අසුන්දර මතක 3-5000)

ඔයත් එක්කම On-Site ඉන්න කොට වෙන තවත් ජංජාලයක් තමා ලයිව් සිස්ටම් එකේ මොකක් හරි අව්ලක් උනොත් ඔලුවට කඩාපාත් වෙන එක. ලයිව් සිස්ටම් එකේ අව්ල් ලේසි වෙන්නේ නෑ. හෙනම අංජබජල්. මගේ කරුමෙට එදා මෙදා තුර අතීතේ අපිට සෙට් උන චොරම බග් (ලොකුම නෙමේ, චොරම - තවත් විදියකට කිව්වොත් ලයිව් සිස්ටම් එකේ තියන අපිට රී-ප්රෝඩුස් නොවෙන) එක මම ඉන්න කාලේ ආව. ඒ සයිඩ් එක මම ටිකක් දන්නා එක වාසියක් උනත්, නොදන්නා දේවල් අනන්තයි කියල මට හොදට තේරුණා. කෙලින්ම මේල් එන්නේ ලොකු ලොක්කන්ගෙන්, මේල් විතරක්නම් කමක් නෑ දවසට එකක් දෙකක් කෝලුත් එනවා. මේවට අනිවා උත්තර දෙන්න ඕනේ. මම දෙන උත්තරේ බලපාන්නේ මට විතරක් නෙමේ, හැමෝටම ඒක බලපානවා. මේ වගේ අවස්ථාවල ලෝකල් ටීම් එකේ සහය උපරිමයෙන් බලාපොරොත්තු උනත් තබ සතේක උදව්වක් ලැබුනේ නෑ කියම අකමැත්තෙන් උනත් කියන්න වෙනවා... මම දාපු මේල් වලට රිප්ලයි කරොත් තමන්ටත් මේ කුණට කරගහන්න වෙයි කියල හිතුනද මම දන්නේ නෑ. කොහොමෙන් කොහොමෙන් හරි පරණ පිනකට වැඩේ ගොඩ ගියත් ඒ අවස්ථාවේ උන කලකිරීම අයෙත් කවදාවත් හදන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැ.
(අසුන්දර මතක 5001-25000)

ඔය අස්සේ අපි අපේ ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. පව්ලේ අයගෙන් වෙන් වෙලා තනියම ඉන්න එක ලේසි නෑ.. ඇත්තටම කිව්වොත් හිතෙනවට වඩා ගොඩක් අමාරුයි. වෙනද ලග ඉදන් කතාකරපු මිනිස්සු, දැන් දකින්නේ skype එකෙන් විතරයි. වැඩ රාජකාරි නිසා හැමදාම කතා කරන්න වෙන්නෙත් නෑ. වචනයක් දෙකක් කතාකරන්නත් වෙලාව හරස් වෙලා. වෙලාවකට පරණ ෆොටෝ දිහා බලාගෙන ***********************.. හැබැයි අනිත් ය ඉස්සරහ හිනාවෙලා ඉන්නවා. චැට් කරන යාලුවෝ, අපි තැන් තැන් වලට ගිය ෆොටෝ දකින ය හිතන්නේ, අපි පට්ටම ෆන් එකේ ඉන්නවා කියල. වීක් එන්ඩ් එකේ පැය කීපයකින් අපේ පාළුව මකන්න බෑ කියල තේරුම් ගන්න එන්නම ඕනේ.
(අසුන්දර මතක 25000-25010)

අපි ගෙවල් දොරවල් අස් පස් කරගන්න ඕනේ, රෙදි හොද ගන්න ඕනේ, බඩු කඩෙන් ගෙන්න ඕනේ.. වැඩ කෝටියයි.. ඔෆිස් වැඩ අස්සේ මේවත් කරන්න ඕනේ අඩුවක් නැතුව.
(අනිත් වැඩත් එක්ක බලනකොට මම මේවා වර්ග කරන්නේ සුන්දර මතක ගොඩට - සුන්දර මතක 2)

පොස්ට් එකත් හොදටම දිග වැඩි උනා.. තව ලියන්න බෑ.. කෙටියෙන් ඉවර කරන්නම්...

අන්තිමට බැලුවම On-Site එක ඉවර වෙලා ලංකාවට එන්නේ ගියපු මනුස්සය නෙමේ. එක්කෝ හොදට රත්වෙලා පදම්වෙලා මුවහත් වුන කෙනෙක්. සමහර වෙලාවට මේවා දරාගන්න බැරිකෙනෙක්නම් ලංකාවට එන්නේ, චෝර වෙලා, මානසිකව වැටුන කෙනෙක් විදියට වෙන්නත් පුළුවන්.. 

මගේ වාසනාවකට, මට හොද ලොක්කෙක් සෙට්වෙලා ඉන්නවා. ඒ ලොක්ක සහ බොහෝම අතලොස්සක් වූ පිරිසක් නිසා මමනම් ලංකාට එන්නේ මුවහත් උන කෙනෙක් විදියට. මිනිස්සු කියන්නේ කවුද කියල කැම්පස් මානසිකත්වයෙන් මිදිලා ඔෆිස් මානසිකත්වයෙන් බලල තීරණයක් ගන්න පුළුවන් කෙනෙක් විදියට, ලංකාවේ අවරුදු 5 ක් ඉදල ගන්න අත්දැකීම් සුළු කාලෙකින් ගත්ත කෙනෙක් විදියට.

බොහොම සරලව On-Site ජිවිතෙන් මම ගත්ත පාඩම්.

  1. හිටියොත් දෙකට නැමී , දෙයියොත් ***** අරී. කියල තියෙන්නේ කටකහනවට නෙමේ.
  2. යාලුකමයි ඔෆිස් ජීවිතයයි කියන්නේ දෙකක්.
  3. අපි අනිත් මිනිස්සු ගැන හිතුවට, අනිත් හැමෝම එහෙම කරන්නේ නෑ.
  4. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න වෙන කෙනෙක්ගේ බෙල්ල උනත් කපන්න ලෙහෙස්ති අයත් අපි අතරේ ඉන්නවා.
  5. හැමෝම ශේප් එකේ තියාගෙන තමන්ගේ බෙල්ල බේරගන්න එක තමා දක්ෂ කම.
  6. වැදගත්ම ආදර්ශය "හැමෝම බොලේ පාස් කරද්දී, තමන්ට පුලුවන්නම් බෝලේ ගොඩ දාන්න, ඔයාට ලකුණු ගොඩක් වැටේවි, තමන්ට ගොඩදාන්න බැරි බෝල පුළුවන් කියල තියාගත්තොත් ඔයාට හොදටම ඇරේවි.. තමන්ට ගොඩ දාන්න පුළුවන් බොලේ ගොඩදන්නත්,  බැරි බොලේ වෙනකෙනෙකුට පාස් කරන්නත් ඉගෙන ගත්ත දාට ඔයාට හොද අනාගතයක් තියේවි.."

මම මේ පොස්ට් එකෙන් කියන්නේ නෑ On-Siteඑන එක පට්ටම චා කියල. On-Site එනකොට ඇත්තටම තමන්ට මුනදෙන්න වෙන්නේ මොනවගේ ප්‍රශ්නවලටද කියල තමන් කලින් ඉදලම ලැහැස්තිවෙලා යනවනම් තමා වඩා හොද. On-Site එනවා කියන්නේ පට්ටම අත්දැකීමක්. ඒක හොද විදියට ගන්න ඕනේ කියන්නයි මට ඕනෙ  උනේ....

එහෙනම් අපි කැපුන... තවත් දවසක හම්බ වෙමු..

16 ප්‍රතිචාර:

රතී, said...

ජීවිතේ සාමාන‍්‍ය විදිහට ගෙනියන්න දැන් කාලේ අමාරැයි විවධ මිනිස්සුත් එක්ක. වැදගත් කරැන කාරණා ගොඩක් ඉස්මතු වෙලා තියෙනවා.ජයෙන් ජය මචං...සුපිරි..

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මොකක්ද බන් උඹේ අසුන්දර අත්දැකිම් අංක කරන විදිහට , නිකන් අයීස් ඕ වගේ , මිනිසා කියන සතා හරිම අමුතුයි මචන් , උඹ බල්ලො දෙන්නෙකුට , පුසො දෙන්නෙකුට කන්න බොන්න දීල ඇති කලොත් උන් දෙන්නම උඹට දක්වන ආදරය එක වගේ , හැබැයි උඹ බොක්කෙන් කියලා හිතාන මිනිස්සු දෙන්නෙක් ඒ වගේ නෑ අනිවාර්යයෙන් වෙනස්

මට ඔය උපදෙස දුන්නේ සාමාන්‍ය පෙලවත් ගොඩ ගියේ නැති මනුස්සයෙක් , මතට තිත තියල ඉන්න වෙලාවක (භාෂාව පොඩ්ඩක් වෙනස් ) , හැබැයි ඒ උපදෙස ඕනිම තැනකට සාධාරණ බව නම් මට තේරිලා ටිකක් කල් .

ADK කොලුවා said...

@ රතී : බොහොම ඉස්තුතියි මචන්... මේක තමා ජිවිතේ කියන්නේ...

ADK කොලුවා said...

@ බුවාගේ සිතුවිලි : හැමදාම වගේ සුපිරි කියමන... දැන් කාලේ ගොඩක් උඩට ඉගෙනගෙන කොම්පුටර් වගේ ඉන්න මිනිස්සුන්ගේ අවවාද වලට වඩා ජීවිතය තමන්ගේ මහන්සියෙන් විදලා ජයගත්තු මිනිස්සු කියන දේවල් වල හරයක් තියනවා..

amila325 said...

"තමන්ට ගොඩ දාන්න පුළුවන් බොලේ ගොඩදන්නත්, බැරි බොලේ වෙනකෙනෙකුට පාස් කරන්නත් ඉගෙන ගත්ත දාට ඔයාට හොද අනාගතයක් තියේවි.." Aniva machan... anith field nam komada danne. IT field eke nam raththaran kiyamana :)

මධුරංග said...

අම්මෝ මේ යකා සෑහෙන කාලෙකට පස්සේ ඇවිදින් තියෙන්නේ.

Chamila said...

හා හා . නියම කතාව. අපි ඔහෙට වෙලා කොච්චර මහන්සි වෙනවද කියලා කව්රුත් දන්නෙ නෑති එක තමය් වෑඩෙ . Photos දෑම්මාම හිතන්නෙ අපි පට්ටම අතල් එකෙ ඉන්නව කියලා. අනික මෙහෙ ලොක්කො දන්නෙ නෙ මෙහෙ දවල් කියන්නෙ අපිට රෑ කියල, කතා කරන්නෙම පාන්දර 3ට.
තව ටික දවසනෙ. හිත හදගෙන හිටපන්. බුදු සරනය්

Ruwa Medawatta said...
This comment has been removed by the author.
Ruwa Medawatta said...

අන්ජෝ කොතන උනත් ඔහොම තමයි.. එකට ඉන්න උන් ම තමයි අපිට අරින්න එන්නේ..
හැබැයි, උබට බොලේ හොදට පාස් කරන්න පුළුවන් නං හිටිය හැකි.. එත් අපිට එහෙම කරන්න බැ නේ.
ඔය මෙල් කොපි කරන සීන් එක නන අපේත් හයියෙන් ම තියෙනවා...... ලොක්කටයි ලොක්කගේ ලොක්කටයි උගේ මහා එකටයි කොපි කරලා තමයි එවන්නේ....
එතකොට තමයි දෙවියෝ සිහිවෙන්නේ... හොදම කට්ට තමයි අනුන්ගේ බුල් අපිට කර ගහන්න වෙන එක....
තව එකක්.... අපේ එවුන් සුද්දොන්ට ඕනෙවට වඩා බය වෙන එක තමයි මට පෙන්නනම බැරි...

Waruni said...

kalekata passe ne... oya hina vela hitiyata api oya gana dannava...

AKM said...

මචෝ උඹේ ලිපියනම් සිරා. උපදෙස් ටික කලින් ලැබුණානම් ඊටත් වඩා සිරා. මන් මේ වෙනකොට අහක යන බෝල වලට කර ගහලා. අනික් උන්ව බේරාගෙන උන්ව පාවදෙන්නතුව ඉන්න ගිහින් ... දැන් ඉතින් චෝර තමයි. මීට වඩා හොඳයි බන් හේනක් කොටන් හිටියනම්.

ජයවේවා!

Anjana Kulasinghe said...

@ amila325 : අනිවා ඩෙෆා... ඕක IT ෆීල්ඩ් එකේ බෙල්ල බේරාගෙන ඉන්න කියාපු බෙහෙතක්..

@ මධුරංග : ඔව් බන් සැහෙන්න කාලෙකින් ආවෙ ... වැඩත් එක්ක බ්ලොග් ලියන්න හරි අමාරුයි..

@ Chamila : උබට ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මට කලින් මේ කුණ කෑවේ උබනේ. හිකිස්..

Anjana Kulasinghe said...

@ Ruwa Medawatta : පහත තැනින්නේ මචන් වතුර බහින්නේ... ඒක ලෝක ස්වාබවේ..

@ Waruni : ඔය තව මොනවද අනේ මම ගැන දන්නේ?

@ AKM : පෙන විදියට උබට වටෙන්ම ඇරිලා වගේ.. සැලෙන්න එපා මචන්... ලිදට වැටිච්ච එකා ළිං කටින්ම තම ගොඩ එන්න ඕනේ.. වැඩේ අමාරු වෙයි... ඒත් ඒ අමාරුව අපතේ යන්නේ නෑ... අපේ උපරිම සහයෝගය... වැඩි දෙයක් කරන්න බැරිවෙයි... නමුත් පොඩි හරි උදව්වක් ඕනෙනම් බුකිය පැත්තේ මට පොඩි මැස්සෙක් දාපන්..

Waruni said...

hmm dannava godak eva parana poto diha bagena****** kiyala.. dannava

Anonymous said...

වටිනා උපදෙස් ටිකක් හරි වෙලාවට වගේ ලැබුනා

Anonymous said...

නියමයි සෑහෙන්න වටිනව..ජයවේවා!

Post a Comment